Labels

Saturday, January 28, 2017

පිරිහීමේ දොරටු වසා තබමු

දියුණුවන්නා හා පිරිහෙන්නා ලෙහෙසියෙන් හඳුනාගත හැකිය. ධර්මයට කැමැති වන්නා දියුණුවෙයි. ධර්මයට අකැමැති වන්නා පිරිහෙයි. දියුණුවන්නා පළමුවෙන්ම ශ්‍රද්ධාවෙන් ධර්මයට රුචිකරයි. දියුණුව හා පරිහානිය කෙරෙහි තදින්ම බලපාන්නේ ජාතිය,කුලය, ගෝත්‍රය නොව ඔහු ජීවත්වන පරිසරයයි.
තමන්ගේ ආශ්‍රයට සමීපවන අයගේ ගති ලක්ෂණ තමන් වෙත එන්නේ නොදැනුවත්වමය. කරවල කැබැල්ල දුර්ගන්ධය. එය ආවරණය කළ අසුරණය පිරිසුදු වුවද පසුව දුර්ගන්ධය. එමෙන්ම සුදුහඳුන් කැටය සුවඳවත්ය. එහි ආවරණයද සුවඳ හමයි. යහපත් චරිත ඇසුර තුළින් යහපත් චරිත ගොඩනැගේ. අසත්පුරුෂ ධර්මය යනු අසත්පුරුෂයාගේ ගති සිරිත් ස්වභාවය හා අදහස් උදහස්ය. ඒවා කෙරෙහි යමෙක් රුචි කෙරේ නම් ඔහුද, අසත්පුරුෂ ඇසුර පි‍්‍රය කරන්නෙකි. දෙවැනි පිරිහීමේ දොරටුව අසත්පුරුෂ ආශ්‍රයයි. බුදුදහමේ පිරිහීමේ දොරටු පහක් විස්තර කරයි. නිදනසුළුකම, නිතර නිතර බොහෝ වශයෙන් කථාකරමින් කල්යැවීම, උත්සාහය නැතිකම, කම්මැලිකම, ක්‍රෝධ බහුලවීම යනුවෙනි.

සද්පුරුෂ ඇසුරදෙලොව යහපත සළසයි

මියගිය පිරිස වෙනුවෙන් යම් කිසි ආකාරයක පිනක් කුසලයක් සිදුකරනවාද ? යන කාරණාව වැදගත් වෙයි. අපගේ ජීවිතය තුළ හමුවුන සෑම පුද්ගලයෙක්ම යමි යම් ආකාරයෙන් අපට උපකාර කළ පිරිස් වෙයි. අම්මා තාත්තා ඇතුලු අපගේ ජීවිතය තුළ හමුවුන ඥාතීන් ගෙන් විශාල ආලෝකයක් අපගේ ජීවිතවලට ලැබී තිබෙයි. ඔවුන්ගේ ශක්තිය සහ ඔවුන්ගේ උපකාරය නිසා අපගේ ජීවිත මේ මට්ටමින් හෝ සාර්ථක වී ඇත. ඔවුන් සිහිකර පින් අනුමෝදන් කිරීම අපගේ යුතුකමක් වගේම අපගේ වගකීමක් වෙයි.
අපගේ ජීවිතය තුළ හමුවන ඇතැම් සම්බන්ධකම් සහ ඇතැම් ඥාතීන් ඊළඟ භවය තුළදීත් අපට මුණ ගැසෙනවා නම් එයට කැමැත්තක් දක්වයි. ඒ වගේම අතැම් සම්බන්ධකම් නැවත හමුවිය යුතු බවට කල්පනා නොකරයි. මේ ආත්මය තුළ අපගේ භව ගමන හෙවත් සංසාරික චක්‍රය නැවැත්වීමට හැකියාවක් ලැබෙයි

Thursday, January 26, 2017

අයහපත යහපතින් දිනිය හැකිය

අයහපත දිනිය යුත්තේ යහපතෙනි. බුදුපියාණන් වහන්සේගේ සමස්ත ධර්ම පර්යායෙහිම මෙම කාරණය පැහැදිලි කිරීම අරමුණු කරගෙන කාරණා සඳහන් කර ඇති ප්‍රමාණය අප සිතන ප්‍රමාණයට වඩා වැඩිවෙයි. න හි වෙරෙන වෙරානි,අසාධුං සාධුනාජිනෙ, යන හැම කුඩා ප්‍රකාශකින්ම කියැවෙන පර්යාය හෙවත් නියමය එකක් වෙයි.
කිසියම් අයහපත් තත්ත්වයක් පරාජය කිරීම හෙවත් මැඩලීම සඳහා කළයුත්තේ එහි ප්‍රතිරෝධකය බලසම්පන්න කිරීමයි.

නිවැරැදි කළ නොහැකි වරද

අපේ ආදී මුතුන් මිත්තන්ගේ ජීවිතය ඉතාම සරලයි. අල්පේච්ඡයි. අත්තම්මගේ, අත්තගේ ආශිර්වාදය මැද දූ දරුවන්, මුනුපුරු මිනිපිරියන් පිරිවරාගත් අතීතයේදී පවුල ආදරය, සෙනෙහස, ගෞරවය මුසු වුණු බැඳීමකින් ශක්තිමත් වුණා. ඒ සාමාජිකයන් අතර මවට, දියණියට , සොයුරියට හිමි වුණේ ගෞරවණීය තැනක්.
මල් ගසක් නැති ගෙයි මිදුල මොනතරම් පාළුවක් දනවනවාද? සිරියාවක් නැති ඒ ගෙමිදුල දකින කාට වුවද සිතෙන්නේ මේ ගෙදර නම් දියණියක් නැති බවක්. නිල්වන් අහස නේක තරු රැසින් පිපුණත් ඒ අහසේ චමත්කාරය වැඩි වෙන්නට නම්, වටිනාකමක් එක්වන්නට නම් පුන්සඳක් පායන්නටම ඕනෑ. දියණියක නැති ගෙදරත් ඒ වගේ. හිස් බවක් හැර වටිනාකමක් දැනෙන්නේ නෑ. මේ නිසයි කිවිවරු දියණියකගේ අගය ගැන මේ විදිහට කවි පද බැන්දේ.




"දියණියක් නැති ගෙදර හරියට මල් ගසක් නැති  මිදුල වාගේ
මල් ගහක් නැති මිදුල හරියට දෙව්රුවක් නැති දෙවොල වාගේ
දෙව්රුවක් නැති දෙවොල හරියට පුන් සඳක් නැති අහස වාගේ
පුන් සඳක් නැති අහස හරියට දියණියක් නැති ගෙදර වාගේ "

තමා ලබා දුන් දෙය සසර පුරා තමාටම ලැබෙයි

"කුඩා වචනයක් හේතු කොටගෙන අවුරුදු ගණන් අමනාපයෙන් සිටින ගිහි ගෙවල් දක්නට ලැබෙයි. ඇතැම් අවස්ථාවන් තුළ එවැනි කාරණා තමාගේ දරුවන්ට ඥාතීන්ද අහිමි කරයි. අම්මා තාත්තාගේ යුතුකම විය යුත්තේ තමාගේ දරුවන්ට ඔවුන්ගේ ඥාතීන් අහිමි නොකර සිටීමයි. තමාගේ මනස තුළ පවතින වෛරය තරහව දරුවන්ගේ සිත තුළට කා වැද්දීම අයහපත් ක්‍රියාවක් වෙයි. අම්මා තාත්තා දරවාගේ මනස ගොඩනැඟීම වෙනුවට දරුවාගේ මනස විනාශ කර දමයි. නිරෝගී දරුවන් රෝගීන් බවට පත් කරයි. "
කුණ්ඩදාන හාමුදුරුවන්ගේ රහත් භාවය පිළිබඳව බුද්ධකාලීන සමාජය තුළ තරමක් වාද විවාද පැවතුණා. කුණ්ඩදාන හාමුදුරුවන් රහත් බවට පිරිසක් ප්‍රකාශ කළ විට හාමුදුරුවන් රහත් නොවුන බවට අනෙක් පිරිස් ප්‍රකාශ කළා.

