Labels

Showing posts with label පරිසරය සහ බුද්ධ දර්ශනය. Show all posts
Showing posts with label පරිසරය සහ බුද්ධ දර්ශනය. Show all posts

Sunday, July 2, 2017

සම්බුද්ධ දේශනාවේ පරිසර හිතකාමී ආකල්ප

පැවිදි බව ලබන භික්ෂූන් වහන්සේලා පවා බුදුරදුන් වෙතින් කර්මස්ථාන ලබාගෙන ධ්‍යාන භාවනා සඳහා වැඩම කරන ලද්දේ එබඳු සුන්දර වනගත ප්‍රදේශවලටය. එසේ විවේක තැන් ඇසුරු කරගෙන මාර්ගඵල ලැබූ උතුමන් සිය ජීවිත කාලය පුරා ම පරිසර සෞන්දර්යයෙන් අනූන වූ ස්ථානවල සිය විවේකය ගත කළ අයුරු ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනාවල ඇතුළත් වේ.
බුද්ධ චරිතයත් සම්බුද්ධ දේශනාවත් පරිසරයත් අතර දැඩි සම්බන්ධයක් පවතින බව ත්‍රිපිටක දේශනාවලින් අනාවරණය වේ. සම්බුද්ධ චරිත කතාව අනුව සිද්ධාර්ථ කුමරු උපත ලැබුවේ සල් උයනක දී ය. ගිහි සැප හැර දමා ගොස් සත්‍ය ගවේෂණය සඳහා තෝරාගත්තේ සුන්දර වන පියසක් සහිත නේරංජරා නදී තීරයේය.
සය වසරක පමණ කාලයක් ධ්‍යාන භාවනාවෙහි යෙදුණු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූයේ ද ඇසතු බෝරුක් සෙවණ ඇසුරු කර ගෙනය. ලුම්බිණි සල්වනයෙහි දී සිදුහත් කුමරු බිහිවීම හා කුසිනාරා නුවර සල් වනයෙහි දී සම්බුද්ධ පරිනිර්වාණය සිදුවීම බුද්ධ චරිතයත් පරිසරයත් අතර දැඩි සම්බන්ධය දක්වන සුවිශේෂ කාරණයකි.

Sunday, April 9, 2017

සිසාරා ගලන අමා දහමින් සොබා දහමත් සසල වුණා

ඉතාම සිසිල් සුළං ඉතා සෙමෙන් හමා ගියා. ගලන ගංඟා නිසලව නෙළුම් මලින් විකසිත වූවා. මහා සාගරයේ රැළි නතර වුණා. සාගරයේ ලුණු රස නැතිව මධුර රස වෙන්නට පටන් ගත්තා . සාගරය සිසාරා නෙළුම් මලින් විකසිත වුණා. මහ පොළොවේ තණ පිඬලි, වැලි තලාවන් නොපෙනී මුලු මහත් පෘථිවි ධාතුවම නෙළුම් මලින් වැසී ගියා. මේ පෘථිවි ධාතුව පමණක් නොවෙයි, සක්වළ දහදාහකම තිබූ කඳු ගැට, පර්වත නෙළුම් මලින් වැසී පිරී ඉතිරී ගියා. කළුගල් මටසිළුටු වී පැලී ඒ මත දණ්ඩ පදුම නම් වූ සුවිශේෂී මලින් අසිරිමත් වූවා.
ගැඹුරු සදහම් දෙසුම තේරුම් ගතහැකි ප්‍රඥාවන්තයොත් ලොවේ සිටින බව දැක බුදුරදුන් බරණැස ඉසිපතනාරාමයට සැතපුම් දහඅටක් පා ගමනින් වඩියි. මේ අමා ගඟ ගලා යන්න සූදානම් වන මොහොතේ සොබා දහම පවා නොඉවසූූ අසිරිය මෙසේ සඳහන් කරමු.
දෑස් අඳ අයගේ දෑස් පෙනුණා. කන් ඇසෙන්නේ නැති අයගේ මේ මධුර මනෝහර හඬ අසන්නා වාගේ දෙසවන් ඇසෙන්නට පටන් ගත්තා. කතා කරන්න බැරි අයට සාධුකාර දෙන්නා වගේ කතා කරන්න පුළුවන් වුණා. මන්ද මානසික අයගේ මන්ද මානසික බව නැතිව ගියා. කොරවෙලා සිටින අයගේ කොරබව නැතිව ගියා. කුදු වෙලා සිටි අයගේ කුදු බව නැතිව ගියා. මේ වගේ සුවිශේෂී විපර්යාස රැසක් සිදුවන මොහොතේ අකල් වැසි වසින්න පටන් ගත්තා. මුළු විශ්ව ධාතුවම සක්වළ දහදාහක්ම වායු සමනය කළා සේ සිසිලස දැනුණා.

