Labels

Showing posts with label අති පූජ්‍ය ආචාර්ය බෙල්ලන ඤාණවිමල හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය ආචාර්ය බෙල්ලන ඤාණවිමල හිමියන්. Show all posts

Wednesday, September 16, 2015

සක්වළේ ශක්තිමත් ම දේ කුමක්ද?



මේ සක්වළේ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බොහෝ ය. ඒවා ශක්තියෙන් හා විශාලත්වයෙන් ද යුක්ත වේ. ‘මහමෙර’ එවැන්නකි. අයිස් කන්දක වුවද, මතුපිටට පෙනෙන කොටසට වඩා නොපෙනෙන දිය යට ඇති කොටස වැඩි බව මීට පෙර ඔබට පසක් කළෙමු.

Sunday, September 13, 2015

කර්මය හා පුනර්භවය


කර්මය සැමට පොදු වූවකි. දෙව් - බඹු - නර යන පිරිසට ද එය එකලෙස බලපායි. අප කළ කර්මය, සක්වළ කොතනකට අප ගිය ද සෙවණැල්ල මෙන් පසු පස ගමන් ගනී.

සක්වළ අවි සහ සිත්වල සවි බල


සිතෙහි සවිය විටක අවියකි. මෙම අවිය පණ පොවා ගත් කල ලොව කවර යුද්ධ යක් වුවද නිසැකවම දිනිය හැකිය. සක් වළ සක්මනට සිතෙහි අසිරිය අතර ඇති සවිය ද හොඳින් දිස්වෙයි. අලුත් වී මුවහත් වන සිත නමැති අවිය පිළිබඳ දිග හැරෙන කරුණු හැම කලට වලංගු වන්නකි.

පුද්ගල විවිධත්වයට සහ සමාජ විෂමතාවයට හේතු කවරේ ද ?


අතේ ඇඟිලි මෙන් සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ ස්වභාවය ද එකිනෙකාට සපුරාම වෙනස් වේ. නිලයෙන්, ධනයෙන් පමණක් නොව නිරෝගීකමෙන්, උගත්කමෙන්, සමාජ පිළිගැනීමෙන්,  ජනප්‍රියත්වයෙන් සහ ප්‍රියමනාප පෞරෂත්වය අතින් ද මේ වෙනස කැපී පෙනෙයි. මෙලෙස එකම රටක, එකම ගමක හා එකම පවුලක වුවද එක ලෙස උපත ලබන පුද්ගලයන් තුළ පවා පැහැදිලි විවිධත්වයක් පවතී. පහසුවෙන් බැහැර කළ නොහැකි මේ ගැටලු සක්වළ සක්මන – 37 වෙනි දැක්මෙන් නිරාකරණය කෙරේ

Friday, September 11, 2015

සසරක ගමන



මනුෂ්‍යයන්ගෙන් සමහරෙක් ජීවිතය අවසන් වීමෙන් පසුව දුක් බහුල වූ උපතකට පැමිණෙති. සමහරෙක් මවු කුසකට ම පැමිණෙති. සමහරු දිව්‍යාත්මයන්ට පැමිණෙත්.

Thursday, September 10, 2015

සසර දකිමු

 

සසර හරි හැටි දැකීමෙන් “නිවන” පවා දැකීමට වරම් ලැබේ. කල්ප ගණනක් සසර සැරි සරමින් සිත මිස කය නැති බඹලොව හැර බෝසත්වරු සක්වළ හැම තැන උපදිති. ඒ කෙසේද? යන්න පිළිබඳව අප කරුණු ගෙන හැර දක්වන්නට යෙදුණි. එමඟින් සසර කතරෙහි නොදුටු තවත් පැතිකඩ දෙස ‘සක්වළ සක්මන’ 30 වෙනි දැක්මෙන් මෙලෙස විමසා බලමු.

Tuesday, September 8, 2015

කර්මයයි - විපාකයයි


කර්මය ඉතා පුදුම සහගත දෙයකි. අප නොසිතූ මොහොතක, නොසිතූ ලෙස එය මතු වෙයි. එබැවින් කර්මය යනු කුමක් ද ? යන්නට වඩා එහි ප්‍රභේද කුමන ස්වරූපයක් ගන්නේ ද ? යන්න පිළිබඳව විමසා බලනු වටී. සක්වල සක්මන – 38 දැක්මෙන් කර්මයේ එකී ස්වභාවය මෙසේ දැක ගනිමු.

