Labels

Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Thursday, September 30, 2021

ඊළඟ බවය ගැන කියන මරණාසන්න මොහොතේ ගති නිමිති

 බොහෝ වෙලාවට මරණකරුට තිබෙන ලොකුම අලාභය ධර්මය නොදත් ඥාතීන් සිටීම ය. මරණයේ දී ඒ තැනැත්තා කායික වේදනා මෙන් ම, මානසික වේදනා අත්විඳී . ඒ සියල්ලට ම වඩා ප්‍රියයන් අත්හැර යාමේ වේදනාවයි."

ජීවිතයේ වඩා වැදගත් ම අවස්ථාව උපත නොව මරණය යි. මන්ද යත් සසර ගමනේ දී සුගතිය, දුගතිය තීරණය කිරීම සඳහා මෙම අවස්ථාව බොහෝ සෙයින් බලපෑම් සිදු කරන බැවිනි. එහෙයින් එම මෙහොතේ දී සිත සකස් කර ගැනිම අත්‍යවශ්‍ය වේ. සිත සැකසීමේ දී එය ඒ මොහොතේ දී සිදු කර ගැනීම පහසු නොවේ. එය සිදු කරගත හැකිවන්නේ බුදු සරණ ගිය සැබෑ ශ්‍රාවකයාට පමණි.

යහපත් ව හොඳීන් සිටින කාලයේ දී පින් සිදු කරනවා සේ ම ධර්මයෙහි යෙදීම අවශ්‍යය. එමෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස හිතන්න පුරුදු කළ යුතු ය. එසේ නොමැති ව මම ඒ මොහොත් එය බලා ගන්නම්, දැන්ම අවශ්‍ය නොවේ යන හැඟීමෙන් සිටින කෙනකුට එය කළ නොහැකි ය. මරණය හමුවේ සියල්ලෝ ම බියට පත්වේ. “සබ්බේ භායන්ති මච්චුනෝ“ නිවැරැදි ව ධර්මය තේරුම් නොගත් පිරිස් ඒ මත භව සමුදය හෝ භව නිරෝධය නො ලබයි. භව යනු පැවැත්ම යි. එය ධර්මයට අනුව කම්ම භව විපාක වශයෙන් දෙයාකාර වේ. මෙහි දී කම්ම භව යනු පවතින්නට අවශ්‍ය කර්මයෝ ය . විපාක භව යනු එය විපාක වශයෙන් ලබන ස්ථානයන් ය.

Tuesday, December 29, 2020

සතුටෙහිදී පොරොන්දු දීමෙන් දුකෙහිදී තීරණ ගැනීමෙන් ජීවිතයම වරදින්න පුළුවන්


 වේගයෙන් එන සිතුවිලි ආවේගයන් ය. තාරුණ්‍යයේ බොහෝ ගැටලුවලට මුල සිතුවිලි පාලනය නොවීමයි. ආවේග මත තමන් පිළිබඳ හදිසි තීරණ ගැනීම මෙන්ම, අන්‍යයන් උදෙසා ඉක්මන් තීරණවලට එළඹිය හැකි ය.

බොහෝ සිදුවීම්වල මූලය ආවේගයයි. සියදිවි හානිකර ගැනීමේ සිට පුද්ගල දේපළ විනාශය ආවේග මත සිදුවේ. කේන්තිය, වෛරය, දුක ආදී බොහෝ හැඟීම් පාලනය නොවීම මත තමන්ට මෙන්ම අනෙකාට ද හානි සිදුවේ.

ඉඳුරන්ට වහල්වීම

වේගයෙන් එන වාහනයක් වේගය පාලනය කරගත නොහැකි විට තවත් වාහනයක හෝ ස්ථානයක ගැටේ. එසේ නැතිනම් එකවර තිරිංග තද කිරීම මත වාහනය පෙරළීමට පත්වේ. පුද්ගල ආවේග හඳුනාගත යුත්තේ මේ පදනමිනි.

ආවේග වර්ග දෙකකි. එනම් ධනාත්මක හා සෘණාත්මක වශයෙනි. ධනාත්මක ආවේග පාලනය කළ යුතු ම ය. ආවේග පාලනය නොකිරීම සහ ඉඳුරන්ට වහල් වීම තරුණකමට නිගාවකි. ලොව ජයගත් සෑම තරුණයෙක්, තරුණියක් ම හැඟීම් පාලනය කළ පිරිස් ය. සියලු සත්ත්වයන්ට හැඟීම් පවතී. ඉන් මිනිසා, විශේෂ වන්නේ හැඟීම් පාලනය කිරීමට සමත් එකම සත්ව කොටස බැවිනි.

Wednesday, September 16, 2020

අඹුසැමියන්ගේ යුතුකම්



පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන්
තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට සැමියකුගේ යුතුකම් පසක් හා අඹුවකගේ යුතුකම් පසක් ද වදාළ සේක
.



සැමියාගේ යුතුකම්

(1) බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කථා කිරීම ය.

(2) බිරිඳට අවමන් නො කිරීම ය.

(3) සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නො කිරීම ය.

(4) ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය.

(5) වස්ත්‍රාභරණ පිළියෙල කරදීම ය යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය.

භාර්යාවගේ යුතුකම්

කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්‍ර‍හ කරන කල්හි භාර්යාව ද
(1) කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය.

(2) තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්‍ර‍හ කිරීම ය.

(3) සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය.

(4) හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය.

(5) සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්‍ර‍හ කරන්නීය.


(බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල මහනාහිමි)

Sunday, April 29, 2018

ශ්‍රමාභිමානවත් දැහැමි ජීවිතය

සසර වූ කලී සරු බිමක් නොව නිසරු බිමකි. සැප ඇති තැනක් නොව දුක් ඇති තැනකි. සියලු දේ දුක මතම පිහිටා ඇති බව ‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ” යන්නෙන් පැහැදිලි වේ. සසර වසනාතාක් දුක ම විඳිය යුතු අතර සසරින් එතෙර වීම ම සැපත වශයෙන් බුදුදහමේ මූලික ඉගැන්වීමයි. අප සැප යයි ගන්නා සියලු දේ හි ම වන්නේ දුකම ය. එය බුදු දහමේ යථාර්ථයයි.
එසේ වූවද සැපක් ගැන කතා නොකරන දහමක් නොවන බව බුද්ධ දේශිත කරුණුවලින් සනාථ කළ හැකි ය. ඒ අනුව ගිහියා විඳින සැප මෙන්ම පැවිද්දා ලබන සැප විසිහතරක් ගැන සඳහන් වේ.

ගිහි සුවය, පැවිදි සුවය නමින් හඳුන්වන්නේ සැනසීමයි. සතුටුවීමයි. මෙහිලා ගිහියා විඳින සුවයට වඩා විශාල සුවයක් පැවිද්දා විසින් විඳිනු ලබයි. එම සුඛය නම් නෙක්ඛම්ම සුඛයයි. හෙවත් නිරාමිෂ පී‍්‍රතියයි. ගිහියා විඳින්නේ සාමිෂ පී‍්‍රතියයි. සාමිෂ පී‍්‍රතිය වූ කලි තාවකාලික ය. පැවිද්දාගේ සැපය සදාකාලික ය. එනම් පස්කම් සුවය විඳීමෙන් ඈත් වීම ය. හෙවත් අත හැරීමේ සැපයයි. එය ‘නත්ථි සුඛය’ හෙවත් නැත යන සැපය ලබයි. මව්පියන්, නෑදෑ හිතමිතුරන්, ධනය, වස්තුව, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් ආදියෙන් වෙන්වීමෙන් හෙවත් අත හැරීමෙන් යුතුව කිසිවෙකුට, කිසිවකට කිසිදු බැඳීමකින් තොරව, තමාට තමාවත් නොමැති බව සිතා බ්‍රහ්මචාරී හෙවත් උත්තම ජීවිතයක් ගත කිරීමයි. පැවිද්දාට ඒ නිසාම බලාපොරොත්තු කියා දෙයක් නැත. එබැවින් ජීවිතය අල්පේච්ඡ ය. අපිස්ය, චාම් ය. සැහැල්ලුය. (අප්පකිච්ච, සල්ලහුකවුත්ති) දැමුණු ඉඳුරන් ඇත්තේ ය. ලෙහෙසියෙන් පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය. එබැවින් උන්වහන්සේ කිසිවකට නොඇළෙන්නෙකි. මෙවැනි ලක්ෂණයන්ගෙන් පිරිපුන් පැවිද්දා විඳින්නේ පැවිදි සුවයයි. එම සුවය අන් සියලු සැපයන්ට වඩා උතුම් ය. එය එසේ වුවද ගිහියාට ඒ සියල්ල අතහැර ජීවිතයක් ගත කළ නොහැකි ය. එසේ අපේක්ෂා කිරීම සාවද්‍ය ය. එබැවින් ගිහියාට අයත් සැප දැන ගත යුතු ය. දැනගෙන එය විඳිය යුතු ය. මේ අනුව ගිහියා විඳින සැප හතරක් ගැන සඳහන් වේ. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය වශයෙන් ඒ සැප හතර දැක්වේ.

Wednesday, January 24, 2018

ජීවිත ආශාව දුරුවීමට නම්.

මරණානුස්සති භාවනාව දියුණු කර ගැනීම සඳහා බෞද්ධ අබෞද්ධ කවුරුත් ඇප කැප විය යුතුයි. තණ්හාව, තරහව, මෝහය දුරු කර ගැනීමට මරණානුස්සති භාවනාව ඉවහල් වෙයි. මේ භාවනාවෙන් ඉතා සවිමත් සිතක් සකසා ගත හැකි යි. ඒ බලසම්පන්න සිත නිවන් මඟ විවර කරයි.

