Labels

Showing posts with label අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්. Show all posts
Showing posts with label අතිපුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්. Show all posts

Thursday, February 22, 2018

තෘප්තිමත් ජීවිතයක් සඳහා බුද්ධෝපදේශ


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් ‘බුදුසරණට’ ලියූ මෙම ලිපිය 2017 දෙසැම්බර් 03 වන දා පළවූවකි. උන්වහන්සේ ට උපහාර පිණිස මෙසේ නැවත පළ කරමු.
තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන් පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.” “ඔබම වෙර දැරිය යුතුය”, “ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය. අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.”

මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවෙකුටත් ගැති නොවී ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා රහත්වීමටත්, ලොව දිනීමටත් සමර්ථවන බව පෙන්වා දුන්හ.

Wednesday, December 6, 2017

තෘප්තිමත් ජීවිතයක් සඳහා බුද්ධෝපදේශ


තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන් පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.” “ඔබම වෙර දැරිය යුතුය”, “ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය.

අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.” මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවෙකුටත් ගැති නොවී ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා රහත්වීමටත්, ලොව දිනීමටත් සමර්ථවන බව පෙන්වා දුන්හ.
මෙසේ මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය දෙමින් දේශිත තථාගත ධර්මය මිනිසාට මිනිසා වටහාදෙයි. මිනිස් සමාජයට අර්ථවත් මෙන් ම ඵලවත් මිනිසෙකු තනාදෙන මිනිස්කම හඳුනා නොගත් මිනිසුන් නිසා මිනිසුන්ට නානාවිධ ගැටළු, ප්‍රශ්නවලට මුහුණ දෙමින් අනර්ථකාරී, අවැඩදායි ව්‍යසනවලට ගොදුරුවීමට සිදුවන හැටි පෙන්වා දෙයි. එබැවින් එය විශ්වසනීය දහමක් මිස කණ්ඩායමකගේ හෝ වර්ගයක හෝ ප්‍රදේශයක සීමා නියමයක් ඇත්තක් නොවේ. තිරිසනුන් හා ගස්කොළන් අතර එක් එක් ජාතිය හඳුනාගැනීමට වෙන් වෙන් වූ ලක්ෂණ ඇතත් මිනිසුන් අතර වර්ණයෙන් හා හැඩරුවින් දක්නට ඇති වෙනස්කමක් හැරුණවිට ජාති වශයෙන්, ගෝත්‍ර වශයෙන් හැඳීන්වීමට පාදකවන කිසිදු විශ්මතාවක් නොමැත. ජාති වශයෙන් මිනිසා එකම මිනිස් ජාතිය බවත් ප්‍රකාශකළ තථාගතයන් වහන්සේ ඔවුන්ට පොදුවේ මුහුණදීමට සිදුවන දුක්කම්කටොළු වටහාගැනීමෙන් මිනිසත්බවේ උපරිමඵල ලබාගැනීමට හැකිබව පැහැදිලි කළහ.

Monday, July 17, 2017

අර්ථවත් තාරුණ්‍යයකට බුදු දහම

වර්තමානයෙහි තරුණ පිරිස් ආගමට යොමු වීම අඩු බවට ඇතැම් පිරිස් තර්ක කරති. ඊට එකඟ විය නොහැකිය.බොහෝ විහාරස්ථානයන්හි කෙරෙන ආගමික සහ සාමාජීය කටයුතුවලදී තරුණ පිරිස් වෙනදාට වඩා සහභාගි වෙති. වර්තමාන තරුණ දරුවන් නිදහස් අධ්‍යාපනය , වෙනත් අධ්‍යාපන පහසුකම් සමඟ සෑහෙන ප්‍රමාණයකට අධ්‍යාපනයක් ලබා තිබෙන පිරිසක් නිසා එම පිරිසට විශේෂයෙන්ම ආගමික කටයුතු සමඟ සම්බන්ධවීමට හොඳ පසුබිමක් නිර්මාණය වී තිබේ.
දහම් පාසල, පන්සලෙහි තිබෙන තරුණ සංවිධාන, වෘත්තීය පහුණු මධ්‍යස්ථාන, සුභසාධන සේවාවන් වැනි කටයුතු සඳහා තරුණ සහභාගිත්වයට අවස්ථාව ලැබේ. සිල් සමාදන්වීම, භාවනා කිරීම වයසට ගිය පසු කරන කටයුතු මිස තරුණ කාලයෙහි කරන දේවල් නොවන බවට මතයක් අප අතර පවතී.එම අදහස වැරැදිය. බුදු දහම වයසට ගිය පිරිසට පමණක් දේශනා කළ ධර්මයක් නොවේ. ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනු ලැබුවේ තරුණයන්ට සහ තරුණ කණ්ඩායම් සඳහායි. පස්වග තවුසන්ට පසුව පැවිදි වූ නන්ද කුමරු, භද්ද වග්ගිය කුමාරවරු, යසකුල පුත්‍රයා යන තරුණ පිරිස් ඊට උදාහරණයන් වේ.

