Labels

Showing posts with label අතිපුජ්‍ය දිගන සුගතවංශ හිමියන්. Show all posts
Showing posts with label අතිපුජ්‍ය දිගන සුගතවංශ හිමියන්. Show all posts

Sunday, April 29, 2018

චුතිය හා ප්‍රතිසන්ධිය අතර අන්තරාභවයක් තිබෙනවා ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 20

භික්ෂුවක් වී ඉන්න කාලයේ කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගෙන කටපාඩම් කරගෙන දරාගෙන තියෙනවා. විශේෂයෙන් ම ධර්මය ඉගෙන ගත්තේ හොඳට ප්‍රාර්ථනා පිහිටුවාගෙන, ඊළඟ ජීවිතයේදීත් මහණදම් පුරන්න ලැබේවා යි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා හිතන්න. ඒ හැම ක්‍රියාවක දී ම කුසල් සිත පහළ වුණා. ඒ පහළ වුණ කුසල් සියල්ලක් තුළ ම අවිජ්ජා, තණ්හා, උපාදාන පහළ වුණා.

ඇයි? නැවත හොඳ භික්ෂු ජීවිතයක් ප්‍රාර්ථනා කළේ. එතකොට මරණාසන්න වෙලාවේ දී පහළ වුණා අර බල සම්පන්න, ඒ ධර්මය ඉගෙන ගත්ත කුසල ය. ඒ කුසලයට අනුව මනුස්ස ලෝකයේ උපත ලැබුවා. ඒ උප්පත්තිය ත්‍රිහේතුක මනුස්ස ආත්මයක්! ත්‍රිහේතුක යන්නෙහි අදහස ආලෝභ, අදෝශ, අමෝහ යන විපාක හේතු තුන් දෙනා නිසා හටගත්තා යන්නයි. ත්‍රිහේතුක මනුස්ස 
ආත්මයක් ලැබූ නිසා තමයි මහණ වෙන්න ලැබුණේ. ත්‍රිහේතුක මනුස්ස ආත්මයක් ලැබූ නිසා තමයි ධර්මය ඉගෙන ගන්න, කටපාඩම් කරන්න දේශනා කරන්න මේ හැම දෙයක් ම ලැබුණේ.

ප්‍රතිසන්ධි අවස්ථාවේ පහළ වුණ ප්‍රතිසන්ධි සිත, විඤ්ඤාණය යි. එතකොට අවිද්‍යාවයි, අතීත ජීවිතේ මරණාසන්න වේලාවේ සංස්කාර පහළ වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඔහුට පහළ වුණා. මව් කුසේ දී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පහළ වෙන්නෙ කොහොම ද? දැන් මේ සිත කියන එක පහළ වෙන්නේ කොහොම ද? එය හරියට ම කියනවා නම් මේ වගෙයි. කූඩැල්ලා තැනක් අත අරින්නෙ තව තැනක් අල්ලගෙන නේ. ඒවගේ ම තමයි ඊළඟ චිත්තක්ෂණයේ දී ප්‍රතිසන්ධි ලබනවා කොහේ හරි. මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරා භවයක් නැහැ.

Monday, April 2, 2018

සංසාර දුක දිය සුළියක් සේ ය


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 19



තථාගතයන් වහන්සේ පටිච්ච සමූප්පාදය දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් භව තුනක් සම්බන්ධ කරගෙනයි. එනම් අතීත භව වර්තමාන භවය හා අනාගත භවයයි අතීත භවයට අයත්වෙනවා. ක්ලේශ වට්ටය සහ කම්ම වට්ටය, අවිජ්ජා කියන්නේ ක්ලේශ වට්ටයටයි. සංඛාර කියලා කියන්නේ කම්ම වට්ටයටයි. දිය සුළියක් වගේ දේකට කෙනෙක් අසුවුණොත් මොකද කරන්නේ? බේර ගන්නට බෑ. දිය සුළියෙන් ඇදගෙන ඇතුළට යනවා.
මේ සංසාරයත් දිය සුළියක් හා සමානයි. වට්ට කියා කියන්නේ ඒ නිසයි. එහෙනම් මේ සංසාර දුක, සංසාර ගමන දිය සුළියක් හා සමානයි. දැන් අපේ හිතේ ඇතිවෙනවා ක්ලේශ වට්ටය. අතීත වශයෙන් ගිය ආත්මේ ඇතිවුණා ක්ලේශ වට්ටය. ඊට පස්සේ ඇතිවෙනවා කම්ම වට්ටය.

ක්ලේශ වට්ටය පැහැදිලි කිරීමේ දී අවිජ්ජා, තණ්හා, උපාදාන යන හේතු තුනක් නිසා තමයි අපි සංඛාර එකතු කරගන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, තණ්හාව කියන්නෙ ආශාව, උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. අවිද්‍යා, තණ්හා, උපාදාන යන මේ ක්ලේශ වට්ටය නිසා තමයි කර්මය රැස්කරන්නේ. ඒවා සංඛාර කම්මයි. සංඛාර කියන්නෙ කුසල අකුසල චේතනා. ඒ නිසා ඇතිවෙන කර්ම ශක්තියට කම්ම කියා කියනවා. අන්න ඒකට අපි කම්ම වට්ට කියා කියනවා. දැන් බලන්න අපේ බුද්ධ ශාසනයේ සිටියා සුමනා රාජ නමින් කුමාරිකාවක්. කවුද සුමනා රාජකුමාරිකාව කියන්නේ? කොසොල් මහ රජ්ජුරුවන්ගේ දියණිය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මෙතුමියගේ තාත්තා සිටුවරයෙක්. නමුත් තාත්තා මිය ගිහින්. විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළුකොට ඇති හැට දහසක් මහා රහතන් වහන්සේලා එදා නුවරට පිණ්ඩපාතයේ වඩිනවා.

