ආර්ය පර්යේෂණ සූත්‍රය"
තථාගත බුදුරජාණන් වහන්සේ හා පස්වග මහණුන් වහන්සේලා අතර ඇති වූ මේ සාකච්ඡාව ඉතාම මනහරයි. කාලෝචිතයි. තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ධර්මාවබෝධයක් නො ලැබූ පිරිසකට ඒ ධර්මය අවබෝධ කර දෙන්නට උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධ උතුම් ගුණයන් ප්‍රකට කොට ගෙන කරන අවවාද පෙළ මින් අපට තේරුම් ගත හැකියි."

තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ ඉසිපතනාරාමය වෙතට වැඩම කළ අවස්ථාව ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාවෙහි මෙසේ සඳහන් කරනවා. “මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් චාරිකා කර බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වග මහණුන් වෙත එළඹියෙමි.
පස්වග මහණුන් දුරදීම මා වඩිනා බව දුටුවා. එසේ දැක ඔවුනොවුන් මෙසේ කතිකා කරගත්තා. ඇවැත්නි, ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ, ප්‍රධන් වීර්යයෙන් පිරුහුණු, මේ ශ්‍රමණ ගෞතමයන් අප සොයාගෙන එනවා. අප වන්දනා කළ යුතු වන්නේ නැහැ. පෙර ගමන් කළ යුතු වන්නේ ද නැහැ. ඔහුගේ පාත්‍රා සිවුරු අප විසින් පිළිගනු ලැබීමත් අවශ්‍ය නැහැ. කැමැත්තේ නම් හිඳින්නට යැයි ආසනයක් පමණක් පිළියෙළ කොට තබමු. මෙසේ පස්වග මහණුන් වහන්සේලා සාකච්ඡා කරන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් මම ඔවුන්ගේ සමීපයට ටිකෙන් ටික ළංවන විට ඔවුන් කතිකා කරගත් පරිදි එසේ සිටින්නට නොහැකි වුණා. අයෙක් මගේ ඉදිරියට ගමන් කර පාත්‍රා සිවුරු පිළිගත්තා. තවත් අයෙක් ආසන පැනෙව්වා. ඇතැම්හු පා දෝවනය කරන්න දිය රැගෙන එනවා. එසේ වූවත් ඔවුන් මට ආයුශෝවාදයෙන් ආමන්ත්‍රණය කළා. එනම් වැඩිහිටි කෙනෙක් බාල කෙනෙකුට කතා කරන විලසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.