Labels

Monday, December 26, 2016

පරිසරය වැනසූ ඔවුහු විනාශයට පත් වූහ

මිතුරනි, අප භාරගත් ඇණවුම් සියල්ල නිසි කලට ඉටු කර දීමට නොහැකි විය. ගනුදෙනුකරුවන් අප වටලා ඇත. අපි ඔවුන් රැවටුවෙමු. මෙලෙස සිටියහොත් නුදුරෙහිදීම ඔවුන්ගෙන් මැරුම් කෑමට සිදුවනු ඇත. එබැවින් අපි මෙම රටින් පිටව වෙනත් රටක ගොස්‌ වාසය කරමු. 

එසේය නායකතුමනි, වහ වහාම අපි මෙම රටෙන් පලා යමු. කණ්‌ඩායම් දෙකට අයත් වඩු කාර්මික ශිල්පියෝ එක හඬින් එම අදහස අනුමත කළහ. ඒ අනුව ඔවුන් තමන් දන්නා වඩු කාර්මික ශිල්පය උපයෝගි කරගෙන නාවික යාත්‍රා සකස්‌ කර ගත්හ. දිනක්‌ රාත්‍රී භාගයේ තම තමන් සතු සියලු වස්‌තුව පොදි බැඳගෙන මහ රැයේම දියඹට වන්හ. ඔවුන් තමන්ට පදිංචියට සුදුසු ගොඩ බිමක්‌ සොයමින් යාත්‍රා පදවන්නට වූහ.

බුදු දහම අන් ආගම්වලින් වෙනස්‌ වන්නේ කෙසේද?

බුදු දහම සහ අන් ආගම් අතර යම් කිසි සමානකම් තිබුණද ඒවායේ මූලික න්‍යාය වශයෙන් ඒවා එකිනෙකට පරස්‌පර අදහස්‌ දක්‌වයි. එහි ප්‍රධාන ප්‍රතිවිරුද්ධ ලක්‌ෂණය වන්නේ බොහෝ ආගම් දේවවාදී සංකල්ප මත ගොඩනැඟුණ ඒවා වන අතර සර්වබලධාරී දෙවි කෙනෙක්‌ පිළිගනී. ඒ මත සියල්ල සිදු වන බව ඒ ඒ ආගම්වල මතයයි .

නමුත් බුද්ධ දර්ශනය තුළ ඒ සියල්ල ප්‍රතික්‌ෂේප කරන අතර බුදු දහම තුළ දක්‌වනුයේ තමාට උරුම ජීවිතයේ වගකීම තමා සතු බවයි. එසේම අන්‍ය ආගම් බොහොමයක්‌ නැවත උපත ප්‍රතික්‌ෂේප කරන අතර බුදු දහමට අනුව නැවත උපත ඒකාන්තයෙන්ම සිදු වන්නකි.

තවද දේවවාදී සංකල්ප ඇති ආගම් පවසනුයේ ලෝකයේ හටගැනීම දෙවියන් වහන්සේ විසින් සිදු කරන ලද්දක්‌ බවයි. නමුත් බුද්ධ දේශනාවට අනුව එය සිදු වන්නේ සියලු සත්වයන්ගේ කර්මානුරූපවය.

අනිත්‍යතා දැක්‌ම කුමකටද?

බුදුරජාණන් වහන්සේ ලොව පහළවූයේ අකුරු අටක්‌ ඇති වචන තුනක්‌ ලෝකයට ඉගැන්වීමට යෑයි කියමනක්‌ ඇත. එම වදන් තුන හා අකුරුඅට නම් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණයයි. ත්‍රිලක්‌ෂණය අනුව ලෝකය වටහාගැනීම යථාවබෝධයයි. බුද්ධෝත්පාදය වනවිටත් උපරිමය දක්‌වා දියුණුව පැවැති සමථ භාවනාව මගින් සිත පිරිසිදු බවින් හා කාර්යක්‍ෂමතාවෙන් උපරිම අවස්‌ථාවට සංවර්ධනය කළ හැකි බව යෝගාවචරයෝ අවබෝධ කරගෙන සිටියහ. රූපාරූප ධ්‍යාන ලබාගැනීමටත් අධි මානසික හැකියාවන් උපදවා ගැනීමටත් චිත්ත ශක්‌තිය ප්‍රගුණකොට විස්‌තාරණය කළ හැකි විය.

එහෙත් ලෝකය පිළිබඳ යථාභූත ඥනය සඳහාත් ඉන් ලැබෙන ප්‍රඥව පාදක කොටගෙන සප් විශුද්ධීන් හා නව මහා විදර්ශනා ඥනය තුළින් ක්‌ලේෂ

බුදුරදුන් පරිහරණය කළ උතුම් සුව පහසු වටිනා යහන් තුන

බුදුරජාණන් වහන්සේ වසර දහනමයක්‌ම වැඩ වාසය කළේ සැවැත්නුවර ඡේතවනාරාමයේ. කහවණු පස්‌ හතර කෝටියක්‌ වැය කරමින් අනේපිඬු සිටුතුමා විසින් එම ආරාමය ඉදිකර බුදුරජාණන් වහන්සේට එය පූජාකර තිබෙනවා. ඉඩම මිලදී ගැනීමට දහඅට කෝටියකුත්, ආරාමය ඉදිකිරීමට දහඅට කෝටියකුත්, ගෘශභාණ්‌ඩ, ඇඳන් ආදී උපකරණ සඳහා දහඅට කෝටියකුත් වශයෙන් වැයකර ඇතිබව සඳහන් වේ.