සංඛාරයන්ගේ ස්වභාවය වන්නේ ගෙවී යාම, විනාශ වීම සහ මරණයට පත්වීම යි. නිර්වාණය හැර සියලු ම දේ සංඛාර පදයට අයත් වෙයි. මනුස්සයෝ ද, දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, සතර අපාය සත්ත්වයෝ ද , ඈත පෙනෙන නොපෙනන සියලු ම සත්ත්වයෝ ද සංඛාර පදයට ඇතුළත් වෙයි. ගහ කොළ, ඉර හද තාරකා, ඇළ දොළ ගංගා , මහා සාගරය, මහා මේරු පර්වතය, මෙලොව පමණක් නොව අනන්ත ලෝක සහ එහි සියල්ල සංඛාර පදයට යටත් වෙයි. මේ ගැන දැන කියාගෙන දියුණුව, ආරක්ෂාව පිණිස මරණ සතිය වැඩිය යුතු යි.
බුදුසරණ පුවත් පත කවුරුත් කියවිය යුතු යි. එහි ඇති ලිපි අනුන්ට නෙවෙයි තමන්ට ම බව සිතන්න. මව් පියන්ට සැළකීම, ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් කිරීම, මල් පහන් පුදා තෙරුවන් නැමදීම, කරුණාව- මෛත්‍රිය- දයාව- අනුකම්පාව ආදී ගුණාංගයන් දියුණු කිරීම අවශ්‍යය යි. මෙලෙස නිවැරැදි ප්‍රතිපත්ති මාර්ගයකට පිවිසිය යුතු යි.
“අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූප සමො සුඛො” සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඉපෙදෙමින් නිරුද්ධ වන්නා හ. ඔවුන්ගේ සංසඳීම ඒකාන්තයෙන් ඇති වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ආශ්වාස, ප්‍රශ්වාස දෙක පිහිට කොට ඇත්තේ ය. ආශ්වාස ප්‍රශ්වාස දෙක අවහිර වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි සතර ඉරියව් පැවැත්ම පිහිට කොට ඇත්තේ ය. සතර ඉරියව් පැවැත්ම විෂම වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ශීත - උෂ්ණ දෙක පිහිට කොට ඇත්තේ ය. ශීත උෂ්ණ දෙක විෂම වීමෙන් ද මරණය වන්නේ ය.

සැහැල්ලු ජීවන ගමනක්


" ජීවිතයෙහි පැමිණි දුරත්, යන වේගය ත්, වේගයේ රිද්මයත් සැහැල්ලු කරගනිමින් ඒපිළිබඳ විමසන දිනය අෂ්ටාංග ශීීලය සමාදන් වන පුර පොහොය දවස ය. එය මනසට අවශ්‍ය දෙයකි. වෙනත් දිනවලට පවතින මානය, ක්‍රෝධය, එදිනට යම් ප්‍රමාණයක හෝ අඩුවක් පවතින නිසා එදිනටත් එය පුහුණු කළ යුතු ය."
බෞද්ධ අනුගාමිකයාට මූලික අරමුණු දෙකක් ඇත. පුද්ගලයෙකු මෙලොව උප්පත්තිය ලැබුවාට පසුව මරණය දක්වා කාලය තුළ සාර්ථක, යහපත් ,අර්ථවත් ජීවිතයක් ගතකිරීම හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම එම අරමුණු ෙවි. සෑම පුද්ගලයෙකුම තමාගේ ජීවිත කාලය තුළ තමා බලාපොරොත්තු වූ සියල්ල ලැබෙන්නේ නැත. සෑම පුද්ගලයෙකුම තමා අපේක්ෂා කරන සියල්ල ලැබුවද, තමන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා කිසියම් අඩුවක් තුළ එය ලබාගනී. තමන් ලැබූ සියලු බලාපොරොත්තුවල අඩුවක් පවතී. එය සෑම පුද්ගලයෙකුටම පොදු කාරණාවක් බව අවබෝධ කරගත යුතු වේ.

Friday, January 19, 2018

ජීවන ප්‍රතිපදාවට ..

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශීත ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි කෙලෙස් සතුරෝ තිදෙනෙක් මතුකොට දක්වයි. ඒ රාගය හෙවත් ඇලීම ය. ද්වේෂය – තරහවය. මෝහය නම් වූ මුළාවය.
මේ ලෝක සත්ත්වයන් දීර්ඝ කාලයක් ඉපදෙමින් මිය යමින් සසරෙහි අපමණ දුක්විඳ තිබේ. දීර්ඝව පැමිණි සසර ගමනේ දී මෙන් ම මේ ජීවිතයේ ද බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුවේ. ඒ දුක්ඛ වේදනාවන්ට සැබෑ හේතුව කුමක් ද? නුවණින් විමසා බලන්න. රාගය නම් වූ ආලය නිසා ම බව නොවේ ද? ආලයක්, ඇලීමක්, බැඳීමක්, ආදරයක් , සෙනෙහසක් නැතිව කෙසේ නම් ජීවත් වෙන්නදැයි ඇතැමෙකුට ප්‍රශ්නයකි. නැතිවම බැරි යැයි සිතූ ආලය, ඇලීම ආදරය නිසා ඔබ කොපමණ නම් හඬා වැළපී තිබෙනවා ද? අහිමි වීම් දරා ගන්නට නොහැකිව කොපමණ නම් පීඩාවට, වේදනාවට පත්ව තිබෙනවා ද?
වරෙක සුවයක් දැනෙන්නට ඇති. එහෙත් ඒ සුවය තාවකාලික වූවා නොවේ ද? රාගයෙන් මත්වී, අන්ධවී කළ ක්‍රියා නිසා තමාටත්, අන් අයටත්, ජීවත්වන පරිසරයටත්, මිනිස්කමටත් සිදු වූ නිගාවන් කොපමණ වෙත් ද?

Wednesday, January 3, 2018

පින්වත් චරිතයක් අවශ්‍ය නම් ...

