Labels

Showing posts with label කර්මය. Show all posts
Showing posts with label කර්මය. Show all posts

Monday, March 8, 2021

සංසාරයේ කළ කර්ම නිසා ජීවිතය විඳවනවා ද?

 


ආ දරය කියන වචනයට අප කාටවත් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකියි. විටෙක ආදරය සුන්දර අත්දැකීමක් වන අතර තවත් විටෙක එය අසුන්දර අත්දෑකීමක් ගෙන දෙයි. අද සමාජ රටාව දිහා බලනකොට පෙනෙන්නේ තාරුණ්‍යය විනාශ වෙමින් යන යුගයක් බවයි.

බොහෝ විට අද ඇතිවෙන ආදර සබඳතාවලට පැවැත්මක් නැහැ. අවාසනාවකට මේ රටේ විවාහ වන අයට වඩා දික්කසාද වන ප්‍රතිශතය වැඩියි. බොහොමයක් තරුණියන්ගේ ඉවසීමේ ගුණය, ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙන හැකියාව ඉතාමත් දුර්වලයි. පිරිමින්ගෙත් දුර්වලතා නැතුවම නොවේ. නමුත් සමාජීය දැනුම ගත්විට කාන්තාවන් සිටින්නේ ඉතාමත් පහළ තැනක. තම බිරියගේ හෝ සැමියාගේ මොන අඩුපාඩුව තිබුණත් එම ප්‍රශ්න පිටතට නොදී බුද්ධිමත් භාවයෙන් එය විසඳගන්නේ නම් මේ සමාජ රටාව මීට වැඩිය වෙනස් වේවි. දේවේශයෙන්, ක්‍රෝධයෙන් ප්‍රශ්න විසඳාගත නොහැකියි.

වැඩිහිටියෝ ඔහේ වයසට ගියා ඇරෙන්න ධර්මයෙන් ගුණයෙන් පොහොසත් නැහැ. දරුවන් විවාහ කර දුන්නා නම් එතැනින් එහාට ඔවුන්ගේ අලුත් ජීවිතයට අඟිලි ගැසීම ඔවුන්ට අයත් කාරණයක් නොවෙයි. ඒ ජීවිතය අයිති ඔවුන්ටය. බොහෝ දික්කසාදයන්ට මුල මාපියන්ගේ අනිසි බලපෑම්.

සාමාන්‍යයෙන් දරුවෙක් ඉන්න තරුණ පවුලක් ගන්න. ඔවුන්ගේ ජීවිත ගොඩ නැඟී ඇත්තේ අනාගත සමාජ රටාවට ඔබින ආකාරයටයි. ඔවුන් හිතන විදිය ද වෙනස්. ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්නයක් එනවිට සමහර මාපියෝ, නෑයෝ, වටපිටාවේ ඉන්න අසල්වැසියෝ තමා තීරණය කරන්නේ එම තරුණ යුවළ ජීවත් විය යුත්තේ මොන ක්‍රමයට ද කියා. අන්තිමට එම පුංචි පවුල දික්කසාදයෙන් විවාහය කෙළවර කර ගන්නවා. මේ විනාශයට දායක වූ සියලුදෙනා කර්මයක් රැස් කරගන්නවා.

Monday, May 21, 2018

අල්පෙනෙත්තක්වත් සොර සිතින් ගන්න එපා

ඔසුපත් නරකයන් අතර එකොළොස්වන අපාය වන්නේ උස්කන්ධ නරකය යි. අම්බලම්, ඒ දඬු, විහාර ඉදිකිරීම, ගස් කොළන් රෝපණයට යැ’යි මුසා බස් පවසමින් ජනයාගෙන් සම්මාදම් ලබාගෙන ඒවා අනුභව කරන්නන් උපත ලබන්නේ උස්කන්ධ නරකයේ ය. යම පල්ලන්ගෙන් කටට සහ අතට පහර ලබමින් උස්කන්ධ නරකයේ නිරි සතුන් දිගු කලක් දුක් විඳියි.
එසේනම්, ජන සමාජයේ වැඩ කටයුතු කරද්දී තමන් ලබා ගන්නා මිල මුදල් සොරකමින් තොරව විය පැහැදැම් කළ යුතුයි. ඒ පුද්ගලයා කිසි විටෙකත් අපායගාමී නොවී සුගතිගාමී වෙයි.
දොළොස්වෙනි අපාය වේහකූට නරකය යි. බුදු, පසේ බුදු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහ රහතන් වහන්සේ ආදී සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නෝ මේ අපායේ උපත ලබති. අශුචි වළක් වැනි මෙහි අපමණ දුක පිරී ඇත. එහි වෙසෙන පණුවන් නිරි සතුන්ගේ සිරුරු තැනින් තැන විද කා දමයි.

