Labels

Showing posts with label පේ‍්‍රත වස්තුව. Show all posts
Showing posts with label පේ‍්‍රත වස්තුව. Show all posts

Sunday, April 29, 2018

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

Wednesday, February 14, 2018

දිගු සසර ගමනට නෑකමක් පවතීද?


දහමට අනුව ප්‍රේත ලෝකය අතිශය දුක්ඛ දායක ය. එයින් නිදහස් වීම ඉතාමත් අසීරු ය. ප්‍රේත ලෝකයක ඉපදුන කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි."
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා 


මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය. එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමි වේ යැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය.

Wednesday, February 7, 2018

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමිවේයැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය. එය පානය කිරීමෙන් දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ වූ අතර ඇය ඒ පිළිබඳ තම මෑණියන්ට දන්වා සිටියා ය. මව ස්වකීය ඤාතීන් කැඳවා ඒ පිළිබඳ දැනුම් දුන්නා ය. ඥාතී හූ ඒ සම්බන්ධයෙන් පළමු බිරිඳට චෝදනා කළ අතර ඇය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබී ය. එසේ නම් ඒ පිළිබඳ දිවුරා පොරොන්දු වන මෙන් දෙවන බිරිඳගේ ඥාතීහු ඉල්ලා සිටිය හ. එම ඉල්ලීම අනුව පළමු බිරිඳ “තමා විසින් මෙම අපරාධය කළේ නම් දුගතියෙහි ඉපිද බඩ සයින් පෙළෙමින් උදේ සවස පුතුන් පස් දෙනා බැගින් බිහිකොට ඔවුන් කෑමෙන් සෑහීමකට පත් නොවේවා! එසේම දුර්ගන්ධව නිල මැස්සන්ගෙන් ගැවසී තැනැත්තියක් වේවායි!” යනුවෙන් බොරුවට සපත කළා ය. පළමුවන බිරිඳ නොබෝ කලකින් කළුරිය කොට එම ග්‍රාමය අසල ම ප්‍රේතියක ව උපන්නා ය.

Thursday, February 1, 2018

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.
සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

කේලාම් කීමේ ආදීනව



 වාග් දුශ්චරිතයට අයත් කේලාම් කීම (පිසුණා වාචා) බර පතල අකුශලයක් බව මෙම ප්‍රේත කථාවෙන් පැහැදිලි වේ"
කේලාම් කීමේ ආදීනව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි පූතිමුඛ නම් ප්‍රේතයෙකු අරබයා මෙම කථාව ගෙනහැර දැක්වූහ.
අතීතයේ කාශ්‍යප බුදුරදුන් සමයෙහි කුල පුත්‍රයන් දෙදෙනකු බුදු සසුනෙහි පැවිදිව සීලයෙන් හා ආචාර සම්පත්තියෙන් ද ඔවුනොවුන් හා සමගියෙන් ද යුක්ත වූයේ එක්තරා පසල් ගමක පිහිටි ආරාමයක විවේක සුවයෙන් වාසය කළහ. කේලාම් කියා ඔවුනොවුන් බිඳවීමේ සිත් ඇති එක්තරා භික්ෂුවක් එම ආරාමයට පැමිණියේය. නේවාසික භික්ෂූන් දෙනම එම ආගන්තුක භික්ෂුවට වත් දක්වා උන්වහන්සේ පිළිගෙන සෙනසුන් සපයා දී පසු දින අළුයම උන්වහන්සේ ද කැටුව ගමට පිඬු සිඟා වැඩියහ. ගම්වැසි උවසු උවැසියෝ උන්වහන්සේලා කෙරෙහි පැහැදී ආහාර පානාදියෙන් මැනවින් සංග්‍රහ කළහ. පිණ්ඩපාතයෙන් අනතුරුව විහාරය බලා ආපසු පැමිණි ආගන්තුක භික්ෂුව තුළ “ මෙම ගොදුරු ගම ඉතා සුන්දරය. ගම් වැසියෝද ඉතා ශ්‍රද්ධා සම්පන්නය. ඉතා ප්‍රණීත ආහාර පානාදිය පූජා කරති. විහාරය ද අවශ්‍ය පහසුකම්වලින් යුක්ත ය. එබැවින් මෙහි පහසුවෙන් වාසය කළ හැකිය. එසේ වුවත් මෙම නේවාසික භික්ෂූන් දෙනම මෙහි වාසය කළහොත් මට පහසුවෙන් වාසය කළ නොහැකිය. අන්තේවාසිකයෙකු ලෙස වාසය කිරීමට සිදුවෙයි. එබැවින් උන්වහන්සේලා දෙනම ඔවුනොවුන් කෙරෙහි බිඳුවා විහාරයෙන් නෙරපා මා පමණක් මෙහි වාසය කළහොත් සැපෙන් විසිය හැකිය ” යනුවෙන් එක්තරා පවිටු සිතිවිල්ලක් හටගත්තේය.

