Labels

Showing posts with label දෙවියන් සහ බුද්ධ දර්ශනය. Show all posts
Showing posts with label දෙවියන් සහ බුද්ධ දර්ශනය. Show all posts

Friday, March 9, 2018

වපුරන්නේ යම් දෙයක් ද අස්වැන්න ද ඒ අනුව ය

ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, නිබඳව ම සිහි කළ යුතු කාරණා තුනක් ගැන බුදුන් වහන්සේ දේශනා කර වදාළා. එය සඳහන් වන්නේ අංගුත්තර නිකායේ පාන සූත්‍රයේ ය.


පළමුව උදේ සවස මෙසේ සිතන්නට කියනවා ‘මම කර්මය ස්වකීය කරගත් අයෙක් මි.(කම්මස්සකො හි)’ මම කර්මය දායාදය කර සංසාරයේ ගමන් කරන්නෙක් මි.(කම්ම දායාදෝ)’ මම කර්මය පිළිසරණ කරගත් අයෙක් මි. (කම්ම පටිසරණො)’ මට සිටින එකම ඥාතියා එකම නෑදෑයා මා රැස්කර ගත් කර්මය යි.( කම්ම බන්ධු)’, කර්මය මත යි මා උප්පත්තිය ලබා තිබෙන්නේ. ( කම්ම යෝනි)’ මනු ලොව ද , දෙව් ලොව ද , අපායෙහි ද මේ උපත තීරණය වන්නේ මා පෙර රැස්කරගත් කර්මය අනුව යි.

Monday, March 5, 2018

දේවාශිර්වාදය ලබන්නට නම්..

බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අධිෂ්ඨාන ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ කර ගැනීමට අපි සැවොම කැමැත්තෙමු. ඒ සඳහා නිරතුරුව උත්සාහ ගනිමු. නොයෙක් ක්‍රමෝපායන් යොදමු. එහි දී ඇතැම් බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මිථ්‍යා දෘෂ්ඨික ක්‍රම අනුගමනය කිරීමට ය. තම ලාභ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා භූමාටු මට්ටමේ දෙවියන් වැඩ හිඳින දේවාලවලට ගොස් දෙවියන් යැදීමට, භාරහාර වීමට, පූජා වට්ටි දීමට පුරුදු වී සිටිති. එයට හේතුව මොවුන් සැබෑ ලෙස ම තිසරණය තුළ ස්ථාපිත වී නොතිබීම ය. ඒ වගේම බුදුන් සරණ ගිය පින්වත් දෙවිවරු ගැන නොදන්නාකමයි.
ඒ නිසා මේ ලිපියෙන් අප කියා දෙන්නේ අවබෝධාත්මක ලෙස තිසරණය තුළ ස්ථාපිත වී සිටින පින්වත් දෙවිවරුන්ගේ වන්දනාව හා ආශීර්වාදය ලබාගැනීම පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව දිව්‍ය ලෝක හයක් ගැන අපට අසන්නට ලැබේ. ඒවා නම් චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්ති යන දිව්‍ය ලෝකයන් ය.
චාතුර්මහා රාජිකයේ වැඩ සිටින්නේ සතරමහා දෙව්රජ දරුවන්, එනම් නැගෙනහිර දිසාවට අධිපති ගාන්ධර්වයන්ට අධිපති ධ්‍රැරාෂ්ඨ දෙව් මහ රජු, ඒ වගේම දකුණු දිශාවට අධිපති කුම්භාණ්ඩයන්ට අධිපති, විරූඪ දෙව් මහ රජු, ඒ වගේ ම බටහිර දිසාවට අධිපති නාගයන්ට අධිපති, විරූපාක්ෂ දෙව් මහ රජු, උතුරු දිශාවට අධිපතිත්වය දරන්නේ යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙව්මහ රජුන්ය.
තාවංතිසයත් චාතුර්මහාරාජිකයත් යන දෙදෙව්ලොවටම අධිපතිව කෝටි සංඛ්‍යාත දෙව් පිරිස් පාලනය කරන සෝවාන් ඵලයට පත්ව සිටින උතුම් දිව්‍ය රාජයා වන්නේ සක්දෙව් මහා රජු ය. යාමයට අධිපතිව වැඩ වසන්නේ සූයාම දිව්‍ය පුත්‍රයා ය. තුසිතයට අධිපතිව වසන්නේ මතු බුදුවන සංතුසිත දිව්‍ය රාජයා ය. සුනිම්මිත දිව්‍ය රාජයා නිම්මානරතියට අධිපතිව වැඩ වසති. වසවර්ති දිව්‍ය රාජයා වැඩ වසන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයට අධිපතිවයි.