Friday, March 9, 2018

ජරා මරණ උපදින සැටි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 18


ව ඇසුරු කරගෙන පහළ වන්නේ ජිව්හා විඤ්ඤාණය යි.ජිව්හා ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර රසයක් තියෙන්නට ඕනේ, මනසිකාරය තියෙන්නට ඕනේ, ආපෝ ධාතුව තියෙන්නට ඕනේ, දැන් බලන්න දිව වේළිලා නම්, වියළි දිවක් නම් රස තේරෙන්නේ නැහැ. දිවේ තෙතමනය තියෙන්න ඕන රස තේරුම් ගන්න.

‘කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං’

කාය ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර ස්පර්ශ වන අරමුණු තියෙන්න ඕනේ. මනසිකාරය තියෙන්න ඕනේ. කර්මජ පඨවිය තියෙන්න ඕනේ. මොකක් ද මේ කර්මජ පඨවිය කියලා කියන්නේ. කායං ප්‍රසාදය තියෙන රූප කලාපය ගත්තොත් රූප දහයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්ද්‍රිය, කාය ප්‍රසාදය යන රූප දහයක මිටි තියෙන්නෙ. මේ රූප දහයේ මිටිය තුළ ඒ කලාපයට ම අයිති පඨවි යන රූපයක් තියෙනවා. මේ පඨවි යන රූපයට කියන්නෙ කර්මජ පඨවිය කියලා. කර්මයෙන් හටගත්ත රූපකලාපයක්නෙ මේ කාය දශකය කියලා කියන්නේ. ඒ කාය දශකයේ තියන පඨවියට කියනවා කර්මජ පඨවිය කියලා. දැන් මේ කර්මජ පඨවිය තිබුණහම තමයි කාය ප්‍රසාදය තුළ කාය විඤ්ඤාණය පහළ වෙන්නෙ. දැන් බලන්න, අංශභාගය හැදුණු ලෙඩෙක් ගත්තොත් ඔහුගේ එක අංශයක් පණ නෑ, අත පය පණ නැති වුණාම ඒ ඇත්තන්ට කකුලේ සංවේදිතාවය තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මොකක්ද කාය ප්‍රසාදය තිබුණට එතන පඨවි ගතිය තියනවා. නමුත් ඒවා වැඩ කරන්නේ නෑ දුර්වලයි. ඒ කියන්නේ පඨවි ගතිය හරියට වැඩකරන්නේ නෑ කියන එකයි. සිත් වර්ග හතරක් තියෙනවා.

Saturday, February 17, 2018

කයෙන් වචනයෙන් අකුසල් වෙනවානම්...

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 17


ඊළඟට මම කෙනෙකුට බනිනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවානම් හටගන්නෙ අකුසල චේතනාවන්. මෙලෙස වචනයෙන් වැරැදි වෙනවා නම් ඒකත් වචී සංඛාර
අකුසල චේතනා නිසා කාය කර්ම හටගන්නවා. කෙනෙකුට ගහන්ට වුණොත් අත පය උස්සලා ගහනවා. එතකොට මලක් හෝ වෙනත් කුමක් හෝ හොරකම් කරන්න හිතුනොත් අත පය වෙහෙසලා සොරකම් කර ගන්නවා. මේවා කයින් වෙන අකුසල කාය කර්ම.
එතකොට අකුසල චේතනාවවන්ගෙන් තමයි අකුසල කාය කර්ම හටගන්නේ. අප එයට කාය සංඛාර කියලා කියනවා. වචී සංඛාර කියලා කියයන්නේ වචී සංචේතනා වචී සංඛාරො’ කාමාවචර කුසල චේතනාවන්ගෙන් තමයි මේ වචන පිටවෙන්නෙ. දැන් මම ධර්මය දේශනා කරනවා. දේශනා කරන්නේ කාමාවචර කුසල චේතනාවන්ගෙන්. ඊළඟට මම කෙනෙකුට බනිනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවානම් හටගන්නෙ අකුසල චේතනාවන් මෙලෙස වචනයෙන් වෙන වැරදි නම් ඒකත් වචී සංඛාර, වචනයෙන් කුසල් වෙනවා නම් ඒකත් වචී සංඛාර. කුසල චේතනා, කාමාවචර කුසල චේතනා, රූපාවචර කුසල චේතනා, අරූපාවචර කුසල චේතනා අකුසල කියන මේ සියල්ලක් ම මනෝද්වාරික වශයෙන් හටගැනීම සිදුවෙනවා.

