Labels

Thursday, September 30, 2021

වෛරී සිත භයානක යි දුරු නො කළොත් සසර පුරා පසුපස එනවා

 


ඒ වගේම තමයි ද්වේෂය. රාගය තරම් ම ද්වේෂයත් බලවත් පින්වතුනි. එය වෛරයක් වීමෙන් ආත්ම සිය ගණනක් වුවත් අප පසුපස එන්න පුළුවන්.

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
හිතානුකම්පී සම්බුද්ධො - යදඤ්ඤ මනුසාසති
අනුරෝධ විරොධෙහි - විප්පමුත්තො තථාගතො’ති.

පින්වත්නි,

අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රාජ වග්ගයට අයත් පතිරූප සූත්‍රය යි.

දිනක් බුදුපියාණන් වහන්සේ කොසොල් ජනපදයට අයත් එකසාලා කියන බ්‍රාහ්මණ ගමේ දී විශාල පිරිසකට ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටියා. කවදත් ලෝක සත්වයා සසරෙහි බැඳ තබා ගන්නට වෙර දරන මාරයා ඒ වෙලාවේ දී එම ස්ථානයට පැමිණියා. දහම් අසන අයට බාධා වන අයුරින් ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාවේ සරල අදහස තමයි, යම් හෙයකින් අනුන්ට අනුශාසනා කරනවා ද, එය ඔබට සුදුසු නොවෙයි. එහෙම අනුශාසනා කිරීමෙන් රාග, පටිඝ කියන දෙකෙහි ගැලෙන්න එපා කියල යි මාරයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළේ.

මේ විදිහට මාරයා ක්‍රියා කළේ පිරිස ඉදිරියෙහි බුදුපියාණන් වහන්සේ අධෛර්යයට පත් වේවි කියලා හිතාගෙන යි. මාරයා හිතුවා ශ්‍රාවක පිරිස අතරේ ඇතැමෙක් සාධුකාර දේවි, ඇතමෙක් වෙන වෙන කතාවල යෙදේවි, එවිට දේශකයා තුළ රාගයත්, ක්‍රෝධයත් ඇති වේවි කියලා.

අටසිල් පද

 ඇතැම් අයට මේ ශික්ෂාපදවලින් ඇතැම් ශික්ෂා පදයක වැදගත්කම අවබෝධ කර ගැනීම දුෂ්කර වී ඇති බැව් පෙනේ. ඔවුන් සිතන්නේ බෞද්ධයින් නැටුම් ගැයුම්, වැයුම්, සිනමාව, සුවඳ විලවුන්, විසිතුරු ආභරණ ආදී සුව පහසු දෑ කෙරෙහි විරුද්ධ බවකි.


බෞද්ධ රටවල බැතිමතුන් පුරුදුව ඇත්තේ පුන් පොහෝ දිනවල හා සෙසු පොහොය දින වැනි විශේෂ දිනවල අටසිල් සමාදන් වීමට ය. සැදැහැවත්තු උදෑසනින් විහාර ආරාම වෙත පැමිණ සිල් සමාදන් වී මුළු දවස ම එහි ගත කරති. අටසිල් සමාදන් වීමෙන් ඔවුන් ගේ එදිනෙදා ජීවිතයේ ඉදිරිපත්වන භෞතික හා වින්දන ඉල්ලුම්වලින් වෙන් වී සිටිය හැකි වේ. අටසිල් සමාදන් වීමේ පරමාර්ථය නම් විවේකය, සන්සුන් බව වඩා ගනිමින්, සිත පුහුණු කරමින් තමා ගේ ආධ්‍යාත්මික වර්ධනය ලබා ගැනීම යි.

සිල් සමාදන් වන කාලය තුළ දී බණ පොත් කියවීමෙන්, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, භාවනාවේ යෙදීමෙන් ආරාමයේ ආගමික වැඩට සහාය වෙමින් කල් ගෙවති. පසුදා උදෑසන අටසිල් මිදී පන්සිල් ගැනීමෙන් පසු ඔවුන් ගේ සාමාන්‍ය ජීවිතය ඇරඹීම වස් ගේ දොර බලා ආපසු එති. අටසිල් සමාදන් වීමෙන් අදහස් කරන්නේ මෙවන් වැළකීම් ය. සතුන් මැරීම, සොරකම, කාමයෝ වරදවා හැසිරීම, මුසාවාදාය, මත්පැන්, හිරු අවරට හැරී මෙන් පසු ආහාර ගැනීම, නැටුම් ගැයුම් වැයුම් අයොග්‍ය දර්ශන මල්දම් සුවඳ විලවුන් ආලේප ඈ අලංකාර විචිත්‍ර දෑ පරිහරණය, උස් සුව පහසු අසුන් හි හිදීම් ආදිය යි.

ඊළඟ බවය ගැන කියන මරණාසන්න මොහොතේ ගති නිමිති

 බොහෝ වෙලාවට මරණකරුට තිබෙන ලොකුම අලාභය ධර්මය නොදත් ඥාතීන් සිටීම ය. මරණයේ දී ඒ තැනැත්තා කායික වේදනා මෙන් ම, මානසික වේදනා අත්විඳී . ඒ සියල්ලට ම වඩා ප්‍රියයන් අත්හැර යාමේ වේදනාවයි."

ජීවිතයේ වඩා වැදගත් ම අවස්ථාව උපත නොව මරණය යි. මන්ද යත් සසර ගමනේ දී සුගතිය, දුගතිය තීරණය කිරීම සඳහා මෙම අවස්ථාව බොහෝ සෙයින් බලපෑම් සිදු කරන බැවිනි. එහෙයින් එම මෙහොතේ දී සිත සකස් කර ගැනිම අත්‍යවශ්‍ය වේ. සිත සැකසීමේ දී එය ඒ මොහොතේ දී සිදු කර ගැනීම පහසු නොවේ. එය සිදු කරගත හැකිවන්නේ බුදු සරණ ගිය සැබෑ ශ්‍රාවකයාට පමණි.

යහපත් ව හොඳීන් සිටින කාලයේ දී පින් සිදු කරනවා සේ ම ධර්මයෙහි යෙදීම අවශ්‍යය. එමෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස හිතන්න පුරුදු කළ යුතු ය. එසේ නොමැති ව මම ඒ මොහොත් එය බලා ගන්නම්, දැන්ම අවශ්‍ය නොවේ යන හැඟීමෙන් සිටින කෙනකුට එය කළ නොහැකි ය. මරණය හමුවේ සියල්ලෝ ම බියට පත්වේ. “සබ්බේ භායන්ති මච්චුනෝ“ නිවැරැදි ව ධර්මය තේරුම් නොගත් පිරිස් ඒ මත භව සමුදය හෝ භව නිරෝධය නො ලබයි. භව යනු පැවැත්ම යි. එය ධර්මයට අනුව කම්ම භව විපාක වශයෙන් දෙයාකාර වේ. මෙහි දී කම්ම භව යනු පවතින්නට අවශ්‍ය කර්මයෝ ය . විපාක භව යනු එය විපාක වශයෙන් ලබන ස්ථානයන් ය.

Monday, March 8, 2021

සංසාරයේ කළ කර්ම නිසා ජීවිතය විඳවනවා ද?

 


ආ දරය කියන වචනයට අප කාටවත් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකියි. විටෙක ආදරය සුන්දර අත්දැකීමක් වන අතර තවත් විටෙක එය අසුන්දර අත්දෑකීමක් ගෙන දෙයි. අද සමාජ රටාව දිහා බලනකොට පෙනෙන්නේ තාරුණ්‍යය විනාශ වෙමින් යන යුගයක් බවයි.

බොහෝ විට අද ඇතිවෙන ආදර සබඳතාවලට පැවැත්මක් නැහැ. අවාසනාවකට මේ රටේ විවාහ වන අයට වඩා දික්කසාද වන ප්‍රතිශතය වැඩියි. බොහොමයක් තරුණියන්ගේ ඉවසීමේ ගුණය, ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙන හැකියාව ඉතාමත් දුර්වලයි. පිරිමින්ගෙත් දුර්වලතා නැතුවම නොවේ. නමුත් සමාජීය දැනුම ගත්විට කාන්තාවන් සිටින්නේ ඉතාමත් පහළ තැනක. තම බිරියගේ හෝ සැමියාගේ මොන අඩුපාඩුව තිබුණත් එම ප්‍රශ්න පිටතට නොදී බුද්ධිමත් භාවයෙන් එය විසඳගන්නේ නම් මේ සමාජ රටාව මීට වැඩිය වෙනස් වේවි. දේවේශයෙන්, ක්‍රෝධයෙන් ප්‍රශ්න විසඳාගත නොහැකියි.

වැඩිහිටියෝ ඔහේ වයසට ගියා ඇරෙන්න ධර්මයෙන් ගුණයෙන් පොහොසත් නැහැ. දරුවන් විවාහ කර දුන්නා නම් එතැනින් එහාට ඔවුන්ගේ අලුත් ජීවිතයට අඟිලි ගැසීම ඔවුන්ට අයත් කාරණයක් නොවෙයි. ඒ ජීවිතය අයිති ඔවුන්ටය. බොහෝ දික්කසාදයන්ට මුල මාපියන්ගේ අනිසි බලපෑම්.

සාමාන්‍යයෙන් දරුවෙක් ඉන්න තරුණ පවුලක් ගන්න. ඔවුන්ගේ ජීවිත ගොඩ නැඟී ඇත්තේ අනාගත සමාජ රටාවට ඔබින ආකාරයටයි. ඔවුන් හිතන විදිය ද වෙනස්. ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්නයක් එනවිට සමහර මාපියෝ, නෑයෝ, වටපිටාවේ ඉන්න අසල්වැසියෝ තමා තීරණය කරන්නේ එම තරුණ යුවළ ජීවත් විය යුත්තේ මොන ක්‍රමයට ද කියා. අන්තිමට එම පුංචි පවුල දික්කසාදයෙන් විවාහය කෙළවර කර ගන්නවා. මේ විනාශයට දායක වූ සියලුදෙනා කර්මයක් රැස් කරගන්නවා.