උතුම් ම මොහොත

නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌සෘෘෘ
''ලාභා වො භික්‌ඛවෙ, සුලද්ධං වො භික්‌ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්‍රහ්මචරියවාසාය''
''මහණෙනි, නුඹලාට ලාභයෙකි. මහණෙනි නුඹලාට යහපත් ලැබීමකි. බඹසර විසුමට සුදුසු අවස්‌ථාව නුඹලා විසින් ලබන ලද්දේය''.

පිණ්‌ඩපාතය

පිණ්‌ඩපාතය යනු පිඬුසිඟීම සඳහා වඩිනා භික්‌aෂුන් වහන්සේ නමකට පිළිගන්වනු ලබන ආහාරයයි. බුදුන්වහන්සේ පහළවීමටත් ප්‍රථම කාලයේ සිටම ශ්‍රමණයන් වහන්සේලා පිඬුසිඟීමෙහි යෙදුණු බව පෙනේ. එබැවින් බෞද්ධ භික්‌ෂුන් පිණ්‌ඩපාතයේ වැඩීම බුදුන්වහන්සේගේම නියමයක්‌ නොවේ.


Sunday, December 25, 2016

චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා යාමට බලපාන ආවරණ

විපාකාවරණය ප්‍රබල ප්‍රතිසන්ධි විපාකයකි. කෙතරම් ධර්මය ශ්‍රවණය කළද, කෙතරම් මිනිස් ආත්මයක උප්්පත්තිය ලැබුවද , සද්ධර්මය තිබුණද ,බුද්ධෝත්පාද කාලයක ජීවත්වුවත් වුවද ධර්මාවබෝධ කරගැනීමට තිබෙන අවස්ථාව අහිමි වී යයි. ප්‍රතිසන්ධිය සිදුවන අවස්ථාව තුළ මිනිස් ආත්මයක උප්පත්තිය ලැබුවද,සද්ධර්මය තිබුණද කල්‍යාණ මිත්‍රයන් සිටියද අවබෝධය කරා යාමට නොහැකි වන විවිධ ගැටළු මතුවිය හැකිය. අප ගේ උප්පත්තිය සිදුවෙද්දීම .ඇතැමි විට කන් නොඇසෙන වැනි කායික ප්‍රශ්න ඇතිවිය හැකිය. ඇස් දෙක හෝ කන් දෙකම අක්‍රිය විය හැකිය. කර්ම විපාක තිබෙන අවස්ථාවක කෙතරම් ධර්මය ශ්‍රවණය කළද ඵලක් වන්නේ නැත.

පස් පවින් වැළකී ලබන දියුණුව ඉහළයි

පන්සිල් රකින්නන්ට අනුසස් ලැබෙන බව නියතයි. එහි කුඩා, අනුකුඩා අනුසස් සීමාවක් නැහැ. පන්සිල් නොරකින්නෝ පෝයට අටසිල් නොගන්නා දුෂ්ශීලයෝය. ඔවුන් දුකට පත්වනවා නියතයි.
මෙසේ අපායගාමී වූවෝ අඬනවා, දොඩනවා, කෑගහනවා, වැළපෙනවා. අනේ! මින් මතු පන්සිල් රකිනවා. පෝයට අටසිල් ගන්නවා’යි පවසනවා. නමුත් අපායේදී අඬලා දොඩලා ඵලක් නැහැ. අප අඬන්න, කෑගහන්න අවශ්‍යය මනුලොවෙහිදියි. ජීවිතය සාපරාධී ලෙස ගෙවා නොදැමීමට ශීල සංවරය වටිනවා, එය ලොවේ සැමටම නැහැ. ශීලය රකින්මෝ සිහි නුවණ ඇත්තන් පමණයි. ඔවුන් පෝයට අටසිල් සමාදන් වෙනවා. ඇතැම් අය පැවිදි වෙනවා, සමහරු පැවිදි උපසම්පදාව ලබනවා.
එය සිඳුවන්නේ තම තමන්ගේ පිනේ ස්වභාවය අනුවයි. ශීලය ගැන හොඳින් දැනුවත්ව ශීල සංවරය ගැන කථා කළ යුතුයි.