Monday, December 26, 2016

පරිසරය වැනසූ ඔවුහු විනාශයට පත් වූහ

මිතුරනි, අප භාරගත් ඇණවුම් සියල්ල නිසි කලට ඉටු කර දීමට නොහැකි විය. ගනුදෙනුකරුවන් අප වටලා ඇත. අපි ඔවුන් රැවටුවෙමු. මෙලෙස සිටියහොත් නුදුරෙහිදීම ඔවුන්ගෙන් මැරුම් කෑමට සිදුවනු ඇත. එබැවින් අපි මෙම රටින් පිටව වෙනත් රටක ගොස්‌ වාසය කරමු. 

එසේය නායකතුමනි, වහ වහාම අපි මෙම රටෙන් පලා යමු. කණ්‌ඩායම් දෙකට අයත් වඩු කාර්මික ශිල්පියෝ එක හඬින් එම අදහස අනුමත කළහ. ඒ අනුව ඔවුන් තමන් දන්නා වඩු කාර්මික ශිල්පය උපයෝගි කරගෙන නාවික යාත්‍රා සකස්‌ කර ගත්හ. දිනක්‌ රාත්‍රී භාගයේ තම තමන් සතු සියලු වස්‌තුව පොදි බැඳගෙන මහ රැයේම දියඹට වන්හ. ඔවුන් තමන්ට පදිංචියට සුදුසු ගොඩ බිමක්‌ සොයමින් යාත්‍රා පදවන්නට වූහ.

Tuesday, December 15, 2015

බොදු සාහිත කෙතයි සොබාදහමේ අසිරියයි


බුදුරජාණන් වහන්සේ තරම් සොබාදහම අගේ කළ සොබාදහම තුළ ජීවත් වූ ශාස්තෘවරයෙක් තවත් නැති තරම්ය. උන්වහන්සේ සොබාදහම අගේ කළේ එහි ඇති චමත්කාරයට වඩා ඒ තුළ ජීවත් වීමෙන් ඇතිවන සිතේ සැනසීම නිසාය.

Wednesday, September 23, 2015

බෝධිපූජාවෙන් නියම අනුසස් ලැබීමට නම්......



මේ වස් කාලයයි. දිවයිනේ බොහෝ විහාරස්ථානවල දිනපතා හෝ සති අන්තවල බෝධිපූජා පවත්වනු දැක ගත හැකිය. බෝධි පූජාව වස් කාලය තුළ පමණක් සිදුවන කටයුත්තක් නොවේ.

Sunday, September 13, 2015

පරිසර හිතවාදී බුදුදහම

 
ස්වභාවික පරිසරය පිළිබඳව බුදුදහම නිර්දේශ කොට ඇත්තේ ඉතා වැදගත් සංකල්පයක් බව අප මනාව දන්නා කරුණකි. පරිසර හිතවාදය, පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් බුදු දහම මෙතරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බුදු දහම, බෞද්ධ ආකල්ප, බෞද්ධ පරිසරය, ශ්‍රාවක චර්යාවන් සහ බුද්ධ චරිතය නිරතුරුවම ස්වභාවික පරිසරය සමඟ මනා සම්බන්ධතාවයක් පැවතීමයි.

Saturday, September 12, 2015

බෞද්ධයාගේ පරිසර ප්‍රතිපත්තිය



සිගාලෝවාද සූත්‍රයේ ඇතුළත් ගාථා දෙකකි, මේ
පණ්ඩිතෝ සීලසම්පන්නෝ
ජලමග්ගීව භාසතී
භෝගේ සංහරමානස්ස
භ මරස්සේ ව ඉරීයතෝ
භෝගා සන්නිචයං යන්ති
වම්මිකෝ වුපචීයතී
ඒවං භෝගේ සමාහත්වා
ලමත්ථෝ කුලේගිහී

ගිහි ගෙදර වසන්නට සමත් පුද්ගලයා නුවණැත්තකු හා සදාචාර සම්පන්න පුද්ගලයකු විය යුතුය. ඔහු මී මැස්සාගේ ඉරියව්වෙන් ධනය රැස් කර ගත යුතු ය. එවිට වේයාගේ තුඹස මෙන් ධන එක් රැස් වේ. මෙසේ ඔහු දිලිසෙන ගින්නක් මෙන් බැබළීමට පත් වේ.