ඒ නිසා කිසිවිටෙකත් සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට නිග්‍රහ කරන්නට එපා. ඒ අයට වරදක් සිදු වුණා නම්, අතීත සංසාරයේ සිට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට,සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට සිතින් , කයින් , වදනින්, තමාට වරදක් සිදු වුණා නම්, වැඳ නමස්කාර කර, නිබඳව ම සමාව ගත යුතු යි. ඒ උත්තමයන්ගේ ගුණ වර්ණනා කරන්නෝ අපායෙන් නිදහස් ව, මෙලොව පරලොව සුගතිගාමී වෙති.

Sunday, April 29, 2018

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

Saturday, February 17, 2018

දැවෙන තැවෙන පාපය

අපායගාමී වන පාපකාරීන්ට එයින් ගොඩ ඒම ලෙහෙසි පහසු නැහැ. එහි සා පිපාසාදී දුක, ඇඟ පත දැවෙන, තැවෙන, පිළිස්සෙන ස්වභාවය, වේදනාවෙන් විලාප නඟන හඬ සීමාවක් නැහැ. ගිනි ජාලාවන් මධ්‍යයේ වෙසෙන නිරි සතුන්ට තමන් පමණක් සිටිනා බව පෙනෙයි. අපායේ නිරි සතුන් කෑකෝ ගසන, විලාප නඟන හඬ යොදුන් ගණනාවක් දුරට ඇසෙයි. එය පසුගිය කාලයේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ද තහවුරු වුණා. එක්තරා මැෂින් එකක් පොළොව යටට කිඳා බැස්සවූ විට, එහි විළාප නඟන හඬ සටහන් වුණා. ඒ අපායේ කෑ කෝ ගසන හඬයි. ඒ නිසා මේවා හොඳින් දැන කියාගෙන අපායට බියෙන් පාපයෙන් වැළකිය යුතුයි. අනේ! මින් මතු නම්, කිසිදු පාපයක් නොකරන බවට තමන් තමන්ගේ සිතට ම එබී බලා වැරැදි නිවැරැදි කරගත යුතු යි.


ඔසුපත් නරකයන් අතර අද අප සඳහන් කරන්නේ නවවන අපාය වන කුණ්ඩරීක නරකය පිළිබඳව යි. එහි සත්ත්වයන් විඳින දුක අසීමිත යි. ඔවුහු කායික, මානසික වශයෙන් අපමණ දුක් පීඩා විඳිති. එහි නිරි සතුන්ට ඇත්තේ ගිනිගෙන දැවෙන සිරුරු ය. එහි කෑගසන, විලාප නඟන හඬ නොනවත්වා ම ඇසෙයි. පව කෙතරම් බලවත් දැ’යි සඳහන් කළොත්, නිරි සතුන් කෙතරම් පිළුස්සුණත් මිය නොය යි. ඔවුන් ගිනිගෙන දැවෙන අවි ආයුධ වලින් පහර ලබයි. තමන් අතින් ද ගිනි ගෙන දැවෙන ශරීර ලෙස පිළිස්සී යයි. එය එතරම් ම භයානක අපායකි.

Wednesday, February 14, 2018

දිගු සසර ගමනට නෑකමක් පවතීද?


දහමට අනුව ප්‍රේත ලෝකය අතිශය දුක්ඛ දායක ය. එයින් නිදහස් වීම ඉතාමත් අසීරු ය. ප්‍රේත ලෝකයක ඉපදුන කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි."
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා 


මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය. එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමි වේ යැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය.

Wednesday, February 7, 2018

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමිවේයැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය. එය පානය කිරීමෙන් දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ වූ අතර ඇය ඒ පිළිබඳ තම මෑණියන්ට දන්වා සිටියා ය. මව ස්වකීය ඤාතීන් කැඳවා ඒ පිළිබඳ දැනුම් දුන්නා ය. ඥාතී හූ ඒ සම්බන්ධයෙන් පළමු බිරිඳට චෝදනා කළ අතර ඇය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබී ය. එසේ නම් ඒ පිළිබඳ දිවුරා පොරොන්දු වන මෙන් දෙවන බිරිඳගේ ඥාතීහු ඉල්ලා සිටිය හ. එම ඉල්ලීම අනුව පළමු බිරිඳ “තමා විසින් මෙම අපරාධය කළේ නම් දුගතියෙහි ඉපිද බඩ සයින් පෙළෙමින් උදේ සවස පුතුන් පස් දෙනා බැගින් බිහිකොට ඔවුන් කෑමෙන් සෑහීමකට පත් නොවේවා! එසේම දුර්ගන්ධව නිල මැස්සන්ගෙන් ගැවසී තැනැත්තියක් වේවායි!” යනුවෙන් බොරුවට සපත කළා ය. පළමුවන බිරිඳ නොබෝ කලකින් කළුරිය කොට එම ග්‍රාමය අසල ම ප්‍රේතියක ව උපන්නා ය.

