Labels

Thursday, October 29, 2015

මරණාසන්න මොහොත උපන් මොහොතට වඩා වැදගත්


මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්.

Wednesday, October 28, 2015

අපායන්ගේ විවිධ ස්වභාවයන් ( බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 05)



බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 04 අපායෙහි දුක කියා නිමකළ හැකිද?

වප් පුර අටවක පෝදා පත්‍රයේ පළවූ ලිපියෙන් අප සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායෙහි ඇතුළත් බාලපණ්ඩිත සූත්‍රය ආශ්‍රයෙන් අපායෙහි නිරි සතුන් විදින දුක්ඛයන්ගේ ස්වභාවය විමසා බැලීමටයි. මෙම ලිපි මාලාවේ දෙවන ලිපියෙන් අටමහා නරකය පිළිබඳ කරුණු විමසා බැලුවෙමු. මේ අටමහා නරකයන්ට අමතරව තවත් අපායයන් (අප + අය - සැපයෙන් පහ වූ ස්ථානය) හෙවත් නිරිසතුන් දුක්විදින ස්ථාන 128ක් තිබේ.

Sunday, October 25, 2015

පතිකුලයට යන කුමරියන්ට බුද්ධ දර්ශනයෙන් උපදෙස්



ඔබලාගේ වැඩ කැමැති වන්නා වූ සිත කැමැති වන්නා වූ අනුකම්පා ඇත්තාවූ මාපියෝ අනුකම්පා පිණිස යම් ස්වාමියෙකුට විවාහකර දෙන්නේ ද එහිදී ඔබලා ඒ ස්වාමියා කෙරෙහි මෙසේ හැසිරිය යුතුය. එනම් සැමට පළමුව උදෑසනම අවදි විය යුතුය.

මෙතෙරින් එතෙරට

 

බුදුපියාණන් වහන්සේ “මෙතෙර නමැති ලෝකය” හැර දමා “එතෙර නමැති ලෝකෝත්තර නිර්වාණය” සඳහා ගමන් කරන ආකාරය සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වේදනා සංයුත්තයේ ඇති “ආසිවිසෝපම සූත්‍රය” තුළින් පෙන්වා දුන් සේක.

Saturday, October 24, 2015

මරණය සහ පින් දීම


කැඩපත ඉදිරියට ගොස් තමා දක්වන ඉරියව් නැවැත තමාට දැක ගැනීමට හැකිවේ. ඒ අනුව මිනිසාට තමා ජීවත්වන ක්‍රමය අනුව බොහෝ දුරට ඊළඟ භවයේ ස්වභාවය තීරණය කර ගැනීමේ හැකියාව පවතී. එය යම් ලෙසකින් වෙනස් වුවද සම්පූර්ණව වෙනස් නොවේ. මේ නයින් බලන කල්හි ජීවිතයේ වටිනාම කොටස මෙලොව වන අතර පරලොව නොවේ. මේ ලෝක ජීවිතය තුළ පුද්ගලයා කරන ක්‍රියාවන් දෙලොවටම බලපානු ලබයි. එමනිසා උපතේ සිට මරණය දක්වා පුද්ගල ජීවිතය යහපත් ලෙස ගත කිරීමට කටයුතු කළ යුතු අතර ඒ තුළින් පරලොව ද සුගතිගාමී කර ගැනීමේ හැකියාව පවතී.

Friday, October 23, 2015

මම මට අයිතිද?


අද දවසෙහි මේ දහම් කතාවෙන් බලාපොරොත්තු වන්නේ, එසේ වූ ඒ ලෝභය විෂම වූ ලෝභය නැතිකර ගන්න අප විසින් ධර්ම පරියායක් හැටියට, පිළිවෙත් මාර්ගයක් හැටියට ගත හැකි දහම් පෙළකුයි. එවිට දැඩි ආශාවන් ඒ වගේ ම ඒ තුළින් ඇතිවන ඊර්ෂ්‍යාව, තරහව, අනුන්ගේ දොස් සෙවීම, දැකීම, මේ ආදී උපක්ලේශ බැහැර කර ගන්නට ඉතාම පහසුවෙනවා. ඒ සඳහා අද සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් ‘නතුම්හ සූත්‍ර’ දේශනාවයි.