Friday, September 4, 2015

පරිසර හිතකාමී දරුවාට දැහැමි දිවි උරුමයි


බුදු දහමින් බලාපොරොත්තු වන්නේ දැනුම, ආකල්ප හා කුසලතාවයන්ගෙන් පිරිපුන් දරුවෙක්. මානසික හා චර්යා සංවර්ධනය වගේම පරිසර සාධකත් දරුවාගේ පෞරුෂත්ව වර්ධනයට උපකාරි වෙනවා. මෙතැනදී වඩාත් වැදගත් වෙන්නේ මවගේ භූමිකාවයි

Monday, August 31, 2015

සොබාදහමේ මිහිරියාවෙන් මතුවන අවබෝධය


බුදුදහම සුන්දරත්වය, රසාස්වාදය දකින්නේ කාමය උපදවා ගෙන නොවේ. නැත්නම් එහි ඇලී ගැලී නොවේ. සත්‍ය අවබෝධ කරගත් ආර්ය උතුමන් වහන්සේ සියලු දෙයෙහිම සුන්දරත්වය දකින්නේ නිකෙලෙස් ඇසින්. පරිසරයේ ඇති සුන්දරත්වය පවා අප විඳගත යුත්තේ එහි ඇලී ගැලී නොවන බව තේරුම් ගත යුතු වනවා.


බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර වදාළ ධර්මය සසරින් මිදීමට පෙන්වන ලද ගමන් මාර්ගයක්. බුදුදහම විරාගී දර්ශනයක්. සසරින් ගැලවීමට මිස සසරෙහි ඇලීමට එහි උගන්වා නැහැ.
එවන් දහමක් දර්ශනයක් තුළ සාහිත්‍ය කලාවකට ඉඩක් තිබේද යන ප්‍රශ්නය යම් අයකුට ඇතිවිය හැකියි. රසාස්වාදය, රසවින්දනය හා සෞන්දර්යය වැනි සංකල්ප කරා විරාගී දර්ශනයක් ඇති අයකුට යෑමට පුළුවන් ද?

Thursday, August 13, 2015

සොබාදහමින් බුදු දහම දැකීම


නමෝ තස්ස භගවතෝ අරහතෝ
‍සම්මා සම්බුද්ධස්ස.

යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේ සංච යෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ


Monday, August 3, 2015

පරිසරය යි - විනය නීතිය යි


වස්සාන සෘතුවේ වස් විසීම පෙර මනුලොව පහළ වූ දීපංකරාදී බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ අනිවාර්ය සිරිතක් වුවද සමාජ අවශ්‍යතාව භික්‍ෂු ජීවිතයට සම්බන්ධවන තුරු අප බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් අනුමත කළේ නැත. පරිසර වෙනස්වීම සමාජ ජීවිතයටත් එයින් අන්‍ය ආගමික චින්තනයටත් යළි භික්‍ෂු ජීවිතයටත් බලපාන අයුරු මෙම වස් විසීමේ විනය කර්මවලින් මනාව පැහැදිලි වෙයි.


Sunday, July 26, 2015

බුදුදහමයි පරිසරයයි


ලොව්තුරා තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී පුරා අවබෝධ කොට වදාළ අසූහාර දහසක් වූ ධර්මස්කන්ධය, සංසාර සාගරයේ අසරණ වූ සත්ත්වයන් බියකරු සසරෙන් එතෙර කරවීම සඳහාම පමණක් නොව, ඔවුන්ගේ මෙලොව ජීවිතයද සුවපත් කරගැනීමට වදාළ දහමකි.

Monday, June 1, 2015

ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න




මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්,
නිවන් මග පුරන, 'දක්‍ෂ',
ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය
උපකාරයක්‌ම වේවා!
ශක්‌තියක්‌ම වේවා!
මාර්ගයක්‌ම වේවා!

තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!

අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!

අනුනටද අනුකම්පා කෙරේවා!

වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!

මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා!

තමා තමාටම පිහිටකොට ගනිත්වා..

යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි.

රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳියි. නැවත මැකී යයි.

රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස්‌ කර ගන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස්‌ තීන්තය. එහි ඝන භාවයක්‌, ගොරෝසු භාවයක්‌, ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‌ෂාවක්‌ නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නමැති පිරුවටය සැමවිටම නොකිළිටියි. කොතැනකදීවත් සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින ඒ සිත නිරතුරුව අනිත්‍යය දැක මැකී යන රූපම අඳියි. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි. ගිහි පැවිදි නිවන් මඟ වඩනා ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්‌වභාවයේ නිදහසයි.

ජීවිතයේ සියලු බැඳීම් හිස්‌කළ තැන, එතැන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත් වන්නේ, එතෙක්‌ තමා රැස්‌කළ අයිති කොටගත් සියලු ලෞකික සම්පත් අයින් කොට දමාය. ඔබ එසේ සියල්ල අයින්කොට දමා පැමිණෙන්නේ ඇයි? අයින්කොට පැමිණි සියල්ල අතහැරීම සඳහාය.

හොඳින් සිතන්න. අයින් කිරීමත්, අතහැරීමත් අහසයි පොළොවයි මෙන් පරතරය ඇති දෙයකි. පැවිදි වීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔය අයින්කොට පැමිණි දේවල්.

