Labels

Showing posts with label රූපය. Show all posts
Showing posts with label රූපය. Show all posts

Saturday, October 28, 2017

බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය - I

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...සතර අපායෙන් මිදෙමු' - 52 කොටස

අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.

Friday, October 27, 2017

ඔබේ තරුණ ලස්‌සන රුව කවුද රැගෙන ගියේ..


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... සතර අපායෙන් මිදෙමු' - 50 කොටස

ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. 

ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන කාරණයයි. කව්රු කොහොම බැඳුනත් ඔබ බැඳෙන්නේ කරුණු පහකටය කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන කියන කරුණු පහයි. මේ කාරණා පහේ ස්‌වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීමයි. යමක්‌ ස්‌ථිරභාවයේ නොපවතී නම් එතැන ඇත්තේ දුකයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා' කියලා. බුදුරජාණන්වහන්සේ කොතැනකදීවත් දේශනා කරන්නේ නෑ කාමයේ ආශ්වාදයක්‌ නැතිය කියලා. 'කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මහණෙනි, ඒ නිසාමයි සත්ත්වයා මේ තරමටම ඇස, කන, දිව, නාසය, මන, කය කියන ආයතන පිනවන්න උත්සහගන්නේ. ඒ උදෙසා දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. නමුත් පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදය වගේම එහි ආදීනවයකුත් තිබෙනවා. කාමයේ ආශ්වාදය කෙටිය. ඒ උදෙසා විඳින්නට වන ආදීනවය අතිදීර්ඝයි, කටුකයි කියලයි

Sunday, June 11, 2017

ආදීනව නොපෙනෙන අශ්වාදයද ආදරය?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' - 23 කොටස

තවත් වැලන්ටයින් දිනයක්‌ අත ළඟය. මෝහයට මෝස්‌තර දමා 'ආදරය' යෑයි ආටෝපයක්‌ සරුවට සමාජගත කරන්නේය. සරු දේ නිසරු වශයෙනුත් නිසරු දේ සරු වශයෙනුත් ගත් අහිංසක තාරුණ්‍යය මුලාවෙන් මුලාවට පත්වන්නේය. සැබෑ සැනසීම වෙනුවට කාමයේ ආශ්වාදය තුළ වැනසීමට පාර කපන්නේය. පරිහානියෙන් පරිහානියට යන ලෝකයේ ඒ 'නන්නත්තාර' රැල්ල නැවතීම (හේතු ඵල අනුව) අපට නොහැකිවුවද, සරු දේ සරු වශයෙන් ගලපාගැනීමටත් නිසරු දේ නිසරු ලෙසින් බැහැර කිරීමත් පහසුවක්‌ වනු පිණිස ආදරය ගැන සඳහන් මේ සටහන මෙම සතියේ ඔබට පිදීමට අපි තීරණය කළෙමු. 

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා 'මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ' කියලා.

Saturday, December 17, 2016

පිනට ලද රූපය පවට යෙද වූ සාපය


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි. කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය. පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය,

