'මම මහරහත් උතුමෙක් වෙමි - මම නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළෙමි' යනුවෙන් පෞද්ගලික නාමය පෙරටුකොට තමාම හෝ ජනප්‍රිය බෞද්ධ ආගමික සංස්‌ථා මගින් 'මාර්ගපල ලේබලය' තමා මත අලවාගෙනඇත. මේ සිදුවීම් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේද ප්‍රකට විය. එහෙත් ඔෙරී පැත්තෙන් අවිධිමත් වෙන්න. මෙහිදී 'මම' ඉලක්‌ක කරගෙන මම පෙරටුවේ තබාගෙන යම්කිසි ඵළලාභීත්වයක් සාක්‌ෂාත් කර ගැනීමට වෙර දැරීම මෙන්ම ප්‍රසිද්ධියට පත්කිරීම මගින් මමත්වය මෝදු වෙනවා. මෝරා යනවා. එමෙන්ම ආත්ම දෘෂ්ටිය වඩා වර්ධනය වෙනවා. මම වර්ධනය මිස මම මර්දනය නොවනු ඇත. ඵල අපේaක්‌ෂා කරන්න කරන්න ප්‍රාර්ථනා කරන්න කරන්න උත්තම නිවීම දුරින් දුරට යනු ඇත. සත්‍ය සෙවීම නොව අසත්‍යයෙන් මිදෙන්න. විද්‍යාව සෙවීම නොව අවිද්‍යාවෙන් මිදෙන්න.
මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Showing posts with label බුදුමග පුවත් පතෙහි පළ වු ලිපි. Show all posts
Showing posts with label බුදුමග පුවත් පතෙහි පළ වු ලිපි. Show all posts
Sunday, August 13, 2017
සාංඝික දේපල පරිහරණය කළොත් වෙන දේ...
මෙකල සඟ සතු දේපල පරිහරණය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බව පෙනෙයි. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. බොහෝ දෙනෙක් සාංඝික දේපල පරිහරණය පිළිබඳ නොදනිති. ගිහියන් කෙසේ වෙතත් ඇතැම් භික්‌ෂුන් වහන්සේලා ද එම නීති රීති නොදැන කටයුතු කරති. සාංඝික දෙපොල ගැන කිසිවකුටත් අයිතිය කිව නොහැක. අඩු තරමින් රජයට වුව ද එහි අයිතියක් නැත. සාංඝික දේපල අයිති වන්නේ සංඝයාට පමණකි. සංඝයාට වුව ද සංඝ අනුමැතියකින්, සම්මුතියකින් තොරව, පෞද්ගලිකව පරිහරණය කළ නොහැක. මෙම නීති රීති ගැන ත්‍රිපිටකයට අයත් පාචිත්තිය පාලියෙහි සඳහන්ව ඇත.
අනුන් සතු කුමන දෙයක් වුව ද සොර සිතින් ගැනීම වරදකි. සඟ සතු දෙයක් සොර සිතින් ගැනීම එයට ද වඩා බරපතළ වරදකි. පැවිදි වුව ද සඟ සතු දේපල තම සිතැඟි පරිදි පරිහරණය කිරීමට හෝ වෙනත් අයට දීමට හෝ නොහැක. මහනුවර යුගයෙහි විසූ භික්‌ෂුන් වහන්සේලා විසින් පවසා ඇති පරිදි ,

දැන වඩමු දසකුසල්
කුසල් යනු වැඩිය යුත්තකි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව ෙච්තනාන්විතව වැඩිය යුත්තකි. දසකුසල් ද එසේම වැඩිය යුතු ප්‍රතිපදාවකි. කුසල් ඉබේ වැඩෙන්නේ නැත. එය සිතාමතාම තම තමන් වැඩීමෙන් කුසලතා පිරි පුද්ගලයෙක් වේ. දිනපතා සිහියෙන් යුතුව දසකුසල් තමන් තුළ වැඩෙන බව දැකීමෙන් කුසල් වැඩිය හැකිය. කෙනකුගේ පිරිසිදු අපිරිසිදු බව ඇතිවන්නේ කුසල අකුසල නිසාය. අකුසලයෙන් අකුසල් කරන පුද්ගලයාම අපිරිසිදු කරයි. එයින් දුක්‌විපාක ඇතිව සසරම විවිධ දුක් ඇති නිරය තිරිසන් අපායාදියේ දුක්‌විඳි කුසලයෙන් පිරිසිදු වන පුද්ගලයා මෙළොව සතුටින් ගතකරන අතර පරලොව සුගතියේ ඉපිද වඩ වඩාත් සැප විඳි සැප කැමති නම් දසකුසල් වැඩිය යුතුයි.
