මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Showing posts with label ගාථා. Show all posts
Showing posts with label ගාථා. Show all posts
Monday, April 20, 2015
ජය මංගල ගාථා
ජයමංගල ගාථාවන් බුදුරදුන් ලැබූ ජයග්‍රහණ අටක් පිළිබඳව ය.
බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
මාරාතිරේක මභියුජ් ජිත සා භ රත්තිම්
ඝෝරම්පන්-ආලවක මක්ඛ මතද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවංගිචක්ක මසනීව සුදාරු නන්තං
මෙත්තංබුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
දාවන්තියෝ ජනපද-අංගුලිමාල වන්තං
ඉද්ධීභි සංඛතමානෝ ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
කත්වාන කත්ථ මුදාරං ඉවගබ්භිනීයා
චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
සංතේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
සච්චං විහාය මතී සච්චක වාදකේයුම්
වාදාභිරෝ පි තනානං අති අන්ධ භූතං
පංඥා පදීප-ජාලිතෝ ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
නන්දෝපනන්ද භුජගං විබුධම් මහිද්ධිං
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
දුග්ගාහදිට්ථි භුජත්ථ හත්ථං
බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඥානාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී
ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ
Thursday, April 9, 2015
සෞභාග්‍ය උදාකරන රත්නමාලි යන්ත්‍රරාජයා
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින ස්‌ථානයේ උඩුවියනේ නෙළුම් මලක පෙතිවල යන්ත්‍රයක් ලෙස ප්‍රස්‌ථාර ගතකොට සවිකර ඇති මහානුභාව සම්පන්න රත්නමාලි බන්ධන ගාථා නමැති තෙරුවන් නමදින මෙම උතුම් ගාථා රත්නය තුළ අසීමිත බලයක් අන්තර්ගතවී ඇති අතර ගාථාවල අක්‍ෂර හා ඝන පිහිටීම අතින්ද විශිෂ්ට බවක් ඇත. මෙහි එන සෑම පදයක්‌ම දිව්‍ය අක්‍ෂරයකින් ඇරඹී දිව්‍ය අක්‍ෂරයකින්ම අවසන් වීම විශේෂත්වයකි.
දළදා දැහැන යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම ගාථා රත්නය ඉන්පත් ඉරු තුනක ලියා යන්ත්‍රයක් සේ සකසා අනුරාධපුර රුවන්වැලි මහා සෑයේද කාවන්තිස්‌ස රජු කරවන ලද සේරුවිල චෛත්‍යයේද ඉතා ගෞරවාන්විතව තැන්පත් කර ඇතිබව සඳහන් වේ.
ඉතාමත් බලගතු යන්ත්‍ර රත්නයක් වන මෙය පාලි භාෂාවෙන් රචනා කර ඇති අතර යන්ත්‍රයේ මැද නෙළුම් මලක් සේ ප්‍රස්‌තාර කර එහි මැද කොටසේ දිව්‍ය අක්‍ෂරයක් වන "ස" යන්න සඳහන් කොට ඇත. ගාථා ත්‍රිත්වයම ඉතා ප්‍රබල ගුණදෙන සුබ ගණවලට අනුව රචනා කර ඇති බැවින් සියලු අපල ග්‍රහදොස් දුක් කරදරවලට ගුණ දෙන සෙත්කවි තුනක් ලෙසද හැඳින්විය හැකිය.
බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුපමේය ගුණ මහිමය සඳහන් මෙම මහානුභාව සම්පන්න නිර්මාණය කවර කාල වකවානුවක නිර්මාණය වූවක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියන බව විශ්වාසයයි.
බෝධි පූජා හා වෙනත් ග්‍රහ ශාන්තිකර්මවලදී තෙරුවන් නමදින අවස්‌ථාවේ මෙම මහානුභාව සම්පන්න ගාථා ත්‍රිත්වය සඡ්Cධායනයකිරීම බොහෝ ප්‍රතිඵල දායකය. කට පාඩම් කර උදේ සවස තුන්වර බැගින් ගායනා කිරීමද සහනය පිණිස හේතුවේ.
නිවැරදිව සකසා ගන්නා මෙම රත්නමාලි යන්ත්‍රය නිවසේ සාලයේ පිරිසිදු උස් ස්‌ථානයක තැන්පත් කර ගෞරවයෙන් යුතුව දිනපතා උදේ සවස සුදුමල් පූජාකර පහන් දල්වා සුවඳ දුම්දී අදාළ ගාථා රත්නය ඉතා භක්‌තියෙන් සඡ්Cධායනය කිරීම තුළින් සොර සතුරන්ගෙන් ආරක්‍ෂාවේ. සර්වජන වශීය, ශ්‍රියාව ඇතිවේ. යන එන ගමන් බිමන් සහ කරන කියන වැඩකටයුතු සාර්ථකවේ. හදිසි අනතුරුවලින් වැළකේ. වෙළ හෙළ¹ම් දියුණුවේ. පදිංචි නිවසේ ආරක්‍ෂාව තරවේ. දියුණුව සෙත සැලසේ. පවුලේ සාමාජිකයන් අතර සමගිය ඇතිවේ. රැකී රක්‍ෂා දියුණුවේ. අධ්‍යාපනය ලබන්නන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඊර්ෂ්‍යාකාරයන්ගේ උපද්‍රවවලින් හානි සිදුනොවේ. සියලු ග්‍රහදොස් අපල දුරුවී නිරෝගී සම්පත්තිය ළඟාවේ. අමනුෂ්‍ය බලවේග පහවේ. පදිංචි ස්‌ථානවල භූමි දොaෂ භංගවේ. ඇස්‌වහ කටවහ හෝවහ හදි හූනියම් තමන් කෙරෙන් ඈත් වේ. මිත්‍ර ලාභ හා උසස් අයගේ ඇසුරට යොමුවේ.
මෙවන් වූ සුවිශාල ගුණ සම්භාරයකින් හෙබි රත්නමාලි යන්ත්‍ර රාජයා ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත්කර නිසි පුද පූජා පවත්වා සියලු සම්පත් ලැබ සෞභාග්‍ය උදාකර ගැනීමට ඔබද අවශ්‍ය කටයුතු සලසා ගන්න.
සංසාර සාරෝඝ විණීත ණීසං
සංණීත සාතං සුචිසාර ධීසං
සංධීර කං සොණ්‌ණ තනු පළාසං
සංළාප දේසිං පණමෙභිs සාසං
සංසාභි ගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණෙ විසේසං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමෙ සදාසං
සංදාස ගං නා සිත පාප නාසං
සංනාප ධංසි හත ඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමෙ රසාසං
සිංහල තෙරුම-
සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ
සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන
සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන
Dowenload mp3
ගැමුණු රජ භාවිත කල ආරක්ෂක ගාථා
බුද්දො තිලොක සරණො, බුද්ධො සුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, බුද්ධො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මය්හං භයං සදා
ධම්මො තිලොක සරණො, ධම්මොසුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, ධම්මො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං, නත්ථි මය්හං භයං සදා
සංඝො තිලොක සරණො, සංඝො සුරියො තමො නුදො
එවංතං සරණං ඛෙමං සංඝො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං, නත්ථි මය්හං භයං සදා
ජයො මුනින්දස්‌ස සුබොධි මූලෙ
මාරස්‌ස පරාජයොහි
උග්ඝොසයුංදෙව ගණා පසන්නා
ඒතෙන සච්චෙන ජයස්‌සු මය්හං
Saturday, April 4, 2015
චත්ත මානවක ගාථා
යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කත කිච්චෝ
පාරගතෝ බලවිරියසමංගි
තං සුගතං සරණත්ථමුපේමි
රාග විරාග මනේජමසෝකං
ධම්ම මසංඛත මප්පටිකූලං
මධුර මිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි
යත්ථ ච දින්න මහප්ඵල මාහු
චතුසු සුචීසු පුරිස යුගේසු
අට්ථච පුග්ගල ධම්මදසාතේ
සංඝමිමං සරණත්ථමුපේමි
සිංහල තෙරුම
කතා කරන මිනිසුන් අතර යම් ශ්‍රේෂ්ඨයෙක් වෙයිද, ඒ ජීවිතයේ අවබෝධ කරගත යුතු
සියල්ල අවබෝධ කරගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේය. අනන්ත
අප්‍රමාණ වීර්යයකින්, ධෛර්යයකින් සංසාරයෙන් එතෙරට වැඩි ඒ සුගතයන් වහන්සේව
සාදරයෙන් සරණ යමි.
රාගය නැති කරන්නා වූ ශෝක රහිත වූ තෘෂ්ණාව රහිත වූ, පිළිකුල් රහිත වූ
අසංකත වූ නිර්වාණ ධර්මය මනා කොට ප්‍රගුණ කළහොත් අනන්ත සුන්දරත්වයක්
සාක්ෂාත් කරන ඒ ධර්මය සාදරයෙන් සරණ යමි
යම් කෙනෙකුට පිදිමෙන් මහත් ප්‍රතිඵල ලැබේද, ඒ පාරිශුද්ධ වූ මාර්ග ඵල ලාභී
උත්තමයන් වහන්සේලා යුගල වශයෙන් වූ හතර දෙනාටයි. උන්වහන්සේලා පුද්ගලයන්
වශයෙන් අට දෙනෙක් වේ. ඒ සංඝයා වහන්සේලා සාදරයෙන් සරණ යමි.
Download කරගන්න
Friday, April 3, 2015
නරසීහ ගාථා
යශෝදරාවන් සිය පුතුට බුදු හිමි හඳුන්වා දෙමින් කළ ප්රතකාශයක් ඇසුරෙන් රචිත නරසීහ ගාථා පිළිබඳ ඇගයීමකි මේ
චචක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සක්ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ ..
සක් ලකුණෙන් වර රත් සොඳ පාදේ
ලස්සණයෙන් වැඩුණූ විළුඹැත් දික්
සේමර සත් බැබැළූ දෙපතුල් ඇත්
මේ තෙම තා පිය වේ නරසී වූ
පුන් සස ලක් සඳ වන් මුහුණක් ඇත්
දෙව් මිනිසුන් පිය වූ නරනාතා
මත් ගිජිඳුන්ගෙ විලස් ගමනැත්තේ
මේ තෙම තා පිය වේ නරසී වූ
කැත් කුලයෙන් පළ වූ කුලවත් වූ
දෙව් මිනිසුන්ගෙ වැඳුම් ලද පා ඇත්
සීල සමාදි ගුණෙන් සිත තැන්පත්
මේ තෙම තා පිය වේ නරසී වූ
දික් ව ද උස් ව ද පිහිටිය නාසේ
ගෝ පිය වන් පිය වන් නිලු වන් නෙත්
දෙව්දුනු තුල් අබිනිල් දෙබැමින් යුත්
මේ තෙම තා පිය වේ නරසී වූ
ආවට වූ මට වූ ගෙල ඇත්තේ
සී හනු යුත් මුව රාජ සරීරැත්
රන් පැහැ යුත් සිරියෙන් පැහැපත් වූ
මේ තෙම තා පිය වේ නරසී වූ
බෝ සිනිඳූ ගැඹුරූ මියුරූ ගොස්
හිංගුල කන්ද සෙ රත් යහපත් දිව්
පෑ කොඳ වන් සම වූ සතළිස් දත්
මේ තෙම තා පිය වේ නරසී වූ
යේ ද අහස්හී පුන් සඳ වාගේ
යම් උතුමෙක් තරුවෙක් වට ලෑ වූ
සාවකයන් මැදෙහී වඩනා වූ
මේ තෙම තා පිය වේ නරසී වූ
Dowenload mp3
ඔබ සැම තෙරුවන් සරණින් සුවපත් වේවා.!!
චචක්ක වරංකිත රත්ත සුපාදෝ
ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
චාමර ඡත්ත විභූසිත පාදෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සක්ය කුමාරවරෝ සුඛුමාලෝ
ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
ලෝක හිතාය ගතෝ නරවීරෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
දේව නරාන පියෝ නරනාතෝ
මත්ත ගජින්ද විලාසිත ගාමී
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
දේව මනුස්ස නමස්සිත පාදෝ
සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
ඉන්දධනූ අභිනීල භමූකෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
සීහ හනූ මිග රාජ සරීරෝ
කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
වීසති වීසති සේත සුදන්තෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
කංචන පට්ට විසුද්ධ ලළාටෝ
ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ
ගච්ඡති නීල පථේ විය චන්දෝ
තාර ගණා පරිචේඨිත රූපෝ
සාවක මජ්ජගතෝ සමණින්දෝ
ඒසහි තුය්හ පිතා නරසීහෝ ..
සක් ලකුණෙන් වර රත් සොඳ පාදේ
ලස්සණයෙන් වැඩුණූ විළුඹැත් දික්
සේමර සත් බැබැළූ දෙපතුල් ඇත්
මේ තෙම තා පිය වේ නරසී වූ
පුන් සස ලක් සඳ වන් මුහුණක් ඇත්
දෙව් මිනිසුන් පිය වූ නරනාතා
මත් ගිජිඳුන්ගෙ විලස් ගමනැත්තේ
මේ තෙම තා පිය වේ නරසී වූ
කැත් කුලයෙන් පළ වූ කුලවත් වූ
දෙව් මිනිසුන්ගෙ වැඳුම් ලද පා ඇත්
සීල සමාදි ගුණෙන් සිත තැන්පත්
මේ තෙම තා පිය වේ නරසී වූ
දික් ව ද උස් ව ද පිහිටිය නාසේ
ගෝ පිය වන් පිය වන් නිලු වන් නෙත්
දෙව්දුනු තුල් අබිනිල් දෙබැමින් යුත්
මේ තෙම තා පිය වේ නරසී වූ
ආවට වූ මට වූ ගෙල ඇත්තේ
සී හනු යුත් මුව රාජ සරීරැත්
රන් පැහැ යුත් සිරියෙන් පැහැපත් වූ
මේ තෙම තා පිය වේ නරසී වූ
බෝ සිනිඳූ ගැඹුරූ මියුරූ ගොස්
හිංගුල කන්ද සෙ රත් යහපත් දිව්
පෑ කොඳ වන් සම වූ සතළිස් දත්
මේ තෙම තා පිය වේ නරසී වූ
යේ ද අහස්හී පුන් සඳ වාගේ
යම් උතුමෙක් තරුවෙක් වට ලෑ වූ
සාවකයන් මැදෙහී වඩනා වූ
මේ තෙම තා පිය වේ නරසී වූ
Dowenload mp3
ඔබ සැම තෙරුවන් සරණින් සුවපත් වේවා.!!
Subscribe to:
Posts (Atom)