සසර සැඩපහර තරණය කිරීම



දේවතා සංයුත්තය පුරාවටම අප්‍රකට දෙවිවරුන් පිළිබඳව සඳහන් වෙයි. ඔවුන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නොයෙක් ප්‍රශ්න අසන අයුරුත්, ඒ ප්‍රශ්නවලට බුදු සමිඳුන් වදාරණ පිළිතුරුත් එහි ඇතුළත්. ඇතැම් දෙවිවරුන්ගේ ගාථාවන් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අනුමත කළ අවස්ථාවන්ද දක්නට ලැබෙනවා. සමහර දෙවිවරුන්ගේත්, මිනිසුන්ගේත් අදහස් අතර විශාල වෙනසක් නැති බව මේ දේවතා සංයුත්තය පරිහරණය කරන විට පෙනෙයි. මෙහි සූත්‍ර අසු එකක් සඳහන්ව තිබෙන අතර බුදුරජාණන් වහන්සේගේ තෙවලා දහම තුළ අන්තර්ගත වන “සගාථ වර්ගයේ” දේවතා සංයුත්තය දෙස අපගේ අවධානය යොමු කරමු.
එහි “නළ වර්ගය” නමින් කොටසක් සඳහන් වෙයි. එහි පළමු සූත්‍රය “ඕඝ තරණ” සූත්‍රය යි. ඕඝ යනුවෙන් අදහස් කරනුයේ සැඩ පහරයි. ඒ සැඩ පහරවල් තරණය කිරීම සම්බන්ධයෙන් කරුණු කාරණා මෙම සූත්‍රයේ ඇතුළත් වෙයි. මේ සූත්‍රය මා විසින් මෙසේ අසන ලදැයි ආනන්ද තෙරුන් විසින් දක්වා තිබෙනවා.

ජීවන අත්දැකීම්වල සැඟවුණු කහවණු

‘සුතනු’ගේ අම්මා නැත. තාත්තා ද නැත. රැකවරණය දුන්නී ආච්චි අම්මා ය. හොඳ, නරක ගැන, ජීවිතය ගැන සුතනුට කියා දුන්නී ද ඇයයි. වීරකතා, චරිත කතා කියාදෙමින් මේ පුංචි පුතාගේ සිත එඩිතරකම් මතු කළේද ඇයයි.
සුතනු ජීවත් වූ රටේ රජතුමා දිනක් මහවනයේ මුව දඩයමේ ගියා. වෙහෙසට පත් වූ රජු රූස්ස ගස් සෙවනක ගිමන් හැරියා. එවේලේ ඒ ගසට අධිගෘහිත වූ රාක්ෂයෙක් ලොමු දැහැ ගන්වමින් රජතුමා ඉදිරියට ආවා. “මේ ගස යටට එන ඕනෑම කෙනෙක් ආහාරයට ගන්නට මට ‘වෙසමුණි’ අවසර දී තිබෙනවා. දැන් මම නුඹව කා දමනවා” යි ගිගිරුවා. බියපත් රජුගේ සිරුරෙන් දහදිය වැගිරුණා. දෙපා වෙව්ළන්නට වුණා.
‘රකුසාණෙනි, මම මේ රටේ රජු. මා නිදහස් කරනු මැනවි. ඒ වෙනුවට මා ඔබතුමාගේ ආහාරය වෙනුවෙන් එක දවසකට එක මිනිහෙක් එවන්නම්. තව බත් පාර්සලයකුත් එවන්නම්.”
රජු රකුසා ඉදිරියේ පින්සෙණ්ඩු වුණා. හිතුවාටත් වඩා වැඩිවාසියක් අත්වෙන බව දුටු රකුසා යෝජනාවට එකඟ වුණා. ලැබූ නිදහසින් වහ වහා එතැනින් පිටවුණ රජු පොරොන්දු ලෙසම,

සොඳුරු ජීවිතයක ආරම්භය අවබෝධයයි

තෘප්තිමත් නොවී යමෙකු සිටිනවා නම් එයට හේතුව අනවබෝධයයි. බණ පොතෙහි උගන්වන මූලිකම කාරණාව නම් තමන් කරන කියන වැඩකටයුතු පිළිබඳව අවබෝධයක් තබාගෙන ලස්සන ජීවිතයක් ගත කළ යුතු බවයි. දවසින් දවස සැම අයෙකුටම ඉගෙන ගත යුතු කාරණා ඇත. මරණය දක්වාම ඉගෙන ගත යුතු කාරණා නැතිවා නොවෙයි.
නොකළ යුතු කටයුත්තක් කළ හොත් සංස්කෘතිය විසින් දඩුවම් ලබාදෙයි. අප කළ යුතු කාර්යභාරය කුමක්ද? යන වග සංස්කෘතිය විසින් ප්‍රකාශ කර තිබීම සංස්කෘතියක ජීවත් විමේ ලාභයයි.

දහ දුක් විඳින්නකු වන්නේ ඇයි

දහ දුක් විඳී” යන්න අප ජීවත්වන මේ සමාජයේ ඇතැම්දෙනා විසින් නිතර නිතර තම එදිනෙදා කතාබහේ දී භාවිතා කරන කරුණකි. එම තත්ත්වය එක් ගමකට, ප්‍රදේශයකට හෝ පළාතකට පමණක් සීමා නොවී බාල, තරුණ හා වැඩිමහල් ඇතැම් අය විවිධ අවස්ථාවලදී භාවිත කරයි. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක ජලය හිඟ, කුස ගින්නට ආහාරයක් නොමැති, හිසට සෙවණක් නැති මිනිසුන් අපමණයැයි සිතමු.
“අපි පුදුම දහදුකක් විඳින්නේ යැයි” කියනා අය මාධ්‍ය ඔස්සේ මෙන්ම ජන සමාජයේ දී අපට අසන්නට, දකින්නට ලැබේ. එමෙන් ම “දහදුක් විඳලා හදාගත්ත දරුවෝ”, “දහදුක් විඳලා ගොඩ ආවේ” යනුවෙන් ද ජන සමාජයේ භාවිත කරයි. මෙය හුදෙක් පුද්ගලයකු දැඩි ලෙස කායික හා මානසික වශයෙන් පීඩාවන්ට ලක්වන විට හදවතින් ම නැගෙන ශෝකී ස්වරයකි.