Friday, January 20, 2017

සදහම් දැනුම


ප්‍රශ්නය
විහාරස්ථානයක දායක වන්නේ ගිහි පින්වතුන්ය. මේ පිළිබදව ධර්මානුකූලව විවරණයක් කරන්න.
පිළිතුර
බෞද්ධ සමාජය භික්ෂු – භික්ෂුණී උපාසක – උපාසිකා යන සිවු පිරිසකගෙන් සමන්විතය. භික්ෂු හා භික්ෂුණී යන දෙපිරිස පැවිදි ජීවිත ගත කරන අතර උපාසක උපාසිකාවෝ ගෘහ ජීවිතයේ රැඳී සිටිති. ඔවුහු ‘ගිහි’ යන නමින් හැඳින්වෙති. ‘ගේහ’ යනු ගෙයයි.ගෙහි වසන්නා ‘ගෙහි’ නම් වෙයි. එයම ගිහියන් භාවිතයෙන් සකස් වී ඇත. විහාරස්ථානයක දායක වන්නේ මේ ගිහි පින්වතුන්ය.
විහාරස්ථානයක නේවාසික භික්ෂු පිරිස යැපෙන්නේ දායක පින්වතුන්ගෙන් ලැබෙන සිව්පසයෙනි. එනම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන පැවිදි වතට අත්‍යවශ්‍ය සම්පත්ය. දායක යන්න” දෙතීති දායක කො” දාපෙතීති දායකකො යන විග්‍රහයට දෙන්නා දායකයාය. දෙවන්නා දායකයාය. දායකයා දානපතියෙකු විය යුතුය. ඔහු තුළ සැබැවින් ශ්‍රද්ධාව පැවතිය යුතුය. මෙම ශ්‍රද්ධාව ප්‍රඥා මූලික වූවක් මිස අන්ධ භක්තිය නොවේ. එසේම ඔහු පි‍්‍රය ගතිගුණවලින් යුක්තය. සසුනෙහි පැහැදුණු අයෙක්ද වෙයි. “දායක කො දානපති සද්ධො පසන්නො බුද්ධ මාමකො–ධම්ම මාමකො –සබපස් මාම කො (දි.නි. සීලක්ඛන්ධ වග්ග ටීකා 02) දායක තෙරුවන් සරණ ගිය සැදැහැතියෙකු විය යුතුය.

ආර්ථික සමෘද්ධියක් ධාර්මික විමුක්තියක්

පුද්ගලයා විවිධ දේ පරිහරණයෙන් සතුටු වන අතරම එහි වෙනස් වීමත් සමඟ දුකට පත්වේ. එසේ වන්නේ පරිහරණය කරනු ලබන සෑම ද්‍රව්‍යයක් මෙන්ම ඒවායින් ලැබෙන ආශ්වාදයද වහා වෙනස්වන, අනිත්‍යතාව ස්වභාව කොට ඇති බැවිනි. පුද්ගලයා හැම විටම අපේක්ෂා කරන්නේ එකම ආකාරයේ වෙනස් නොවන සුවදායක වින්දනයකි. මිනිසා ඇතුළු සමස්ත ජීව ලෝකයේ පවතින සහජ ස්වභාවය නම් දුක පිළිකුල් කිරීම හා සැප කැමති වීමයි (සුඛකාමා දුක්ඛාපටික්කූලා). සියල්ල පවතින්නේ හේතුඵල සන්තතියකට අනුවය. අප කොතරම් උත්සාහ ගත්තද ඒ කිසිවක් අපගේ ආධිපත්‍යයට යටත් කළ නොහැකිය.
බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් දැහැමි ආර්ථිකයක් ගොඩ නඟා ගන්නේ කෙසේද, යන්න පැහැදිලි කරමින් ඉදිරිපත් කළ ලිපි මාලාවෙහි අවසන් ලිපියෙන් සාකච්ඡා කරන්නේ ධන සම්පත් පරිභෝජනය පිළිබඳ බෞද්ධ පිළිවෙතයි. බෞද්ධ පරිභෝජන දර්ශනය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ රාසිය සූත්‍රයෙහිය. මෙයට අමතරව වෙනත් සූත්‍ර දේශනාවන්හිද එම කරුණු සාකච්ඡා වන අවස්ථා දක්නට ලැබේ.

උත්සාහයයි පාරමිතා බලයයි

අද අපි ශීල පාරමිතාව ගැන සඳහන් කරමු. එයත් බොහොම වැදගත් . ශීල පාරමිතාව, ශීල උප පාරමිතාව, ශීල පරමත්ථ පාරමිතාවෙන් සිල් රැකීම වැදගත්. අත පය කැඩී බිඳී ගියත් , දිවි හිමියෙන් සිල් රැකීමෙන් අර්හත්වය, පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය උදෙසා භාග්‍ය ලැබෙනවා. එසේනම්, අප නිවන් සැප ලැබේවා ‘යි සිතූ පමණින් පමණක් නිවන් සැප ලබන්න බැහැ. ඒ සඳහා දන්දීම, සිල් රැකීම කළ යුතුයි. පන්සිල් , අටසිල් , සාමණේර සිල්, උපසම්පදා සිල් ආදී විවිධාකාර වූ චාරිත්‍ර ශීල, වාරිත්‍ර ශීල ශික්ෂාපද අනුගමනයෙන් තමන්ට උත්තරීතර බව ලබන්න පුළුවන්.
එක්තරා ආත්ම භාවයක ගෞතම මහා බෝසතාණන් වහන්සේ මහා වනයකට පිවිසෙද්දී පිඹුරෙක් වෙලා ගත්තා. තමන් වහන්සේට පිඹුරව පිහියෙන් කපා කොටා මරා දමා නිදහස් වෙන්න තිබුණත් පාරමී ගුණ බලයෙන් සත්‍ය ක්‍රියා කර ඒ සතා ඈතට විසි කළා. දිවි හිමියෙන් සිල් රැකීමෙන් දිවි බේරී එහිම අනුසස් ලැබුවා. එසේනම්, නිවන් සුව පතන්නන් දිවි හිමියෙන් ශීලය රැකීමට පෙරමුණ ගන්නවා.

දහම් මඟට ගරු කිරීම

එක් දිනක් කාලි දාසිය වෙනදාට වඩා දවල් වන තෙක් නිදා සිට පමාවී නින්දෙන් නැගිට්ටා. වෙදෙහිකා ගෘහපතිනිය, කාලි දාසිය අමතා ප්‍රශ්න කළා පමා වී නැගිට්ටේ ඇයි ද? කියා. ඇය දවල් වන තෙක් නිදා සිට නැගිටීමට හේතුවක් නැති බවක් ගෘහපතිනියට ප්‍රකාශ කළා. එවිට ගෘහපතිනිය නොසතුටුව මුහුණ හකුලා බලා කෝපය ප්‍රකාශ කළා. දෙවන දිනයේදීත් ඇය පෙර දිනටත් වඩා දවල් වන තෙක් නිදා සිට පමා වී නැගිට්ටා.
බුද්ධ ශාසනය එනම් ශ්‍රී සද්ධර්මය අපිරිසුදු නොවන්නේය. අපිරිසුදු වන්නේ නම් අපිරිසුදු වන්නේ ඒ මඟ අනුගමනය කරන්නට පැමිණෙන්නා වූ පිරිස්ය. ඒ නිසා ශාසනයේ යැයි සංකේතවත් කළත් ඉන් අදහස් කරන්නේ ශ්‍රී සද්ධර්මය නොව අනුගමනය කරන්නා වූ පිරිසෙහි ඇවතුම් පැවතුම් පිළිබඳවමය. නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදෙන ලද උපමා කතා සිත්හි දරාගෙන ධර්ම විනයෙහි තමා තුළම වැඩීමත් දියුණුවක් විපුලත්වයක් ඇති කර ගැනීමට උත්සාහ ගත යුතුමයි. මෙසේ මහත් වූ කරුණාවෙන් අවවාද අනුශාසනා කළ තථාගත බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍ර දේශනාව තුළින් නැවතත් දේශනා කරනවා.