Thursday, February 22, 2018

ධර්ම මාර්ගය තුළ රැකවරණය


විමාන වත්ථුවෙහි සඳහන් වෙන සේ , මුගලන් මහ රහතන් වහන්සේ දෙව් ලොව වැඩම කර, දෙවිවරුන්ගෙන් තොරතුරු විමසා බැලූහ. පින්වත් දෙවිය, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ කුමන පිනක් හේතුවෙන් ද? පින්වත් දෙව් දුව, ඔබ මෙතරම් අලංකාර දිව්‍ය ශරීරයක් ලබා ඇත්තේ කුමන පිනක් බලවත් වී ද? මෙතරම් දිව්‍ය සැප සම්පත්, ලැබුණු දිව්‍ය යානාවන් කෙතරම් ලස්සන ද? ඔබ මෙතරම් සැප සම්පත් ලබන්න පෙර ජීවිතයේ කොහේ සිටියා ද? කළ පින්කම් මොනවාදැ’යි විමසූ විට, ස්වාමීනි, මා කළ පින ම සිහි කරමින් සිටිය දී එය මරණ මංචකයේ ද බලවත් වුණා. ඒ පිනෙන් ම තමා දෙව් ලොව උපත ලැබීමට හේතුව යැ’යි පැවසුවා ය. එවිට ඒ පින්වතුන්ට මරණ මංචකයේ දී පින සිහි කරගන්නට පුළුවනි.
සිහියෙන් මිය යන්නාට අඩුම තරමින් තමා අසළ සිටින පුද්ගලයාට හෝ කළ පින සිහි කර දිය හැකි යි. ඒ නිසා අපේ අතීත මුතුන් මිත්තන් පවා පින් පොත් සටහන් කර තැබුවා. ඔවුන්, මරණ මංචකයේ ද පිනක් සිහි කරගෙන සුගතිගාමී වෙන්නට සුවිශේෂී උත්සාහයක් දැරුවා.

Wednesday, February 14, 2018

පෙර අකුසලයකින් වන අනතුර සුගතියට බාධාවක් ද ?

රෝගියාගේ සිහි කල්පනාව නොමැති වුව ද සිතිවිලි පරම්පරාව නැති වී නොමැත. මනසේ සිතිවිලි පරම්පරාව නොසිඳී තිබෙන්නෙකි. එය පිරිනිවන්පාන මොහොත දක්වා ම සිතත් සමඟම සිතිවිලි පරම්පරාව නොනැවතී දිගින් දිගට ම බැඳී පවතී. යම් මොහොතක රෝගියා ස්වයංක්‍රීය මැෂිමෙන් ඉවත් කිරීමේ දී පිනට අනුව මතුවූ කුසල සිතිවිල්ලකට අනුව දිව්‍ය තලයක උපත ලබයි. "

සෝතානුදත සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ තෙවන පින්වතා මනු ලොව හොඳින් ධර්මය අසන ලද, ධර්මය ශ්‍රවණය කළ , ධර්මය ප්‍රගුණ කළ අයෙකි. ඔහු සුතා, දතා, වචසා පරිචිතා, මනසානු පෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා වැඩූ පින්වතෙකි. මනු ලොව ධර්මය වඩමින් කාලයක් ගත වෙද්දී ඒ පුද්ගලයා ද පෙර සේ ම අනතුරකින් හෝ සිහි මුළාව මිය යා හැකි යි. ඇතැම් විට කෝමා වැනි රෝගී තත්ත්වයකින් කෙනෙක් නොමැරී සිටිය ද, දෙනෙත් විවර නොකර සිටියි. ඇතැම් විට කනට කර කතා කළ ද කිසිදු ප්‍රතිචාරයක් නො දක්වයි. එවිට යමෙකුට, ඒ පුද්ගලයා කළ පින්කම් ගැන ආවර්ජනය කරන්නට අසීරු වෙයි. ඒ රෝගී පුද්ගලයාට තේරෙන දසුනක් ද නොවෙයි. ඔහු නොමැරී සිටිය ද ඇතැම් විට ස්වයංක්‍රීය මැෂිමක් ආධාරයෙන් ජීවත් වෙයි. කාලයක් යද්දී මේ රෝගියාගේ මොළය මිය ගොස් ඇති බැවින් ස්වයංක්‍රීය මැෂිම ගලවන්නට සිදු වන බවට වෛද්‍යවරු අනතුරු අඟවති. ඇතැම් විට දරුවන්ට පවා අකැමැත්තෙන් වුව ද මේ සඳහා කැමැති වන්නට සිදු වේවි.


මෙලෙස රෝගියාගේ සිහි කල්පනාව නොමැති වුව ද සිතිවිලි පරම්පරාව නැති වී නොමැත. මනසේ සිතිවිලි පරම්පරාව නොසිඳී තිබෙන්නෙකි. එය පිරිනිවන් පාන මොහොත දක්වා ම සිතත් සමඟම සිතිවිලි පරම්පරාව නොනැවතී දිගින් දිගට ම බැඳී පවතී. යම් මොහොතක රෝගියා ස්වංක්‍රීය මැෂිමෙන් ඉවත් කිරීමේ දී පිනට අනුව මතුවූ කුසල සිතිවිල්ලකට අනුව දිව්‍ය තලයක උපත ලබයි.

Thursday, February 1, 2018

සිහි මුළා ව මිය ගියොත් ඉරණම..

සෝතානුදත සූත්‍රයට අනුව බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, දෙව්ලොව උපත ලබන දෙවන දේවතාවා මෙසේ වන බව යි. පළමු දේවතාවා සේ ම දෙවැන්නා ද මනු ලොව දී හොඳින් බණ අසන කෙනෙකි. (සුතා).එසේ ම අසන ධර්මය හොඳින් ධාරණය කරන්නෙකි.(දතා). ඒ ධර්මය වචනයේ පුරුදු පුහුණු කරන්නෙකි(වචසා පරිචිතා), එනම්, සෑම මොහොතක ම මේ ඇස අනිත්‍යය යි. කන අනිත්‍යය යි, නාසය අනිත්‍ය යි, දිව අනිත්‍ය යි. කය අනිත්‍ය යි. යනුවෙන් පුරුදු පුහුණු කරන්නෙකි.

බුදුගුණ සිතමින් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම අරහං, සම්මා සම්බුද්ධ යැ’යි සිතයි. ධර්මය වදනින් නිබඳව ම පුරුදු පුහුණු කරයි. එසේ ම, එය මනසින් නොහොත් නුවණින් විමසයි. (මනසා පෙක්ඛිතා), භාවනා වශයෙන් ගැඹුරින් විමසා බලයි. එලෙස විමසීමේ දී ඒ ධර්මය තමාගේ අවබෝධයෙන් තම නුවණට ටිකෙන් ටික වැටහී යයි.

මේ අයුරින් ධර්මය වඩාගෙන යද්දී, යම් හේතුවකින් කෙනෙක් සිහි මුළාව කාලයක් සිට මිය ගියොත්, ඇතැම් විට රිය අනතුරකින් හෝ සිහිකල්පනාව නොමැති ව මිය ගියොත්, ඔහුගේ ඉරණම මෙසේ යැ’යි බුදුන් වහන්සේ වදාළ සේක. ‘මහණෙනි, පළමු පින්වතා දෙව්ලොව උපත ලැබුවේ පෙර පින නිසයි. ඒ තැනැත්තාට පෙර මතකය තනිව ම මතකයට නැඟෙයි. නමුත්, ‘මහණෙනි, මේ දෙවන පින්වතා ජීවත් ව සිටියදී මනු ලොව දී හොඳින් පින්කම් කළ තැනැත්තෙකි. ඒ නිසා අන්‍යතර දේවනිකායකට, පිනට අනුව ම ඇදී යයි. සිහියෙන් කෙනෙකු මිය ගියොත් සිත පිහිටුවා උපත ලබන්නට පුළුවනි. මා චාතුර්මහාරාජික දෙව්ලොව උපත ලබනවා. මා මෙසේ පින් දහම් කළා යැ’යි සිත පිහිටුවා ගත්විට එහි උපත ලබයි. දේවතානුස්සති වැනි භාවනාවක් වඩා මරණමංචකයේ දී පින බලවත් ව, සිත පිහිටුවාගෙන දෙව් ලොව උපත ලබයි. නමුත්, මරණාසන්න මොහොතේ සිහි මුළා වුණොත් , පිනට අනුව අන්‍යතර දේව නිකායක උපත ලැබූව ද,

Wednesday, January 24, 2018

සිහි මුළා වූවොත්..

බුද්ධ දේශනාවට අනුව සෝතානුදත යනුවෙන් සූත්‍රයක් තිබෙයි. එය ඉතාමත් ම වැදගත් ය. බොහෝ වේලාවට බණ ඇසූ, බවුන් වැඩූ, ධර්මය වඩා, පින්කම් කළ, උපාසක උපාසිකාවන්ට මරණාසන්න මොහොතේ දී විවිධාකාර අනතුරු ඇති විය හැකි යි. ඇතැම් විට මොළයට හානිදායක විය හැකි යි. ඇතැම් විට ස්නායු ආබාධ විය හැකි යි. එවැනි හේතු මත සිහි මුළා වන්නට ඉඩ ඇත.

ඇතැම් විට දුශ්ශීල කෙනෙකුගේ අකුසල් බලවත් ව, සිහි මුළා විය හැකි යි. එලෙස සිහි මුළා වන්නා ඒකාන්තයෙන් අපායගාමී වෙයි. බුදුන් වහන්සේ ශීල විපත්ති අතර පෙන්වා වදාළේ, දුශ්ශීල වූවෝ සිහි මුළාව මරණින් මතු අපායගාමී වන බවයි. එය දුශ්ශීලයාට ලැබෙන විපාකය යි. නමුත්, කෙනෙක් හොඳින් සිල් රැක, දන් දී භාවනා කළ ද, ධර්මය දියුණු කළ ද , එවැන්නෙකුට වුව ද දුශ්ශීල ව සිහි මුළා විය හැකි යි. ඇතැම් විට අනතුරකින් ස්නායු ආබාධයක් ඇති විය හැකි යි. ඇතැම් විට මොළයේ ශල්‍ය කර්මයක් නිසා ක්‍රමයෙක් සිහි කල්පනාව ටිකෙන් ටික අඩු වී සිහිය නොඑන්නට ද පුළුවනි. ඇතැම් විට පාකින්සන් , කෝමා වැනි රෝගයන් නිසා මොළයේ ස්නායු මැරී යන්නට පුළුවනි. ඇතැමුන් හදිසි අනතුරු නිසා අවුරුදු ගණනාවක් දිවි ගෙවන්නේ තාක්ෂණික මෙවලම් තුළ යි. මේවා කායිකව සතර ධාතූන්ගෙන් හටගත් මේ ශරීරයට සෑදිය 

හැකි අනතුරු වෙයි. මෙවැනි ලෙඩ රෝග නිසා, බණ භාවනා කළ කෙනෙකු පවා සිහි මුළා විය හැකි යි. එවිට කෙනෙකුට මෙසේ සිතෙන්නට පුළුවනි. අනේ! එසේ වූ විට අප කළ පින්කම් එකක්වත් වැඩකට නැති වෙයි ද? සිහි මුළා ව මිය ගියොත් වැඩක් නෑ නේද? යනුවෙනි.

