Labels

Tuesday, December 29, 2015

පේත අපාය යනු කුමක්ද? ( ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 13 )

 බුදු දහමෙහි අපාය සංකල්පය ලිපි මාලා අංක – 12 කරපු පවකින් නිරයෙ ඉපදී දුක් ගිනිද සසරෙදි විඳී


යම් අයෙක් මිය ගොස් දින හතකට පසු දානමානාදි පින්කම් කොට පින් අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකුගේ සිරිතක් බවට පත්ව ඇත. එහෙත් අප දෙන මේ පින් මිය ගිය සෑම දෙනාටම අනුමෝදන් විය නොහැකි අතර එම පින් ලබාගත හැක්කේ ‘පරදත්තුපජීවි’ යන ප්‍රේත කොට්ඨාශයට පමණක් බව ධර්මයේ සඳහන් වේ.

Saturday, December 26, 2015

දේවත්වයට පත්වන භාර්යාව


උඳුවප් පුර පසළොස්වක පොහොය දින ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ම අතිශ්‍රේෂ්ඨ දවසක් බවට පත් වෙනවා. එයට ප්‍රධානතම හේතුව දැනට මේ ලෝකයේ ජීවමාන අති පෞරාණික වෘක්ෂය ලෙස සම්භාවනාවට ලක්ව අනුරාධපුර උඩමලුව විහාරයෙහි ජීවමාන ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.

Friday, December 25, 2015

රහතන් වහන්සේ වැඩි මඟ


ශ්‍රද්ධාවන්ත පින්වතුනි

ලොව්තුරා තථාගත අර්හත් සම්බුදු පියාණන් වහන්සේගේ පහළවීම තරම් උතුම් ශාන්තියක්, සැනසීමක් ගෙන දෙන තවත් කරුණක් නම් දෙව් මිනිස් ප්‍රජාව සහිත මේ තුන්ලෝකයටම නැත. ඒ භාග්‍යවතුන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුලින් තමයි අපට මේ සසර කතරින් නිදහස් වීමට අවකාශය ලැබෙන්නෙ. ඒ නිසා ඒ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අප ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉගෙන ගෙන මේ සසරින් නිදහස් වෙන්න කල්පනා කරන්න ඕන.

Wednesday, December 23, 2015

පිරිත් පොත් වහන්සේ



පිරිත් දේශනාව බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවාදරයට පාත්‍රවූ දේශනා විශේෂයකි.වහන්සේ යන ගෞරව නාමයෙන් හඳුන්වන ග්‍රන්ථ දෙකක් අපේ ධර්ම සාහිත්‍යයේ ඇත. එනම් පිරිත් පොත් වහන්සේ හා ජාතක පොත් වහන්සේ යනුවෙනි. මෙලොව ආරක්ෂාව ඇති කරණ දේශනා ඇතුළත්ව ඇති බැවින් පිරිත් පොත් වහන්සේ යනුවෙන් හඳුන්වා ඇත. හුදී ජන පහන් සංවේගය පිණිස ලියන ලද සිංහල බණ කථාවක් බැවින් ජාතක පොතට ජාතක පොත් වහන්සේ යන ගෞරව නාමයෙන් සලකා ඇත.

සැපය හා සම්පත් කළමනාකරණය


බුදු දහමට අනුව සැපය ලාභයයි. සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ පිරිස් ප්‍රාර්ථනා කරනුයේ මේ තත්ත්වයයි. මොන ඉන්ද්‍රිය මෙහෙයවා ක්‍රියා කළ ද සැප හෝ දුක දැනෙනුයේ මනසටයි. සැපය ලැබීමට භෞතික සම්පත් මෙන් ම සිතිවිලි කළමනාකරණය කරගැනීම අත්‍යාවශ්‍ය වේ.