Monday, December 12, 2016

සොඳුරු රුවක යථාව

ශරීරය පිළිබඳව ඇතිවන්නාවූ මනස්කාන්ත නිසරු හැඟීම් හා ශරීරයත් සමඟ ඇතිවන්නාවූ ඇලීම් නවතා දැමිය හැකිය. ඇලීම් සහ ගැටීම් යන දෙකම නවතා දැමිය හැකි වන්නේ ශරීරය පිළිබඳව මනා අවබෝධයක් ඇතිකරගත් විටයි.නිවනට බාධාවක් වන්නේ ද ඇලීම සහ ගැටීමයි.
අප ඉතාම අලංකාරවත්ව ඇඳුම්න් පැළදුමින් සැරසී අංගරචනය කර සියුම් ඡායාරූපයක් ගත හැකි කැමරාවක් ඉදිරියට ගොස් ගනු ලබන ඡායාරූපය විශාල කර රාමු කරමින් බිත්තියෙහි එල්වා තබයි. අපගේ ලස්සන සුන්දර හැඩරුව එතුළින් මැනවින් නිරූපණය වෙයි. මම අසවලා බවට පින්තූරයට පහළින් නමක්ද ගසනු ලබයි. අපට සහ අපගේ ලස්සන පිළිබඳව සෙසු පිරිසට දැකිය හැකියි. අප විසින් එය මමය . යනුවෙන් හඳුන්වා ගනු ලබයි.
එම ඡායාරූප ගත් මොහොතෙහිම එක්ස්රේ කැමරාවකින් පින්තූරයක් ලබාගනු ලැබුවත් එම එක්ස්රේ රූපයට සම වැටෙන්නේ නැත.සමට ඉහළින් තිබෙන්නාවූ කෙස්ද සටහන් නොවෙයි. සමට පරිබාහිර වශයෙන් ගල්වා ඇති ආලේපනද සමෙහි හැඩරුවද සටහන් නොවෙයි. සමට යටින් තිබෙන මස් සහ මස් සමඟ තිබෙන මාංශ පේෂීන්ද මස් අතර තිබෙන රුධිර නාලිකාද සටහන් නොවෙයි. කට නාසය, කන,

Thursday, October 27, 2016

පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් තිබේද?

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු බෝධිසත්ව අවධිය තුළ ඇතිවුණ මනෝභාවයන් පිළිබඳ විග්‍රහ කළ අවස්ථාවේ රූපයේ ආස්වාදය කුමක්ද? රූපයේ ආදීනව කෙසේද?නිස්සරණය කුමක්ද? රූප, ‍ සංඥා සංස්කාර විඤ්ඤාණය යන පංචස්කන්ධය අප සියලු දෙනාටම තිබෙනවා.
බුදු දහම තුළ දුක පමණක් විග්‍රහ කර ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලැබුවද, බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සැප පිළිබඳවද විමර්ශනය කරමින් විග්‍රහ කර දේශනා කර තිබෙනවා රූපය ආස්වාදයක් බව දැනගත් පසු රූපයේ ආදීනවයන් කෙසේද? නිස්සරණය කෙසේද? යනුවෙන් විමර්ශනය කරමින් ලබාගත් නිවැරැදි අවබෝධය සියලු සත්වයාගේ හිත සුව පිණිස දේශනා කොට වදාරා ඇත. වේදනාවෙන් ලැබෙන ආස්වාදය කුමක්ද?ආදීනවය කුමක්ද?නිස්සරණය කුමක්ද? ෙමි ආදී වශයෙන් සංඥා , සංස්කාර, විඤ්ඤාණ ආදී වශයෙන් විමර්ශනය කරමින් බෝධිසත්ව අවධිය තුළම මෙම තත්වය විග්‍රහ කරගැනීම සඳහා කල්පනා කර තිබෙනවා.

Friday, September 2, 2016

කුලියට ගත් එළිය කුමට.......

 අපි කතාවට කියනවා, මනූෂ්‍යයා ආලෝකයට කැමතියි එහෙත් අඳුරට අකමැතියි කියලා. නමුත් ඒක එහෙම වෙන්න බැහැ. ආලෝකයට කැමති මනුෂ්‍යයාට නිඳි ඇඳට, නිදි පැදුරට ගියහම තම කැමැත්තෙන්ම විදුලි පහන් නිවාදමා අඳුර මගේ කරගන්නවා. අඳුරට කැමති වෙනවා. ආලෝකයට අනිත්‍යභාවයට පත්වී, අඳුර ඇතිවෙනවා වගේම මිනිසා මේ ස්‌වභාවයන් දෙකටම ඇලෙන්නේ තම සිතුවිලිද අනිත්‍යභාවයට පත්වන නිසා. ආලෝකයට කැමතිවූ සිත අනිත්‍යභාවයට පත්වී, අඳුරට කැමතිවූ සිත ඇතිවෙනවා. කල්ප ගණන් අපි දිව්‍යලෝක වල, මනුෂ්‍ය ලෝකයේ, සතර අපායේ ආලෝකයත් අඳුරත් අතර දෝලනය වෙමින් ගලාගෙන පැමිණි ගමනක්‌ මේක. මේ නිසා මේ දෙයාකාරයේ කැමැත්ත තවමත් අපට තිබෙනවා. නමුත් මනුෂ්‍යයා අඳුරට වඩා ආලෝකයට කැමතියි.

නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි.

දැවෙන සමක්‌-නිවෙන මගක්‌

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී "මෙවලමක්‌" සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි.

ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම රතුවෙලා, ඉදිමිලා, මගේ සම කළු වෙලා, මගේ සම පැලිල, මගේ සමේ බිබිලි, තුවාල, අළුහම්, කබර දමලා, මගේ සම පිච්චිලා කියන වචන අපි නිතර භාවිතා කරනව. සම මගේ කියල විතරයි අපි දන්නෙ.

Saturday, August 13, 2016

දුක පංචස්ඛන්ධය නොව උපාදානය කරගැනීමයි

"ප්‍රශ්නය තිබෙන්නේ පංචස්ඛන්ධය තුළ නොවන බවත් ,පංචස්ඛන්ධය උපාදානය කරගැනීම තුළ ප්‍රශ්නය ඇති වන බව අවබෝධ කරගත යුතුයි.පංචස්ඛන්ධය, පංචස්ඛන්ධය ලෙස තිබෙනවා නමි, ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යයි. අපට එය පිළිබඳව දුකක් අසහනයක් පැමිණෙන එකක් නැහැ. තෘෂ්ණාවක් හටගන්න එකක් නැහැ. නිරන්තරයෙන් ධර්මය පරිශීලනය කිරීමෙන් මෙම සංකල්ප තේරුම් ගැනීමට උපකාරීවෙයි. එය සඳහා උපකාර පිණිස අඛණ්ඩ සිල්වත් කම, අවශ්‍යයයි. "

ලස්සන සහ කැත පිළිබඳව පූර්ව ඉගැන්වීම් මගින් ඇතිවුණ සංකල්පය වෙයි.“ මිහිරි” සහ “අමිහිරි” පිළිබඳව සංකල්ප අප තුළ ගොඩ නගාගෙන ඇත. එම සංකල්ප සමඟ රූපයක් දෙස බලන විට ඇසයි, රූපයයි, එකට සම්බන්ධ වීම තුළින් වේදනාව නිර්මාණය වී වින්දනයක් ලැබෙයි.

Sunday, August 7, 2016

රීකන්ඩිෂන් කරනු වෙනුවට අවබෝධයෙන් දකිමු මේ කය

ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක්‌ තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක්‌ මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට්‌ වලින්, පිපිඤ්ඤා, කැරට්‌, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ.

Wednesday, August 3, 2016

පමා නැති දිවි ඇති දනන් මරණින් ගැලවෙති

අපේ පියවි ඇසට පේන දේ බොහොම ටිකයි. නොපෙනෙන දේ ගොඩක් තියෙනව. හැමකෙනෙක්ම වගේ ගනු දෙනු කරන්නෙ පෙනෙන දේ එක්ක විතරයි. තමන් ගැනම හිතල බලන්න. ඔබ වැඩි අවධානයක් යොමු කරන්නෙ ඔබේ ඇසට පෙනෙන ශරීර කොටස් ගැනද, නැත්නම් ඇසට නොපෙනෙන සිත ගැනද කියල. ඇසට පෙනෙන ශරීරය ගැන නේද? මතු පිටින් නොපෙනුනත්, ඇඟ ඇතුලෙ තිබුණත්, ස්කෑන් කරල හරි බලන්න පුළුවන් ශරීර කොටස් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනව. ඒත් ඒ ශරීරය මේ භවයෙ පරිහරණයට පමණක් ලැබුණ එකක්. සිත ගැන අවධානය කරන කෙනා ඊට වඩා ඉහළින් ඉන්න බුද්ධිමතෙක්. මොකද එයා අවධානයට යොමු කරන්නෙ මේ භවයට පමණක් නෙවෙයි අනාගත බව වලටත් අපට වැදගත් වන කරුණක් පිළිබඳව නිසා.

මාගන්දියා කියන්නේ රූපය ලස්සන තරුණියකි. ඒ නිසාම ඇය ඒ වසරේ ජනපදයේ රූප සුන්දරිය බවටත් පත්වුණා. ප්‍රඥාව නොවැඩුණු ඇයට, පෙර පිනකින් ලැබුණු ලස්සන රූපයම දෙලොව විනාශය උදා කළ හැටි අපේ බණ පොතේ කියවෙන්නෙ මෙහෙමයි.
දවසේ වැඩි කාලයක් මාගන්දියා රූපය රැක ගැනීමේ කටයුතුවල තමයි යෙදී සිටියෙ.

රූපය දැඩිව ග්‍රහණය කරගන්නා ප්‍රමාණයට අනුව දුක ද වැඩිවේ

රූපය තුළ තිබෙන්නාවු හේතුඵල සම්බන්ධතාව වටහා ගතහොත් පමණමයි, අප රූපවලට උපාදානය වීම ඛණ්ඩනය වෙලා යන්නේ, රූපය සැකසුන ආකාරය හා එය පැවතිය යුතු ආකාරය අප අපගේ නුවණට ගොදුරු කරගත හොත් රූප තිබු පමණින් රූප දැඩිව ග්‍රහණය කරගෙන කටයුතු කිරීමට තිබෙන රාග අපේක්ෂිත මානසික උනන්දුව ක්‍රමයෙන් අප තුළින් ක්ෂය වී යයි.'
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය පිළිබඳව දේශනාව ඉදිරිපත්කරද්දී දුක කුමක්ද? කියලා විස්තර කර අවසානයේදී සංඛිත්තේන පංචුපාදා නක්ඛන්ධා දුක්ඛා යනුවෙන් වදාරා ඇත. සංෂිප්තව සඳහන් කරන්නේ නමි, අපගේ දුකට කාරණාව පංච උපාධානස්කන්ධය බව විභංග සූත්‍රයේදීත් දමිසක් පැවතුමි සූත්‍රයේදීත් ඒ පිළිබඳව දේශනා කර ඇත.
මෙහිදී බුදුරජාණන් වහන්සේ දුක යැයි පෙන්වා දෙනු ලබන්නේ පංචස්කන්ධය නොවන බව අප නිවැරැදිව වටහාගත යුතුයි. පංච උපාධානස්කන්ධය නමින් එය වටහා ගත යුතුයි.

Friday, July 22, 2016

රූපයේ යථාර්ථය

සත්වයා සෑදී ඇත්තේ කොටස්‌ දෙකක්‌ එකතු වීමෙනි. එනම් සිත සහ කයයි. සිතක්‌ නොමැති කයක්‌ මළකුණක්‌ ලෙස හඳුන්වයි. විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයකුට වැදගත් වන්නේ තමන්ගේ කය පිළිබදව හෙවත් රූපය පිළිබඳ ව මූලිකව අවබෝධ කරගැනීමයි. ඉන් පසුව සිත පිළිබඳ අවබෝධ කරගත හැකිය. යම් අයෙක්‌ කයේ යථාර්ථය නිවැරැදි ආකාරයෙන් අවබෝධ කරගැනීමට ධාතු මනසිකාරය,පටික්‌කූල මනසිකාරය, නවසීවතිකය, අහාරයේ පටික්‌කූල සංඥා යනා දී භාවනාවන් භාවිත කළ හැකිය. 

