Labels

Showing posts with label අති පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්. Show all posts

Sunday, June 18, 2017

ජීවත්වීම යනු.

නොකළ යුතු දේ නොකර සිටීමත්, කළ යුතු දේ් කිරීමත් සන්තුෂ්ෂක ජීවිතයක ප්‍රමුඛ කාර්යය වෙයි. නොකළ යුතු දේ් කළ හොත් සන්තුෂ්ෂකභාවය නැතිව යයි. කළ යුතු දේ නොකළ හොත් සන්තුෂ්ෂකභාවය නැතිව යයි. අප ජීවත් වීෙමිදී ජීවත් වීම සඳහා බොහෝ දේ කළ යුතු බවට නිරතුරුවම කතා වෙයි. මේ සියල්ලම කරන්නේ කෑම සඳහා බවට යමි යම් අවස්ථාවල යමිකිසි පුද්ගලයන් ප්‍රකාශ කරන අවස්ථා අපට අසන්නට ලැබෙයි.එය ජීවිතය ජීවත් කරවීමේ නියාමයට පටහැනි වෙයි. අපට ශරීරයක් තිබෙනවා සේම එම ශරීරය ඇතුළත තිබෙන පණ ශරීරය ඇතුළෙහිම ගැට ගසා තබාගැනීමට වෑයම් කිරීම සඳහා වැඩපිළිවෙළක් අපට තිබෙයි. ඊට අමතරව ජීවත්වෙනවා යන කාරණාව පවතී.
මෙම ශරීරය අතුළත තිබෙන පණ ගැටගසාගෙන සිටීම ජීවත් වෙනවා යනුවෙන් ඔබට සිතිය හැකියි. ඊට අමතරව ජීවිතයක් තිබෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්නේ කෙසේද? යනුවෙන් සිතිය හැකියි. එම ජීවිතයට සන්තුෂ්ෂකභාවය එකතු කරගැනීමට තිබෙන ප්‍රධාන පෙළේ ප්‍රමුඛ කාරණාව රැඳී පවතී. ජීවිතය වෙනත් කාරණාවක් වන අතර පණ ගැටගසා ගන්නවා යනු වෙනම කාරණාවක් වෙයි. ශරීරය ඇතුළත ශරීරය නොමැරී පවත්වාගෙන යාමට ශරීරය ඇතුළත තබාගනු ලබන ජවය පණ වෙයි.එම පණ ශරීරයෙන් ඉවත් වීමට නම්, ආහාර නොගෙන සිටිය යුතුයි. පණ ශරීරය ඇතුළත ගැටගැසී තිබීමට නම්, කාල බීල සිටිය යුතුයි. ජීවත්වෙනවා කියමින් ජීවිතය නමින් හඳුන්වන තවත් කාරණාවක් වෙනම පවතී. එම ජීවිතය සන්තුෂ්ෂකභාවය සහිත පැවැත්ම වෙයි.

Thursday, June 8, 2017

නාස්තිකාර නොවන බොදු සැරසිලි

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් විසින් වෙසක් උත්සවය සමරනු ලබන්නේ ආගමික උත්සවයක් වශයෙන් පමණක් නොවෙයි.ඔවුන් අලුත් අවුරුදු උත්සවය සමරා නිම වු පසු බොහෝ විට මාසයකටත් අඩු කාලයක් තුළ එළඹෙන වෙසක් උත්සවය ආගමික වශයෙන්ම පමණක් සමරනවා නම්, ආගමික ඇවතුම් පැවතුම් වලින්ම එය සැමරීමට ඉඩ තිබුණි. ඒත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් බහුතරයක් ආගමික භාවයෙන්ද, ඊට අමතරව විනෝදාශ්වාද ස්වරූපයෙන්ද, සැරසීමට උත්සාහ කරයි. වෙසක් සැරසිලි සඳහා වැඩි අගයක් ලැබීමට එය හේතුවක් වෙයි.වෙසක් සැරසිලි භාණ්ඩ අලෙවිය සඳහා වන වෙළෙඳ පොළක් නිර්මාණ වී තිබෙන ආකාරය දක්නට ලැබෙයි. වෙසක් උත්සවයක් සැමරීෙමිදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙයි.
වෙසක් උත්සවය බුදුහාමුදුරුවන්ගේ උපත ,බුද්ධත්වය ,පිරිනිවීම, සමරන උත්සවයක් .