සිත සාදාගැනීම


සිහිය, නුවණ තිබෙන කාලය තුළ දී අප අප්‍රමාදී ව ධර්මයේ සිත පිහිටුවාගෙන මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගතයුතු වේ. සිහිමුලා වූවාට පසු මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම පිළිබඳව අවබෝධ නොවේ. සිහිමුලා වූ කෙනෙකුට ධර්මය කියා දී කුසලයක හිත පිහිටුවීමට නොහැකි නිසා ධර්මානුකූල නොවු තැන්තතා පරිපූර්ණ වූ ආශා ඇතිව නො සන්සිඳුණු ආශා ඇතිව නොයෙක් බලාපොරොත්තු ඇතිව අපේක්ෂා සහිතව මිය යාමට ඉඩ ඇත. ඔහුට කර්මය පිළිසරණ කරගෙන කර්මානුරූපීව උපතක් කරා යාම මිසක් වෙන පිහිටක් නැත. නමුත් ධර්මානුකූල පුද්ගලයා ඊට වෙනස් ය. සෑම විටම සිහියෙන් ඉන්න පුරුදු වූ නිසා මරණාසන්න මොහොතේදීත් කුසල ශක්තියෙන් යුක්ත වේ

Tuesday, December 22, 2015

Monday, December 21, 2015

ගැඹුරු විලේ ගැඹුර එලෙසම දැකීම


යම් කෙනෙක් උත්තමය භාවයට යන්නට අතිපාරිශුද්ධභාවය සමීපකර ගන්නට සිත සංවර කර ගන්නටනම් පවිවේකි සැපය මෙන්ම සිත ගත නිවීයන සද්ධර්ම කාරණාවක්, බුද්ධ දේශනාවක් සිතට ගැනීමට වටිනවා. ඒ සඳහා සුන්දර පරිසරය මෙන්ම නිසොල්මන් වන ලැහැබ උපකාර වෙනවා.

Sunday, December 20, 2015

සැපතට යොමුවීම


සැප ලැබීම පිළිබඳව බුදුසමය ප්‍රතික්ෂේප කොට නැත. මෙහිදී සැපය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා දක්වා ඇති අයුරු ත්‍රිපිටකයේ අන්තර්ගත විවිධ සූත්‍රානුසාරයෙන් අවබෝධ කරගත හැකිය.

Thursday, December 17, 2015

උතුම් සිව්සස් දහම් අවබෝධයෙන් ජීවිත යථාර්ථය දකිමු


මාගේ යැයි කවා, පොවා, නහවා, පිරිසුදු කරමින් පැවැත්වූ මේ ශරීරයත් මොනයම් හෝ වෙලාවක මෙලොව තබා විඤ්ඤාණයට බැහැර වී යාමට සිදුවේ නම්, මගේ කියා සිතන, දෑතින් අල්ලාගෙන සිටින, ලියා තිබෙන, යම් තැනක තැන්පත් කරගෙන පවතින වස්තුවක් වුවද හටගත්තා වගේ ම නැසෙන සුළුයි.

Tuesday, December 15, 2015

බොදු සාහිත කෙතයි සොබාදහමේ අසිරියයි


බුදුරජාණන් වහන්සේ තරම් සොබාදහම අගේ කළ සොබාදහම තුළ ජීවත් වූ ශාස්තෘවරයෙක් තවත් නැති තරම්ය. උන්වහන්සේ සොබාදහම අගේ කළේ එහි ඇති චමත්කාරයට වඩා ඒ තුළ ජීවත් වීමෙන් ඇතිවන සිතේ සැනසීම නිසාය.

Sunday, December 13, 2015

නරකයට යන උවදුරු කිසිත් නොකරනු නිරතුරු ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 11 )

පසුගිය ඉල් අව අටවක පොහෝ දිනයේ පළවුණ ලිපියෙන් අප සාකච්ඡා කළේ වේළුනද නරකයේ පටන් ගීතග්ගි නරකය දක්වා නිරිසතුන් විඳින දුක්ගැහැට විමසා බැලීමටයි. අද දින ද තවත් එබඳු නරකයන් කිහිපයක් පිළිබඳ කෙටියෙන් විමසා බලමු.