පරමාදර්ශී සංඝ සමාජය


තම ශ්‍රාවක සංඝ සමාජයේ ශික්ෂණය සඳහා බුද්ධත්වයෙන් වසර විස්සක් ගතවන තුරු බුදුන්වහන්සේ කිසිදු විනය ශික්ෂාවක් පනවා නැත. එසේම කිසිදු විනය විරෝධී ක්‍රියාවක් වැළැක්වීම සඳහා කිසිදු විනය නීතියක් කල් ඇතිව පනවා නැත.

Thursday, October 22, 2015

දිවිය කිලිටි කරන මලකඩ


යකඩයෙන්ම හටගත් මලකඩ ඒ යකඩය පුරාම පැතිරී ගොස් එය විනාශ කර දමන බව එම ගාථා පදවලින් පැහැදිලි වෙනවා. එමෙන් සමහර උදවිය තමන්, තමන්ගේ ජීවිතයට මලකඩක් වී තමන් ම විනාශයට පත්වෙනවා.

සැනසීම උදාකර ගත හැකි සරල ජීවිතය


බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළ අන්තර්ගත වී ඇත්තේ පුද්ගල ජීවිතයක් තුළ සැනසිල්ලක් විඳීමට නම් අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. අල්පේච්ඡතාවය යනු බලාපොරොත්තු, අරමුණු ආශාවන් අඩු බවයි. බොහෝ දේ පිළිබඳ අපේක්ෂාවක් නොමැතිබවයි. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සමාජයක ප්‍රගතියට ඉවහල් වන්නේ අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් දෙලොව සාර්ථක කරගත හැකි බවයි.

Wednesday, October 21, 2015

අපායෙහි දුක කියා නිමකළ හැකිද? (බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 04 )

 

 

බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 03 - අපායේ දඬුවම්

මහණෙනි, නිරයපාලයෝ නිරයට පත් මොහුට පංචවිධ බන්ධන නම් වධයක් කරත් කරත්, එනම් රත්වු යහුලක් අතෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද, අනිත් රත්වූ යහුලක් පාදයෙහි අනිත් රත්වූ යහුලක් දෙවෙනි අතෙහිද අනිත්.

Tuesday, October 20, 2015

බුදුරජාණන් වහන්සේගේ ධර්මය වීර්යවන්තයින් උදෙසායි


බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ ස්වයංභූ ඤාණයකින් ධර්මය අවබෝධ කරගෙන යි. ඒ විදියට ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ මේ ලෝකයෙන් නිදහස් වුණා.
උන්වහන්සේගේ බුද්ධ දේශනාවල ‘කළකිරීම’ ගැන විග්‍රහ කරනවා.

Monday, October 19, 2015

නොපමා බව රකින – දනන් තුටු වෙති නිවන් ලබමින




මිනිස් ක්‍රියාකාරීත්වය තුළ සරු නිසරු කියල නිවැරදිම බෙදීමක් කරන්න බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හැර වෙන කිසිවෙකුට බැහැ. හේතුව පුද්ගලයෙකුගේ කායික වාචසික හා මානසික ක්‍රියාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් දෙකම නිවැරැදි ලෙස දකින්නෙ උන්වහන්සේ නිසා. ආස්වාදයේ කෙටි කාලීන ස්වභාවයත් ආදීනවයේ දීර්ඝ කාලීන ස්වභාවයත් දකින නුවණ බුදු කෙනෙකුන් සතු එකක්.