මාපියන්, ඥතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජත්වය, කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියයන් හයට ඇලෙන දේවල් අයින්කොට දමා පැමිණ ඇත්තේ, ඒ සියල්ල අතහැරීම සඳහා ය. දැන් අරමුණ පැහැදිලිය.

එසේ නම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණුවීමට සුදුසු රැස්‌කිරීම නොකරන ස්‌ථානයකි. මොනවා රැස්‌ නොකරන ස්‌ථානයක්‌ද? කෙළෙස්‌ රැස්‌ නොකරන ස්‌ථානයකි. සුවසේ සිත වැඩෙන ස්‌ථානයකි. එවැනි ආරණ්‍යයක්‌, ශූන්‍යාගාරයක්‌ නොමැති නම් නිවන් මඟ වඩන ගුරුවරයකුගේ ඇසුර ලබා ගනිමින් හුදකෙලා කුටියකට ඔබ යා යුතුය. ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණු ස්‌ථාන මඟහරින්න. ඉහත ස්‌වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක්‌ ලැබීමට ඔබට උපකාර වනවා විනා, මේ ආත්ම භාවයේ දී නිවන් දැකීම උදෙසා ඔබට උපකාරී නොවේ. ඉහත ස්‌වභාවයන් ඔබ ස්‌පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක්‌ බවට පත්වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යැම, තවමත් ඔබගේ ස්‌වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග ගසාගෙන යැමට නොව උඩුගංබලා පිහිනා යැමය. ඔබ අදක්‌ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස්‌ විදෙස්‌ ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පැමිණීමට ඔබට සිදුවනු ඇත. ඔබ කිසිවක්‌ අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහැරීමට පුරුදු කරන්න. ඔබ වයසින්. ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙක්‌ ලෙස අරමුණක්‌ ඇතිව ශාසනයට පැමිණි කෙනෙක්‌ බව සිතන්න. එහෙත් තමා ගැන අධි තක්‌සේරුවකට නොඑන්න වගබලාගන්න.

සාමණේර ශීලය, උපසම්පදා ශීලය, ඉක්‌මවා ගිය ශීලයක්‌ මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. එම ශීලය තව කෙනකුන් ගෙන් ලැබිය හැකි දෙයක්‌ නොව, තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාවම පිහිටකොට ලබාගත යුත්තක්‌ බව සිහි තබා ගන්න.

විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලමක්‌ මිස, තමාගේ දෑත් දෙපා ස්‌ව කැමැත්තෙන් බැඳ ගන්නා වරපටක්‌ හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක්‌ නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක්‌ නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක්‌ උපයෝගී කරගන්නා සේ, විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්‌පර්ශ වන සැණින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරැදි වෙමින් අතහරින දෙයක්‌ මිස බදාගන්නා දෙයක්‌ නොවේ. වැරැදි අතහැරීමට විනය බදා ගැනීම තුළ රැස්‌වන්නේ තණ්‌හාවයි. තණ්‌හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද ග්‍රහණය කර නොගැනීමට අප වගබලාගත යුතුය.

විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. ධර්මයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත්වීමයි. විනය අත්‍යවශ්‍යය. ඒ නැවත නැවත වැරැදි කිරීමට නොවේ. වැරැදි කිරීමේ ස්‌වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරැදි අතහැරීමටය. විනය වෙනුවෙන් කැපවීම ඔබගේ දුර්වලතාවකි. විනය සමගින් ගැටෙමින් නොසිට ඔබගේ දුර්වලකම් සතියෙන් හෙවත් සිහියෙන් යුතුව මඟහරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් සියයක්‌ ඇතොත් ඒ පොත් සියයම එක මත එක තබා, පොත් සියයටම උඩින් "ෙච්තනාහං භික්‌ඛවේ කම්මන් වදාමි" යන බුදු බණ පදය තබන්න.

නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම් ඔබ අදක්‌ෂ නම්, මාන්නය, උද්ධච්ච භාවය, මාර්ග ඵල උම්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්‌මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුණහොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්‌සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙර සූදානම්, සැලසුම්වලින් හිස්‌වන්න. කිසිම ආයාසයක්‌ නොකරන්න. ඉරහඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්‌වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්‌වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්‌වභාව ධර්මයේම කොටසක්‌ වන්න. ස්‌වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක්‌ නොතබන්න. බැසයන සඳත්, නැඟ එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක්‌ වන්න. බුදු ගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක්‌ පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේව බව අත්දැකීමෙන් දකින්න.

නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානිකම යනු හීනමානය නොවේ. භික්‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නව ඉලක්‌කය කරා හඹායන පුද්ගලයාම විය යුතුය. ඔහුව ඉක්‌මවීමට සමතෙක්‌ මේ තුන් ලෝකයේවත් නැත. මහ වනයේ තනිවම සරණ ඇතකු සේ ඔබ සොයන නිදහස ඔබම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය, දහවල, වැස්‌ස, ශීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස්‌ මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්‌ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට බ්‍රහ්මයකුට කළ නොහැක්‌කකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම්කොට ඔබේ දෝතට ගෙන, ඔබ මේ ලෝකයෙන් එතෙර වූ මුණිවරයෙක්‌ වන්න. ඔබට එය හැකි වන්නේ එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම යන බරපතල තීරණය ගැනීමට සමත් වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.




2011 මැයි 22 දිවයින ඉරිදා සංග්‍රහයේ පලවු ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Thursday, May 28, 2015

බුදුපියාණන් වහන්සේ පරිසරය ගැන දැක්වූ ආකල්පය



බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමෙන් පසු ලෝ වැස්සන්ගේ මෙලොව පරලොව සුගතිය උදෙසා ක්‍රියා කළේ කෙසේදැයි ඉතා හොඳින් ප්‍රකට කෙරෙන අවස්ථා ත්‍රිපිටකයෙන් පෙනේ. උන්වහන්සේ ක්‍රියාකළේ මෙලොව වැස්සන්ගේ හිතසුව පිණිසය. ඒ සඳහා අවශ්‍ය කරන සෑම අංශයක් පිළිබඳව හුදී ජනයා වෙත අවබෝධ කර දෙන්නට උන්වහන්සේ වෑයම් කළ සේක. මේ කාරණාවේ දී විශේෂ සැලකිල්ලක් අප ඇසුරු කරන ජීවත්වීමට අවැසි වන්නා වූ පරිසරය කෙරේ දක්වා ඇති බව පෙනේ. මේ සඳහා උන්වහන්සේ කෙතරම් විමසිලිවත්ව ක්‍රියාකළේද යත් සමහර අවස්ථාවලදී පරිසරයේ ආරක්ෂාව හා ඉදිරි පැවැත්ම උදෙසා භික්ෂූන් වහන්සේලාට විනය නීති පැනවීමෙන් පෙනී යයි