Monday, February 12, 2018

සියලු කෙලෙසුන් දුරුකළ සේක


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 16:




දුක ගැන නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම ගැන නොදැනීම, දුක නැති කරන මාර්ගය ගැන නොදැනීම, පෙර ජීවිතය ගැන නොදැනීම, අනාගත ජීවිතය නොදැනීම, මෙලොව පරලොව ගැන නොදැනීම, හා පටිච්ච සමුප්පාදය කියන මේ කරුණු අට ගැන අවබෝධය නැතිකමට කියන්නේ අවිද්‍යාව කියලා."
ඔත්තප්ප කියන්නෙ ළාමක වූ අකුසල ධර්මයන්ට දක්වන භයයි. එනම් පවට ඇති ලජ්ජාවයි. භයයි.
මෙකී ලාමක පාපී අකුසල ධර්මයන්ට දක්වන ලජ්ජා ගතිය පවට බිය නිසා කියන්නේ ‘අරහං’ කියලයි. දස ක්ලේෂයන් සහිත කෙලෙස් එක්දහස් පන්සියයක් පමණ කෙලෙස් මළකුණු සියල්ලක් ම සෝවාන් මාර්ග ඥානයෙන්, සකෘදාගාමී මාර්ග ඥානයෙන්, ආනාගාමී මාර්ග ඥානයෙන් අරිහත් මාර්ග ඥානයෙන්, සම්පූර්ණයෙන් ම සෝදා හල නිසා, නැවත නූපදින බවට පත්කළ නිසා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ‘අරහං’ ගුණයෙන් සමන්වාගත යැයි කියනවා.

තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළේ පාලි වචනවලින්. සිංහල භාෂාවෙන් නෙමෙයි. ඉතින් ඒක නිසා පාලි භාෂාවෙන් කියලා පසුව සිංහල භාෂාවෙන් කියන්න.

Thursday, February 1, 2018

අරහං නම් ගුණයෙන් යුක්තවන සේක


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 15 


"ථින මිද්ධ සම්පූර්ණයෙන් ම නැති කරගත්ත නිසා කියන්නේ අරහං කියායි. උද්ධච්චය කියා කියන්නේ සිතේ නොසන්සුන්කම. සිතේ ඒකාග්‍රතාවයක් නැතිකම. තථාගතයන් වහන්සේ සිතේ උද්ධච්චය සම්පූර්ණයෙන් ම නැති කළ නිසා ‘අරහං’ නම් වන සේක.""
තථාගතයන් වහන්සේ මානය නැති කළා. අහංකාරකම, උඩඟුකම. නැති කළා. මම කියන මමත්වය, නැති කළා. ‘සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන’ යන මාන සියල්ල ම නැති කළා. අප නම් කොහොම ද? කෙනෙක් යමක් කරන විට අප හිතනවා ‘මම තමයි උසස්, මට තරම් එයාට බෑ.’ සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් කුමක් හෝ කරන කොට ‘මටත් ඔය දේ කරන්න පුළුවන්’ යනුවෙන් අන් අය හා සමව හිතනවා. සමහර වෙලාවට අපට පුළුවන්කම තියෙද්දී හිතනවා අපට ඕවා කරන්න බැහැනේ කියලා. පින්වතුන් දන්නව ද අපේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩිය නේ. උරුවේල කාශ්‍යප කියන්නේ මානයෙන් උමතුවුණු ජටිලයෙක්. රහත් වෙන්න කලින්. පුදුම සහගත මාන්නයක් තිබුණේ. බුදුරජාණන් වහන්සේ වැඩියා, මෙතුමාට පිරිවර සම්පත්තිය සිටින ආවාසයට ගෝලයෝ පන්සීයයක් ඉන්නවා. ඉතින් ඉන්ට තැනක් ඉල්ලුවා. ඉන්නෙ කොහේද? අර වැලිගොඩක් උඩ ඉන්න කියලා.

මේ වැලිගොඩේ ඉන්නවා විශාල දරුණු විෂ සහිත නාගයෙක්. මේ වැලිගොඩට පිටත් කළේ ඇයි? නාගයන් සරණ ගිය මේ ඇත්තෝ නාගයාටත් වැඳුම් පිදුම් කරමින් හිටියේ. මේ නාගයා ලවා බුදුපියාණන් වහන්සේට අනතුරක් කරවන්නයි. මේ නාගයා විෂ පිට කරමින් ආවා.

Wednesday, January 24, 2018

නොසන්සුන්කම මෝහය නිසයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 14



" මෝහය ඇතිවෙන්න පුළුවන් උද්ධච්චය නිසා, විචිකිච්ඡාව නිසා. අපේ හිතේ නොසන්සුන්කම ඇතිවෙන්නේ මෝහය නිසා. අපි කියමු එකම අරමුණක සිත තියාගන්නට බෑ. භාවනාව එක අරමුණක තියාගන්න බෑ කියලා. ඒ කියන්නේ හිතේ උද්ධච්චයයි. එය ඇති වන්නේ මෝහය නිසයි."

