Labels

Showing posts with label ආනිසංස. Show all posts
Showing posts with label ආනිසංස. Show all posts

Thursday, December 7, 2017

හොඳ නරක දෙකටම ලැබෙයි විපාකය


බුද්ධ ආදී මහා සංඝරත්නය උදෙසා එතුමා ලබා දෙන මේ දානය කෙතරම් අගෙයි ද? එය කෙතරම් අසිරිමත් ද? මෙවැනි පින්කම් සිදු කරන රජතුමා තව තවත් නිදුක්, නිරෝගී වේවා, එතුමාට මෙවැනි දානාදී පින්කම් කරන්න තව තවත් ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා’යි පැතුවා. ඒ පින්බර සිතිවිල්ලෙන් පිනා ගිය දුගියා මිය ගිය පසුව උපත ලැබුවේ දෙව් ලොව යි. එසේනම්, ඒ මනෝ මූලික කර්ම සිතිවිල්ල කෙතරම් අගෙයි ද? "
සාමාන්‍ය ව්‍යවහාරයට අනුව පුද්ගලයා කරදර පීඩා වන අවස්ථාවක දී පමණක් මේ කුමන කර්මයක් දැ’යි විමස යි. එහෙත්, කෙනෙක් විභාගයකින් සමත් වුණොත් එසේ නො විමස යි. එනම් පුද්ගලයා කර්මය යනුවෙන් අදහස් කරන්නේ අයහපත් පැත්ත යි. එහෙත්, කර්මය යනු යහපත් සහ අයහපත් ක්‍රියාවයි. එය කුසල් සහ අකුසල් වශයෙන් හඳුන්ව යි. තිදොරින් සිදු කරන්නා වූ ඒ කර්ම බොහෝ විට රැස් කරන්නේ සිත මූලිකව යි.


එක්තරා අවස්ථාවක දී කොසොල් රජතුමා බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා මහා අසදෘෂ දානයක් පූජා කළා. එය සෑම දෙයකින් ම පරිපූර්ණ අසිරිමත් දානමය පින්කමක්. එහෙත්, රජතුමා මේ දානය ලබා දුන්නේ තමන්ගේ බලය, ශක්තිය කොසොල් පුරවරයට පෙන්වීම පෙරදැරි කරගෙන යි. බුද්ධාදී මහා සංඝරත්නය කෙරෙහි පිරිනැමූ මේ දානයෙහි කුසල විපාක රජතුමාට ලැබුණා.

Saturday, November 4, 2017

මහත්ඵල මහානිශංස දානය ද? පරිත්‍යාගය ද?