Monday, June 26, 2017

මිනිස් චර්යාවන් පිළිබඳ බෞද්ධ විග්‍රහය


සහනය පිණිසම පවත්නා බවත්, පෙන්වූ අපූරු ,පෙර නොඇසූ විරූ දහමක් දේශනා කළ ශාස්තෘන් වහන්සේ හැටියට කීර්තිමත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. එහෙයින්, උන්වහන්සේ අච්ඡරියමනුස්ස නම් වෙති. ධර්ම ‘පටසොතගාමී ධම්ම’ නම් වෙයි. බුදුරදුන්ගේ අසිරිමත් බවසහ ධර්මයේ මහිමය සංකේතවත් කරන මේ දෙපදය විමර්ශනයට ලක් කිරීමෙන් ශාස්තෘවරුන් අතර ගෞතම බුදුරදුන්ටත්, ධර්මයන් අතර තථාගත ධර්මයටත් ඇති අනන්‍යතාව කදිමට වටහා ගත හැකිය.
මිනිස් හසර පිළිබඳව ලත් යථාභූත ඥානයෙන් යුතුව ඔවුන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ හතරක් අංගුත්තර නිකාය චතුස්ක නිපාතයෙහි එන දුතියතථාගතච්ඡරිය සූත්‍රයෙන් පෙන්වා දී දිබේ.
ආලයරාම පජා ,මානාරාම පජා ,අනුපසමා පජා ,අචිජිජාගතා පජා ,යනු ඒ හතරයි.
සමාජය ගමන් කරන පැත්ත, එසේත් නැත්නම් පොදුවේ මිනිසාගේ ජීවන ගමන සිදු වන්නේ කවරාකාර බැඳීම්, කෙබඳු අදහස්, කෙබඳු පැවතුම්, කුමන දැකීමක් ඇතිව ද යන බව මේ සිවුවැදෑරුම් ලක්ෂණ තුළින් පිළිබිඹු වෙයි. ප්‍රජාව එනම් මුළු මහත් සමාජ ජාලයෙහි ඇලී බැඳී සිටින බව ආලයරාමා පජා යන ප්‍රථම ලක්ෂණයෙන් කියැවෙයි.