Sunday, October 4, 2015

සට්ඨිකුට පේතවත්ථුව


අද අපගේ අවධානය යොමුවන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට හිරිහැර කොට මරණයට පත් කිරීමෙන් අජගර නම් පේ‍්‍රතයෙක්ව ඉපදී අනන්ත වු දුක් විඳින පේ‍්‍රතයෙක් පිළිබඳ කරුණු දැක්වෙන ‘සට්ඨිකුට පේතවත්ථුව“ විමසා බැලීමටයි.

බල්ලාටිය පේතවත්තුව


අද දින අපගේ අවධානය යොමු වන්නේ වෙළෙඳ පිරිසකට මත්වතුර පොවා ඔවුන්ගේ වස්ත්‍ර සොරකම් කිරීමේ අකුශල කර්මය නිසා නිර්වස්ත්‍රව උපන් පේ‍්‍රතියක් පිළිබඳ කරුණු කියැවෙන බල්ලාටිය පේතවත්තුව විමසා බැලීමටයි.

Monday, September 21, 2015

සේරණී පේ‍්‍රත වස්තුව


චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි.

Wednesday, September 16, 2015

මිගලුද්දක පේ‍්‍රත වස්තුව


අප දැන් දන්නවා මෙසේ පේ‍්‍රතයන් ලෙස උපදින්නේ බොහෝ විට මනුස්ස ලෝකයේ දී සත්ව ඝාතනය, ලෝභය හා තද මසුරුබව, ඊර්ෂ්‍යාව සහ වෛරය, පරදාර හා පරපුරුෂ සේවනය,

Sunday, September 13, 2015

කූට විනිච්ඡයික පේ‍්‍රත වස්තුව


පේ‍්‍රත ලෝකයේ උපන්නෝ තමා විසින් කරන ලද කර්මයට ඉතා දුකසේ විපාක විඳිනවා. මිනිස් ලෝකයේ දී දුරදිග නො බලා කරන අකුසල කර්ම මරණින් මත්තේ තමා විසින්ම ඒවා ඒ ආකාරයෙන්ම ගෙවන අයුරු මෙහිදී ඉගෙන ගන්නට ලැබෙනවා. යම් පුද්ගලයෙක් අකුසල කර්මයක් කළ විට එහි විපාක එයට සමගාමීව සිය ගණනක් ගුණාත්මකව විපාක ගෙන දෙනවා

Thursday, September 10, 2015

අම්බස්ඛර පේ‍්‍රත වස්තුව


එම්බා පේ‍්‍රතය, මේ විදිහට මොහු ඉතා දරුණු දුකට පත්වෙලා කොහොඹ උලක නග්ගවලා ඉන්නේ. එහෙම කෙනෙකුට ඔබ ඇයි ‘ජීවත් වෙන්න. ජීවත් වෙන්න ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ’ කියා කියන්නේ. මොන කරුණක් මතද? පින්වත් රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඥාතියෙක්. මට පෙර ආත්මභාව සිහි කරන්න පුළුවනි. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇතිවුණා. පාපී ගති ඇති මේ පුද්ගලයා නිරයේ වැටෙන්න නම් එපා කියල

කණ්හ පේ‍්‍රත වස්තුව


තථාගතයන් වහන්සේ එක් දිනක් උදෑසන කාලයේ අද මම කාට නම් පිහිට වෙම්දෝ ලොව දෙස බැලුවා. එවිට මේ උපාසක තැනැත්තා දැක ඔහුට සෝවාන්වීමට තරම් පුණ්‍ය ශක්තියක් ඇති බවද දැන භික්ෂූන් වහන්සේ සමඟ පිණ්ඩපාතය කර පසුව සංඝයා වහන්සේලා ආරාමයට පිටත් කර යවා ආනන්ද හිමියන් සමග උන්වහන්සේ ඒ උපාසකතුමාගේ ගෙදරට වැඩම කළා. නිවැසියෝ උන්වහන්සේට ආසන පිළිවෙල කරවා වැඩ හිඳුවා උපාසකයා සමඟ ශාස්තෘන් වහන්සේ සමීපයට ආවා.