දානය සහ පරිත්‍යාගය යන වචන දෙක ම අපට ඉතා හුරු පුරුදු ය. දානයෙන් සහ පරිත්‍යාගයෙන් කෙරෙන්නේ එකම අදහසක් යැයි විටෙක අපට සිතෙනවා. බුද්ධ දේශනාව අනුව මහත්ඵල මහානිශංස ගෙන දෙන්නේ දානය ද? පරිත්‍යාගය ද?
දානය සහ පරිත්‍යාගය දෙකෙන් ම කෙරෙන්නේ අත හැරීම යි. දානය යනු අත්හැරීමේ ප්‍රාථමික අවස්ථාව යි. පරිත්‍යාගය අත හැරීමේ උපරිමය යි. නිවනට උපකාරි වන්නේ පරිත්‍යාගය යි. එනිසා වඩාත් ප්‍රබල වන්නේ පරිත්‍යාගය යි.
දන් දෙන්නට අප හැම දෙනා ම කැමැතියි. දන් දෙන්නේ සිංහල බෞද්ධයෝ පමණක් නොවේ. අන්‍යාගමික අබෞද්ධයෝ ද විවිධාකාරයෙන් දන් දෙනවා. නමුත් ඔවුන් දන් දෙන්නේ නිවන ඉලක්ක කරගෙන නොවේ. අසරණයන්ට පිහිට වෙන්න ඕනෑ කියන හැඟීමෙන්, අනුකම්පාවෙන්. සමහර පිරිසක් එසේ කිරීම මගේ වගකීමක් කියන හැඟීමෙන් දන් දෙනවා. සමහර පිරිස් “මෙසේ දන් දීම මගේ අනාගතයට හොඳ ආයෝජනයක්. මහා නිධානයක්. සංසාරයේ ම සැප ලබා ගන්න පුළුවන් ක්‍රමයක්” කියා දන් දෙනවා. නමුත් බෞද්ධයා මේ ආකාරයට දන් දී සෑහීමකට පත් නොවිය යුතුයි. බෞද්ධයාගේ මේ සෑම දෙයක ම අවසාන ඉලක්කය නිවන අවබෝධ ය යි.
දන් දීමෙන් අප අත හරින්නේ චීවර, සේනාසන, පිණ්ඩපාත සහ ගිලානප්‍රත්‍ය නම් වූ සිව් පසය යි. මේ හතර අතහරින්න බැරි පුද්ගලයාට නිවන් දැකීම ඉතා අසීරු යි. දානය දෙන ගමන් පරිත්‍යාග කරන්නත්, අප පුරුදු වෙන්න ඕන. පරිත්‍යාග කියන වචනය හැදුනේ මේ ආකාරයට යි. “පරි” කියන්නේ හාත්පසින් ම, වටෙන් ම, සම්පූර්ණයෙන්ම කියන අර්ථය යි. “ත්‍යාග“ කියන්නේ අතහැරීම යි. නිවනට උපකාරි වන්නේ ඒ පරිත්‍යාගය යි. චතුරාර්ය සත්‍ය දේශනාවේ දී දුක්ඛ නිරෝධය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ “යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. . .” යනුවෙන් වදාළේ එනිසා යි. මෙතැන දාන කියා වචනයක් නැහැ. මෙතැන තිබෙන්නේ චාග හෙවත් පරිත්‍යාගය පමණ යි.

Tuesday, August 1, 2017

ප්‍රාර්ථනා සහ කුසලාකුසල විපාක

මිනිස්‌ ලොව පුහුදුන් ජීවිත ගත කරන සියල්ලෝම සිය ජීවිත වල යම් යම් බලාපොරොත්තු තබා ගනිති. තවද එම බලාපොරොත්තු කරා ළඟා වීමේ වෑයමකද නිරතුරුව යෙදෙති. පාසල් සිසුවකුගේ බලාපොරොත්තුවකට වඩා වෙනස්‌ බලාපොරොත්තුවක්‌ නැතිනම් වෙනස්‌ ඉලක්‌කයවක්‌ තරුණ වියට පත් වූවකුට තිබිය හැකිය. වයසින් මුහුකුරා ගිය අයකුට එය වඩාත් වෙනස්‌ විය හැකිය. මෙසේ වයස, දැනුම හා බුද්ධිය, තරාතිරම අනුව මේ ඉලක්‌කය එකිනෙකට වෙනස්‌ වේ. බලාපොරොත්තුව ඉලක්‌කය, අරමුණ, ප්‍රාර්ථනාව මේ කුමන වචනයෙන් වුවද ප්‍රකාශයට පත් වන්නේ එක සමාන වූ අරුතකි. එහෙත් එය ඉටු වනුයේ ඒ සඳහා ගන්නා වෑයම අනුවය. මෙකී වෑම බෞද්ධ දර්ශනයට අනුව පැහැදිලිs කරනතෙක්‌ පෙරුම් පිරීමකි. නැතිනම් පාරමිතාවකි.