Thursday, December 22, 2016

අපරාධයට හේතුව දිළිඳු බවද


















"නුවණින් විමසා බැලුවහොත් දිළිඳුකම නැතිකර ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට අවශ්‍ය දැහැමි ක්‍රම රැසක් තිබේ. ඒ සියල්ල හඳුනාගෙන නිසි පිළිවෙතකට අනුව ක්‍රියා කිරීමේ ක්‍රමයෙන් ආර්ථික වශයෙන් ශක්තිමත් විය හැකි බව චුල්ලසෙට්ඨි ජාතකයෙන් පෙන්වා දෙන ආදර්ශයයි. "

ක්ෂේම භූමියකට පහසුවෙන් යා හැකි මාර්ගයකි

උඳුවප් පුන් පොහෝ දින අප සාකච්ඡා කළ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි සඳහන් වූ මෝලිය ඵග්ගුන තෙරුන්ගේ ක්‍රියාපිළිවෙත ගැන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ භික්ෂුවක් සඳහන් කළ පසුව, භාග්‍යවතුන් වහන්සේ වෙනත් භික්ෂූන් වහන්සේ නමක් යවා මෝලිය ඵග්ගුන භික්ෂුවට තමා හමුවට පැමිණෙන්නට යැයි පණිවිඩයක් යවන ලද අතර, මෝලිය ඵග්ගුන භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ වන්දනා කර එකත්පසෙක වාඩිවුණා.

දියුණුවට සුදුසු පුද්ගල ඇසුර

සිඟාලෝවාද සූත්‍රයෙහි වදාළ පරිදි පාප මිත්‍රයින් සිව් දෙනෙකි. හිස් අතින් නිවසට පැමිණ නොයෙක් හිතවත්කම්, ඇඟෑලුම්කම් පෙන්වා නොයෙක් ලෙසින් ඇති නැති ගුණ වර්ණනා කොට මිතුරාගෙන් යම් කිසිවක් ගෙන යන්නට මාන බලන ‘අඤ්ඤදත්ථූහර’ මිත්‍රයා ඉන් පළමුවැන්නාය.
න භජෙ පාපකෙ මිත්තෙ
න භජෙ පුරිසාධමෙ
භ ජෙථ මිත්තෙ කල්‍යාණෙ
භ ජෙථ පුරිසුත්තමෙ
සැදැහැවත් පින්වත්නි,
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව ධම්මපදයෙහි ඇතුළත් ඉහත දැක් වූ ගාථා ධර්මයෙහි අදහස නම් පවිටු මිතුරන් ඇසුරු නො කළ යුතුය, අධම මිනිසුන් භජනය නො කළ යුතුය. කල්‍යාණ මිත්‍රයන් ම සේවනය කළ යුතුය. උතුම් මිනිසුන් ම සේවනය කළ යුතුය. යන්නයි.

Sunday, December 18, 2016

පිං පව් එනවා අපි පසු පස්‌සේ – I (සෑම රියෑදුරෙක්‌ම කියවන්නේ නම් මැනවි)


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 

'සතර අපායෙන් මිදෙමු' 5 කොටස


භික්‍ෂුව මෙම ලිපිය සටහන් කරන්නට වසර දෙකකට පමණ පෙර හඳුනාගත් පවුලක්‌ හිටියා. මේ පවුලේ

පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

'සතර අපායෙන් මිදෙමු' 2 කොටස (VII)

ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක්‌ ගෙන දේශනා කරනවා ‘මහණෙනි

සංස්‌කාරයන්ට අනුව ජීවිතය නොදැක්‌කොත්....?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

"සතර අපායෙන් මිදෙමු" 2 කොටස (VI)

පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම

දුක මරන්න නැතිනම් ඔබ මැරුණත් දුක නොමැරෙයි


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

'සතර අපායෙන් මිදෙමු' 2 කොටස (v)

භික්‍ෂුවට ඇසෙනවා සර සර ගාන හඬක්‌. ඒ හඬ නිතරම ඇසෙන්නේ කුටිය අසල ගැවසෙන තලගොයාගෙන්. එම සතා නිතරම වියළි කොළ වැටුණු පොළවට ඉව කරමින් කෑම සොයනවා. පොළව හාරන සෑම තැනකින්ම අනිවාර්යෙන්ම ගැඩවිල් පණුවෙක්‌, පත්තෑයෙක්‌, ගෝනුස්‌සෙක්‌ ඩැහැගන්නවා. තලගොයා මේ සෑම සතෙක්‌ම මරාගෙන කන්නේ මරණීය ෙච්තනාවක්‌ ඇතිකරගෙනමයි. මේ තලගොයා තුළත් මනුස්‌සයාට වගේම පංචඋපාදන්ස්‌කන්ධයක්‌ සකස්‌වෙනවා. නමුත් මේ සතා මේ ධර්මතාවයන් ගැන දන්නේ නැහැ. ඔහු ප්‍රමාදයට පත්වෙලා.

ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
'සතර අපායෙන් මිදෙමු' 2 කොටස (IV)

මේ දවස්‌වල භික්‍ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස්‌ කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක්‌ මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්‌ක සෑම සතා සිව්පාවෙක්‌ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්‍ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට

සම්බුදු සරණ විකුණනවද මාරයට?


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

"සතර අපායෙන් මිදෙමු" 2 කොටස (III)

දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා "හාමුදුරුවනේ මම නිතරම දන් දෙන අයෙක්‌. මමත් අවිද්‍යාව තුළද සිටින්නේ" කියලා.

ජීවිතය යනු ඉලක්‌කම් ගොඩක්‌ද?


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

'සතර අපායෙන් මිදෙමු' 2 කොටස (II)

භික්‌ෂුවට පින්වතකුගෙන් දැනගන්න ලැබුණා. තමන්ගේ පෙම්වතියගේ කකුලේ ඇතිවුණ තුවාලයක්‌ අසුබ සංඥාවට ලක්‌කරලා, පෙම්වතියගේ ශරීරයම තුවාලයක්‌ කොට දැකලා, තම පෙම්වතිය කෙරෙහි කලකිරීම සකස්‌කරගෙන ඇයගේ ආශිර්වාදය ඇතිවම අලුත පැවිදිභාවයට පත්වුණ පිංවත් තරුණයෙක්‌ ගැන.

මෙවැනි කථා තුළ තිබෙන්නේ ජීවිතයෙන් පලායාමක්‌ නොවේ. ජීවිතයේ සැබෑම අර්ථය සොයායැමක්‌. පිංවත් ඔබ බියවෙන්න එපා ඔබේ පෙම්වතා,

එක්‌කෝ මරණය නැති නම් සතර අපායෙන් මිදීම


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 

සතර අපායෙන් මිදෙමු 2 කොටස (i)

සුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක්‌ ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්‌කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්‌වාමීන් වහන්සේලා දැක්‌කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක්‌ කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට.

කතාව දිග්ගැසුනොත්...



මහ රහතුන් වැඩි මග          ඔස්‌සේ....

අතහැරීම-3(සතර අපායෙන් මිදෙමු)  

'සතර අපායෙන් මිදෙමු' - 1             කොටස

පුංචි කතා, ලොකු කතා කියා ස්‌වභාවයන් දෙකක්‌ ලෝකයේ පවතී. පුංචි වුවද ලොකු වුවද කතාව සකස්‌වන්නේ ඇති වී නැතිවී යන සිතක්‌ හේතුවෙන්ය. එම සිතට ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මත කතාව පුංචි හෝ ලොකු බවට පත්වෙයි.

Saturday, December 17, 2016

මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද? එහෙමනම් කියවන්න...


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....  "අතහැරීම 2" අවසාන කොටස

පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ.

මේ උතුම්ම බුද්ධ පූජාවයි


මහ රහතුන්වි වැඩ මග ඔස්සේ  වෙසක්‌ දින ලිපිය - IV

පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක්‌ පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ. නිත්‍ය සංඥාවක්‌ ගන්නා මොහොතේම ඔබ භවයට, මාරයාගේ ලෝකයටමයි ඇදීයන්නේ.

ගීයක්‌ කවියක්‌ මුමුණනු වෙනුවට..


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.... විශේෂ වෙසක්‌ දින ලිපිය -III

උතුම් වූ උපසම්පදා ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කරගන්නා ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා ජීවත්ව සිටින තාක්‌කල් ශාසනය ජීවමානව පවතී. ශාසනය ජීවමානව පවතින තුරාවට ධර්මයේ සංදිඨ§ක වූද අකාලික වූද ගුණයන් පිංවත් ඔබට ඔබගේම ජීවිතය තුළින් අත්දකින්න උතුම් අවස්‌ථාවක්‌ තිබෙනවා. පිංවත් ඔබ උත්සහගත යුත්තේ එම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ඔබේ ජීවිතයට ලබා ගැනීමටයි. පිංවත් ඔබ නිවසේදීද, කාර්යාලයේදීද විවේකීව සිටින සෑම මොහොතකම සතියෙන් සිහියෙන් යුතුව ඔබගේ ඇස දෙස බලන්න.

නොවටිනා "වටිනාකමට" නොරැවටෙන්න....



මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....  විශේෂ වෙසක්‌ දින ලිපිය II

ධර්ම සාකච්ජාවක්‌ අතරතුර එක තරුණ මවක්‌ භික්‌ෂුවගෙන් විමසුවා 'හමුදුරුවනේ, මට කුඩා දරුවෙක්‌ සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත් කරමින් මම කොහොමද මේ ධර්මය තුළ ජීවත්වෙන්නෙ කියලා මේ ප්‍රශ්නය පිංවත් ඔබටත් අදාළ ප්‍රශ්නයක්‌ බව ඔබටත් වැටහෙනවා ඇති. භික්‍ෂුව ඇයට දුන්න පිළිතුර තමයි 'දැන් ඔබ බැඳීම්වලට බැඳිලයි සිටින්නේ. ඒ නිසා බැඳුණු බැඳීම් ගැන දුක්‌ වෙන්න එපා. බැඳුණු බැඳීම් උදෙසා ඔබෙන් වියයුතු යුතුකම් කොටසක්‌ තිබෙනවා නම් ඒවා නොපිරිහෙලා ඉටු කරන්න. කරන්නා වූ හැම යුතුකමක්‌ම කුසලයක්‌ සේ දකින්න.