ලෝකයේ පහළ වු අන් ශාස්තෘන් වහන්සේලා අතුරින් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා රැසක් නිසා වැදගත් වේ. මේ අතුරින් වැදගත්ම කාරණාවක් නම් උන්වහන්සේගේ ජීවන චරිතයට පරිසරය මනාව බද්ධ වී තිබීමයි. උන්වහන්සේ ඉපදුණේ කිඹුල්වත් නුවරටත් දෙව්දහ නුවරටත් අතරැති ලුම්බිණි නම් මනරම් සල් උයනෙහිදීය. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුකම් කී පිරිසක් ජීවත් වු නිසාත් රාජකීයයන් පවා ඒවාට යොමු වී ක්‍රියාකළ නිසාත් බෝසත් ළමා වියේදීම උන්වහන්සේ ඇසුරු කළේ ස්වභාව සෞන්දර්යයෙන් අගතැන්පත් උයන්වතුය. දෙවැනි කාරණාව නම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ උරුවෙල් දනව්වේ අසල පිහිටි වනමැදය. සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම පිණිස උන්වහන්සේ වර්ෂ 06 ක් තරම් දීර්ඝ කාලයක් වනය අසුරු කරමින් දුෂ්කර වූ ප්‍රතිපදාවන් පිරූ සේක. සම්බුද්ධත්වයෙන් පසුවද උන්වහන්සේ සති 07 ක් පුරාවටම උන්වහන්සේ තවදුරටත් වනය ඇසුරු කළේ තමා ලත් ලෝකෝත්තර විමුක්තිය සඳහා අතිශය දායකත්වයක් ඉසිලූ නිසාවෙනි. කළගුණ සැලකීමේ මාහැඟි ගුණය ලොවට පෙන්වාලූ සම්බුදුරජාණන් වහන්සේ ඉන් පසුව ලෝසතුන් කෙරෙහි කරුණාවෙන් තමන් නිවන් මඟට වැඩියාසේ සසර සැරිසරන සත්ත්වයන්ගේ මදමාන දුරලා නිවන් මඟට පමුණුවාලීමේ බුදුකිස සඳහා බරණැසට වැඩම කළේ, උන්වහන්සේ බොහෝ අවස්ථාවලදී පරිසරය ඇසුරු කළ අතර උන්වහන්සේගේ පරිනිර්වාණය ද සිදු වූයේ පාවා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල් උයනේදීය. මේ අනුව උන්වහන්සේගේ ජීවිතය සමඟ පරිසරය අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පැවති බව අපට මනාව පැහැදිලි වේ.
සමහර අවස්ථාවලදී ධර්ම කාරණා විස්තර කර දීමේ දී පරිසරය උපයෝගී කරගෙන ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම අතිශය දුෂ්කර බවද මේ ලෝකය පිළිබඳව තමා අවබෝධ කරගත් කාරණා ආදිය නැවත අයෙකුට ප්‍රකාශ කිරීමේදී එහි අපහසුව ආදී කාරණාවන් වලදි පරිසරයේ ඇති ගස්වැල් මෙන්ම පසද උපමා කොට ගෙන ඇත. තවත් කරුණක් වන්නේ උන්වහන්සේ පහළ වූ සමයේදි ජීවත් වූවෝ ගස්,ගල් පර්වත ආදී දෑ ඇසුරු කරමින් ඒවා පිළිබඳ දේවත්වයක් ආරෝපණය කර ගනිමින් වැඳුම් පිදුම්වලට ලක් කළහ. (බහුං වෙ සරණං යන්ති– පබ්බතානි වනානි ච, ආරාම රුක්ඛ චේත්‍යානි– මනුස්සා භය තජ්ජිතා –ධම්මපදය) නමුදු එසේ ක්‍රියා කිරීමෙන් කිසිඳු සාර්ථකත්වයක් ලද නොහැකි බවත් එය නිරර්ථක ක්‍රියාවක් බවත් උන්වහන්සේ දේශනා කළ සේක. (නේතං ඛෝ සරණං ඛේමං –නේතං සරණ මුත්තමං ,නේතං සරණමාගම්ම – සබ්බ දුක්ඛා පමුච්චති – ධම්මපදය) මනුෂ්‍යයන් ජීවත්වීමේ දී හිතකර වන්නේ හොඳ වාතාශ්‍රයක් ඇති ස්ථාන සොයා ගැනීමයි. මෙහිදී ගස් කොළන් වලින් යුක්ත ස්ථානයක් නම් තමන්ගේ නිවස හා ඒ අවට පරිසරය මනස්කාන්ත දර්ශනයක් වනු ඇත. මෙවන් ස්ථානයක ජීවත් වීමට ලැබේ නම් එවන් වූ ස්ථාන ‘වාසය කිරීමට හොඳ පරිසරයක් ලෙස මහා මංගල සූත්‍රයේදී මංගල කාරණාවන් ගණයට අදාළව සම්බුදු හිමියන් වර්ණනා කර ඇත . (පතිරූප දේස වාසෝච......ඒතං මංගල මුත්තමං)
නිවන් සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලියේදී අප ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න උන්වහන්සේ අවධාරණය කිරීමේදී සොබාදහමේ අප ඇසුරු කරන දේ උපමා කොට ඇත. එහිදී උන්වහන්සේ යම්සේ බඹරෙකු මල නොතලා මධුපානය කරන්නාක් මෙන් මුනිවරුන් ගමෙහි හැසිරෙන බව දේශනා කළ සේක. (යථාපි භමරෝ පුප්ඵං – වණ්ණ ගන්ධං අහේඨයං, එලේති රසමාදාය–ඒවං ගාමේ මුණි චරේ – ධම්මපදය) තවත් තැනෙක සිත දමනය කිරීමේ ක්‍රියාවලියේදී (සචිත්ත පරියෝදපනං) භාවිතා කරන්නට යෙදුන උපදේශය වන්නේ “ජලය අවශ්‍ය වන්නෝ ජලමාර්ග ඔස්සේ එය කුඹුරු කරා ගෙන යන්නේ කෙසේද? දුණු වඩුවෝ දුන්න සඳහා ලීය නවන්නේ යම් සේද? ඒ අයුරින් තම සිතද දමනය කිරීමට පණ්ඩිතයා උත්සාහ ගන්නා බව“ සඳහන් කිරීමයි.