Sunday, July 16, 2017

දානයෙහි අනුසස් ලියා නිම කළ නොහැක

" සියල්ල දන් දෙන වෙස්සන්තර රජතුමා අන්තිමට තම දේවියද දානය සඳහා පිදීමට හිත හදා ගන්නේ කෙතරම් අමාරුවෙන් විය හැකිද? එවැනි පිරිපුන් මනසක් සකස් කර ගෙන දන් දෙන උදවිය අද ලෝකයේ නැති තරම්ය. පුහුමාන්නය, ලෝක අපවාදයෙන් බේරීමට තම තමා ගේ නම්බුකාරකම්, බලපුලුවන්කාරකම් පෙන්වීමට දන් දෙන උදවිය වැඩිය. හිත හදාගෙන රොටී කෑල්ලක් වුවත් දානය සඳහා පිදීමට හැකි උදවියට වකුටු කළ අතක් දිගු කරන්නාක් මෙන් දිව්‍ය ලෝකයෙහි පහළ විය හැකි බව ජාතක කතා ආශ්‍රයෙන් මනාව පැහැදිලි වේ. "
ලොව වෙසෙන සෑම සත්වයෙක්ම යමක් ලැබේනම් කැමතිය. එහෙත් බොහෝ විට යමක් පරිත්‍යාගයට අකැමැතිය. එය සැම සමාජයකටම ආවේණික ගති ලක්ෂණයකි. මෙම අවේණික ගති ලක්ෂණය ඡේදනය කොට යමක් දීම සඳහා පෙළඹෙන්නේ නම් එය ජයකි. මානසික වශයෙන් මහා විප්ලවයකි. “දානංච යුද්ධං ච සමාන මාහු” යන පාඨ ආශ්‍රයෙන් පැහැදිලි වන්නේ එම මානසික විප්ලවයයි.

Sunday, June 18, 2017

මහත්ඵල මහානිසංස සහිත දන් දීම

දානය යන වචනය බෞද්ධයාට හුඟක්ම හුරුපුරුදු වචනයක්. දන්දීම වෙනත් ආගමිකයන් අතරද ක්‍රියාත්මක වෙන සද්චාරිත්‍ර ධර්මයක්. ඒක එහෙම වුණත් බෞද්ධයන්ට මෙය අන් කවර ආගමිකයන්ටත් වඩා හුරු වී තිබෙන්නේ උපතේ සිට මරණය දක්වා වන සෑම සුබ මෙන්ම අසුබ ක්‍රියාකාරකමක දී වුවත් දානය මුලට එනවා. නිදසුනක් වශයෙන් කෙනෙක් මිය ගිය විටත් ඒ වෙනුවෙන් හත් දවසෙන් තුන් මාසෙනුත්, අවුරුද්දෙනුත් සමහර විට අවුරුදු පතාත් දන්දීමෙහි යෙදෙනවා. ඒ වගේම තම දුවගේ, පුතාගේ විවාහ මංගල්‍යයට පෙරත් පන්සලේ හාමුදුරුවරුන්ට දානයක් දීලා ආශිර්වාද ලබා ගන්නා ක්‍රමයකුත් තියෙනවා. තමන් මරණයට කිට්ටු වෙනවා කියලා හිතලා ‘ජීවදානය’ කියා දානත් දෙනවා.
දැන් දැන් දෙන දාන පෙරට වඩා බොහොම විසිතුරුයි, හාමුදුරුවරුනුත් විශාල වශයෙන් වැඩමවලා මහ දන් දෙනවා. හාමුදුරුවරුන්ට දෙනු ලබන දේවලුත් පිරිකර වශයෙන් වුණත් විශාලයි. මිල මුදල් පවා දානයට වැඩම වූ හාමුදුරුවරුන්ට පිරිකර වශයෙනුත් පූජා කරනවා.

