Labels

Showing posts with label අති පූජ්‍ය පණ්ඩිත ශාස්ත්‍රපති අයගම සුසීල හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය පණ්ඩිත ශාස්ත්‍රපති අයගම සුසීල හිමියන්. Show all posts

Wednesday, February 1, 2017

පටු සීමාවෙන් මිදී ඇත්ත දකිමු

ශෝකය යනු හැඬිම්, වැළපීම් සහිත මානසිකත්වයයි. සිතට දැනෙන දුක දරා ගත නොහැකිවීම හේතුවෙන් කෙනෙකුගේ සිත තුළ ඇතිවන කම්පනය එනමින් හැඳින්වේ. සෝක කරන්නේ මමත්වයෙන් පිරුණු සිත් ඇති පෘථග්ජනයන්ය. යම් පි‍්‍රය විප්‍රයෝගයක් ඇති වූ විට ඒ දෙස මමත්වයෙන් යුතුව මාගේ, අපේ යන පටු ආකල්පයෙන් බැලීම ශෝක කිරීමේ පදනමයි.
අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට අපට දැනෙන්නේ එම සිදුවීම අපට සිදු වූ බලවත් පාඩුවක් අසාධාරණයක් සහ නොවියයුතු දෙයක් ලෙසයි. අපේ දෑසින් කඳුළු රූරා වැටෙන්නේ අපි එසේ සිතීමට පුරුදු වී ඇති නිසා ය. ශෝකය නමැති සිතිවිල්ල යම් සිතක කිඳා බැස පවතී නම් ඔහුට ලෝකය සහ එහි පවතින සැමට පොදු ධර්මතාව තේරුම් ගැනීමට අපහසු වේ.පටු ආකල්පයෙන් බැහැරව විවෘතව මෙම ධර්මතාව දෙස බැලීමට නම් උසස් චින්තනයකට අප යොමු විය යුතුය. බුදු දහමේ ඉගැන්වෙන්නේ එම විවෘත චින්තනය කරා ගමන් කරන මාවතයි. ශෝක කිරීම වෙනුවට බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ ධර්ම සංවේගය උපදවා ගැනීමයි. සංවේග යනු ලොව ඇති වී නැති වන සියල්ල පිළිබඳව සමානව හා සාධාරණව පවතින ධර්මතාව පිළිබඳ අවබෝධයයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේදී රහතන් වහන්සේලා උපදවාගත්තේ එම මානසිකත්වයයි.

Wednesday, January 11, 2017

වෙන්වීමේ දුක දරා ගන්නට නම්...

සංයෝග යනු එකට එකතු වීමයි හෙවත් හමුවීමයි. වියෝග යනු වෙන් වීමයි. සංයෝගයක් හෙවත් එකට එකතුවීමක් යම් තැනකදී සිදුවන්නේද ඒ ඇති වූ හමුවීම වෙන්වීමකින් කෙළවර වීම විශ්ව ධර්මතාවයි. “පියෙහි විප්පයොගෝ දුක්ඛො” යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් බවයි.
අප මව් කුසින් මෙලොව එළිය දුටු දිනයේ සිට ප්‍රථමයෙන් මවත් පියා සහ සහෝදර සහෝදරියන් සමගත්, ආච්චි ,සීයා ,නැන්දා , මාමා ආදි අවශේෂ ඥාති වර්ගයා සමගත් දැඩිබැඳීමකින් හා එකමුතු කමකින් ජීවත්වීමට පුරුදු පුහුණු වී සිටිමු.

Friday, May 13, 2016

ගැටුම් නිරාකරණයට විශ්ව සමාජගත කළ යුතු අරණ විභංග සූත්‍රය


බුදුන් වහන්සේ වදාළ ධර්මය පැහැදිලි විමුක්ති මාර්ගයක් මන්ම විධිමත් ජීවන දර්ශනයක් සමාජ ගත කළ දේශනාවක් ලෙස හඳුනාගත හැකිය. සිය ශ්‍රාවක ප්‍රජාවගේ විමුක්තිය පිණිස මෙන්ම ජීවන මාර්ගයද හැඩ ගැස්වීමට උපස්ථම්භක වන දේශනාවන්ගෙන් පොහොසත් බුද්ධ දේශනාව මිනිස් සිතුම් පැතුම් සහ චර්යාවන් පිළිබඳ පුළුල් ගවේෂණයක එකතුවකි.

Sunday, April 3, 2016

පසු තැවීමෙන් තොර ජීවිතයකට මඟ



"අප ගෙවූ ජීවිතයේ බොහෝ වැරදීම් නිසා ඇතැම් විට අපට පාඩුවක් විඳීමට සිදුවුවත් එම වැරදුණු තැනින් ගොඩයාමට සහ නැවත එවැනි දේවල් සිදු නොවීමට එය අත් දැකීමක් බවට පත්කරගත හැකිය. ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව , කාර්යක්ෂමභාවය සහ අත්හදාබැලීමේ අවශ්‍යතාව පෙරටත් වඩා සිත් තුළ ගොඩනඟා ගත යුතුය. එයින් අපට මහත් ලාභයක්ම අත්කර ගත හැකිවේ. එසේම සිතට බරක් වන දේවල් සිහිපත් කිරීමෙන් හා ප්‍රයෝජනයක් නොමැති අතීත අමිහිරි මතකයන් සිත් තුළ ඉස්මතුවීමේ ස්වභාවයද මහත් වීර්යයෙන් යටපත් කිරීමට උත්සාහ කළ යුතුය."

Sunday, March 6, 2016

මිනිස් සිරුරේ ස්වරූපය




බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය.

Thursday, February 11, 2016

යොනිසො මනසිකාර යනු කුමක්ද?


පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.

Sunday, January 17, 2016

භවයෙන් භවයට යන සසර පුරුදු


නිතර නිතර පුරුදු පුහුණු කරන හොඳ හෝ නරක භවයෙන් භවයට යන සසර ගමනෙහිදී දුක් හෝ සැප ලබාදීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. බුදු දහමට අනුව අප ලබාගත් මිනිස් ජීවිතයේ ආරම්භය එක් ජීවිතයකට සීමා නොවේ. සසරදී අප කළ කී බොහෝ දේ අපේ ජීවිතය හා බද්ධ වී පවතින බව පිළිගත් සාධකයකි.

Wednesday, December 2, 2015

සත්‍යාවබෝධයට ප්‍රතිපක්ෂ වන දිට්ඨි උපාදානය


“දිට්ඨි” යන පාලි වචනය “දැකීම” දුටු දෙය යන අර්ථයෙහි යෙදේ. “උපාදාන” යනු දැඩිව අල්ලා ගැනීමයි. හෙවත් දෘඪ ග්‍රහණයයි. මෙම වචන දෙකෙහි සරල අර්ථය එසේ වුවද එහි පදගතාර්ථය ඉක්මවා ගිය පුළුල් දාර්ශනික අර්ථයක්ද දක්නට ලැබේ.