Tuesday, September 8, 2015

නන්දක පේ‍්‍රත වස්තුව

 

මම ඉස්සර ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක්. බලවත්ව මුලාවෙලා මෝහයෙන් වැහිලයි හිටියේ. දුස්සීල වෙලා, කෑදර වෙලා, අනුන්ට නින්දා අපහාස කර කර හිටියේ. තව හය මාසයක් යන්නට කලින් මගේ මරණය සිදු වෙනවා. ඒකාන්තයෙන්ම කටුක වූ භයානක දුක් ඇති නිරයටයි මම වැටෙන්නේ. ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක් තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ.

Thursday, September 3, 2015

කුමාර පේ‍්‍රත වස්තුව



භාග්‍යවතුන් වහන්සේ අළුයම කාලයෙහි මහ කරුණා සමාපත්තියෙන් නැගී සිට බුදු ඇසින් ලොව දෙස බලන කල්හි සොහොනෙහි හැර දමන ලද ඒ දරුවා දැක හිරු උදාවෙන වේලාවේ සොහොනට වැඩම කළා. ශාස්තෘන් වහන්සේ මෙහි වඩින්නේ යම්කිසි කරුණක් සඳහාම විය යුතු යැයි සිතු මහා ජනයා ද එහි රැස්වුණා. භාග්‍යවතුන් වහන්සේ පැමිණ සිටි පිරිස ඉදිරියේ මේ දරුවා ළාමක කෙනෙක් යැයි නො සිතන්න. යම්කිසි කරුණක් නිසා සොහොන් බිමේ දමා ගිය නිසා අසරණව අනාථව සිටියි වදාළා

ධාතු විවණ්ණක පේ‍්‍රත වස්තුව

 

මිනිස් ලොවෙහි දී කරන බලවත් අකුසල කර්ම නිසා බොහෝ දෙනා මරණින් මතු පේ‍්‍රත ලෝකයේ උපදී. අදත් ඔබට කියා දෙන්නේ එසේ බොහෝ දුක් පීඩා විඳින පේ‍්‍රත වස්තුවෙහි සඳහන් පේ‍්‍රතයන් දෙදෙනකු පිළිබඳව යි.

චූල්ලසෙට්ඨි ප්‍රේත වස්තුව

 

මම කරගත්තු පව නිසාම බඩගින්නෙන් පෙලෙනවා. මගේ කය ඉදිකටුවලින් විදිනවා වගේ. බ්‍රාහ්මණයන් ගෙන්නවලා ඒ උදවියට කෑම බීමවලින් සලකනවා. මමත් මොනව හරි අනුභව කරන්නට හිතාගෙන අන්ධකවින්දයට යනවා

Tuesday, September 1, 2015

උච්ඡු පේ‍්‍රත වස්තුව


’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි. එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වාසය කරන කාලයේ මෙම දේශනාව වදාළ සේක.

Monday, August 31, 2015

උත්තරමාතු පේ‍්‍රත වස්තුව


පේ‍්‍රත ලෝකයේ තොරතුරු අපට කියා දෙන්නේ පේ‍්‍රත වස්තුවෙන්. මනුස්සයා විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී සාපයන්ගෙන් නිර්ධිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙනගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු, ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිසාව නිවා ගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුලුය. එමෙන්ම අකුසල කර්මයක් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින්ම සිදුවේ

Saturday, August 29, 2015

පේ‍්‍රත වස්තුවෙන්...


කම්ම විපාකය යනු ලෝකයෙහි අචින්තනීය වූ දෙයක්. එය විෂය වන්නේ බුදුවරයන් වහන්සේලාට පමණයි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගත හැකි වන්නේ ද බුද්ධ කාලයක දී පමණයි. කර්මයෙන් නිදහස් විය හැකි වන්නේ ද බුද්ධ කාලයක දී පමණක් ලැබෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු කිරීමෙන් පමණයි.

කණ්ණමුණ්ඩ පේ‍්‍රත වස්තුව

 

අපගේ තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයේ කණ්ණමුණ්ඩ (කණ් සිදුණු) එක් පේ‍්‍රතියක් සඳහා මෙම දේශනාව වදාළා.