Wednesday, June 7, 2017

සිත පහදවා දුන් දානයේ අනුසස්

දන් පිළිගැන්වීමේ අනුසස් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් අසා පැහැදුණු දඹදිව් වැසියෝ සිත් පහදවා ගෙන ගේ මිදුලෙහි පැන් සකසා තැබූහ. ශ්‍රමණ, බ්‍රාහ්මණයින්ට, දුගී මගී යාචකාදීන්ට හැකි පමණින් දන් පිළිගැන්වූහ. පන්සිල් සුරැකූහ. මේ අතර එක් ශ්‍රද්ධාවන්ත කුල දුවක් වූවාය. දිනක් සතර ඉරියව් පැහැදීම් ඇති, පිඬු පිණිස වඩින තෙරුන් වහන්සේ නමක් දුටු ඈ මහත් සේ පී‍්‍රති වූවාය. උන්වහන්සේ නිවෙසට පමුනුවා පසඟ පිහිටුවා වැඳ වැටුණාය. දොහොත් මුදුන් තබා වැඳ වැටුණාය. අසුනක් සකසා ඒ මත රන්වන් සිනිදු වස්ත්‍ර අතුරා පිළිගැන්වූවාය. තෙරුන් වහන්සේ එහි වැඩ සිටියහ.
“මා වෙත වැඩම කර සිටින්නේ උතුම් පින් කෙතකි” ඇය තව තවත් සිත පහදවා ගත්තීය. ඇති හැකි පමණින් ආහාරමය දානයක්ද පිදුවාය. විජිනිපතක් ගෙන පවන් සැලුවාය.

Thursday, May 11, 2017

අනුසස්‌ ලැබෙන බණ අසන සැටි


තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍යය සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්චසමුප්පාදය ලෝකයාට දේශනා කිරීමටය. එම ධර්මය අවබෝධ කොට දුක්‌ සහිත සසරින් මිදෙන මග පෙන්වාදී සසර කතරින් එතෙර කරවීමටය. එය අතිශය දුර්ලභ දේශනාවකි. එබැවින් අං.නි. සාරන්දද සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ කෙනෙකු ලොව පහළවීම දුර්ලභ කරුණක්‌ වේ.

Sunday, May 7, 2017

සීලයේ අනුසස්

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නිය පිටට වැලි ස්වල්පයක් ගෙන භික්ෂූන් වහන්සේ අමතා, “මහණෙනි, වැඩි ප්‍රමාණයක් වැලි තිබෙන්නේ මාගේ නිය පිටෙහි ද? එසේත් නැතිනම් මේ මහ පොළොවෙහිද?”යි විමසූහ.
‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ මහපොළොවේ ඇති වැලි ප්‍රමාණය අප්‍රමාණය. ඔබ වහන්සේගේ නිය පිට ඇත්තේ ඉතා ස්වල්පයක් පමණ’ය යි භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්හ.
මෙය උපමා කරගනිමින් නඛසිඛ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ මහපොළොවේ වැලි කැට ගණනට මිනිසුන් වේ නම් ඒ මිනිසුන්ගේ මරණින් මතු නැවත මිනිසත් බවක් ලබන්නේ තමන් වහන්සේගේ නිය පිට වූ වැලිකැට ස්වල්පය මෙන් ඉතා ටික දෙනෙක් පමණක් බවය.
දුර්ලභ ලෙසින් මනුලොව ඉපිද, මිනිස්කම ඉක්ම වූ , පාපයන්හි නියැළෙමින් නැවත මිනිසත් බවක් නොලබන පිරිස මහත් බව, ගණනය කළ නොහැකි බව පෙන්වා දීමටය උන්වහන්සේ උත්සාහ කළේ.
‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ’ යනු අවස්ථාවට උචිත ලෙස භාවිත කෙරෙන ජන කියමනකි. බෞද්ධ දර්ශනය ඇසුරින් ජන සමාජයේ ප්‍රචලිත වූ මේ උපමාව පසුබිම් වන්නේද ඉතා දුර්ලභ අවස්ථාවක් විස්තර කිරීමේ දීය. එය දහමෙහි සඳහන් වන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් පුරසඳ දකිනවා වගේ යනුවෙනි. විය ගස යනු ශක්තිමත් ලීයකින් තැනූවකි. ලෙහෙසියෙන් නොදිරන්නේය. ගොවිතැන ජීවනෝපාය කරගත් අතීත ජන සමාජයට නැතිවම බැරි වූවකි. වියගස කලෙකින් දිරා ගියද වෙනත්
ප්‍රයෝජනයකට වුව ගත හැකිය. විසිකර හරින්නේ එය ද මගහැරුණේ නම් ය. එසේ වීසිකළ විය ගසක් මහ වැස්සකට හසුව මග නොරැඳී ගංගාවකට වැටෙන්නේය. ගඟෙන් මහ මුහුදට ගසාගෙන යන්නේය. මහ මුහුද කුණු කසළ බාර ගන්නේ නැත. වැටෙන දේ නැවත ගොඩ ගැසීම මුහුදේ සැටිය. එයින්ද මඟ හැරී මේ විය ගස මුහුද මැදටම තල්ලු වී යන්නේය. ඒ මොහොතේ මුහුදු පතුලේ සිටින එක් කණ කැස්බෑවෙක් දිය මතට එන්නේය. විය සිදුරෙන් අහස බලන්නේය. ඒ මොහොතේ වළාවෙන් මිදුණු අහසේ පුරහද පායා තිබිය යුතුය.
මේ ඉතා කලාතුරකින් විය හැකි දෙයකි.