Saturday, October 17, 2015

මිත්තා මහ රහත් තෙරණින් වහන්සේ



උත්තම වූ රහත්භූමියට පිළිපන් මහරහත් උතුමෝ නැවත නැවත ඉපදෙන මැරෙන සසර ගමනට හසුනොවෙති. ජාති වශයෙන් උපාදාන කර ගැනීමක් නොකරති. ඒ උතුම් රහත් භූමියෙන් සැනසෙන දිවිය කෙතරම් සුන්දර වනු ඇතිදැයි විටක විවේකී මනසකින් විමසන කළ දැනෙනුයේ විරාගික සුවයකි. නික්ලේශ හදවතින් පිරිපුන් වූ මහරහත් තෙරුන් වහන්සේලා , තෙරණින් වහන්සේලා පිළිබඳව සිතන සිතිවිල්ලද රාගයෙන් වියුක්ත වූවකි. මහත් වූ අස්වැසිල්ලකි.

යුද වදී මඟ දකී කසාවත දරා


මිළිඳු ප්‍රශ්නයේදී නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජු අසනවා “ස්වාමිනි, මේ ශාසනය පිරිසුදු එකක්. එම ශාසනය නිර්මලයි. ඒ නිසා මේ වගේ බුද්ධ ශාසනයක කවුරුහරි කෙනෙක් පැවිදිවෙලා පසුව උපැවිදි වුණොත් ඒක හොඳ නැහැ. එහෙම උපැවිදි වූවාට පස්සේ මිනිසුන් බණිනවා ඔන්න මහණවෙන්න ගියා. කෝ? මොනවද කර ගත්තේ කියා.

Friday, October 16, 2015

බුද්ධ ඤාණය හා බුද්ධ ශ්‍රාවකයා



 2015 ක් වූ සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින ලිපිය

බුදු ගුණ, බුදු බල, බුදු මහිම තේරුම් ගැනීමට, ඉගෙනීමට විශේෂයෙන් උනන්දු විය යුතුයි. එසේ ම ලෝකයේ ප්‍රඥා මූලික ප්‍රමුඛ ආගම වශයෙන් බුද්ධිමතුන් අතර සම්මානිත මේ ආගම අනුගමනය කරන්නවුන් තුළ තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ විචාරවත් අවබෝධයක් තිබිය යුතුය

අතට ගත් හැමදේම දාලා හිතට ගත් දේ සසරට අරගෙන යනවා



ධර්මයට ඇති කැමැත්ත සමඟ මේ ආත්ම බවයේදී ම මාර්ග ඵල අවබෝධයක් ලබන්න කැමැතියි කියන ශ්‍රද්ධාව තිබෙන කෙනාට ඊළඟට අවශ්‍ය වන කාරණය තමයි “වීර්ය” කියන්නේ. වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාව තිබුණත් එය කර ගැනීමට නොහැකි නම් එයට හේතුව එවැනි පුද්ගලයින් තුළ එතැනින් එහාට යෑමට අවශ්‍ය කරන වීර්ය නොමැති කමයි. ධර්මය ශ්‍රවණය කළත් සමහර පුද්ගලයින්ට ධර්මය පිළිබඳව මනසිකාරය කරන්නට වීර්යය මදි.

අපායේ දඬුවම් ( අපාය සංකල්පය - ලිපි මාලා අංක – 03 )



‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 02 අට මහා නරකය

බිනර අව අටවක පොහොයදා ලිපියෙන් අපායන්ගේ ඇති විවිධත්වයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළෙමු. මෙවර අප බලාපොරොත්තු වන්නේ අපායෙහි උපදින සත්ත්වයන්ට යම රජු විසින් ලබාදෙන දඬුවම් විමසා බැලීමටයි.