 සාමාන්‍ය ජීවිතයේ දී පින්දහම් කිරීමට ධනය ම, මුදල් ම අවශ්‍ය නොවේ. ඕනෑකම තිබේ නම්, හිත ඇත්නම් ගෙදර දී වුව ඕනෑතරම් පින්කම් කිරීමට පුළුවන. සෑම දිනකම උදේ සවස බුදුන් වඳින්නට පුරුදු වන්න. විනාඩි පහක් පමණවත් මෛත්‍රි භාවනාව වඩන්න. මවුපියන්ට, වැඩිහිටියන්ට හැකි පමණ උදවු උපකාර කරන්න. ගරු කරන්න. මේවාට මුදල් ඇවැසි නොවෙයි. "
සැවැත් නුවර විසූ ලොකුම ධනවතා අනේපිඬු සිටුතුමා ය. ඔහුගේ නිවසේ, භික්ෂූන් වහන්සේ දෙදහසක් පමණ දිනපතා දන් වළඳති. ඒ ලෙසම විශාඛා මහෝපාසිකාවගේ නිවෙසේ ද දෙදහසක් පමණ භික්ෂූන් වහන්සේ නිතිපතා දන් වළඳති. සැවැත් නුවර වැසි බොහෝ ජනයා ද බුදු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය තම තමන්ගේ නිවසට වඩමවා දානය පිරිනැමීමට කටයුතු කරති. ඒ සඳහා සූදානම්ව අනේපිඬු සිටුතුමාටත්, විශාඛාවටත් එම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරති. මේ දෙදෙනාගේ පැමිණීම ඉතා වැදගත්යැයි ඔවුහු කල්පනා කළහ.
ඔවුන්ගේ සහභාගිත්වය නොමැතිව දෙන දානයෙහි බැබළීමක්, වටිනාකමක් නැතැයි සිතූහ. දානය දෙන්නේ කෙසේද? දන්බෙදන්නේ කෙබඳු ආකාරයට ද? භික්ෂූන් වහන්සේගේ ඕනෑ එපාකම් මොනවාද? එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍රවාරිත්‍ර මොනවාදැයි මේ දෙපළටම හොඳ අවබෝධයක් තිබුණි. මේ දෙදෙනා සිටින තැන භික්ෂූන් වහන්සේ ද පි‍්‍රයශීලිව හොඳින් දානය වළඳති. මෙසේ බොහෝ ඉල්ලීම් අනුව පිටත නිවෙස්වල දානමය පින්කම් සඳහා නිතර සහභාගි වන නිසා තමන්ගේ සිටු මැදුරුවල නිතිපතා පිරිනමන දානමය පින්කමට සහභාගි විය හැකි අවස්ථා අවම විය.

නැතිකර ගත යුත්තේ තරහව ද? තරහකරුවන් ද?


තරහව ද්වේෂය පාලනය කරගත් තරමට ලාභ වාසි අත්වේ. ඉවසීම නිවට කමක් හෝ දුර්වල කමක් නොව උදාරතර ගුණයකි. මෙම ගුණය සකසා නොගැනීම තුළ තමන්ට මෙන්ම සමාජයට මහත් අවැඩක් සිදුවේ. ජාතිකත්වය හෝ ආගමික නැමියාව තව පිරිසක් පීඩාවට පත් කිරීම සඳහා යොදා නොගත යුතුය."
ද්වේෂය නම් යම් දෙයක් හෝ යම් කිසි කාරණයක් නිසා අපේ සිතේ ඇතිවන නොසතුටයි. පි‍්‍රය නොවන, නොරිස්සුම් සහගතබවයි. සාමකාමී පරිසරය හීන වී අසහනය, අසමගිය ගොඩනැඟෙන්නේ, ද්වේෂය මූලික වීම හේතුවෙනි. ප්‍රතිඵලය වන්නේ සහජීවනය පළුදුවීමයි. කෙලෙස් අතර ශාරීරිකව හා මානසිකව පුද්ගලයා දුර්වල කරන ක්ලේෂය ද්වේෂයයි. ලෝකයේ බොහෝ ගැටුම්, මිනීමැරුම් ඇතිවන්නේ අවි ආයුධ නිසා නොව ද්වේෂය නිසාය.
ද්වේෂය නිසා පළමුව හානිය සිදුවනුයේ ද්වේෂය ඇති තැනැත්තාටය. කෙසෙල් ගසක කැන වැටුනු පසු ගස කපා ඉවත් කරයි. උක්,අන්නාසි වැනි ඵලදාවන්ගේ තත්ත්වය ද මෙසේම ය. යමෙක් ද්වේෂයෙන් ආතුරවු තැන ඇතිවන්නේ මෙවන් තත්ත්වයකි. සසරේ දී අප නැතිකර ගත යුත්තේ තරහ ගතිය මිස තරහකරුවන් නොවේ. ලෝකයේ කිසිම ආගමක් ද්වේෂය, වෛරය තරහ ගතිය අනුමත නොකරයි. පළමු, දෙවන ලෝක යුද්ධයන් ඇති වීම හා හිරෝෂිමා නාගසාකි නගර තුළ ඇතිවු ඛේදවාචකයන්ට මූලය මෙම ද්වේෂයයි. ද්වේෂය තුළ රාජ්‍ය රාජ්‍යන් අතරද, මව්පියන් දරුවන් අතර ද, අඹුසැමියන් අතර, ආගම් අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. මේ තුළ නැතිවන්නේ අන්‍යෝන්‍ය සබඳතාවයයි.

තාවකාලික දිනුම්

වර්ග, පාට, ආගම් ගැටුම් නිරන්තරව ඇතිවන්නේ මිනිස් සිත තුළ ද්වේෂය ඇති බැවිනි. මෙවන් ගැටුම් නිරන්තරව වර්ධනය වීම රටකට සුබවාදී තත්වයක් නොවේ. රටක් ආර්ථික සාමාජික ලෙස පසුබෑමට පත්වීම මේ තුළ නොවැළැක්විය හැකි ය. දියුණු ජන කොටස් විසින් එවැනි පුද්ගලයන්, රාජ්‍යයන් ප්‍රතික්ෂේප කරනු ලබයි.