දිවි මඟ එළිය කරන දහම් මඟ

අනන්ත සසර තුළ පුහුදුන් මිනිසා රාගයෙන් රත්ව, ද්වේෂයෙන් හා මෝහයෙන් මුලාවී ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සසරෙහි පුද්ගලයාට සසර දුක් දුරු කොට අපාදුක් නසා මෙලොව පරලොව සැප පිණිස මෙන් ම නිවන් අවබෝධය සඳහා හේතුවන මහා පිනක් ලෙස ධර්ම ශ්‍රවණය හැඳින්විය හැකිය.
අප මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දාන, සීලා දී පාරමිතාවන් පූර්ණය කොට ධර්මය අවබෝධ කොට ගත් බවත් එය සංදිට්ඨික, අකාලික, ඒහි පස්සිකෝ ආදී ගුණයෙන් යුක්ත වන හෙයින් උන්වහන්සේගේ දේශනාව වූයේ ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ ලොවෙහි සියලු දානයන් පැරදවීම පිණිස ධර්ම දානය හේතුවන බවයි.

උපතට හේතුවන මරණාසන්න සිත

"චේතනා සූත්‍රයට අනුව මතු උපතකට උපකාරවන සිතක් සකස්වීමට සිතේ ක්‍රියාකාරීත්වය තුන් අයුරකින් බලපායි. චේතනාව, කල්පනාව, සැඟව පවතින කර්මය යනුවෙනි. මේ අවස්ථා තුනෙන් එකක් හෝ ඇතිවිට විඤ්ඤාණය පිහිටයි. උපතක් සිදුවෙයි. හදිසි මරණයකදී සිහිසුන්ව මියෙන විට චේතනාව හෝ කල්පනාව ඇති නොවේ. අනුසය නැතිනම් සැඟව පවතින කර්ම ශක්තිය මුල් වී අලුත් භවයක උපත සිදු වේ"
මරණාසන්න මොහොත මතු උපතට බලපාන්නේ කෙසේදැ’යි දැන ගැනීමට බොහෝ දෙනා කැමැතිය. කිට්ටු සෙනෙහෙබර ඥාතියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය හැසිරුණු ආකාරය අනුව සමහරු නොයෙක් අදහස් දරති. මේ අදහස් ඇතැම්විට ජන සමාජයේ විශ්වාස හා පිළිගැනීම් ඇසුරෙන් ඇතිවීමට පිළිවන. එසේ නැතිනම් ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන ජන සමාජය තුළ පැතිරීමටද හැකිය. බෞද්ධයන් අතර ද තමන් ඇසූ අන්දමට මේ පිළිබඳ මතිමතාන්තර ගොඩනඟාගත් අයද සිටිති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අන්දමට මේ කරුණු සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් පැහැදිලි කිරීම මෙහි අරමුණයි.

නොතැවෙන්නට නොදැවෙන්නට නම්..

පව් කරන්නා සැමවිටම ශෝක කරයි. මෙපමණ කලක් මම අකුසල් ම කළෙමි. කුසල් නොකෙළෙම්’යි ශෝක වෙයි. තවත් කෙනෙක් තමන් කළ පාප කර්ම ගැන කිසිවිටෙක නොසිතයි. ඒවා මිහිරියි, සුව ගෙනදෙතැයි සිතයි. එසේ සිතමින් පවෙහිම නිරත වෙයි. කළ පව් අමතක කළත් ඒවා සිහියට නැගෙන මොහොතක් එළඹෙයි. ඒ අවසන් මොහොතයි.
එය ඒකාන්තයෙන්ම කළ පව් සිතට නැඟෙන අවස්ථාවයි. මරණ මොහොතේදී ඔහුගේ හෝ ඇය ගේ සිතට කම්ම , කම්ම නිමිති, ගති , ගති නිමිති පහළ වෙයි.එය වූ කලී සවස් කාලයෙහි කඳු සෙවනැල්ල පෙර දිගට නතුව වැටෙන්නාසේ මරු ඇඳෙහි හෝනා සත්ත්වයා කරාම පැමිණෙයි. මේ ශෝකය මව්පිය ඥාති මිත්‍රාදින්ගෙන් ඇතිවන්නක් නොව තමා විසින්ම කළ කර්මයේ විපාක තමා කරාම එන අවස්ථාවයි. තමා කළ කර්ම මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකිය.

Thursday, January 19, 2017

පි‍්‍රය දේ නිසා හට ගන්නා සැප සහ දුක

සැප විඳින්නට කැමැති දුක් විඳින්නට අකැමැති අය ලෙස දෙව් මිනිස් ලෝකයා පි‍්‍රය දේ ළංකර ගැනීමටත්, අපි‍්‍රය දෙයින් ඈත් වී සිටීමටත් උත්සාහ ගනී. පි‍්‍රය දේ නිසා දුක හට ගන්නා බව දන්නා නමුත් බොහෝ දෙනෙකුට පි‍්‍රය දේ අත්හැර සිටීමේ කුසලතාවයක් නැත
ලෝකයට ඉතා කලාතුරකින් පහළවී වදාළ බුද්ධිමත් දෙව් මිනිසුන් ආදරයෙන් සරණ ගිය දෙවියන්ට දෙවි වූ බඹුන්ට බ්‍රහ්ම වූ සුගත තථාගත අප මහා මුණීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළින් අපට මේ සසර ගමන නිමා කිරීමට හැකියාව තිබෙනවා.
යමක් හේතුවෙන් අපට කායිකව හෝ මානසිකව සැපක් සොම්නසක් හටගනී නම් ඒ දේ අපට පි‍්‍රයවෙයි. දුක් තැවුල් උදාකරන දෙය අපි‍්‍රය වෙයි.

මල් වට්ටියයි මල් මාලයයි

මල් වට්ටිය සහ මල් මාලය මාතෘකා කරගෙන විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ නිවන සඳහා වන මූලික කාරණාවක් පැහැදිලි කිරීමයි.එක වට්ටියක තිබෙන මල් එකකට එකක් වෙනස් බව අප දන්නා කරුණක්. එක වට්ටියක බොහෝ මල් වෙන් වෙන්ව තිබෙන බව දක්නට ලැබුණත්, මල් මාලය එසේ නොවෙයි.
මල් මාලයක තිබෙන සෑම මලක්ම තවත් මලක් සමඟ එකට බැඳී පවතී. ජීවිතයත් පවත්වාගෙන යන විට නිර්වාණගාමි මාර්ගයේදී මෙම මාතෘකාව හෝ මෙම නිදර්ශනය වඩාත් වැදගත් වන්නේ ඇයි?

ජීවිත විද්‍යාව නොදත් හිස් වූ හිස්

අධ්‍යාපනය යටතේ අප විසින් ඉගෙන ගනු ලබන විවිධ ශාස්ත්‍ර හා විද්‍යාවන් ඇත. ඉතිහාසය, කලාව, සංගීතය යනාදිය මෙන්ම තර්කය, න්‍යාය, ජ්‍යොතිෂය හා ආයුර්වේද වැනි ශාස්ත්‍රයන් ද ජීවවිද්‍යාව, භෞතික විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයයන් ද ඊට අයත්ය. මෙම ශාස්ත්‍ර හා විද්‍යාවන්ගේ මූලික අවශ්‍යතාව වන්නේ අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගෙවීමට මග විවර කර දීමයි.
එහෙත් වර්තමානය වන විට ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ සමාජය තුළ මානසික අසහනය ඉහළ යාමත් එම ව්‍යසනය පිටු දැකීමට නූතන අධ්‍යාපනය ශක්තිමත් නොවීමත්ය. අධ්‍යාපනය පිළිබඳ සමාජ කතිකාවත අති ප්‍රබල වූවකි. පාසල් සහ විශ්වවිද්‍යාල වැනි ආයතනයන්හි විවිධ උගත්හු තම තමන් දත් ශාස්ත්‍ර සහ විද්‍යාවන් අනෙක් සියල්ලට වඩා උසස් බව හුවා දැක්වීමට ප්‍රයත්න දරති. නව යොවුන් වියේ පසුවන යෞවන යෞවනියෝ ද එම අවස්ථාව වන විට තම සිතට ආකර්ෂණීය වූ මඟ පෙන්වීම අනුව ලුහුබඳීති.