Saturday, December 12, 2015

සමාජයේ පුද්ගලයාට පැවැරෙන වගකීම්


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘කතමාච ව්‍යග්ගපජ්ජ සීල සම්පදා පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතො හෝති කාමෙසුමිච්ඡාචාරා පටිවිරතොහෝති මුසාවාදා පටිවිරතො හෝති සුරාමෙරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති.’

Friday, December 11, 2015

දැනුම කුසලතා සහ විනයෙහි සංවර්ධනයෙන් චිත්තාවේග සමනයකට


බුදුහිමියන් අපට යෝජනා කරනුයේ නිරන්තරයෙන්ම අංග තුනකින් අපගේ මනස සංවර්ධනය කළ යුතු බවයි. ඉන් පළමුවැන්න වනුයේ බාහුසිප්පංච බහුශ්‍රැත බව, දැනුවත්භාවය, අවබෝධය පිරි ජීවිතයක් අප තුළ ගොඩනගා ගත යුතු බවයි.

Wednesday, December 9, 2015

ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ


අලාමක ප්‍රඥා ඇති ගෞතම සම්බුදුපියාණන් වහන්සේගේ එහිපස්සික වූ ශ්‍රී සද්ධර්මයෙන් සැනසුනු ඒ උතුම් ගෞතම සම්බුදු සසුනේ ධර්මකථික තෙරණින් වහන්සේලා අතුරින් අග්‍ර වූ ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේගේ උත්තරීතර ගුණයන් පිළිබඳව සිත් යොමු කරමින් ඒ ගුණ හඳුනා ගනිමු. සිත් පහදවා සැනසෙමු.

Tuesday, December 8, 2015

ආර්ථික කළමනාකරණය හා සදාචාරය


මුදල් සම්පාදනය කරගනිමින් ආර්ථික දියුණුව සලසා ගැනීමත් ඒ තුළ භෞතික දියුණුව ඇතිකර ගැනීම සම්බන්ධයෙන් බුදු දහම තුළ තහනමක් නැත. කාමභෝගී ගිහියන්ට මිල මුදල් අවශ්‍යය. මන්ද යත් දිළිඳු බව ගිහියාට දුකක් ලෙස බුදු දහම අවධාරණය කරන බැවිනි. එසේමුත් සදාචාර සීමාවන් උල්ලංඝනය කරමින් සිදුකරන ආර්ථික කළමනාකරණයට හෝ මුදල් සම්පාදනය පිළිබඳ බුදු දහමේ එකඟතාවක් නැත.

Monday, December 7, 2015

පැහැබර සිත ජීවිතය විනිවිද දකී


ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අප හට බුදු සසුන තුළ කළ යුතු දේ බොහෝමය. තිසරණය පිළිබඳව ප්‍රසාදය බහුල කර ගැනීම, සිත, කය, වචනය සංවර කර ගැනීම, සිතෙහි සමාධියක් උපදවාගැනීම, පිරිසුදු ධර්ම ඥානයක් තුළින් ප්‍රඥාව දියුණු කර ගැනීම ආදී ශාසනික පිළිවෙත් ඒ අතර ප්‍රධානම කරුණු වේ.

Saturday, December 5, 2015

දෙලොව සැනසුම ලැබෙන දැහැමි දිවි පැවැත්ම


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස........

යෝ ධම්ම චාරි කායෙන
වාචාය උද චේතසා
ඉධෙවනං පසංසන්ති
පෙච්ච සග්ගෙ පමෝදතී
පින්වත්නි,

නිතර දුක් පැතිර ඇති තැනකි නරකය බුදු දහමෙහි අපාය සංකල්පය ලිපි මාලා අංක – 10



බුදු දහමෙහි අපාය සංකල්පය  ලිපි මාලා අංක – 09 අකුසලයෙන් යනු එපා දුකින් පිරි තැන් අපා



ඉල් පුර පසළොස්වක පෝදා ලිපියෙන් අප සාකච්ඡා කළේ සිල්වතුන්ට ගරහා අපා දුක්වින්ද නිරිසතුන්ගේ ස්වභාවයන් විමසා බැලීමටයි. අද ලිපියෙන් නිරිසතුන් විදිනා විවිධ දුක් පිළිබඳ තවදුරටත් විමසනු ලැබේ.