උදකං හි නයන්ති නෙත්තිකා –උසුකාරා නමයන්ති තේජනං, දාරුං නමයන්ති තච්ජිකා –අත්තානං දමයන්ති පණ්ඩිතා – ධම්මපදය) අප ජීවත් වන කාල පරාසය තුළ අපට හොඳ හුස්මක් ගැනීම සඳහා බොහෝ සෙයින් උපකාරි වන්නේ සොබාදහමයි. ඒ නිසා අප වුව ක්‍රියා කළ යුත්තේ පරිසරය කෙරෙහි අප්‍රමාණ සැලකිල්ලෙනි. බුදුන් වහන්සේද මේ කාරණාව තම සව්වන් උදෙසා දේශනා කර ඇත. තමා දිනක් වුව යම් වෘක්ෂයක් අභිමුව දිවි ගෙවූයේ නම් ඒ ගසෙහි අත්තක් හෝ කඩා විනාශ කර නොදැමිය යුතු බව උන්වහන්සේ දේශනා කොට වදාළ සේක. (යස්ස රුක්ඛස්ස ඡායාය– නිසීදෙය්‍ය සයෙය්‍යවා, න තස්ස සාඛං හඤ්ඤෙය්‍ය– මිත්තදුබ්බෝ හි පාපකා පේතවත්තුප්පකරණය) යමෙක් එසේ කරන්නේ නම් ඔහු මිත්‍ර ද්‍රෝහියෙකු ලෙස බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.
බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින්ම වන රුක්මුල් ඇසුරු කළ බව ත්‍රිපිටකයේදී මනාව පැහැදිලි වේ. මෙහි වැදගත් අවස්ථාවක් නම් පාරිලෙය්‍ය වනයේදි වනසතුන්ගෙන් ඇප උපස්ථාන ලැබ වස් තුන් මාසයක් ගත කිරීමයි. තමන්ට වඩා උසස් හෝ තමන් සේ සම වන යම් පුද්ගලයෙක් ඇසුරු කරන්නට නොලැබෙන්නේ නම් හුදෙකලාව ජීවත්වීම සුදුසු බව උන්වහන්සේ මෙහි දී දේශනා කළ සේක. (චරං චේ නාධිගච්ඡෙය්‍ය– සෙය්‍යං සදිසමත්තනෝ, ඒක චරියං දළ්හං කයිරා, නත්ථි බාලේ සහායතා – ධම්මපදය) බුදුරජාණන් වහන්සේ පමණක් නොව මුල් කාලීන භික්ෂූන් වහන්සේද වනලැහැබ’, රුක්මුල් ආදී ස්ථාන භාවනානුයෝගීව වැඩ විසීම සඳහා භාවිත කර ඇත. මේ බව චුල්ලවග්ග පාලියේ සඳහන් වන්නේ මෙසේය. “තේ ච ඛෝ භික්ඛවේ තහිං තහිං විහරන්ති, අරඤ්ඤෝ රුක්ඛමූලේ පබ්බතේ කන්දරායං ගිරිගුහායං සුසානෙ වනපනේථ අජ්ඣෝකාසේ “ මෙහි ඇති බොහෝ ස්ථාන ස්වභාව ධර්මයාගේ නිමැවුම්ය. මීට අමතරව බෞද්ධ භික්ෂූන් වහන්සේ ලෝ සතුන් කෙරෙහි කරුණාවෙන් සද්ධර්ම චාරිකාවේ යෙදීමේදී හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙහිදීම සම සිතින් වැඩි සේක. මෙහිදී වර්ෂා සමයේ ගමන් බිමන් යෙදීම අතිශය දුෂ්කර කාර්යයක් විය. තුන් සිවුරු වැස්සට තෙමී මඩ ඉසී දකින්නන්ගේ සිත් තුළ ගෞරවය ඇති වන්නා වෙනුවට කළකිරීමක් කෝපයක් උපදවාලන අවස්ථාවක් විය. විවිධ අවස්ථාවල දී මේ කරුණ මුල් කරගෙන මිනිසුන් උද්ඝෝෂණ කළ අතර වස් විසීමේ සික පදය අනුදැන වදාරන්නට මේ සිදුවීම හේතු සාධක විය “ මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති කථයී හි නාම සමණසාකියපුත්තියා හේමන්තම්පි ගිම්හානම්පි වස්සානම්පි චාරිකං චරිස්සන්ති. හරිතානි තිණ්ණානි සන්නිමද්දන්තා ඒකින්ද්‍රිය තිණ්ණානි විහේඨයන්තා බහුද්දකෝ පාණි සංජාතං ආපාදෙන්තා – මහාවග්ගපාලි) මේ නිසා ඔවුන්ගේ ඉල්ලීම් අනුමත කරමින් භික්ෂූන් වහන්සේලාට වර්ෂා කාලයේදී ධර්ම චාරිකාවේ නොවැඩ ආරාමයන්හි වැඩ වසන ලෙස අනුදැන වදාළ සේක. උන්වහන්සේ සංයුත්ත නිකායේ වනරෝප සූත්‍රයෙන් දේශනා කොට වදාළේ තමන්ගේ සංවර්ධනය කෙසේ සාක්ෂාත් කරගන්නේද එසේම පරිසර සංවර්ධනයද මනාව කළ යුතු බවයි. එහි දී උන්වහන්සේ ඒ සඳහා කළ යුතු විශේෂිත වු ක්‍රියාවන් රාශියක් පෙන්වා දී ඇත.