ජල සුරැකුමට බුදුදහමේ මඟ

ජලය යනු ජීවියාගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධාන එකකි. මිහිකත ආරම්භයේ පටන් ජලය විශ්වයේ පැවැත්ම උදෙසා ප්‍රධානව බලපවත්වයි. ලෝක ආරම්භයේ හා පැවැත්ම පිළිබඳ දක්වා ඇති අග්ගඤ්ඤ සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය සප්ත සුරියෝද්ගමන සූත්‍රය යන සූත්‍රයේ දැක්වෙන තොරතුරු අනුව නූතන විද්‍යාවේ සොයාගැනීම් හා බොහෝ සෙයින් මේ හා සත්‍යවත් වී ඇත.
අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්වා දෙන විද්‍යාත්මක දර්ශනය බොහෝ විද්‍යා පර්යේෂණ තුළ ඔප්පු වී හමාරය. පෘථිවිය හැකිළෙමින් විසිවෙමින් පවතින්නකි. විනාශවෙමින් වර්ධනය වෙමින් පැවැතීම ලෝක ස්වභාවයයි. විනාශයෙන් වැඩෙන ලෝක ධාතුවෙහි පළමු ජීවියා හටගන්නේ, ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වු ජීවියෙක්ගෙනි. මෙසේ පෘථිවියට ආ ජීවියා අනුභව කළේ පෘථිවියේ ඇති විශේෂ ද්‍රවන තත්වයෝය.

පමණ දැන ගන්නා ආහාර නිරෝගි සුව සදයි

බුදුදහම අනුව අප ගන්නා ආහාර සිව් ආකාරය. කබලිංකාර ආහාරය. එනම් පිඬු වශයෙන් භුක්ති විඳින හෙවත් දත්වලින් කඩා හපමින් භුක්ති විඳින භෞතික වූ ආහාරය. ඵස්ස ආහාරය, එනම් චක්ෂුරාදි සලායතනයන් පාදක කොට ගෙන උපදනා ස්පර්ශය, ස්පර්ශ වින්දනය නම් වූ ආහාරය, මනෝ සංචේතන ආහාරය එනම් කුසලාකුසල චේතනා නම් වූ ආහාරය. විඤ්ඤාණ ආහාරය, අරමුණු දැනගැනීම විජානනය නම් වූ ආහාර යනුවෙනි.
එහෙත් සාමාන්‍ය ව්‍යවහාරය තුළ අප ආහාර යනුවෙන් හඳුන්වන්නේ මේ සිරුරෙහි, කයෙහි පැවැත්මට උපකාරී වන කබලිංකාර ආහාරය පමණකි. එය ම, පාලියෙහි ‘අන්න’ යනුවෙන්ද, ‘භෝජන’ යනුවෙන් ද ඛජ්ජ භොජ්ජාදී ව්‍යවහාරවලින් ද දැක්වෙයි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වන්නෝ ය යනු බුද්ධ වචනයයි. විටෙක බුදුරජාණන් වහන්සේ හමු වූ එක්තරා දේවතාවෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාරන ලද්දේ ද ‘දෙවියෝද, මිනිස්සු ද ආහාරයෙන්ම සතුටට පත්වන්නෝ ය’ යනුවෙනි.

දෙව්බව ලබන්නට මෙවැනි කාන්තාවක් වන්න

අප ජීවත්වන මේ ලෝකය විසිතුරුයි. විචිත්‍රයි. සමහරවිට විශ්මය ජනකයි. පුදුම එළවන සුළුයි. හැඩවැඩ සහිතයි. මේ තත්ත්වය අප දකින්නේ සමහරවිට එක කාලයකට වෙන්නට පුළුවනි. ඒ විසිතුරු බව පවතින්නේ එක පළාතක වෙන්නට පුළුවනි. එක රටක, දෙකක වෙන්නට පුළුවනි. එක ජන කොටසක් පිළිබඳ වෙන්නටත් පුළුවනි. මේකෙන් අදහස් වන්නේ තවත් කාලයක තවත් දේශයක නැතිනම් පළාතක, එක පිරිසක් හෝ පුද්ගලයෙකු පිළිබඳ මේ තත්ත්වය වෙනස් වී අප්‍රසන්න. කටුක, දුක් සහිත හරිම කනගාටුදායක, වේදනාකාරී, අප්‍රසන්න තත්ත්වයක් ඒ ආකාරයෙන් ම ඇති වෙනවා.
ඒ කියන්නේ සමහර අය සුවසේ සැපසම්පත් ඇතිව, රෝග පීඩා නැතිව ජීවත්වෙන කොට තව පිරිසක් ඊට හාත්පසින්ම වෙනස් කනගාටුදායක වේදනාකාරී ලෙස ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් මෙයට හේතුවන කාරණා තත්ත්වයන් විමසුවහොත් උන්වහන්සේ දෙන පිළිතුරක් වන්නේ බොහෝ විට කර්මය නිසා මේ තත්ත්වය ඇති වන බවයි. එහෙත් බුදුදහමෙහි ඉගැන්වෙන විශිෂ්ට ලක්ෂණයක් වන්නේ කර්මය පිළිබඳ නියතියක්. නියතිවාදයක් නොවන බවයි.

ක්‍රියාවට නැංවිය යුතු සිතීම හා විමසීම

විමංසක සූත්‍ර දේශනාව මූලාසනයට ගත යුතු කාලය එළඹී තිබේ. එයින් කියැවෙන්නේ විමසීම, ප්‍රශ්න කිරීම, සැකහැර දැනගැනීම යන ධර්‍මාන්විත චර්යාවට මුල්තැන දිය යුතු බව ය.

"විමසුවයි යමෙක් යා නම් නරකා දී මටසුවයි එහිම යනු වෙනතක නෑ දී
ඉවසුවයි බොරුව සග යා නම් පෑ දී සුදුසුවයි රැඳෙනු මෙහි ඔහු එහි යා දී "

ජාතියේ පිනින් උපන් මහ ඇදුරුවර මුනිදාස කුමාරතුංග සිරිමතාණන් විසින් රචනාකරන ලදුව, ලක්මිණි පහන පුවත්පතෙහි පළ කෙරුණු පැදි පෙළක එක් පැදියකි මේ.
එහි පද පිළිවෙළ මෙසේ ය. විමසුවයි යමෙක් නරකාදි යා නම්, වෙනතක නෑදි එහිම යනු මට සුවයි, බොරුව ඉවසුවයි පෑදි සග යා නම්, ඔහු එහි යා දී,

ශ්‍රද්ධාව නිවනට ළඟා කරයි

මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ මත පදනම්ව දරුවන් හැදුවොත් දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. එවැනි මවුවරුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව නිතරම දරුවන් විමසිලිමත් වෙමින් සොයා බලමින් අවශ්‍යතා ඉටුකර දෙයි. දරුවන් නොසලකන බවට නිතරම අඳෙීනා කියන විට දරුවන් සලකන්න කැමැති වන්නේද නැහැ. අපේ අම්මලාට කෙතරම් සැලකුවත් මදි? යනුවෙන් ප්‍රකාශ කරන දරුවන් සිටී.
දරුවන් යමක් ලබාදුන් විට සැම විටම ලැබෙයි යන බලාපොරොත්තුවෙන් නොසිට එය ප්‍රතික්ෂේප කරන අම්මලාට දරුවන් ඉතාම සතුටෙන් අවශ්‍යතා ඉටුකර දෙයි. එය එහි ස්වභාවයයි. ඔබ බලාපොරොත්තු නොවන තරමටම ඔබට අවශ්‍යතා ඉටුවෙයි. අසවලාගෙන් මෙතරම් ප්‍රමාණයක් ලැබෙයි යනුවෙන් බලාපොරොත්තු ඇතිකර ගනු ලැබුව හොත් ලැබෙන්නේම නැහැ.