Tuesday, October 13, 2015

පිදිය යුතුම දෙදෙනෙකි



බ්‍රහ්මාති  මාතා පිතරො පුබ්බාචරියාති වුච්චරෙ. ආහුනෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. “බ්‍රහ්ම” යනු මව්පිය දෙපළට ආරෝපණය කළ නාමයකි. මහා බ්‍රහ්මයා දිනපතාම ලෝකය වෙත උදාර ගුණ සතරක් පතුරවනවා. මෛත්‍රිය එයින් පළමුවැන්නයි. දරුවා මව් කුස පිළිසිඳ ගත් දවසේ පටන් අම්මා, තාත්තා දෙදෙනා ගේ සිතේ දරුවා ලැබෙන තුරු ඇති වන්නේ පුදුම මෙත් සිතක්

Monday, October 12, 2015

ආයු වර්ණ සැප බල වැඩෙන පින්කම්

 

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අභිවාදන සීලිස්ස
නිච්චං වද්ධා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණෝ සුඛං බලන්ති

පින්වත්නි,

Sunday, October 11, 2015

සිල්වත්ව ජීවත්වීම උතුම්


සැවැත්නුවර උසස් කුල තිහකින් කුමාරවරු තිස්දෙනෙකු පැවිදි විය. මෙම තරුණයන් තිස්දෙනා බුදුපියාණන් වහන්සේ සමීපයෙහි පැවිදි වූයේ තමන්ගේ ගිහිගෙවල්වල බොහෝ සල්ලි ධන ධාන්‍යයෙන් ආඩ්‍යව තිබියදීයි. එසේ තිබෙන සියලු සැප සම්පත්වලට වඩා නිදහසේ බණ භාවනා කරමින් ලබන මානසික සුවය උතුම් බව ඔවුන්ට කල්පනා විය. මෙම යහළුවන් තිස්දෙනා බුදුපියාණන් වහන්සේ ළඟ පැවිදි වූ නිසා ඔවුන්ගේ දෙමව්පියන් බුදුහාමුදුරුවන් සමඟත් යම් යම් අමනාපකම් හදාගත්තා.

Saturday, October 10, 2015

සසර දිග්වන්නේ කෙසේද?


අද අපේ බොහෝ දෙනාට සංසාර ගමන් මඟ වගේම නිර්වාණ මාර්ගය ගැන නිසි අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. සංසාර මඟ හා ක්ෂණික නිවන් මඟ යන්න ගැන මඳක් හෝ සොයා බැලිය යුත්තේ එම නිසයි.

Friday, October 9, 2015

වීරා මහරහත් තෙරණින් වහන්සේ


කෙළවරක් නොපෙනෙන සසර ගමනක නිමග්නව වාසය කරන්නා වූ සසරගත සත්ත්වයා දුකින් මිදුනේ, භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සදහම් ඔසුව පානය කොට අරි අටඟි මඟ නමැති මාර්ගයට පිළිපන් වූ නිසාවෙනි.
යමෙක් ලෝකයෙහි දුකසේ ඉක්ම විය යතු ලාමක වූ තෘෂ්ණාව මැඬලයි ද නෙළුම් පතකින් ගිලිහෙන දියබින්දු මෙන් ඔහු වෙතින් ශෝක ධර්මයෝ ගිලිහී යති.

Thursday, October 8, 2015

අට මහා නරකය (අපාය සංකල්පය’ – ලිපි මාලා අංක – 02 )



 ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ – ලිපි මාලා අංක 01 - බුදු දහමෙහි අපාය සංකල්පය

බුදුරජාණන් වහන්සේ මෙසේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශනා කර තිබෙනවා. මේ නිර අතුරින් සඤ්ජීව නිරය, කාල සූත්‍ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්‍රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් අටක් තිබෙනවා. මේ නිරයන් හතරැස් හැඩයෙන් යුක්තයි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයන් වටේට කුඩා නිර දහසයක් තිබෙනවා.

බුදු දහමෙහි අපාය සංකල්පය


"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.