මෝහය නම් මුළාවයි.
‘දුක්ඛේ අඤ්ඤානං
දුක්ඛ සමුදයේ අඤ්ඤානං
දුක්ඛ නිරෝධේ අඤ්ඤානං
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය අඤ්ඤානං”



මේ දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අනවබෝධයයි, නොදැකීම යි. මෝහය කියා කියන්නේ. ‘මූය්හ තීති මෝහෝ යමෙකුට මුලාවුණු ස්වභාවයයි. මෝහය ඇතිවෙන්න පුළුවන් උද්ධච්චය නිසා, විචිකිච්ඡාව නිසා අපේ හිතේ නොසන්සුන්කම ඇතිවෙන්නේ මෝහය නිසා. අපි කියමු එකම අරමුණක සිත තියාගන්නට බෑ. භාවනාව එක අරමුණක තියාගන්න බෑ කියලා. ඒ කියන්නේ හිතේ උද්ධච්චයි. එය ඇති වන්නේ මෝහය නිසයි. අපි කියමු පොතක් කියවන්න ගියත්, බණක් අහන්න ගියත් භාවනා කරන්න ගියත් හැම වේලාවේ ම සැක. බුදුරජාණන් වහන්සේ ගැන සැක, ධර්මය ගැන සැක, මහා සංඝයා ගැන සැක, බුදුගුණ, දහම් ගුණ, ධර්ම කරුණු ගැන පොත්පත්වල ඇති ධර්ම කරුණු ගැන දේශනා කරලා තියෙන දේ ගැන සැක. තමා රකින ශීලය ගැන සැක. පෙර ජීවිතය ගැන සැක, මතු ජීවිතේ ගැන සැක. අතීත ජීවිත, වර්තමාන ජීවිත මෙලොව පරලොව ජීවිත ගැන සැක. පටිච්ච සමුප්පාදය ගැන සැක. මේ සැක ඇතිවෙන්න ඇතිවෙන්න මොකද වෙන්නේ? මෝහය උත්සන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මෝහය සම්පූර්ණයෙන් ම නැති කළ නිසා අප කියනවා ‘අරහං’ කියලා .

ඊළඟට පින්වතුනි,

Tuesday, January 9, 2018

ශෝකයට හේතුව කුමක් ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 13:


 තණ්හාව නිසයි ශෝකය හටගන්නේ.
තණ්හාව නිසයි භය හටගන්නේ.
තණ්හාවෙන් අතමිදුන අයෙකුට ශෝකයක් නෑ."

බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා නොයෙක් ආකාරයේ බ්‍රාහ්මණවරු. ඒ වගේ ම සිටුවරු, ධනවත් අය, මේ හැමෝ ම එක එක දේවලට ආශා කරමින් ජීවත් වුණා. එක බ්‍රාහ්මණයෙකුට ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාවක් නැති බ්‍රාහ්මණයා මිථ්‍යා දෘෂ්ඨිකයි. ඔහු කුඹුරක් හදන්න පටන් ගන්නවා.

මේ කුඹුර සකස් කරන්න පටන් ගන්නකොට ම බුදුරජාණන් වහන්සේ වඩිනවා කුඹුරට.බ්‍රාහ්මණය, නුඹ ‘මොකද කරන්නේ? ‘මම මේ කුඹුර හදනවා’ කතාව එපමණයි. බුදුරජාණන් වහන්සේ වැඩියා. තව ටික දවසකින් බුදුරජාණන් වහන්සේ නැවතත් වැඩියා. ‘බ්‍රාහ්මණය මොකද කරන්නෙ?’ උන්වහන්සේ ඇසුවා ‘මම දැන් මේ කුඹුර වපුරනවා.’ බ්‍රාහ්මණයා කීවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විවිධ කාර්යයන් කරන අවස්ථාවන්හි කුඹුරට වඩිනවා. එතකොට මිථ්‍යා දෘෂ්ඨික වුණත් මේ බ්‍රාහ්මණයා තුළ හිතවත් කමක් ඇති වුණා. සමහර විට අපත් එහෙමනේ. අන්‍ය ආගමික කෙනෙක් අපට හැමදාම මුණ ගැහෙනවා නම්, හිතවත් කමක් ඇතිවෙනවා නේ ද? ඒ වාගේ හිතවත් කමක් ඇති වුණා. ඉන්පසු මොකද කරන්නේ? හිතවත් කමත් එක්ක ඉන්න කොට කියනවා ‘මගේ කුඹුරේ අස්වැන්න හොඳට නෙළුවොත් ඔබ වහන්සේටත් මම කොටසක් දෙන්නම්. 

Friday, December 29, 2017

කෙලෙස් සතුරන් නැති කළ සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 12


" අපගෙන් යමක් පැහැර ගන්නේ සතුරෝ. ඒ වගේ අපේ කුසල් සිත, අපේ හොඳ හිත, අපේ පින් හිත, අපේ ශ්‍රද්ධා සිත පැහැර ගන්නවා. කවුද? අශ්‍රද්ධාවත් සතුරා. අපේ වීර්යය පැහැර ගන්නවා කවුද? කුසීත නමැති සතුරා. අපේ ඒකාග්‍රතාවය පැහැර ගන්නවා. උද්ධච්චය නමැති සතුරා. ඔය විදිහට ගත්තහම කෙලෙස් සතුරෝ තමයි අප විනාශ කරන්නේ."