Friday, December 4, 2015

අසහනකාරී මනෝභාවයන්ගෙන් නිදහස් වන්නේ කෙසේද?


සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා තුළ මාන්නය පවතී. පෘථග්ජන සිතක සාමාන්‍ය ස්වභාවය එය වුවද මෙම සංසාර සාගරයෙන් එතෙර වීමට නම් මාන්නය මුලිනුදුරා දැමිය යුතුමය. විවිධාකාරයෙන් මනසට පැමිණෙන්නාවූ අකුසල සිතිවිලි ඉවත් කර ගැනීමට වෙර වීර්යය ගත යුතු අතර ඒ සඳහා කැපවන පුද්ගලයන්ට ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම අරහත් තත්වයට පත්වීමට එය උපකාරි වනු ඇත. අපගේ සිතට පැමිණෙන විවිධාකාර වූ මාන්නයන් පිළිබඳව අවබෝධයක් අප තුළ ගොඩනගා ගත යුතුයි.

Thursday, December 3, 2015

යහ පාලනය වූ කලී


යහ පාලනය වූ කලී දැහැමිව කටයුතු කිරීමයි. දැහැමිව කටයුතු කිරීම යනු 'සත්‍යයේ පිහිටා' ක්‍රියාකිරීමයි. අපි මෙය 'ධාර්මික රාජ්‍යය' නමින් හඳුන්වමු. දැහැමි යහ පාලනයක්‌ බිහි කිරීමට තනි එක්‌ පුද්ගලයකුට පමණක්‌ පුළුවන් කමක්‌ නැත. ඒ සඳහා ප්‍රධාන පුරවැසියා වන රජු හෝ ජනපති, අගමැති මැති ඇමැතිවරුන් දේශපාලන නායකවරුන්, රජයේ නිලධාරීන් මෙන්ම සිවිල් පුරවැසියන් යන සියලු දෙනා විසින්ම සත්‍යයේ පිහිටා ක්‍රියා කළ යුතුය

මෙම දස කරුණු සිදු නොකරන තැනැත්තා මෙලොවදී ද, පරලොවදී ද තැවෙනු ඇත


'දස ඛලු ඉමානි ඨානානි යානි බුබ්බේඅකරිත්වා

ස පච්ඡා මනුතප්පතී ඉච්චෙවාහ ජනසන්ධො'

මෙම කරුණු දසය කලින් නොකරන්නා වූ තැනැත්තා හට පසුව තැවෙන්නට වේ යෑයි මහ බෝසත් ජනසන්ධ රජතුමා අනුශාසනා කළේය.

(ජන සන්ධ ජාතක කතාව ඇසුරිණි.)

හොඳ ළමයකු නොව අවබෝධාත්මක ළමයකු වන්න


පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක්‌ නිසා බිරිඳ, ස්‌වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. 

Wednesday, December 2, 2015

අස්ථිර ලොවෙහි ස්ථිර කිසිවක් තිබේද?


ඉල් පුර අටවක පෝදා දහම් සාකච්ඡාවෙන් ඔබට පැහැදිලි කළා සේ ඉල්පුර පසළොස්වක පෝදා තෘෂ්ණාවෙන් බැඳුණු මේ ජීවිතය ගැන සරල ලෙස නිදසුන් මඟින් පැහැදිලි කර විමසා බලමු.
වර්තමාන පරිසරය තුළ ඇති වී නැතිව යන මේ සංස්කාර වස්තූන් මගේ කර ගනිමින් හඬන, වැළපෙන, පස්පව් සිදු කරන මනුෂ්‍යයන් කොපමණ සිටිත් දැයි තේරුම්ගත හැකිය. ඔබ ද එවැනි කෙනෙක් දැයි, ඔබ විසින් තම සිතින්ම විමසා බැලීම වටී. වැරැදිලාවත් ඔබත් එවැනි කෙනෙක් නම් වහාම එම අනවබෝධයෙන් බැහැරවීමට මේ දහම් කතාව උපයෝගී කරගත යුතු බව මෙත් සිත් පෙරටුව සිහිපත් කරමු.

අකුසලයෙන් යනු එපා දුකින් පිරි තැන් අපා (බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 09)



බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 08 සසර වසන තුරු අපා දුක එපා

සූචක නරකය


මෙහි දිග, පළල හා ගැඹුර පෙර මෙනි. මෙහි උපදින නිරිසතුන්ට යමපල්ලන් විසින් ගිනිගෙන දිළිසෙන ඉඳිකටුවැනි උල් ඇති ආයුධවලින් අනිති. කට ඇර ලෝදිය වත් කරති. මෙයින් අපමණ වේදනාවට පත්වන නිරිසතුන් එයින්ම මැරෙති. කර්ම බලයෙන් නැවතත් උපදිති. නැවතත් යමපල්ලන් විසින් එසේ කරති. මෙහි ඉපදී දුක් විඳින්නේ තැන තැන ඇවිද කේලාම් කියා ඔවුනොවුන් භේද කළ අයයි.

නිසල සිත ගෙනෙන සෙත


චරිත ස්වභාවය අනුව භාවනා කිරීම සඳහා කමටහන් තෝරා ගැනීම වැදගත් වන අතර භාවනාවට අවශ්‍ය මූලික අවබෝධයත්, පසුබිමත්, සීලයත්, සම්පූර්ණ කොට ගෙන අනතුරුව සමාධි හා විපස්සනා භාවනා ක්‍රම දෙකින් සමාධි භාවනාව ආරම්භ කිරීම යෝග්‍ය වේ.

සැපත සොයා ගොස් දුකෙහි අතරමංවීම (නන්දති සූත්‍රය)

පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප හිමි 2015-11-27


බලවත් ආලෝකය ප්‍රඥාවයි


අපගේ සිත ස්වභාවයෙන්ම ප්‍රභාශ්වරයි. බාහිරෙන් එන අකුසල් සිතිවිලි ප්‍රභාශ්වර සිත අපිරිසුදු කරනවා. නමුත් පිරිසුදු අචල සිතක් තිබීමෙන් බුදුබණ පදයක් දරා ගන්න වාසනාවක් ඇති වෙනවා. බුදු බණපද සිතට ගත් විට ජීවිතය නිවෙනවා. සිත නිවෙනවා. ඒ වගේ කායික ක්‍රියාව ඉතාමත් නිවැරැදි වෙනවා.

සත්‍යාවබෝධයට ප්‍රතිපක්ෂ වන දිට්ඨි උපාදානය


“දිට්ඨි” යන පාලි වචනය “දැකීම” දුටු දෙය යන අර්ථයෙහි යෙදේ. “උපාදාන” යනු දැඩිව අල්ලා ගැනීමයි. හෙවත් දෘඪ ග්‍රහණයයි. මෙම වචන දෙකෙහි සරල අර්ථය එසේ වුවද එහි පදගතාර්ථය ඉක්මවා ගිය පුළුල් දාර්ශනික අර්ථයක්ද දක්නට ලැබේ.

Tuesday, December 1, 2015

පෙර දුන් දෙයම සසර දී ලැබෙයි


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි “සන්තකාය” නමින් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළා. “සන්තකාය තෙරුණ් වහන්සේ” එම ප්‍රදේශය තුළ ප්‍රසිද්ධව වැඩ සිටි හිමි නමකි. උන්වහන්සේගේ නම කියූ පමණින් ඒ තරමටම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් බවට පත්වූයේ උන්වහන්සේට තිබූ නමෙහි අර්ථයෙන්ම කටයුතු කළ නිසයි.