Labels

Thursday, February 22, 2018

ඇසිපිය හෙළන සැණෙකින්

භාවනාව යනු සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීමේ අර්ථයෙන් ද භාවනා අර්ථය වටහා ගත හැකි යි. තම ගුණ නුවණ දියුණු කර, සති, සමාධි , ඥාන වැඩි දියුණුවෙන් බෝධි පාක්ෂික ධර්මයන් සම්පූර්ණ කර ගැනීමෙන් සිතේ වැඩීම හොඳින් සිදු වෙයි. සිත දියුණු කර ගන්නා ක්‍රම බුදුරජාණන් වහන්සේ බහුලව පැහැදිලි කර තිබෙ යි. සමථ භාවනා හතළිහක් දේශනා කර වදාළේ නීවරණ සංසිඳුවාගෙන සිත දියුණු කර ගැනීම සඳහා යි. සිතේ බලවත් ලෙස පහළ වන තණ්හාව, තරහව, මෝහය, උඩඟුකම, ආදී පාපී සිතිවිලි තුරන් කර ගැනීම සඳහා භාවනාව පිටිවහලක් වෙයි. බෞද්ධ මෙන් ම අබෞද්ධ ජනතාවත් මේ ක්‍රමවල යෙදී ගවේෂණය සිදු කරනවා. ලොවේ සෑම රටක ම භාවනා ක්‍රම තිබෙ යි. එයට අනුයුක්තව අති විශාල පිරිසක් කටයුතු කරනවා. ඒ මඟින් සිය, සිත දියුණු කර, ගත , වචනය සංවර ව වාසය කරනවා.
බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා භාවනා ක්‍රම දේශනා කර වදාළා. මරණ සතියෙන් ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ වදන කවුරුත් සිතට ගෙන මරණ සතිය වඩන්න අවශ්‍යය යි. අපේ මහ බෝසතාණන් වහන්සේ ද ඉහත ආත්මයක මරණානුස්සති භාවනාව වඩන නිවසක උපන්නා. ඒ උත්තමයාට හදිසියේ සර්පයෙක් දෂ්ට කර මරණයට පත් වුණා. උන් වහන්සේ මරණාසන්න මොහොතේ ද ‘ජීවිත ය අනියත යි. මරණය නියත යි’. යනුවෙන් මෙනෙහි කළ නිසා මහා දෙව් රජාණන් කෙනෙක් වී උපත ලැබුවා. එතුමා මරණ සති භාවනාව පිළිබඳ පැහැදිලි විවරණයක් තම පෙර භවයේ මව් පියන්ට ද පහදා දී මරණ සතිය හොඳින් දියුණු කර දෙව් ලොවට ම පැමිණීමට අවශ්‍යය ගුණ සම්පත් දියුණු කළ යුතු බව ද පැහැදිලි කළා.

ධර්මාවබෝධය ලබන්නෝ

ආර්ය පර්යේෂණ සූත්‍රය
බුදුරජාණන් වහන්සේ විසින්, තමන් වහන්සේ සත්ත්වයන් පිළිබඳව දුටු ආකාරය පිළිබඳව උපමාවකින් දේශනා කරනු ලැබූහ. ‘නෙළුම් විලක බොහෝ පියුම් වෙති. සමහර විට ජලයෙහි ගිලී දියෙන් උඩට නො නැගී පවතී. තවත් සමහර විට මඩෙහි නො තැවරී පිපී ජලයෙන් උඩට නැඟී බබළති.
ඒ ආකාරයෙන් මේ ධර්මය පහසුවෙන් අවබෝධ කළ නොහැකි අය වෙති. පහසුවෙන් අවබෝධ කළ හැකි සත්ත්වයන් ද වෙති’යි උන්වහන්සේ දේශනා කළ සේක.
ඉන් අදහස් වන්නේ ලෝකයේ කෙලෙස් වැඩි පුද්ගලයන් ඇති බව ය. තියුණු ඉන්ද්‍රියන් නැති, පරලොව පිළිබඳව විශ්වාසයක් නැති අය ඇති බව ය. පව් පින් පිළිබඳව විශ්වාසයක් නැති, පුද්ගලයන් ඇති බව ය. පරලොව පිළිබඳව අවබෝධයක් ඇති, කෙලෙස් බිය ඇති. ධර්මය පහසුවෙන් අවබෝධ කරගත හැකි අය ද සිටිති.
බුදුරජාණන් වහන්සේ විසින් සහම්පතී බ්‍රහ්මයාට
‘අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යෙ සෝතවන්තෝ පමුඤ්චන්ත්‍ර සද්ධං’ යන ගාථාවෙන් මේ ආකාරයෙන් පිළිතුරු දුන් බව මෙසේ දේශනා කළ සේක.
“යම් කෙනෙකු ට කන් ඇත්තේ නම්, ඔවුහු දැන් ශ්‍රද්ධාව මුදාහරිත්වා. ඔවුුන් ට නිවන් දොර මා විසින් විවෘත කරන ලද්දේ ය”. බ්‍රහ්මය මට වෙහෙසකි යන කල්පනා ඇත්තෙමි. ප්‍රගුණ වූ උතුම් ධර්මය මිනිසුන් කෙරෙහි නො දේශිතය.
මෙහි පළමු දහම් පෙළ ඉතා වැදගත් ආරාධනාවකි. එනම් යම් කෙනෙකුට කන් ඇත්තේ නම්, ඔහු දැන් සිටම තම ශ්‍රද්ධාව මුදා හැර මා විසින් විවෘත කරන ලද මේ නිවන් දොරින් ඇතුළුව කෙලෙසුන්ගෙන් නිදහස්ව ලබන සසර දුකින් නිදහස්වන අමා නිවනින් සැනසේවා යන ආරාධනාවයි.

ධර්ම මාර්ගය තුළ රැකවරණය


විමාන වත්ථුවෙහි සඳහන් වෙන සේ , මුගලන් මහ රහතන් වහන්සේ දෙව් ලොව වැඩම කර, දෙවිවරුන්ගෙන් තොරතුරු විමසා බැලූහ. පින්වත් දෙවිය, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ කුමන පිනක් හේතුවෙන් ද? පින්වත් දෙව් දුව, ඔබ මෙතරම් අලංකාර දිව්‍ය ශරීරයක් ලබා ඇත්තේ කුමන පිනක් බලවත් වී ද? මෙතරම් දිව්‍ය සැප සම්පත්, ලැබුණු දිව්‍ය යානාවන් කෙතරම් ලස්සන ද? ඔබ මෙතරම් සැප සම්පත් ලබන්න පෙර ජීවිතයේ කොහේ සිටියා ද? කළ පින්කම් මොනවාදැ’යි විමසූ විට, ස්වාමීනි, මා කළ පින ම සිහි කරමින් සිටිය දී එය මරණ මංචකයේ ද බලවත් වුණා. ඒ පිනෙන් ම තමා දෙව් ලොව උපත ලැබීමට හේතුව යැ’යි පැවසුවා ය. එවිට ඒ පින්වතුන්ට මරණ මංචකයේ දී පින සිහි කරගන්නට පුළුවනි.
සිහියෙන් මිය යන්නාට අඩුම තරමින් තමා අසළ සිටින පුද්ගලයාට හෝ කළ පින සිහි කර දිය හැකි යි. ඒ නිසා අපේ අතීත මුතුන් මිත්තන් පවා පින් පොත් සටහන් කර තැබුවා. ඔවුන්, මරණ මංචකයේ ද පිනක් සිහි කරගෙන සුගතිගාමී වෙන්නට සුවිශේෂී උත්සාහයක් දැරුවා.

තෘප්තිමත් ජීවිතයක් සඳහා බුද්ධෝපදේශ


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් ‘බුදුසරණට’ ලියූ මෙම ලිපිය 2017 දෙසැම්බර් 03 වන දා පළවූවකි. උන්වහන්සේ ට උපහාර පිණිස මෙසේ නැවත පළ කරමු.
තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන් පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.” “ඔබම වෙර දැරිය යුතුය”, “ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය. අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.”

මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවෙකුටත් ගැති නොවී ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා රහත්වීමටත්, ලොව දිනීමටත් සමර්ථවන බව පෙන්වා දුන්හ.

Sunday, February 18, 2018

අගසව් ගුණ නැණ හැඳින දිවිමග සපල කර ගනිමු

“මහණෙනි, පංච වර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්ද වග්ගිය භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලුදෙනා ම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අගසව් තනතුරු පතා ම පින් කළහ.”
බෞද්ධ සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසකගෙන් සමන්විත ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහි මෙම සිව් පිරිසෙහි ම විශේෂ කුසලතා සැලකිල්ලට ගනිමින් ඔවුනට යෝග්‍ය තනතුරු ප්‍රදානය කළ හ. මෙම තනතුරු අතර වඩාත් විශිෂ්ට වනුයේ අගසව් තනතුරු දෙක ය. බුදු සසුනෙහි එම උත්තරීතර තනතුරු ලැබීමට භාග්‍ය සම්පන්න වූයේ සැරියුත් මුගලන් යන මහ රහතන් වහන්සේ දෙනම ය.
රජගහ නුවර දඹදිව ඉතා ප්‍රසිද්ධ නගරයකි. ඒ සමීපයෙහි උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර බමුණු කුලයක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුත්‍රයා උපතිස්ස යන නමින් ප්‍රකට විය. කෝලිත නම් බමුණු ගම ද උපතිස්ස ගම සමීපයෙහි වූ තවත් ගම්මානයකි. එහි මහාසාර බමුණු කුලයෙහි මොග්ගල්ලාන බැමිණියගේ පුත්‍රයා ප්‍රකට වූයේ කෝලිත යන නමිනි.
මෙම උපතිස්ස - කෝලිත දෙදෙනා ඉතා කුඩා කල පටන්ම කල්‍යාණ මිත්‍රත්වයක් ඇතිව ජීවත් වූහ. ක්‍රමයෙන් තරුණ වියට පත් ඔවුහු තවත් මිතුරන් පිරිසක් ද සමග රජගහනුවර වාර්ෂිකව පත්වන මහා සැණකෙළියකට සහභාගි වූහ. ඔවුන් සැණකෙළිය නරඹනුයේ අපමණ විනෝදාස්වාදයකින් යුක්තව යි. එහෙත් උපතිස්ස කෝලිත දෙදෙනා මෙමගින් සෙසු තරුණ තරුණියන් ලබන විනෝදය නො ලැබූ හ. එපමණක් නොව ජීවිතය ගැන කලකිරීමක් ද ඇති කර ගත් හ.