ආරාමරෝපා වනරෝපා
යේ ජනා සේතුකාරකා
පපං ච උදපානං ච
යේ දදන්ති උපස්සයං
නේසං දිවා ච රත්තෝච
සදා පුඤ්ඤා පවඩ්ඪති 

 

ඉහත ගාථාව ඇසුරින් පෙන්වා දෙන්නේ උයන්වතු වැවීමත් කැලෑ වැවීමත් මාර්ග සංවර්ධන කටයුතු කිරීමත් ජල පහසුව සැපයීමත් නිවාස තනා දීමත් නිතර පින් ලැබෙන පින් වැඩෙන පින්කමක් බවයි.අනුන්ගේ හිත සුව පිණිස ඉහත කරුණු සාධනයේ යෙදෙන ලෙස උන්වහන්සේ ශ්‍රාවක අප සැමට දේශනා කළ සේක. ඊට අමතරව රුක් විනාශය ඇවැත් සිදු වන ක්‍රියාවක් බව භික්ෂූන්ට දේශනා කළ අතර ඒ සඳහාම ශික්ෂාපදයක් දේශනා කර ඇත. මීට අමතරව උන්වහන්සේ පරිසරයට කෙතරම් ඇල්මක් දැක්වුයේද යත් තණකොළවලට කෙළ ගැසීම හා මුත්‍රා කිරීමද තහනම් කර ඇත.සේඛියා හි දී එකී ශික්ෂාපදය පනවා ඇත. (න හරිතේ අගිලානෝ උච්චාරං වා පස්සාවං වා ඛේලං වා කරිස්සාමීති සික්ඛා කරණීයා) මීට අමතරව එය පචිති නම් වූ ශික්ෂාපදයන් තුලද අන්තර්ගත කොට ඇත. (යෝ අනාදරියං පටිච්ච උදකේ අගිලානො උච්චාරං වා පස්සාවං වා ඛේලං වා කරෝති ආපත්ති දුක්කටස්ස –චුල්ලවග්ගපාලි( මේ අනුව බුදුසමය පරිසරය ඇසුරු කරගෙන වැඩුණු දහමක් බව මනාව පෙනේ. පරිසරය පමණක් නොව එහි අසිරිය තව තවත් දියුණු තියුණු කරන සත්ත්ව කොට්ඨාසයද වැදගත් බව පෙන්වා දෙමින් පරිසරය සුරුකීමේදී සත්ව සමූහයා කෙරෙහිද හිතකර ආකල්පයක් දරන ලෙස දේශනා කර තිබේ.
සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත කී කරුණු වර්තමාන සමාජයටද අතිශයින් සම්බන්ධ කළ හැකි මනාය. එසේ හිතකර ලෙස ජීවත්වීමට උත්සාහ කරන්නේ නම් ජීවත්වීමට හැකි සුවදායී පරිසරයක් උරුම කරගත හැකිය. අපද උන්වහන්සේ දේශනා කළ මාර්ගයේ ගමන් කර අපේ මෙලොව ජීවිතය සාර්ථකව වාසනාවන්ත කර ගනිමු.


 බිබිල , ගල්කුඹුර
මො/ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ
පදියතලාවේ ඥානවිමල හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මැයි 25 වන සඳුදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Wednesday, April 8, 2015

පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ






බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කරන පූජාවන් හි ආනිසංශ කියා නිම කිරීම අපහසු කාරණාවකි.නමුත් මහා රහතන් වහන්සේලා නිවන් අවබෝද කිරීමෙන් අනතුරුව තමන් මෙම අති දීර්ඝ භයංකර සංසාර ගමනේදී බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වෙනුවෙන් කල පූජාවලිත් තමන්ට ලැබුණ ආනිසංශ දේශනා කර ඇත.
අද අප පාලම් හා ඒ දඬු ඉදිකර පූජා කිරීමෙන් ලැබෙන ආනිසංශ සලකා බලමු. පාලමක් හෝ ඒ දන්ඬක් අවශ්‍ය වෙන්නේ තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමටය. එබදු තරණය කිරීමට අපහසු ස්ථානයන් තරණය කිරීමට පහසුකම් සැපයීමෙන් එම පූජාවන් කරන තැනැත්තන්ටද අපහසුවකින් තොරව සසර සයුර තරණය කිරීමට අවකාශ සැලසෙන්නේය. ධෝතක හිමි පියුම තුරා බුදු රජානණ් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පාලමක් ඉදිකර පූජා කල පිනෙන් පහත සදහන් විපාක ලැබුන බව තෙර අපදානයෙ දැක්වේ.

1.පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගි‍යේද පිහිට ලබයි.
2. සතුරන්ට මැඩලිය නොහැක්කේ වේ.
3. ලැබෙන වස්තුව හොරු පැහැර නොගනිත්
4. අන් අය අවමන් නොකරත්
5. සතුරු බලවේග ජයගත හැකිවේ
6. එළිමහනේ ගියේද දැඩි අවුවෙන් තැවුනේ ද දුක් වේදනා නොදැනේ
7. දෙවිමිනිස් දෙගතියෙ කැමතිපරිදි ඇත් වාහන පහළවේ
8. අවසන නිවන් දැකීමටද මේ පින උපකාර වන්නේය.

එබැවින් ඔබත් මෙවැනි උතුම් කුසල කර්ම සිදුකර ගැනීමට අදිටන් කර ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.

.... ධර්ම දානය පිණිස ...

උපුටා ගැනිමකි