Thursday, February 1, 2018

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.
සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

කේලාම් කීමේ ආදීනව



 වාග් දුශ්චරිතයට අයත් කේලාම් කීම (පිසුණා වාචා) බර පතල අකුශලයක් බව මෙම ප්‍රේත කථාවෙන් පැහැදිලි වේ"
කේලාම් කීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි පූතිමුඛ නම් ප්‍රේතයෙකු අරබයා මෙම කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයේ කාශ්‍යප බුදුරදුන් සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනකු බුදු සසුනෙහි පැවිදිව සීලයෙන් හා ආචාර සම්පත්තියෙන් ද ඔවුනොවුන් හා සමගියෙන් ද යුක්ත වූයේ එක්තරා පසල් ගමක පිහිටි ආරාමයක විවේක සුවයෙන් වාසය කළහ. කේලාම් කියා ඔවුනොවුන් බිඳවීමේ සිත් ඇති එක්තරා භික්ෂුවක් එම ආරාමයට පැමිණියේය. නේවාසික භික්ෂූන් දෙනම එම ආගන්තුක භික්ෂුවට වත් දක්වා උන්වහන්සේ පිළිගෙන සෙනසුන් සපයා දී පසු දින අළුයම උන්වහන්සේ ද කැටුව ගමට පිඬු සිඟා වැඩියහ. ගම්වැසි උවසු උවැසියෝ උන්වහන්සේලා කෙරෙහි පැහැදී ආහාර පානාදියෙන් මැනවින් සංග්‍රහ කළහ. පිණ්ඩපාතයෙන් අනතුරුව විහාරය බලා ආපසු පැමිණි ආගන්තුක භික්ෂුව තුළ “ මෙම ගොදුරු ගම ඉතා සුන්දරය. ගම් වැසියෝද ඉතා ශ්‍රද්ධා සම්පන්නය. ඉතා ප්‍රණීත ආහාර පානාදිය පූජා කරති. විහාරය ද අවශ්‍ය පහසුකම්වලින් යුක්ත ය. එබැවින් මෙහි පහසුවෙන් වාසය කළ හැකිය. එසේ වුවත් මෙම නේවාසික භික්ෂූන් දෙනම මෙහි වාසය කළහොත් මට පහසුවෙන් වාසය කළ නොහැකිය. අන්තේවාසිකයෙකු ලෙස වාසය කිරීමට සිදුවෙයි. එබැවින් උන්වහන්සේලා දෙනම ඔවුනොවුන් කෙරෙහි බිඳුවා විහාරයෙන් නෙරපා මා පමණක් මෙහි වාසය කළහොත් සැපෙන් විසිය හැකිය ” යනුවෙන් එක්තරා පවිටු සිතිවිල්ලක් හටගත්තේය.

Saturday, January 20, 2018

සර්වඥ ධාතූන් වහන්සේලාට අපහාස කළ අකුසලය ( කළ කම් පළදෙන හැටි )

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වානයෙහි ආදාහන කටයුතු අවසන් කළ පසු සම්බුදු සිරුරෙහි පැවැති සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනීය පූජනීය කොටස් ලෙස බෙදා දුන්හ. එම ධාතූන් වහන්සේලා බොහොම ගෞරවයෙන් වැඩමවා පුදපූජා පැවැත් වූහ. අජාසත්ත රජතුමා තමා ලද ධාතූන් වහන්සේලා වැඩමවාගෙන වසර හතක්,මාස හතක්,දින හතක් පුරා බුදුගුණ සමරමින්, සිහිකරමින් පුද පූජා පවත්වා ඇත.
මේ ආකාරයට සර්වඥ ධාතු වන්දනය යන අදහස ලෝකය තුළ ඇති විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ මෙනෙහි කළ බෞද්ධයෝ උන්වහන්සේගේ සිරුරෙහි තිබූ කොටස් සර්වඥධාතූන් වහන්සේලා ලෙස වන්දනාමාන කළහ. මේ ආකාරයට සර්වඥ ධාතු වන්දනය ආරම්භ විය. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාට නිග්‍රහ කිරීම, අවමන් කිරීම, අවතක්සේරු 

Friday, January 12, 2018

දුක මිස සැප නැති අපාය

පසුගිය ලිපි පෙලින් අට මහා නරකය ගැන සඳහන් වුණා. සතර අපායේ දුක මිස සැප නැහැ. සත්ත්ව ඝාතනය, සොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, මත් ද්‍රව්‍ය පානය කිරීම, අධාර්මික ජීවිකාව සහ වෙළෙඳාම, මවට පියාට නොසැළකීම සහ තර්ජන ගර්ජන අපහාස කිරීම, පංචානන්තරීය පව් කිරීම, තෙරුවන්ට, පින්වතුන්ට , ගුණවතුන්ට නිග්‍රහ කිරීම, අසාධාරණ නඩු තීන්දු, බොරු චෝදනා ආදී අනේකවිධ පාපයන් සිදු කරන්නන්ට දරුණු විපාක ලබා දෙන්නේ අපායෙනි.
සතර අපාය අනන්ත දුක් ලබා දෙන තැනකි. මේ අපායන්ට පත් වූවෝ මින් මතු පව් නොකරන්නේ යැ’යි පොරොන්දු වෙමින්, දුක් අෙඳීනාවන් අපමණ නගති. මේ ගැන හොඳින් දැනුම්වත් ව පොත පතින් දැනුම ලබන්න. දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි තතු දැනකියාගෙන පවින් වැළකිය යුතු යි. ඒ සඳහා පින් දහම් කළ යුතු යි. දරුණු පව් කළ සැවොම අටමහා නරකයට වැටෙයි. ඒ වටා තවත් ඔසුපත් නරකයන් දහසයකි. සියලුම නරකාදී අපාය එකසිය තිස් හයකි. මෙහි ඇති නිරි සතුන් ප්‍රමාණය ගණනය කළ නොහැකිව, එක් අයකුට තවත් අයෙක් නොපෙනෙනා සේ නිරි සතුන් අපමණ වෙයි. සැවොම මුව රැකගෙන මින් මතු පව් නොකරන බවට සිතා ගත යුතු යි. ලොවුතුරා බුදු කෙනෙක් මෙලොව පහළ ව අපා දොරටු වසන සුගතියට පත්ව නිවන් මඟ විවර කළා. මේවා හොඳින් වටහාගෙන දානාදී කුසල කර්ම රැස්කරගෙන අපායෙන් වැළකීමට වෙහෙස මහන්සි වන්න. අපායකට වැටුණොත් නැවත ගොඩ එන්නට ලෙහෙසි පහසු නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ තම දේශනාවල දෙව් ලොව සහ අපායේ තතු මෙලෙස යැ’යි වදාළ සේක.

Thursday, December 14, 2017

සියල්ල කර්මයට බාර දෙනවාද?


ලෝකයේ මෙතෙක් පහළවූ ශාස්තෘවරු අතර බුදුරජාණන් වහන්සේ අසහාය, ශාස්තෘවරයකු වේ. ඒ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය නිසා ය. අවුරුදු දෙදහස් පන්සියයකට අධික කාලයක් පෙර අපර දෙදිග බුද්ධිමත් ජනතාව බුදුරජාණන් වහන්සේට අතිශයින් ගෞරව පුදකරන්නේ, තම සිත් සතන් ප්‍රබෝධමත් කළ හැකි සනාතන ධර්මයක් උන්වහන්සේ වෙතින් දේශිත බැවිනි. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, කර්මය පිළිබඳ ඉගැන්වීම, පුනර්භවය, වැනි විශිෂ්ට දහම් කොටස්, එදා මෙදා තුර සුවහසක් ජනයාගේ බුද්ධි කලම්බනයට විෂයය වු සුවිශේෂ දහම් කොටස් ලෙස සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ කර්මය පිළිබඳ විශිෂ්ට දේශනාව පොදු ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් ම වූයේ ය.

ආගමික ශාස්තෘවරු අතර අකිරියවාදී ශාස්තෘවරු මිනිසා විසින්, සිදුකරනු ලබන හොඳ – නරක කිසිම ක්‍රියාවක විපාකයක් පිළිනොගනී. ඒ අංශයෙහි ලා සලකන විට බුදුරජාණන් වහන්සේ ක්‍රියාවාදී ශාස්තෘවරයෙකි. මිනිසා විසින් සිදුකරනු ලබන හොඳ – නරක ක්‍රියාවන්ට සමාන විපාකයක් ඇති බව දේශනා කළ උන්වහන්සේ, හොඳ කර්ම නිසා මිනිසා පිරිසුදු වන ආකාරයත්, නරක කර්මතුළින් මිනිසා කෙළෙසීමට පත්වන ආකාරයත් දේශනා කළ සේක. මිනිසා උසස් අයකු හෝ පහත් අයකු වන්නේ තමන් විසින් ම සිදුකරනු ලබන හොඳ නරක ක්‍රියාවන් හේතුකොට ගෙන බව බුද්ධ මතය විය. කර්මය වූකලි සංකීර්ණ ධර්මයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ඤාණයකින් සිතා තීරණ ගැනීම උගහටය. අචින්ත්‍ය (නොසිතිය යුතු) ධර්ම කීපය අතරට කර්මය ද එකතු කොට ඇත.

Sunday, December 10, 2017

මෙලොව පලදුන් අකුසලය

දරුපල අහිමිවීම හේතු කොටගෙන තරුණයාගේ පාර්ශ්වයේ ඥාාතීන් නිතර ම ඒ පිළිබඳව විමසමින් ආඩපාලි කියන්නට පටන් ගත්හ. වෙනත් භාර්යාවක සරණ පාවා ගත හොත් හොඳය යන යෝජනාවට අනුව, පළමු භාර්යාව ද , දෙවන භාර්යාවක කැඳවාගෙන ඒමට කැමැත්ත පළ කර ඇත. තමන්ට දරුපල නොමැති නිසා වෙනත් බිරිඳක සරණ කරගැනීමේ වරදක් නොමැති බව, ඇය විසින් ද ප්‍රකාශ කර ඇත."
සැවැත්නුවර අසල එක්තරා ගමක මවක සමඟ තරුණ පුත්‍රයෙකු ජීවත් වූහ. කාලයාගේ ඇවෑමෙන් මවගේ ඉල්ලීම මත තරුණයා තරුණියක සරණපාවාගෙන සමඟි සම්පන්නව ජීවත් වුව ද , භාර්යාවට දරුපල අහිමි විය. දරුපල අහිමිවීම හේතු කොටගෙන තරුණයාගේ පාර්ශ්වයේ ඥාතීන් නිතර ම ඒ පිළිබඳව විමසමින් ආඩපාලි කියන්නට පටන් ගත්හ. වෙනත් භාර්යාවක සරණ පාවා ගත හොත් හොඳය යන යෝජනාවට අනුව, පළමු භාර්යාව ද , දෙවන භාර්යාවක කැඳවාගෙන ඒමට කැමැත්ත පළ කර ඇත. තමන්ට දරුපල නොමැති නිසා වෙනත් බිරිඳක සරණ කරගැනීමේ වරදක් නොමැති බව, ඇය විසින් ද ප්‍රකාශ කර ඇත.

ඒ පිළිබඳව සිතූ තරුණයා ද , තවත් භාර්යාවක නිවසට කැඳවාගෙන ඒමත් සමඟ දෙවන භාර්යාව සමඟ පළමු භාර්යාව ද , තරුණයාගේ මව ද , තරුණයා ද එක නිවසක ජීවත් විය. කාලයාගේ ඇවෑමෙන් දෙවන භාර්යාව දරු ප්‍රසූතියකට සූදානම් වන බව දැනගත් පළමු භාර්යාව සිත තුළ හටගත් ඊර්ෂ්‍යාව විසින් දරුවා ගබ්සා කිරීමේ අදහස පෙරදැරිව බෙහෙතක් සාදා කෑමට සැලැස් වුහ.

Saturday, December 9, 2017

අපා දුක එපා


 පරුෂ වචන පවසා අනුන් වෙහෙස කරන්නෝ ද , සතර අගතියෙන් බැඳී සිටින්නෝ ද , පින් පව් නැත කියා සිතන මිථ්‍යා දෘෂ්ටිකයෝ ද ,සතුන් මරා දැමුවෝ ද උපත ලබන්නේ තාප නරකයේ ය. එහි සත්ත්වයන් නිබඳව ම දැවෙන තැවෙන බැවින් තාප නරකය නමින් හඳුන්වයි."

අටමහා නරකයට පත් ව දුක් විඳින්නන්ට නැවත අපායෙන් ගොඩ ඒම බොහෝ අපහසු කාරණාවකි. පංචානන්තරීය පාප කර්ම සිදු කළ පාපීන්, නියත මිථ්‍යා දෘෂ්ටිකයන් අට මහා නරකයට වැටී අපමණ දුක් විඳියි. සංජීව නරකය, කාල සූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය , අවීචි නරකය වශයෙන් අට මහා නරකයන් වෙයි. ඒ වටා දාසය බැඟින් වූ සියලු ම නරකාදී අපාය එකසිය තිස් හයක් බව බුද්ධ ධර්මයේ සඳහන් වී තිබේ.

අට මහා නරකයන් අතර සංජීව නරකය පිහිටා ඇත්තේ පොළොව මතු පිට සිට යොදුන් පහළොස් දාහක් යටිනි. මනු ලොව වර්ෂ අනූ ලක්ෂයක් සංජීව නරකයේ එක දවසකි. එවැනි දවස් තිහක් මාසයක් ද මාස දොළහක් වසරක් ද වශයෙන් නිරි සතුන්ගේ ආයු කාලය අපාය වර්ෂ අවුරුදු පන්සියය කි.
යමපල්ලන් විසින් අමෝරාගෙන එන මුවතින් දිලිසෙන නව වැදෑරුම් අවි ආයුධයන්ගෙන් නිරි සතුන් බියට පත්ව වේදනාවෙන් අඬා දොඩද්දී ම කපා කොටා දමයි. එලෙස මහා දුක් ලැබුණ ද ඔවුන් නො මැරී ජීවත් වෙන බැවින් මේ ස්ථානය සංජීව අපාය නම් වෙයි. ලෝභ, ද්වේශ, මෝහයෙන් වෙලී ප්‍රාණඝාතය සිදු කිරීම, සොරකම් ආදී පව් කරන්නෝ ,ලෝ වැස්සන්නට දුක් දෙන්නෝ, අනුන් කෙරෙහි ක්‍රෝධයෙන් වැඩීගෙන යුද්ධ කළකෝළාහල ආදී අපරාධ කරන්නෝ සංජීව නරකයේ උපත ලබති.

Thursday, December 7, 2017

හොඳ නරක දෙකටම ලැබෙයි විපාකය


බුද්ධ ආදී මහා සංඝරත්නය උදෙසා එතුමා ලබා දෙන මේ දානය කෙතරම් අගෙයි ද? එය කෙතරම් අසිරිමත් ද? මෙවැනි පින්කම් සිදු කරන රජතුමා තව තවත් නිදුක්, නිරෝගී වේවා, එතුමාට මෙවැනි දානාදී පින්කම් කරන්න තව තවත් ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා’යි පැතුවා. ඒ පින්බර සිතිවිල්ලෙන් පිනා ගිය දුගියා මිය ගිය පසුව උපත ලැබුවේ දෙව් ලොව යි. එසේනම්, ඒ මනෝ මූලික කර්ම සිතිවිල්ල කෙතරම් අගෙයි ද? "
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව පුද්ගලයා කරදර පීඩා වන අවස්ථාවක දී පමණක් මේ කුමන කර්මයක් දැ’යි විමස යි. එහෙත්, කෙනෙක් විභාගයකින් සමත් වුණොත් එසේ නො විමස යි. එනම් පුද්ගලයා කර්මය යනුවෙන් අදහස් කරන්නේ අයහපත් පැත්ත යි. එහෙත්, කර්මය යනු යහපත් සහ අයහපත් ක්‍රියාවයි. එය කුසල් සහ අකුසල් වශයෙන් හඳුන්ව යි. තිදොරින් සිදු කරන්නා වූ ඒ කර්ම බොහෝ විට රැස් කරන්නේ සිත මූලිකව යි.


එක්තරා අවස්ථාවක දී කොසොල් රජතුමා බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මහා අසදෘෂ දානයක් පූජා කළා. එය සෑම දෙයකින් ම පරිපූර්ණ අසිරිමත් දානමය පින්කමක්. එහෙත්, රජතුමා මේ දානය ලබා දුන්නේ තමන්ගේ බලය, ශක්තිය කොසොල් පුරවරයට පෙන්වීම පෙරදැරි කරගෙන යි. බුද්ධාදී මහා සංඝරත්නය කෙරෙහි පිරිනැමූ මේ දානයෙහි කුසල විපාක රජතුමාට ලැබුණා.

මේ ජීවිතයේ දී ම ලැබෙන විපාක අකුසල කර්ම කරන

"
අකුසල කර්ම විපාකය පළ දීමේ දී ගොනා පසු පස කරත්ත රෝදය යන්නා සේ තමන් කළ අකුසල කර්මය පැමිණ තමා පීඩාවට පත් කරනවා. ඒ වගේ ම පැහැදුණු සිතින් යමක් කරයි ද, කියයි ද ඒ සැප කර්මය තමා පසුපස එන සෙවණැල්ල සේ පැමිණ උදව් කරනවා. හොඳ හෝ නරක කර්මයක් යම් කෙනෙක් කළේ නම් එය විපාක නොදී අවසන් වීමක් නැති බව තථාගත දේශනාව යි."


කර්මය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේට තිබුණේ විස්මිත වූ අවබෝධයක්. ඒ අවබෝධය මේ ලෝකයේ වෙන කාටවත් තිබුණේ නැහැ. කර්මය යනු චේතනාත්මක ව කයින්, වචනයෙන්, මනසින් කරන ක්‍රියාවන්. ඒ කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය සාමාන්‍ය මනසට අචින්ත්‍ය වූ, සිතන්නට අසීරු වූ විෂයක් ලෙසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. කර්මය ක්‍රියාව ලෙසත් හඳුන්වනවා. කර්මය හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට බෙදෙන අතර, පුහුදුන් සිතට එය විෂයය නොවන දෙයක්.

Tuesday, November 21, 2017

පර්වතයක් වගේ සිරුරක් ... (සීහළවත්ථු කතා 1 )

විපාකය නම් පලදීම යි. එය කුසල විපාකයක් විය හැකියි. එසේ නැතිනම් අකුසල විපාක විය හැකියි. පේ‍්‍රත ලෝකයේ උපන් පේ‍්‍රතයන්ට වෙන් වූ වෙනත් ලෝකයක් නැත. ඔවුහු අඳුරු ස්ථානවල, අරණ්‍ය,පර්වත ආදී වූ කිසියම් තැනක ඕපපාතික ව උපදිති. ප්‍රේත ලෝකයේ ඉපදෙන්නෝ බොහෝ විට සා පිපාසයෙන් පෙළෙන බව සඳහන් වේ. මේ, මීට බොහෝ කලකට පෙර අප රටේ සිදු වූ සත්‍ය සිදුවීමකි මෙය.
දකුණු ප්‍රදේශයේ විසූ හැට නමක් පමණ භික්ෂූන් වහන්සේ ඉන්දියාවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමේ අදහසින් කාවේරි පටුනෙන් ගොඩ බැස්සහ. එතැන් සිට මහ වනය මැදින් බොහෝ දුර ගමන් කළහ. එහෙත් මග සොයා ගැනීමට නො හැකි විය. උන් වහන්සේලාට ඇතෙකු ගිය මග දැක ගන්නට හැකි විය. ඉන් පසු ඒ මග දිගේ දින තුනක් පුරා ගමන් කළහ.

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ


පින්වත්නි
නිර්දෝෂී උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධා කරන අයට විඳීමට සිදුවන බව දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත්, ඒවායේ විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳුමට සිදුවන බව අවධාරණය කර ඇත.

අප ජීවත්වන සමාජයේ සත්පුරුෂයන් මෙන් ම අසත්පුරුෂයන් ද දක්නට ලැබේ. ඇතැම්විට සත්පුරුෂයන්ට වඩා අසත්පුරුෂයන් වැඩි වන්නට පුළුවන. සත්පුරුෂයා සැමවිට යහපත් දේම සිතයි. කරයි, කියයි.


සතර බ්‍රහ්ම විහරණවලින් යුතුව කටයුතු කරයි. තමාගේත්, අනුන්ගේත් හිත පිණිස කටයුතු කරයි. විශේෂයෙන් ඔහු ජීව අජීව ලෝකයටම හිතවත් වෙයි. ලෝකයට හිත පිණිස වැඩකරන එවන් සත්පුරුෂයන්ගේ ක්‍රියාවන් අගය කරන අය මෙන් ම ඒවාට අකුල්හෙලන අය ද වෙති. ඒවා අගය නොකරන, ඒවාට බාධාකරන විවිධ අවලාද චෝදනා නඟන චරිත ඝාතනය කරන්නට වෙරදරන අසත්පුරුෂයන් ද කොතෙකුත් ය. පහත් පුද්ගලයින් කොපමණ බාධා හිරිහැර කළ ද, ඉන් නොසැලී අකම්පිතව, මහා නුග රුකක් මෙන් ද, මහා පර්වතයක් මෙන් ද කටයුතු කිරීම සත්පුරුෂයාගේ ලක්ෂණයයි.

Sunday, November 19, 2017

අපායට නොයන්න පින්කම් කරන්න

“ලොවේ සියලු ම සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ වෙති’යි යනුවෙන් කියමනක් ඇත. සියලු ම සත්ත්වයෝ පින් පව් මත වාසය කරති. පින් කරන්නෝ සුගතියෙහි ද පව් කරන්නෝ දුගතියෙහි ද උපත ලබති. සුගතිගාමී වන්නෝ දුලබ වන අතර අපායගාමී වන්නෝ බහුල වෙති.

අටමහා නරකය යනුවෙන් ප්‍රධාන අපාය අටක් තිබෙයි. මේ එකකට දාසය බැඟින් සියලු ම අපාය එකසිය තිස් හයක් තිබේ. තිරිසන්, පේත, අසුර ආදී අපාය මඟින් සිදු වන්නේ අයහපතක්ම යි. දුක් විඳින්න ම සිදු වෙයි. ඒ දුක උරුම වන්නේ සත්ත්වයන්ගේ කර්මයට අනුව සිදුවන විපාක මත යි. අවීචි මහා නරකයෙහි ඇත්තේ දරුණු ම දුක යි. පංචානන්තරීය පව් සහ මිසදිටුකමින් යුක්ත වූවෝ අවීචි මහා නරකයට පත් වෙති.


අත පය කපා දැමීම, උල තැබීම, ලෝ දිය පෙවීම, ගිනි ජාලා මධ්‍යයට ඇද දැමීම වැනි සියලුම දඬුවම් ඒ ඒ අකුසල කර්ම විපාකයට අනුරූපව ලබා දෙයි.
සත්ත්ව ඝාතන ආදී දරුණු පව් කළඅය සතර අපායෙන් එක් තැනකට වැටී අපමණ දුක් විඳිති. අපායේ ස්වභාවය දුක නම්, සැප ගැන සිතා, සුගතිය ගැන සිතා කල්පනාකාරීව දාන, ශීල, භාවනා ආදී පින්කම් සිදු කළ යුතු යි.
මුගලන් මහ රහතන් වහන්සේ ධර්ම දේශනා මඟින් අපායේ තතු පෙන්වා වදාළහ. අපායේ නිරි සතුන් සමඟ කතා කර විඳින දුකට හේතු වූ කර්මය කුමක්දැ’යි විමසා ඒ මඟින් මිනිසුන්ට ධර්ම දේශනා වදාළහ. උන් වහන්සේ දෙව් ලොවට වැඩම කර එහි ඇති සැප සම්පත් ද මිනිසුන්ට පැහැදිලි කළහ.

Saturday, November 18, 2017

අතිශය බියකරු කර්ම විපාක

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කර්මය, කර්ම විපාකය පිළිබඳ පැහැදිලි කිරීම් කරගැනීම අවශ්‍යයයි. බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවට අනුව දුන්දෙය ලැබෙයි .නොදුන් දෙය නොලැබෙයි. තමන් විසින් සමාජයට ලබාදෙන යහපත තමන් ලබනවා වගේ ම තමන් විසින් ලබා දෙන අයහපත ද පෙරළා තමන්ටම ලැබෙයි.

සිත, කට, කය යන තුන්දොරින් මිනිසා උපන් දවසේ සිට මිය යන තෙක් විවිධාකාරයේ දේවල් සමාජයට ලබාදෙයි. සිතින් සිතිවිලි සිතයි. කටින් කතා කරයි. කයින් ක්‍රියාත්මක වෙයි. දොරටු තුනෙන් යම් යම් දේ සිදුකරයි. එම කරුණු යහපත අයහපත වශයෙන් බෙදිය හැකියි. පින පව හෝ කුසල අකුසල වශයෙන් බෙදිය හැකියි. සමාජයට ලබාදුන් ආකාරයටම තමාට ලැබෙයි. එම නිසාම යහපත් දෙයම සමාජයට ලබාදිය යුතු බව බුදුදහමෙහි සඳහන් වෙයි. සංසාරායේ සැප කැමැති පුද්ගලයන් සමාජයට යහපත් දේ ලබාදෙයි. සංසාරය පුරා දුක්විඳින්න කැමැති පුද්ගලයන් සමාජට අයහපත් දෙය ලබාදෙයි.

දිනක් මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ හාමුදුරුවන් වහන්සේ සමඟ ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට පහළට වඩම කළා. පහළට වැඩම කරන අවස්ථාවේ දක්නට ලැබුණු කිසියම් දර්ශනයක් හේතුවෙන් උන්වහන්සේ සිනහ පහළ කළා.

සතර අපායෙන් බලවත් ප්‍රේත ආත්මය

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව – අංක 11


කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීර ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි."

උපනත් පේතව පව් කොට නොපණ ත්
කලෙකත් නොලැබෙයි සෙම් සොටු පමණ ත්
උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණ ත්
මදකුත් පින් නො කළැකි මැයි සිතුණ ත්

“පව් කොට පේ‍්‍රත ආත්මයක් ලබා උපන්නොත් හදිසියේවත් සෙම් සොටු පමණවත් ආහාරයක් නො ලැබෙයි. ආකාශ ගංගාව ගලාගෙන ආවත් උගුරක්වත් නො තෙමෙන්නේ ය. සිතුණේ වී නමුත් කවර කලෙකවත් පින් කිරීමට නො හැකි ය”
පේ‍්‍රතයන් ප්‍රධාන වශයෙන් සතර කොටසකි. නිජ්ඣාවතණ්හික, ඛුප්පිපාසික, පාංශුපිසාච, පරදත්තූපජීවි යනුවෙනි. එහි නිජ්ඣාවතණ්හික නම් පේ‍්‍රත ලෝකයෙහි උපදින අයගේ සිරුර තුළ දැල්වු මහා ගින්නක් ඇති වෙයි. ඔවුහු නිතර ම සා පිපාසා දෙකෙන් පෙළෙති. ඛුප්පිපාසික නම් පේ‍්‍රත ලෝකයෙහි උපන් අය බුද්ධාන්තර ගණනක් නිරන්තරයෙන් සා පිපාසා දෙකෙන් පෙළෙති. පරදත්තූපජීවි පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අන් අය විසින් දෙන පින්වලින් සුලු හෝ සැපතක් ළඟා කර ගනිති. පාංශු පිසාච යන පේ‍්‍රත ලෝකයෙහි උපන් අය අසූචි පහ කරනා තැන්වල වාසය කරති. කැළිකසළ බහුල තැන්වල ද මේ අය උපදිති. අසූචි ආදිය නිරන්තරයෙන් අනුභව කරති. මෙයට අමතරව කාලකඤ්ජික නම් පේ‍්‍රත කොටසක් ගැන ද ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. මහත් වු මුහුණු ද, විරූප වු බිහිසුණු ශරීරය ද මේ අයට ඇත. ලෝ වැස්සන් විසින් ඉතා පිළිකුල් කොට සලකන සෙම්, සොටු ආදිය ලබා ගැනීමට යොදුන් ගණන් දුව යති. ඒ සඳහා කලකෝලාහල ද කරති. කොපමණ උත්සාහ කළත් ඒවා පවා ලබා ගැනීමට අපහසු හෙයින් කලෙකත් නො ලැබෙයි. සෙම් සොටු පමණක් යනුවෙන් ගෙනහැර දක්වා ඇත.