පන්සිල් රැකීමෙන් අකල් මිය යෑමෙනුත් වැළකෙයි


ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමාවන් සිතට ගෙන මෙනෙහි කිරීමෙන් තමාට ඉමහත් ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවනි. ඉවත දමන කෙළ පිඬක් සේ ඇලීම ගැටීම තුරන් කරන්න භාවනාව ඉවහල් වෙයි.
පින් මද වූවෝ මරණසතියට බිය වෙති. සත්ත්ව ඝාතන ආදී පව් කරන අය, මව් පියන්ට නොසලකන අය මරණයට බිය වෙති. පන්සිල් රකිමින්, මව් පියන්ට සළකන්නෝ මරණයට කිසිවිටකත් බිය නොවෙති. සැවොම පන්සිල් රැකිය යුතුම ය. තුණුරුවන් නැමැදිය යුතුම ය. දාන මානාදී පින්දහම් පිරිය යුතුම යි, බණ ඇසීම, බවුන් වැඩීම කළ යුතුම ය. මෙවැනි වතාවත් සපුරන්නෝ කිසිම අඩු පාඩුවක් නොමැතිව තම දිවි ගමන සුවපත් කර ගනිති.

Monday, December 25, 2017

අත්හැර නොයන සැප හා දුක ඉතා දුක් මහන්සි වී හරිහම්බ කරති



මිනිස්සු ඉතා දුක් මහන්සි වී හරිහම්බ කරති. රැකී රක්ෂාවන්හි නිරත වෙති. එසේ දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සතුටෙන් ජීවත්වීමට ය. එහෙත් තමන්ගේ ජීවන මාර්ගයන් දෙස ආපසු හැරී බලා සතුටු විය හැකි වන්නේ කී දෙනෙකුට ද? තමන් ලබන සතුට ධර්මානුකූල ද? කියා සිතා බැලීමට පවා ඇතමෙක් නො පෙළඹෙති.
සෑම සමාජයක ම අතළොස්සක් පිරිස යමක් උපයා ගැනීමට කෙටි මාර්ග සොයති. වෙහෙස වී දිගු කාලීනව යමක් උපයා ගැනීමට උත්සාහ නො කරති. එහිදී අන් අයගේ දේ සොරකම් කරති. මහා පරිමාණයේ අල්ලස්, දූෂණ, වංචාවලට හසු වෙති. අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්නා දේ කූට උපක්‍රම මගින් සොරකම් කරති.
තවත් සමහරු තම නිෂ්පාදනවල ඉස්තරම් බව පවසමින් තත්ත්වයෙන් බාල භාණ්ඩ වෙළෙඳපොළට යවති. ජනතාවට වැඩි මුදලකට අලෙවි කොට බරපතල විපාක ලැබෙන වංචනික සොරකම්වල නිරත වෙති. ඒ අතර තවත් බොහෝ දෙනා තම ජීවනෝපාය වශයෙන් ඉතාමත් කටුක දුෂ්කර වෙහෙසකර රැකී රක්ෂාවන් හි නිරත වෙති. එසේ ධාර්මිකව යමක් උපයා ගෙන ජීවත්වීමට උත්සාහ දරන්නෝ ද නැත්තේ නොවේ.

Thursday, December 7, 2017

පතිධර්ම ඇති බිරිඳ (පතිව්‍රතා විමානය)

විමාන වත්ථු කතා

මෙහි ‘පති’ යනු ස්වාමිපුරුෂයා, ස්වාමියා, අධිපති, ඉසුරු ඇත්තා යන තේරුම් දෙයි. ව්‍රත නම් හොඳ පිළිවෙත් ය. යහපත් ප්‍රතිපත්තිය, මනා පැවැතුම් ය. ඉන්ද්‍රියන් හික්මවීම පිණිස හේතුවන පැවතුම් ය. හැසිරිය යුතු වතාවත් ය.
‘පතිව්‍රත’ හෙවත් ‘පතිවත’ යනු පරපුරුෂයන් – අන් පුරුෂයන් නො පතා සිය සැමියාට කීකරුව විසීම වෙයි. මෙසේ වූ භාර්යාවක් තුළ ඇති ධර්මතාවය ‘පතිධර්ම’ නම් වේ. එය ස්වාමියාට සම වූ දුක් - සැප ඇති බව ලෙසින් ශබ්ද කෝෂයන්හි දක්වා ඇත. බිම්බා දේවිය (යසෝධරා දේවිය) තම ස්වාමියා රජ මාලිගයෙන් නික්ම ගිය දා සිට, හුදෙකලාව වනයේ විසූ ඇවැතුම් පැවැතුම් අසා දේවිය ද ඒ අයුරින් ම කසාවන් වස්ත්‍ර දරමින් එක් වේලක් වළඳමින් ආදී ලෙස මාලිගයේ රැඳෙමින් විසූ බව බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන්ව ඇත. මෙවැනි ගති ලක්ෂණ බිරිඳකට පමණක් නොව ස්වාමිපුරුෂයෙකු හට ද තිබිය යුතු බව ‘කාමෙසුමිච්ඡාචාර වේරමණි’ ශික්ෂා පදය තුළ ‘කායික සමාචාර’ අංගයක් ලෙසින් ඇතුළත් බව පුරුෂ පාර්ශ්වය ද සිහි තබා ගත යුතු ය.