අරුම පුදුම ඍද්ධි බලය


ඍද්ධි යන සංස්කෘත වචනය පාලි භාෂාවෙන් බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත්තේ ඉද්ධි යනුවෙනි. එය සිංහල ව්‍යවහාරයේ ඉර්ධිය යනුවෙන් ද භාවිත වේ. එම වචනයේ තේරුම උසස් බවට පැමිණීම යන්නයි. කෙනෙකු තුළ පවතින යම්කිසි ගුණ සමුදායක් ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ ඔහුගේ වැඩීමට හේතුවේ නම් එය ඍද්ධි නම් වේ.
බුදු දහමෙන් කියාදෙන දැහැමි මාර්ගය අනුගමනය කිරීමෙන් කෙනෙකුට ලැබෙන ළාමක වූ අධ්‍යාත්මික ශක්තියක් ලෙස ඍද්ධි බලය සලකනු ලැබේ. පහත දැක්වෙනුයේ ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමෙන් මෙන් ම චිත්ත සමාධිය ප්‍රගුණ කිරීම නිසා ලද හැකි එබඳු බල විශේෂයන් දහයක් පිළිබඳ විස්තරයකි. ඒවා දස ඉද්ධි ලෙස නම් වේ. භාවනාව ප්‍රගුණ කිරීමෙන් කෙනෙකුට ලැබිය හැකි ධ්‍යාන සමාපත්ති ආදිය පිළිබඳව ඔබ අසා ඇත. චිත්ත පාරිශුද්ධිය ලැබූ යෝගාවචරයෝ සමාධියෙන් මනස දියුණු කොට ඇති ආකාරය අනුව ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය ආදී ධ්‍යානවලට හා ඊට වඩා උසස් සමාපත්තිවලට එළඹෙති. එබඳු උතුමන්ට අධිෂ්ඨාන බලයෙන් යම් යම් දේ කළ හැකි ශක්තියක් පවති.

වෛර නො කිරීම සැපයකි ( කාලි යක්ෂණියගේ කතා වස්තුව )

සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන අතර භාග්‍යවතුන් වහන්සේ දරු පල ඇති කතක් හා දරුපල නැති කතක් ඇරඹයා මේ කතා වදාළහ.
එක් ගෘහපතියෙක් තම බිරිඳට දරුවන් නැතිකම පිළිබඳව තැවෙන විට ඔහුගේ බිරිඳ මෙසේ සිතුවාය. ‘මේ විදියට දරුවකු නැතිව කලක් ගත වුණොත් නැන්දම්මත්, ස්වාමිපුරුෂයාත් දෙන්නම එකතු වෙලා මට වෙනස්කම් කරයි. තවත් ගැහැණු කෙනෙක් මේ මනුස්සයාට ගෙනාවොත්, එයාගෙන් ළමයි ලැබෙනවානම්, මටත් සහනයක්. එතකොට ප්‍රශ්නයක් නැතිවෙයි.” මෙසේ සිතූ ඕ තම පුරුෂයාට තවත් කාන්තාවක් අවාහ කර ගන්නට සැලසුවා ය. එහෙත් දෙවන බිරිඳ ගැබ් ගන්නා විට ඇයගේ සිතෙහි ඊර්ෂ්‍යාවක් ජනිත වී ඔසුවක් රහසේ පොවා ගැබ් නැසුවා ය. එය තේරුම් ගත් දෙවන බිරිඳ ඊළඟ වර ගැබ් ගත් විට එය රහසක් ව තබා ගත්තා ය. එහෙත් ඇය දෙස බැලීමෙන් ඇය ගැබ්ගෙන ඇති බව දැනගත් පළමු බිරිඳ නැවත ද ආහාර සමඟ මිශ්‍ර කොට බෙහෙත් යොදා ගැබ් නැසුවා ය. අන්තිමේ දරු ප්‍රසූතියකදීම මිය ගිය දෙවන බිරිඳ දැඩි කෝපයෙන් පුපුරමින් මෙසේ ප්‍රාර්ථනා කළාය. ‘මම උප උපන් ජාති නුඹෙනුත් නුඹේ දරුවන්ගෙනුත් පළි ගන්නෙමි” දිග වෛරයක ආරම්භය මෙසේ සටහන් විය
ඊළඟ ජන්මවලදී මේ දෙදෙනා බැළලියක් හා කිකිළියක්, මුව දෙනක් හා කොටියෙක් ආදි වශයෙන් ඉපිදෙමින් වෛරයෙන් වෛරය පෝෂණය කරමින් සසර සැරිසරා අවසන බුදුන් දවස සැවැත්නුවර ධනවත් සිටුවරයෙකුගේ දියණියක හා යක්ෂණියක වශයෙන් උපන්න හ.

Saturday, February 17, 2018

මිය යන මොහොතේ ම...

අප එකට පින්දහම් කර, බණ භාවනා කළා. එකට ධර්මයේ හැසිරුණා. අපට සදහම් මඟ යන්නට මඟ පෙන්වූ යහළුවන්, කල්‍යාණ මිත්‍රයන් කොහේදැ’යි යනුවෙන් කල්‍යාණ මිත්‍ර දෙවිවරු නිබඳව ම තම මිතුරන් ගැන සොයා බලති. ඒ දෙවිවරු, මනු ලොව එකට බණ භාවනා, පින් දහම් කළ තමන්ගේ මිත්‍රයෙක් මිය ගොස්, දෙව් ලොව ම උපත ලබා සිටින බව දකියි. නමුත් දෙව් ලොව උපත ලැබූ ඔහු, ධර්මයේ නොහැසිරෙ යි. විනෝදයෙන් කාලය කා දමා දිව්‍ය කාමයන්ට මුසපත්ව වාසය කරයි. එවිට කල්‍යාණ මිත්‍ර දෙවිවරු මේ පුද්ගලයා සොයා පැමිණෙ යි. ඔහු වටකරගන්නා දෙවිවරු තම මිතුරාගේ පරණ මතකය ආවර්ජනා කරයි

‘පින්වත් මිතුර, මනු ලොව අප එකට වාසය කළා මතක නැද්ද? ඔබ, අප සමඟ මෙවැනි පින්කම් කළා නේද? ඒවා මතක් කර ගන්නැ’යි පවසා ඒ කල්‍යාණ මිත්‍ර දෙවිවරු තම මිතුරාට මතකය අවධි කර දෙති. බුදුන් වහන්සේ එය උපමාවකින් මෙසේ සඳහන් කළ සේක. ‘මහණෙනි, එය කාලයකට පසුව පරණ යහළුවෙක් මුණ ගැසුණා වැනි යි.
සිතන්න, ඔබගේ ජීවිතයේ දිගු කලකට පසු පරණ හිත මිතුරෙක් හෝ, විදේශයක සිටි අයකු හෝ, නෑදෑ හිත මිත්‍රයෙක් හෝ හදිසියේ ම, මුණ ගැසුණොත් විමසන්නේ කෙසේ ද? අප ඉස්සර මෙහෙම නේද? යනුවෙන් පරණ දේ කතා බහ කරයි. බුදුරදුන් වදාළේ, ‘මහණෙනි, කාලයකට පසුව පරණ යහළුවෙක් මුණ ගැසීමෙන්, පරණ දේ සිහි කරගන්නවා වගේ දෙවිවරු තමන්ව සොයා විත් මනු ලොව දී එකට කළ පින්කම්, ධර්මය පුහුණු කළ අයුරු, බණ භාවනා කළ ආකාරය මතකයට නඟා, අපි ධර්මයෙහි හැසිරෙන්න යමු, බණ අසන්නට සුධර්මා දිව්‍ය සභාවට යමු යැ’යි පවසති.

භව ගමන කෙසේ සැකසේ ද?

යම් කුසල කර්මයක් සකස් වන්නේ නම් මල් වතු, උයන් වතු, දිව්‍ය ලෝක ආදි වශයෙන් වූ ගති නිමිති සිතෙහි පහළ විය හැකි ය. අකුසල කර්මයක් සකස් වූයේ නම්, ගින්දර, තිරිසන් සත්ත්වයන්, අවි ආයුධ, රුධිරය, අපාය වැනි ස්ථාන මතුවී පෙනෙන්නට පුළුවන.
ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පහෙන් අරමුණු දැන ගන්නා වු සිත හෙවත් පංච ද්වාරජ්ජන සිත හටගෙන නැති වන්නේ ය. ඉන්පසු මනෝ ද්වාරජ්ජණ සිත හට ගන්නේ ය. නැති වන්නේය. ඉන්පසු ජවන් සිත් පහක් වේගයෙන් හට ගනී. ඒවා ද නැතිව යයි. ඉන්පසු පුනර්භවය කරා යෑමට සත්ත්වයාට මඟ සලසා දෙමින් තදාලම්භන සිත හට ගන්නේ ය. එනම් සසරෙහි පැවැත්මට උපකාරවන අයුරින් තදාලම්භන සිත හටගෙන නැතිව යන්නේ ය.
ඉන් අනතුරුව බොහෝ කෙනෙක් නිරතුරුව සඳහන් කරන භවනාංගයේ අවසන් අවස්ථාව හෙවත් චුති චිත්තය හට ගන්නේ ය. එය ද නැතිව යන්නේ ය. චුති චිත්තය අවස්ථාවට පැමිණෙන විට මරණයට පත් වු පුද්ගලයාගේ, කර්මයේ සිට කුසල කර්ම නම් සකස් වෙමින් පැමිණ චුති චිත්තයට ද කුසල කර්මය ම හටගෙන නැතිව යන්නේ ය.අකුසලයක් නම් කර්මයේ සිට මේ අවස්ථාව දක්වා ගමන් කළේ නම්, චුති චිත්තයට අකුසල කර්ම මුදුන්පත් වී ඒ අනුව චුති චිත්තය අවසන් වන්නේ ය. චුති චිත්තය හට ගෙන නැතිව යන විට ම පුනර්භවය හෙවත් නැවත ඉපදීම සිදුවන්නේ ය. එය හඳුන්වනුයේ චුතියෙන් අනතුරුව පටිසන්ධි චිත්තයක් සකස්වීම යනුවෙනි. එම පටිසන්ධි චිත්තය ඉපදීම හෙවත් සකස්වීම පුනර්භවය යි. එනම් නැවත ඉපදීමයි.