ප්‍රවේසමෙන් පිට කළ යුතු වචන

ධර්මය යනු මේ ලෝකය සැමදාමත් ගමන් කරනු ලබන රිද්මය සහ විලාසයයි. එය ලෝක ස්වභාවය වෙයි.යම් යම් පුද්ගලයන් තමාගේ මනස තුළ ප්‍රශ්න වැඩි වශයෙන් තබාගෙන සිටීම නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමට හේතු වෙලා තිබෙනවා. මනස තුළ පවතින ප්‍රශ්න ගැටලු අඩු පිරිස් සාමාන්‍ය ලෙස අසනීප වුවත් , මනස තුළ ප්‍රශ්න වැඩි පිරිස් වැඩි වශයෙන් අසනීප වෙයි. මනස තුළ ප්‍රශ්න තැන්පත් නොකර සිත සැහැල්ලු කරගත යුතුයි. තමාගේ ප්‍රශ්නය ආගමික ප්‍රශ්නයක් නම් එම ගැටලු සහගත බව මනස තුළ රඳවාගෙන සිටීම නිසා තමාට අකුසල් සිද්ධ වෙයි. තමාට මතුවන ගැටලුවට නිවැරැදි නිශ්චිත නිරවුල් විසඳුම් සොයාගත යුතුයි. ඇතැම් වැඩිහිටියන් පුරුද්දක් ලෙස ප්‍රශ්න මනස තුළ රදවාගෙන සිටීයි. ඇතැම් අම්මාවරුන් ඇතැම් ආච්චි අම්මාවරුන් ඉතාම තරහෙන් යුතුව පිපිරී පිපිරී විවිධ ප්‍රශ්න මනස තුළ තබාගෙන සිටියි. මුහුණ දැක්කත් තරහෙන් අහක බලන ගති සිරිත් ඇතැම් කෙනෙක් තුළ දක්නට ලැබෙයි.
තමාගේ වචන පරිහරණය කළයුතු ආකාරය පිළිබඳව නිවැරැදි අවබෝධයක් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබුෙවි කටින් වුවත්, එම කට ශ්‍රී මුඛය ලෙස හඳුන්වයි.බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටතට දැමූ කාරණා ලෝකයටම ශාන්තියක් වූ නිසාත් සමාජයට අර්ථයක් වූ නිසාත්

පුද්ගල ශක්‍යතාව වයසින් මැනිය හැකි ද?

භාග්‍යවතුන් වහන්සේ රජතුමාට දේශනා කරනුයේ මේ ලෝකයේ කරුණු සතරක් උදෙසා කුඩා යැයි අවමන් කිරීම හෝ පරිභව කිරීම හෝ නොකළ යුතු බවයි.
යම් කිසිවෙක් ඉතා අඩු වයසින් ඉහළට යනු දැක සුසුම්ලන, ඒ තැනැත්තා ගැන සිදුරු සොයන පිරිස් සුලභ වන අතර, දිරිදෙන අගයන පිරිස් දුලබ වීම මෙලොව සදාතනික සත්‍යයක් සේ පවතියි.
දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණෙන කොසොල් මහරජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ
“භවම්පි නො අනුත්තරං සම්මාසම්බොධිං
අභිසම්බුද්ධොතපටිජානාති” එනම් තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළා යැයි එකහෙලා පැවසීමට හැකිද? යනුවෙනි.

දන් දීමයි අනුසස් ලැබීමයි අත් හැරීමයි නිරාමිස සතුටයි

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්.
දේවතා සංයුත්තය පිළිබඳව විමසිලි ඇසින් බලන විට බොහෝම මාතෘකා ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. දානය හෝ පරිත්‍යාගය පිළිබඳව දෙවිවරුන් විසින් විවිධ මති මතාන්තර අදහස් දැරු බව පෙනෙන්නට තිබෙනවා.

ජාතක පොත් වහන්සේ පවසන පාරමිතා

පාරමිතා බලය අපරිමිතයි. බුදු සසුනේ බුදු, පසේ බුදු, මහරහත් පදවි ලැබීමේ වාසනාව උදා වුණේ අධ්‍යාත්මික ගුණ දියුණුවෙන් පාරමිතා පිරීම නිසයි. ත්‍රිවිධාකාර වූ එය දාන පාරමිතාව, දාන උප පාරමිතාව, දාන පරමත්ථ පාරමිතාවයි. රහත්බව, පසේ බුද්ධත්වය සහ ලොවුතුරා බුද්ධත්වය ලැබීමට සුදුසුකම් ලැබුවේ මෙසේ සිතේ පහළවූ විශාල දියුණුවයි. ගෞතම මහ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක්ම දාන පාරමිතාව, දාන උපපාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව පුරමින් බෝධි පාක්ෂික ධර්ම දියුණුවෙන් අසමසම බුද්ධත්වයෙන් පිදුම් ලැබුවා.
උත්තරීතර බුද්ධත්වය පතන පින්වතුන් දාන පාරමිතාව පිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. අඟ පසඟ පරිත්‍යාගයෙන් පුරන උප පාරමිතාවත් ප්‍රමාණවත් නැහැ. එය ජීවිත පරිත්‍යාගයෙන් සපුරන දාන පරමත්ථ පාරමිතාවක්ම විය යුතුයි. එසේනම්, පෙර සඳහන් පරිදි තෙවදෑරුම් පාරමිතාවන් පිරීමෙන් තිලෝගුරු බුද්ධත්වය උදෙසා භාග්‍ය උදා වෙනවා.

සුවච වූවෝ තම සිත සුදුසු ලෙස හසුරුවති

දියාලුවෝ නිසි සේ ජලය ගෙන යන පරිදිත්, වඩුවෝ නිසිසේ ලී ඇද අරින අයුරුත්, හී වඩුවෝ හී ඇද අරින අයුරුත් දැක බලා තම සිත දමනය කළ අයුරු පෙන්වා සුවචයන් තම සිත සුදුසු ලෙස හසුරුවා ගැනීමෙන් ලැබිය හැකි ආනිසංස පෙන්වා වදාළහ.
භත්ත භතික සිටුවරයාගේ කථා පුවත පසුගිය පුර පසළොස්වක් දා ධම්මපදට්ඨ කථාවෙන් ඉදිරිපත් කළෙමු. එහි ඉතිරි කොටස අද ඔබට ගෙනෙන්නෙමු.
භක්ත භාතික සිටුවරයා ගන්ධ සිටුතුමන් සමඟ මිත්‍රව සිත්සේ අනුභව කරමින් නිදමින් සුවසේ බොහෝ කාලයක් ජීවත්ව මිය ගොස් දෙව්ලොව දිව්‍ය සම්පත් ලැබීය. එක් බුද්ධාන්තරයක් ගෙවා යන තෙක්ම ඔහු දෙවි සැප විඳ අප ගෞතම බුදුපියාණන්ගේ සමයෙහි සැවැත්නුවර කුල ගෙයක උපත ලැබීය. ඔහු මව්කුස පිළිසිඳ ගත් කල්හි ඒ මවට ගැබ් පෙළහර දෙන සමයෙහි අපූර්ව දොළ දුකක් දැනෙන්නට විය. එනම් සැරියුත් තෙරුන් පිරිවරාගත් පන්සියයක් මහතෙරුනට දන් පුදා කහ වස්ත්‍රයකින් සැරැසී එම සඟ පිරිස කෙළවර හිඳ එම භික්ෂූන් වළඳා ඉතිරි කළ ඉඳුල් බත් අනුභව කිරීමට ඇයට දැඩි වුවමනාවක් දැනුණි. ඇය තම සිතැඟියාවන් කෙසේ හෝ ඉටු කර ගත්තාය. ඒ අනුව දස මස් කල් යවා ඇය දරුවෙකු බිහි කළාය.