Thursday, May 11, 2017

මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත් වූවෙසක් දිනය

" බුදුරජාණන් වහන්සේට ගෞරව නමස්කාර කිරීම සඳහා ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජා පවත්වන සියලු බොදුනුවන් විසින් ඒ අතරම සිහිකළ යුතු වැදගත් කරුණක් නම් මිනිසත් බවේ අගයත් මිනිස් ජීවිතය අවබෝධයෙන් ගතකළ හොත් තමන්ට හා ලෝකයාට කෙතරම් විශාල සේවයක් කළ හැකි ද යන්නයි.'
වෙසක් දිනය බෞද්ධයන්ගේ පරම පූජනීයත්වයට පත්වන්නේ ගෞතම බෝසතාණන් වහන්සේ සත්‍ය වූ ඉතිහාසයක් ඇති මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලබා මනුෂ්‍යත්වයේ අග්‍රඵලය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව එතෙක් මිනිසාට අවබෝධ කළ නොහැකි වූ සත්‍යාවබෝධය තුළින් මානව චින්තනයට සනාතනික දහමක් එක්කොට ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් වශයෙන් (අච්චරීය මනුස්ස) පරීනිර්වාණයට පත්වූයේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනය වීම නිසාය. උන්වහන්සේ උපන්නේ ලෝකයක් මවාගෙන නොවේ.
මැවී ඇති ලෝකය උන්වහන්සේ මිනිසාට ඉදිරිපත් කළේ දෙවියන්ගෙන් ලැබුණු පණිවුඩයක් ලෙස නොවේ. උන්වහන්සේ ඉදිරිපත් කළේ මිනිසා හමුවෙහි ඇති ගැටලුවක්, එය ජයගැනීම සඳහා මිනිසා විසින්ම සොයා ගත යුතු විසඳුමක්ය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතයත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයත් ලෝකයේ පහළ වූ වෙනත් කිසිදු ශාස්තෘවරයෙකුට සමාන කළ නොහැක. වෙනත් ආගමික ඉගැන්වීම්වල මෙන් නොව බුදුදහමට අනුව මිනිසා තමා විසින්ම තමන්ගේ සැකසීම හෙවත් විමුක්තිය ලබාගත යුතුය. බාහිර ශාසනයන් හී මිනිසා කොතෙක් උත්සාහ කළද අවසාන වශයෙන් ඔහුට විමුක්තිය ලැබෙන්නේ දෙවියන්ගේ කැමැත්ත පරිදිය.
මේ අනුව වෙසක් දිනය තුළින් අපට ලබාදෙන උත්තරීතර පණිවිඩය වන්නේ මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වයයි.

Monday, December 12, 2016

කාන්තා පැවිද්දේ අතීතය සහ වර්තමානය

ථෙරවාද බෞද්ධ දර්ශනය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. මේ සම්බන්ධ විස්තර දීපවංශය, මහාවංශය, චූලවංශය යන වංශ කථා වලින් සහ චීන මූලාශ්‍ර වලින් දැක්වේ. චීන මූලාශ්‍රයන් වැදගත් වන්නේ ක්‍රි.ව. පස්වන සියවස කාලයේදි චීනයේ භික්ෂුණී ශාසනය ස්ථාපිත කිරීමට අදාළ ඉතිහාසය අතින් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ භික්ෂුණී ශාසනය නැවත වරක් ස්ථාපිත කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාවලිය සහ එය ප්‍රථමවරට තායිලන්තයේ සහ ටිබැටයේ ස්ථාපිත කිරීමේ තොරතුරු අතින් ද ඉතා වැදගත්ය. ආචාර්ය තේසා බර්තෝලමියුස් (Tessa Bertholemuze) බෝ සෙවනේ කාන්තාවෝ (Woman Under the Bo Tree ) 1944 යන විමර්ශන ග්‍රන්ථයේ සවිස්තර වාර්තාවක් ඇත.

Monday, November 21, 2016

මත් උවදුර බුදුන් වහන්සේ විග්‍රහ කළ අයුරු

මුදල් හම්බ කරන්නවුනට හොඳම ජාවාරමක් වූ බාල, තරුණ, මහලු කොයි කවුරුත් පහසුවෙන් පොළඹවා ගත හැකි. පහසුවෙන් වැළඳ ගත හැකි, දුක සේ බැහැර කළ යුතු මත් වතුර, මත්ද්‍රව්‍ය වර්තමාන ලෝකයේ සංවර්ධනය වූ සහ සංවර්ධනය වන්නාවූ හැම රටකම පාහේ මුහුණ පාන්නට සිදුවී ඇති ප්‍රධාන පෙළේ උවදුරකි.
පුද්ගලයා හා සමාජය දැනුමෙන්, විනයෙන් පසෙකට ඇද දමන, අර්ථයෙන් ධර්මයෙන් පිරිහීමට පත්කරන, සාමය, සංවරය හා සදාචාරය වල්බිහි කරවන, සුව පහසුව, සෞඛ්‍ය අකා මකාදමන, සිහිය නුවණ විකල් කරන,

Wednesday, March 2, 2016

ප්‍රභාස්වර සිත යනු කුමක්ද?


