Labels

Showing posts with label අති පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමියන්. Show all posts

Thursday, May 11, 2017

සැනසීමේ ක්‍ෂේමභූමි සතිපට්‌ඨානයයි


ඔබට යම්කිසි කෙනෙක්‌ හෝ දෙයක්‌ ගැන දකිනකොට ප්‍රිය ස්‌වභාවයක්‌ ඇතිවුනොත් ඔබ හොඳට හිත හඳුනාගන්න. මගේ හිතේ මේ කැමැත්ත යෙදිලා නේද, මේ හිත දැන් සරාගයි නේද කියල හිත හඳුනාගන්න. ඔබට හිත හඳුනාගන්න බැරිවෙන වෙලාවට ඔෙරී හිතේ තියෙන හැඟීම රූපෙට බැඳෙනවා. ආදරය මේ ළමයාට කියල හිතෙනවා, ආස මේ මලට යි කියල හිතෙනවා, ආස මේ ගෙදරට යි කියල හිතෙනවා. ඔබ චිත්තානුපස්‌සනාවට හිත තබන කොට ඔබේ ආසාව කියන ගතිය ඔෙරී හිතේ ඇතිවෙන ගතියක්‌ බව එන්න එන්න ඔබට පැහැදිලියි. ඒ එක්‌කම ඒ ආසාව බාහිර වස්‌තුවකට තබපු ගමන් වේගයෙන් අතීතයට ගහගෙන යනවා, වේගයෙන් අනාගතයට ගහගෙන යනවා. මාරයා ඔබව බාහිරයටම අරගෙන යන්න ඉඩ ලබනවා. ඔබ යම් කැමැත්තක්‌ වේවා මේ කැමැත්ත ඇතිවෙලා තියෙන්නේ හිතට නේද කියල ''සරාගං වා චිත්තං 'සරාගං චිත්ත'න්ති පජානාති'' රාග සහිත සිත ඔබ හඳුනාගන්න.

Thursday, August 25, 2016

ජීවත් වීම ම කමටහනක්‌ කරගන්න

කාට හරි හිත තැන්පත් කරගන්න බැරි නම්, සති නිමිත්ත හඳුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, ආනාපාන සතිය මොන විදිහට වත් බැහැ, හිත එක තැනක තබාගන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම්, ඒ කියන අයට මම මෙහෙම එකක්‌ කියනවා. සති නිමිත්ත පැත්තකින් තියන්න. ආනාපාන සතියත් පැත්තකින් තියන්න. ඒවා එකක්‌ වත් එපා. ඉතිපිසෝ ගාථාව දහ සැරයක්‌ කියන්න, වඩන්න, හිතන්න. කොහොම ද?

Friday, July 22, 2016

ජීවිතයට දුක එකතු වුණේ කොහොමද?

මොනවා හරි දෙයක්‌ කරන්නේ නැතුව මොකද්ද කළ යුත්තේ කියන කාරණාව පැහැදිලි කරගත යුතුයි කියන එකයි මම බොහෝ වේලාවට කියන්නේ. ඇත්තට ම මම බණ කියන එකෙන් කරන්නේ ලෝකයට හිතන්න උගන්වන එකක්‌. පෞද්ගලිකව දෘෂ්ටියක්‌ ඔළුවට දමන්න හදනවා නො වෙයි.

නිවන් දකිනවා කියන කොට මහ මෝඩ ගතියක්‌ ඒ තුළ තියෙනවා නො වෙයි. හොඳ විචාරශීලී බුද්ධියක්‌ තමයි තියෙන්නේ. මිනිස්‌ වාසයේ, මිනිස්‌සුන්ගේ ඇඟේ හැපිලා එන සුළඟ වත් නැති, ශාන්ත සේනාසනයක හිටියත්, මහ ප්‍රාඥයෙක්‌ වෙලා එයා, මිනිසුන් දාහක්‌ ඉන්න ලෝකයට ආ විටක එක්‌ මිනිසකුට වත් එයාව අභිභවනය නො කළ හැකි මහත් ප්‍රඥ
ාවක්‌ ගොඩනැඟිලා තියෙන්නට ඕනේ. (කැළේ ඉන්න තුරු ඉන්න පුළුවන්. ලෝකයට ආපු ගමන් සමහරු කඩා වැටෙනවා). මොකුත් බැහැ කියන නිසරු වූ ජීවිතයක්‌ ගොඩනැෙ`ගන්නේ නැහැ. නියම අවබෝධය නම් ලෝකය තුළත්, ලෝකයෙන් අහක හිටියත් ඒ ජීවිතය හොලවන්න බැරි ජීවිතයක්‌ වෙන්න ඕනේ. ගිහි පැවිදි භේදයක්‌ නැහැ. 

Friday, June 24, 2016

තමන්ට වැරදුණත්, අනුන් ගේ වැරැද්දෙනුත් දෙකෙන් ම සසරට යන්නේ අපයි



කාමයන් ගෙන් එතෙර වීම නිසා හටගත්ත ප්‍රමෝදයෙන් පටන්ගන්න සමාධියට කියනවා "විවිචෙචව කාමෙහි විවිචෙචව අකුසලෙහි - කාමයන් ගෙන් වෙන් වීම, අකුසලයන් ගෙන් වෙන් වීම නිසා හටගත්ත විවේකයෙන් උපන්න ප්‍රීතිය හා සැපය මුල් කරගත්ත සමාධියක්‌ ය" කියලා.

Sunday, November 29, 2015