Sunday, January 15, 2017

හැකිළුණු සිත හඳුනා ගන්න


සමාධි යන වචනයේ අර්ථය සිත එක්තැන් කිරීම ලෙසද” සම්බොජ්ඣංග යන වචනයේ අර්ථය ,සතර මාර්ග“ ඥානයයි කියන ලද අංග වන ධර්ම හෙවත් සත්තිස් බෝ පැකි දම් ලෙසද, පාලි සිංහල ශබ්ද කෝෂයන්හි අර්ථ ගන්වා ඇත. ඒ අනුව සතර මාර්ගය (සෝවාන් සකදාගාමී, අනාගාමි, අරහත්) යන මාර්ග ඵල ලබා ගැනීමට සිත එක්තැන් කිරීම සමාධි සම්බොජ්ඣංගය ලෙස හඳුන්වා දිය හැකිය.

මල් පිපිච්ච සල් වනයක් සිල් ගන්වයි හැම හිතක්ම

අපේ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීමානව වැඩ සිටි දවස භික්ෂූන් වහන්සේ සියලු දෙනාම අවබෝධයෙන් යුතුවම ශාසනයට ඇතුළත් වුණා. මහණදම් පිරුවා. ගිහි ඇඳුම් බහා තබා දැළි රැවුල බා, කසාවත් හැඳ පැවිදි ජීවිතයට පත්වන යම් වූ ද කුලපුත්‍රයන් විසින් ධර්ම විනයෙහි පිහිටා පිරිය යුතු සීල, සමාධි, ප්‍රඥා ගුණ මඟවේද එම මාර්ගය ශාස්තෘවරයාණන් වහන්සේ නේතෘත්වයෙහි, එමෙන් ම ශාස්තෘත්වයෙහි පිහිටුවාගෙන ම බොහෝ අවවාදයන්ගෙන් තොරවම නිතරම තමා තමාම ධර්ම විනයෙහි හික්මීමෙන් යුතුව ඒ මාර්ගය අනුගමනය කළා.

මෙත් සිතක මහිමය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“න මෙ චිත්තං විපරිණතං භවිස්සති. න පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච
විහරිස්සාමි. මෙත්තචිත්තෙ න දොසන්තරො ති”

පින්වන්ති ,

අද ලංකාවාසී බෞද්ධයන්ට වැදගත් දිනයක්. එනම් අද වගේ දිනක බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළා. උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් නව වන මාසයේ දී මහියංගණයේ මහානාග වනයට වැඩමකර යක්ෂ ගෝත්‍රිකයින් දමනය කළ බව සඳහන් වෙනවා. එවන් අතිඋතුම් පොහෝ දිනයකදී ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කිරීම සඳහා මජ්ක්‍ධිම නිකායේ එන කකචූපම සූත්‍රය ඇසුරු කර ගනිමින් මෙම ධර්ම විග්‍රහය කිරීමට අපේක්ෂා කරනවා.

Thursday, January 12, 2017

පරාර්ථකාමී අරමුණු දෙලොව ජය ගනී

නිවන් දැකිය යුතුය යන අරමුණ අප ගොඩනඟා ගත යුත්තේ එවැනි අවබෝධයක් අපට ලැබුණ හොත්, ඒ තුළින් තවත් පිරිසක් දුකෙන් නිදහස් කිරීමට අවස්ථාව සැලසෙන නිසයි.අප නිර්වාණය අවබෝධ කරගත යුත්තේ එම නිසයි. සාමාන්‍යයෙන් එවැනි පුළුල් අවබෝධයකින් පුළුල් අරමුණකින් පරාර්ථකාමී අදහසකින් මනුෂ්‍යයා එවැනි උතුම් ප්‍රතිපදාවන්ට යොමු නොවීම නිසා සසර බිය හඳුනාගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ නිතර වදාරා ඇත.
සසර බය නිවැරැදිව හඳුනාගත් විට සසර දුකෙන් නිදහස් වීමට වහා වහා ප්‍රතිපත්ති පිරීමට පටන් ගනී. සසර බය හඳුනාගනිද්දීත්, සසර බය හඳුනා ගත යුත්තේ, තමන්ට ගැලවීම සඳහා පමණක් නොවන බව වටහා ගත යුතුයි. සසර බය හඳුනා ගත් පිරිස අනෙක් පිරිසත් සංසාරයෙන් ගලවාගැනීමට උනන්දු විය යුතුයි. සසර බිය දැකපු පුද්ගලයාට තනියෙන් ගැලවී යාමට සිතෙන්නේ නැත.

දරුවාගේ ජීවිතය කෙසේ හැඩගැසිය යුතු ද?



පාසල නිමවී ආදරණීය දරුවන් පාසලෙන් පිටතට පැමිණෙන අවස්ථාවන් තුළ තම තමාගේ යහළු යෙහෙලියන් කණ්ඩායම් වශයෙන්ද වයස් කාණ්ඩ වශයෙන්ද, ස්ත්‍රී පුරුෂ වශයෙන්ද කණ්ඩායම් ලෙස පිටතට පැමිණෙයි. වයස් මට්ටමින් තමන්ගේ මිතුරන් හා එකට එකතු වන විට වයස් කාණ්ඩයට අනුව එකට එක්කාසු වෙයි. කුඩා දරුවන් සහ වැඩිහිටියන් අහඹු ලෙස යම් ස්ථානයකට ගිය අවස්ථාවක කුඩා දරුවන් නිරායාසයෙන්ම ක්‍රීඩාවක යෙදීම සඳහා එකට එක්කාසු වෙයි. වැඩිහිටියන් වැඩිහිටියන් සමඟ යහළු මිත්‍රකම් ඇතිකරගනී.එය සාමාන්‍ය ස්වභාවය වෙයි. සමාන පව් කරන පිරිසත් එකට එකතු වන බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. සමාන පින් කරන පිරිසත් එවැනි ආකාරයට එකට එක්කාසු වෙයි. මත්පැන් පානය කරන පිරිස එකට එක්කාසු වෙයි.

තීරණ නිසා තීරණය වන අනාගතය

කාලය අවුරුදු සිය දහස් ගණනින් වෙනස් වුණත් එදා වගේම අදටත්, හෙටටත් වලංගු ආදර්ශමත් කියවීමක් වෙණ්ණථූන ජාතක කතාවේ අන්තර්ගතයි. එය විශේෂයෙන් තරුණ දූවරුනට, පුතුන්ට වගේම ඔවුන්ගේ මවුපියන්ටත් තාරුණ්‍යයේ හැඟීම් දැනීම් හා ක්‍රියාකාරකම් මේ යැයි හඟවන අපූර්ව කතා පුවතක්. කතාව ගෙතෙන්නේ අත්දැකීම් අඩු, දැන උගත්කම් අඩු තරුණ සිටු දුවණියක් තමන් අවට ලෝකය තේරුම් ගන්නා ආකාරයත්, ඒ අනුව සිය අනාගත සහකරු තෝරා ගන්නා ආකාරයත් තේමා කරගෙනයි.
ධනයෙන් ,රුවින් අඩුවක් නැති සිය දියණිය සුදුසු සිටු කුමරුකුට විවාහ කරදීම මවුපියන්ගේ එකම බලාපොරොත්තුව වුණා. වෙනත් තරුණයන් ඇස නොගැටෙන ලෙස ඇය ආරක්ෂා කරන්නට වෙහෙසුණා. අවට ලෝකය හා සම්බන්ධ වන්නට,

පංචඉන්ද්‍රියයන් ආරක්ෂා කළ ජීවිතකෙතරම් සොඳුරුද?

පංචඉන්ද්‍රියයන් පහම ඉතාම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි. ඇතැම් අවස්ථාවන්හි ඇසට රැවටී ජීවිතයම අමාරුවේ දමාගනී. මිහිරි ශබ්දයට රැවටී ජීවිතයම අමාරුවේ දමාගනී. ඇතැමි පුද්ගලයන් ඇසයි කනයි දෙකටම රැවටී සම්පූර්ණ ජීවිතයම අවුල් කරගනී. ලංකාවේ හිරගෙවල් තුළ කුඩුවලට ඇබ්බැහි වී සිටින පිරිස බහුලව සිටී.ඇතැම් තරුණ පිරිස් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වී සිරගත වී ඇත. මේ ඉන්ද්‍රියයන් විඳින්න තිබෙන අවයවයන් නොවන අතර එය ඉතාම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු ඒවා වෙයි. විඳින්න ගිය පිරිස සිරගෙවල් තුළ දුක් විදී. එම නිසා අවබෝධයෙන් ගමන් කළ යුතුයි.
ඇස කන නාසය දිව පහස වෙනුවෙන් ජීවිතය අමාරුවේ නොවැටී සිටිය යුතුයි. නිවැරැදි ගමනක අවබෝධයෙන් ගමන් නොකළ පිරිස් කෙතරම් අමාරුවේ වැටී තිබෙනවාද?

සියලු යහපත උදාකරන සරණාගමනය

පිරිවානා පොත් වහන්සේගේ මුලින්ම සඳහන් වන්නේ “සරණා ගමනය” පිළිබඳවයි. එහි අර්ථය තිසරණයට පැමිණීම හෙවත් තෙරුවන් සරණ යාමයි.
තෙරුවන් සරණ යෑම යනු අපගේ බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් තමාගේ එකම පිහිට, පිළිසරණ, රැකවරණය, ආරක්ෂාව ලෙස මුළු හදවතින්ම සරණයාමයි. අති බිහිසුණු සසරක සැරිසරන සත්ත්වයන්ට තෙරුවන් සරණ යෑම යනු සුළුපටු දෙයක් නොවේ. එය හැම පැත්තෙන්ම ආරක්ෂාව සහිත පරිපූර්ණ සරණ යෑමකි. මෙය වටහා ගැනීමට නම් ඔහු තුළ නුවණ තිබිය යුතුමය.

Wednesday, January 11, 2017

නුවණින් දකින සදහම් දෙසුම

අද අපි ධම්මානුපස්සනාව ගැන විමසා බලමු. හැබැයි, එය ටිකක් ගැඹුරුයි. ස්කන්ධ විදර්ශනාව, නීවරණ විදර්ශනාව, ආයතන විදර්ශනාව, බොජ්ඣංග විදර්ශනාව , ආර්ය සත්‍ය විදර්ශනාව යනුවෙන් මෙය පස්වැදෑරුම් ගැඹුරු භාවනා ක්‍රමයක්. ස්කන්ධ විදර්ශනාව යනු අපේ ශරීරයයි. රූපස්කන්ධය, වේදනාස්කන්ධය , සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, ව්ඤ්ඤාණ ස්කන්ධය යනුවෙන් හැඳින්වෙන රූපස්කන්ධ පහයි.

ජරාවෙන් හා මරණයෙන් නොමිදෙන්නෝ

" වැරදි මග යාම, කිළිටි වූ මග යාම, වැරදි පුද්ගලයන් ඇසුරු කිරීම කුම්මග්ග සේවනය නමින් හඳුන්වයි. හීන වීර්ය, කම්මැලිකම යනුවෙන් හඳුන්වන්නේ සිතේ අලසකමයි.මේ ධර්ම කරුණු තුන ප්‍රහීණය නොකරනතාක් ධර්ම කරුණු තුනක් පහළවෙයි. ඒ ධර්ම කරුණු තුන නම් මුළාවූ සිහිය, ප්‍රඥාවෙන් තොරවීම හා සිතේ විසිරෙන ස්වභාවයයි."
කෙලෙස්වලින් මිදුණු සිත් ඇත්තෝ නිවන් පසක් කළෝ වෙති.

ගතට පහර වැදුනත් සිතට නම් එපා


මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහම් මඟට නැවතත් අප එකතු වෙමු.

වෙන්වීමේ දුක දරා ගන්නට නම්...

සංයෝග යනු එකට එකතු වීමයි හෙවත් හමුවීමයි. වියෝග යනු වෙන් වීමයි. සංයෝගයක් හෙවත් එකට එකතුවීමක් යම් තැනකදී සිදුවන්නේද ඒ ඇති වූ හමුවීම වෙන්වීමකින් කෙළවර වීම විශ්ව ධර්මතාවයි. “පියෙහි විප්පයොගෝ දුක්ඛො” යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් බවයි.
අප මව් කුසින් මෙලොව එළිය දුටු දිනයේ සිට ප්‍රථමයෙන් මවත් පියා සහ සහෝදර සහෝදරියන් සමගත්, ආච්චි ,සීයා ,නැන්දා , මාමා ආදි අවශේෂ ඥාති වර්ගයා සමගත් දැඩිබැඳීමකින් හා එකමුතු කමකින් ජීවත්වීමට පුරුදු පුහුණු වී සිටිමු.

පහසුවෙන් පෝෂණය කිරීමයි විවේකයෙන් විසීමයි බෞද්ධ ආර්ථික දර්ශනය – 19:

" දරුවන් ලද දෙයින් සතුටුවන සුභරතා ගුණය පුහුණු වන්නන් වන විට එය දෙමාපියන්ගේ ආර්ථිකයට පහසුවක් වේ. ස්වාමියා මෙන්ම බිරිඳත් එකිනෙකාට බරක් නොවී තම ආදායමට සරිලන ජීවන පිළිවෙතකට යොමුවීම එකිනෙකාගේ ආදරය මෙන්ම බැඳීම තහවුරු වීමට හේතුවේ."
මෙම ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ සුභරතා, සන්තුට්ඨිතා හා පවිවේකතා යන බෞද්ධ පුරුෂාර්ථයන්ය. බෞද්ධ ජීවන පිළිවෙතක දක්නට ලැබෙන එක් වටිනාකමක් ලෙස පහසුවෙන් පෝෂණය කළ හැකි බව දැක්විය හැකිය. අත්ථ කුශල පිළිවෙත පැහැදිලි කරන කරණීය මෙත්ත සූත්‍රයෙහි සුභරතා යනුවෙන් හැඳීන්වෙන්නේ මෙම ගුණයයි. ගිහි පැවිදි දෙපක්ෂය ම මෙම උදාර පුරුෂාර්ථය තම ජීවිතයට එක්කරගත යුතු බව දහමෙන් අවධාරණය කෙරේ.
පහසුවෙන් පෝෂණය කළ හැකි යනුවෙන් අදහස් වන්නේ අවශ්‍යතා අවම වීම යි.

මිනිස් සිත කියවූ ජාතක කතා

පියවි ඇසට පෙනෙන දේවල් තුළ නොපෙනෙන බොහෝ දේ ඇත. එමෙන්ම සෑම මිනිසෙකුටම අදාළ නොවෙන ඒ ඒ මිනිසාට පමණක් අදාළ වන බොහෝ දෑ ඇත. එකී දෑ පිළිබඳව අඳුරු අහුමුළු කරා සියුම් ආලෝක ධාරාවක් යවමින් ආශ්වාදනීය මනෝවිශ්ලේෂණයක යෙදීමට සමත්වීම අතිශයින්ම ප්‍රශස්ත වේ.
කුරුණෑගල සාහිත්‍ය යුගයට අයත් ජාතක පොත් වහන්සේ බහු කර්තෘ කෘතියකි. ඒ බව ජාතක පොතේ රචනා රීතියත්, භාෂා ව්‍යවහාරයත්, අන්තර්ගතයත් අධ්‍යයනය කිරීමේදී මනාව පැහැදිලි වේ. එහි, මිනිස් ජීවිතවල සංකීර්ණ මනෝභාවයන් සියුම් ලෙස විශ්ලේෂණය කිරීමට ගෙන ඇති උත්සාහය ලෝක ප්‍රකට පඬිවරුන්ගේ පවා අවධානයට යොමු වී ඇත.

නොවැඩුණ සිත දමනයට ක්‍රම පහක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
‘අපරිපක්කාය මේඝිය චේතෝ විමුක්තියා පඤ්චධම්මා පරිපක්කාය සංවත්තන්ති”.......
සැදැහැවත්නි,
ධර්ම දේශනාව සඳහා තෝරා ගත්තේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ මේඝිය සූත්‍රයයි. තථාගතයන් වහන්සේ චාලිකා නගර සමීපයෙහි වූ චාරිකා පර්වතයෙහි වැඩවසන සමයක උපස්ථායක වූයේ ආයුෂ්මත් මේඝිය ස්වාමීන් වහන්සේය.
දිනක් මේඝිය තෙරුන් බුදුන් වහන්සේ වැඳ ජන්තුග්‍රාමයට පිණ්ඩපාතය සඳහා වැඩමකරවීමට අවසර ඉල්ලීය. බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දෙයි. ඡන්තු ග්‍රාමයට පිඬුසිඟා වැඩිය මේඝිය තෙරුන් දවල් දානයෙන් පසු කිමිකාලා නම් නදිය අසල සක්මන් කරමින් සිටියේය. මේ අවස්ථාවේ රමණීය වූ අඹවනයක් උන්වහන්සේට දක්නට ලැබුණි. මෙම රමණීය අඹ වනය දුටු මේඝිය හිමියන්ට මෙසේ අදහසක් ඇති වුණි.
මේ අඹවනය ප්‍රසාද වෙයි. රමණීයයි. මෙය පධන්වීය¸ වඩනු කැමති කුලපුත්‍රයෙකුට ඉතා සුදුසුයි. බුදුරදුන් අවසර දෙන්නේ නම් පධන් වීය¸ සඳහා මම මේ අඹවනයට එන්නෙමි”යි සිතා බුදුරදුන් හමුවීමට ගියේය.

කෝප ගින්න සිත දවයි

ඉකුත් පෝය දිනයන්හි සිට සාකච්ඡා කරමින් පැමිණි මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි, තථාගත බුදුරජාණන් වහන්සේ ඵග්ගුන භික්ෂුවට සඳහන් කළ දහම් කරුණු කිහිපයක් නැවත සිහිපත් කරමු.
ඵග්ගුන ඔබ ඉදිරියේ යම් කිසි කෙනෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහර දුන්නොත්, ගල්වලින්, පොළුවලින් ගැසුවොත් ආයුධයකින් පහර දුන්නොත් ඔබ තුළ ඒ භික්ෂුණීන් කෙරෙහි යම් බැඳීමක් ඇතිවුණොත් ඒ බැඳීම් සහිත සිතිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්නට ඕනෙ. එවිට ඵග්ගුන ඔබට මේ ආකාරයෙන් හික්මෙන්න පුළුවනි, කෙසේද? මම මගේ සිත වෙනස් කර ගන්නෙ නැහැ. නපුරු වචන කියන්නෙ නැහැ. හිතානුකම්පීව වැඩ සිටිනවා. ද්වේශයෙන් තොරව මෛත්‍රීයෙන් සිටිනවා කියලයි. ඔබ මාගේ ඒ අනුශාසනාව අනුව හික්මෙන්නට ඕනෙ.

Monday, January 9, 2017

දිනුම සොයමින් පරදින ජීවිත

යොවුන් විය, තුරුණු විය විප්ලවකාරීයි. තමන් කරන දේ, කියනදේ නිවැරැදි යැයි තමන්ම තක්සේරු කිරීම, අකීකරු ගති, තනිවම තීන්දු තීරණ ගැනීම, තනිවෙන්නටම බැලීම, අන්‍යයන් රිදවනු සඳහා තමන්ට රිදවා ගැනීම, අනුන්ගේ අඩුපාඩු, වැරැදි වැඩියෙන් දැනෙන්ට වීම මේ වයසේ බොහෝ දරු දැරියන්ගේ ස්වභාවයක්. අහිතකර වන්නේ එම ස්වභාවයන් නැවත නිවැරැදි කරන්නට බැරි වරදක්, ජීවිත හානියක් ඇති කරන්නට තරම් ඇතැම් විටෙක ප්‍රබල විය හැකි නිසයි. මවුපියන් හා දරුවන් අතර ගොඩනැඟුණු ආදරය, සෙනෙහස, ගෞරවය, කරුණාව මුසු වූ සමීප සබැඳියාවන් එම වයස් සීමාවේ දී තවදුරටත් සවි ශක්තිමත් කරගත යුතු වන්නේ ද ඒ නිසයි.

ජීවන අත්දැකීම් නැති ජිවිතයක වටිනාකමක්ද නැත

බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම දුර බැහැර ගමනක් යන පිරිසක් ලෙස බුදු දහම සඳහන් කර ඇත.පින් දහම් කරමින් සැප සම්පත් විඳිමින් දුක් විඳිමින් උපේක්ෂා සහගතව ජීවත්වෙමින් යන්නාවූ ගමනක් අප සතුව පවතී. ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් අවසන් නොවන ගමනක් ඇත. මරණින් ජීවිතය කෙළවර වුවද, සංසාර ගමන මරණින් කෙළවර නොවන බව බුදු දහම තුළ පමණක් සඳහන්ව ඇත.මරණින් මතු නැවත උපතක් පිළිබඳව වෙනත් ආගමක හෝ ආගමික පොත පතක සඳහන් වී නැත. ලෝකය පිළිබඳව සංසාරය පිළිබඳව පුළුල් දෘෂ්ටියක් බුදුදහමට ඇත.අකෙªත් ශාස්තෘවරුන්ට නොපෙනුණ කාරණා පිළිබඳව පුළුල් දෘෂ්ටියක් බුදරජාණන් වහන්සේ සතුව පැවතිණි. සංසාරය පිළිබඳව සංසාර ගමන පිළිබඳව වෙනත් ආගම් තුළ සඳහන්ව නැත.

Tuesday, January 3, 2017

සත්ත්වයා යනු සසරට ඇලුම් කරන්නායි

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ සම්මා දිට්ඨි සූත්‍රය ඉතාම ගම්භීරවූත්, සුන්දරවූත් සූත්‍ර දේශනාවකි. මෙම සම්මා දිට්ඨි සූත්‍රය වාර දහසයකට බෙදා ඇත. එහි ජරා මරණ වාරය පිළිබඳව මෙසේ පැහැදිලි කරමු
ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ජරා මරණ මනාලෙස දැනගනීද, ජරා මරණ සමුදය මනා ලෙස දැන ගනීද, ජරා මරණ නිරෝධය මනා ලෙස දැන ගනීද, එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. දහම දැන පැහැදුනේ වෙයි. ධර්මයට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ආයුෂ්මතුනි, ජරා මරණ යනු කවරේද? ජරා මරණ සමුදය යනු කවරේද? ජරා මරණ නිරෝධය යනු කවරේද? ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව යනු කවරේද?
ජරාවට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන් ඒ ඒ සත්ත්ව කොටස්වල යම් දිරීමක්, දිරන බවක්, කැඩුණු බවක්, කෙස් ආදියෙහි පැසුණු බවක් රැළි ගැසුණු බවක්, ආයුෂ පිරිහීමක් ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද එය ජරාවයි.

නොපිරිහෙන්නට නම් ශ්‍රමය ධනය හා කාලය ඉතිරි කරමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යානි කානිචි භික්ඛවෙ තුලානි
භොගෙන මහන්තං පත්තානි න
චිරට්ඨිතිකානි සබ්බානි තානි චතුහි
ඨානානි එතේසං වා අඤ්ඤතරෙන
කතමේහි චතුහි

අංගුත්තර නි. චතුක්ක නිපාතය, කුල සූත්‍රය
පින්වත්නි,