Labels

Showing posts with label අති පුජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන්. Show all posts
Showing posts with label අති පුජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමියන්. Show all posts

Saturday, September 12, 2015

ජීවිතය දකින කැඩපත ධර්මයයි



තථාගතයන් වහන්සේ වනාහි බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරාදි දෙවියකුගේ අවතාරයෙක් හෝ මිහි පිට දෘශ්‍යමාන වූ කිසි දේවනිර්මිත මායාරූපයෙක් හෝ නොව ඉතා දීර්ඝ කාලයක් ගුණ දම් පුරමින් වුත් අනුන්ගේ උපදෙස් නැති වැ ස්වයං ශක්තියෙන් ම නුවණ වැඩීමෙන් සියල් කෙලෙස් නසා තතුස්සත්‍යයන් අවබෝධ කළ අතුල්‍ය ප්‍රාඥයෝ ය. ලෝවැස්සා විඳිනා දුක් දැක කරුණායෙන් තෙත් ළයැති ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් අවබෝධ කළ චතුස්සත්‍යධර්මය අන්‍යයනට දේ්ශනා කොට ඔවුනට සසර දුකින් මිදීමට මග පෙන්වා වදාළ සේක. උන්වහන්සේ වදාළ ඒ ධර්මය “බුද්ධාගමය” නම් වේ. උන්වහන්සේ වදාළේ කුමක් ද? නො වදාළේ කුමක් ද? යනු මෙසේ දත යුතුයි.

Sunday, September 6, 2015

යහ-සමාජයක් උදෙසා

‍

යහපත් සමාජයක් ගොඩනැඟීම උදෙසා වඩවාගත යුතු මානවීය ගුණ-දහම් රැසක් බුදු සමය තුළදී උත්කර්ෂයට නැංවී තිබේ. සිගාලෝවාද, වසල, පරාභව ආදි සූත්‍ර දේශනා මෙයට නිදසුන් සපයයි. මේ නාහිමියෝ එවන් කරුණු රැසක් පෙළගස්වති.

Saturday, September 5, 2015

සැදැහැයෙන් ක්‍රියා කරමු


බුදු සමයෙහි සද්ධාවට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. බෞද්ධ ජීවිතයකට පදනම වැටෙන්නේ සද්ධාව තුළිනුයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය විෂයෙහි මනා අවබෝධයකින් යුක්තව පැහැදීමට පත්වීම ‘සද්ධාව‘ ලෙස ඉතා සරලව හඳුන්වාදිය හැකි ය.

Tuesday, September 1, 2015

Thursday, August 27, 2015

තරුණ වියේදීම සුසිරිතෙහි යෙදෙන්න



ප්‍රශ්නය  - සමහර ගිහි පැවිදි වැඩිහිටියන්ගේ මතයක් වශයෙන් අද ඇතැම් තරුණ පිරිස් පන්සලට ඇති නැඹුරුවීම් මඳ යැයි කීවොත් ...

නිරෝධ සමාපත්තිය



චිත්ත චෛතසික ඇති නොවීම සම්පූර්ණයෙන් ම නතර වුණු අවස්ථාව තමයි නිරෝධ සමාපත්තිය කියන්නෙ. එය විස්තර කරන්නේ මෙසේයි. සාමාන්‍ය මනුෂ්‍යයාගේත් ධ්‍යානයක් නො ලැබූ මිනිසාගේත් සිත කාම වස්තු කෙරෙහි ගැටී පවතින්නේ රූපයත්, ශබ්දයත්, ගඳත්, සුවඳත්, රසයත් ගැනය. යම්කිසි අරමුණක ඒවා ගැටිලා කාම ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත් ඇතිවේවි යන්නෙ. අරමුණක් නැතිව සිත හැදෙන්නෙ නෑ. අරමුණ කියන්නෙ සිත එල්ලෙන දේ. රූපයක නැතිනම් ශබ්දයක ඒ විධියට සිත ඇලෙනවා. ඉතින් එහෙම හැදෙන සිත්වලට අප කියනවා කාමාවචර සිත් කියලා

ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් තිබෙනවා ද?



ප්‍රශ්නය - පිනක් කරල හැමවිටම අනුන්ටත් පින් අනුමෝදන් කිරිම බොහෝ බොදුනුවන්ගේ සිරිතයි. පිනක් කිරීමේදී එසේ සිදු කරන වා නම් අකුසලයක් සිදු කර අනුන් වෙත අනුමෝදන් කළ නොහැකි ද?

මෙත් සිත පතුරවා ගත සිත සුවපත් කර ගත හැකි යි

 

මෛත්‍රී භාවනාව හරිහැටි කළොත් ලෙඩ රෝග සනීප කර ගන්න පුළුවන්. පළමුව තමා විසින් තමාට ම මෛත්‍රී කළ යුතුයි. හිසේ සිට පිළිවෙළින් පාදාන්තය දක්වා සුවපත් වේවා! යනුවෙන් නැවත නැවත මෙත් සිත වර්ධනය කර ගත යුතුය. මෙසේ මෛත්‍රී වැඩීමෙන් චිත්ත ශක්තිය ශරීරයට බලපානවා. අනුන්ට පෙර පළමුව තමන්ට මෛත්‍රී කිරීමට පටන් ගන්නා විට තමන්ගේ රෝග පමණක් නොව අනුන්ගේ රෝග පවා සුවපත් කරවන්න පුළුවන්

දිගාසිරි ලැබීමේ රහස සිතේ ඇති පෝෂණය යි


තමන්ගෙ සිත ද්වේශයට කාමයට පෙලඹෙන පොලඹවන මාර්ගවලින් පුළුවන් තරම් වෙන්වී ඈත් කර ගන්න ඕන. ඒ වගේ ශරීර සෞඛ්‍යයත් වැදගත් වෙනවා. ශරීරයට අවශ්‍ය ආහාර හැකිතාක් පිරිසුදුව ම පාවිච්චි කරන්න ඕන. ඒ විදිහට ශරීර පෝෂණය තුළින් පමණක් දීර්ඝායුෂ ලබන්න බෑ. සිතත් පෝෂණය කළ යුතුම යි. සිතේ පෝෂණයත් අත්‍යවශ්‍යය යි. ජීවිතය ආගමානුකූල නම් සිත පෝෂණය වෙනවා. පෘෂ්ටිමත් වෙනවා

Friday, August 14, 2015

සමථ භාවනාව හා ධ්‍යාන


 ඇස පිනවන රූපයක් දුටු විට අන්ධ පෘථග්ජනයන් ගේ සිතෙහි එයට ඇල්ම හට ගනී. එය අත් කැර ගැනීමෙහි ආශාව ද උපදී. කිසිවකු එයට හරස් කපතොත් ඔහුට කිපෙයි. කිසි උපායෙකින් එය අත් කැර ගත්තේ වී නම්, මෙබඳු රූප ශෝභාවක් ඇති අගනා වස්තුවකට ස්වාමි වෙමි යි උදම් වෙයි; මානය උපදවයි. මෙ සේ පි‍්‍රය රූපය නිසා රාග ද්වේශ මාන ආදී අකුසල් ඔහු තුළ රැස් වෙයි. මිහිරි හඬ, මිහිරි සුවඳ, මිහිරි රස, මිහිරි පහස, ඇති දෑ නිසා ද යට කී පරිදි ම කෙලෙස් උපදී. මෙකී පි‍්‍රය රූප, පි‍්‍රය ශබ්ද, පි‍්‍රය ගන්ධ, පි‍්‍රය රස,