වෙසක්‌ තොරණින් එහා දෙයක්‌ දකිමු!


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  විශේෂ වෙසක්‌ ලිපිය - 01

(පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ ඉකුත් වසරේ වෙසක්‌ දිනය දා එය නිමිති කරගනිමින් ලියන ලද දීර්ඝ ලිපියක්‌ වේ. එය ඉතා දිගු සටහනකි. මෙම වෙසක්‌ මාසය පුරා විශේෂ ලිපියක්‌ ලෙසින් කොටස්‌ වශයෙන් එය පළකිරීමට අප තීරණය කළෙමු. මේ එම සටහනේ පළමු කොටසයි)






කොහොමද...? ක්‍රෝධයේ අස්‌වැන්න



මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

ක්‍රෝධය යනු මෛත්‍රියට වඩා ලෝකය තුළ පැතිර පවත්නා සත්ත්ව ස්‌වභාවයකි. මහ පෙළොවේ පස්‌ අහුරක්‌ දෝතට ගතහොත්, එම පස්‌ මිටත් මහ පොළොවේ පසුත් අතර ඇති පරතරය යම්සේද ලෝකය තුළ මෛත්‍රිය සහ ක්‍රෝධයේ ස්‌වභාවය එසේමය. මනුෂ්‍ය ලෝකයේ සත්ත්වයා බෞද්ධ හෝ අබෞද්ධ වුවද යම් හෝ ආචාරධර්ම පද්ධතියකින් හික්‌මෙන නිසා, දියුණු සිතීමේ ශක්‌තියක්‌ ඇති නිසා

සංසාරයක්‌ පුරා වැරැදුණු තැන...


මහ රහතුන් වැඩි මග ඔස්සේ

ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි. මින් තොර ඔබට නිවීම උදෙසා මාර්ගයක්‌ නොමැත. මේ නිවීම උදෙසා මාර්ගය මිස, ඵලයක්‌ නම් නොවේ. මේ මාර්ගයේ ඔබ ගමන්කොට ඵල අවබෝධ කරගත යුතුය. එසේ නොවුණහොත් ඔබ තවත් සංචාරකයෙක්‌ පමණක්‌ වනු ඇත. 

පිනට ලද රූපය පවට යෙද වූ සාපය


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය,

සයනයේ ප්‍රේතිය



මහ රහතුන් වැඩි මග ඔස්සේ

අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්‍ෂුවක්‌ එක්‌ අවස්‌ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක්‌ දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්‌වභාවයෙන් යුතු බවයි භික්‍ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්‌ද හැඟුණා. භික්‍ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා. නිදන කාමරයේ කිසිවෙක්‌ සිටියේ නැහැ. හරිම පාළුවටයි පෙනුණේ. භික්‍ෂුවට දැනුනේ මෙය ඇය මනුෂ්‍ය ජීවිතයේදී පරිහරණය කළ කාමරය කියලා.

ආශාවේ වියරුව - කැමැත්තේ මරලතෝනිය


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ......

මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති - සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි.

මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ.

අපායේ උපතක්‌


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.
මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.

සිහියෙන් බලන්න... දහම ඔබ අසලමය


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....

ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌....

හොඳ තැන් සොයමින් යනවා වෙනුවට...

නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්‌, තනිකමක්‌, තැතිගැනීමක්‌, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්‍ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්‌,

යක්‍ෂයා නොව ධර්මය දකින්න


මහ රහතුන් වැඩ මග ඔස්‌සේ  19 වැනි කොටස

භව ගමනේ නවාතැන් පළවල ස්‌වභාවය විවිධත්වයෙන් පිරී පවතී. මේ විවිධත්වය ගොඩනැගී ඇත්තේ සත්වයා කරන ලද කුසල් අකුසල් මතය. දිව්‍ය, මනුෂ්‍ය, ප්‍රේත ලෝකයන් මෙන්ම, යක්‍ෂයන්ගේ ලෝකයද අපූරුය. 

මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න

සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය,

දිව්‍ය ලෝකෙ සැපයි... ඒත්?


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  
(අතහැරීම 02) 18 වැනි කොටස


අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි.

නාලාගිරි අදත් වඩියි



මහ රහතුන් වැඩි මග ඔස්සේ

නාලාගිරි ඇතා කීවම ඔබට දැනෙන්නේ බියක්‌. රා පොවල වෙරිමතින් ලොව්තුරා බුදුරජාණන් ඉදිරියට වියරු ස්‌වභාවයෙන් පැමිණි නාලාගිරි ඇත් රජු ගැන ඔබ හොඳට අහල තිබෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ මෙහි සටහන් කරන දෙය.

ඔබත් ඔරලෝසු කටුවක්‌ද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ











ගමන ඉවරත් නොමැති යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිතිඔබත් ඔරලෝසු කටුවක්‌ද?

අභියෝගය අවබෝධයක්‌ කරගන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
15 වැනි කොටස

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය.

දිව්‍ය තලවල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ?


මේ මොහොතේ සද්ධර්මය සුරක්‍ෂිත භූමියේ සුරක්‍ෂිතභාවය උදෙසා "අප ශ්‍රී ලංකා මාතා" කියලා ආශිර්වාද කරන දෙවිවරුන් සමඟ පිංවත් ඔබ අත්වැල් බැඳගන්න. දෙවියන් සමඟ පිංවත් ඔබ බැඳෙන අත්වැල බැඳෙන්නේ පූජා වට්‌ටියකින්, පඬුරකින්, භාරයකින් නොව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය කියන මහේශාඛ්‍ය දෙවියන් පවා වන්දනා කරන කාරණාවලින්. පිංවත් ඔබ මිථ්‍යාදෘශ්ටික කාරණා වලින් බැහැරව ඉහත ආකාරයට සද්ධර්මයට හිතැති දෙවියන් සමඟ අත්වැලක්‌ බැඳගත්තොත් මුළුලෝකයම විනාශවී ගියත් පිංවතුන් සුරක්‍ෂිත යෑයි කියන කාරණය ගැන ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ ඇතිකර ගන්න. දෙවිවරුන්ට පිංවත් ඔබත් ශක්‌තියක්‌ වෙන්න, මේ සද්ධර්මය යම් පමණ කාලයක්‌ හෝ මේ ධර්මද්වීපයේ ආරක්‍ෂාකොට තැබීම පිණිස.

Monday, December 12, 2016

නුගුණ බැහැර කර සුගුණ ප්‍රගුණ කරමු

අද මාතෘකාව සඳහා තෝරාගනු ලැබූයේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවයි. එනම් කියත උපමාකොට වදාළ දේශනාවයි.
භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ ආයුෂ්මත් මෝලිය ඵග්ගුන නම් ස්වාමීන් වහන්සේ භික්ෂූණීන් වහන්සේලා සමඟ පමණට වඩා එකතුව, ඇසුරු කරමින් සිටිනවා. මේ ආකාරයට කාලයක් ආයුෂ්මත් මෝලිය ඵග්ගුන ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් සමඟ අනවශ්‍ය ලෙස කතා කරමින් සංවාදයෙහි යෙදෙමින් කල්ගෙවන විට යම් හෙයකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුව හට ඒ හැසිරීම ගැන දොස් කිව්වොත් ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුවට කේන්ති යනවා. නොසතුටු වෙනවා. එපමණක් නොවෙයි කලහ කරගන්නවා. යම් විදිහකින් යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුවට දොස් කිව්වොත් ඒ භික්ෂුණීන්ටත් කේන්ති යනවා. නොසතුට පළ කරනවා. කලහ කරගන්නවා. මේ විදිහට ආයුෂ්මත් මෝලිය ඵග්ගුන භික්ෂුව හා බොහෝ භික්ෂුණීන් වහන්සේලා අතර එක්ව වාසය කිරීමේ නිතර කතාවේ යෙදීමේ සිරිතක් ඇති වී තිබුණා.

සොඳුරු රුවක යථාව

ශරීරය පිළිබඳව ඇතිවන්නාවූ මනස්කාන්ත නිසරු හැඟීම් හා ශරීරයත් සමඟ ඇතිවන්නාවූ ඇලීම් නවතා දැමිය හැකිය. ඇලීම් සහ ගැටීම් යන දෙකම නවතා දැමිය හැකි වන්නේ ශරීරය පිළිබඳව මනා අවබෝධයක් ඇතිකරගත් විටයි.නිවනට බාධාවක් වන්නේ ද ඇලීම සහ ගැටීමයි.
අප ඉතාම අලංකාරවත්ව ඇඳුම්න් පැළදුමින් සැරසී අංගරචනය කර සියුම් ඡායාරූපයක් ගත හැකි කැමරාවක් ඉදිරියට ගොස් ගනු ලබන ඡායාරූපය විශාල කර රාමු කරමින් බිත්තියෙහි එල්වා තබයි. අපගේ ලස්සන සුන්දර හැඩරුව එතුළින් මැනවින් නිරූපණය වෙයි. මම අසවලා බවට පින්තූරයට පහළින් නමක්ද ගසනු ලබයි. අපට සහ අපගේ ලස්සන පිළිබඳව සෙසු පිරිසට දැකිය හැකියි. අප විසින් එය මමය . යනුවෙන් හඳුන්වා ගනු ලබයි.
එම ඡායාරූප ගත් මොහොතෙහිම එක්ස්රේ කැමරාවකින් පින්තූරයක් ලබාගනු ලැබුවත් එම එක්ස්රේ රූපයට සම වැටෙන්නේ නැත.සමට ඉහළින් තිබෙන්නාවූ කෙස්ද සටහන් නොවෙයි. සමට පරිබාහිර වශයෙන් ගල්වා ඇති ආලේපනද සමෙහි හැඩරුවද සටහන් නොවෙයි. සමට යටින් තිබෙන මස් සහ මස් සමඟ තිබෙන මාංශ පේෂීන්ද මස් අතර තිබෙන රුධිර නාලිකාද සටහන් නොවෙයි. කට නාසය, කන,

කන්න එපා වළඳන්න

භික්ෂූන් වහන්සේලා යනු ගිහි ඇත්තන්ට ආදර්ශ සැපයිය යුතු පිරිසකි. එනිසා ම “කෑම නොකෑම” භික්ෂුවට අනිවාර්ය පැනවීමක් ව සමාජගතවී ඇත. එහෙත් එය එසේ සිදුවන්නේ කෙසේ ද? යන්න මැදහත් සිතින් විමසා බැලීම අත්‍යවශ්‍ය කරුණක්ව පවත්නේ වැළදීමේ ආනිශංසවලට නොව කෑමේ ආදීනවවලට භික්ෂූන් වැඩි දෙනෙකු ගොදුරු වී සිටින නිසා ය.

දේවතා සංයුත්තයේ සුන්දර වූ අද්භූත දේශනා

“සගාත වර්ගය” ඉතා සුන්දරයි. මෙහි සාමාන්‍ය ජීවිතයේ යහපත උදාකර ගැනීමට මංපෙත් මේ ධර්ම කොටසේ සඳහන් වෙනවා. විශේෂයෙන් සදාචාර උපදේශයන් මෙහි ඇතුළත්. දේවතාසංයුත්තයේ භික්ෂූන් වහන්සේට අදාළ කරුණු, ගිහි ජනතාවට අදාළ කරුණු, සමස්ත සමාජයට අදාළ කරුණු ඇතුළත් වෙනවා.
ඉතාමත් ගෞරවයෙන් අප සරණගිය ඒ ශාස්තෘන් වහන්සේගේ නවාංග ශාස්තෘ ශාසනය ඉගෙනීම බෞද්ධ අපට ඉතා වැදගත් වෙයි. ඒ නවාංග ශාස්තෘ ශාසනයට අයත් සූත්‍ර දේශනා කොටස ඉතාම මිහිරියි. සුන්දරයි. එහි ඇති දේවතා සංයුත්තයේ මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් කරන අතර, මෙහි දෙවියන් ඇසූ ප්‍රශ්න සහ භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුරු ඇතුළත් වෙයි. ඒ වගේම “සත්ථා දේව මනුස්සානං” ගුණය ඉස්මතු කරමින් දෙවියන්ට සහ මිනිසුන්ට එකම ශෘස්තෘන් වහන්සේ වූ ආකාරය වටහා ගැනීම මෙම දේවතා සංයුත්තය හොඳම උදාහරණය යි.

විශ්වාසය රකිනු බැරි තරුණකම දුර්වලයි

අවිවාහක ගිහි ජීවිතය පෙරදිග රටවල වැදගත් කොට නො සලකයි. ගිහියෙකු නම් විවාහවිය යුතුය, නො එසේනම් පැවිදිවිය යුතුය යන්න පිළිගත් අදහසකි. බෞද්ධ සාහිත්‍යයේ තරුණ වියේ දී විවාහවීමත් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවීමත් සඳහා සැපයෙන උපදේශ රාශියක් වේ.
තරුණයෙකු හෝ තරුණියක විසින් කළයුතු වැදගත්ම කරුණ වන්නේ තමාට සුදුසු ප්‍රතිවිරුද්ධ ලිංගික සහකරුවා සොයා ගැනීමයි. සමසීල, සමසද්ධා, සමපඤ්ඤා යනාදි ගුණාංගවලින් හෙබි තැනැත්තා හෝ තැනැත්තිය තෝරා ගැනීමයි. එම ගැළපීම නැති කෙනෙකු තෝරා ගන්නා අයට විවාහ ජීවිතයේ අනේකවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. මහෞෂධ කුමරු අමරා දේවිය විවාහ කර ගැනීමට පෙර කරන ලද පරීක්ෂණය සිහිපත් කර ගැනීම ප්‍රයෝජනවත් ය.

උපාසක චණ්ඩාලයෙකු නොවිය යුතුයි

විශ්වාසය කොටස් දෙකකට බෙදෙන අතර එය මිථ්‍යා විශ්වාස සහ සත්‍ය විශ්වාසයයි. විශ්වාසය තවදුරටත් සත්‍යයක් වනවාද? යන්න සලකා බැලිය යුතුයි. සැම විශ්වාසයක්ම සත්‍යයක් බවට පත්වන්නේ නැහැ. නමුත් සත්‍යයක් නම් , අප එය විශ්වාස කළ යුතුයි. මිථ්‍යා විශ්වාස යනු වැරැදි විශ්වාස වෙයි. මිථ්‍යා විශ්වාස තුළ සත්‍ය සෙවිය නොහැකිය.
අංගුත්තර නිකායෙහි උපාසක චණ්ඩාල නමින් සූත්‍රයක් සඳහන්ව ඇති අතර එම සූත්‍රයත් සමඟ උපාසක යන වචනයෙහි අර්ථය නිවැරැදිව වටහා ගැනීම වැදගත් වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි නොදන්නා දෙදෙනෙකු මේ ලෝකය තුළ සිටිනා බවත් , නොදනී හෙවත් නොදන්නා බව දනී යනු එක් පුද්ගලයෙකු බවත්, ,නොදනී නොදන්නා බවද නොදන්නා පුද්ගලයා දෙවන පුද්ගලයා බවත්ය.නොදන්නා බව නොදන්නා පුද්ගලයා භයානක වන අතර සෑම ප්‍රශ්නයකටම පනිමින් , සැම මාතෘකාවක්ම කතාකරන්න යයි.