එක් එක් ඉතිහාස කතාවන් හි සඳහන් පරිදි අපේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට කතා කරන්නේ වසලයා කියා යි. වසලයා කියා කතා කරනවිට මිනිසුන් කළකිරෙනවා. ඉන් පසුව චෝදනාවක් ලෙසින් මේ කාරණය බුදුපියාණන් වහන්සේ ළඟටත් ආවා. තථාගතයන් වහන්සේ මහා සංඝ රත්නයට මතක් කළේ ‘ඔය පිලින්දවච්ඡ මීට ආත්ම පන්සීයක් එනම් එක දිගට ම ආත්ම පන්සීයක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ තේජස නිසා ඒ කාලයේ මිනිස්සුන්ට කතා කර තියෙන විදිහ ‘වසලය, වසලයා’ කියා යි. ඒ අතීත පුරුද්ද තමයි අදටත් එන්නේ. ඒවා කෙලෙස් සිතෙන් මතුවෙන වචන නෙමෙයි පුරුද්දට කියවෙන වචන යි.


දැන් එහෙනම් බලන්න, බුදුපියාණන් වහන්සේත් එවැනි වචනයක් කිව්වොත් කොහොම වෙයි ද? බුදුරජාණන් වහන්සේට ඒ වාගේ සසර පුරුදු නැහැ. ඒ වාගේ සසර පුරුදු තිබුණොත් මිනිස්සු කළකිරෙනවා. එතකොට මිනිස්සු ප්‍රසාදයට පත්වන්නේ නැහැ. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ සසර පුරුදු නැති කළා.

බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැත

‘එවමෙව ඛො රාහුල, යස්ස කස්සචි සම්පජාන මුසාවාදෙනත්ථි ලජ්ජා, නාහං කස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි’
පින්වත්නි,

අද ධර්මදේශනාවෙන් ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේ සැට එක් වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ සඳහන්වන වැදගත් කාරණයක් පිළිබඳවයි. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කළ සූත්‍රයක්. රාහුල පුංචි හාමුදුරුවන් පිළිබඳව අප කවුරුත් හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ යසෝධරා දේවිය තම සත් හැවිරිදි පුතු රාහුල කුමරුට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී උන්වහන්සේගෙන් තමාට හිමි දායාදය ඉල්ලා ගන්නා ලෙස කියා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. තම උරුමය ඉල්ලා සිටි රාහුල කුමාරයාට දිය හැකි උතුම්ම දායාදය හිමිකර දීම සඳහා ඔහු පැවිදි කරවන ලෙස සැරියුත් හිමියන්ට නියම කළා. ඒ වන විට බුදු සසුනේ පැවිදිව සිටි විසිදහසක් පමණ වූ සියලුම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කළ අයයි. යමෙක් තමාට පැවිදිවීමට අවශ්‍යයයි බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට තමන් වහන්සේගේ 

Wednesday, December 20, 2017

අරහං ගුණ අර්ථ සාගරයකි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 11


බුදුරජාණන් වහන්සේට,සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා, සැරියුත් මහා රහතන් වහන්සේට. මේ දානයෙන් කොයි දානය ද මහත්ඵල වන්නේ? බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයයි. ඇයි? බුදුරජාණන් වහන්සේ තරම් දානය ගැන දන්න කෙනෙක් මේ ලෝකයේ නෑ. උන්වහන්සේ තමයි අග්‍ර. අන්න උන්වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට පූජා කරපු දානය මහත්ඵලයි. මහත් ආනිසංසයි. ඒ නිසා තථාගතයන් වහන්සේ “අරහං” ගුණයෙන් යුක්තයි කියා කියන්නේ.
අපේ දාන දක්ෂිණාව පිළිගන්ට ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරනවා ද?, පහනක් පූජා කරනවා ද? සුවඳ දුම්, පැන් වීදුරුවක් යම් දෙයක් පූජා කරනවා නම් අග්‍ර දක්ඛිණෙය්‍ය ගුණයෙන් යුක්ත බුදුපියාණන් වහන්සේටයි මේ අපේ පූජාව කියලා පූජා කරන්න. එසේ ම ආලෝක පූජාවක් කරනවිට හිතන්න ‘අවිද්‍යාව නැමැති අඳුරෙන් මේ ලෝකය වැසුණු සමයක ප්‍රඥා ලෝකයෙන්, ධර්මාලෝකයෙන්, නිර්වාණ ආලෝකයෙන් ආලෝකමත් කළ බුදුපියාණන් වහන්සේටයි මගේ මේ ආලෝක පූජාව’ කියලා. ‘මේ ලෝකය ම සිල් සුවඳින්,ගුණ සුවඳින්,නැණ සුවඳින්,සඳහම් සුවඳින් සුවඳවත් කළ උතුමන් වහන්සේටයි මගේ මේ සුවඳ දුම් පූජාව’ කියල හිතන්ට. “මේ තුන් ලෝක ධාතුව එකම මල් ආසනයක් බවට පත් කරමි. එකම මල් දමක් බවට පත් කරමි.

Sunday, December 10, 2017

දන මන පුබුදන පෞද්ගලික දාන

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 10


පුද්ගලික දාන විස්තර කරන විට, පෞද්ගලික දාන දාහතරක් විස්තර කරනවා. යම් කිසිකෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට යම් දානයක් පූජා කරනවා නම්, එය තමා අග්‍රතම, ශ්‍රේෂ්ඨතම පෞද්ගලික දානය. පසේ බුදුරජාණන් වහන්සේ ඊළඟට, ඊළඟට තමයි මහා රහතන් වහන්සේ. දැන් පැහැදිලි වෙනවා රහතන් වහන්සේ නමකට පූජා කරන දානයට වඩා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දක්ෂිණාව මහත්ඵලයි.

