Labels

Sunday, November 26, 2023

දැන කළයුතු කඨින චීවර පූජාව


 මේ ගෙවෙමින් පවතින්නේ අවුරුද්දකට වතාවක් බෞද්ධ ඔබ අප හැම දෙනාට ම උදාවන කඨින පින්කම් සිදු කෙරෙන චීවර මාසයයි. මේ වර්ෂයේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනයෙන් පසු එම අවස්ථාව අප හැම දෙනාට ම අහිමි වෙනවා.

නැවත මෙම චිවර මාසය උදාවන්නේ ලබන වර්ෂයේ එනම් බුදුවසින් 2568 වප් පුර පොහෝ දිනයේ සිටයි. ඉතින් දැන් අප විසින් විමසා බැලිය යුත්තේ අංග සම්පුර්ණ කඨින පින්කමක් අප සිදු කර ගත්තා ද කියන එක ගැන යි. ඒ මොකද? කඨින චීවරයක් පූජා කරන දායක පක්ෂයටත් කඨින චීවරය ලබන උපසම්පන්න සුදුසු භික්ෂූන් වහන්සේටත් කියන දෙපක්ෂයට ම එකව වර පින් සිදුවන මහා ආනිසංශ දායක එකම පින්කම කඨින පින්කම වීම නිස යි.


බුදුරජාණන් වහන්සේ මේ කඨින චීවරයක් භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ උන්වහන්සේට පහසුවෙන් කිසිදු ශාරීරික අපහසුතාවකින් තොරව සිවුරු පරිහරණය කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවට පැහැදිලිව උන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිසයි. එය කා අතරත් ප්‍රකට කරුණක්.