Tuesday, April 25, 2017

වෛත්‍ය පිළිසකර කිරීමේ ආනිසංස.

පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.
මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.
මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.


බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.


බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාර ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.


මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.




අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගෙ facebook පිටුවේ පල වු ලිපියකි


කොඩි පූජාවේ අනුසස්...

බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති. කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවෙකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනුපන් තැන උසස් පුද්ගලයන් වීමටත්, ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිව යුතුය.
* උපවාන තෙරුන් වහන්සේ...
මෙයින් කල්ප ලක්ෂයකින් පූර්වයෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ ශාරීරික ධාතුහු අප බුදුරදුන්ගේ ධාතුන් මෙන් විසිරී නොසිට ඒකඝනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට මහා දාගැබක් කළහ. මහජනයා ඉතා බැතියෙන් අනේකාකාරායෙන් ඒ චෛත්‍යය පුදනු දුටු හංසවතී නගරයෙහි කුලී වැඩ කරමින් ජීවත් වූ එක් දුගියෙක් සෝදා පිරිසිදු කොට තිබූ තමාගේ උතුරු සළුව (කරේ දමන රෙද්ද) උණ ලීයක අග එල්වා කොඩියක් කොට චෛත්‍යය සමීපයෙහි පිහිට වූයේ ය. එය සුලඟින් සැළෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය. ඔහු මහත් ප්‍රීතියන් එක්තරා තෙර නමක් වෙත ගොස් තමාගේ ධ්වජ පූජාවේ අනුසස් විචාළේ ය. තෙරුන් වහන්සේ එහි අනුසස් මෙසේ පැවසූහ.

Saturday, April 8, 2017

පරදාර සේවනය නිරයේ උපතට හේතුවෙයි


කාම මිථ්‍යාචාරය පරදාර සේවනය ලෙස ද දක්වා තිබෙයි. “පර” යනු අනුන් හට අයත් යන අදහස දෙන පදයයි. “දාර” යනු ගැහැනිය, ස්ත්‍රිය, බිරිය යන අදහසින් යුක්තයි. නීත්‍යානුකූල විවාහයකින් හෝ විවාහ ගිවිස ගැනීමකින් තොර සැවොම කිනම් ආකාරයකින් හෝ අනුන්ට අයත් ස්ත්‍රිහු වෙයි. ඒ අනුව තමන්ගේ භාර්යාව හැර අනෙකුත් සියලුම ස්ත්‍රීන් පරදාර ගණයට අයත්ය.
ඒ ස්ත්‍රීන් අතරින් එක් අයෙකු සමඟින් හෝ කාම සේවනයෙහි යෙදෙයි නම්, එය කාමේසු මිච්ඡාචාරය යි. කාමේසු යන බහු වචනයෙන් මෙම පදය යුක්ත වී ඇත්තේ මෙම බොහෝ ස්ත්‍රීන් සමඟ වන කාම සේවනය අර්ථවත් කිරීමටය. කාමේසු මිච්ඡාචාරය යන සිල් පදයෙන් අදහස් වන්නේ අනිසි ලෙස ඉඳුරන් පිනවීම නොව වැරැදි කාම සේවනය ගැන බව අප අවධාරණය කළ යුතුය.

