ඇතැම් අයට මේ ශික්ෂාපදවලින් ඇතැම් ශික්ෂා පදයක වැදගත්කම අවබෝධ කර ගැනීම දුෂ්කර වී ඇති බැව් පෙනේ. ඔවුන් සිතන්නේ බෞද්ධයින් නැටුම් ගැයුම්, වැයුම්, සිනමාව, සුවඳ විලවුන්, විසිතුරු ආභරණ ආදී සුව පහසු දෑ කෙරෙහි විරුද්ධ බවකි.
බෞද්ධ රටවල බැතිමතුන් පුරුදුව ඇත්තේ පුන් පොහෝ දිනවල හා සෙසු පොහොය දින වැනි විශේෂ දිනවල අටසිල් සමාදන් වීමට ය. සැදැහැවත්තු උදෑසනින් විහාර ආරාම වෙත පැමිණ සිල් සමාදන් වී මුළු දවස ම එහි ගත කරති. අටසිල් සමාදන් වීමෙන් ඔවුන් ගේ එදිනෙදා ජීවිතයේ ඉදිරිපත්වන භෞතික හා වින්දන ඉල්ලුම්වලින් වෙන් වී සිටිය හැකි වේ. අටසිල් සමාදන් වීමේ පරමාර්ථය නම් විවේකය, සන්සුන් බව වඩා ගනිමින්, සිත පුහුණු කරමින් තමා ගේ ආධ්‍යාත්මික වර්ධනය ලබා ගැනීම යි.
සිල් සමාදන් වන කාලය තුළ දී බණ පොත් කියවීමෙන්, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, භාවනාවේ යෙදීමෙන් ආරාමයේ ආගමික වැඩට සහාය වෙමින් කල් ගෙවති. පසුදා උදෑසන අටසිල් මිදී පන්සිල් ගැනීමෙන් පසු ඔවුන් ගේ සාමාන්‍ය ජීවිතය ඇරඹීම වස් ගේ දොර බලා ආපසු එති. අටසිල් සමාදන් වීමෙන් අදහස් කරන්නේ මෙවන් වැළකීම් ය. සතුන් මැරීම, සොරකම, කාමයෝ වරදවා හැසිරීම, මුසාවාදාය, මත්පැන්, හිරු අවරට හැරී මෙන් පසු ආහාර ගැනීම, නැටුම් ගැයුම් වැයුම් අයොග්‍ය දර්ශන මල්දම් සුවඳ විලවුන් ආලේප ඈ අලංකාර විචිත්‍ර දෑ පරිහරණය, උස් සුව පහසු අසුන් හි හිදීම් ආදිය යි.
ඇතැම් අයට මේ ශික්ෂාපදවලින් ඇතැම් ශික්ෂා පදයක වැදගත්කම අවබෝධ කර ගැනීම දුෂ්කර වී ඇති බැව් පෙනේ. ඔවුන් සිතන්නේ බෞද්ධයින් නැටුම් ගැයුම්, වැයුම්, සිනමාව, සුවඳ විලවුන්, විසිතුරු ආභරණ ආදී සුව පහසු දෑ කෙරෙහි විරුද්ධ බවකි. සෑම ගිහියකු ම එවැනි දෑ කෙරෙන් වෙන්විය යුතු යැයි කිසිදු නීතියක් බුදු සමයේ කො තැනක වත් සඳහන් වී නොමැත. එවන් දෙයින් වැළකීම තෝරා ගනු ලබන්නේ සැදැහැවත් බෞද්ධයන් අටසිල් සමාදන් වන කෙටි කාලයේ දී ස්වයං හික්මීමේ මාර්ගයක් ලෙස ය. එයට ප්‍රධාන හේතුව ඊනියා සංග්‍රහයන් ගෙන් විචිත්‍ර කරණයෙන් ඉවත්වීම නිසා ඉන්ද්‍රියයන් ඉතා කෙටි කාලයකට නිසංසල කිරීමටත්, ඒ අනුව සිත ඉන්ද්‍රියයනට වහල් නොවී පුහුණු කර ගැනීමටත් හැකිවීම ය. ආදාර සංග්‍රහයන් සිතෙහි අනුරතිය වඩවයි. ඒ මඟින් ඇතිවන චිත්තවේග පුද්ගලයා ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට බාධා පමුණුවයි. එවන් සංග්‍රහාදියෙන් යම් කිසි අවස්ථාවල වැළකී සිටීමට තැත් කිරීමෙන් තම දුර්වලතා ජය ගැනීමත්, තමා පාලනය කර ගැනීම පුළුල් ලෙසින් පුහුණු වීමත් නිසා ප්‍රගතියක් ඇති වේ. බෞද්ධයෝ ප්‍රීති සම්භාෂණ ප්‍රතික්ෂේප නො කරති. පන්සිල් හෝ අටසිල් සමාදන්වීම අවංක සිතින් කරන්නේ නම්, එය නිශ්චිත පුණ්‍ය ක්‍රියාවකි. එයින් මහත් වූ ප්‍රතිලාභයක් මෙ ලොව හා පරලොව සඳහා ගෙන දෙයි. එබැවින් සෑම පුද්ගලයකු ම හැකි සෑම අවස්ථාවක ම අවබෝධයෙන් යුතුව සිල් සමාදන්වීමට තමනට හැකි තරම් උත්සාහ ගත යුතු ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බිනර අව අටවක පෝදා, 2021 සැප්තැම්බර් 29 බදාදා දින බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි
No comments:
Post a Comment