Friday, May 27, 2016

ඔබ රූපලාවන්‍යාගාරයක්‌ නොව කුණුවෙන සතර මහ ධාතුවක්‌මය


මාගන්දියා නමැති බමුණු පවුලේ දියණිය පංචකල්‍යාණියක්‌. ඇයගේ රූපයෙන් ඇය මත්වෙලයි සිටියේ. ඇයගේ බමුණු පියා මාගන්දියා දියණියව බුදුරජාණන්වහන්සේට යෝජනා කරනවා.

Tuesday, April 12, 2016

මස්‌පිඬුවලින් සැදුම්ලත් ශරීර මායාව


අද ලෝකය තුළ ශරීරයට ලැබී ඇති වටිනාකම ඉතා ඉහළය. ශරීරය අගය කිරීම, වර්ණා කිරීම, ඒ වෙනුවෙන් කැපවීම ඉතා ඉහළය. එලෙසම ශරීරය වෙනුවෙන් ආඩම්බරවීම, උදම්වීම, මාන්‍යයක්‌ ඇතිකර ගැනීම, උඩඟුවීම ආදියද නිමක්‌ නොමැතිව සිදුවේ. මේ ආදී සිතුවිලි ධාරාවන් ඔස්‌සේ පවතින ශරීර මායාව පිළිබඳ අවබෝධය මිනිසුන් තුළ අල්පය. සත්‍යවශයෙන්ම කරුණු ඒ පිළිබඳ දැන ගැනීමට නම් බුදුහිමි ශරීරය පිළිබඳ දේශනා ධර්ම කාරණා පිළිබඳ අවබෝධයක්‌ ලබාගත යුතුව ඇත.

Sunday, March 6, 2016

මිනිස් සිරුරේ ස්වරූපය




බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය.

Wednesday, December 2, 2015

අස්ථිර ලොවෙහි ස්ථිර කිසිවක් තිබේද?


ඉල් පුර අටවක පෝදා දහම් සාකච්ඡාවෙන් ඔබට පැහැදිලි කළා සේ ඉල්පුර පසළොස්වක පෝදා තෘෂ්ණාවෙන් බැඳුණු මේ ජීවිතය ගැන සරල ලෙස නිදසුන් මඟින් පැහැදිලි කර විමසා බලමු.
වර්තමාන පරිසරය තුළ ඇති වී නැතිව යන මේ සංස්කාර වස්තූන් මගේ කර ගනිමින් හඬන, වැළපෙන, පස්පව් සිදු කරන මනුෂ්‍යයන් කොපමණ සිටිත් දැයි තේරුම්ගත හැකිය. ඔබ ද එවැනි කෙනෙක් දැයි, ඔබ විසින් තම සිතින්ම විමසා බැලීම වටී. වැරැදිලාවත් ඔබත් එවැනි කෙනෙක් නම් වහාම එම අනවබෝධයෙන් බැහැරවීමට මේ දහම් කතාව උපයෝගී කරගත යුතු බව මෙත් සිත් පෙරටුව සිහිපත් කරමු.

Wednesday, September 30, 2015

ලස්සන සිරුරේ යථාව තේරුම් ගැනීම


“ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා ,තචො මංසං නහාරූ, අට්ඨි, අට්ඨි මිඤ්ඡ වක්කං හදයං යකනං කිලෝමඛං පිහකං, පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේලෝ සිංඝානිකා ලසිකාමුත්තං මත්ථකේ මත්ථලුංගං”

Thursday, September 17, 2015

රූපාදි ස්කන්ධයේ තිබෙන ජරා මරණ දකින්නේ කොහොමද?

 

ජරා, මරණ වශයෙන් හිතා විමසා අප තුළ තිබෙන සැබෑ ස්වභාවය දැනගන්න උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහය කිරීම තුළම ශ්‍රද්ධාව, ප්‍රමෝදය, පී‍්‍රතිය, ඵස්සද්ධිය,