Thursday, January 19, 2017

දන් දීමයි අනුසස් ලැබීමයි අත් හැරීමයි නිරාමිස සතුටයි

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්.
දේවතා සංයුත්තය පිළිබඳව විමසිලි ඇසින් බලන විට බොහෝම මාතෘකා ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. දානය හෝ පරිත්‍යාගය පිළිබඳව දෙවිවරුන් විසින් විවිධ මති මතාන්තර අදහස් දැරු බව පෙනෙන්නට තිබෙනවා.

Sunday, December 25, 2016

පස් පවින් වැළකී ලබන දියුණුව ඉහළයි

පන්සිල් රකින්නන්ට අනුසස් ලැබෙන බව නියතයි. එහි කුඩා, අනුකුඩා අනුසස් සීමාවක් නැහැ. පන්සිල් නොරකින්නෝ පෝයට අටසිල් නොගන්නා දුෂ්ශීලයෝය. ඔවුන් දුකට පත්වනවා නියතයි.
මෙසේ අපායගාමී වූවෝ අඬනවා, දොඩනවා, කෑගහනවා, වැළපෙනවා. අනේ! මින් මතු පන්සිල් රකිනවා. පෝයට අටසිල් ගන්නවා’යි පවසනවා. නමුත් අපායේදී අඬලා දොඩලා ඵලක් නැහැ. අප අඬන්න, කෑගහන්න අවශ්‍යය මනුලොවෙහිදියි. ජීවිතය සාපරාධී ලෙස ගෙවා නොදැමීමට ශීල සංවරය වටිනවා, එය ලොවේ සැමටම නැහැ. ශීලය රකින්මෝ සිහි නුවණ ඇත්තන් පමණයි. ඔවුන් පෝයට අටසිල් සමාදන් වෙනවා. ඇතැම් අය පැවිදි වෙනවා, සමහරු පැවිදි උපසම්පදාව ලබනවා.
එය සිඳුවන්නේ තම තමන්ගේ පිනේ ස්වභාවය අනුවයි. ශීලය ගැන හොඳින් දැනුවත්ව ශීල සංවරය ගැන කථා කළ යුතුයි.

Monday, December 12, 2016

දන් දුන් බත් පතෙහි ලැබූ පින මහඟුය

"දානයෙන් උපන් සියලු තැන ආහාර ලැබේවායි ද ප්‍රාර්ථනා කළේය. සිතේ අදහස පුන් සඳක් සේ ඉටුවේවායිද පසේ බුදුහිමියෝ පැතූහ."
අතීතයේ බරණැස් සිටුතුමා හදිසියේ කාලක්‍රියා කළෙන් රජතුමා ඔහුගේ පුතු ගන්ධ නම් කුමාරයාට සිටු තනතුර ප්‍රදානය කළේය. ගන්ධ සිටුවරයා නමින් ඔහු ප්‍රසිද්ධ විය. සිටු මාලිගයේ භාණ්ඩාගාරික වරයා නවක සිටු තුමන්ට භාණ්ඩාගාරය හැර පියා විසින් රැස් කොට තැන්පත් කොට ඇති අති මහත් ධනය, පෙන්වීය. පියා මෙම ධනය රැගෙන නොගොස් මෙසේ තැන්පත් කර ගියේ ඇයිදැයි