Wednesday, October 7, 2015

ප්‍රභාශ්වර සිත කැලඹෙන හැටි


අපේ සිත නිවැරැදි වන්නේ නිවැරැදි සිතිවිලි වලින්. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හැම මොහොතකම අපේ සිතට විවිධ අරමුණු ගලාගෙන එනවා. සැබැවින්ම අපේ සිත බොහෝම ප්‍රභාශ්වරයි. සිතේ නියම ස්වභාවය අචංචල බවයි.

හොඳ අයගේ ඇසුර සැපතකි


ජීවිතයක් සාර්ථක වීම උදෙසා ආශ්‍රය සෘජුවම බලපානු ඇත. අප විවිධ විෂම සමාජයක ජීවත් වන්නෙමු. එබැවින් පුද්ගල ඇසුර ඉතා වැදගත් වේ. එහිදී හොඳ, සත් පුරුෂ, කල්‍යාණ මිත්‍ර ඇසුරක් ජීවිතයක් යහපත් වීමට යොදා ගැනීම ඉතා වැදගත් වේ.

අතේ ඇති බත්පතින් කුස පුරවා නොගෙන සිතේ ඇති දේවලින් දුක් විඳින්නේ ඇයි?


“දත්වාච භුත්වාච යත්ථානුභාවං
අනින්දිතෝ සග්ග මුපේති ඨානං”

ධර්මානුකූලව උපයා, සපයා ගත්ත දේ තමන්ට අවශ්‍ය පරිදි පරිභෝග කොට, අවශ්‍ය විටක දී අනුන්ටත් උදව්වක්, උපකාරයක් හැටියට දී නිවැරැදි ආකාරයෙන් තමනුත් පරිහරණය කොට සියලු දෙනාගේ ම ප්‍රශංසාවට ලක්ව මරණින් මතු සුගතියට යායුතු බවයි, ධර්මයේ පැහැදිලි කළේ.

බොදු සිත් පුබුදන වස්සාවාස සමය



වස්සාවාසික භික්ෂුවට එම තෙමස පුරා තම දායක දායිකාවන් හමුවන හෙයින් ඔවුනට අර්ථයෙන් හා ධර්මය අනුශාසනා කිරීමට උන්වහන්සේට අවකාශ ලැබෙයි. මෙහි සඳහන් අර්ථය නම් තමාගේ මෙලොව ගිහි ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නා අයුරු හා ධර්මය යනු එම ධනය හෙවත් අර්ථය තම උභයාර්ථ සාධනය හෙවත් මෙලොව හා පරලොව යහපත සඳහා යොදාගනිමින් නිබ්බාණගාමිණී පටිපදාවට අනුගතව කටයුතු කරන ආකාරය පහදාදීමයි.

බුද්ධියට සම තැනත් අම්මාට නිසි තැනත් ලැබුණු වගයි



“එක් පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. “ස්වාමීනි, කාන්තාව තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි ගිහිගෙයින් නික් මී පැවිද්ද ලබයි නම් හොඳයි.” ගෝතමිය, එයින් කමක් නැත. කාන්තාව ගිහි ගෙයින් නික්මී තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම විනයෙහි පැවිදිවීම කෙරෙහි ඔබ උනන්දු වන්න එපා.”

මල් රැසකින් මල් මාලා ගොතන ලෙසින් කුසල් වැඩිය යුතු මිනිසා පහන් සිතින්

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යථාපි පුප්ඵරාසිම්හා
කයිරා මාලා ගුණෙ බහු
එවං ජාතෙන මච්චේන
කත්තබ්බං කුසලං බහුං,

සුපින්වත්නි,

Tuesday, October 6, 2015

බුදුන්ගෙන්ම කමටහන් ලබාගන්න


සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය.
පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන වෙහෙසක්‌ ලෙසය. මෙය වැරදි අර්ථකථනයකි. සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක්‌ දැනෙන දෙයක්‌ විය 
නොහැක. එය ඔබව බරෙන් නිදහස්‌ කරන, සැනසිල්ල ලබාදෙන දෙයකි. අපි අදිටන් කරගතයුත්තේ ශාසනයේ බර දැරීමට නොව,
ශාසනයේ සැහැල්ලුව දැරීමටය.