Sunday, June 4, 2017

මහරහත් මිහිඳු මා හිමි දැක්ම


ශ්‍රී ලංකාව බොහෝ රටවලට සාපේක්ෂව සංස්කෘතිකව වෙනස් රාජ්‍යයකි. එහි බහුතර සිංහලයන්ද, බෞද්ධයන්ද සමඟ සෙසු ජාතීහුද වෙසෙන බව නොරහසකි. එහෙත් මේ සියලු ශ්‍රී ලාංකිකයෝ එකම සංස්කෘතියකට අයත් වෙති . මෙකී එකම සංස්කෘතියකට අයත්වීම නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ අර්බුද පැන නොනැඟී පැවතිණි. එකී සංස්කෘතිය ක්‍රමයෙන් තුවාලවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ගවාදී සිතිවිලි ක්‍රියාත්මකව යම් යම් අර්බුද රෙටි පැන නැඟි බවද අපි දනිමු.
තිස්වසරක යුද්ධයකින් පීඩාවට පත් සමාජයක් සිතිය යුත්තේ එකී යුද්ධයට පෙර ශ්‍රී ලාංකේය සමාජයෙහි තිබූ සංහිඳියාව පැවතුණේ කෙසේද? යන්නයි. ඊට ලැබෙන පිළිතුර විය යුත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ චින්තනය හා දැක්ම සමාජගතව තිබූ නිසා වෙනි යන්නයි. මිහිඳු මහරහතන් වහන්සේ් වඩින්නට පෙරාතුව ශ්‍රී ලංකාවේ විසූයේ ම්ලේච්ඡ ජන සමාජයක්ය යන්න කල්පිතයකි. නූතන අනාවරණය වීම් අනුව, ශ්‍රී ලාංකේය ආදී සමාජය මිහිඳු මහරහතන් වහන්සේට පෙරද ශික්ෂිත හා බොහෝ දියුණු සමාජ ලක්ෂණවලින් සමන්විත සමාජයක්ව පැවති බව දත යුතුයි.යක්ෂ, නාග, ගෝත්‍ර වැනි සමාජ ගෝත්‍රික සමාජ නොවූ බවත්,

Thursday, May 11, 2017

සම්බුදු තෙමඟුල හා සබැඳි ඓතිහාසික ස්ථාන

පරිනිබ්බාන සූත්‍රයේදී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකිය යුතු, සංවේගය ඉපදවිය යුතු ස්ථාන හතරක් ගැන බුදුරදුන් විසින් පෙන්වාදුන් සේක. එනම් උන්වහන්සේ උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, දම්සක් සූත්‍රය දේශනා කළ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය යනුවෙනි.

ශාක්‍ය ජනපදය හා ලුම්බිනිය

සිදුහත් කුමරාගේ දෙමාපියන් ලෙසින් සඳහන් වනුයේ ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා මව මහාමායා නම් කෝලිය වංශික දේවියය. තම පියාගේ ශාක්‍ය ජනපදය වනාහි හිමාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇති අතර, ශාක්‍ය හා කෝලිය රජ දරුවන්ගේ වාසභූමිය ද රෝහිණී ගංඟාවේ දෙතෙර පිහිටා තිබුණි.

Wednesday, May 10, 2017

ලෝකය විග්‍රහ කළ බුදුරජාණන් වහන්සේ

මීට වසර 2561කට පමණ පෙර ඉන්දියාවේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජ පරපුරේ රාජකීය පුත්‍රයෙකු ලෙස උපන් සිද්ධාර්ථ නම් වූ අතිවිශේෂ මිනිස් චරිතය ලෝකයෙහි පූජනීයභාවයට පත්වුණේ ශාස්තෘවරයෙකු වශයෙන්.කෙසේ වුවත්,සැබෑ ලෙසම ක්‍රි.පූ. 6 වන සියවසේ භාරත දේශයෙහි තිබූ දාර්ශනික විප්ලවයට, දාර්ශනික සාකච්ඡාවට එක්වූ එක්තරා දාර්ශනික යෞවනයෙකු ලෙස ගෞතම ගෝත්‍රීය විශිෂ්ට මිනිසා හඳුනාගත යුතුයි.
බුදුපියාණන් වහන්සේ නමින් ,අමාමෑණියන් වහන්සේ නමින්, භාග්‍යවතුන් වහන්සේ නමින් හා තථාගතයන් වහන්සේ නමින් සුවිශේෂී ගුණපද රාශියකින් සම්භාවනාවටද , වන්දනාවටද, පූජනාවටද,ලක්කරන මෙකී විශිෂ්ට මිනිසා සැබවින්ම ලෝකය මැනවින් විග්‍රහ කළා. ලෝකය මැනවින් විග්‍රහ කිරීම, සත්ත්වයා මැනවින් විග්‍රහ කිරීම, ලෝකයේ යථාව පිළිබඳව දාර්ශනික ප්‍රපංච ,දාර්ශනික අදහස් හා මත ඉදිරිපත් කිරීම ආගමක් නිර්මාණය කිරීමක් ලෙස අප පසු කාලයකදී හඳුනාගත් බව සඳහන් කළ යුතුයි.