බුදුන් වහන්සේ අනු දැන වදාළ යහපත් දේශයක පාලක පාලිත පන්තියේ වගකීම
''මහණෙනි. මෙසේ දිළින්දන්ට ධනය නොදෙනු ලබන කල සොරකම් වැඩි විය. සොරකම් වැඩි වී ගිය කළ අවි ආයුධ භාවිතයට පත්වීය. අවි ආයුධ වැඩි වී ගිය කල සත්ව ඝාතනය වැඩි වී ගියේය. සත්ව ඝාතනය වැඩි වී ගිය කල බොරුකීම වැඩි වී වැඩි වී ගියේය. බොරු කීම වැඩි වී ගිය කළ සත්වයන්ගේ ආයු පිරිහිණ''
(බුද්ධ ජයන්ති ප්‍රකාශන)
බුදු දහම හය වන සියවසේ පැවැති රාජ්‍ය පාලනය ගැන විවෘත සංවාදයක් ගොඩනගමින් හැම විටම රටේ ජනතාව ගැන සිතමින් ඒ ජනතාවගේ සිත් සනසවමින් පාලකයින් තම පරිපාලන පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවට ගන්නා ලෙස සිහිපත් කරයි. රාජාණ්‌ඩුල සමූහාණ්‌ඩු සහ ප්‍රාන්ත පාලක යනාදී පරිසරයන් තුළ බිහි වූ බුදු දහම ප්‍රධානියා ලෙස කටයුතු කරන පරිපාලකයා වන 'රාජ' යන්න 'ජනං රංජතීති රාජා' ලෙස අර්ථ කථනය කරයි.

Friday, August 11, 2017
ආමිස පූජාව භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්‌ෂේප කළාද?
තථාගතයන් වහන්සේ වෙනුවෙන් ආහාරපාන මල් පහන් හඳුන්කූරු ආදි ආමිසයෙන් පිදීම අර්ථ ශූන්‍ය හිස් ක්‍රියාවක් යයි සමහර කෙනෙක් එය පහත් කොට කථා කරති. තථාගතයන් වහන්සේ දැනට ජීවමාන ව නැති බැවින් එය වඩාත් නිෂ්ඵල යයි ද, එය දුගියකුගේ කුසගිනි නිවන්නට හෝ අසරණයකුට දීම ඊට වඩා ඵලදායක යයි ද, ඔවුහු තර්ක-විතර්ක කරති. කොටින්ම ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් යයි තර්ක කරන මේ අය බොහෝ විට ඒ දෙකින් එකක්‌වත් නොකරන පිරිස් වෙති. ඔවුන් බොහෝවිට කරන්නේ අනුන් කරන ආමිස හෝ ප්‍රතිපත්ති පූජා දැක සිත් පහදවා නොගෙන ඒවා නිසරු දේ යෑයි සිතමින්,
නොපසන් සිත ගෙන දේ දුක
සිතෙහි විවිධ ස්‌වරූප පවතී. පෘථග්ජනයාගේ සිත කෙබඳු ස්‌වරූප ගනීදැයි ක්‍ෂණිකව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. සිතෙහි ක්‍රියාකාරිත්වය අනුව ඔහු කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක් උපදවා ගැනීම සැබැවින්ම දුෂ්කරය. හොඳ කරන අයවලුන්ට හොඳ විපාකත් නරක ක්‍රියා කරන අයවලුන්ට නරක විපාකත් ලැබෙන බව දහමේ පෙන්වා දෙන අන්දමයි. ඒ පිළිබඳව ඉදිරිපත් කළ කදිම නිදසුන නම් පහතින් දැක්‌වෙන අවස්‌ථාවයි.
සන්සිඳුණු සමාජයක් සඳහා කතා ව්‍යවහාරය ඉවහල්වල අයුරු
කාය කර්ම වචී කර්ම හා මනෝකර්ම යනුවෙන් අප කරන ක්‍රියා කොටස් තුනකට බෙදේ. කය මුල් වී කරන
ක්‍රියාකාරකම් කාය කර්ම වන අතර වචී කර්ම වන්නේ වාචසික ක්‍රියා කාරකම්ය. සිතෙන් කරන ක්‍රියාකාරකම් මනෝ කර්ම වෙයි. සත්ත්වයා උපතේ සිට මරණය දක්‌වා කරන සමස්‌ත ක්‍රියාකාරකම් කර්ම නමින් හැඳින් වේ. මේ අතරින් වාචසික සංවරයෙහි ඇති වැදගත් කම පිළිඳව ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.
කියමි රහසක් වසන්වූ මග මතුවෙලා යළි සිතට ගනු මැන
කවුද මේ අරුත්බර ගී ගයන්නේ? ඉන්නකෝ ඉන්නකෝ ඒ ගීතයේ ඉතිරි පද වැල් සම්පූර්ණ කරමින්ම මම කතාව ආරම්භ කරන්නම්කෝ ඔබත් සමඟ අද. එහෙනම් මෙන්න මෙහෙම පද ගලපනවා මම. කියන්නකෝ හොඳයි ද කියලා.
ඇත්ත දැක්‌කොත් ලොවෙන් එතෙරට
යන්න හැකි වෙයි ඇත්තමයි එය.
ලසස්‌නයි, ලස්‌සනයි, මේවා ඇහෙන විට සිත විකසිත වෙනවා තමයි. ගයන්න ගයන්න බිය නොවන්න.
ත්‍රිවිධ ලෝකය ත්‍රිවිධ ලෝකය කියනවා. විමසලා බලමු ද අපි කුමක්‌ද මේ ත්‍රිවිධ ලෝකය කියලා. එහෙම නම් කියන්නකෝ යහළුවේ ඔබට පෙන්වන්න පුළුවද මේ ත්‍රිවිධ ලෝකය කියන්නේ කුමක්‌ද කියලා
පසුතැවීම සහ නොතැවීම
නමෝ තස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌ස///
කාය දුච්චරිතං හිවා වචීදුච්චරිතානිච
මනො දුච්චරිතං හිවා
යඤ්චඤ්ඤං දොසසඤ්හිතං
අකවා කුසලං කම්මං
කවාන කුසලං බහුං
කායස්‌ස භේදා සප්පඤ්ඤෙ
සග්ගං සො උපපඡ්ජතී..ති
ඒ නුවණැති පුද්ගලයා කාය දුෂ්චරිත, වාග් දුශ්චරිත, මනො දුශ්චරිත හා වෙනත් පාපී අකුසල් ධර්ම හැරපියා,
අකුසල් නොකොට බොහෝ කුසල් කොට මරණින් මතු සුගතියෙහි උපදී
කරුණික පින්වත්නි,

ඔබ අස්‌සුතවත් පෘතග්ජනයෙක්‌ද?