පසේ බුදුරජාණන් වහන්සේගේ දාන දක්ෂිණාවට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දාන දක්ෂිණාව මහත් ඵලයි.

Monday, December 4, 2017

නමස්කාර පාඨය සකස් වූයේ කෙසේද ?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 09


ශාන්ති නායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා කියන්නේ, මේ ලෝකයේ කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි අසම කියන ගුණයෙන් යුතු වූ උතුමන් වහන්සේ නමක්. මේ ලෝකයේ පහළවන තවත් බුදු කෙනෙකුට පමණක් සමකරන්න පුළුවන් අසම සම කියන ගුණයෙන් යුතු වූ උතුමන් වහන්සේ නමක්. මේ ලෝකයේ වාසය කරන කිසිම පුද්ගලයෙකුට සමාන කරන්න බැරි “අප්පටිපුග්ගල” ගුණයෙන් යුතුª උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ රූපකාය සම්පත්තිය කැටිකරලා මේ ලෝකයේ කිසිම කෙනෙකුට නියම නිර්මිත බුදුරුවක් හදවන්ට, තනන්ට පුළුවන්කම නැති නිසා ‘අප්පටිම’ කියන ගුණයෙන් යුතු වූ උත්තමයාණන් වහන්සේ නමක්. මේ ලෝකයේ යම්කිසි කෙනෙක් සැදැහැති සිතින්, මලක්, පහනක්, සුවඳ දුම් ටිකක්, පැන් වීදුරුවක්, ගිලන්පස වීදුරුවක් පූජා කරනවා ද? දානෙ හැන්දක් පූජා කරනවා ද? ඒ පූජා කරන හැම දාන වස්තුවක් ම, පූජාවක් ම මහත්ඵල මහත් ආනිසංශ කර දෙන්ට පුළුවන් අග්‍රදක්ඛිණ්‍යෙය ගුණයෙන් සමන්වාගත මහෝත්තමයාණන් වහන්සේ නමක්,



මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, දෙවි මිනිසුන් සහිත, සමස්ත ලෝකයා සහිත, සියලු සත්වයා සහිත, සත්වප්‍රජාව සහිත මේ ලෝකයාගේ ම ශ්‍රේෂ්ඨතම, උතුම් ම උතුමන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ වාගේ ම මේ ලෝකයට පහළවෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම දුර්ලභ මහෝත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි.

Sunday, November 26, 2017

පාරමී බලයෙන් මහ පොළොව කම්පා වෙයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 08



එදා පටන් සත්‍ය සොයා ගෙන යන ගමනේ දී බෝධි සත්ත්වයන් වහන්සේ අත්තකිලමථානුයෝගය කියන ශරීරයට දැඩි දුක් දීමේ ප්‍රතිපදාව පුරුදු වුණා. ඒ මොකද? ඒ කාලයේ සම්මතයක් තිබුණා ශරීරයට දුක් දීමෙන් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. උන්වහන්සේ උරුවෙල් දනව්වට ගිහින් මහා දුෂ්කරක්‍රියාව ආරම්භ කරනවා. අවුරුදු පහකුත් මාස නවයක්. මේ දුෂ්කරක්‍රියාව ආරම්භ කරන කාලයේ උන් වහන්සේට උපස්ථාන කළා. කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප,මහානාම, අස්සජි කියල තාපසවරු පස්දෙනෙක්. කොණ්ඩඤ්ඤ තාපසයා කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි එදා නම් තබන අවස්ථාවේ එක ඇඟිල්ලක් ඔසවලා ඒකාන්තයෙන් ම බුදුවෙනවා’ කියලා කිව්ව කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා තමයි කොණ්ඩඤ්ඤ තාපස වෙලා හිටියේ.
ඉතින් උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන ගමනේ දී ආලාරකාලාම, උද්දක රාමපුත්ත යන ගුරුවරු මුණ ගැහුණා. ඒ අයගෙන් ද අට්ඨසමාපත්ති ක්‍රම ඉගෙන ගත්තා. ඒත් ඒ ගුරුවරු ඉන්න කියද්දි එය සත්‍ය නෙමෙයි. නිවන එතන නෙමෙයි තියෙන්නෙ කියල සියල්ලම අත්හැර පැමිණියා.