සසර පැවැත්ම හා ජීවන රටා

 

‘වලාහක කායිකෙ වො භික්ඛවෙ දේසිස්සාමි තං සුණාථ....” යනුවෙන් සීත වලාහක, උණ්හ වලාහක, අබ්බ වලාහක, වාත වලාහක හා වැස්ස වලාහක යනුවෙන් දෙවිවරු කොට්ඨාස පහක් වෙසෙනවා.මේ අය අතරින් ඔබ ඇසූ වැස්ස වලාහක දෙවියන් හා බැදුණූ බණ කථා සංයුක්ත නිකායේ බොහෝ සූත්‍ර දේශනාවල විස්තර වෙනවා. නමුත් වර්ෂාව ඇතිවන්නේ, වැස්ස වලාහක දෙවියන්ගේ බලයෙන් පමණක්ම නොවෙයි

Thursday, September 3, 2015

සසර පුරා අතැර නොයන ආත්මීය ආදරය



ආදරය නොදන්නා සත්වයකු සකල සක්වළේ ම නොමැති තරම් ය. එහෙත්, ඒ ආදරය තුළ ඇති ගැඹුරුබව මතුපිටින් බලන හැමට නොපෙනෙයි. සක්වළ පුරා පැතිර ඇති අමරණීය ප්‍රේමය, ‘සක්වළ සක්මන’ ට ද දිස් වේ. මෙතැන් සිට, සසර කතරෙහි අතරමංව ඔත්පල වූ සිත්වලට ප්‍රේමයේ ඔසු සොයා විශ්වයේ සැරි සරමු.

සාගර පරදන ආදර සිතිවිලි

 

ප්‍රේමය දිව්‍යමය තිළිණයක් යැයි පැවසේ. එම රමණීය ප්‍රේමය තුළ වුවද මරණීය විසකටු සැඟව නැතුවා නොවේ. එහෙත් සක්වළේ ජීවය පවතින්නේ ප්‍රේමය නිසා බව පෙනෙයි. එවන් උත්තරීතර ප්‍රේමයට අවනත නොවන දෙයක් සැබවින්ම තිබේද ? මෙබඳු බොහෝ දේ අපි සක්වළ සක්මන 32 වෙනි පියවරින් මෙසේ විමසා දකිමු.

සක්වළ එතෙරට ඇසෙන සෙනෙහසේ වෙනස



සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක් ඇතැයි පැවසේ. බොහෝවිට ඇය, ආදරණීය මව හෝ පි‍්‍රය බිරිඳ හෝ වෙයි. යහපත් බිරිඳක මවක් වැනිය. යහපත් සැමියෙකු පියෙක් බඳු ය. බුදුරදුන් මව, පියා (බ්‍රහ්මාති මාතා පිතරෝ) බ්‍රහ්මයාට ද සම කරයි. සක්වළ එතෙරට පවා ඇසෙන මේ සෙනෙහසේ ප්‍රතිරාවය ‘සක්වළ සක්මන” ට ද නොඇසුණා නොවේ. මේ එම නිම්නාදයේ 33 වෙනි විමසුම් සටහනයි.

සිත ලෙඩ වන හැටි


වරක් දෙව්රම් වෙහෙරේදී ආනන්ද හිමියන් විසින් දැඩි ලෙස රෝගීව ගිලන්ව හිටි ගිරිමානන්ද තෙරුන් පිළිබඳව බුදුරදුන්ට සැලකර සිටිනු ලැබුවා. එවිට බුදුරදුහු අනිත්‍ය,අනාත්ම, අශුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ,අනභිරත, සර්ව සංසාරයන්හි අනිත්‍ය හා ආනාපනාසති යන සංඥා අසා ගිරිමානන්ද මහණුන්ගේ රෝගාබාධ හේතු විසින් සන්සිඳෙන්නේය යැයි ආනන්ද හිමියන්ට කීහ

Wednesday, September 2, 2015

ආසනයක් පූජා කිරීමෙන් ස්වර්ණමය ආසනයක් ලත් දෙවඟනකගේ කථා පුවත


සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයකි. ඒ වන විට මගධ දේශය පාලනය කළේ පසේනදී කොසොල් මහ රජතුමා ය. රත්නත්‍රය කෙරෙහි අතිමාත්‍ර ගෞරවාදරයක් දැක් වූ එතුමාට එක් අවස්ථාවක දී අපූරු සිතිවිල්ලක් පහළ විය. ඒ ඉතිහාසයේ එතෙක් නොවූ විරූ මහා දානමය පින්කමක් පැවැත්වීමයි. මහත් භව භෝග සම්පත්තියෙන් ආඩ්ඩ්‍ය වූ මහරජ කෙනෙකුට හැර අන් කවරකුට හෝ කළ නොහැකි තරම් මහා ධනස්කන්ධයක් වැය කරමින් දින හතක් මුළුල්ලේ පැවැති මේ මහා දානය “අසදෘස මහා දානය” නමින් හැඳින්විණි. අසදෘස මහා දානයෙන් උද්දාමයට පත් අනේපිඬු, විශාඛා ආදී ප්‍රභූවරු ද මහදන් පවත්වන්නට වූහ. මේ නිසාම ජේතවනාරාම භූමිය උත්සවශ්‍රීයෙන් ද මහා ජන සන්නිපාතයෙන් ද මහා සංඝ රත්නයෙන් ද නිරන්තරයෙන් ම පිරී පැවතිණි.