Saturday, December 2, 2017

අටලෝ දහමට අනුගත වීම සියදිවි නසාගැනීමට විසඳුමයි

තමා විසින්ම තමන්ගේ පණ නසා ගන්නට වෑයම් කිරීම සිය දිවි නසා ගැනීමක් වෙයි. එසේ කිරීම පිළිබඳව වර්තමාන සමාජයෙහි ජනමාධ්‍ය ලෝකය තුළ මෙම තත්ත්වය තරමක් අර්බුදකාරී ස්වභාවයක ප්‍රශ්නයක් ලෙස විග්‍රහ කරමින් සිටී. එය එසේ විග්‍රහකරමින් දැක්වීමට වඩා මෙසේ වීමට හේතුව කුමක්ද? යනුවෙන් සොයාබැලීම වැදගත් . කිසියම් මවක් තම දරුවන් වතුරට දමා එම මවත් වතුරට පනින අවස්ථාවක් පසුගිය කාලයේ ජනමාධ්‍යයෙන් වාර්තා වී තිබිණි.. මෙවැනි සිද්ධි පිළිබඳ අධ්‍යයනය කළ එමිර් ඩුර්කයිම් නමැති සමාජ විද්‍යාඥයා “සිය දිවිනසා ගැනීම” පිළිබඳව ඊඩඥ ඵභඪජඪඤඥ නමැති ග්‍රන්ථයක් ද පළ කර ඇත. සියදිවි නසාගැනීම පිළිබඳව අධ්‍යයනය කළ ඔහු සියදිවි නසා ගන්නන් විසින් එසේ කිරීමට හේතු කිහිපයක් දක්වා ඇත.
තමා පිළිබඳව නොසිතා තමාගේ සියදිවි නසාගැනීමෙන් අනෙකාට යහපතක් සිදුවේය යන හැඟීම හෙවත් පරාර්ථය මත සිදුකරන බවයි .
සමාජය තුළ සාරධර්ම නැති බවත්, ගුණ ධර්ම නැති බවත්, සිතා තමන් ඒ පිළිබඳව කලකිරීමකින් සිතන්න පටන් ගැනීම තුළ සාරධර්ම බිඳ වැටුණ සමාජයක ජීවත්වීමෙන් පළක් නැති බවට සිතයි. එය එක්තරා ආකාරයක මානසික රෝගී තත්ත්වයකට නෑකම් කියන ස්වභාවයක් . එසේ සිතීම රෝගයක් නොවුණ ද, රෝගී තත්ත්වයක මූල බීජයක් වෙයි.

Wednesday, November 22, 2017

අත්වැලක් නොමැතිව ඉහළට එන්න අධිෂ්ඨාන කරගන්න


යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝ නපය මජ්ජති සෝ ඉමං ලෝකං පබාසේති අබ්භා මුත්තෝච චන්දිමා 
මේ බුදුපියාණන් වහන්සේ වදාළ ජීවිතයක පසුතැවීමයි. අතෘප්තිකර භාවයයි. ජීවිතයක් තුළ විවිධ හේතුත්පාදක නිසාවෙන් අතෘප්තිය ඇති වෙන්නට පුළුවන්.
ඇතැම් විට තමන්ගෙ අපේක්ෂාවන් බලාපොරොත්තු තමන්ටම සපල කරගත නොහැකි නම් පළිගැනීමට හිතෙනවා.
පළිගැනීමේ සිතිවිල්ල
එසේත් නැති නම් යමෙක් එම බලාපොරොත්තු පූර්ණය කර දෙන්නේ නැති නම් පළිගැනීමේ සිතිවිල්ල හිතට එනවා. අපි හිතමු යමෙක් තව කෙනෙකුගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා කියලා. මාපිය ආදරය දරුවෝ බලාපොරොත්තු වෙනවා. දරුවන්ගේ ආදරය මාපියෝ බලාපොරොත්තු වෙනවා. පෙම්වතා පෙම්වතිය, යහළු යෙහෙළියන් මේ වගේ විවිධ සමාජ සම්බන්ධතා ඇතුළේ කිසිවකු කිසිවක් බලාපොරොත්තු වෙනවා.

Monday, November 20, 2017

ජීවිතය තුළින් ජීවිතය අවබෝධ කරගත යුත්තේ කෙසේද ?


ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණ දැයි කිව නොහැකි ය. සඳ පායන තැනත් ,සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණ දැයි කිව නොහැකිය. මහපොළොවත් අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකිය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. එහෙත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය ද, තැබිය යුතු දුර කෙතරම් දුරින් ද, යන වග පැහැදිලි කළ නොහැකි ය."
බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවත්වන මිනිසුන් නුවණ නැති මිනිසා සහ නුවණ ඇති මිනිසා යනුවෙන් කොටස් දෙකකට වර්ග කර ඇත. නුවණ නැති යහපත් ක්‍රියාවල නොයෙදෙන පුද්ගලයා බාලයා ලෙස බණ පොතේ සඳහන් වේ.

තමන්ගේ යහපත හා අන්‍යයාගේ යහපත, අර්ථය හිත සුව පිණිස කටයුතු කරන පුද්ගලයා පණ්ඩිතයා ලෙස අර්ථ දක්වා තිබේ. මේ දෙදෙනා අතර පවතින වෙනස, ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලි කර ගත හැකි ය. ක්‍රියාවෙන්, හැසිරීමෙන්, සිතිවිලි වලින් වචන භාවිතා කරන පිළිවෙල අනුව එම වෙනස නිවැරැදිව හඳුනාගත හැකි වේ. නිරන්තරයෙන්ම අයහපත් සිතිවිලිවලින් සිත පුරවාගනිමින් අයහපත් දේ සිතීම බාලයාගේ ස්වභාවය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඔහු සමාජය තුළ ක්‍රියාත්මකවීමේ දී තමාගේ සහ සමාජයේ අයහපත පිණිසම හේතු වන අයහපත් ක්‍රියාම කරයි. බාලයා පිළිබඳව දක්වා තිබෙන කරුණු තුන ඔහුගේ සිතටද, වචනයටද, කයටද සම්බන්ධ කොට දක්වා ඇත. බාල ගති

Friday, November 17, 2017

නුවණින් දකින ජීවිතයේ යථාර්ථය ( ආර්ය පර්යේෂණ සූත්‍රය )


" සසරේ ඇති භයානක බව තේරුම් ගෙන ශෝක පරිදේවයන්ගෙන් ගැළවීමට නිවන් මඟට යොමු වෙන අතර, ක්ලේශ ධර්මයන්ට එකතුවීම නිසා සිදුවන ආදීනවය නුවණින් දැක කෙලෙස්වලින් පීඩාවක් නැති යෝගක්ෂේම වූ නිවන ම සොයන්නට මේ ප්‍රඥාවන්ත පුද්ගලයා පෙළඹෙනවා."
ජීවිතයේ ජරා ස්වභාවය දකින්නට එනම් දිරාගෙන යෑමේ ආදීනවය දකින්නට තමාගේ හිසේ කෙස් පැසෙන තුරු බලා සිටිය යුතු නොවේ. දෑත දෙපය දුබල ව එක් තැනක වැටෙනා තෙක් නතර වී සිටිය යුතු නොවේ. කුඩා දරුවෙකු වෙතින් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති ආදීනවය ගැන දහම් ඇසින් දැක ගත යුතු වේ.
ඇසට,කනට සුවයක්, ප්‍රසන්න බවක් හැටියට පෙනුණත්, දැණුනත් ඒ සියල්ලගේ ම උරුමය වී ඇත්තේ දිරාගෙන යෑම ය. අත්හැරීම ය. එය සිතට මෙනෙහි විය යුතු ය. එවිට දිරාගෙන යෑම තමන්ගේ සිතට ශෝකයක් නොවන්නේ ය. දිරාගෙන යෑම උරුමයක් බව, ස්වභාවයක් බව අවබෝධ කොටගෙන, දිරාගෙන යෑමෙන් තොර යම් ස්වභාවයක් වන්නේ ද, ඒ නොදිරන ස්වභාවය පිළිබඳව සිත යොමු කළ යුතුය. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට වැටහෙන්නේ ඒ නිවන ම වන බවයි. කෙලෙසුන් මුළුමනින් ම ප්‍රහාණය කිරීම වන බවයි. එවිට ඔහු දිරාගෙන යෑමේ ආදීනවය හොඳින් දැන, දිරාගෙන යෑමක් නැති උතුම් නිවන ම සොයයි. ඒ සඳහා වෙහෙසෙයි.

Thursday, November 16, 2017

ජීවිතය අපායක් කර ගන්නේ ඇයි?

එක් ගමක ප්‍රාතිහාර්යය පාන්නට සමත් ගුරුවරයෙක් සිටියේ ය. දිනක් ගෝලයෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේ ය.
“ගුරුතුමනි, ඔබට ප්‍රාතිහාර්යපාන්නට පුළුවන් කියන කතාව ඇත්තක් ද?”
“ඔව් මට පුළුවනි.” ගුරුතුමා පිළිතුරු දුන්නේ ය.
“එහෙම නම් ගුරුතුමනි, දිව්‍ය ලෝකයත්, අපායත් මවා පෙන්වනු මැනවි” යි ගෝලයා ඉල්ලීමක් කළේ ය. ගුරුතුමා ටික වේලාවක් නිහඬව සිටියේ ය. මොහොතකින් ඉදිරිපිට විශාල මේසයක් මැවුණි. එහි ඉතා රසවත්, සුවඳවත් බොජුන් පිරී තිබුණි. ඒ වටා මිනිසුන් පිරිසකි. වෙනස ඔවුන්ගේ අත් වැලමිට ළඟින් නමන්නට නොහැකිවීම ය. මේ නිසා ආහාර මුව අසළට ගන්නට අසීරු ය. ඔවුහු බොහෝ උත්සාහ කළහ. එහෙත් ආහාර ස්වල්පයක් හෝ ගන්නට නොහැකි විය. දැන් ඔවුන් බොහෝ තරහින් ය. පාලනයක් නැති කෝපය නිසා ඔවුහු මේසය මත වූ ආහාර ඒ මේ අත විසිර වූහ. කෑ කෝ ගැසූහ. නරක වචන කීහ. කලබල කළහ. ගුරුතුමා, ගෝලයා අමතා ‘දරුව, මේ තමයි අපාය’ යැයි කීවේ ය.
‘එහෙම නම් ගුරුතුමනි, දිව්‍ය ලෝකය මවා පෙන්වන්න’ යි ගෝලයා කීවේ ය.
පෙර පරිදිම රස බොජුන් පිරි මේසයක් මැවුණේ ය. මිනිසුන් ද විය. එහෙත් කලබලයක් නැත. ඔවුහු සිනාසෙමින්, සතුටින් කල්පනා කළහ. ටික වේලාවක් ගෙවුණි. එක් මිනිසෙක් අසළ මිනිසාට ආහාර කැව්වේ ය. ඔහු ද පෙරළා ඒ මිනිසාට ආහාර කැව්වේ ය. සියල්ලෝ ම එලෙස ආහාර අනුභව කළහ. කිසිදු ප්‍රශ්නයක් නැත. සුහදව බෙදා හදා ගත්හ. එය පෙන්වා “මේ තමයි දිව්‍ය ලෝකය” යැයි ගුරුතුමා කීවේ ය.

Saturday, October 28, 2017

වැරැදි දිවි පැවැත්ම වැරැදි ලෙස හඳුනා ගැනීම


මහණෙනි, සම්‍යක් වචන නම් කවරේ ද? ඒ දෙවර්ගයකි. එනම් කෙලෙස් සහිත, පුණ්‍යවන්ත වූ කොටසෙහි කර්ම විපාක සහිත යහපත් වූ වචනයක් පවතිනවා. එලෙස ම ආර්ය වූ කෙලෙස් රහිත ලෝකෝත්තර මාර්ගයේත් සම්මා වාචා හෙවත් යහපත් වූ වචන පවතිනවා.

කෙලෙස් සහිත පුණ්‍යවන්ත වූ කර්ම විපාක දෙන සම්මා වාචා නම් මොනවා ද? මුසාවාදයෙන් වෙන්වීම ය. කේලාම් කීමෙන් වෙන්වීම ය. පරුෂ වචන කීමෙන් වෙන්වීම ය. හිස් වචන කතා කිරීමෙන් වෙන්වීම ය. මේ යහපත් වූ වචන හෙවත් සම්මා වාචා කෙලෙස් රහිතයි. පුණ්‍යවන්තයි. උපදි හෙවත් කර්ම විපාක දෙන්නේ වෙයි.
ආර්ය වූ, අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංග වූ සම්‍යක් වචන නම් මොනවා ද? ආර්ය සිත් ඇති, ආශ්‍රව නැති, ආර්ය මාර්ගයේ ගමන් කරන, ආර්ය මාර්ගය වඩන්නා ගේ සිතෙහි සතර ආකාරයක වාග් දුෂ්චරිතයක් වේ නම්, එය දුරු වී වෙන් වී නතර වී මනස සංසිදීමක් ඇත් ද? එය ආර්යයන්ගේ, අනාශ්‍රව ඇත්තන්ගේ ලෝකෝත්තර මාර්ගය තුළ සම්මා වාචා හෙවත් සම්‍යක් වචනයයි.
ඒ භික්ෂුව හෝ භික්ෂුණිය මිත්‍යා වචනයන්ගේ ප්‍රහානයට පත් වේ. එනම් බොරු කීම, කේලාම් කීම, ආදී මිත්‍යා වචනයන් හි ප්‍රහානයට පත් වේ. එමෙන් ම යහපත් වූ වචනයන් උපදවා ගැනීමට වෑයම් කරයි. එම වෑයම ම ඔහුට සම්මා වායාම වේ. එහි මනා වූ සිහිය පවත්වන්නේ, මිථ්‍යා වචන බැහැර කරනවා. සිහියෙන් යුතුව යහපත් වචන උපදවා ගන්නට වෙහෙසෙනවා. උපදවාගෙන වාසය කරනවා. ඒ සතිය ම ඔහුට සම්මා සතිය බවට පත්වෙනවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යන ත්‍රිවිධ ධර්මයෝ ම සම්‍යක් වචනය අනුව ගමන් කරයි.

අප්‍රමාදයට ප්‍රමාද නොවෙමු


චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස කළ යුත්තේ අප්‍රමාදී වීමයි. චතුරාර්ය සත්‍යාවබෝධය කියන්නේ විද්‍යාව යි. ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව සැබෑ ම අවබෝධය යි. චතුරාර්ය සත්‍ය අවබෝධය නො වීම නම් අවිද්‍යාව යි. අවිද්‍යාව නම් චතුªරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස කුසල් දහම් දියුණු කිරීමට, අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වන ප්‍රමාදය යි.

ප්‍රමාදය තුළ සිටින පුද්ගලයාගේ ස්වභාවය නම් වර්තමානයේ තමන්ට ලැබු දෙයින් මත් වීමයි. අනාගතය ගැන බොළඳ සිහින ගොඩ නගමින් ජීවත් වීමයි. එසේනම් මේ සත්‍ය අවබෝධ කිරීම පිණිස අප්‍රමාදය ඇති කරගන්නට නම් වර්තමානයේ ලද දෙයින් මත් නොවී, අනාගතය ගැන සත්‍ය ස්වභාවය ම නුවණින් විමසිය යුතු වෙයි.
අප්‍රමාදය ඇතිවන අයුරින් අනාගතය ගැන නුවණින් විමසිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ “දුතිය අනාගත භය” සූත්‍රයේ දී මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, මේ පස් ආකාර වූ අනාගත භය දකින පුද්ගලයා විසින් අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, පත් නොවූ මාර්ගඵල ආදියට පත්වීම පිණිසත්, අත් නොදුටු මාර්ගඵල ආදිය අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නො කළ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කිරීම පිණිසත්, අප්‍රමාදීව කටයුතු කළ යුතු යි.


මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්... (මස්‌ මාංශ අනුභවය - 3)

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...සතර අපායෙන් මිදෙමු' - 58 කොටස

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා 'හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?' කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය.