Labels

Showing posts with label අති පූජ්‍ය කථිකාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය කථිකාචාර්ය විලේගොඩ අරියදේව හිමියන්. Show all posts

Sunday, July 2, 2017

පී‍්‍රතිමත් දැහැමි පාලනයක් සඳහා මිහිඳු හිමි දේශනා

මිහිඳු මාහිමියෝ විවිධ පැතිවලින් යුත් සූත්‍රදේශනා රාශියක් පාලක පාලිත දෙපක්ෂය අරමුණූ කොට දේශනා කළහ. පේතවත්ථු හා විමානවත්ථු දේශනාවන් මගින් සියලු දෙනාට අකුසලයේ භයානක විපාකත්, කුසලයේ සැප සම්පත් ලබාදෙන බලයත් ආකර්ෂණීය ලෙස පහදා දුන්නාහ.
රටක සාමයත් සෞභාග්‍යයත් පිරුණ දැහැමි පාලනයක් සඳහා පාලක හා ප්‍රජාව යන දෙපක්ෂයේම සහයෝගය අවශ්‍යය. අනුබුදු මිහිඳු මාහිමියන් අප රටට දායාද කළෝ හුදු ආගමික ඇදහිල්ලක් නොවේ. පුද්ගලයාගේ මෙලොව, පරලොව, එසේම ලෞකික ලෝකෝත්තර යන අංශ දෙකෙහිම සංවර්ධනය ඒකාන්ත වශයෙන් ඇතිකරන පරිපූර්ණ දහමකි, අපට උන්වහන්සේ ලබා දී ඇත්තේ බුදුදහමත් සමඟ දහ අටක් ශිල්ප ශාස්ත්‍රයන්ද ඒ හා බැඳුණු ස්වයං පෝෂිත අර්ථ ක්‍රමයක් සඳහා උපදේශනය ද පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් හා දැහැමි පාලන ක්‍රමයක්ද ඊට ඇතුළත්ය. උන්වහන්සේ අප වෙත ගෙනා බුද්ධ දේශනාව මානව චින්තනයේ අග්‍රඵලය වූ කිසිවකුට අභියෝග කළ නොහැකිවූ අසම සම දර්ශනයකි. භාරතයේ උපත ලැබූ බුදුදහම සුරක්ෂිත කරගැනීමේ වාසනාව අප සතුවිය.

Thursday, May 11, 2017

පස්මහ බැලුම් බැලුවේ ඇයි?

බෝසත් දිව්‍ය රාජයණන් වහන්සේ මිනිස් ලොව මවුකුසක පිළිසිඳ ගන්නේ කාලය, දීපය, දේශය, කුලය , මව යන පස්මහ බැලුම් බැලීම හෙවත් පංච මහා විලෝකනය කිරීමෙන් අනතුරුවය. පස්මහ බැලුම් තුළ තිබෙන්නේ කිසියම් ඓතිහාසික වූ ද, පාරිසරික වූද, අධ්‍යාත්මික වූද හේතුන් කොටසකි.
බුදු කෙනෙක් ලොව පහළ වීම දුර්ලභ, අසීරුම අවස්ථාවකි. මනුලොව පරමායුෂ අවුරුදු විසිදහස, දස දහස පමස වන කාලයන්ද තිබේ. එවැනි කාලයක බුදු කෙනෙක් ලොව පහළ වන්නේ නැත. ඊට හේතුව ඒසා දීර්ඝ කාලයක් ජීවත්වන මිනිසාට ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ස්වභාවයන්හි ඇති දුක් සහිත බව වේදනා සහිත බව තේරුම් ගත නොහැකි වීමය. එහෙත් මිනිස් පරමායුෂ අවුරුදු සියයක් වන කල්හි ඒ සියල්ල අත්විඳින්නට ලැබේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි වන්නේද මේ පරමායුෂ සීමාවේදීය.
පස්මහබැලුම් තුළ වූ ‘කාලය’ නම් කාරණය තුළ ඇත්තේ එම පරමායුෂ සීමාවය.
එකල මිනිසුන්ගේ ජීවිතයන්හි ඉතා සංකීර්ණ බවක් තිබුණි. සිදුහත් කුමරු මහබිනික්මන් කළේ සතර පෙරනිමිති දැකීමෙන් පසුව බව අපි දනිමු. එහෙත් ඊට පෙර ජීවිතය ගැන අවබෝධ වන්නට, දුක හඳුනා ගන්නට කුමරු ප්‍රඥාවන්ත නොවූයේද? එලෙස එම සිදුවීම ලඝු කොට නොසිතිය යුතුය. සිදුහත් කුමරු දකින්නේ සතර පෙරනිමිති පමණද?

