Labels

Showing posts with label අති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්. Show all posts

Saturday, June 18, 2016

සිත නිවන දහම් මග


පංච නීවරණ යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡකුක්කුච්ඡ , විචිකිච්ඡා ආදියයි. එනම් ආශා කරන දේ සිහිවීම, තරහ මතුවීම, අලසකම හා නිදිමත ඇති වීම, නොසන්සුන්කම හා පසුතැවීම ඇතිවීම, සැකය මතුවීම ආදියයි. මෙම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා සමථ භාවනා ක්‍රම මගින් සිත දියුණු කරගත යුතුය. භාවනා කිරීම සඳහා ඉන්ද්‍රිය සංවරය තිබිය යුතුයි. ඒ සඳහා ශීලයක පිහිටා සිටිය යුතුයි. පන්සිල් , ආජීව අෂ්ඨමක සිල්, අටසිල් , දස සිල් ආදී වශයෙන් ගිහි පිරිසට උචිත පරිදි සුදුසු ශීලයක් සමාදන් විය හැක. සමාදන් වූ ශීලය නැවත නැවත ආවර්ජනා කිරීමෙන් පවත්වා ගෙන යාමට විරිය කළ යුතුයි. ඒ සඳහා සිහි නුවණ අවශ්‍යයි.

Friday, May 13, 2016

සනාථයෙකුවීමට දහම් මඟ ගැනීම


ජීවිතය යහපත් කර ගැනීමට බුද්ධ දර්ශනය තුළ අපට ගතහැකි බොහෝ කරුණු කාරණා තිබෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සෑමවිටම මංමුලා වූ සත්ත්වයන්ට පිහිට වූ සේක. අසරණයන්ට පිහිටවූ සේක. මඟ පෙන්වා දුන් සේක. එහෙත් අප තේරුම්ගත යුතු දේ තමයි උන්වහන්සේ කිසිම විටෙක ගැලවුම්කරුවෙකු වූයේ නැත. හැමවිටම මඟ කියාදෙන්නෙකු පමණක්ම වූහ. එනිසාම බුදුන්වහන්සේ නිතර දේශනා කළේ තම තමාට පහනක් ලෙස ජීවත් වියයුතු බවත් තමාගේ ආලෝකයත්, පිහිටත් ඇත්තේ තම තුළම බවයි. ඒ නිසා සමාජය තුළ අනාථයෙකු නොවී සනාථයකු විය යුතු බව අංගුත්තර නිකායේ නාථකරණ සූත්‍රයේ දී බුදුන්වහන්සේ මෙසේ පෙන්වා දුන්නා.

Sunday, January 3, 2016

ධර්මය දකින්නාට ලෝකය සිහිනයකි


භාවනානු යෝගියා සමඟ කෙලෙස් සේනාව යුදවදී. ඒ සටනින් දිනීමට නම් සටන් විධි නම් වූ කල්පනා විධි හැගීම් මතවාද දුරුලිය යුතුය. දුක හෝ සතුටටද හේතුව මම නම් වූ උරුමකරුවා බව තේරුම් ගන්න. දුක් වර්ග දෙකක් ඇත. ඉන් එකක් දුක තව තවත් වැඩි කරගන්ට මග පෙන්වන දුකය. දෙවැන්න දුක නැත්තටම නැති කරන්නට දැනම විඳින දුකය. මේ දෙවැනි වර්ගයේ දුක් විඳින්ට අකැමැති නම් ඔබට කිසිදා දුක කෙලවර කර ගත නොහැකි වේ.

Saturday, November 28, 2015

තම සිතින්ම සෙවිය යුතු සැනසීම


දිය බිඳුවකින් පටන් ගන්නා ගංගාවක ආරම්භය පිවිතුරුය. ගඟ කෙමෙන් කෙමෙන් පහළට ගලා යත්ම විවිධ වූ අපවිත්‍ර දේ එක්වීමෙන් බොහෝ සෙයින් අපවිත්‍ර වේ. මිනිස් මනසේ ස්වභාවය ද මීට සමාන කළ හැකි වේ.

Monday, November 2, 2015

ගිහිවත හා පැවිදිවත පෘතග්ජන - ශ්‍රාවක ප්‍රභේදය

 

සෑම සමාජයකම ගිහියනුත්, පැවිද්දනුත් (ගිහි – පැවිදි) දක්නට ලැබෙන බව සමාජ ඉතිහාසයෙන් දක්නට ලැබේ. ගෝත්‍රික සමාජවල ද මේ ලක්ෂණය දක්නට ලැබේ. ආගම නියෝජනය කරණ පිරිසක් පිළිබඳ අදහස කිසිදු භේදයෙන් තොර සංකල්පයකි. බුදු දහම ද මේ ප්‍රභේදය හඳුනාගෙන ඇත. ගහට්ට (ගිහියා), පබ්බජිතා (පැවිද්දා) යනුවෙන් පුද්ගල දෙවර්ගයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මේ දෙදෙනාට ආවේණික සදාචාර ධර්ම පද්ධතියක් ඇති බව ‘සුත්ත නිපාතයේ ධම්මික සූත්‍රයේ’ දැක්වේ. ඒවා ‘ගිහිවත’ සහ ‘පැවිදි වත’ නමින් දැක්වේ.