Thursday, November 24, 2016

ධර්ම දානයෙහි ආනිශංස රැසක්

“සද්ධම්මො පරම දුල්ලභො” සද්ධර්මය පරම දුර්ලභය. සද්ධර්මය යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කොට දෙසා වදාළ නවලෝකෝත්තර වූ ශ්‍රී සද්ධර්මය වේ. අනුන් වෙනුවෙන් ධර්ම දානය කළ හැකි ක්‍රම කිහිපයක් දැක්වේ. ධර්ම දේශනා කිරීම, කරවීම, හා ධර්ම පූජා කිරීම, දහම් පොත් පත් මුද්‍රණය කර බෙදා දීම,ධර්මය ඉගැන්වීම, සීලයෙහි පිහිටුවීම, ධර්මය ඉගෙන ගන්නා සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම, ධර්ම ශාලා කරවීම, ධර්මායතන කරවීම මේ සියලු දේ ධර්ම දානමය කුසලය ලැබීමට හේතු වේ.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන විට එක්තරා දෙවියෙක් පැමිණ දානයන් අතුරෙන් කවර දානයක් ශ්‍රේෂ්ඨද?

Friday, November 18, 2016

කඨින චීවර පූජාව මහානිශංස වන්නේ ඇයි?

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

Monday, September 5, 2016

ගිලන් උපස්තානය මහා අසුසස්

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ 
මම බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.







1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්‍රවයකට වත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි ප්‍රිය විප්‍රයෝග දුකකට පත් නොවීම.

Saturday, September 3, 2016

සිල් සුවඳ දසත පැතිරේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’

නපුප්ප ගන්ධෝ පට්වාතමේතී
න චන්දනං තගරමල්ලිකාවා
සතං ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
පින්වත්නි,
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසූ පැනයකට මුල් වූ ගාථාවකි මේ. දෑ සමන්, ඉද්ද, සඳුන් ආදියෙහි සුවඳ යම් සීමාවකට පමණක් විහිදී යයි. නමුත් දිව්‍ය” බ්‍රහ්මාදී ලෝකවලට පවා විහිදී යන යම් සුවඳක් වේද? යන්න ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ්ගෙන් විමසූහ. එවිට බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ආනන්දය, දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෝකවලට පවා විහිදී යන සුවඳක් ඇත. එනම් සිල් සුවඳයි. දෑ සමන් සඳුන් ආදියෙහි සුවඳ උඩුසුළඟට ගසාගෙන නොයයි. සියලු දිශාවන්හි පැතිරෙන එම සුවඳ සිල් සුවඳ බව බුදුන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට පෙන්වා දුන් සේක.

Tuesday, August 23, 2016

සක්‌මන් භාවනාවේ අනුහස්‌

ධර්මානුකූල නොවන සාවද්‍ය ක්‍රම නිසා ආර්ය මාර්ගයෙන් ප්‍රතිඵල නොලැබෙන තත්ත්වයක්‌ වර්තමානයේ උදාවෙලා තියෙනවා. භික්‌ෂුන් නිවැරැදිව මාර්ගය වඩන තාක්‌ ලොව අරිහතුන් වහන්සේලාගෙන් හිස්‌ නොවන බව බුද්ධ දේශනාවේ සඳහන්ව තිබුණත්. වර්තමානයේ අරිහතුන් වහන්සේලාගෙන් නොවෙයි, ඉන් මෙහා මගඵලවලිනුත් සසුන බෙහෝකොටම හිස්‌ වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්න ඕන, වරදවා අනුගමනය කරන මාර්ග ප්‍රතිපදාව මිසක්‌ වෙන දෙයක්‌ නොවෙයි. වරදවා

පිහිටුවන ලද හැල් නන්ඩුව පාදයේ ඇනී තුවාල සිද්ධ වෙන්නේ නෑ වගේ, ධර්මානුකූල නොවන ප්‍රතිපදාවක්‌ අනුගමනය කිරීමෙන් ධ්‍යාන, මගපල නිවන් සාක්‌ෂාත් කරන්න බෑ.

සක්‌මන් භවනාව අයිති වෙන්නෙ යැමේ ඉරියව්වට.

Monday, March 14, 2016

අභය දානයෙහි අනුසස්


තෝදෙය්‍ය පුත්ත සුභ මානවකයා මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේම හීන ප්‍රණීත බවක් තිබීමට හේතු ප්‍රත්‍ය කවරේදැයි විමසීය. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු හීන ප්‍රණීත බවක් පැවතීමට හේතුව කර්මය බවයි.