Friday, December 29, 2017

පින්බර චුති සිත දෙව්ලොව උපත ගෙනෙයි


 මනු ලොව දී නිවනින් සැනසෙන්නට උත්සාහ නොදරා වෙනත් පිනක බල මහිමයෙන් මෙලෙස දෙව් ලොව උපත ලබන පින්වත් අය ද සිටිති. ඔවුහු දිව්‍ය සැප සම්පතින්, දිව්‍ය කාමයන්ට මුසපත්ව, නන්දන වනයට පිවිසෙමින් දෙවි දේවතාවුන් පිරිවරාගෙන ප්‍රීතියෙන් කාලය ගෙවති. ඇතැම් අය තමන්ගේ පින ගෙවී අවසන් වෙද්දී දිව්‍ය ලෝකයෙන් චුතව නැවත සතර අපායගාමී වෙති."

කවර ආගමක, කවර දෘෂ්ඨියක සිටිය ද, අසරණයෙකුට අනුකම්පාවෙන්, කරුණා පෙරදැරි ව උදවු උපකාර කිරීම පින්කමකි. මෙවැනි පින්කම්වල නියැළෙන ඇතැම් පිරිස් රැස් කරගන්නා පිනේ මහිමයෙන් සුගතියක උපත ලබයි. ඇතැම් විට දිව්‍ය තලවල පවා උපත ලබන්නට භාග්‍ය ලබයි. නමුත්, ඒ අය දෘෂ්ටි වශයෙන් සම්මා දිට්ඨියක් තුළ උපත ලබා නැහැ. එවැනි දෙවිවරුන්ට දෙව්ලොව දී ධර්මය ඇසුණ ද, ඒ අය ධර්ම මාර්ගයට යොමු වන අවස්ථා දුලභ ය. එහෙත් ඔවුහු සැප සම්පත්වල, දිව්‍ය කාමයන්හි මුසපත් වී විනෝදයෙන් සතුටෙන් ජීවිත ගත කරති. එවැනි දෙවිවරු චුත වන්නේ කෙසේද? යන්න බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.

‘මහණෙනි, බොහෝ දෙවිවරු පෙර පිනේ මහිමයෙන් දෙව් ලොව උපත ලබති. විමාන වත්ථුවෙහි සිය ගණනක් කතා අතර ඇත්තේ පෙර පින් මහිමයෙන් දෙව් ලොව උපත ලැබූ දෙවිවරුන්ගේ කතා පුවත් ය. එහි එක්තරා පින්වන්තියක්, මුගලන් මහ රහතන් වහන්සේට මෙලෙස පවසා ඇත. “ස්වාමීනි,

Wednesday, December 27, 2017

දෙව් ලොව - බඹ ලොව ධර්මය බහුල යි

බුදුන් වහන්සේ වදාළ සේ මනු ලොවට ආසන්නව ම දිව්‍ය කොටසක් සිටී. ඒ ගහ කොළ, කඳු පර්වතයන් ආදී මිනිස් ලොව ඇසුරු කරමින් ඉහළ අහස් තලයේ ජීවත්වන දෙවි දේවතාවුන් ය. ඒ අය හඳුන්වන්නේ භූමාටු දෙවියන් නමිනි. බුදුරජණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන් මුලින් ම ‘බුම්මානං දේවානං සද්ධං සුත්වා චාතුර් මහා රාජිකා දේවා සද්ධ මනුස්සා වේසුං’ යනුවෙන් ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ හ¾ඩ රැව් පිළිරැව් දී ඉහළ අහස් තලය සිසාරා අකනිටා බ්‍රහ්ම තලය දක්වා දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා.

පොළොව ආශ්‍රිත දේවතාවන්ගේ ආයුෂයන්හි යම් අඩු වැඩිකම් තිබුණ ද ඊට ඉහළින් පිහිටා ඇති චාතූර් මහා රාජිකයේ දිව්‍ය ආයුෂ එකම මට්ටමක පවතී. මනු ලොව වර්ෂ පනහක් චාතූර්මහා රාජිකයේ එක් දිනයක් ලෙස ගෙවී යයි. එනම්, මනු ලොව අවුරුදු පනහක් චාතූර්මහා රාජිකයේ දෙවියන්ට එක් දවසක් වෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, මනු ලොව වසර දෙදාස් පන්සිය හැට එකක් අවසන් වෙද්දී එය චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට දින පනස් තුනක් වෙයි. ඒ අනුව චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට මාස දෙකක්වත් නැතිවා වගෙයි. ඒ මඟ ඵල ලාභී දෙවිවරුන්ට බුදුන් වහන්සේ ළඟ ළඟ ම පිරිනිවන් පෑවා සේ දැනී යයි.

Thursday, December 14, 2017

එදා රහත් නොවූ මඟඵල ලාභීන් අද ඉන්නේ කොතැන ද ?

පනස් හතර කෝටියක් ධනය වියදම් කර ජේතවනාරාමය පූජා කළ අනාථ පිණ්ඩික සිටුතුමා අනාථ පිණ්ඩික දෙවියන් ලෙස දෙව්ලොව පහළ වුණා. එදා රාත්‍රියේ බුදුන් වහන්සේ හමුවට පැමිණි අනාථ පිණ්ඩික දෙවියන් බුදුන් වහන්සේ වන්දනා මාන කර අතුරුදන් වුණා.

බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන් ද මනු ලොව දී කළුරිය කර මාතෘ දිව්‍ය රාජයා නමින් දෙව් ලොව උපත ලැබුවා. විශාඛාව ද සෝවාන් වූ පින්වත් උත්තමාවියක්. ඇයගේ අවසන් මිනිස් භවය මෙය යැ’යි බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. විශාඛාව මරණින් මතු උපත ලැබුවේ නිම්මාණරතී දෙව් ලොව යි. එහිදී සකෘදාගාමී ඵලයට පත්ව පරනිම්මිත වසවර්ති දෙව්ලොව උපත ලබනවා. එහිදී ඇය අනාගාමී ඵලයට පත්ව ශුද්ධාවාස බඹ ලොව උපත ලබා පිරිනිවන් පාන බව සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. එසේනම්, මාර්ග ඵල ලාභී සියලු ම ගිහි චරිත උපත ලබා ඇත්තේ දෙව් ලොව සහ බඹ ලොව යි.
දෙව් ලොව සම්මා දිට්ඨික මෙන් ම මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු වාසය කළ ද ඒ පින්බර ලෝක මාර්ග ඵල ලාභී දෙවි බඹුන්ගෙන් බහුලව පිරී තිබෙයි. “අප්පතිවත්තියා වා - සමණේන වා, බ්‍රාහ්මණේන වා - දේවේන වා, මාරේන වා, බ්‍රහ්මුණාවා ඛේනචි වා- ලෝකස්මිං” යනුවෙන් ලොවුතුරා බුදු කෙනෙකු මිස වෙනත් කිසිවෙකුට දේශනා කළ නොහැකි ධම්මචක්ක සූත්‍රයෙන් නිවන් මඟ වදාළ අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන්ගේ සිටම අකනිටා බඹ ලොව දක්වා ම දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ අනුව, දෙවිවරු බුද්ධ ශාසනයේ දියුණුව, චිර පැවැත්ම වෙනුවෙන් උදවු උපකාර කරන බව දේශනාවේ සඳහන් වෙයි.

Tuesday, November 21, 2017

සක් දෙවිඳුන්ගේ මුනිගුණ වැයුම්...

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ, මිනිසුන්ගේ පමණක් නොව දෙව්බඹුන්ගේ ද ශාස්තෘන් වහන්සේ වෙති. බුදුරජාණන් වහන්සේට “සත්ථා දේව මනුස්සානං” කියන්නේ එහෙයිනි.

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන අවස්ථාවේ මිනිස් ලොව ඒ සදහම් ශ්‍රවණය කළේ පස්වග තවුසන් වහන්සේලා පමණ යි. එහෙත් භූමාටු දෙව්ලොව පටන් අකනිඨා බඹලොව දක්වා ඒ දෙසුමට සවන් දුන් කෝටි සංඛ්‍යාත දෙවියන්, බ්‍රහ්මයන් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් බවට පත්වුණා. රතන සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය ආදී දේශනාවන් සිදු කරද්දීත් දහස් ගණනින්, ලක්ෂ ගණනින් දෙවියන්, බ්‍රහ්මයන් ධර්මාවබෝධ කළා. චාතුම්මහාරාජික, තාවතිංස දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් ද මහත් වූ දිව්‍ය පිරිසක් සමඟින් පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූ අයුරු සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. දෙවියන්, බ්‍රහ්මයන් හා දහම් පිළිසඳරේ යෙදෙමින් පුන් පොහෝ දින දහමේ හැසිරෙන ආකාරය ගැන විස්තරයක් දීඝ නිකායේ ‘මහා ගෝවින්ද’ සූත්‍රයේ සඳහන් වෙනවා.


සම්බුදු ගුණ


භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළුපව්වේ වැඩ සිටියදී පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසිනුයි මේ විස්තරය හෙළි කරනු ලබන්නේ. පංචසිඛ භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, වස් පවාරණය කළ පසළොස්වක පොහොය දිනක රාත්‍රියේ තව්තිසා දෙව්ලොව සුදම් සභාවට බොහෝ දිව්‍ය පිරිසක් එකතුවුණා. විරූඪ, විරූපාක්ෂ, ධ්‍රැතරාෂ්ඨ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන් පෙරටු කරගෙන සක් දෙවිඳුන් වාඩි වී සිටියා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, යම් දෙවි කෙනෙක් මිනිස් ලොවේ දී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරා දෙව්ලොව උපත ලැබුවා ද, ඒ දෙවිවරු ශරීර සෝබාවෙනුත්, යසසිනුත් අනෙක් දෙවිවරු අභිබවා බබළනවා.

සම්බුදු සසුනේ චිර පැවැත්මට උපකාර කරන දෙවිවරු

මනු ලොව සිට තව්තිසා දෙව්ලොවට දුර යොදුන් අසූ හාර දහසකි. මෙහි ශක්‍ර දෙවියන් වැඩ සිටියි. චාතුර් මහා රාජිකයේ සහ තව්තිසා දෙව්ලොව දෙකෙහි ම අධිපතියා ශක්‍ර දෙවියන් ය. ඒ නිසා ශක්‍ර දෙවියන් හඳුන්වන්නේ දෙදෙව් ලොවට අධිපති යනුවෙනි. මේ දෙවියන් බොහෝ අවස්ථාවල බුද්ධ ශාසනය වෙනුවෙන් මැදිහත් වෙයි. බුද්ධ දේශනාවට අනුව දීඝ නිකායේ සක්ඛ පඤ්ඤ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ශක්‍ර දෙවියන් සෝවාන් ඵලය ලැබුවේ ය.
තව්තිසා දෙව් ලොවට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් යාම දෙව්ලොව පිහිටා ඇත. එතැන් සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් ඇත්තේ තුසිත දෙව් ලොව යි. බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ තුසිත දෙව් ලොව සිට යි. ගෞතම බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ වෙසෙද්දී දෙවියන් විසින් මෙලෙස ආරාධනා කරනු ලැබී ය. “කාලො යන්තෙ මහා වීර – මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේට දැන් කාලය යි. උප්පජ්ජ මාතු කුච්චියං - මිනිස් මව් කුසක පිළිසිඳ ගන්න. ‘සදෙවකං ථාරයන්ථො බුද්ධස්ස අමතං පදං’ - අමෘත නිවන අවබෝධ කරගෙන දෙව්, මිනිස් ලෝකයා සසර දුකෙන් එතෙර කරවන්න මනු ලොවට වඩින්නැ’යි ආරාධනා කරනු ලැබී ය. ඉන්පසුව බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා මනුලොව පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගත්තහ.
තුසිත දෙව්ලොව සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් නිම්මාණරතී දෙව්ලොව පිහිටා තිබෙයි. එතැන් සිට තවත් යොදුන් හතළිස් දෙදාහක් ඉහළින් පරනිම්මිත වසවර්ති දෙව්ලොව පිහිටා ඇත. මේ සෑම දිව්‍ය ලෝකයක් අතරම පරතරය යොදුන් හතළිස් දෙදාහක් බව අටුවා දේශනාවල සඳහන් වෙයි. එතැනින් ද ඉහළට පිහිටා ඇත්තේ බ්‍රහ්ම තළයි. මහා බ්‍රහ්ම, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත , ආදී ඉහළට රූපාවචර බ්‍රහ්ම තළ දාසයක් සහ තවත් ඉහළින් අරූපී බ්‍රහ්ම තළ සතරක් පිහිටා තිබෙයි. ඒ ආකාසඤ්චායතන, විඤ්ඤාණංචායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ආදිය අරූපී බ්‍රහ්ම තළයි.

Monday, November 20, 2017

බුදුරදුන් දවස බණ ඇසූ දෙවිවරු

බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙව්, බඹුන්ට ද නිවන් මඟ වදාළ අසම සම ආචාර්යවරයෙක් වූ සේක. ඒ නිසාම ‘සත්ථා දේවමනුස්සානං’ යනුවෙන් අපි උන්වහන්සේ හඳුන්වමු. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පිරිනිවන් පාන මොහොත දක්වා ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර, ධර්මාවබෝධය ලැබූ ප්‍රමාණය සූවිසි අසංඛ්‍යය නවකෝටි හැටලක්ෂයක් ලෙස සඳහන් වෙයි.


මේ පිරිසෙන් බහුලව ම ධර්මය අවබෝධ කළේ දෙව්, බඹුන් වෙයි. මනුලොව ඉතාම සුළු පිරිසක් ධර්මාවබෝධය ලැබූ බව ධම්ම චක්ක දේශනාවට අනුව පැහැදිලි වෙයි. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම බුද්ධත්වය ලබා පවත්වන ප්‍රථම ධර්ම දේශනය ධම්මචක්කපවත්වන සූත්‍රය යි. එය දේශනා කර වදාළේ මුවන්ට අභය දානය ලබාදුන් ඉසිපතන මිගදායේ සිට යි. ඒ සුමධුර සදහම් දෙසුම ශ්‍රවණය කළේ මනු ලොව මිනිසුන් පස් දෙනෙක් පමණ යි. ඒ අතුරින් කොණ්ඩඤ්ඤ තවුසා හැර අනෙක් සිව් දෙනාට ම බෝසතාණන් වහන්සේ ඇත්තට ම බුදු වුණාදැ’යි සැකයක් පහළ වුණා.

Sunday, April 16, 2017

සිරිපා අඩවිය සුරකින සුමන සමන් දෙවියෝ

අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව නව වසක් ගත වූ තැන ලංකාවේ මහියංගණයට වැඩම කොට යක්ෂයන් දමනය කර දහම් දෙසූ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළ සුමනකූටවාසී මහා සුමන නම් වූ දිව්‍ය රාජයා සෝවාන් මාර්ගඵලයට පත් වූ බව මහාවංසයේ පළමු පරිච්ඡේදයේ සඳහන් වී ඇත. ඉන් අනතුරුව සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා භාණ්ඩයක් ඉල්ලූ අවස්ථාවේදී කේශ ධාතුන් වහන්සේලා මිටක් ලත් අතර එය රන් කරඬුවකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිටි තැන ඉඳුනිල් මුවා සෑයක් කොට එහි නිදන් කරන ලද බව එහිම සඳහන් වී ඇත.
ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ලොව ඉදිකළ මුල් ම චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්නේ සුමන සමන් දෙවියන් විසින් ඉදිකරන ලද මහියංගණ සෑයයි. බුදුරජාණන් වහන්සේ තෙවැනි වර මේ ලක්දිවට වැඩි මොහොතේ සුමන කූටයට වැඩම කොට සිරිපා සලකුණ එම පර්වත මස්තකයෙහි පිහිට වූ සේක. මෙලෙස බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේදීම උන්වහන්සේගේ විශේෂ සැලකීමකට භාජනය වූ සුමන සමන් දෙවියෝ ලක්දිව සතර දිසාවට අධිපති දෙවිවරුන් අතර එක් අයෙකි.
විෂ්ණු දෙවියන් දෙවිනුවරටද, විභීෂණ දෙවියන් කැලණියටද, කඳ සුරිඳුන් කතරගමටද, සමන් දෙවියන් සබරගමුවට ද අධිපති දෙවිවරුන් ලෙස සැලකේ. ඒ දෙවිවරුන් අතර ඉතාමත්ම ප්‍රසන්න ලීලාවෙන් මෙත් සිත හා කරුණාව උතුරා යන බැල්මෙන් ලොව සනසාලන්නේ සුමන සමන් දෙවියෝය.

Sunday, February 12, 2017

දෙව් සැපත් හරි වෙනස්‌...

දිව්‍ය ලෝක හයක්‌ තිබෙන බව අපි දනිමු. පහළ සිට ඉහළට එම දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය මෙන්ම අනෙකුත් සැප පහසුකම් හා බලයද වැඩිය. ඉන් එක්‌ දිව්‍ය ලොකයක්‌ ගත්තද එහි වාසයකරන සියලු දෙවියන් එක්‌ ආකාර ජීවිත ගත නොකරයි. ආයුෂ, බලයෙන් හා තේජසින් එකිනෙක දෙවියන්ගේ ස්‌වභාවය හා ගති ලක්‌ෂණ වෙනස්‌ය. ආයු, වර්ණ, සැප,බල, ප්‍රඥ යන පංච ගතිද එකිනෙකට වෙනස්‌ය.මිනිස්‌ ලොවගත කළ කාලය තුළදී සිල්වත්ව වාසය කිරීමේ පින තුළින් දෙව්ලොව උපත ලැබුවද, දන්දීම, පරිත්‍යාග කිරීම, ප්‍රගුණ කර නොතිබුණේ නම් ආයුෂ, වර්ණ, සැපය, බලය, ප්‍රඥව කාරණා නොලැබෙනු ඇත. ඒවා ලැබෙනුයේ දන්දීමේ ආනිශංස මතයි. මේ නිසා එකම දෙව් ලොවක උපත ලබන දෙවියන් අල්පේශාක්‍ය හා මහේශාක්‍ය දෙවියන් ලෙස කොටස්‌ දෙකකට බෙදීමට ලක්‌ වේ.

Thursday, January 19, 2017

දන් දීමයි අනුසස් ලැබීමයි අත් හැරීමයි නිරාමිස සතුටයි

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්.
දේවතා සංයුත්තය පිළිබඳව විමසිලි ඇසින් බලන විට බොහෝම මාතෘකා ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. දානය හෝ පරිත්‍යාගය පිළිබඳව දෙවිවරුන් විසින් විවිධ මති මතාන්තර අදහස් දැරු බව පෙනෙන්නට තිබෙනවා.

Sunday, December 25, 2016

සසර සැඩපහර තරණය කිරීම



දේවතා සංයුත්තය පුරාවටම අප්‍රකට දෙවිවරුන් පිළිබඳව සඳහන් වෙයි. ඔවුන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නොයෙක් ප්‍රශ්න අසන අයුරුත්, ඒ ප්‍රශ්නවලට බුදු සමිඳුන් වදාරණ පිළිතුරුත් එහි ඇතුළත්. ඇතැම් දෙවිවරුන්ගේ ගාථාවන් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අනුමත කළ අවස්ථාවන්ද දක්නට ලැබෙනවා. සමහර දෙවිවරුන්ගේත්, මිනිසුන්ගේත් අදහස් අතර විශාල වෙනසක් නැති බව මේ දේවතා සංයුත්තය පරිහරණය කරන විට පෙනෙයි. මෙහි සූත්‍ර අසු එකක් සඳහන්ව තිබෙන අතර බුදුරජාණන් වහන්සේගේ තෙවලා දහම තුළ අන්තර්ගත වන “සගාථ වර්ගයේ” දේවතා සංයුත්තය දෙස අපගේ අවධානය යොමු කරමු.
එහි “නළ වර්ගය” නමින් කොටසක් සඳහන් වෙයි. එහි පළමු සූත්‍රය “ඕඝ තරණ” සූත්‍රය යි. ඕඝ යනුවෙන් අදහස් කරනුයේ සැඩ පහරයි. ඒ සැඩ පහරවල් තරණය කිරීම සම්බන්ධයෙන් කරුණු කාරණා මෙම සූත්‍රයේ ඇතුළත් වෙයි. මේ සූත්‍රය මා විසින් මෙසේ අසන ලදැයි ආනන්ද තෙරුන් විසින් දක්වා තිබෙනවා.

Monday, December 12, 2016

දේවතා සංයුත්තයේ සුන්දර වූ අද්භූත දේශනා

“සගාත වර්ගය” ඉතා සුන්දරයි. මෙහි සාමාන්‍ය ජීවිතයේ යහපත උදාකර ගැනීමට මංපෙත් මේ ධර්ම කොටසේ සඳහන් වෙනවා. විශේෂයෙන් සදාචාර උපදේශයන් මෙහි ඇතුළත්. දේවතාසංයුත්තයේ භික්ෂූන් වහන්සේට අදාළ කරුණු, ගිහි ජනතාවට අදාළ කරුණු, සමස්ත සමාජයට අදාළ කරුණු ඇතුළත් වෙනවා.
ඉතාමත් ගෞරවයෙන් අප සරණගිය ඒ ශාස්තෘන් වහන්සේගේ නවාංග ශාස්තෘ ශාසනය ඉගෙනීම බෞද්ධ අපට ඉතා වැදගත් වෙයි. ඒ නවාංග ශාස්තෘ ශාසනයට අයත් සූත්‍ර දේශනා කොටස ඉතාම මිහිරියි. සුන්දරයි. එහි ඇති දේවතා සංයුත්තයේ මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් කරන අතර, මෙහි දෙවියන් ඇසූ ප්‍රශ්න සහ භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුරු ඇතුළත් වෙයි. ඒ වගේම “සත්ථා දේව මනුස්සානං” ගුණය ඉස්මතු කරමින් දෙවියන්ට සහ මිනිසුන්ට එකම ශෘස්තෘන් වහන්සේ වූ ආකාරය වටහා ගැනීම මෙම දේවතා සංයුත්තය හොඳම උදාහරණය යි.

Thursday, May 5, 2016

සම්බුදු සසුනත් ලක්බිමත් සුරකින සක් දෙවි රජාණෝ


සකෙකා දෙවානමින්ද්‍රෙ, යනුවෙන් ත්‍රිපිටකයෙහි නිතර කියැවෙන සක්දෙව් රජු තව්තිසා දිව්‍යලෝකයෙහි දිව්‍ය රාජයා වෙයි. ලක්දිව බෞද්ධ සිද්ධස්ථානයන්හි අනෙකුත් දෙවියන් සඳහා ඉදි වූ දේවාල තිබුණ ද සක් දෙවියන් සඳහා එබඳු ගෞරවයෙන් පුදන ස්ථාන දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි සක්දෙව් රජුන් සාමාන්‍ය දිව්‍ය රාජයකු නොව ආය¸ දේවේන්ද්‍රයන් කෙනෙකි. එනම් පූජා වන්දනයට යෝග්‍ය වූ සෝවාන්මාර්ග ඵලයට පත් කෙනෙකි. සක් දෙවි රජු අප බෝසතාණන් වහන්සේට බුදුවීමට නොයෙක්වර උපකාරි වූ අතර සත් ජනයාට නොයෙක් අවස්ථාවන්හි දී උපකාරවන්නා වූ දෙවි කෙනෙකි.

Saturday, February 13, 2016

සසර ගමන තරණය කළ විශුද්ධි දෙවියන් කවුරුන් ද?


අදත් බුද්ධ අවවාදයක් ඔබට සමීප කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ලෝකය ඇති තතු ඒ පරිද්දෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අසිරිමත් අවබෝධයක් සඳහා යන්නට හැකි වටිනා දේශනාවක් අපට වදාළා.

Monday, January 18, 2016

සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය


සිල්වත් වීම ජීවිතයක් බැබලීමටත් ගරු බුහුමන් ලැබීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් හේතු වනු ඇත. සීලය සම්බන්ධව විමසීමේ දී එය සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම මුල්කොට පවතින්නකි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම, දස පාරමිතා යනාදී සෑම තැනකදීම සීලය දෙවෙනි තැනට යොදමින් එහි ඇති ආධ්‍යාත්මික හා ප්‍රායෝගික වටිනාකම පහදාදීමට බුදුහිමි වෙහෙස දරා ඇත. ත්‍රිශික්ෂාව අතර සීලය ප්‍රමුඛස්ථානයෙහි තබා ඇත. එහිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව ආදී කොටස් ශීලය පදනම් කොට පවතී. ඒ අනුව බැලීමේ දී ප්‍රඥා, සීල, සමාධි වශයෙන් බෙදෙනු ඇත.