ත්‍රිලක්ෂණයෙන් යුත් ලෝකයෙහි ආත්ම වශයෙන් ගත යුතු හෝ ගත හැකි කිසිවක් හෝ කිසිවකු නොමැති බව බුදුදහමෙහි මූලික ඉගැන්වීමයි. මෙය කාගේ නොසතුටට, අවාසියට, අමනාපයට හේතු වුවත් එනයින් හැඳින්වෙන්නේ ස්කන්ධ සංස්කෘතියක් පමණි. මෙහි ස්වරූපය, ප්‍රවෘත්තිය පෘථුල අන්දමින් විග්‍රහ කරන බුදුදහම ස්කන්ධ ඒකකය නාම රූප වශයෙන් දෙකකට බෙදා දක්වයි. සත්ව පුද්ගල නාමයෙන් හඳුන්වාලන ස්කන්ධ ඒකකයෙහි චෛතසිකමය අංශය නාම නමින් සහ කායිකමය අංශය රූප නමිනුත් ගැනේ.

Friday, October 16, 2015

බුද්ධ ඤාණය හා බුද්ධ ශ්‍රාවකයා



 2015 ක් වූ සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින ලිපිය

බුදු ගුණ, බුදු බල, බුදු මහිම තේරුම් ගැනීමට, ඉගෙනීමට විශේෂයෙන් උනන්දු විය යුතුයි. එසේ ම ලෝකයේ ප්‍රඥා මූලික ප්‍රමුඛ ආගම වශයෙන් බුද්ධිමතුන් අතර සම්මානිත මේ ආගම අනුගමනය කරන්නවුන් තුළ තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ විචාරවත් අවබෝධයක් තිබිය යුතුය

Friday, July 31, 2015

ජීවිතය අර්ථවත් කරන බෞද්ධ ඉගැන්වීම්


තමන්ට පිහිට තමාමය, වෙනත් කවරෙක් පිහිට වන්නේද? තමාම ම පිහිටකොට වාසය කරව්, අනුන් පිහිටකොට වාසය නොකරව්” “තමා ම තමා හට දුර්ලභ පිළිසරණ ලැබ ගනී.” “ඔබම වෙර දැරිය යුතුය. ශුද්ධිය සහ අශුද්ධිය තම තමන් ළඟය. අනෙකෙක් අනිකකු ශූද්ධ නොකරයි.”මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශක කීපයක සිංහල අනුවාදක කිහිපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මෙම දේශනාවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘශ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන්වහන්සේ මනුෂ්‍යයකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදු බව ලබා ගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවකුටත් ගැති නොවි ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා අරහත්භාවයට පත්වීමටත් ලොව දිනීමටත් සමර්ථ වන බව පෙන්වා දුන්හ. මෙසේ මනුෂ්‍යත්වයට ප්‍රමුඛතාවය දෙමින් දේශිත තථාගත ධර්මය මිනිසාට මිනිසා වටහාදෙන මිනිස් සමාජයට අර්ථවත් මෙන්ම ඵලවත් මිනිසකු තනාදෙන මිනිස්කම හඳුනා නොගත් මිනිසුන් නිසා මිනිසුන්ට නානාවිධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙමින් අනර්ථකාරී අවැඩදායි ව්‍යසනවලට ගොදුරුවීමට සිදුවන හැටි පෙන්වා දෙන ධර්මයකි. එබැවින් එය විශ්වාසනික දහමක් මිස කණ්ඩායමකගේ හෝ වර්ගයක හෝ ප්‍රදේශයක සීමා නියමයක් ඇත්තෝ නොවේ. තිරිසනුන් හා ගස්කොළන් අතර එක් එක් ජාතිය හඳුනා ගැනීමට වෙන් වෙන් වූ ලක්ෂණ ඇතත් මිනිසුන් අතර වර්ණයෙන් හා හැඩරුවෙන් දක්නට ඇති වෙනස් කමක් හැරුනවිට ජාති වශයෙන් ගෝත්‍ර වශයෙන් හැඳින්වීමට පාදක වන කිසිඳු විසමතාවක් නොමැති අතර ජාති වශයෙන් මිනිසා එකම මිනිස් ජාතිය බවත් ප්‍රකාශ කළ තථාගතයන් වහන්සේ, ඔවුන්ට පොදුවේ මුහුණ දීමට සිදුවන දුක්කම්කටොළු වටහා ගැනීමෙන් මිනිසත්බවේ උපරිම ඵල ලබාගැනීමට හැකි බව පැහැදිලි කළහ. විමුක්ති මාර්ගයක් වූ බුදුදහම ලොවට බලපාන පොදු මිනිස් දුක් තරණයකොට විමුක්තිය සලසා ගැනීමට මඟ පෙන්වා තිබේ. තමන් වහන්සේ විමුක්තිදායකයෙකු වශයෙන් මිනිසුන් අතර පෙනී සිටීමට තැත් නොකළ අතර, විමුක්ති මාර්ග ප්‍රකාශකයෙකු වශයෙන් මඟ පෙන්වීමට තථාගතයන් වහන්සේගේ කාර්යය වන අතර එහි ක්‍රියාත්මකවීම තම තමන් සතු කාර්යයන් බව පැහැදිලිවම ප්‍රකාශ කොට තිබේ.