දැවෙන තැවෙන පාපය

අපායගාමී වන පාපකාරීන්ට එයින් ගොඩ ඒම ලෙහෙසි පහසු නැහැ. එහි සා පිපාසාදී දුක, ඇඟ පත දැවෙන, තැවෙන, පිළිස්සෙන ස්වභාවය, වේදනාවෙන් විලාප නඟන හඬ සීමාවක් නැහැ. ගිනි ජාලාවන් මධ්‍යයේ වෙසෙන නිරි සතුන්ට තමන් පමණක් සිටිනා බව පෙනෙයි. අපායේ නිරි සතුන් කෑකෝ ගසන, විලාප නඟන හඬ යොදුන් ගණනාවක් දුරට ඇසෙයි. එය පසුගිය කාලයේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ද තහවුරු වුණා. එක්තරා මැෂින් එකක් පොළොව යටට කිඳා බැස්සවූ විට, එහි විළාප නඟන හඬ සටහන් වුණා. ඒ අපායේ කෑ කෝ ගසන හඬයි. ඒ නිසා මේවා හොඳින් දැන කියාගෙන අපායට බියෙන් පාපයෙන් වැළකිය යුතුයි. අනේ! මින් මතු නම්, කිසිදු පාපයක් නොකරන බවට තමන් තමන්ගේ සිතට ම එබී බලා වැරැදි නිවැරැදි කරගත යුතු යි.


ඔසුපත් නරකයන් අතර අද අප සඳහන් කරන්නේ නවවන අපාය වන කුණ්ඩරීක නරකය පිළිබඳව යි. එහි සත්ත්වයන් විඳින දුක අසීමිත යි. ඔවුහු කායික, මානසික වශයෙන් අපමණ දුක් පීඩා විඳිති. එහි නිරි සතුන්ට ඇත්තේ ගිනිගෙන දැවෙන සිරුරු ය. එහි කෑගසන, විලාප නඟන හඬ නොනවත්වා ම ඇසෙයි. පව කෙතරම් බලවත් දැ’යි සඳහන් කළොත්, නිරි සතුන් කෙතරම් පිළුස්සුණත් මිය නොය යි. ඔවුන් ගිනිගෙන දැවෙන අවි ආයුධ වලින් පහර ලබයි. තමන් අතින් ද ගිනි ගෙන දැවෙන ශරීර ලෙස පිළිස්සී යයි. එය එතරම් ම භයානක අපායකි.

කයෙන් වචනයෙන් අකුසල් වෙනවානම්...

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 17


ඊළඟට මම කෙනෙකුට බනිනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවානම් හටගන්නෙ අකුසල චේතනාවන්. මෙලෙස වචනයෙන් වැරැදි වෙනවා නම් ඒකත් වචී සංඛාර
අකුසල චේතනා නිසා කාය කර්ම හටගන්නවා. කෙනෙකුට ගහන්ට වුණොත් අත පය උස්සලා ගහනවා. එතකොට මලක් හෝ වෙනත් කුමක් හෝ හොරකම් කරන්න හිතුනොත් අත පය වෙහෙසලා සොරකම් කර ගන්නවා. මේවා කයින් වෙන අකුසල කාය කර්ම.
එතකොට අකුසල චේතනාවවන්ගෙන් තමයි අකුසල කාය කර්ම හටගන්නේ. අප එයට කාය සංඛාර කියලා කියනවා. වචී සංඛාර කියලා කියයන්නේ වචී සංචේතනා වචී සංඛාරො’ කාමාවචර කුසල චේතනාවන්ගෙන් තමයි මේ වචන පිටවෙන්නෙ. දැන් මම ධර්මය දේශනා කරනවා. දේශනා කරන්නේ කාමාවචර කුසල චේතනාවන්ගෙන්. ඊළඟට මම කෙනෙකුට බනිනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවානම් හටගන්නෙ අකුසල චේතනාවන් මෙලෙස වචනයෙන් වෙන වැරදි නම් ඒකත් වචී සංඛාර, වචනයෙන් කුසල් වෙනවා නම් ඒකත් වචී සංඛාර. කුසල චේතනා, කාමාවචර කුසල චේතනා, රූපාවචර කුසල චේතනා, අරූපාවචර කුසල චේතනා අකුසල කියන මේ සියල්ලක් ම මනෝද්වාරික වශයෙන් හටගැනීම සිදුවෙනවා.

හිත අහිත වටහා ගැනීම

මජ්ක්‍ධිම නිකායේ හැට එක්වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ දී සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන් අමතා මුසාවාදය හෙවත් බොරුකීමේ ආදීනව තමන් වහන්සේට පා සේදීම සඳහා ජලය තැබු භාජනය උපයෝගී කරගෙන ක්‍රම කීපයකින් පැහැදිලි කර දුන් බුදුරජාණන් වහන්සේ අනතුරුව රාහුල හිමියන්ගෙන් මෙබඳු ප්‍රශ්නයක් විමසති.

"රාහුල, ඔබ සිතන විදියට කැඩපත හෙවත් කණ්ණාඩියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?" එම ප්‍රශ්නයට නිවැරැදිව පිළිතුරු සපයන සත් හැවිරිදි රාහුල හිමියෝ “පච්චවෙක්ඛනත්ථො භන්තෙති” යනුවෙන් පිළිතුරු දුන්හ. සත්හැවිරිදි කුඩා දරුවෙක් ලබා දෙන මේ පිළිතුර කෙතරම් අර්ථවත් ද? මේ ප්‍රශ්නය සහ පිළිතුර තුළ අපගේ ජීවිතයට අදාළ වැදගත් පණිවුඩයක් අන්තර්ගත බව ඒ පිළිබඳව කරුණු කීපයක් විමසා බැලීමෙන් පැහැදිලි වේ. ‘ආදාස” යන පාලි වචනයේ සංස්කෘත රූපය “ආදර්ශ” යන්නයි. මේ ආදර්ශ යන වචනය අපගේ දෛනික ජීවිතයේ දී නිතර භාවිතවන එසේ ම නිතර අසන්නට ලැබෙන වචනයකි.

Wednesday, February 14, 2018

දිගු සසර ගමනට නෑකමක් පවතීද?


දහමට අනුව ප්‍රේත ලෝකය අතිශය දුක්ඛ දායක ය. එයින් නිදහස් වීම ඉතාමත් අසීරු ය. ප්‍රේත ලෝකයක ඉපදුන කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි."
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා 


මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය. එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමි වේ යැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය.

තථාගත බුදු උතුමෙක්ලොව පහළ වීම ( ආර්ය පර්යේෂණ සූත්‍රය )

ජලයේ හටගත්තා වූ, ජලයේ වැඩුණා වූ, ජලය ඉක්මවා සිටියා වූ, ජලයේ නොතැවරුණා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළ පියුම් හෝ වේ ද? එසේ ම මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නා වූ මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි සත්ත්වයන් දුටුවෙමි. තියුණු ඉන්ද්‍රියයන් ඇති මෘදු ඉන්ද්‍රියයන් ඇති යහපත් ආකාර ඇති අයහපත් ආකාර ඇති පහසුවෙන් අවබෝධ කරවිය හැකි, පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි වූ ද සත්ත්වයන් දුටුවෙමි.
බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ මාගේ සිත මන්දෝත්සාහිභාවයට නැමේ, දහම් දෙසීමට නො නැමේ. ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්මයා තමන් ගේ සිතින් මාගේ සිතේ වූ සිතිවිලි හෙවත් විතර්කය දැන සහම්පතී බ්‍රහ්මයාට මේ අදහස පහළ වී තිබුණි.

එනම් යම් ලෝකයක තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ සිත අල්ප වූ උත්සාහයට නැමේ ද, දහම් දෙසීමට නො නැමේ ද? ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් ම වැනසේ. ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්මයන් යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකූළු අත දිගු කළේ ද, දිගුකළ අත හකුලන්නේ ද එසැණින් ම බඹලොවින් අතුරුදන් ව මොහොතකින් මා ඉදිරියේ පෙනී සිටියේ ය.
ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්මයා උතුරු සළුව ඒකාංශ කොටගෙන මාවෙත පැමිණ ඇඟිලි බැඳ ගෞරව කරමින් මට මෙසේ ප්‍රකාශ කළේ ය.

ගල් කණුවක් වැනිපේ‍්‍රතයෙක් ( සීහළවත්ථු කතා )

ඈත අතීතයේ හෙළදිව විසූ භික්ෂූන් වහන්සේ පිරිසක් මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා පිටත් වූහ. මහාකොණ්ඩ තොටින් නැව් නැග කාවේරි පටුනෙන් ගොඩ බැස්ස හ. පිළිවෙළින් ගම් නියම්ගම්, නුවර ඉක්මවා මහ වනය තෙක් පැමිණිය හ.
සිදුවූයේ නො සිතූ දෙයකි. උන්වහන්සේලා මහා වනයේ දී මං මුළා වූහ. ඒ මේ අත මංමාවත් විමසා බලද්දී දුටුවේ ඇත් රැළක් ගමන් කරන මගකි. ඒ මඟ ඔස්සේ ගව් කීපයක් ඉදිරියට වැඩියහ. එක් ස්ථානයක දී දුටුවේ ශරීරයෙන් අඩක් ගලක ගිලී සිටි පුද්ගලයෙකු ය. මේ වනයේ මිනිසෙකු සිටින්නේ යැයි සතුටට පත්ව නායක තෙරුණුවෝ ඔහු වෙත ගොස් මෙසේ විමසූහ.
"පින්වත, අපි සත් දිනක් තිස්සේ මංමුළාව සිටින්නෙමු. ඔය ගල මැද සිටගෙන ම ගමට යා හැකි මාර්ගයක් කිව මැනව"
ස"්වාමිනි, ඔබවහන්සේ සත් දිනක් පමණක් මංමුළා වී ඇත. නමුත්, මම බුද්ධාන්තර තුනක් මුළුල්ලේ මංමුළා වී සිටිමි".

පින පමණයි තරමකවත් සැනසීම

තථාගත බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ මරණානුස්සති භාවනාව කොයි කවුරුත් දියුණු කරගත යුතු භාවනාවකි. සතර කමටහන් භාවනාවට බුදු ගුණ, මෛත්‍රී , අශුභ , මරණසති යනුවෙන් භාවනා සතරක් තිබෙයි. එසේනම්, මරණසති භාවනාව හොඳින් දියුණු කරගත් විට අපේ සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. බුද්ධානුස්සති භාවනාවෙන් ශ්‍රද්ධාව හොඳින් දියුණු වෙයි. මෛත්‍රී භාවනාවෙන් තරහ, වෛර , ක්‍රෝධ දුරු වී මෛත්‍රිය, මිත්‍රත්වය පිහිටනවා. කායගතාසති, අශුභ භාවනාවෙන් රාගාදී කෙලෙසුන් යටපත්ව අශුභය හොඳින් වැටහී යයි. මරණසති භාවනාවෙන් ජීවිත ආශාව හැකිතාක් අඩුව තමන්ගේ ප්‍රතිපත්ති ගමන හොඳින් යා හැකි යි. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ඉන්ද්‍රියයන් හොඳින් දියුණු කරගන්නට පුළුවනි. මරණානුස්සති භාවනාව සෑම කෙනෙකු විසින් ම දියුණු කරගත යුතු භාවනාවක් වශයෙන් සඳහන් වෙයි.



අස්ථිර බව වටහා ගන්න


මෘත දේහයක් තැන්පත් කරතිබෙන නිවෙසකට ගිය විට මෘත ශරීරය දෙස බලා නිකරුණේ ආපස්සට පැමිණීම නො කළ යුතු යි. තමා ද මේ තත්ත්වයට පත්වන බව සිතන්න. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යනුවෙන් කිහිප ගමනක් ම මෙනෙහි කර ආපස්සට හැරෙන්න. මෙය විශාල අවබෝධයක්. ධර්මයට ගරු කිරීමක්. අස්ථිර බව වටහා ගැනීමක්. මේවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන සම්බුද්ධ ශාසනයෙන් පමණක් මේ ගැන ඉගෙන ගත යුතු යි.
සම්මා සම්බුද්ධ ශාසනය නිසාම මෙතරම් සුවිසල් ධර්ම සම්පත්තියක් ලැබුණා. සූත්‍ර, විනය, අභිධර්මය යනුවෙන් පිටක තුනක් තිබෙනවා. ඒ ත්‍රිපිටක ධර්මය භික්ෂූන් වහන්සේලා ලෝකයට දේශනා කරමින් බුදු දහම පිළිබඳ මනා අර්ථයක් හෙළි දරව් කරනවා. තම තමා ගේ දිවි මඟට බුදු දහම සම්බන්ධ කරගෙන ඇලීම ගැටීම තුරන් කර, මාන්නය යටපත් කරන්නට පුළුවනි. මරණසති භාවනාව දියුණු කරන අයටත් ලෝභ , ද්වේශ, මෝහ, මාන යටපත් ව අලෝභ, අදෝශ, අමෝහය හොඳින් දියුණු කරගන්නට පුළුවනි. එසේනම්, මරණානුස්සති භාවනාව පිළිබඳ හොඳට සිහියට ගෙන කවුරුත් මෙය මෙනෙහි කළ යුතු යි. පෝයදාට සිල් ගන්නා පිරිසත් මේ භාවනාව තවත් කෙනෙකුට පහදා දෙන්න. එසේනම්, තවත් උපමා ටිකක් මෙසේ සඳහන් කරමු.

පෙර අකුසලයකින් වන අනතුර සුගතියට බාධාවක් ද ?

රෝගියාගේ සිහි කල්පනාව නොමැති වුව ද සිතිවිලි පරම්පරාව නැති වී නොමැත. මනසේ සිතිවිලි පරම්පරාව නොසිඳී තිබෙන්නෙකි. එය පිරිනිවන්පාන මොහොත දක්වා ම සිතත් සමඟම සිතිවිලි පරම්පරාව නොනැවතී දිගින් දිගට ම බැඳී පවතී. යම් මොහොතක රෝගියා ස්වයංක්‍රීය මැෂිමෙන් ඉවත් කිරීමේ දී පිනට අනුව මතුවූ කුසල සිතිවිල්ලකට අනුව දිව්‍ය තලයක උපත ලබයි. "

සෝතානුදත සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ තෙවන පින්වතා මනු ලොව හොඳින් ධර්මය අසන ලද, ධර්මය ශ්‍රවණය කළ , ධර්මය ප්‍රගුණ කළ අයෙකි. ඔහු සුතා, දතා, වචසා පරිචිතා, මනසානු පෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා වැඩූ පින්වතෙකි. මනු ලොව ධර්මය වඩමින් කාලයක් ගත වෙද්දී ඒ පුද්ගලයා ද පෙර සේ ම අනතුරකින් හෝ සිහි මුළාව මිය යා හැකි යි. ඇතැම් විට කෝමා වැනි රෝගී තත්ත්වයකින් කෙනෙක් නොමැරී සිටිය ද, දෙනෙත් විවර නොකර සිටියි. ඇතැම් විට කනට කර කතා කළ ද කිසිදු ප්‍රතිචාරයක් නො දක්වයි. එවිට යමෙකුට, ඒ පුද්ගලයා කළ පින්කම් ගැන ආවර්ජනය කරන්නට අසීරු වෙයි. ඒ රෝගී පුද්ගලයාට තේරෙන දසුනක් ද නොවෙයි. ඔහු නොමැරී සිටිය ද ඇතැම් විට ස්වයංක්‍රීය මැෂිමක් ආධාරයෙන් ජීවත් වෙයි. කාලයක් යද්දී මේ රෝගියාගේ මොළය මිය ගොස් ඇති බැවින් ස්වයංක්‍රීය මැෂිම ගලවන්නට සිදු වන බවට වෛද්‍යවරු අනතුරු අඟවති. ඇතැම් විට දරුවන්ට පවා අකැමැත්තෙන් වුව ද මේ සඳහා කැමැති වන්නට සිදු වේවි.


මෙලෙස රෝගියාගේ සිහි කල්පනාව නොමැති වුව ද සිතිවිලි පරම්පරාව නැති වී නොමැත. මනසේ සිතිවිලි පරම්පරාව නොසිඳී තිබෙන්නෙකි. එය පිරිනිවන් පාන මොහොත දක්වා ම සිතත් සමඟම සිතිවිලි පරම්පරාව නොනැවතී දිගින් දිගට ම බැඳී පවතී. යම් මොහොතක රෝගියා ස්වංක්‍රීය මැෂිමෙන් ඉවත් කිරීමේ දී පිනට අනුව මතුවූ කුසල සිතිවිල්ලකට අනුව දිව්‍ය තලයක උපත ලබයි.

නිවන් මඟෙහි පළමු පියවර...

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු ධර්මය පුහුදුන් සත්වය ට අවබෝධ කර ගැනීම අපහසු කාර්යයකි. අ.නි. අනුරුද්ධ සූත්‍රයෙහි සඳහන් පරිදි බුදු දහමෙන් ප්‍රයෝජනය ලැබිය හැක්කේ නුවණ ඇති අයට ය. මේ ධර්මය නුවණ නැති අයට නොව නුවණ ඇති අයටය. යන පාඨයෙන් ඒ බව තහවුරු වේ. දහම අවබෝධ කර ගැනීමට අපහසු බැවින් එය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ පසුභට වූ අවස්ථාවක සහම්පති බ්‍රහ්මයා ආරාධනා කරන්නේ මෙම ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු නුවණැත්තවුන් මෙම ලෝකය තුළ ඇති බැවින් දේශනා කරන ලෙසට ය.
බුදු දහම ගැඹුරු වුව ද, සියල්ලෝ ම නුවණින් මුහුකුරා නො ගිය වුව ද, එම උතුම් බුදු දහම ක්‍රමක්‍රමයෙන් අවබෝධ කර ගැනීමට ද අවස්ථාවක් ඇති බව බුදුදහම තුළින්ම අනාවරණය වේ. බුදුදහම ප්‍රඥා වත්තයින්ට වුව ද, ශ්‍රද්ධාව බුදු දහම වැළඳ ගැනීමේ මූලික පියවර වනු ඇත. ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන නුවණ මද අයට වුව ද ප්‍රඥාවෙන් අවසන් කිරීමට එය ශක්තියක් වන්නේ ය. එබැවින් ශ්‍රද්ධාව බෞද්ධයින් තුළ තිබිය යුතු විශේෂ ලක්ෂණය වනු ඇත. ශ්‍රද්ධාව නොමැතිව ලෞකික නිවීමත්, ලෝකෝත්තර නිවීමත් ඇති කර ගැනීමට අපහසු ය.

ශ්‍රද්ධාව යනු පිළිගැනීම, විශ්වාසය, ඇදහීම ආදී වශයෙන් අර්ථ කථනය කළ හැකි ය. විවිධ නම්වලින් යෙදුවත් සියලු ආගම්තුළ ශ්‍රද්ධාවක් ඇතිව කටයුතු කරන බව තහවුරු වේ. බුදුදහම ආගමකට වඩා දර්ශනයක්. නොහොත් ජීවන මාර්ගයක් ලෙස සිතීමට පුළුවන. ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත ය. එනම්, අමූලිකා ශ්‍රද්ධාව හා ආකාරවතී ශ්‍රද්ධාව යනුවෙනි.
අමූලිකා ශ්‍රද්ධාව ඇති අය තුළ ප්‍රඥාව නිසියාකාරව නොමැත. අනවබෝධයෙන් ඇති කරගත් පැහැදීමක් ඔවුන් තුළ පවතී. ඒ අනුව අදෘෂ්‍යමාන හා දෘෂ්‍යමාන නිෂ්ඵල, අනර්ථකාරී, අවැඩ සහිත සංකල්ප ඔස්සේ තම චර්යාව ක්‍රියාත්මක කිරීමට උත්සාහවත් වේ.

Monday, February 12, 2018

සියලු කෙලෙසුන් දුරුකළ සේක


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 16:




දුක ගැන නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක නැති කිරීම ගැන නොදැනීම, දුක නැති කරන මාර්ගය ගැන නොදැනීම, පෙර ජීවිතය ගැන නොදැනීම, අනාගත ජීවිතය නොදැනීම, මෙලොව පරලොව ගැන නොදැනීම, හා පටිච්ච සමුප්පාදය කියන මේ කරුණු අට ගැන අවබෝධය නැතිකමට කියන්නේ අවිද්‍යාව කියලා."
ඔත්තප්ප කියන්නෙ ළාමක වූ අකුසල ධර්මයන්ට දක්වන භයයි. එනම් පවට ඇති ලජ්ජාවයි. භයයි.
මෙකී ලාමක පාපී අකුසල ධර්මයන්ට දක්වන ලජ්ජා ගතිය පවට බිය නිසා කියන්නේ ‘අරහං’ කියලයි. දස ක්ලේෂයන් සහිත කෙලෙස් එක්දහස් පන්සියයක් පමණ කෙලෙස් මළකුණු සියල්ලක් ම සෝවාන් මාර්ග ඥානයෙන්, සකෘදාගාමී මාර්ග ඥානයෙන්, ආනාගාමී මාර්ග ඥානයෙන් අරිහත් මාර්ග ඥානයෙන්, සම්පූර්ණයෙන් ම සෝදා හල නිසා, නැවත නූපදින බවට පත්කළ නිසා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ‘අරහං’ ගුණයෙන් සමන්වාගත යැයි කියනවා.

තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කළේ පාලි වචනවලින්. සිංහල භාෂාවෙන් නෙමෙයි. ඉතින් ඒක නිසා පාලි භාෂාවෙන් කියලා පසුව සිංහල භාෂාවෙන් කියන්න.

Wednesday, February 7, 2018

ඉවසීම පාරමිතාවකි

ඉවසීම පාරමිතාවකි. නිවන් මඟ සාක්ෂාත් කිරීමට වෙසෙසින් පුරුදු පුහුණු කළ යුතු උතුම් ගුණයකි. ද්වේෂයෙන් අගතියට ගිය කලාබු රජු බෝසත් තාපසතුමන්ට අපමණ හිරිහැර කළේ ය. කස පහර දුන්නේ ය. අත් පා කපා දැමුවේ ය. එහෙත් ඒ සියලු වේදනා උන්වහන්සේ මෛත්‍රී සිතින් ඉවසූහ. ක්ෂාන්තිවාදී ජාතකයේ එන බෝසතාණන් වහන්සේගේ ඉවසීම අප ගේ ජීවිතයට මාහැඟි ආදර්ශයකි. සාමාන්‍ය ජීවිතයේ සුළු කරුණක දී ත් වහා කිපෙන, කලහ කරන සැමට බෝසතාණන් වහන්සේ තුළ වූ ඉවසීමෙන් අංශු මාත්‍රයක තරම්වත් ඉවසන්නට පුරුදු පුහුණු කරනවා නම් ලද හැකි සැනසුම සුවිශාල ය.
වෛරය, ක්‍රෝධය වඩාත් වැඩෙන්නේ ඉවසුම් නැති තැන ය. ක්‍රෝධය වැඩි තැනැත්තා හොඳ නරක තේරුම් නො ගනී. ධර්මය අධර්මය නො දනී. මව, පියා, සැමියා, බිරිය, මිතුරා, මිතුරිය, අසල්වැසියා, ආගන්තුකයා නොහඳුනන්නේ එවැනි පසුබිමක ය. ඇතැම් විට සමහර අය ඉවසුම් නොදෙන්නේ ඉඩ, කඩම්, දේපළවලටය. සිතූ පැතූ දෙයක් නොලැබූ විටෙක ය. කවදා හෝ දිනෙක මේ සියල්ල හැර දමා ජීවිතයෙන් සමුගන්නට සිදුවේ. ගෙනයන්ට තිබෙන්නේ කළ කම් පමණකි.

දුරු නො කළ වෛරය කරයි සම්පත් හානිය

මට බැන්නා මට ගැහුවා - වද දුන්නා පාඩු කළා
සිතමින් සිටියොත් මෙලෙසින් - වෛරය දුරු නොවෙයි සිතින
“අක්කොච්ජි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති”
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි සමයේ ‘තිස්ස’ තෙරුන් අරභයා ඉහත තුන්වන ගාථාවත්, සිව්වැනි ගාථාවත් දේශනා කොට වදාළහ.
යම් කිසිවෙක් “මට අසවලා බැණ වැදුණේ ය. පහර දුන්නේ ය. වධ හිරිහැර කළේ ය. මා පරාජය කළේ ය. මා සතු දේ පැහැරගෙන මට අලාභ කළේ ය.” යි නිතර නිතර ම මතක් කරමින් වෛරය දිගට පවත්වන්නේ නම්, ඔවුන්ගේ වෛරය සංසිඳෙන්නේ නැත.

බුදුරජාණන් වහන්සේගේ නැන්දා කෙනෙකුගේ පුතෙකු වූ තිස්ස හිමියන් පැවිදි වූයේ වැඩි වයසට පත් වීමෙන් පසු ය. පැවිදි බිමේ දී ජ්‍යෙෂ්ඨත්වය මනින්නේ වයසින් වැඩිමහල්කම අනුව නොව පැවිදි උපසම්පදාවෙන් වැඩිමහල්කම අනුව හෙයින් උන්වහන්සේ කණිටු භික්ෂුවක ලෙස සැලකිණි. එහෙත් තමන් බුදුරදුන්ගේ ළඟම ඥාතිවරයකු හෙයින් මානයක් සිත ඇති ව සිටි තිස්ස හිමියෝ ජ්‍යේෂ්ඨ හිමිනමක මෙන් සුව පහසු අසුනක වැඩ හිඳිමින් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන්ගෙන් පවා ගෞරව ලැබූහ. ජ්‍යෙෂ්ඨ හිමිවරුන්ට ගරුසරු නොදක්වා මානාධිකව හැසිරෙන විලාසය ගැන කවුරුන් හෝ දොස් දැක්වුවහොත් හඬාගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පැමිණිලි කිරීම තිස්ස හිමිගේ සිරිතයි.

අරමුණු සපුරා ගන්නට අවබෝධය දියුණු කරන්න


 ඔබ බලවත් සැම අවස්ථාවකම ඔබ ඉවසිය යුතු ය. ඔබගේ නිවස තුළ ආර්ථික බලය ඔබ සතු නම්, සැම විටම ඔබ ඉවසිය යුතු ය. ඔබගේ නිවස තුළ වැඩිම කායික බලයක් ඔබ සතු නම්, ඔබ ඉවසිය යුතු ය. ඔබගේ ගෙදර වැඩි සමාජමය බලශක්තීන් ප්‍රමාණයක් ඔබ සතු නම්, ඉවසිය යුත්තේ ඔබ ය."


අරමුණු සපුරාගැනීම සඳහා අවබෝධය දියුණු කරගැනීම වැදගත් වේ. අරමුණක් සම්පුර්ණ වන තෙක් ඉවසා සිටීම කල්මැරීමක් මිස, ඉවසීමක් නොවේ. කල්මැරීමක් තුළින් තිරසාර විසඳුම් ලැබෙන්නේ නැත. දීර්ඝ කාලිනව පවත්වාගත හැකි ජයග්‍රහණයන් කල්මැරීම තුළින් ලබාගත නොහැකි ය
අඛණ්ඩව කිසියමි දෙයක පවතින හේතුඵල සම්බන්ධතාවය වටහාගැනීම ඇතුළත පුද්ගලයෙකු තුළ ඛන්ථී ගුණය වර්ධනය වේ. එය අවබෝධය ඇතුළත වර්ධනය වන්නකි. එම ඉවසීම ඇතුළතින් ක්‍රියාත්මක වනවා මිස බාහිරින් අපගේ ජීවිතයට එල්ලන ලද දෙයක් නොෙවි.
ගොඩනඟාගත් ඉලක්කයක් හදාගෙන ඒ දක්වා ඉවසීම වර්තමානයෙහි පවතින අර්බුදයයි. එය ඉවසීමක් නොවේ. කොකාට හත් වාරයක් එනවා නම්, තිත්තයාටත් එක් වාරයක් හෝ පැමිණෙනවා යන පිරුළ ඒ සඳහා ගැළපේ. එම උපදේශය ලබාගත් පුද්ගලයා තිත්තයාට උපමා වන අතර ඔහුට ප්‍රශ්න ඇතිකරන කොකා වෙනම සිටී.
තිත්තතයාට ඉවසීමක් තිබෙනවාද? නැතහොත් කොකාගේ බෙල්ල මිරිකීමට වාරයක් තිත්තතයාට ද පැමිණෙන තෙක් බලා සිටිනවා ද? ෙවිලාව පැමිණෙන තෙක් බලාසිටින්න තිත්තයන් නිර්මාණය නොකළ යුතු ය. කිසියම් දෙයක අයහපත් බව වටහාගෙන එය ක්‍රියාත්මක නොකර සිටීම උචිත ම ක්‍රමය වේ.
යම්කිසි කතාවක අන්තර්ගත වන අයහපත් බව වටහාගෙන ඒ පිළිබඳ කතා නොකරන පුද්ගලයෙකු ගොඩනැඟිය යුතු ය. එය දුෂ්කර කාර්යයක් වුවද, එය අවබෝධ කරගෙන කළ යුත්තේ එයම වේ.
යම්කිසි හැසිරීමක අයහපත් බව හඳුනාගෙන එම හැසිරීමෙන් ඉවත්විය හැකි මනුෂ්‍යයෙකු ඔබ තුළ නිර්මාණය කරගත යුතු ය. එවිට යමක තිබෙන අයහපත්බව වැරැද්ද වටහාගැනීම ඇතුළත , ඔබ කලබලකාරී නොවේ. එම අවබෝධය තුළ ජීවිතයට ගලා එන දරුණු අභියෝග හමුවේදී ද ඉතාම සමාකාමීව සිනාමුසු මුහුණින් කලබල නොවී විසඳුම් සොයා ගත හැකි ය.

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

එක් දිනක් ඔහුගේ බිරිඳ දන්වා සිටියේ තමාට දරුවන් නැති හෙයින් වෙනත් කාන්තාවක් කැඳවාගෙන විත් කුලපරම්පරාව පවත්වාගෙන යාමට දරුවෙකු බිහිකර ගන්නා ලෙසයි. ඇයගේ ඉල්ලීම පරිදි කෙලෙඹි පුත්‍රයා වෙනත් කන්‍යාවක කැඳවාගෙන ආවේ ය. ඇය නොබෝ කලකින් ම ගැබිණියක් වූවා ය. දෙවන බිරිඳට පුතෙකු ලැබීමෙන් අනාගතයේ තමාට හිමි තැන අහිමිවේයැයි උපකල්පනය කළ පළමු බිරිඳ එක්තරා පරිබ්‍රාජිකාවකට ආහාර පානාදියෙන් සංග්‍රහකොට ඇයගේ සහාය ඇතිව දරු ගැබ විනාශ වන බෙහෙතක් ලබා දුන්නා ය. එය පානය කිරීමෙන් දෙවන බිරිඳගේ දරු ගැබ විනාශ වූ අතර ඇය ඒ පිළිබඳ තම මෑණියන්ට දන්වා සිටියා ය. මව ස්වකීය ඤාතීන් කැඳවා ඒ පිළිබඳ දැනුම් දුන්නා ය. ඥාතී හූ ඒ සම්බන්ධයෙන් පළමු බිරිඳට චෝදනා කළ අතර ඇය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබී ය. එසේ නම් ඒ පිළිබඳ දිවුරා පොරොන්දු වන මෙන් දෙවන බිරිඳගේ ඥාතීහු ඉල්ලා සිටිය හ. එම ඉල්ලීම අනුව පළමු බිරිඳ “තමා විසින් මෙම අපරාධය කළේ නම් දුගතියෙහි ඉපිද බඩ සයින් පෙළෙමින් උදේ සවස පුතුන් පස් දෙනා බැගින් බිහිකොට ඔවුන් කෑමෙන් සෑහීමකට පත් නොවේවා! එසේම දුර්ගන්ධව නිල මැස්සන්ගෙන් ගැවසී තැනැත්තියක් වේවායි!” යනුවෙන් බොරුවට සපත කළා ය. පළමුවන බිරිඳ නොබෝ කලකින් කළුරිය කොට එම ග්‍රාමය අසල ම ප්‍රේතියක ව උපන්නා ය.

පිරිතේ සිරිත්

තුන්තිස්පෑ පිරිත

සිංහල පැය ක්‍රමයට තිස් පැයක් යනු දවසේ ඉංග්‍රීසි පැය ක්‍රමයත් සමග සසඳන කල පැය දොළසකි. තුන්තිස්පැයේ පිරිතක් යනු රාත්‍රී දෙකක් සහ එක දහවලක් අයත් වන සේ දේශනා කරන පිරිතයි. සිංහල පැය ක්‍රමයට අනුව පැය අනූවක් ඉංග්‍රීසි ක්‍රමයට අනුව පැය තිස්හයක් සාමාන්‍යයෙන් ගණන් ගනු ලබයි.
විහාරස්ථානයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකර නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය, වෙහෙර වහන්සේ නමක් ඉදිකර ගර්භ නිධාන පින්කම සිද්ධ කිරීම, කොත් වහන්සේ නිරාවරණය කිරීම වැනි සුවිශේෂී ආගමික අවස්ථාවල දී පවත්වනු ලබයි.
පිරිත් මණ්ඩපය සහ චාරිත්‍ර විධි

පිරිත් මණ්ඩපය – වරු පිරිත්වල දී හැර තිස්පැයේ සිට හත් දවස දක්වා පවත්වන පිරිත් දේශනාවල දී අනිවාර්යයෙන් ම පිරිත් මණ්ඩපයක් සාදනු ලබයි. පිරිත් මණ්ඩපයේ ආකෘතිය අටපට්ටම් හෝ හතරැස් විය හැකි ය.

ප්‍රසන්න මනසකින් ලොව දෙස බලන්න

වෛරයෙන් වෛරය නො සංසිදෙන්නේ ය. අවෛරයෙන් ම වෛරය සංසිදෙන්නේ ය. ළඟ මිස දුර නොබලනතාක් අනුවණයා වෛර සිතිවිලි ම වර්ධනය කරමින් අවස්ථාව එළඹෙන තුරු බලා සිටින්නේ ය.

එහෙත්, තමනුත් නොදැනීම ඔවුන් වැටෙන්නේ මුළාවක ය. වෛරී සිත දවන්නේ අනුන් නොව තමන් ම බව වටහා ගන්නට, අයහපත් වන්නේ තමන්ගේ ම ක්‍රියාකාරකම් බව හඳුනා ගන්නට බොහෝවිට ජීවිතය දෙස ආපසු හැරී බැලීම වුව ප්‍රමාණවත් ය.

ගෙවුණු ජීවිතයේ අන්‍යයන් ගැන මොනතරම් වෛරී සිතිවිලි පහළ වී තිබුණා ද? එයින් සිදුවුණේ යහපතක් ද? අයහපතක් ද? මෛත්‍රිය කළා නම්, ඉන් ලැබුණු සැනසීම මොන තරම් ද? ඒ සිතිවිලි ප්‍රශ්න විසඳා ගැනීමට මොන තරම් පහසු වූ වා ද? එසේ කල්පනා කරන, නුවණින් විමසන පුද්ගලයාට වෛරී සිතිවිලිවලින් බැහැරව මෛත්‍රී සිත වැඩීම අපහසු නොවන්නේ ය. තමන්ට කෙනෙක් වෛර කරනවා නම්, පෙරළා තමන් ද ඒ පුද්ගලයාට වෛර කරනවා නම් එහි කෙළවරක් දකින්නේ කෙලෙස ද? ඉපදෙමින් මිය යන සසර ගමන පුරාම දිගින් දිගටම එකිනෙකාට වෛර කරමින්, පලි ගනිමින් දුක් වේදනා පිරුණු ගමනක් යනවා මිස සැපතක් නම් නොලැබෙන්නේ ය.
බෞද්ධ කතා සාහිත්‍යයේ එන කාල යක්ෂණියගේ කතාව ඊට හොඳම උදාහරණයකි. ඇය එක් ආත්ම භවයක වඳ ස්ත්‍රියකි. ඇය දරුවන් නො ලද හෙයින් සැමියා තවත් විවාහයක් කර ගත්තේ ය. ගැබ් ගත් අලුත් බිරිය ගැන ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධ සිතින්, වෛරයෙන් ඒ දරුගැබ විනාශ කරවන්නට ඇය නො පසුබට වූවා ය.

Thursday, February 1, 2018

සදහම් දැනුම


ප්‍රශ්නය
ශාසනික ඉතිහාසයේ ප්‍රථම සංගීතිය ඉතාමත් වැදගත් වූවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප්‍රථම සංගීතියෙහි ඓතිහාසිකත්වයට හානියක් නොවුණත් මෙම සංගීතියෙහි ප්‍රතිඵල පිළිබඳව විවිධ මතභේද මූලාශ්‍රවල දක්නට ලැබේ.
මෙම සංගායනාවෙහි ධර්ම විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම සංගෘහිත කළ ආකාරය පිළිබඳව විවරණයක් කරන්න.
පිළිතුර
සංගීතියෙහි දී විනය ශාසනයාගේ ආයු බැවින් බුදුරජාණන් වහන්සේ විසින් විනයධාරීන්ගෙන් අග්‍ර ස්ථානයෙහි තැබූ උපාලි මහා ස්ථවිරයන්, සංඝස්ථවිර වශයෙන් විනය සංගායනාව පළමුව කළහ. දෙවනුව ආනන්ද මහා ස්ථවිරයන් සංඝ ස්ථවිර කොට ධර්මය සංගායනා කළහ. තවද මෙහිදී විනය වශයෙන් පැවැති සකල බුද්ධ වචනයම නිකාය වශයෙන් පසකට බෙදා සංග්‍රහ කරන ලදුව එනම්,

සිහි මුළා ව මිය ගියොත් ඉරණම..

සෝතානුදත සූත්‍රයට අනුව බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, දෙව්ලොව උපත ලබන දෙවන දේවතාවා මෙසේ වන බව යි. පළමු දේවතාවා සේ ම දෙවැන්නා ද මනු ලොව දී හොඳින් බණ අසන කෙනෙකි. (සුතා).එසේ ම අසන ධර්මය හොඳින් ධාරණය කරන්නෙකි.(දතා). ඒ ධර්මය වචනයේ පුරුදු පුහුණු කරන්නෙකි(වචසා පරිචිතා), එනම්, සෑම මොහොතක ම මේ ඇස අනිත්‍යය යි. කන අනිත්‍යය යි, නාසය අනිත්‍ය යි, දිව අනිත්‍ය යි. කය අනිත්‍ය යි. යනුවෙන් පුරුදු පුහුණු කරන්නෙකි.

බුදුගුණ සිතමින් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම අරහං, සම්මා සම්බුද්ධ යැ’යි සිතයි. ධර්මය වදනින් නිබඳව ම පුරුදු පුහුණු කරයි. එසේ ම, එය මනසින් නොහොත් නුවණින් විමසයි. (මනසා පෙක්ඛිතා), භාවනා වශයෙන් ගැඹුරින් විමසා බලයි. එලෙස විමසීමේ දී ඒ ධර්මය තමාගේ අවබෝධයෙන් තම නුවණට ටිකෙන් ටික වැටහී යයි.

මේ අයුරින් ධර්මය වඩාගෙන යද්දී, යම් හේතුවකින් කෙනෙක් සිහි මුළාව කාලයක් සිට මිය ගියොත්, ඇතැම් විට රිය අනතුරකින් හෝ සිහිකල්පනාව නොමැති ව මිය ගියොත්, ඔහුගේ ඉරණම මෙසේ යැ’යි බුදුන් වහන්සේ වදාළ සේක. ‘මහණෙනි, පළමු පින්වතා දෙව්ලොව උපත ලැබුවේ පෙර පින නිසයි. ඒ තැනැත්තාට පෙර මතකය තනිව ම මතකයට නැඟෙයි. නමුත්, ‘මහණෙනි, මේ දෙවන පින්වතා ජීවත් ව සිටියදී මනු ලොව දී හොඳින් පින්කම් කළ තැනැත්තෙකි. ඒ නිසා අන්‍යතර දේවනිකායකට, පිනට අනුව ම ඇදී යයි. සිහියෙන් කෙනෙකු මිය ගියොත් සිත පිහිටුවා උපත ලබන්නට පුළුවනි. මා චාතුර්මහාරාජික දෙව්ලොව උපත ලබනවා. මා මෙසේ පින් දහම් කළා යැ’යි සිත පිහිටුවා ගත්විට එහි උපත ලබයි. දේවතානුස්සති වැනි භාවනාවක් වඩා මරණමංචකයේ දී පින බලවත් ව, සිත පිහිටුවාගෙන දෙව් ලොව උපත ලබයි. නමුත්, මරණාසන්න මොහොතේ සිහි මුළා වුණොත් , පිනට අනුව අන්‍යතර දේව නිකායක උපත ලැබූව ද,

කර්මයට අනුරූප විපාක

" ප්‍රේත ලෝකයක ඉපදුණ කෙනෙකුට එයින් ගැලවිය හැක්කේ තම ඤාතීන් විසින් සිදුකරනු ලබන යහපත් ක්‍රියා අනුමෝදන් වීමෙන් පමණි. එබැවින් මිය ගිය ඤාතීන් වෙනුවෙන් කවර හෝ පින්කමක් සිදුකිරීම ජිවත් ව සිටින ඤාතීන්ගේ යුතුකමක් වේ."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වෙසෙන සමයෙහි පඤ්චපුත්ත ඛාදක ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.
සැවැත්නුවර ආසන්න ගමක එක්තරා කෙළෙඹියෙක් වාසය කළේ ය. ඔහුගේ බිරිඳ දරුවන් නොමැති වඳ තැනැත්තියක් වූවා ය. බිරිඳ වඳ තැනැත්තියක් හෙයින් කුල පරම්පරාව පවත්වාගෙන යාම සඳහා වෙනත් කාන්තාවක් විවාහ කරගන්නා මෙන් ඔහුගේ ඤාතීහු ඉල්ලා සිටියහ. තම බිරිඳ කෙරෙහි දැඩිලෙස ආදරය කළ හෙයින් වෙනත් තැනැත්තියක් කැඳවාගෙන ඒමට කෙලෙඹි පුත්‍රයා අකැමැත්ත පළකළේ ය.

රහතන් වහන්සේගේ වන්දනාව ( සිහළවත්ථු කතා )



සංඝයා වහන්සේ සතු වූ ඒ ශාලාවේ තිබු මනාව බබළන වටකුරුව තිබූ නැලියක් දුටුවෙමි. සොරකමට බියක් නැති, පවිටු සිතක් තිබූ මම, ඒ ලෝහ කැටයම් සහිත භාජනය දුටු සැනෙන් සොරාගත යුතු යැයි තීරණය කළෙමි.

ඈත අතීතයේ අප රටේ සුරට්ඨ නම් ජනපදයක් තිබුණි. එහි උපසිංහ නමින් විහාරයක් තිබූ අතර,එහි වැඩසිටි එක් රහතන් වහන්සේ නමක්, සංඝරත්නය සිවුරු පඬු පොවන ලෝහ භාජනයකට දිනපතා වැඳුම් පිදුම් කළහ.
කලකට පසු උන්වහන්සේ පිරිනිවීමට කාලය ළංවුණි. විහාරස්ථානයේ වැඩ සිටි සෙසු භික්ෂූන් වහන්සේ රැස් කරවා උන්වහන්සේ නිවන් මඟ සම්පූර්ණ කරගත් බව ප්‍රකාශ කළහ. ඉන්පසු උන්වහන්සේ සංඝයා වහන්සේ දෙස බලා “ආයුෂ්මතුනි, ධර්ම රත්නය හෝ මාර්ග ප්‍රතිපදාවෙහි හෝ යමෙකුට සැකයක් තිබේනම් මාගේ පිරිනිවීමට පෙර එය විමසා තේරුම් කර ගත හැකි” යැයි වදාළ සේක.

මිනිසත් භවයක උතුම් ඵලය ( ආර්ය පර්යේෂණ සූත්‍රය )

" තථාගත බුදුරජාණන් වහන්සේ නම් මහාකාරුණිකයාණන් වහන්සේ යි. තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ඒ අමා නිවනේ ඇති සැනසිල්ල සියලු ශ්‍රාවකයන්ට දේශනා කළ සේක. ඒ අවබෝධකරගත් දහම ශ්‍රවණය වන විටත් සිත් සැනසෙන බව ඔබම නුවණින් කල්පනා කරන්න. "
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක. එනම් ශෝක ධර්ම වූයෙම් ශෝක ධර්මයේ ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම්. ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන අවබෝධ කළෙමි. එනම් සියලු සත්ත්වයන් සේ ම සංසාර ගමනේ දී තමනුත් අප්‍රමාණ වූ ශෝකයට පත් වූ බව සිහිපත් කිරීමයි.
බෝධිසත්ව අවධියේ දී, ඔබ සියලුදෙනා දන්නා කුස ජාතකයේ දී සිත බැඳුණු ප්‍රභාවතිය නිසා ශෝකයට පත්ව යොදුන් ගණන් පා ගමනින් ඇවිද ගොස්, වසර කිහිපයක් හැලිවළං පවා සෝදමින් විඳි දුක් ශෝකයකින් ම පිරුණු කයක් හා මනසින් යුක්ත විය. බෝධිසත්වයන් වහන්සේ පවා එවැනි අත්දැකීම් ඇතිවූූහ. බුදුවන මේ ජීවිතයේ ඉතා ම පහසුවෙන් ශෝකයේ ඇති භයානක බව, පීඩිත බව නුවණින් සිහිපත් කරන්නට වූූහ.
එසේ නුවණින් සිහිපත් කරමින් මේ ශෝකයේ ආදීනවය මැනවින් අවබෝධ කරගෙන නැවත කවදාවත් ශෝක නොවන්නට නම් නිවනම අවබෝධ කරගත යුතු බව අධිෂ්ඨාන කර ගත්හ. ඒ අනුව බෝධිසත්වයන් වහන්සේ ශෝක රහිත වූ කෙලෙස්වලින් බැහැර වූ නිවන ම සොයමින් ඒ නිවන ම අවබෝධ කළ බව භික්ෂූන් වහන්සේලාට දේශනා කළහ.
තමා සංක්ලේෂ ධර්ම වූයෙන්, එනම් සියලු කෙලෙසුන්ට උරුමකම් කියන්නේ, ඒ සියලු කෙලෙසුන්ගේ ඇති ආදීනවය දැන නොකිළිටි වූ එනම් කෙලෙස්වලින් දූෂිත නොවූ සිතක් ඇතිව නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම්. කෙලෙස්වලින් කිලිටි නොවූ නිරුත්තර වූ, කෙලෙස් බැහැර කළ ඒ අමා නිවන ම අවබෝධ කළ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ.
භාග්‍යවතුන් වහන්සේ ඉන් අනතුරුව තමන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් සඳහට ම නිදහස්ව අමා නිවන් අවබෝධයෙන් අනතුරුව තමන් වහන්සේගේ උදානය මෙසේ දේශනා කළහ.

“ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි
අකුප්පා මෙ චෙතො විමුත්ති අයමන්තිමා ජාති

මරණයට මෘත ශරීරයට බිය ද ?

බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක දී මරණ සති භාවනා ව ප්‍රගුණ කරන නිවසක උපන්නා. උන්වහන්සේට හදිසියේ ම නයෙකු දෂ්ට කළා. මරණින් මතු දෙව්ලොව උපත ලැබුවා. එසේනම්, මරණ සති භාවනාවෙන් දිගු කලක් සුගතියේ වාසය කළ හැකි යි. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයට එය විශේෂිත වෙයි.
මරණානුස්සතිය පැවිදි පිරිසට පමණක් නොව ගිහි පිරිසට ද අනිවාර්ය වේ. මරණසති භාවනාව සැවොම පුරුදු පුහුණු කළ යුතු යි. එවිට මරණයට, මෘත ශරීරයට භය නැහැ. අපේ ශරීරයේ තිබෙන කොටස් තිස් දෙක එකක් පාසා ම මෙනෙහි කරන අයුරු පෙර ලිපි මඟින් සඳහන් කළා. ඒවා විනාශයෙන් සිදු වන්නේ මරණය යි. සිත ඉවත් වූ සැනින් සිදු වන්නේ මරණය යි.
එසේනම්, මේ මරණය කෙතරම් වෙනස් දැ’යි බලන්න. එසේනම්, මරණයට සැවොම බිය වෙති. සුනඛයෙක්, අලියෙක් මිය ගියොත් එයට බිය වන්නේ නැහැ. මිනිසෙක් මිය ගිය බව පැවසුවොත් එතැනට යන්නටත් බිය වෙති.
මරණයට බිය නොවන්නාට හොඳම දේ මරණසති භාවනාව වැඩීමයි. ඒ නිසා එය ප්‍රගුණ කිරීම අවශ්‍යය යි. අද සඳහන් කරන්නේ මරණ සති භාවනාවේ තවත් වගන්ති කිහිපයකි.
අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූප සමො සුඛොති - සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඇතිවීම, නැතිවීම ස්වභාව කොට ඇත්තෝ ය. ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. සත්ත්වයන්ගේ ජීවිතය වනාහි මරණයට පත්වන වයස නියමයක් නැත්තේ ය . සෑම වයසේ දී ම මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. මව් කුසතුළ දී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. උපදින කල්හි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය.

අරහං නම් ගුණයෙන් යුක්තවන සේක


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 15 


"ථින මිද්ධ සම්පූර්ණයෙන් ම නැති කරගත්ත නිසා කියන්නේ අරහං කියායි. උද්ධච්චය කියා කියන්නේ සිතේ නොසන්සුන්කම. සිතේ ඒකාග්‍රතාවයක් නැතිකම. තථාගතයන් වහන්සේ සිතේ උද්ධච්චය සම්පූර්ණයෙන් ම නැති කළ නිසා ‘අරහං’ නම් වන සේක.""
තථාගතයන් වහන්සේ මානය නැති කළා. අහංකාරකම, උඩඟුකම. නැති කළා. මම කියන මමත්වය, නැති කළා. ‘සෙය්‍ය මාන, සදිස මාන, හීන මාන’ යන මාන සියල්ල ම නැති කළා. අප නම් කොහොම ද? කෙනෙක් යමක් කරන විට අප හිතනවා ‘මම තමයි උසස්, මට තරම් එයාට බෑ.’ සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් කුමක් හෝ කරන කොට ‘මටත් ඔය දේ කරන්න පුළුවන්’ යනුවෙන් අන් අය හා සමව හිතනවා. සමහර වෙලාවට අපට පුළුවන්කම තියෙද්දී හිතනවා අපට ඕවා කරන්න බැහැනේ කියලා. පින්වතුන් දන්නව ද අපේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩිය නේ. උරුවේල කාශ්‍යප කියන්නේ මානයෙන් උමතුවුණු ජටිලයෙක්. රහත් වෙන්න කලින්. පුදුම සහගත මාන්නයක් තිබුණේ. බුදුරජාණන් වහන්සේ වැඩියා, මෙතුමාට පිරිවර සම්පත්තිය සිටින ආවාසයට ගෝලයෝ පන්සීයයක් ඉන්නවා. ඉතින් ඉන්ට තැනක් ඉල්ලුවා. ඉන්නෙ කොහේද? අර වැලිගොඩක් උඩ ඉන්න කියලා.

මේ වැලිගොඩේ ඉන්නවා විශාල දරුණු විෂ සහිත නාගයෙක්. මේ වැලිගොඩට පිටත් කළේ ඇයි? නාගයන් සරණ ගිය මේ ඇත්තෝ නාගයාටත් වැඳුම් පිදුම් කරමින් හිටියේ. මේ නාගයා ලවා බුදුපියාණන් වහන්සේට අනතුරක් කරවන්නයි. මේ නාගයා විෂ පිට කරමින් ආවා.

තමා කළ නොකළ දේ විමසා බැලීම

තමන් සිහි කළ යුත්තේ ද, විමසා බැලිය යුත්තේ ද, තමා කළ නෙකළ දේ පිළිබඳව ය. අනුන් කළ, නොකළ දේ, පිළිබඳව සිත යොමු කිරීම තමන්ට අදාළ කාරණයක් නොවේ . නමුත් සාමාන්‍ය සමාජයේ සිරිත වන්නේ අනුන් කළ, නොකළ දේ හොඳින් විමසා බැලීමත් තමා කළ, නොකළ දේ නිවැරැදි ඒවා ලෙස සලකා නොසිතා හැරීමත් ය.