Tuesday, November 21, 2017

සම්බුදු ගුණමහිම: පිපෙන සියපත් ගණනට පිදෙන අටපිරිකර

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 07


බෝසතාණන් වහන්සේගේ මෑණියන් වහන්සේ දින හතකින් කළුරිය කරලා මාතෘ දිව්‍යරාජයා වශයෙන් දිව්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබනවා. පසුව ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ හදා වඩා පෝෂණය කරනවා. අවුරුදු දහසයේ දී විවාහ ජීවිතයට පත්වෙනවා.
අවුරුදු විසි නවයක් ගිහිගෙදර කල්ගෙවලා රාහුල කුමාරයන්ගේ උප්පත්තිය සිද්ධවන දවසේදී ම
‘රාහුලෝ ජාතෝ බන්ධනං ජාතෝ’
රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා කියන සංවේගය ඇතිවෙනවා.ඊට පෙර උන්වහන්සේ සතර පෙර නිමිති දකිනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මළ මිනියක් සහ පසුව පැවිදි රුවක් දැකලා මේ ජීවිතය ගැන කල කිරෙනවා. එදවස රාත්‍රී නාට්‍යාංගනාවන්ගේ විකාර දැක කල කිරීමට පත්වෙනවා. තමන්වහන්සේ මධ්‍යම රාත්‍රියේ ඡන්න ඇමතියාත් කන්ථක අශ්වයාත් සමඟ මහාභිණිෂ්ක්‍රමණය කරනවා. එසේ මහාභිණිෂ්ක්‍රමණය කරමින් අනෝමා ගංතෙරදී කෙස්වැටිය කපලා මහණදම් පුරන්න අධිෂ්ඨාන කරනවා.

Sunday, November 19, 2017

මහ බෝසත් උපතයි අසිරියේ සිරියයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 06


අවසානයේ දී වනාන්තර ගතව තව්ස් දම් පුරාගෙන ඉන්න විට ජූජක බමුණා ට තමන්ගේ දරුවෝ දෙදෙනා පවා දන් දුන්නා. දරුවෝ දෙන්නා දන් දී උන්වහන්සේ හිතුවේ පැතුවේ මොනවාද? රජ සම්පත් නෙමෙයි, සිටු සම්පත් නෙමෙයි, දිව්‍ය සම්පත් නෙමෙයි, බ්‍රහ්ම සම්පත් නෙමෙයි.

උන්වහන්සේ හිතුවේ ලොව්තුරා බුදු බවයි. ඒ වගේ ම තමන්ගේ බිරිඳ දන් දුන්නා. රාජ්‍ය දන් දුන්නා. ඔය විදිහට දානය, අඹුදරුවන් ඒ වගේ ම අංග සියල්ලක් ම, පංච මහා පරිත්‍යාගයන් පරිත්‍යාග කළා. ඒ වගේ ම බෝසතාණන් වහන්සේගේ බෝසත් ගමනේ දී ‘ඤාතත්ථ චරියාව, ලෝකත්ථ චරියාව, බුද්ධත්ථ චරියාව කියන මේ චරියාවන් පුරුදු කළා. ඥාතීන්ට තමන්ගෙන් විය යුතු සංග්‍රහය නිවැරදිව ඉටුකළා, ඒවගේ ම ලෝකයාට කෙරෙන්න ඕන දානයෙන්, අර්ථයෙන්, සමානාත්මතාවයෙන්, ප්‍රියවචනයෙන් සංග්‍රහ කළා. ඒ වගේ ම බුද්ධත්ථ චරියාව බුදුවීම පිණිස පාරමී පුරාගෙන පැමිණියා.

Thursday, November 16, 2017

අසිරිමත් පාරමී දම් පුරන සමයේ...

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 05


දීපංකර බුදුරජාණන් වහන්සේ එක්තරා නගරයකට හැටදහසක් මහා රහතන් වහන්සේලා සමඟ වඩින ගමනක් වුණා. ඉතිං ඒ වෙනුවෙන් ගම් වැසියන් ඒ මාර්ග සකස්කරමින් ඉන්න වෙලාවක්. සුද්ධ පවිත්‍ර කරමින් ඉන්න වේලාවක්. අහසින් වඩින සුමේධ තාපසයන් වහන්සේ මෙය දැක්කා. බිමට බැස මේ පිරිසගෙන් කරුණු අහල තමන්ටත් කොටසක් ඉල්ලගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා සංඝයා වෙනුවෙන් උපස්ථානයක් වශයෙන් ශුද්ධ පවිත්‍ර කරන්නට.


න්වතුනි, මේ සියල්ලක් ම ධර්මතාවන්. මේ බෝසතාණන් වහන්සේ, නැතිනම් සුමේධ තාපසයාණන් වහන්සේට බුදුපියාණන් වහන්සේ මුණ ගැසෙන්න වුණ අවස්ථාවක්. ඉතින් ඒක නිසා ම තමන්ට ලැබුණේ මඩ වගුරු බිමක්. මෙය සකස් කරමින් සිටියත් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා සමඟ වඩින වේලාව ළංවුණත් මෙය අවසන් කරගන්ට බැරි වුණා. ඉතින් තමන් වහන්සේගේ හිතේ තියෙන අධිෂ්ඨානය, හිතේ තිබෙන බලය, හිතේ තියෙන ගෞරවය, හිතේ තියෙන ප්‍රාර්ථනාව යටි හිතේ තියාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනමඟට මේ මඩවගුරේ ඒදණ්ඩක් සේ දිග ඇරුණා. ‘බුදු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ මඩ නොපාගා මගේ ඇග උඩින් වඩින සේක්වා’ කියන අධිෂ්ඨානයෙන්.

