Labels

Sunday, February 12, 2017

දෙව් සැපත් හරි වෙනස්‌...

දිව්‍ය ලෝක හයක්‌ තිබෙන බව අපි දනිමු. පහළ සිට ඉහළට එම දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය මෙන්ම අනෙකුත් සැප පහසුකම් හා බලයද වැඩිය. ඉන් එක්‌ දිව්‍ය ලොකයක්‌ ගත්තද එහි වාසයකරන සියලු දෙවියන් එක්‌ ආකාර ජීවිත ගත නොකරයි. ආයුෂ, බලයෙන් හා තේජසින් එකිනෙක දෙවියන්ගේ ස්‌වභාවය හා ගති ලක්‌ෂණ වෙනස්‌ය. ආයු, වර්ණ, සැප,බල, ප්‍රඥ යන පංච ගතිද එකිනෙකට වෙනස්‌ය.මිනිස්‌ ලොවගත කළ කාලය තුළදී සිල්වත්ව වාසය කිරීමේ පින තුළින් දෙව්ලොව උපත ලැබුවද, දන්දීම, පරිත්‍යාග කිරීම, ප්‍රගුණ කර නොතිබුණේ නම් ආයුෂ, වර්ණ, සැපය, බලය, ප්‍රඥව කාරණා නොලැබෙනු ඇත. ඒවා ලැබෙනුයේ දන්දීමේ ආනිශංස මතයි. මේ නිසා එකම දෙව් ලොවක උපත ලබන දෙවියන් අල්පේශාක්‍ය හා මහේශාක්‍ය දෙවියන් ලෙස කොටස්‌ දෙකකට බෙදීමට ලක්‌ වේ.

ප්‍රායෝගික දහම සහ දන්නා දහම

ධර්මය ගැන වාද කරන පැවිදි, ගිහි අය මට හමු වී ඇත. ඇතැම්හු බර වචන සහිත අර සංකල්පය මේ සංකල්පය දනීදැයි අසති. ඔවුන් දන්නා බව හඟවති. තමන් හොඳ යහපත් කෙනෙක්‌, බෞද්ධයෙක්‌ යෑයි පෙන්වීමට ආශාකරන අය හමු වී ඇත. අර පොත මේ පොත කියවූ බවට පුරාඡේරු කියවන අය හමු වී ඇත. ඇතැම්හු අභිධර්මය අර ධර්මය දන්නා බවද, තවත් අය අර හාමුදුරුවන්ගෙන්, මේ හාමුදුරුවන්ගෙන් බණ අසන බව ද කියති. නමුත් දුකින් නිදහස්‌ වීමට උත්සාහ කරන, යහපත් ගතිගුණයන් ඇති, සරල පැවැත්මෙන් හෙබි අය හමු වී ඇත්තේ අතළොස්‌සකි. 

ධර්මය යනු හුදු දැනුමක්‌ නොවේ. එය අත්දැකීම් මත පදනම් වන්නකි.

පිනෙන් පොහොසත් වෙමු

පින් කරන්නෝ දෙව් සැප විඳින්නෝ වෙති. සැබවින්ම පින් කරන්නේ කෙසේද? නූතන සමාජය තුළ 'පින්' යනුවෙන් කරන දේවලින් සැබැවින්ම පින් පිරෙන්නේද? දෙව් සැප ලබාගැනීමට පින් කළ යුත්තේ කෙසේද යන්න අද දවසේ අප විමසා බැලිය යුතු කරුණකි. 

මෙරට බොහෝ ජනයා ජ්‍යෙතිෂය විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ට පින් කිරීමට මතක්‌ වනුයේ යම් ජ්‍යෙතීර්වේදියකුගේ කීමක්‌ අනුවය.

Friday, February 10, 2017

සමාධියෙන් දුටු අකුසල් කන්දක්‌

මහ රහතුන් වැඩි මග ඔස්සේ

සතර අපායෙන් මිදෙමු' 11 කොටස

ආරාණ්‍යවාසී භික්‍ෂුවක්‌ සවස දෙකට පමණ සමාධියෙන් පසුවෙනකොට සද්ධන්ත අමනුෂ්‍යයෙක්‌ දර්ශනය විය. මේ අමනුෂ්‍යයා භික්‍ෂුවට දර්ශනය වූයේ ඔහුගේ ඉඟටියෙන් පහළ කොටස පමණි. ඒ කියන්නේ කකුල් දෙක පමණකි. කකුල් දෙකේ උස අඩි විස්‌සක්‌ පමණ ඇති. කකුල් දෙක ශක්‌තිමත් මිනිසකුගේ ස්‌වභාවයෙන් යුත් අතර ඇල්සේෂන් බල්ලකුගේ ඇඟේ ඇති දිග රෝමයන් සේ දැඩි කළු පැහැති රෝමවලින් කකුල් දෙක පිරී තිබිණි.

දෙමාපියන් වෙනුවෙන් දරුවන්ට දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට

සතර අපායෙන් මිදෙමු' 10 කොටස

මේ සටහනේ තැනක සඳහන් කළා, මේ ලෝකධාතුවේ කෲරතර දුක්‌ විඳින සත්ත්වයන් පිළිබඳව. ආනන්තරිය පාපකර්ම කියන බලවත් අකුසල් හේතුවෙනුයි, අවීචි මහා නිරයේ නිරිසතුන්ගේ දුක මේ තරම් තියුණු. අවීචි මහා නිරයේ දුක්‌විඳින එක නිරිසතෙක්‌ සිටිනවා. ඔහු දේවදත්ත. අකුසලය, ජීවිතය කොටගත් කෙනෙක්‌. ජීවිතය පළිගැනීම, ද්වේෂය උදෙසාම මෙහෙයවූ කෙනෙක්‌. දුර නොබලා, ළඟ පමණක්‌ බලපු කෙනෙක්‌. අකුසල් සංස්‌කාරයන්ගේ උල්පතක්‌. ඒ උල්පතෙන් නිරතුරුව දුක වැගිරෙනවා. වැගිරෙන්නේ ජලය, කඳුළු නොවේ ගින්දරයි. එය ලෝකධාතුවේ අතිශය වේදනාකාරී දුකක්‌. ඔබත්, මමත් දිවා රාත්‍රී දෙකෙහිම මෙනෙහි කළ යුතුවූ දුකක්‌. මේ උතුම් මොහොතේ සතර අපායෙන් නොමිදුනහොත් අපටත් අනාගතයේ උරුමවූ දුකක්‌.

සත්තයි, ආයේ කිසිදවසක වරදින්නේ නැහැ


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

සිත නැවතිලා. ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇසෙනවා. ඒත් ඒවා නිසා විතර්ක සකස්‌ වෙන්නේ නැහැ. දැස්‌ ඇරගෙන සිටින්නේ. පරිසරය පෙනෙන්නේ නැවතිලා තියෙනවා වාගේ. දැස්‌ වසාගනිද්දී පරිසරය මැකී යනවා. එතැනදී හිස්‌ බවක්‌ පෙනෙන්නේ. කාලය ගලාගෙන යනවා. සංස්‌කාර ගෙවීගෙන යනවා. වන පෙතේ දැඩි නිහඬතාවය නිහඬ සිත තව තවත් නිවා දමනවා.

බලන්න ඊර්ෂ්‍යාවේ වෛරයේ රඟ..

කාමයේ ආශ්වාදයට ඔබ තුළ ඇති කැමත්ත නිසා හේතුඵල ධර්මයන් අනුව සකස්‌වෙන ජූරි සභිකයන් පස්‌ දෙනෙක්‌ සිටිනවා. මේ අය එකම මොහොතක එක පේලියේ ඉඳගෙන ඉන්නෙ නැහැ. එක්‌ අයෙක්‌ හේතුවෙනුයි අනෙක්‌ ජූරි සභිකයා සකස්‌ වෙන්නේ. ඵලය සකස්‌වෙනවිට හේතුව මැකිල යනවා. මේ ධර්මතාවය නැවත නැවත සිද්ධවෙනවා. මේ ජූරි සභිකයෝ පස්‌දෙනා වෙන කවුරුවත් නොවේ. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පස්‌ දෙනයි. මේ පස්‌දෙනාම බිහිවෙන්නේ රූපය කෙරෙහි ඔබ තුළ ඇති ජන්දරාගය නිසා. යම් රූපයක්‌ ස්‌පර්ෂය නිසා, ඔබ ප්‍රකටව හෝ අප්‍රකටව යම් විඳීමක්‌ ඇතිකරගත්තානම් ඒ විඳීම හේතුවෙන් සකස්‌වෙන හඳුනාගැනීමත්, ෙච්තනාවත්, විඤ්ඤාණයත් අනුනගේ දෙයක්‌ නොවේ. හේතුව තුළින්ම සකස්‌ කරගන්නා