සාමාන්‍ය මිනිස් සිත්සතන්වල ස්වභාවය වන්නේ තමන් නිවැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීම හා අන්‍යයා වැරැදි පුද්ගලයෙකු ලෙස පිළිගැනීමය. තමන් උසස් උත්තම වර්ගයේ පුද්ගලයෙකු ලෙස හඳුන්වා දෙමින් අන්‍යයා පහත් අයෙකු බව හෙළිකිරීමට උත්සාහ කරයි. බුදුසමයෙහි එම ගති ලක්ෂණය “අත්තුක්කංසන පරවම්භන” වශයෙන් හඳුන්වයි. තමන් සිතන, කියන, කරන, කටයුතු උදාරාර්ථයෙන්ම සලකා බැලීම අත්තුක්කංසන නම් වේ. එසේ සිතා සමාජයේ ද ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කර යි.

අන්‍යයා පහත් ය යන හැඟීමෙන් කල්පනා කිරීම පරවම්භන නම් වේ. සමාජයේ ද එලෙසම ප්‍රකාශ කරයි. බුදුදහම තුළ සිදුකරනු ලබන බොහෝ ඉගැන්වීම් මගින් පුද්ගල වශයෙන් ඇතිවන්නාවූ එම දුර්ගති ලක්ෂණය දුර්ගති ලක්ෂණයක් ලෙස හඳුනාගෙන එයින් ඉවත්වීම කළ යුතු ය.

මොහඳුරු වැඩුණු තරමට ගනඳුරු වේ ය මෙ සසර

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අවජ්ජෙ වජ්ජදස්සිමෝ
වජ්ජේ චාවජ්ජදස්සිනෝ
මිච්ඡාදිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගතිං
වජ්ජං ච වජ්ජතො ඤත්වා
අවජ්ජං ච අවජ්ජ තෝ
සම්මා දිට්ඨි සමාදානා
සත්තා ගච්ඡන්ති සුග්ගතිං

පින්වත්නි,

අද පෝදා ධර්මානුශාසනාව ලෙස මා මාතෘකා කළේ බෞද්ධයාගේ හස්ථසාරය වන ධම්මපදයේ නිරය වග්ගයේ අන්තිම ගාථා දෙකයි. එහි සරල අදහස වන්නේ “නිවැරැද්ද වැරැද්ද සේ ද, වැරැද්ද නිවැරැද්ද සේ ද සලකන, මිසදිටු අදහස් දරන්නෝ අපායට යති. වරද වරද ලෙස ද, නිවැරද නිවැරැදි ලෙස ද, දැන සම්මා දෘෂ්ඨිය ගත් අය සුගතියට යති.මෙම වටිනා අදහස් ඇතුළත් ගාථා දේශනාව බුදුරදුන් දේශනා කළේ සැවැත්නුවර නිවටුන් අදහන පිරිසක් මුල්කර ගෙන ය.
සැවැත්නුවර ඒ ඒ ප්‍රදේශවල බුදුරදුන් සරණ ගොස් තුනුරුවන්ට ගරු සරු ඇතිව ජීවත්වන මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ඨික ශාස්තෘන් අදහන අය ද වාසය කළහ. ඔවුන්ගේ දරු දැරියෝ භේදයකින් තොරව කෙළි සෙල්ලම් කළ අතර සමගිව වාසය කළහ. තුණුරුවනට ගරුකරන ළමයි විහාරයට යති එති. භික්ෂූන් දුටු තැන වඳිති පුදති. නමුත් මිථ්‍යාදෘෂ්ටික අදහස් ඇති මවුපියවරු තම දරුවන්ට විහාරයට නොයන ලෙස තහනම් කළහ. දිනක් සෙල්ලම් කරමින් සිටි ළමයින් කණ්ඩායමක් දෙව්රම් විහාර දොරටුව අභියසට පැමිණි අතර පිපාසාව සන්සිඳුවා ගැනීමට විහාරස්ථානයට ඇතුළුවීමට සාකච්ඡා කළහ.

සැමට සෙත සදන පිරිත් දෙසුම

අතීතයේ සිට වර්තමානය දක්වාම ඉන්දියාවේ මෙන් ම ලංකාවේ ද පිරිත් දේශනා පැවැත්වූ බවට තොරතුරු සඳහන් වේ. වර්තමාන ලාංකික පිරිත් දේශනා සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ දී ආරම්භ වු බව සැලකේ. එහෙත් අනුරාධපුර යුගයේ දී ද ඇතැම් අවස්ථාවන්හි දී පිරිත් දේශනා පවත්වා ඇති බවට තොරතුරු හමු වේ.
රත්නමාලි සෑ රඳුන්ට මුල් ගල් තබන ලද අවස්ථාව, පළවෙනි උපතිස්ස රජ දවස ඇතිවූ ව්‍යයසනයක් තුරන් කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කරමින් භික්ෂූන් වහන්සේලා නුවර වටා පිරිත් පැන් ඉසීම, හතරවන අග්‍රබෝධි රජතුමා නිතර නිතර පිරිත් දේශනා පවත්වා ඇත.
දෙවන සේන රජතුමා පත්ඉරුවල ලියා රතන සූත්‍රය කියවීම , පස්වන කාශ්‍යප රජතුමා පිරිත් කියවීම හා පිරිත් සතර බණවර කටපාඩම් නොමැති අය පැවිදි නොකළ යුතු බවට නියෝග පැනවීම, මහා පරාක්‍රමබාහු රජතුමා පිරිත් පැන් , පිරිත් නූල් ලබා දීමට ගෘහයක් ඉදිකිරීම, කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා පිරිත් දේශනා පැවැත්වීම සඳහා ම ස්ථිර මණ්ඩපයක් සකස් කිරීම, දෙවන පැරකුම්බා මහ රජතුමා පිරිත් පිළිබඳ ව කතිකාවතක් සම්පාදනය කිරීම, දොළොස්වන සියවසේ දී පළවන පරාක්‍රමබාහු රජතුමා පංච සත් සති මන්දිර නමින් ස්ථිර මණ්ඩපයක් ඉදි කිරීම , යනා දී අවස්ථාවන් ය.

කළ කී දෑ ගැන පසුතැවෙනවා ද?

”අපරාදේ මම එහෙම කළේ. මට ටිකක් ඉවසන්න තිබුණා. මට ඒ දේ නො කර ඉන්න තිබුණා. මට ඒ දේ නො කියා ඉන්න තිබුණා” ආදී වශයෙන් ඔබ කළ කී දෑ ගැන පසුතැවෙනවා ද? කඳුළු පිරි දෙනෙතින් සුසුම් හෙළනවා ද?
එක් මොහොතක්, පැයක්, දිනක් ඇතුළත අපගේ ජීවිතයේ තීරණාත්මක තීරණ ගතයුතු අවස්ථා බොහොමයක් උදා විය හැකියි. නිවසේ දී, රැකියා ස්ථානයේ දී, මඟ තොටේ දී, පාසලේ දී, ආදී ඕනෑම ස්ථානයක යම් යම් දේ පිළිබඳව තීරණ ගැනීමේ අවස්ථා ඇතිවිය හැකියි. ඒ සෑම අවස්ථාවකදී ම ගත් තීරණ පිළිබඳව ඔබ අද සෑහීමකට පත්වෙනවානම් . . . එදා කළ දේ හරියටම හරි. මම කළ දේ නිසා සිදුවුණේ යහපතක්ම යයි කියා සතුටු විය හැකිනම් එය විශ්මිත නොවේ ද?
නමුත් බොහෝ විට සිදු වනුයේ අප නො සිතූ දෙයකි. අප විසින් ගනු ලැබූ එක් වැරැදි තීරණයක් නිසා මුළු ජීවිත කාලයේ ම බොහෝ දුක් පීඩා කරදර අපගේ ජීවිතවලට උරුම වීමට පුළුවන. එවිට ඒ තීරණය ගැන අපි බොහෝ සේ පසුතැවිලි වෙමු. හඬමු. වැළපෙමු.
මේ සිත බොහෝ වංචල ය. සිතූ දේ ක්‍රියාවට යොදවන විට හාත්පසින් ම නො සිතූ දෙයක් කිරීමට සිත අප පොළඹව යි. කිනම් හෝ අවස්ථාවක අපගේ සිත රාගයට, ද්වේෂයට, මෝහයට යට වීනම්, ඒ අවස්ථාවේ නිවැරැදියි කියා අප ගන්නා සියලුම තීරණ ඇතැම්විට කඳුළෙන් අවසන් වීමට පුළුවන. අකුසලයකින් සිත යට වී තිබිය දී ගන්නා සෑම තීරණයක් ම අතිශයින්ම බිය ජනයක ය. තමාට කළ දෙයකට අනෙකා රිදවීමට නැතිනම්, පාඩමක් ඉගැන්වීම පිණිස තමාගේ ජීවිතය තුළින් පවා තීරණ ගැනීමට පෙළඹේ. අකුසලයකින් මේ සිත වැසුණ කළ ඇත්තේ අන්ධකාර යි. අඳුරේ යමක් හඳුනා ගැනීමට නො හැකියි. එවිට බොහෝ දේ අහිමි වී යා හැකියි.

නුවණැත්තා ධර්මයතුළ අප්‍රමාදී වෙයි ( සීහළවත්ථු කතා ඇසුරෙනි )

පෙර දවසක කෝකානිජ කණ්ඩගිරි නමින් පර්වතයක් තිබුණි. ඒ පර්වතයට ආසන්නව එක් ලෙනක ධුතාංගධාරී අඩු ආශා ඇති, ලද දෙයින් සතුටු වෙන අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක් වැඩ විසූ සේක.

දිනක් එක් සොරෙක් පනහක් පමණ තවත් සොර පිරිසක් සමඟ මේ පර්වතය අසලින් ගමන් කළහ. ලෙන තුළ සිටි ස්වාමින් වහන්සේ දැක සොර නායකයා මෙසේ අසා සිටියේ ය.

“ස්වාමින් වහන්ස, මේ ලෙනෙහි වැඩ වෙසන ඔබ වහන්සේ දැනට අවුරුදු කීයක සිට මෙහි වැඩ සිටි සේක් ද?”

“ පින්වත, මම දැනට අවුරුදු හයක් පමණ දෙ වැන්නෙක් නො මැතිව භාවනායෝගීව මෙහි වැඩ වාසය කරන්නෙමි”

“භාවනාවේ යෙදෙමින් සය වසක් මුළුල්ලේ ඔබවහන්සේ සුවසේ වැඩ සිටි කාලය තුළ කිසියම් ධ්‍යානයක් හෝ සමාපත්තියක් හෝ අභිඥාවක් හෝ උපදවා ගත්තේ වේ ද?

“මිත්‍රය, මම සමවතක් හෝ ධ්‍යානයක් හෝ වෙනත් විශේෂයක් හෝ නො ලැබූ අයෙකි. නමුත් මා සිල් පිරිසුදුව රකිමි. විවේකයෙහි ඇලුන අයෙක් වෙමි’යි භික්ෂුන් වහන්සේ කීහ.