සුඛෝපභෝගි ජීවිතය හා සැනසිලිදායක ජීවිතය



”සැප” යනු “සම්පත්” නොවේ. සම්පත් යනු සැපය නොවේ. මෙය දෙකක් මිස එකක් නොවේ. විශේෂයෙන්ම සැප යන සම්පත් යන දෙක වෙනස්වන ආකාරය දාර්ශනිකව තේරුම් ගැනීමට ආධ්‍යාත්මිකව තේරුම් ගැනීමට හොඳ ක්‍රමයක් තිබෙනවා. සැප තුළින් එන ජීවිත සුඛෝපභෝගී ජීවිතයක්. සම්පත් වලින් එන ජීවිතය සැනසිලිදායක ජීවිතයක්. සුඛෝපභෝගි ජීවිතයයි, සැනසිලිදායක ජීවිතයයි එකකට එකක් වෙනස් දෙකක්.

සතුට පරම ධනය වන්නේ කෙසේද?

 

ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨී පරමං ධනං
විස්වාසා පරමා ඤාති – නිබ්බාණං පරමං සුඛං

Monday, October 5, 2015

මාර්ගඵල ලැබිය හැකි සද්පුරුෂයෝ


බක්කුල රහතන් වහන්සේගේ හා ඇතැම් රහතන් වහන්සේලාගේ ජීවිත මෙන්ම පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතද පශ්චිම භවික වශයෙන් පෙන්වා දී තිබේ. එතුමන් වහන්සේලා කෙසේ හෝ එම ආත්ම භවයේදීම මාර්ගඵලාවබෝධය ලබන්නාහුමය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වශයෙන් සැලකෙනුයේ අලෝභ, අදෝස, අමෝහ යන හේතුකාරක තුනෙන් යුක්තව උපත ලබන පුද්ගලයෝ වෙති. මාර්ගඵල අවබෝධකිරීමට තරම් කාලපරාශයක් හෙවත් අඩු වශයෙන් කල්ප ලක්ෂයක් තරම් වත් පාරමී ධර්ම පුරා සුදුසු කාලයක් එළඹ තිබේනම් එබඳු ත්‍රිහේතුක පුද්ගලයන්ටත් මාර්ගඵලාවබෝධය කළ හැකිය

Sunday, October 4, 2015

දෙලොව දියුණුව සලසා ගන්නේ කෙසේද?


බුදුන් වහන්සේ දේශනා කළ නිර්වාණගාමී මාවතට එළඹීමට ප්‍රථම අප කළ යුතු ඉතා වැදගත් වූ කාරණාවක් නම් අපේ දෙලොව දියුණුව ඇති කර ගැනීමයි. බොහෝවිට ධර්මය පිළිබඳ මනා වැටහීමක් නොමැති පිරිස් පෙන්වා දෙන්නේ සම්බුදු හිමියන් දේශනා කළ ධර්මස්ඛකන්ධය අදාළ වන්නේ පරලොව සැප පිණිස හේතු වන්නේය යන කාරණාවයි.

දුර්ලභව ලැබිය යුතු කරුණු


මේ ලෝකයේ දුර්ලභව ලැබිය හැකි කරුණු රාශියක් තිබුණද බුදු පියාණන් වහන්සේ දේශනා කළ සුවිශේෂී කරුණු හතරක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. දුර්ලභ, අසීරු, අමාරු, අපහසු වන වචන අප කනට එතරම් සුවදායක නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

දසනාථකරණ ධර්ම


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සනාථා භික්ඛවේ විහරථ මා අනාථා
දුක්ඛං භික්ඛවේ අනාථා විහරති
දස ඉමෙ භික්ඛවේ නාථකරණ ධම්මා
කතමේ දස......