මෙහිලා මිනිසාගේ ප්‍රඥාවට මුල් තැන දුන් උන්වහන්සේ මාර්ග විනිශ්චයෙහි බුද්ධිමත්වීම අන්ධ විශ්වාසයෙන් අනුන් පසුපස හඹායාමට වඩා ශ්‍රේෂ්ඨ බව පෙන්වා දී ඇත. ලෝක ප්‍රවෘත්තියෙහි දක්නට ලැබෙන හොඳ නොහොඳ විනිශ්චයට ඇති හොඳම නිවැරැදි බුද්ධිමත් විචාරය මිස අනිකක් නොවේ.
එහෙයින් උන්වහන්සේ ප්‍රසිද්ධියේම ප්‍රකාශකොට වදාළේ යම් අවස්ථාවක යමක් පිළිබඳව මෙය අයහපත්ය. වරද සහගතය,අකුසල්ය කියා තමන්ටම වැටහේනම් එය කළ යුතුය. බැහැර කළ යුතුය. යමක් පිළිබඳව මෙය යහපත්ය. නිවැරැදිය. කුසල්ය කියා තමන්ටම වැටහේනම් එය සමාදන් විය යුතුය. දියුණු කළ යුතුය කියායි. බුදුදහමින් ප්‍රකාශිත කුසල්,අකුසල්, පින්, පව්,හොඳ ,නොහොඳ පිළිබඳ අවබෝධය අවශ්‍ය වන්නේ පුද්ගලයාගේ මෙන්ම සමාජයේ පවත්නා පාරිශුද්ධිය ගොඩනැඟීම සඳහාය. පුද්ගල පැවැත්මේ අපවිත්‍රතාව ඔහුගේත් සමාජයේත්, අනර්ථය සඳහා හේතුවෙයි.අපවිත්‍ර සමාජය යහපත් ජීවිතයකට ඇති මහත් අවාසනාවයි.
මේ අනුව පින් පව් දැන හැඳිනගෙන ජීවත්වීමෙන් පවත්නා පාරිශුද්ධියට පත්වන මිනිසා ලෝකය ජීවිතය පිළිබඳ සැබෑ තතු දැනගැනීමට සිත මෙහෙයවයි. ඔහුට නුවණ පෑදෙයි. ඇතිතතු වසන් කර ගනිමින් නොනැවතී දිගින් දිගටම යන දුක් දොම්නස් සමුදායක පැටලී සිටින බව තේරුම් ගනී. ආශා, ද්වේශ, මෝහයන් සිඳ බිඳ දමා විමුක්තිය ලබයි.

සබ්බපාපස්ස අකරණ
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානසාසනං 

 
සියලු පව් බැහැර කිරීම, සියලු කුසල් රැස්කිරීම, තම සිත පිවිතුරු කිරීම යන මෙය බුදු වදනයි. පව් බැහැර කොට පින් රැස්කරන මිනිසාගේ විමුක්තිය එතැනය. එසේනම් බුදුරජාණන් වහන්සේගේ මඟපෙන් වන්නේ පාරිශුද්ධියත් විමුක්තියක් සඳහාය. බුදුරදුන් පෙන්වාදුන් මේ පිළිවෙත් මඟ තවුස් ජීවිතයක් ඇති බව අනුකරණය කළයුත්තක් නොවන බව මින් පැහැදිලිවන තවත් කරුණකි. හරවත් ඵලවත් මිනිස් දිවියක් ගොඩනැඟීම බුදුදහමෙන් ඉටුවන කාර්යය නිසා එය පැවිද්දන් සඳහා පමණක් වෙන් වූ ධර්මයක් වශයෙන් හෝ පැවිදි නොවී බුදුදහම පිළිපැදීම අසීරුවෙන් හෝ සිතීම මුළාවක් පමණකි.
වරක් බුදුරදුන් හමුවට පැමිණී වච්ඡගොත්ත බ්‍රාහ්මණයා “ස්වාමිනි , මඟඵල ලබාගත් බ්‍රහ්මචාරිය ගිහි උපාසකවරු , උපාසිකාවරු එසේම කාමභෝගී ගිහි උපාසකවරු, උපාසිකාවරු සිටියේද?” කියා උන්වහන්සේගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ වදාළේ “වච්ඡ , එක්කෙනෙක් නොවෙයි, සීයක් දෙසීයක් නො වෙයි. තුන්හාරසියකිනුත් නොවෙයි. පන්සීයකුත් නොවෙයි. ඊටත් වඩා බොහෝම වැඩිය” කියායි. වච්ඡගොත්ත සූත්‍රයේ සඳහන් මේ පුවතෙන් බුදුදහම පිළිපැදීමට බාධාවක් නොවන නමුත් ධාර්මික ගිිහි ජීවිතයක් ප්‍රගුණ නොකිරීමෙන් තමන්ටත් අනුන්ටත් සිදුකළ හැකි අනර්ථය සුළුපටු නොවෙයි. එබැවින් මිනිස් අගයෙන් පිරුණු ගිහිජීවිත ගොඩනඟාගැනීමට බුදුදහමෙහි දක්වා ඇති උපදෙස් පිළිපැදීම විමුක්තිය සඳහාත් පදනම් වෙයි.
චරිතශුද්ධිය, සදාචාරය , සංවරය පිළිබඳව බුදුදහමේ දැක්වෙන ප්‍රතිපත්ති දෛනික ජීවිතයට සම්බන්ධකොට ගැනීමෙන් සමාදන්වීමෙන් ආත්මාභිවෘද්ධිය පමණක් නොව, උසස් සමාජ සංග්‍රහයක්ද සපුරාලිය හැකිය. පංචශීලය මෙහි පදනමයි. පන්සිල් ඇතිව ජීවත්වන්නා සමාජයට හිංසකයෙකු, කරදරකාරයෙකු නොවන අතර, මෙත් කරුණාව ඇති පි‍්‍රයමනාප පුද්ගලයෙක් වෙයි. ඔහු මෙලොව දියුණුව සඳහා අවශ්‍යයෙන්ම උත්ථානවීය¸ය, ආරක්ෂාව, කල්‍යාණමිත්‍රතාව, සමජීවිකතාව ළඟා කරගත යුතුයි. දැහැමි ජීවන වෘත්තියක යෙදීම, උපයා සපයාගත් දේ ආරක්ෂාකර ගැනීම, ගුණනුවණින් දියුණුවීම ,ජීවිතය සමබරව පවත්වා ගැනීම සඳහා මේ සිවුවැදෑරුම් ගුණාංග මහෝපකාරි වෙයි.