මඡ්ධිම නිකායේ මූලපාරියාය සූත්‍රයේ මුලින්ම දැක්‌වෙන්නේ අස්‌සුතවත් පෘතඡ්ජනයන්ගේ ස්‌වභාවයයි. එහි අට්‌ඨකතාවේ සඳහන් 'පුථූනං නානප්පකාරානං කිලේසානං ජනනාදීහිපි කාරණෙහි පුථුඡ්ජනො' යන විග්‍රහයට අනුව 'නොයෙක් කෙලෙස් ඇතිවීමට හේතුවෙන ලෙසින් කටයුතු කරන තැනැත්තා, පෘථග්ජනයෙක් වන්නේය. ඔහු පංචකාමයන්ගෙන් ලැබෙන සුළු ආස්‌වාදයට ඇලී එහිම ගිලී කාමාස්‌වාදයන්ගෙන් මුසපත් බවට පත්වේ. පංච කාමාස්‌වාදයක් නම්. ඇසින් රූප බැලීමට ඇති ආශාවත්, කනින් ශබ්ද ඇසීමට ඇති ආශාවත් නැහැයෙන් සුවඳ ආඝ්‍රහණයට ඇති ආශාවත් දිවෙන් රස විඳීමට ඇති ආශාවත්, කයෙන් ස්‌පර්ශ විඳීමට ඇති ආශාවත් සිතට සිතිවිලිවලින් ලැබෙන වින්දනයත් පිළිබඳව ඇති ආශාවන්ය. එම ආසාවන් සම්පූර්ණ කර ගැනීමට සියලුම සත්වයෝ විවිධාකාරවලින් වෙහෙසෙති. එම ආසාවන් සම්පූර්ණ කරගෙන තෘප්තියට පත්ව ''දැන් මම සියලුම කාමාස්‌වාදයන් වින්දෙමි. තවත් මට නම් කිසිම කාමාස්‌වාදයක් එපා යෑ' යි සිතා ඉන්ද්‍රියයන් පිනවීමෙන් සෑහීමකට පත්වෙන කිසිම සත්වයෙක් හෝ පෘථග්ජන පුද්ගලයෙක් ලෝකයේ නැත. කෙලෙස් සහ මනුෂ්‍ය ආයුෂ අතර ඇති ප්‍රතිලෝම සම්බන්ධය
මනුෂ්‍ය චිත්ත සන්තානයේ කෙලෙස් වැඩිවන විට මනුෂ්‍ය ආයුෂ අඩුවන අතර, මනුෂ්‍ය චිත්ත සන්තානයේ කෙලෙස් අඩුවන විට මනුෂ්‍ය ආයුෂ වැඩි වේ. මේ අනුව කෙලෙස් සහ ආයුෂ අතර ඇත්තේ ප්‍රතිලෝම හෙවත් සෘණ සම්බන්ධයකි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ, දීඝනිකායේ එන චක්‍රවර්ති සිංහනාද සූත්‍රය (බු.ජ.ත්‍රි.දී.නි.3 - පි.අ 96) තුළින් මේ බව වඩාත් හොඳින් පැහැදිළිවේ.
ගිහි-පැවිදි සබඳතාව
මේ ගෙවෙනුයේ වස්‌සාන සමයයි. මෙම සමය බුදුදහම අනුව නම් ගිහි-පැවිදි සබඳතාව වඩා සමීප කරන සමයකි. අදින් උදාවූ නිකිණි පෝ දිනයේ පසුගිය පොහොය දිනයේ වස් විසීමට නොහැකිවූ භික්‌ෂුන් වහන්සේට පසුවස් විසීම කළ හැකිය. ඒ කෙසේ වුවද අද වනවිට ගිහි පැවිදි සබඳතාවයේ ශක්‌තිමත් බව කොතෙක් දුරට පවතීද යන්න විමසා බැලිය යුත්තකි.
Tuesday, August 1, 2017
උපාලි ගෘහපතිගේ බුද්ධ ගුණ ශතකය
උපාලි ගෘහපතිතුමා නිගණ්‌ඨ නාථ පුත්තයන්ගේ ශ්‍රාවකයෙකි. එසේම ප්‍රධාන දායකයා ද විය. හෙතෙමේ දිනක් නාථපුත්තයන්ගේ අනුමැතියෙන් බුදුරජුන් හා කර්මය පිළිබඳ වාදයකට ගියේය. බොහෝ වේලාවක් වාද කළේය. අවසන උපාලි ගෘහපති වාදයෙන් පරාජයට පත්විය. බුදුන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදීමට පත්වූ උපාලි ගෘහපතිතුමා බුද්ධ - ධම්ම - සංඝ යන තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්විය.
අනතුරුව බුදුන් වහන්සේ උපාලි ගෘහපතියාට දාන කතා, සීලකතාදී අනුපිළිවෙල කතාව වදාරා චතුරාර්ය සත්‍යය පිළිබඳ ධර්මය දේශනා කළහ. උපාලි ගෘහපති එම දේශනාව අසා සෝවාන් ඵලයට පත්විය. ඉන්පසු බුදුන් වැඳ අවසර ගෙන සිය නිවෙසට ගිය උපාලි ගෘහපති දොරටුපාලයා අමතා "අද පටන් මාගේ නිවෙසට නිගණ්‌ඨයන්ට ඇතුළුවීමට අවසර නොදෙව. යමක් අවශ්‍ය වී නම් , පිටත සිට දෙව. අද පටන් මාගේ නිවස බුදුරජාණන් වහන්සේටත්, භික්‌ෂු, භික්‌ෂුනී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට පමණක් දන්දෙනු ඇත. මා තුණුරුවන් සරණගිය බව මෙහි එන නිගණ්‌ඨයන්ට දන්වන්න යෑයිද නියම කළේය.

ප්‍රාර්ථනා සහ කුසලාකුසල විපාක
මිනිස් ලොව පුහුදුන් ජීවිත ගත කරන සියල්ලෝම සිය ජීවිත වල යම් යම් බලාපොරොත්තු තබා ගනිති. තවද එම බලාපොරොත්තු කරා ළඟා වීමේ වෑයමකද නිරතුරුව යෙදෙති. පාසල් සිසුවකුගේ බලාපොරොත්තුවකට වඩා වෙනස් බලාපොරොත්තුවක් නැතිනම් වෙනස් ඉලක්‌කයවක් තරුණ වියට පත් වූවකුට තිබිය හැකිය. වයසින් මුහුකුරා ගිය අයකුට එය වඩාත් වෙනස් විය හැකිය. මෙසේ වයස, දැනුම හා බුද්ධිය, තරාතිරම අනුව මේ ඉලක්‌කය එකිනෙකට වෙනස් වේ. බලාපොරොත්තුව ඉලක්‌කය, අරමුණ, ප්‍රාර්ථනාව මේ කුමන වචනයෙන් වුවද ප්‍රකාශයට පත් වන්නේ එක සමාන වූ අරුතකි. එහෙත් එය ඉටු වනුයේ ඒ සඳහා ගන්නා වෑයම අනුවය. මෙකී වෑම බෞද්ධ දර්ශනයට අනුව පැහැදිලිs කරනතෙක් පෙරුම් පිරීමකි. නැතිනම් පාරමිතාවකි.
යම රජුගේ නඩු තීන්දුව දේවදූත සූත්‍රය ඇසුරෙන්
පුදුම සහගත සිදුවීම් අපට දිනපතා අසන්නට, දකින්නට ලැබෙයි. බොහෝ දෙය කවුරුන් හෝ බලාපොරොත්තු නොවුන මොහොතක, බලාපොරොත්තු නොවුන අයුරින් සිදුවෙයි. පසුගිය සුනාමි ව්‍යසනය අවස්‌ථාවේ වෙරළාසන්නයේ බිළිදකු බේසමක තබාගෙන නාවමින් සිටි මවකි. නොසිතූ අයුරින් සුනාමි රළ පැමිනුණි. මව සුනාමි රළට ගොදුරු වූවාය. එහෙත් බිළිඳා සහිත බේසම ගස් මුදුනක දෙබලක් අතර රැඳී
දරුවාගේ ජීවිතය බේරුණි. එම දරුවා අදද යහතින් ජීවත් වෙයි. නෙදර්ලන්තයේ 'ඇම්ස්‌ටර්ඩෑම්' ගුවන් තොටුපලට දරුවකු රැගත් මවක් පැමිණියේ මැලේසියාවේ
දරුවාගේ ජීවිතය බේරුණි. එම දරුවා අදද යහතින් ජීවත් වෙයි. නෙදර්ලන්තයේ 'ඇම්ස්‌ටර්ඩෑම්' ගුවන් තොටුපලට දරුවකු රැගත් මවක් පැමිණියේ මැලේසියාවේ
කළගුණ දත් ගිජුලිහිණියෙක්! ජාතක පොතෙන් ගිඡ්ජ ජාතකය
රන්වන් සුරත් පැහැය ගලා හැළුණු සැන්ඳෑ අහසේ වලාකුළු සැවැත්නුවර ඡේතවනාරාමයට බැඳ තැබූ මනරම් උඩු වියන් සේ ඈතට පෙනුණේය. ඒ ස්‌වර්ණවර්ණයෙන් යුතුවූ විශ්මිත විශ්ම සෞන්දර්යයේ අසිරිය අතරින් පුන් සඳ මඩල එදෙව්රම් වෙහෙර බිම පුරා ඉතිර පැතිරී ගිය නිල් මහනෙල් මල් යායක මිහිරිතම සුවඳ සම්බුදු කුටිය පුරා විසිර පවතින අයුරු එමෙන්ම අප්‍රමාණ ශ්‍රද්ධා ඇත්තවුන්ගේ සාධු නාදයෙන් මේ පින්බිම ඒක නිම්නාද වෙමින්ද තිබේ. සැබවින්ම මේ නම් කොතෙක් නම් සොඳුරු සම්මා සම්බුදු අසිරියක්‌ද?
දම්සභා මණ්‌ඩපය සැදැහැවත් සිව්වනක් පිරිසෙන් පිරී ගොසිනි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දම් අසුනරා අමා දහම් දේශනා කරමින් සිටින සේක.
ඒ බුදුරජාණෝ තථාගත නම් වන සේක
"බුද්ධං සරණං ගච්ඡාමි" කියල තුන්වතාවක් අප සරණ ගොසින් සිටින්නේ මහා බුදුරජාණන් වහන්සේය. අපගේ ශාස්‌තෘන් වහන්සේ එකම සරණ, එකම පිළිසරණ, එකම පිහිට වන්නේ ඒ බුදුරජාණෝය. තුන්ලොවට උතුම් මහා බුදුරදුන් තථාගත නමින් හඳුන්වයි. එසේ තථාගත නමින් ව්‍යවහාර වන්නේ කිනම් ගුණයන්ගෙන් යුතු නිසාදැයි සූත්‍ර පිටකයේ සඳහන් තථාගත සූත්‍ර කිහිපක් ඇසුරින් විමසා බලමු.
තථාගතයන් වහන්සේටම සුවිශේෂීවූ නාම විශේෂයක් ව්‍යවහාර වෙයි. එවැනි නාම විශේෂයක් පිළිබඳ අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ තථාගතාධිවචන සූත්‍රයේ දැක්‌වේ. එනම් ශ්‍රමණ යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. බ්‍රාහ්මණ යන්න තථාගත අරිහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. වේදගු යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. භිසක්‌ක යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. නිර්මල යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. විමල යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. ඤාණි යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. විමුත්ත යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්aසේට නමකි.

Sunday, July 23, 2017
මෙත්ත පිරිතේ දැක්‌වෙන කර්මස්‌ථානය
සූත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ඛුද්දක පාඨ තුළ (පි.අං.20) සහ සුත්ත නිපාතයෙ හි, උරග වග්ගයේ (පි.අං.46) හි සංග්‍රහ වන මෙත්ත සූත්‍රය හෙවත් පිරිත් පොතේ සඳහන් වන පරිදි කරණීය මෙත්ත සූත්‍රය ආරක්‌ෂක පිරිතක් වශයෙන් බොහෝ දෙනෙක් භාවිතා කරති. මෙම සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් ම භික්‌ෂුන් වහන්සේලා පන්සීය නමක් අරභයා කමටහනක් වශයෙන් ද, ආරක්‌ෂක පිරිතක් වශයෙන් ද, දේශනා කරන ලදි.
Subscribe to:
Posts (Atom)