සට්ඨිකුට පේතවත්ථුව


අද අපගේ අවධානය යොමුවන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හිරිහැර කොට මරණයට පත් කිරීමෙන් අජගර නම් පේ‍්‍රතයෙක්ව ඉපදී අනන්ත වු දුක් විඳින පේ‍්‍රතයෙක් පිළිබඳ කරුණු දැක්වෙන ‘සට්ඨිකුට පේතවත්ථුව“ විමසා බැලීමටයි.

මවුපියවරු රැක බලා ගැනීම දරුවන්ගේ යුතුකමය



බඩ ගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගම්දෝ කියලා සිතුනි මට
මැනලද ? පුතේ කිරි දුන්නේ මා නුඹට 

උතුම්ම දානය කුමක්ද?


යම්කෙනෙකු වෙත යමක් දීම, පරිත්‍යාග කිරීම, පිරිනැමීම දානය නම්වේ. එසේ දෙන වස්තුව උපභෝග පරිභෝග වශයෙන් කොටස් දෙකකට බෙදේ. තමා සමීපයෙහි තිබෙන දේ ළඟපාත තිබෙන ගෙවල් ඉඩකඩම් ආදිය උපභෝගයන්ය.

සංසාරගතව පසුපස එන්නේ කුමක්ද


බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි දී භික්ෂු භික්ෂුණීන්, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසටම බණ දේශනා කරමින් වැඩ වාසය කළා. ඒ කාලයේ මහ මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ හාමුදුරුවොත් යන දෙනම ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කළා. එක දවසක් ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට මහ මුගලන් මහ රහතන් වහන්සේත්, ලක්ඛණ තෙරුන් වහන්සේත් පහළට වැඩම කරනවා.

බල්ලාටිය පේතවත්තුව


අද දින අපගේ අවධානය යොමු වන්නේ වෙළෙඳ පිරිසකට මත්වතුර පොවා ඔවුන්ගේ වස්ත්‍ර සොරකම් කිරීමේ අකුශල කර්මය නිසා නිර්වස්ත්‍රව උපන් පේ‍්‍රතියක් පිළිබඳ කරුණු කියැවෙන බල්ලාටිය පේතවත්තුව විමසා බැලීමටයි.

නොපමා දනන් හට ප්‍රඥා වැඩෙයි හැම විට


උස් ප්‍රාසාදයකට නැගුණු අයෙකුට පහළ සිටින ජනතාව හොඳින් දකින්න පුළුවන්. එහෙත් එතනට පෙනෙන්නේ මතුපිට දසුන පමණයි. ඒ මේ අත යන එන චලන මිනිසුන් දෙස මතුපිටින් දැකල, කලු සුදු හෝ තලෙලු බව හඳුනා ගන්න පුළුවන්. ඔවුනොවුන්ගෙ ගමන් වේගය දකින්නත් පුළුවන්. එකිනෙකා තුළ පවත්නා උස් මිටිකම් හඳුනා ගන්නත් පුළුවන්. ඒත් ඒ සම්පූර්ණ දැකීමක් නොවෙයි.

තථාගතයන් වහන්සේ වදාළ ගම්භීර දේශනාව


අභ්‍යන්තර හෝ සංසාර ගමනේ කල්ප ගණන් අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් කඳුළින්,දුකින්, සුසුමින් ගලාගෙන යන මේ දිවි සසර ගමනේ මුලාව දකින්න අප හැම කෙනෙක්ම යම් කැමැත්තක් උපදවාගෙන තිබෙනවා. මේ සසර ගමනේ මුලාව දකින ලොව්තුරු බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මහ ප්‍රඥාවෙන් යුතුව අවශ්‍ය කරන ධර්ම උපදේශනයක් නො අඩුව ලෝකයට දේශනා කොට තිබෙනවා. ඒ දේශනා ධර්මය සද්පුරුෂ ආශ්‍රයෙන් ශ්‍රවණය කරගෙන ඒ දේශනාවට අනුව පිළිපැදිමෙන් අනුගමනය කිරීමෙන් අප බලාපොරොත්තු වන දුක කෙළවර කොට ඇති අමා ශාන්තියට පැමිණෙන්ට පුළුවන්.