Thursday, April 13, 2017

බලවත් සිල් බලය


ජාතක කතාවන් අප ජීවිතයට කර ඇති බලපෑම අති විශාලය. අසරණ ගැමියන්ගේ පටන් මහරජු දක්වාත් නූගතාගේ පටන් උගතා දක්වාත් කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාත් රටේ සදාචාරයේ හැම අංශයක් කෙරෙහිම ජාතක කතාවෙන් ලැබෙන පිටුවහල අසීමිතය. මුදල් රජකරන සමාජයක මනුෂ්‍යත්වය යටපත්වන අයුරු දවසින් දවස අපි අත්විඳින්නෙමු.
අපේ ළමා පරපුරට අද දක්නට ලැබෙන්නේ මනඞකල්පිත කාටූනයක් හෝ ටෙලිනාට්‍යයකි. දරුවා පමණක් නොව වැඩිහිටියන්ද බොහෝවිට මේවාට ඇබ්බැහිවී සිටිති. ජනමාධ්‍යයන්ගෙන් විකාශනය වන බොහෝ කාටුන්වල කතා වස්තූන්ගෙන් ලැබෙන්නේ මනස දූෂණය කෙරෙන විෂම අදහස්ය. ළමා මනසේ පිළිගන්නේ ඒ කාටුන් කතාවල මනඞකල්පිත වීරයන්ගේ චරිතයන්ය. දරුවන්ගේ පෞරුෂයත් නිර්මාණශීලීත්වයත් මොට කරන මෙබඳු දෙයින් අනාගතයේ බිහිවන්නේ යහපත් ගතිවලින් හීන වූ කෘතිම සමාජයක්ය. වල්මත්වූ අනාගතයක්ය.

සමාජයේ සදාචාර වර්ධනයට ජාතක කතාවෙන් වූ පිටුවහල සනාථ කරන ඉතා වටිනා ජාතක කතාවකි සීල විමංස ජාතකය. සිල්වත් බව ගුණවත් බව පිළිබඳ වටිනාකම යටපත් කරමින් වත්මන් ජනයා භෞතික සම්පත් ගොඩගසා ගන්නා යුගයක අද අපි ජීවත්වෙමු. මෙබඳු කාලයක සීලවිමංස ජාතකය මතුකර දැක්වීම වැදගත්වනු ඇත. සුසීම නම් පඬිවරයා බරණැස රජතුමාගේ පුරෝහිත බමුණාගේ පුත්‍රයාය. ඒ අපේ බෝසතාණන්ය. ඔහු තම පියාගේ ඇවෑමෙන් පියා දැරු පුරෝහිත ධූරයට පත්විය.
සුසිම තම පියාටත් වඩා හොඳින් සාර්ථකව තම පුරෝහිත ධූරයේ වැඩ කරගෙන ගියේ ය. ඔහු සිල්වත්ය. ගුණවත්ය. සැම දෙනාටම කරුණාවන්තය. නිහතමානීය. මේ ගුණයන් නිසා ඔහු රජතුමාටත් වඩා ජනතාවගේ ගෞරවාදරයට පත්වූයේ ය. ඔහුගේ දර්ශනය හැමදෙනාම පි‍්‍රය කළහ. ඔහුට සමාජයේ ප්‍රභූ නෑ හිත පිරිසක් සිටියේ ය. දරුවොද උගත් බුද්ධිමත් අය වශයෙන් රටේ ඉහළ තනතුරු දැරූහ. ඔහුට කොතරම් ජනතාව සැලකුවාදයත් ඔහු මහ මඟ ගමන් කරනවිට නිවසේ අසුන්ගෙන සිටින කෙනෙක් ඔහු දුටුව විට අසුනෙන් නැගිට ගරුකරන කෙනෙකු තරමට ජනතාවගේ ප්‍රසාදයත් ගෞරවයත් ලබා තිබුණි.

Thursday, May 5, 2016

සම්බුදු සසුනත් ලක්බිමත් සුරකින සක් දෙවි රජාණෝ


සකෙකා දෙවානමින්ද්‍රෙ, යනුවෙන් ත්‍රිපිටකයෙහි නිතර කියැවෙන සක්දෙව් රජු තව්තිසා දිව්‍යලෝකයෙහි දිව්‍ය රාජයා වෙයි. ලක්දිව බෞද්ධ සිද්ධස්ථානයන්හි අනෙකුත් දෙවියන් සඳහා ඉදි වූ දේවාල තිබුණ ද සක් දෙවියන් සඳහා එබඳු ගෞරවයෙන් පුදන ස්ථාන දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි සක්දෙව් රජුන් සාමාන්‍ය දිව්‍ය රාජයකු නොව ආය¸ දේවේන්ද්‍රයන් කෙනෙකි. එනම් පූජා වන්දනයට යෝග්‍ය වූ සෝවාන්මාර්ග ඵලයට පත් කෙනෙකි. සක් දෙවි රජු අප බෝසතාණන් වහන්සේට බුදුවීමට නොයෙක්වර උපකාරි වූ අතර සත් ජනයාට නොයෙක් අවස්ථාවන්හි දී උපකාරවන්නා වූ දෙවි කෙනෙකි.

Monday, March 14, 2016

සිතෙහි සැඟවෙන ගිනි පුපුර


අනුන්ගේ සැප සම්පත් නො ඉවසන ස්වභාවය ඊර්ෂ්‍යාව නම් වේ. එය අටුවාවෙහි විග්‍රහ වන්නේ පරසම්පත්ති ඛීයණ ලක්ඛණය ඉස්සා” යනුවෙනි. ඊර්ෂ්‍යා සහිත පුද්ගලයා තමාට නැති අනුන් කෙරෙහි දක්නා හැකියාවන්ට බලයට, ධනයට, උගත්කමට, කථිකත්වයට, රූපයට, ප්‍රඥාවට, පරිත්‍යාගශීලි ගුණයට, සිලවත්කමට, නිරෝගිබවට, ආදි සියල්ලට ඊර්ෂ්‍යා කරයි. ඔහු හැමවිටම දුකෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පසුතැවෙමින් ජීවත්වෙයි.

Thursday, September 24, 2015

බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න දහය



බුදුරජාණන් වහන්සේ ලොව සියල්ල අතැඹුලක්සේ දුටුවාහ. උන්වහන්සේ දතයුතු සියල්ල දත්තාහ. උන්වහන්සේගේ ඥාන සීමාව ඉක්මගිය ඥාන පථයක් නොමැත්තේ ය.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ කිසිදු තැනක පැටලීමක් හෝ පැකිලීමක් නැත්තේ ය.ඒ නිසා බුදුරදුන්ගේ ඥාන විෂය ආචින්තනීය වන අතර උන්වහන්සේ දුටු ලෝකය ද, උන්වහන්සේ දුටු පරිදි සත්ව විෂය ද, කර්ම විෂය ද ලෝක විෂය ද සිතා කෙළවරක් කළ නොහැකි අචින්තනීය දේය. මේ අචින්තනීය ලෝක විෂය සත්ව විෂය කර්ම විෂය බුදුරජාණන් වහන්සේ තතු පරිදි සර්වඥතා ඥානයෙන් දුටු නිසා පුහුදුන් මිනිසාට ඇතැම් කරුණු අවිෂය නිසා එබඳු ප්‍රශ්න නඟනවිට උන්වහන්සේ නිශ්ශබ්ද වූහ.

Tuesday, September 8, 2015

වඩාත් පරිපූර්ණ පරාර්ථකාමියෙකු විය හැක්කේ රහතන් වහන්සේ වැනි කෙනෙකුට පමණි


ස්වාර්ථය පළමුව සලසා දෙවනුව පරාර්ථය සලසාදීම වඩාත් අර්ථවත් බව පැහැදිලි වේ. අප බුදුරදුන් පළමුව බුද්ධත්වයට පත්ව සෙසු අයට සසරින් එතෙරවීමට උදව් කළහ. රහතන් වහන්සේද තමා අරහත්වය ලබා සෙසු සත්වයන්ට සසරින් එතෙරවීමට මඟ සලසාලූහ. මෙසේ ස්වාර්ථය ආර්මාර්තකාමී සංකල්පයක් නොවන අතර එය පරාර්ථය හා බැඳුනු ප්‍රබල සංකල්පයක් බව පැහැදිලිවේ

Wednesday, September 2, 2015

පංචකාමය ජය ගැනීම සදා සැනසීමට හේතු වෙයි


ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ, යන පංච කාම වස්තුන් අතරින් වඩා බලවත් වන්නේ කුමන කාමයක් දැයි යන ප්‍රශ්නය ඔබගේ සිතෙහි කවදා හෝ පැන නැඟුනේ ද? එබඳු ප්‍රශ්නයක් කෙදිනක වත් පැන නැඟුනේ නැති වුවත් ඔබගෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් පිළිතුර කුමක් විය හැකි ද? අපේ බුදුරජාණන් වහන්සේ දවස ප්‍රාන්ත රජවරු පස් දෙනෙකු සාකච්ඡා කරමින් සිටියේ මෙම ප්‍රශ්නයයි. ඔවුන්ගේ පිළිතුර පස් වැදෑරුම් විය.

Saturday, August 29, 2015

සැනසීම උදාකරන ඉවසීම


අප සමාජය දෙස මතුපිටින් බලනවිට එහි සන්සුන්බවක්, හෝ සාමකාමීබවක් දැකිය හැකිවුවත් කොයි මොහොතක කවරකෙනෙක් නොසන්සුන්ව ගැටුමක් ඇතිකර ගනීදැයි කිවනොහැක. මඟුල් තුලාවකදී හෝ අවමඟුල් නිවසකදී පුද්ගලයන් පුද්ගලයන් අතරත් සමූහයක් අතරත් හටගන්නා ගැටුම්වලට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිස් සිතෙහි සැඟවී සිටින ක්‍රෝධය නම් වූ ක්ලේෂ ධර්මයයි. ඒ ඒ පුද්ගලයන් අතර තිබෙන ක්‍රෝධයේ අඩුවැඩිකම් ද දැකිය හැක. ක්‍රෝධය බහුල තැනැත්තා ක්‍රෝධ රිතයා ලෙස හඳුන්වනු ලැබේ.

Thursday, August 27, 2015

බාහිර පෙනුම සලකා තීරණ ගැනීම නොමැනවි


එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන අය ගැන ක්ෂණික තීරණ නොගත යුතුය. කෙනකු වටපිට නොබලා බිම බලාගන කථා කළ පමණින්, සංවර වූ ඉරියව් තිබූ පමණින් ඉක්මන් තීරණ ගැනීම නොවටී. කෙනකු අඳින ඇඳුමෙන්, මතුපිට ස්වභාවයෙන් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතුය. අසංවරව අඳින පළඳින කෙනකු තුළ සංවරව අඳින පළඳින අයකුට වඩා සිල්වත්, ගුණවත් බවක් තිබිය හැකිය. ගැහැනු ළමයකු දිහා කෙළින් නොබලන, සිගරැට්ටුවක් කටේ නොතබන, ගෙදරින් පිටතට තනියෙන් නොයන කෙනකු ගැන වුවත් ඉක්මන් තීරණ නොගත යුතුයි. කෙනකුගේ බුද්ධිමත්කම, සුසිල්වත්කම මැනිය හැක්කේ දුෂ්කර අවස්ථාවන්හිදී, ඒ තැනැත්තා හෝ තැනැත්තිය මුහුණ දෙන ආකාරයට අනුව ය.

Wednesday, June 3, 2015

ජීවන ගමන තීන්දු කරන කළණ මිතුදම


 
 
 
ජීවිත අභිවෘද්ධියේ අඩක් ම තීරණය වන්නේ සත්පුරුෂ ආශ්‍රය හෙවත් කළ්‍යාණ මිත්‍ර ඇසුරින් යැයි තමන්ට හැඟෙන බව පැවසු ආනන්ද හිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එසේ නො කීව යුතු බවත්, ජීවිත අභිවෘද්ධියේ අඩක් පමණක් නොව කෙනෙකුගේ ජීවිතයේ සම්පූර්ණ ප්‍රගමනය සිදුවන්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර හෙවත් සත්පුරුෂ ආශ්‍රයෙන් බව ය. පාප මිත්‍ර ඇසුරෙහි ආදීනව දන්නා ඔබට කළ්‍යාණ මිත්‍ර ඇසුරේ ඇති වටිනාකම සිතාගැනීමට මෙම බුදු ඔවදන ප්‍රයෝජනවත් වනු ඇත. සිඟාලෝවාද සූත්‍රයේ එබඳු යහපත් මිත්‍රයන් සතරදෙනෙකු පිළිබඳ ව සඳහන් වේ.