Monday, May 8, 2017

දහම උගත් පමණින් නිවන් දැකිය හැකිද?

"යම් ගාථාවක් තිබෙන ස්ථානය දැනගෙන ඒ සඳහා අටුවාව ලිවීම පිළිබඳ කරුණු දැනගෙන අටුවාෙවි වාක්‍ය කට පාඩම් කරගෙන නැවත සැරයක් ලිවීමට හැකි වූ විට අවබෝධයක් උගත්කමක් ලැබෙයි. එම ගාථාව ලිව්ෙවි කවුද? කිව්ෙවි කවුද? අටුවාව ලිව්වෙ කවුද? අටුවාවට ටීකාවක් ලිව්වද?ටීකාවට ටිප්පනියක් ලිව්වද?වචන හරිද? වචනවල ව්‍යාකරණ හරිද? යන කාරණා දැන ගැනීමෙන් උගත්කමක් ලැබෙයි. නමුත් අවබෝධය ලැබෙන්නේ නැහැ.එම නිසා අවබෝධය ලබන්න උගත් වෙන්නම අවශ්‍ය නැහැ. අවබෝධය ලබාගැනීම සඳහා උගත් වුවත් නොවුවත් ප්‍රශ්නයක් නැහැ."
අප බොහොම ශ්‍රද්ධාවෙන් බණ අසන පිරිසක් වගේම ශාසන කාර්යභාරයෙහි සැදැහැ සිතින් නියුක්ත වන පිරිසක්. බෞද්ධ භාවයෙහි අවසානම අපේක්ෂාව නිවන සාක්ෂාත්කර ගැනීමයි. කවුරුන් විසින් කුමන ආකාරයෙන් පින්දහම් කළත් අපගේ අවසාන බලාපොරොත්තුව නිවන් සැපත ලඟා කර ගැනීම හෙවත් නිර්වාණාවබෝධයයි. නිර්වාණාවබෝධය සඳහා බුදුපියාණන් වහන්සේගේ අසුහාර දහසක් ධර්මස්කන්ධයම දැනගෙන පාඩම් කරගෙන සිටීම පමණක්ම අවශ්‍ය වන්නේ නැහැ.බුදුපියාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම අහල දැනගත් පිරිස පමණක්ම බුදුපියාණන් වහන්සේගේ සමයෙහි නිවනින් නිවී සැනසුනා නොවෙයි.
වචන තුන හතරක කුඩා වාක්‍යයක් අහල නිවන් දැකපු පුද්ගලයන් පිළිබඳව පොත පතෙහි සඳහන් වෙයි. එම නිසා බණ දහම් දන්නා ප්‍රමාණයට අනුව නිවන් සාක්ෂාත් වන්නේ නැහැ. බණ දහම පිළිබඳව දන්නා ප්‍රමාණයට විභාග ලිවිය හැකියි. බණ දහම් දන්නා ප්‍රමාණයට අනුව දැන උගත් විය හැකියි. නිවන් සැපත ලැබෙන්නේ දන්නා ප්‍රමාණයට නොවෙයි. කරුණු දැනගැනීම පමණක් වැදගත් වන්නේ නැහැ.කුඩා නිදර්ශනයකින් හෝ ඇත්ත අවබෝධ කරගැනීම වැදගත් වෙයි. නිදර්ශනය හුදෙක් නිදර්ශනයක් පමණයි. ඒ එක්තරා නිදර්ශනයකින් මහා ගැඹුරු කාරණාවක් ගැඹුරු සත්‍යයක් සත්‍යයේක්ෂණය කරගැනීමට හෙවත් හරියටම නිවැරැදිව තේරුම් ගැනීමට හැකි වෙයි. කමටහන් වඩන යෝගාවචරයන් පිළිබඳව ඔබ අසා ඇති. සමහර විටෙක ගලා බස්නා දිහ දහරක් ලඟ සිට දිය දහර පිළිබඳව කල්පනා කරමින් නිවන්