අනුත්තරිය සූත්‍රය



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ඡ ඉමානි භික්ඛවේ අනුත්තරියානි, කතමානි ඡ, දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්බානුත්තරියං පාරිචරියානුත්තරියං අනුස්සනානුත්තරියං,

” පින්වත පින්වතිය.

ඔබට ජීවය දුන් අයට ඔබ ද ජීවය දෙන්න




වත්මන් සමාජය දෙස විමසුමෙන් බලද්දී ලොව දහම් දිවයින ලෙස විරුදාවලිය ලත් ශ්‍රී ලංකාවේ වයෝවෘද්ධ අසරණ තත්ත්වයට පත් වී සිටින මවු පියන්ගේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බව පෙනෙයි.

කර්ම විපාක වළක්වා ගත හැකි ද?


කර්මය මුල් බුදු සමයට අයත් ඉගැන්වීමකි. මිනිස් දිවියට නිරන්තර සබඳතාව ඇති දෙයකි. කර්ම සංකල්පය උපතේ සිට මේ ජීවිතයට පමණක් නොව, ඊළඟ භවයට ද දිවයන්නකි. කර්මය මේ කර්මය සංකල්පය පිළිබඳ ඉගැන්වීම් රැසක් බුදු දහමෙහි සඳහන් වෙයි. කර්මය යනු චේතනාව බව

Saturday, October 3, 2015

බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසයෙහි විශිෂ්ටත්වය


බුදුරජාණන් වහන්සේගේ අසහාය පෞරුෂයෙහි ලක්ෂණ විවිධ සන්දර්භයන් ඔස්සේ විමර්ශනයට හසු කළ හැකි ය. අපමණ වූ කලෙකට වරක් ලොව පහළ වන එබඳු වූ මහ පුරුෂ ශ්‍රේෂ්ඨතමයෙකුගේ අගය නම් කෙලෙස පමණ කළ හැකි වේද? නොහැක් කේ ම ය

බුදුවරයකු ලොව පහලවීම දුර්ලභය


‘කරුණා සීතල හදයං - පඤ්ඤා පජ්ජොත විහත මොහතමං
සනරාමර ලෝක ගරුං - වන්දෙ සුගතං ගතිවිමුත්තං”

“කරුණාවෙන් සිහිල් වූ හෘදය ඇති, නුවණ නැමැති පහනින් මෝහ නැමැති අඳුර නැසූ , දෙව් මිනිසුන් සහිත ලොවට ගුරු වූ සියලු භව උපතින් මිදුණාවූ, තුන්ලෝකාග්‍රවූ බුදුරජාණන් වහන්සේ මා පළමුව නමස්කාර කරමින් මෙම ලිපිය ලිවීමට ආරම්භ කරමි.”
පුහුදුන් සත්වයන්ගේ නුවණට හසුනොවන අසිරිමත් දේ ලෝකයේ සිදු වන්නේය. මෙම අසිරිමත් දේ අතර කලාතුරකින් අසිරිමත් මනුෂ්‍යයන්ගේ පහළ වීම ද සිදු වෙයි. එවන් එක් අසිරිමත් පුද්ගලයකු පිළිබඳව අංගුත්තර නිකායේ මෙසේ සඳහන් වේ.

සිත මැරුවොත් දුක ඉවරයි



මන, විඤ්ඤාණය කියන්නේ සිතට බව සාමාන්‍ය. මතයයි. නමුත් එය වැරදි අර්ථකථනයකි. මන යනු අධ්‍යාත්මික ආයතනයකි. මනස කියන්නේද මනට මය. ඇස, කණ, නාසය, දිව, කය සහ මන ලෙස ආයතන හයකි.