උපකාරක මිත්‍රයා
සමාන සුඛදුක්ඛ මිත්‍රයා.
අත්ථක්ඛායී මිත්‍රයා.
අනුකම්පක මිත්‍රයා,

වශයෙන් ඔවුන් නම් කොට දැක්වේ.

මෙහි පළමුවෙන් දැක්වෙන උපකාරක මිත්‍රයා, තම් මිතුරාට නිරන්තරයෙන් උපකාර සිදුකරන්නෙකි. කිසියම් අසනීපයක් හෝ වෙනයම් අකරතැබ්බයකට තම මිතුරා පත් ව ඇති අවස්ථාවක මෙම උපකාරක මිත්‍රයා වහා මැදිහත් වී තම මිතුරාගේත් ඔහුගේ බිරිඳගේත්, දූදරුවන්ගේත් රැකවරණය සළස්වමින් උප්කාර කරයි. තම මිතුරා වෙනුවෙන් දෙමව්පියන් මෙන් ඉදිරිපත් වී කටයුතු සිදුකරයි. මෙවැනි මිතුරෙකුගේ ඇසුර යමෙක් ලබන්නේ නම් හේ සැබවින් ම වාසනාවන්තයෙක් වේ.

සමාන සුඛදුක්ඛය මිත්‍රයා යනු විශ්වාසවන්ත ම මිතුරා ය. මේ මිතුරා තම මිතුරගේ රහස් රකින, සැපේ දී මෙන් ම දුකේදීත් එක ලෙසට ම උදව් උපකාර කරන කිසි විටෙක පිටු නොපාන්නෙකි. අවංකවම් මිතුදම රකින මොහු තම මිතුදම වෙනුවෙන් ජීවිතය වුව ද කැප කිරීමට පසුබට නො වේ.

අත්ථක්ඛායී මිත්‍රයා නිරන්තරයේන් ම තම මිතුරාගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ක්‍රියා කරන්නෙකි. තම මිතුරා සැමවිට ම යහපතෙහි යොදවන මොහු ඇසුරු කරන්නා නිතැතින් ම කුසලයට යොමු වේ. අනෙක් මිතුරන් මෙන් නොව මොහු ඇතැම්විට තම මිතුරාට තරවටු කොට හෝ යහමඟට ගන්නට වෙර දරයි. ඒසේ කරනුයේ මිතුරාට තිබෙන අවංක මිත්‍රශීලිත්වය නිසාවෙනි. මෙම අත්ථක්ඛායී මිත්‍රයා නිරන්තරයෙන් ම දැහැමි කථා ඇත්තෙකි. මෙම මිතුරා ඇසුරට පත්වන්නා මෙලොවත් පරලොවත් ජය ගන්නෙක් වන්නේ ය.

සිව් වැන්නා වන අනුකම්පක මිත්‍රයා තම මිතුරාට අලාභයක්, පාඩුවක්, විපතක් සිදු වූ විට එමඟින් ඇතිවන දුක, වේදනාව, කණගාටුව, විඳදරා ගැන්මට එක්වන්නෙකි, තම මිතුරා විපතට පත් මොහොතක් හේ, ඔහුව අත නොහරිමින් අනුකම්පා උප්දවා ආරක්ෂා කරයි. යමෙක් තම මිතුරෙකුගේ අගුණ ඔහු නැති තැන හෝ ඇති තැන පවසත් නම් එහි වරද ඔහුට පෙන්වා දී නිවැරදි කරවා තම මිතුරා ආරක්ෂා කරන්නෙකි. එසේ ම යමෙක් තම මිතුරෙක්ගේ ගුණ ඔහු නැති තැන හෝ ඇති තැන පවසත්නම් ඒ ගුණය වඩාත් ඉස්මතුකොට මිතුරා රැකගනි යි. මෙම සත්පුරුෂ ගත් ලක්ෂණ සහ පාප මිත්‍ර ගත් ලක්ෂණ ඔබ දැනගත යුත්තේ කළ්‍යාණ මිත්‍ර ඇසුර සඳහා පමණක් නො ව, ඔබ ද අන්‍යයන්ට පාප මිත්‍රයෙකු නො වී, කළ්‍යාණ මිත්‍රයෙකු වීම සඳහා ය.

ඔබ කළ්‍යාණ මිත්‍රයෙකු වීමට පෙර, පාප මිත්‍ර ගති ලක්ෂණ ඔබ සතු ව ඇද්දැ යි සොයා විමසා දැන ගත යුතු ය. ඔබ සතුව පාප මිත්‍ර ගති ලක්ෂණ තිබේ නම් ඒවා ක්‍රමයෙන් ඉවත් කරගත යුතු ය. මෙසේ පාප මිත්‍ර ගති ලක්ෂණ දුරුකිරීම තුළින් ඔබ යහපත් මිතුරෙක් වන අතර අනතුරුව ක්‍රමයෙන් කළ්‍යාණ මිත්‍ර ගති ලක්ෂණ ප්‍රගුණ කළ යුතුය. එසේ ඔබ අන්‍යයන්ට කළ්‍යාණ මිත්‍රයෙක් වී, දෙවනු ව අන්‍යයන්ගෙන් කළ්‍යාණ මිත්‍ර ගුණය අපේක්ෂා කළ යුතුය. එසේ නොමැති ව අන්‍යයන්ගෙන් පමණක් කළ්‍යාණ මිත්‍ර අපේක්ෂා කළ යුතුය. එසේ නොමැති ව අන්‍යයන්ගෙන් පමණක් කළ්‍යාණ මිත්‍රත්වය බලාපොරොත්තු වීම සුදුසු නො වේ.

භජනයට සුදුසු කළ්‍යාණ මිත්‍රයෙක් සොයාගැනීමට නොමැති නම් හෝ නොහැකි නම් තමා හා සමාන වූ ගත් ලක්ෂණ ඇති මිත්‍රයෙක් ඇසුරට ගතයුතු බවත්, එබඳු හෝ මිත්‍රයෙක් සොයාගත නො හැකිනම් හුදෙකලාව විසීමට සිත දැඩිකොට ගතයුතු බවත්, බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබේ. තමාට වඩා ගුණයෙන් බාල පුද්ගලයෙක් ඇසුරු කිරීම තුළින් තමන් ද ශීලයෙන් හා සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද පිරිහෙන්නේ ය. එබැවින් ගුණ දහමින් හීන පුද්ගල ඇසුරට වඩා හුදකලාව විසීම සැපයෙකි. එදිනෙදා ජීවිතයේ දී සමාජ සම්බන්ධතාවන් පවත්වාගෙන යෑමට අපට මිත්‍ර සම්බන්ධතාවන් අවශ්‍ය වේ.

ඉහතින් දැක් වූ කළ්‍යාණ මිත්‍ර ගති ලක්ෂණ අවබෝධ කරගෙන, ඇසුරු නොකළ යුත්තන් මඟහරිමින්, ඇසුරට සුදුසු වූවත් හා සබඳතා ගොඩ නැංවීම ඥානාන්විත වන්නසේ ම එය දෙලෝ සුභ සිද්ධිය උදෙසා බලපාන්න කි. පාප මිත්‍ර ඇසුරෙන් ලැබෙන තාවකාලික සතුටට හා ලාභයට වඩා ඇසුරු නොකිරීම තුළින ලැබෙන් යහපත විශාල බව මංගල සූත්‍රයේ ප්‍රථම ගාථාවෙන් ම පැහැදිලි කරදී ඇත.

සැබෑ කළ්‍යාණ මිත්‍ර ඇසුර ලෞකික මෙන් ම ලොකෝත්තර දියුණුවට මඟ වෙන අතර සැබෑ කළ්‍යාණ මිත්‍රයා ශ්‍රද්ධා, ශීල , චාග,අ පඤ්ඤා යන ගුණයන්ගෙන් ද යුක්ත වේ. ඔහු බුදුදහම මඟින් නිර්දේශිත පරමාදර්ශී මිත්‍රයා ය. එබඳු මිත්‍රයෙකු විසින් ඔබ ව යොමුකරවන්නේ නිර්වාණ මාර්ගය වෙත ය.

පූජ්‍ය ආචාර්ය විලේගොඩ අරියදේව හිමි
 
උපුටා ගැනිමකි