දීපංකර පාදමූලයේ දී සුමේධ මහ බෝසත්තුමා නියත විවරණ ලැබූ වගයි

සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 04

නෙයියෝ බෝධි සත්තෝ සද්ධාධිකෝ’

නෙයිිය කියන මහා බෝසතාණන් වහන්සේ ශ්‍රද්ධා අධිකයි. උන්වහන්සේ නියත විවරණ ගන්න මත්තෙන් සිතින් බුදු බව අසංඛෙය්‍ය හතක්, වචනයෙන් අසංඛෙය්‍ය නවයක් කියන අසංඛෙය්‍ය දහසයක් පාරමී පුරා අවසානයේ දී බුදුරජාණන් වහන්සේ නමක් ළඟ නියත විවරණ අරගෙන අසංඛෙය්‍ය දහසයකුත් කල්ප ලක්ෂයක් නැවත පාරමී පුරන්නට ඕනේ.


බුදු බව පතාගෙන, එනම් සොළසාසංඛය්‍ය කල්ප ලක්ෂයක් ය. මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ ශ්‍රද්ධා අධික මහා බෝසතාණන් වහන්සේ නමක්. අපේ ශාන්ති නායක ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රඥා අධික මහා බෝසතාණන් වහන්සේ නමක්. දැන් පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිතුවොත් උන්වහන්සේ ඈත අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් නැති කාලයක ඉතාමත් ම හොඳ තරුණ ජීවිතයක් ගත කරන කාලේ තමන්ගේ අම්මාත් සමඟ මහ මුහුදෙන් වෙළෙඳාමේ යන අතරතුරදී විශාල කුණාටුවක් පැමිණ සම්පූර්ණයෙන් මේ නැව සුන්බුන් වීමෙන් මේ වයස් ගත අම්මා ලෑලි කෑල්ලක ආධාරයෙන් පණ ගැට ගහගන්න මහන්සි ගන්න හැටි මේ තරුණ ජවසම්පන්න දරුවා දැක්කා. මේ දරුවත් දැන් පණ බේරගන්න මහන්සිගන්නෙ.

Monday, November 13, 2017

සම්බුදු ගුණමහිම: පාරමී දම් පුරන සමයේ...

සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 03



මේ අම්මා දිනපතා උපස්ථාන කළා. ස්වාමීන් වහන්සේ වස්සාන කාලය තුළ පධන් වීර්යය වඩලා සිව්පිළිසිඹියා ඤාණ ලාභීව මහා රහත් භාවය ලබා ගත්තා. වස් අවසානයේ දී සංඝස්ථවිරයාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. එළිවෙනකම් දායක පිරිසට වස් පවාරණය කරන පොහොය දවසේ ධර්ම දේශනා කරන්ට කියලා. ඔය පණිවුඩය ලැබුණා කාට ද? මේ අම්මාට, දැන් අම්මාත් ගියා බණ අහන්ට. අම්මා හිතනවා ‘මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ මට දේශනා කළේ ‘සුඛිතා හෝතු දුක්ඛා මුච්චතු’ කියල විතරයි. නමුත් කොහොම ද එළිවෙනකම්ම බණ කියන්නේ ධර්මය දන්න කෙනෙක් ද’ කියලා බලන්ට තමයි මේ අම්මා ගියේ. පින්වතුනි, අර ධර්ම දේශනා කරන තැනම හිඳගෙන දැන් අම්මත් බණ අහනවා. බොහොම හොඳින් සිහිනුවණින් බණ අසනවා. මේ අම්මා දේශනාව කෙළවර දී සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගත්තා. බලන්න මොනතරම් භාග්‍යයක් ද? වාසනාවක් ද?

ඒ වගේ ම ‘ඕහිතසෝතේ ධම්මං සුණාති’ යම් කිසි කෙනෙක් හස්ථ විකාර, මුඛ විකාර නොකර එහෙට මෙහෙට සෙල්ලම් කරන්නෙ දුවන්නෙ පනින්නේ නැතිව නිශ්ශබ්ද ව සමාධියකට සම වැදුනාක්මෙන් සිහි නුවණින් බණ අසනවා නම් ඒ ඇත්තන්ට පුදුමාකාර ධර්ම ශක්තියක් ජීවිතයට ලැබෙනවා.

Sunday, October 29, 2017

මලින් මලට අමුණන මල්දම වාගේ ගත සිත සනසයි බණ පද ගානේ


සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව  අංක - 02


පින්වතුනි, ධර්ම ශ්‍රවණය කිරීම නිවන් දොරටුවක්. මේ ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ කෙසේ ද?

‘සද්ධා ජාතෝ උපසංකමති’


පින්වතුන් තුළ ඇතිවුණා, මුලින් ම පහළ වුණා ‘ශ්‍රද්ධාව‘ තුණුරුවන් කෙරෙහි පැහැදීම, ගෞරවය, විශ්වාසය, මේ ශ්‍රද්ධාව උපන්න නිසා තමයි “උපසංකමති’ මේ ධර්මය ශ්‍රවණය කරන්නට එළඹුණේ.

උපසංඛමන්තෝ පයුරුපාසති’

මෙතැනට පැමිණි නිසා ස්වාමීන් වහන්සේලා ඇතුළු කොට ඇති මේ සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබුණා.

‘පයුරුපාසන්තෝ සෝතං ඕදහති’

එසේ ඇසුරු කරමින් තමන්ගේ දෙසවණ දැන් සිහි නුවණින් යොමු කරයි.

‘ඔහිතසෝතෝ ධම්මං සුණාති’