Sunday, April 30, 2017

දෑස් අන්ධ කරවන විකසිත බවට අතරමං වනු එපා

නෙළුම් මලක් අප නෙළුම යනුවෙන් හඳුන්වනු ලබයි. එය සඳහාම සංස්කෘත භාෂාව දන්න අයෙක් පදුම ලෙස හඳුන්වයි. එය සඳහාම ඉංග්‍රිසි ජාතිකයෙක් ලෝටස් නමින් හඳුන්වයි. එය සඳහාම තවත් පුද්ගලයෙක් පුන්ඩරීක යනුවෙන් හඳුන්වයි. ලබාදී ඇති නම් එක්කෙනාට එක්කෙනා වෙනස්. අපගේ ශරීර එකකට එකක් වෙනස් වශයෙන් දැක්කාට සත්‍ය වශයෙන්ම සම හැර අන් කිසිවක් වෙනසක් නැහැ. සම පමණක් වෙනස් වෙයි. අප ළඟ තිබෙන කෙස්, ලොම් ඉවත් කළ විට සම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හොත් අපගේ ශරීරය කාගේද? කියා හඳුනාගන්න බැහැ. එම නිසා ලෝකය තුළ තිබෙන්නාවූ සියලු දේ හුදෙක් නාම මාත්‍ර ලෙස තේරුම් ගැනීම අවශ්‍ය වෙයි.
අප සියලු දෙනා ජීවත් වන සමාජයෙහි අප අපගේ දරුවන්ට නම් යොදා තිබෙනවා. වයස අවුරුදු හැත්තෑ පහක තාත්තා කෙනෙකු සිටිනවා යැයි සිතා එම තාත්තාට අවුරුදු පහළොවක දරුවෙක් සිටිනවා යැයි අපි සිතමු. එම පුතාට වයස අවුරුදු පහළොවක් වෙන දවසට අවුරුදු විස්සකට පෙර පුතා සිටියේ නැහැ. ඒ වකවානුව වන විට තාත්තාගේ වයස පනස් පහක් වෙයි. තාත්තාගේ වයස අවුරුදු පනස් පහේදී එම දරුවා ඉපදී නැහැ. නමුත් එම දරුවා වෙනත් ආත්ම භාවයක සිටී. එම දරුවා මිනිසෙක්ව ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්ම සිටියාම නම්,එම තැනැත්තාගේ වයස සාමාන්‍ය වශයෙන් කෙතරම් ප්‍රමාණයක් ඇතිද?වියපත් පුද්ගලයෙකු ලෙස සිට මිය ගියා නම්,

Thursday, April 13, 2017

සතුට නඩත්තු කළ යුත්තේ කෙසේද?

නඩත්තුව නමින් හඳුන්වනු ලබන සෑම අවස්ථාවකම බොහෝ වේලාවට මතකයට නැඟෙන්නේ නඩත්තු නඩු පිළිබඳවයි . නඩත්තු නඩු නිතර නිතර අපට ඇසෙන නිසා එම කාරණාව වැරැදි නැහැ. ඒ වගේම නඩත්තු යන්න අපට ඇසෙන විටම සිතට නැඟෙන්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකියි. තවත් ආකාරයකින් කියනවා නම්, නඩත්තු කිරීම යනු පවුලක් නඩත්තු කිරීම,වාහනයක් නඩත්තු කිරීම, ගේ දොර නඩත්තු කිරීම, වහලය නඩත්තු කිරීම ආදී වශයෙන් නඩත්තු යනු මූල්‍ය වියදමක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකිය. එවැනි කාරණාවන් නඩත්තුව වුවත් අපට සාමාන්‍යයෙන් පවුල් ජීවිතය නඩත්තු කිරීම සතුට නඩත්තු කිරීම, යන්න එතරම් හුරු පුරුදු වචනයක් බවට පත්වන්නේ නැහැ.
අප සාකච්ඡා කළ යුතු වන්නේ ශ්‍රී ලාංකිකයා ලෙස ද, විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයා ලෙසද ,අතිවිශේෂයෙන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයා ලෙස සතුට නඩත්තු කිරීම යන කාරණාව පිළිබඳවයි. මින් පෙර ලිපියක කෙටියෙන් සඳහන් කර ඇති පරිදි අප විසින් සළකා බැලිය යුතු වන්නේ සරල කාරණාවක් වශයෙන් නොවෙයි. එය ඉතාමත්ම බර කාරණාවක් වශයෙන් සැලකිය යුතුයි. මක් නිසාද යත්, ලංකාව පුරාම ඇති වෙමින් පවතින්නාවූ අර්බුද සියල්ලටම හේතුභූත වී ඇත්තේ පවුලක සතුට නඩත්තු කිරීම අවශ්‍ය කාරණාවක් ,හෝ අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස එකී පවුලේ සාමාජිකයන් විසින් නොපිළිගැනීම හේතු කොටගෙනයි.

Sunday, April 9, 2017

සුවඳැති මලයි සොඳුරු මිනිස්කමයි

මල් සුවඳ ආපස්සට හමන්නේ නැහැ. මල තිබෙන්නේ දකුණු පැත්තේ නම්,මල ඇති පැත්තේ සිට වම් පැත්තට සුළඟ හමනවා නම් සුවඳ හමන්නේ වම් පැත්තටයි. මල් සුවඳ ප්‍රතිවාදයට ගමන් කරන්නේ නැහැ.උඩු සුළඟට ගසා ගෙන යන්නේ නැහැ. මල් සුවඳ බොහෝ ඈතට විහිදී යන්නේ නැහැ. මල් සුවඳ ගමන් කරන්නේ සුළඟත් සමඟයි.
මිනිසුන්ගේ කීර්තිය ,මිනිසුන්ගේ යහපත්කම ,සිල් සුවඳ, මිනිසුන්ගේ සිල් සුවඳ කුමක්ද? යන වග මල් සුවඳ වගෙයි. මල යනුවෙන් අප දකිනු ලබන ලස්සන සුන්දර නිර්මාණයත් සමඟ බුදුපියාණන් වහන්සේගේ බණ ඕනෑ තරම් ශ්‍රවණය කළ හැකි වෙයි. මල් පූජාකරන අවස්ථාවෙහි සජ්ඣායනා කරනු ලබන වණ්ණගන්ධ ගුණෝපේතං යන ගාථාවෙහි ඉතාම ලස්සන ප්‍රකාශයක් සඳහන් වන අතර මේ මල මැලවී යන්නා සේ මේ කයද විනාශ වී යයි කියන ප්‍රකාශය බොහෝ සෙයින් වැදගත් වෙයි. පුප්පං මිලායාති යථා ඉධම් මේ කායෝ තථායාති විනාස භාවං යන සියලුම ප්‍රකාශ සමඟ මල පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇති ධර්මානුකූල වටිනාකම දැනෙයි.
මල හරිම ලස්සනයි. එය ජීවිතයට සම්බන්ධ කාරණාවක්.මල්, කොළ, නටු, අතු, කඳ යන සෑම කොටසකම ලස්සන නිදර්ශන දක්නට ලැබෙයි. ගසක් වඩ වඩාත් ලස්සන වන්නේ මල් තිබෙන විටයි. මල් හරිම ලස්සනයි, සුවඳයි. මලක වර්ණය සහ සුවඳ මලෙහි පවතින ප්‍රධාන කාරණා දෙක වෙයි. වර්ණයත් සුවඳත් යන කාරණා දෙකින්ම සම්පූර්ණ වූ විට මලක වටිනාකම පවතී. ඉටිමල් ,ප්ලාස්ටික් මල් , කඩදාසි මල් යනුවෙන් විවිධ වර්ගයේ ලස්සන මල් වර්ග දක්නට ලැබෙයි. ඒ මල් ලස්සන වුවත්, සුවඳවත් නැහැ. එසේ නම්, මිනිසෙක් වූ විට ගුණාත්මක වටිනාකමක් නැතිව ලස්සන පමණක් තිබුණාට ඇති ඵලක් නැහැ. මිනිසෙකු සතු ගුණාත්මක වටිනාකමක් තිබිය යුතුයි.

සිල් සුවඳ අනුත්තරයි මල් සුවඳ පිවිතුරුයි

අදහස් ලෝකයට ලබාදෙනවා නම්, කෙතරම් සොඳුරු අදහස් ප්‍රමාණයක් ලෝකයට ලබාදිය හැකිද?ආදරණීයව ලස්සනට දූවා දරුවන් හදා වඩා ලෝකයට දායාද කිරීමෙන් කෙතරම් වටිනාකමක් දිය හැකිද?ගහකොළ ඇළ දොළ නිර්මාණය කරමින් කෙතරම් වටිනාකමක් ලෝකයට එකතු කළ හැකිද? වස විෂ නැති එළවළු,පලතුරු වවමින් ලෝකයට කෙතරම් වටිනාකමක් එකතු කළ හැකිද? කුඹුරු යායවල් වවමින් මුලු ලෝකයට කෙතරම් සහල් ප්‍රමාණයක් දිය හැකිද? වටිනා සුන්දර අදහස් ලියමින් පොත් පත් කෙතරම් ප්‍රමාණයක් මුද්‍රණය කරමින් ලොවට දායාද කළ හැකිද? කෙතරම් සොඳුරු වැකිවලින් කවි ගී ලිවිය හැකිද?මලක වටිනාකම දැනෙන්නේ වර්ණයෙන් සහ සුවඳෙන් නම්,මිනිසෙකුගේ වටිනාකම දැනෙන්නේ ශාරීරික ශක්තිය සහ ගුණය යන දෙක තුළයි.

හැටිය හෙවත් හැටිය හෙවත් ස්වභාවය


පුප්ඵං මිලායාති යථා ඉධම්මේ
කායෝ තථායාති විනාස භාවං




මලක් පිපෙන්නේ මාසයේ පළමු වෙනිදා නම්, මල මැලවෙලා පරවෙලා නටුවෙන් ගිලිහිලා බිමට වැටෙන්නේ තිස් වෙනිදා නම්,ඒ මලෙහි ආයුෂ කාලය දින කීයද?මල හටගන්නේ පළවෙනිදා නම්,තිස් වෙනිදා මල පරවෙලා නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා නම්, එම මලේ ආයු කාලය දින විසිඅටක් හෝ තිහක් වෙයි.
දෙවන ප්‍රශ්නය නම්, මල නටුවෙන් ගිලිහී බිමට වැටීමට දින තිහක් ගත වෙලා නම්, මල පරවීමට පටන් ගන්නේ කවදාද? මල පළවෙනිදා පරවෙන්න පටන් අරගෙන තිස්වෙනිදා පරවෙලා අවසන් වෙනවා නම්, මල පරවු කාලය සමානයි දින තිහයි. මලේ ජීවිත කාලය සමානයි දින තිහයි. පරවූ කාලය සමානයි දින තිහයි නම්, ජීවත් වූ කාලය සමානයි පරවූ කාලය . ජීවත් වූවේ යැයි කර තිබෙන්නේ පරවූ එකයි. අප ඉපදුන දා සිට මැරෙනවා. මැරිලා මැරිලා අන්තිම දවස වන විට මැරෙන වැඩය අවසන් කරයි.

Saturday, February 4, 2017

දරුවන් ශික්ෂණය කළ යුත්තේ කෙසේද?

අවුරුදු දොළහට අඩු ළමුන් පරිසරයෙන් උකහාගන්න වෙිගයේ ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගනී. දරුවා එම පරිසරයට අනුගත වෙමින් වර්ධනය වෙයි. දරුවා කුඩා කල සිට ව්‍යාපාරික පරිසරයක ජීවත් වූවා නම්, එම දරුවා බොහෝ අවස්ථාවලදී ව්‍යාපාරිකයෙකු වීමේ සම්භාවිතාව වැඩියි.

දේශපාලන පරිසරයක හැදෙන වැඩෙන දරුවෙකු තුළ දේශපාලනිකව සිතීමට පෙළඹීමේ හැකියාව වැඩියි.මත්ද්‍රව්‍යවලට හුරුපුරුදු වූණ පරිසරයක හැදෙන වැඩෙන දරුවාද මත්ද්‍රව්‍ය පරිසරයේ හැදෙනවා වැඩෙනවා වෙන්න පුළුවන්. අධ්‍යාපනික පරිසරයක් තිබෙන නිවෙසක දරුවන් ඉතාමත්ම හොඳින් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්.දෙමව්පියන් ගුරුවරුන් යුවළක් නම්, ඔවුන්ගේ පරිසරය ශාස්ත්‍රීය පැත්තට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. ජිවන පරිසරය දරුවාගේ ඉදිරි ගමන සාර්ථක අසාර්ථක බව තීරණය කරන ඉතාම වැදගත් සාධකය වෙයි. රාත්‍රිය ආයෝජන කාලයක් වන අතර කුස්සිය සහ සාලය ආයෝජන ප්‍රවර්ධන කලාපයක් වෙයි. මෙම කලාප දෙකම ශික්ෂණය යන ප්‍රභේදයට අයත් වන අතර දෙමව්පියන් රාත්‍රිිය එළඹෙන විට හැසිරෙන ආකාරය ද දරුවන්ගේ අනාගතයට ඉතාම වැදගත් ලෙස බලපායි.

Wednesday, February 1, 2017

ප්‍රතිචාර දැක්වීම හා නොදැක්වීම

වේගයෙන් පැමිණෙන පන්දුවකට පහර නොදීම නිදැල්ලේ යාමට අවස්ථාව සැලසීමක් වෙයි. එම පන්දුව කිසිදු වැඩක් නැති පන්දුවක් බවට පත් වෙයි. පන්දුව කෙතරම් වේගයෙන් එව්වත් ,පරාජයට පත් නොවන ආකාරයට නිරායාසී පන්දුවක් වෙයි.
එසේ ප්‍රතිචාර දැක්විය යුතු අවස්ථා අපටද එළඹෙයි.බුදුරජාණන් වහන්සේට දොස් පවරන අවස්්ථාවන්හි බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයා පීඩාවට පත්වන බව බුදුපියාණන් වහන්සේ දැන සිටියා. බුදුරජාණන් වහන්සේට දොස් පවරන බවත්, භික්ෂු සංඝයා පීඩාවට පත්වන බවත්, තවදුරටත් ඉවසා සිටිය නොහැකි නිසාම මෙහි රැඳී සිටිය නොහැකි නිසා වෙනත් ස්ථානයකට යාම සුදුසු බවට ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට දැන්වූ විට , බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ එසේ නම්, ආනන්ද කළ යුත්තේ එකම එක දෙයක් පමණයි.

Thursday, January 26, 2017

අයහපත යහපතින් දිනිය හැකිය

අයහපත දිනිය යුත්තේ යහපතෙනි. බුදුපියාණන් වහන්සේගේ සමස්ත ධර්ම පර්යායෙහිම මෙම කාරණය පැහැදිලි කිරීම අරමුණු කරගෙන කාරණා සඳහන් කර ඇති ප්‍රමාණය අප සිතන ප්‍රමාණයට වඩා වැඩිවෙයි. න හි වෙරෙන වෙරානි,අසාධුං සාධුනාජිනෙ, යන හැම කුඩා ප්‍රකාශකින්ම කියැවෙන පර්යාය හෙවත් නියමය එකක් වෙයි.
කිසියම් අයහපත් තත්ත්වයක් පරාජය කිරීම හෙවත් මැඩලීම සඳහා කළයුත්තේ එහි ප්‍රතිරෝධකය බලසම්පන්න කිරීමයි.

Thursday, January 19, 2017

මල් වට්ටියයි මල් මාලයයි

මල් වට්ටිය සහ මල් මාලය මාතෘකා කරගෙන විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ නිවන සඳහා වන මූලික කාරණාවක් පැහැදිලි කිරීමයි.එක වට්ටියක තිබෙන මල් එකකට එකක් වෙනස් බව අප දන්නා කරුණක්. එක වට්ටියක බොහෝ මල් වෙන් වෙන්ව තිබෙන බව දක්නට ලැබුණත්, මල් මාලය එසේ නොවෙයි.
මල් මාලයක තිබෙන සෑම මලක්ම තවත් මලක් සමඟ එකට බැඳී පවතී. ජීවිතයත් පවත්වාගෙන යන විට නිර්වාණගාමි මාර්ගයේදී මෙම මාතෘකාව හෝ මෙම නිදර්ශනය වඩාත් වැදගත් වන්නේ ඇයි?

Thursday, January 12, 2017

දරුවාගේ ජීවිතය කෙසේ හැඩගැසිය යුතු ද?



පාසල නිමවී ආදරණීය දරුවන් පාසලෙන් පිටතට පැමිණෙන අවස්ථාවන් තුළ තම තමාගේ යහළු යෙහෙලියන් කණ්ඩායම් වශයෙන්ද වයස් කාණ්ඩ වශයෙන්ද, ස්ත්‍රී පුරුෂ වශයෙන්ද කණ්ඩායම් ලෙස පිටතට පැමිණෙයි. වයස් මට්ටමින් තමන්ගේ මිතුරන් හා එකට එකතු වන විට වයස් කාණ්ඩයට අනුව එකට එක්කාසු වෙයි. කුඩා දරුවන් සහ වැඩිහිටියන් අහඹු ලෙස යම් ස්ථානයකට ගිය අවස්ථාවක කුඩා දරුවන් නිරායාසයෙන්ම ක්‍රීඩාවක යෙදීම සඳහා එකට එක්කාසු වෙයි. වැඩිහිටියන් වැඩිහිටියන් සමඟ යහළු මිත්‍රකම් ඇතිකරගනී.එය සාමාන්‍ය ස්වභාවය වෙයි. සමාන පව් කරන පිරිසත් එකට එකතු වන බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. සමාන පින් කරන පිරිසත් එවැනි ආකාරයට එකට එක්කාසු වෙයි. මත්පැන් පානය කරන පිරිස එකට එක්කාසු වෙයි.

Monday, December 12, 2016

සොඳුරු රුවක යථාව

ශරීරය පිළිබඳව ඇතිවන්නාවූ මනස්කාන්ත නිසරු හැඟීම් හා ශරීරයත් සමඟ ඇතිවන්නාවූ ඇලීම් නවතා දැමිය හැකිය. ඇලීම් සහ ගැටීම් යන දෙකම නවතා දැමිය හැකි වන්නේ ශරීරය පිළිබඳව මනා අවබෝධයක් ඇතිකරගත් විටයි.නිවනට බාධාවක් වන්නේ ද ඇලීම සහ ගැටීමයි.
අප ඉතාම අලංකාරවත්ව ඇඳුම්න් පැළදුමින් සැරසී අංගරචනය කර සියුම් ඡායාරූපයක් ගත හැකි කැමරාවක් ඉදිරියට ගොස් ගනු ලබන ඡායාරූපය විශාල කර රාමු කරමින් බිත්තියෙහි එල්වා තබයි. අපගේ ලස්සන සුන්දර හැඩරුව එතුළින් මැනවින් නිරූපණය වෙයි. මම අසවලා බවට පින්තූරයට පහළින් නමක්ද ගසනු ලබයි. අපට සහ අපගේ ලස්සන පිළිබඳව සෙසු පිරිසට දැකිය හැකියි. අප විසින් එය මමය . යනුවෙන් හඳුන්වා ගනු ලබයි.
එම ඡායාරූප ගත් මොහොතෙහිම එක්ස්රේ කැමරාවකින් පින්තූරයක් ලබාගනු ලැබුවත් එම එක්ස්රේ රූපයට සම වැටෙන්නේ නැත.සමට ඉහළින් තිබෙන්නාවූ කෙස්ද සටහන් නොවෙයි. සමට පරිබාහිර වශයෙන් ගල්වා ඇති ආලේපනද සමෙහි හැඩරුවද සටහන් නොවෙයි. සමට යටින් තිබෙන මස් සහ මස් සමඟ තිබෙන මාංශ පේෂීන්ද මස් අතර තිබෙන රුධිර නාලිකාද සටහන් නොවෙයි. කට නාසය, කන,

Sunday, October 16, 2016

දානය සහ පරිත්‍යාගය කාරණා දෙකක් වන්නේ ඇයි?

"දන් දීම ඉතාම යහපත් ක්‍රියාවක් වුවත් පරිත්‍යාගය ඊට වඩා වෙනස් කාරණාවක්.දානය යනු දීම වන අතර පරිත්‍යාගය යනු අතහැරීමක් වෙයි. අතහැරීම යනු කුමක්ද?අතහැරීම කළ යුත්තේ ශරීරයෙන්ද? සිතෙන්ද? ශරීරයෙන් දීල සිතෙන් අතනොහැර සිටිය හැකියි.ශරීරයෙන් නොදී සිතෙන් අතහැරිය හැකියි. ශරීරයෙනුත් දීල සිතෙනුත් අතහැරිය හැකියි.ශරීරයෙනුත් නොදී සිතෙනුත් අතනොහැර තියාගත හැකියි. ඉහත සඳහන් කළ දැනුම විඳීම අවබෝධය යන කාරණා තුනෙන් අවබෝධය යන කාරණාවෙන් මෙම කාරණා පිළිබඳ අවබෝධය ලබාගත හොත් නිවන් දැකිය හැකියි. "
ගෞරවනීය ස්වාමීන්වහන්ස ,

Wednesday, October 12, 2016

ධනය කළමනාකරණය කිරීම

දැහැමින් ඉපැයූ ධනය කළමනාකරණය කිරීමේ පළමු පියවර පසුගිය බිනර අව අටවක පෝදා (23) ලිපියෙන් ඉදිරිපත් කරන ලදී. එහි සෙසු පියවර තුන පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. ඒ යටතේ උපයන ලද දැහැමි ධනය ගින්නෙන්, ජලයෙන්, රාජසන්තක වීමෙන්, සොරුන්ගෙන් ,අපි‍්‍රය පුද්ගලයන්ට අයත් වීමෙන් ආදි ආපදාවලින් ආරක්ෂා කරගත යුතුවේ.
එවැනි ආපදාවලදී ධනය වැය කොට නිරුපද්‍රිත බවට පත්විය යුතුවේ. මෙම කරුණින් අදහස් කරන්නේ උපයන ලද ධනය විනාශයට හේතුවන ස්වාභාවික විපත් හා උවදුරු දුරු කරගැනීමත් සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමත්ය. ලෝකය හැම අතින්ම නිරුපද්‍රිත හා ආරක්ෂා සහිත තැනක් නොවේ. නිතර නිතර ගින්න, ජලය හා භූමිකම්පා වැනි ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමට සිදුවේ.

Saturday, September 10, 2016

හිතානුකම්පී දිවි පැවැත්ම

බුදුපියාණන් වහන්සේ එකී පරිසරය වෙනුවෙන් උන්වහන්සේගේ කෘතඤතාවය පෞද්ගලිකව පුදකරමින්, මෙම සියලු ගහකොළ පූජනීයයි වන්දනීයයි ගහට කොළට අමතරව බොහෝ දෙනා පූජනීයයි වන්දනීයයි. සෑම සතෙක්ම උපකාරකයන් වන්නේය යනුවෙන් නිහඬව අපට දැවැන්ත පාඩමක් කියාදී තිබෙනවා. එම පාඩම අපට කියාදී තිබෙන්නේ ජීවිතය පුරාවටම පාවිචිචි කිරීම සඳහායි.
ප්‍රත්‍යවේක්ෂණ ධර්මතාවය හෙවත් ප්‍රත්‍යාවේක්ෂා කිරීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක්ද? භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු සමිප්‍රදාය තුළ ස්වාමීන් වහන්ස්ලාට ආෙවිණික ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් තිබෙනවා. දානය වළඳන විට, කිසියම් වාක්‍යයක් සිහිපත් කිරීමට තිබෙනවා. සිවුර පොරවන විට, ඇඳ පුටු භාවිත කරන විට, ගිලන් පස වළඳන විටත් කිසියමි වාක්‍යයක් සිහිපත් කිරීමට තිබෙනවා. මෙම වාක්‍ය කිහිපය සිහිපත් කරනු ලබන්නේ කුමන හේතුවක් සඳහාද?