හැංගි හැංගි වෙස්‌ බැන්දත්.

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....

'සතර අපායෙන් මිදෙමු' 7 කොටස

භික්‍ෂුව මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය බිමක්‌. උස්‌ ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්‍ෂුව වැඩසිටින කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව, අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්‌කර දසදහස්‌ ගණනක විහිදුන වනපෙත, පක්‌ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්‍ෂණ සියල්ලම මෙහි තිබෙනවා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ පරිසරය දෙස බලනකොට මෙහෙම සිතුණා. මේ මොහොතේ චමත්කාර ජනක පරිසරයක්‌ මේ වටපිටවේ තිබුණත් අතීතයේ මේ ස්‌ථානය මහා කටුක කාන්තාරයක්‌ව තිබෙන්නට ඇති. ජලයෙන් පිරී ඉතිරී ගිය මුහුදක්‌,

පිං පව් එනවා අපි පසු පස්‌සේ II

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....

'සතර අපායෙන් මිදෙමු' 6 කොටස


මේ ලිපිය ලියන අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රජරට ප්‍රදේශයේ ආරණ්‍යයකය. භික්‍ෂුව වැඩසිටින ගල් කන්දේ ඉහළ කුටියට ගල් කන්ද පාමුල පිහිටි වැව හොඳට පෙනෙනවා. ඉඩෝර කාලය නිසා වැව හුඟක්‌ හිඳිලා. ඊයේ රාත්‍රී 8.00 පමණ මුළු කඳුවැටියම දෝංකාර දෙමින් වෙඩි හඬක්‌ ඇසුනා. මෙය මේ ප්‍රදේශයට සාමාන්‍ය සිද්ධියක්‌. පිපාසයට ජලය සොයාගෙන එන වන සතුනට දඩයක්‌කරුවන් වෙඩි තියනවා. මුළු රාත්‍රිය පුරාම වැවේ මාළු දැල් එලලා වැව බොර කරනවා, මාළු කලබල කරලා දැලේ පැටලෙන්න.

Saturday, February 4, 2017

දරුවන් ශික්ෂණය කළ යුත්තේ කෙසේද?

අවුරුදු දොළහට අඩු ළමුන් පරිසරයෙන් උකහාගන්න වෙිගයේ ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගනී. දරුවා එම පරිසරයට අනුගත වෙමින් වර්ධනය වෙයි. දරුවා කුඩා කල සිට ව්‍යාපාරික පරිසරයක ජීවත් වූවා නම්, එම දරුවා බොහෝ අවස්ථාවලදී ව්‍යාපාරිකයෙකු වීමේ සම්භාවිතාව වැඩියි.

දේශපාලන පරිසරයක හැදෙන වැඩෙන දරුවෙකු තුළ දේශපාලනිකව සිතීමට පෙළඹීමේ හැකියාව වැඩියි.මත්ද්‍රව්‍යවලට හුරුපුරුදු වූණ පරිසරයක හැදෙන වැඩෙන දරුවාද මත්ද්‍රව්‍ය පරිසරයේ හැදෙනවා වැඩෙනවා වෙන්න පුළුවන්. අධ්‍යාපනික පරිසරයක් තිබෙන නිවෙසක දරුවන් ඉතාමත්ම හොඳින් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්.දෙමව්පියන් ගුරුවරුන් යුවළක් නම්, ඔවුන්ගේ පරිසරය ශාස්ත්‍රීය පැත්තට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. ජිවන පරිසරය දරුවාගේ ඉදිරි ගමන සාර්ථක අසාර්ථක බව තීරණය කරන ඉතාම වැදගත් සාධකය වෙයි. රාත්‍රිය ආයෝජන කාලයක් වන අතර කුස්සිය සහ සාලය ආයෝජන ප්‍රවර්ධන කලාපයක් වෙයි. මෙම කලාප දෙකම ශික්ෂණය යන ප්‍රභේදයට අයත් වන අතර දෙමව්පියන් රාත්‍රිිය එළඹෙන විට හැසිරෙන ආකාරය ද දරුවන්ගේ අනාගතයට ඉතාම වැදගත් ලෙස බලපායි.

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුන් වහන්සේ කුරු රට කම්මාසදම්ම නම් නියම් ගමෙහිදී ශ්‍රාවක පිරිස අමතා ‘මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙසේ විස්තර කළහ.
මහණෙනි, දුක් නැති කිරීමේ පිළිවෙත. නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? එය නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි නම් වු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම මාර්ගයෙහි පළමු අංගය වූ සම්මා දිට්ඨි හෙවත් නිවැරැදි දැකීම පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.
පිළිතුර

අර්බුද විසඳීමේ හොඳම මග

පන්සිය පනස් ජාතක පොතෙහි එන විසි දෙවන ජාතක කථාව කුක්කුර ජාතකයයි. කුක්කුර යනු සුනඛයාය. සුනඛයන් මූලික කරගෙන ඉදිරිපත් කරන ලද හෙයින් කුක්කුර ජාතකය යනුවෙන් නම් කර තිබේ.
යටගිය දවස බ්‍රහ්ම දත්ත රජ්ජුරුවන් රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ පුරාකෘත අකුශල කර්මයක් හේතුවෙන් සුනඛ යෝනියෙහි ඉපිද ස්වකීය ඤාතීන් සමඟ සොහොන් බිමක වාසය කළේය. දිනක් බඹදත් රජු උද්‍යාන ක්‍රීඩාවට ගොස් ආපසු රජ මැදුරට පැමිණ ස්වකීය රථය රාජාංගණයේ නවතා තැබීය. රාත්‍රී කාලයේ වාර්ෂාවට හසු වීමෙන් එහි සමින් යෙදු වරපට තෙතබරිත වූ අතර රජ මැදුරෙහි සුරතලයට ඇතිකරනු ලබන සුනඛයන් විසින් කා දමන ලදි.

සංසාර ගමනක පින්සාර කුසලය

වෙලාවක් හෝ කාලයක් විශේෂයෙන් ඇතිකර ගත යුතු නොවේ. සිහිය පවත්වන සතර ඉරියව් පවත්වන හැම වෙලාවක් ම සිහියෙන් යුක්තව එම ඉරියව් පවත්වාගත හැකි නම් ඒ ශීලය නම් වූ කායික හා වාචසික සංවරය ඇති කර ගත හැකිය. සීලයෙහි පිහිටියා වූ ගෘහස්ථ ජීවිත ගත කරන අය විසින්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ජීවිතයේ යථාර්ථය පිළිබඳව මෙනෙහි කළ යුතුමයි.

අපමණ කල් අපමණ දුක් විඳින්නෝ

අගක් මුලක් නොපෙනෙන සසර වූ කලී කාන්තාරයකි. නිිරුදකයකි. ඒ නිරුදක සසරේ ගමන් කිරීම විවිධ උපද්‍රවයන්ට තෝතැන්නකි. සොරුන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් විවිධ ගැහැට ගෙන දෙන්නෙකි. එමෙන්ම සසර වූ කලී මහා සාගරයකි. එහි අගක් මුලක් නොපෙනේ. සසර නමැති සැඩ පහරට හසුවූවන්ට එතෙරක් හෝ මෙතෙරක් නැත. ඇතැමෙක් මේ සැඩ පහරට හසුවී අපමණ දුකකට පත් වෙති. සැඩ පහරේ බිය ජනක සුළු තත්ත්වය වටහා ගන්නෝ මුළු වීර්යයම යොදා සසරින් එතෙර වෙති. ඒ සඳහා උත්සුක වෙති. උනන්දු වෙති. ඒ සසර කතරින් එතෙර වීමට උත්සුක වූවෝ පෙරුම් දම් පුරති.

Friday, February 3, 2017

සාර්ථක විවාහයක නිවැරැදිතෝරා ගැනීම

සංසාරය පිළිබඳව,කර්මය පිළිබඳව, බුදුපියාණන් වහන්සේ පිළිබඳව, සම්මා ආජීවය පිළිබඳව යනාදී වශයෙන් දෙදෙනාම එක සමානව කාරණා පිළිගන්නවා නම්,එම දෙදෙනා අතර ගැටුම් අවම වීමටත් සමඟිය උතුරා යාමටත් ප්‍රධාන හේතුවක් වෙයි. විවාහකයන් වන ඔබ එම තත්ත්වය එකිනෙකා ඉක්මවා නොගිය යුතුයි.
සද්ධර්මයෙහි පවතින ඒහිපස්සික බව, ඕපනයික බව, අකාලික බව, සන්දිටිඨික බව, පච්චත්තං ෙවිදිතබ්බ බව බිරිඳ විසින් යමි සේ පිළිගන්නවාද,සැමියාද එලෙසම පිළිගත යුතුයි. උතුම් ආර්යන් වහන්සේලාගේ සුපටිපන්න ගුණ දහම් පිළිබඳව සැමියා තුළ යමිකිසි විශ්වාසයක් පවතී නම්, ඒ හා සමාන විශ්වාසයක් බිිරිඳට පැවතිය යුතුයි.

සසර කතරේ දුගතියට යන අගතිනම් එපා

කෙලෙසුන් නැසූ රහත් උතුමන්ගේ සංවාදය කිසිවිටකවත් සම්ප්‍රප්ඵලාපයක් නම් වූ හිස් කතාවකට යොමු නොවන බව පැහැදිලියි. එයට හේතුව ඇලීම් ගැටීම් මුල්කොට ගත් මෝහයට අනුයුක්තවූ සියලු කෙලෙසුන් නසන ලද නිසායි.
අද සූත්‍ර දේශනාව සඳහා ආශ්‍රය කරගන්නේ මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්ම වර්ගයට අයත් ධනංජානි සූත්‍ර දේශනාවයි.

Wednesday, February 1, 2017

පටු සීමාවෙන් මිදී ඇත්ත දකිමු

ශෝකය යනු හැඬිම්, වැළපීම් සහිත මානසිකත්වයයි. සිතට දැනෙන දුක දරා ගත නොහැකිවීම හේතුවෙන් කෙනෙකුගේ සිත තුළ ඇතිවන කම්පනය එනමින් හැඳින්වේ. සෝක කරන්නේ මමත්වයෙන් පිරුණු සිත් ඇති පෘථග්ජනයන්ය. යම් පි‍්‍රය විප්‍රයෝගයක් ඇති වූ විට ඒ දෙස මමත්වයෙන් යුතුව මාගේ, අපේ යන පටු ආකල්පයෙන් බැලීම ශෝක කිරීමේ පදනමයි.
අප ආදරය කරන කෙනෙකු මිය ගිය විට අපට දැනෙන්නේ එම සිදුවීම අපට සිදු වූ බලවත් පාඩුවක් අසාධාරණයක් සහ නොවියයුතු දෙයක් ලෙසයි. අපේ දෑසින් කඳුළු රූරා වැටෙන්නේ අපි එසේ සිතීමට පුරුදු වී ඇති නිසා ය. ශෝකය නමැති සිතිවිල්ල යම් සිතක කිඳා බැස පවතී නම් ඔහුට ලෝකය සහ එහි පවතින සැමට පොදු ධර්මතාව තේරුම් ගැනීමට අපහසු වේ.පටු ආකල්පයෙන් බැහැරව විවෘතව මෙම ධර්මතාව දෙස බැලීමට නම් උසස් චින්තනයකට අප යොමු විය යුතුය. බුදු දහමේ ඉගැන්වෙන්නේ එම විවෘත චින්තනය කරා ගමන් කරන මාවතයි. ශෝක කිරීම වