Labels

Showing posts with label කාමය. Show all posts
Showing posts with label කාමය. Show all posts

Saturday, October 28, 2017

බුදුරජුන්ගෙන් පාර නෑසු අවසනාවන්තිය III


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... කරුමයක උරුමය සොයා.....

'සතර අපායෙන් මිදෙමු' - 54 කොටස


(ඉකුත් දෙසතිය - කුඩා කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණියද දිවිනසාගනී. භික්‍ෂුක්‌ උතුම් සමාධියෙන් පසුවද්දී මෙසේ සියදිවි නසාගත් දියණියගේ ඊළඟ භවය අරමුණු කරයි. එහිදී අරමුණු වනුයේ නිරයේ ගිනිදැල්ය. එවිට නිරයට වැටීම පිණිස ඇයව ඇද දැමීමට හේතුවූ අකුසලය කුමක්‌දැයි දැනගැනීම පිණිස එම භික්‍ෂුව ඇය සියදිවි හානිකර ගැනීමට පෙර ආත්මය අරමුණු කරයි)

එහෙම අරමුණු කර බලන්න භික්‍ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්‌ව ඉපදුණු ජීවිතයේදී, ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි දුප්පත් පවුලක ඉපදීම, කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම නිසා අහිමිවීම, ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම, පාසල් වයසේදීම මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම, ලාබාල වයසේදීම ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම, කෙටි කලකින් එම පෙම්වතාද සියදිවි නසාගැනීම, සමාජයෙන්, ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන් චෝදනා අපවාද එල්ලවීම,අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම පිණිස කරුණු කාරණා සකස්‌වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ ජීවිතයට පැමිණි දේවල් නොවේ.

Sunday, June 11, 2017

ආදීනව නොපෙනෙන අශ්වාදයද ආදරය?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' - 23 කොටස

තවත් වැලන්ටයින් දිනයක්‌ අත ළඟය. මෝහයට මෝස්‌තර දමා 'ආදරය' යෑයි ආටෝපයක්‌ සරුවට සමාජගත කරන්නේය. සරු දේ නිසරු වශයෙනුත් නිසරු දේ සරු වශයෙනුත් ගත් අහිංසක තාරුණ්‍යය මුලාවෙන් මුලාවට පත්වන්නේය. සැබෑ සැනසීම වෙනුවට කාමයේ ආශ්වාදය තුළ වැනසීමට පාර කපන්නේය. පරිහානියෙන් පරිහානියට යන ලෝකයේ ඒ 'නන්නත්තාර' රැල්ල නැවතීම (හේතු ඵල අනුව) අපට නොහැකිවුවද, සරු දේ සරු වශයෙන් ගලපාගැනීමටත් නිසරු දේ නිසරු ලෙසින් බැහැර කිරීමත් පහසුවක්‌ වනු පිණිස ආදරය ගැන සඳහන් මේ සටහන මෙම සතියේ ඔබට පිදීමට අපි තීරණය කළෙමු. 

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා 'මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ' කියලා.

Monday, April 10, 2017

සිතට වධ දෙන කාම රාගය

‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සරල අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි. පුහුදුන් සිත නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ සැප අත්පත් කරගැනීමේ ක්‍රියාවලියෙහි යෙදීමටයි. ඉතින් අප මේ සැප ළඟා කර ගැනුමට යොදා ගන්නා ඇස, කන, නාසය, දිව හා ශරීරය ඉන්ද්‍රිය පහක් ධර්මයෙහි උගන්වනවා. මේ ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ අරමුණු පිටුපස හඹා යන්නටයි.
‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සාමාන්‍ය සරළ අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි.

Saturday, April 8, 2017

පරදාර සේවනය නිරයේ උපතට හේතුවෙයි


කාම මිථ්‍යාචාරය පරදාර සේවනය ලෙස ද දක්වා තිබෙයි. “පර” යනු අනුන් හට අයත් යන අදහස දෙන පදයයි. “දාර” යනු ගැහැනිය, ස්ත්‍රිය, බිරිය යන අදහසින් යුක්තයි. නීත්‍යානුකූල විවාහයකින් හෝ විවාහ ගිවිස ගැනීමකින් තොර සැවොම කිනම් ආකාරයකින් හෝ අනුන්ට අයත් ස්ත්‍රිහු වෙයි. ඒ අනුව තමන්ගේ භාර්යාව හැර අනෙකුත් සියලුම ස්ත්‍රීන් පරදාර ගණයට අයත්ය.
ඒ ස්ත්‍රීන් අතරින් එක් අයෙකු සමඟින් හෝ කාම සේවනයෙහි යෙදෙයි නම්, එය කාමේසු මිච්ඡාචාරය යි. කාමේසු යන බහු වචනයෙන් මෙම පදය යුක්ත වී ඇත්තේ මෙම බොහෝ ස්ත්‍රීන් සමඟ වන කාම සේවනය අර්ථවත් කිරීමටය. කාමේසු මිච්ඡාචාරය යන සිල් පදයෙන් අදහස් වන්නේ අනිසි ලෙස ඉඳුරන් පිනවීම නොව වැරැදි කාම සේවනය ගැන බව අප අවධාරණය කළ යුතුය.

Saturday, December 17, 2016

පිනට ලද රූපය පවට යෙද වූ සාපය


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය,

සයනයේ ප්‍රේතිය



මහ රහතුන් වැඩි මග ඔස්සේ

අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්‍ෂුවක්‌ එක්‌ අවස්‌ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක්‌ දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්‌වභාවයෙන් යුතු බවයි භික්‍ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්‌ද හැඟුණා. භික්‍ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා. නිදන කාමරයේ කිසිවෙක්‌ සිටියේ නැහැ. හරිම පාළුවටයි පෙනුණේ. භික්‍ෂුවට දැනුනේ මෙය ඇය මනුෂ්‍ය ජීවිතයේදී පරිහරණය කළ කාමරය කියලා.

ආශාවේ වියරුව - කැමැත්තේ මරලතෝනිය


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ......

මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති - සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි.

මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ.

Sunday, October 9, 2016

කාමරාග නීවරණය

“තත්ථ කතමං දුක්ඛ සමුදයං අරීය සච්චං? යායං තණ්හා පොණො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහිනන්දිනී. සෙය්‍යථිදං?
කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා” (ධම්මචක්ක දේශනාව) බුදුරජාණන් වහන්සේ දම්සක් දේශනාව අරඹමින් තණ්හාව තෙවැදෑරුම් බව වදාළේ ඉහත සඳහන් පරිදිය. සියලු සත්ත්වයන්ගේ පුනර්භවය සනිටුහන් ප්‍රධාන ක්ලේශය කාම තණ්හාව හෙවත් කාමච්ඡන්දය බව මෙයින් වදාළහ.
හැම සත්ත්වයෙක් ම තමා උපන් භවය කුමක් වුවත් ඔහු එය පි‍්‍රය කරයි.

Friday, September 2, 2016

ප්‍රේත ලෝකයේ මනාලිය (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)

තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි,

Thursday, June 2, 2016

රාගයෙන් ගිලන් වූ සිතට ඖෂධය විරාගී දහමය


බක් අමාවක පෝදා (මැයි 06 වනදා) සිට සුපසන් ජීවිතයකට ධර්ම කතා පෙළෙහි අප කතා කරමින් පැමිණියේ ‘භාරද්වාජ සූත්‍ර’ දේශනාවයි. මේ සූත්‍ර දේශනාවෙන් පැවිදි ජීවිතයක් පිළිබඳව පෙන්වා දුන්න ද පෘතග්ජන වූ අශ්‍රැතවත් මුළු මනුෂ්‍ය සමාජයට ම මේ සූත්‍ර දේශනාව උතුම් දහම් අවවාදයක් ලෙස ලංකරගත හැකිය. ඒ පිළිබඳව අද දවසේ ද දහම් විවරණයක් කොට බලමු.
යම් විටක සංසාර ගමනේ පටන් අපේ ජීවිතවල පවත්වාගෙන එන කර්ම ශක්තීන්ට අනුව ආශාවත්, රාගයත්, ලෝභයත්, ද්වේෂයත් මේ ආදී කෙලෙස් පවතින්නට පුළුවනි.

Friday, January 29, 2016

රාගය ගින්නකි ජීවිතය වනසනා


මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ මංගල සූත්‍රයේ සඳහන් තිස්හත්වෙනි මංගල කරුණ වූ “විරජං” නම් වූ රාගාදී කෙලෙස්වලින් බැහැර වූ සිතක සැනසුම පිළිබඳවයි. රජස් බැහැර කිරීම නම් කෙලෙස් නම් වූ දූවිලිවලින් බැහැර වීමයි. බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් කෙලෙස් තුනක් මතුකොට දක්වයි. එනම් රාගය( ඇලීම), ද්වේෂය (තරහව) සහ මෝහය නම් වූ මුළාවයි.

Thursday, November 26, 2015

කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම



අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි.

Wednesday, November 11, 2015

ඔබ ඔබ ගැනවත් තේරුම්ගත්තා ද?


වප්පුර පසළොස්වක පෝය දිනයෙහිදි අප සාකච්ඡා කළේ “නතුම්හ” සුත්‍ර දේශනාව ඇසුරෙන් පෘතග්ජන වූ අපගේ ජීවිත හැඩගස්වා ගන්නා ආකාරය පිළිබඳවයි. අද අප මේ සූත්‍ර දේශනා සාකච්ඡාව අවසන් කිරීමට පෙර මෙසේ සළකා බලමු.

Tuesday, September 29, 2015

කාමයෙහි ගිජුවීමේ ආදීනව


වස්තු කාම ක්ලේෂ කාමයන්ගේ ආදීනව ඉගැන්වීමටත් කාමයෙහි ගිජුවීම ස්වර්ග මෝක්ෂ දෙකට අන්තරායකාර වන අයුරු පෙන්වාදීමටත් බුද්ධ දේශනාව තුළ දරා ඇත්තේ අපූර්ව වෑයමෙකි.

Thursday, September 24, 2015

සරාගි සිත විරාගි බවට හැරවීම



සංයෝග පැත්තට යොමු වන සෑම සිතිවිල්ලක් ම විසංයෝග පැත්තට යොමු කිරීමට උත්සාහයක යෙදීම නිසා ම ඇය තම ආර්ය මාර්ගය ස්ථීර වශයෙන් සාක්ෂාත් කර ගැනීමක් වශයෙන් සෝවාන් ආදී මාර්ග ඵලයට පියවරෙන් පියවර පිය නගනවා. එමෙන්ම එහිම අනික් විරුද්ධ පාර්ශ්වය වන පුරුෂයා ද ස්ත්‍රියගේ සිත බැඳ ගැනීමට උනන්දු වන මේ සංයෝග ක්‍රියාවලිය සද්පුරුෂ ආශ්‍රයෙන් හෝ කල්‍යාණමිත්‍ර අනුශාසනයෙන් අවබෝධ කරගෙන විසංයෝග ක්‍රියාවලිය තුළට යොමු වුවහොත් ඔහු ද ආර්ය මාර්ගය ඒ ආකාරයෙන් ම සඵල කරගන්නවා. මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ කාමාදී සිතිවිලි පිළිබඳ විසංයෝග ක්‍රියාවලියේ අවශ්‍යතාවයි. එහෙම නැතිනම් බෞද්ධ ඉගැන්වීමෙහි අවසාන ඉල්කකය වන නිවන යි

Saturday, September 5, 2015

ආත්ම දමනය ඇතිකර ගැනීම


කාම සම්පත් භුක්තිවිඳීමේ ආශාව මිනිසාගේ මෙන්ම තිරිසන් සතුන් තුළ ද සහජයෙන්ම පිහිටා තිබෙන ගතියකි. මෙම ආශාව සන්තර්පනය කරගන්නා ආකාරය අනුව මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙනස් වෙයි. කාමය යනුවෙන් හැඳින්වෙන වචනයෙන් පංචකාම ලෝකයාට අයත් සියල්ල අදහස් වේ. මිනිසාගේ ලිංගික ආශාවද කාමයේ එක්තරා අංගයකි.

Wednesday, September 2, 2015

පංචකාමය ජය ගැනීම සදා සැනසීමට හේතු වෙයි


ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ, යන පංච කාම වස්තුන් අතරින් වඩා බලවත් වන්නේ කුමන කාමයක් දැයි යන ප්‍රශ්නය ඔබගේ සිතෙහි කවදා හෝ පැන නැඟුනේ ද? එබඳු ප්‍රශ්නයක් කෙදිනක වත් පැන නැඟුනේ නැති වුවත් ඔබගෙන් මේ ප්‍රශ්නයම ඇසුවොත් පිළිතුර කුමක් විය හැකි ද? අපේ බුදුරජාණන් වහන්සේ දවස ප්‍රාන්ත රජවරු පස් දෙනෙකු සාකච්ඡා කරමින් සිටියේ මෙම ප්‍රශ්නයයි. ඔවුන්ගේ පිළිතුර පස් වැදෑරුම් විය.

Saturday, August 15, 2015

ආදරය ගොඩබිම නම් රාගය මහ මුහුදයි


ආදරය ගොඩබිම නම් රාගය මහ මුහුදයි . ඉහත කවි දෙපදය පළමුවරට මා නෙත ගැටුණේ මෙයින් වසර 20කට පමණ පෙර එක්තරා ජාතික පුවත්පතකිනි. ඡායාරූපයක් සඳහා ලියැවුණු නිසඳැස් කාව්‍යයක අවසන් පද දෙක වූ එය මා සිතට තදින් ඇතුළු විය.

Thursday, July 23, 2015

ඉන්ද්‍රිය සංවරය පුරුදුකරමු


නීවර්ණ වලින් පීඩා විඳිමින් නීවර්ණ පෝෂනය වන වැඩපිළිවෙලක් තුලම අපි හිටියොත් අපිට වෙන්නෙ දුකසේ වාසය කරනට සිදුවෙන එක. නමුත් නීවර්ණ බැහැරකර ගන්ට වැඩපිළිවෙලට අපි ආවොත් සැපසේ වාසය කරමින් අප්‍රමාදීව නිවන් මගේ හැසිරෙන්ට අපිට පුළුවන්කම තිබෙනව. එතකොට අපි ප්‍රමාදයට වැටුනොත් වැටෙන්නේ ම ඉන්ද්‍රිය අසංවර කරගෙන සිටීමෙන්.

කාමයන් නිසයි අපිට මේක වෙන්නෙ. ප්‍රිය මානාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවාට අපේ ගිජුකම නිසා තමයි සිත කෙලෙසෙන වැටෙන්නෙ. එතකොට අපි කාමයන් ගැන තිබෙන තද කැමැත්ත බැහැර කරගන්ට අපිට පුළුවන් වුනොත්, අපිට ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්ට ඒක පහසුයි.
ඉන්ද්‍රිය සංවරකර ගැනීමෙන් අපිට ලැබෙන මේ මහා ලාභය, අතිශය සුවපහසු ජීවිතය ගැන අපි කැමති වුනොත් සතුටු වුනොත්, එබඳූ සුවපහසු ජීවිතයට අපි කැමති වුනොත් ඉන්ද්‍රිය සංවරයට අපි සිත කැමතියි. ඉන්ද්‍රිය සංවරයට කැමති නැත්නම් කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරන්නෙ නෑ. ඉන්ද්‍රිය සංවරය කියන ඒ උතුම් ධර්මය පුරුදුකරගන්ට අපි කැමති වෙන්ට ඕනැ. කැමති වෙන්නේ එයින් ලැබෙන මහා ප්‍රතිලාභය අපිට තේරෙනව නම්, ඒ ප්‍රතිලාභය විඳින්ට අපි කැමතිනම්.
ඒ නිසා ඉන්ද්‍රිය සංවර කරන කෙනාට ලැබෙන මහා ප්‍රථිලාභය අතිශය සුවපහසුව ගැන හිතන්න. ඉතාම සුවපහසු ජීවිතයක් උපදවගන්ට පුලුවන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කෙනා තුළ.
ඉන්ද්‍රිය අසංවර වුනානම් අතිශය දුක්පීඩා සහිතයි. ඒ දුක් පීඩා සහිත බව උපදින්නෙ කාමයන් ගැන අපේ සිතේ තිබෙන කැමැත්ත, ඇල්ම නිසා. ඉතින් කාමයන්ගේ තිබෙන කැමැත්ත ඇල්ම බැහැරකරගන්න අපි උත්සාහ කළොත් ඉන්ද්‍රිය සංවරය අපිට පහසු වෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියා දෙන විදිහට කාමයන්ගේ ආදීනව හොඳට තේරුම් අරගෙන සිහිකරන්න. ඒ කාමයන්ගෙන් බේරිලා ඉන්ද්‍රිය හොඳට සංවර කරගත්තොත් අපට ලබන්ට පුළුවන් මහා සැප ගැන කල්පනා කරන්න, තේරුම් ගන්න. ඒ සැපවත් ජීවිතයට කැමතිවෙලා ඒ සැපවත් ජීවිතය උපදවගන්ට අපි වෑයම් කළොත් අපිට ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්ට පුළුවන්.
ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගත්ත කියල මේ අයට ගිහි ජීවිතයට භාධාවක් වෙන්නෙ නෑ. බය වෙන්න එපා. තමන්ගෙ ජීවිතය ගතකරමින්ම මේ ඉන්ද්‍රිය සංවර බව ඇතිකරන්න පුළුවන්.
මේකට කාලයක් ගතවෙයි. එකපාරට කරන්ට බැරිවෙයි. මේක උත්සාහ කරන්න. අපට වෙන ක්‍රමයක් නෑ දුකෙන් නිදහස්වෙන්ට. දුකෙන් නිදහස්වෙන්ට කැමති කෙනා මේක කළ යුතුමයි.
අපි හීන වූ ආසාවන්, හීන සැපක් ඇතිකරගන්ට ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් අපිට විඳින්ට තියෙන මහා දුක අපි තේරුම්ගන්ට ඕනැ. ඉතින් භාග්‍යවත-=න් වහන්සේ අපිට කියා දෙන්නෙ කාමයන් ගැන තියෙන කැමැත්ත අඩුකරගන්ට ඒවයේ ආදීනව ගැන හිතන්න කියල. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව කාමයන් කියන්නෙ ගිනි අඟූරු වලක් වගේ කියල ඒ ගැන බය උපදව ගන්ට කියල.
භාග්‍යවතුන් වහන්සේ කියල දෙනව මනුෂ්‍යයෙකුගේ උසට වඩා උස වලක් තියෙනව. ඒ වල ගිනි අඟුරු වලින් පුරවල තියෙන්නෙ. යම් බලවත් මනුෂ්‍යයො දෙන්නෙක් ජීවත්වෙන්ට ආස සැපට ආස දුකට අකමැති මනුෂයෙක්ව අත් වලින් අල්ලගෙන බලෙන් ඒ ගිනි අඟුරු වල ලඟට අරගෙන එනව. එතකොට අර සැපට කැමති කෙනා ජීවත් වෙන්ට කැමති කෙනා විවිධ විදිහට උත්සාහ කරනව අර ගිනි අඟුරු වලෙන් බේරෙන්න.
මේ ගිනි අඟුරුවලට මම වැටුනොත් මම විනාස වෙනව. මට මහත් දුකකට පත්වෙන්ට වෙයි කියල දඟලනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව ඒ වගේ කාමයන් ගැන බය උපදවගන්න කියල. කාමයන් කියන්නෙ ගිනි අඟුරු වලක් වගේ. විශාල දුක් පීඩා සහිත දෙයක් කියල කාමයන් ගැන බය ඇතිකරගන්ට කියනව.
ඊලඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව හාත්පස කටු තියෙන කැලෑවකට යම් කෙනෙක් ගියොත් එහෙම එතකොට එයා හැරුනත් කටු ඇනෙනව. අන්න එයාට කරන්ට තියෙන්නෙ ඉතාම සිහි කල්පනාවෙන් ඉස්සරහට ගියත් සිහියෙන් පිටිපස්සට ගියත් සිහි නුවණ පවත්වගන්ට ඕනැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව මේ කාමයන් කියන්නෙ කටු වගේ එකක් කියල. හැරුනත් දුක පීඩාව. ඇහෙනුත් පීඩාව, කණෙනුත් පීඩාව, නාසෙනුත් පීඩාව, දිවෙනුත් පීඩාව, ශරීරය මේ හැම තැනින්ම මේ කාමයන් නිසා ඇතිවෙන පීඩාව තියෙනව.
ඒ විදිහට කාමයන් ගැන තේරුම් අරගෙන කාමයන්ගෙන් නිදහස්වෙන්ට අපි කල්පනා කරන්ට ඕනැ. එතකොට ඉන්ද්‍රිය සංවරයට අපි කැමතියි. ඒ විදිහට අපි ඉන්ද්‍රිය සංවරයට කැමති වුනොත් අපි ක්‍රම ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවරය ඇතිකරගෙන අතිශය සුවපහසු ජීවිතයක් ඇතිකර ගන්නව. එයා නිවන් මගේ අප්‍රමාදීව යන කෙනා. ඉතින් අපි කාටත් සෙත් පතනව අතිශය සැපවත් ජීවිතයක් ඇතිකර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපිට කියා දෙන නිවන් මගේ අප්‍රමාදී බව ඇතිකරගන්ට සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!