නුපුරුදු අය සුපුරුදු අය ලෙස පෙනෙන්නේ ඇයි?


එක ජීවිතයකදී තමා සමග ආදරයෙන් බැඳී සිටි කෙනෙකු නැවත ජන්මයකදී හමු වූ විට පෙර පැවැති සුහදබව හා ළබැඳි බව යළිත් පිබිදෙනවා. බොහෝ විට, එවැනි සමානකම් ඇති වෙනත් කෙනෙකු දැකීමෙන් වුවත් සුපුරුදු ලෙස පෙනෙන්නට පුළුවන්. මෙය වළකා ගැනීමට අනෙක් තැනැත්තා හෝ තැනැත්තිය දක්වන ප්‍රතිචාරය උපකාරී වෙනවා.

සසර සරණ ආදර බැඳීම්

 

සත්වයා දැන හෝ නොදැන පෙම් දම්වැලෙන් සසර බැඳ තබා තිබේ. චක්‍රයක් (රවුමක්) බඳු පෙම් මුදුවෙහි ද අගමුල නොපෙනෙයි. එම පෙම් චක්‍රය තුළ අප ඇලෙමින්, ගැටෙමින් භ්‍රමණය වෙමින් සසර සැරිසරමු. ‘සක්වළ සක්මන’ 35 වෙනි දැක්මෙන් එබී බලන්නේ, අප ඒ දෙසයි.

තමාට තමාවත් නැතිනම්...



යොවුන් බව ජරාවට, දිරීමට පත්වීමෙන් එනම් වයස්ගත වීමෙන් අවසන් වේ. රැස් කරන ලද මහත් ධනය, වස්තුව විනාශවීමෙන් අවසන් වේ. එක්වීම වෙන්වීමෙන් කෙළවර වේ. ජීවිතය මරණයෙන් අවසාන වේ. මේ පිළිබඳ සිහිනුවණින් මෙනෙහි කරන අයට ජීවිතයට නොබියව නොපැකිළව මුහුණ දිය හැකිය.

Saturday, August 29, 2015

බුද්ධාන්තර හතක් දුක් විඳින සත්වයෝ



පෙරට යාමත්, වීර්ය වැඩීමත්, නිරෝගී වීමත්, යථාවබෝධයත් හා චිත්ත ඒකාග්‍රතාවයත් ‘සක්මනේ අනුසස්’ වේ. එහෙයින්, දිනෙන් දින රටින් රට සිට “සක්වළ සක්මන” ට එක්වන ප්‍රඥාවන්තයෝ බොහෝ වැඩි වෙති. එනම්, සසරක් තුළ දකින සක්වළ අසිරිය, වසරක් තුළ අප ඔබට සමීප කරන බැවිනි. අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල, මහ නා හිමියෝ සියවස් සපිරි ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන සක්වළ සක්මනේ නමවැනි පියවරයි මේ.

විඳින විඳවන විවිධ ලෝක

 

දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය හා අපාය යන ලෝකවලට මැදිව තවත් ලෝකයක් තිබේ. ඒ ප්‍රේත ලෝකයයි. නිජ්ඣමතණ්හා, ඛුප්පිපාසා හා කාලකඤ්ජා නමින් එහිද විවිධ ප්‍රභේද පවතී. දරුණු දුක් ගැහැට විඳි ප්‍රේත තතු ගැන ‘සද්ධර්මරත්නාවලියෙහි’ දැක් වේ. “සට්ඨිකූට ප්‍රේතයා” එවැන්නෙකි. මහ නාහිමියන්ගේ ඤාණාවලෝකනයෙන් තරණය කෙරෙන “සක්වළ සක්මනේ “දහවන පියවරෙන් ප්‍රේත ලෝකය මෙසේ දැක ගනිමු.

තිරිසන් ලෝකයේ ස්වභාවය


මහ නායක හාමුදුරුවනේ, මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය අතර ඇති වෙනස කුමක්ද ?

අපාය සහ මළ මුහුද



පොළව තලයෙහි, අවකාශයෙහි හා ඉහළ බඹතලවල මෙන්ම පොළව අභ්‍යන්තරයෙහි වෙසෙන ජීවී කොටස් සක්වළෙහි සක්මන් කරන අපට පෙනෙයි. පිනෙන් පිරි ජීවීන් ඉහළටත්, පවින් බර ජීවීන් පහළටත් සසරෙහි ගමන් ගනී.  එබැවින් මෙවර, අපායේ ස්වභාවය ද අපගේ විමසුම් ඇසට හසුවේ.