වස්තුවක් තිබීම, ඉන් ප්‍රයෝජන ගැනීම, ණය නැති බව, සපයාගත් දෙයෙහි ධාර්මික බව, කම්සැප විඳින ගිහියාට ඇති සැප හතරයි. සුවපත්ව සමාජ ජීවිතය ගෙවන ඔහු කිසිවිටෙකත් අගතියට නොයා යුතුය. අගතිගාමි බව තරම් සමාජ අසාධාරණයක් හෝ දූෂණයක් නැති තරම්ය. අගතිය පිටුදැක සිව්සඟ රාවතින් යුතුව ක්‍රියාකිරීමෙන් පමණක් සාමකාමී සහජීවනයෙන් පිරුණු සමාජ ප්‍රවර්තනයක් සිදුවේ. සමෘද්ධිමත් සමාජයකට දායකත්වය දිය හැක්කේ මව්පිය, දූදරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි භාය¸, ස්වාමි සේවක, ගිහි පැවිදි වශයෙන් පවත්නා සාමාජික තත්ව වටහාගෙන ඔවුන් වෙත පැවරී ඇති යුතුකම් හා වගකීම් නොපිරහෙලා ඉටු කිරිමෙනි. මේ පිළිබඳව බුදුදහමේ දක්වා ඇති කරුණු බොහෝය.
කෙසේ හෝ වස්තු රැස්කිරීම බුදුදහම අනුමත නොකරයි. එය කළ යුත්තේ ධර්මයෙන් හා ශ්‍රමයෙනි. සූදුවෙන්, වංචාවෙන් , කූටකමෙන් අධර්මයෙන් සම්පත් ලැබිය හැකි නමුත් ඒ සඳහා මිනිසා ස්වකීය සාරධර්මයන් හාරා ඉවත දැමිය යුතුය. එය මනුෂ්‍යත්වයේ හාස්කමක් නොව පහත්කමකි. වස්තුවෙහි අර්ථයක් තිබේ. එය පරිභෝගයත් පරිත්‍යාගයත්ය. තමන් අඹුදරු , මාපියන්, හිතමිතුරන්, කම්කරු, මෙහෙකරුවන්, පිනවීම, ඉටුකළ යුතුය. ආපදා විපත් සඳහා වෙන්විය යුතුය.ආගන්තුකයන්, ඥාතීන් , මියගිවුන් සඳහා මෙන්ම අයබදු, ආගමික කටයුතු සඳහාද වැය කළ යුතුය. පුද්ගලයා, පවුල, සමාජය,අන්‍යෝන්‍ය වශයෙන් බැඳි පිබිදී ක්‍රියාකිරීමට හේතුවන මේ ඉගැන්වීම්වලින් කෙතරම් උසස් ගුණාත්මක මිනිසෙකු තැනීමට රුකුල් ලැබේදැයි හොඳින් පැහැදිලි වේ.
පසුතැවිල්ලට හේතුවන ජීවිතයක් ගතකරන මිනිසකු දැකීම බුද්ධ ධර්මයේ අභිප්‍රාය නොවේ. තෘප්තිමත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට නිරන්තර උපදෙස්දීම එහි පිළිවෙළයි. මක්නිසාද? මිනිසත්බව එතරම්ම දුර්ලභ වස්තුවකි. රත්නයකි. ජනයන්ධ ජාතකයෙහි පසුතැවීමට හේතුවන කරුණු දහයක් දක්වා තිබේ. යෞවනයෙහි මතුවට ප්‍රයෝජනවත් සම්පත් හම්බ නොකිරීම, ඉගෙනගන්නා වයසෙහි ඒ සඳහා උත්සාහ නොකිරීම, බොරු කේලම් කියමින්, චණ්ඩිකම් කරමින්, අල්ලස් කප්පම් ගනිමින් ජීවත්වීම , සත්ව ඝාතන, හොරකම් කිරිම, කාමමිථ්‍යාචාරය ඇතිවත් දන්සැල් නොදීම, නැතිවත් මව්පියන් වැඩිහිටියනට සංග්‍රහ සත්කාර නොකිරීම, පියාට අවමන් කිරීම, සිල්වතුන් ගුණවතුන් නැණවතුන් ඇසුරු නොකිරීම, සුචරිතයෙහි නොයෙදීම යනු ඒ දහයයි. මෙවන් පසුතැවීමක් නැත්නම් අපේ ජීවිතය කෙතරම් පිරුණු රසවත් එකක්ද? පිරුණු ජීවිතයකින් මිනිසුන් බහුමානයට පත්කොට ඔවුන්ට සැනසීම ලබාදීම මේ පිළිවෙත් මාර්ගයෙහි අපේක්ෂිත අර්ථයයි.

 කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි




 ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 31 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි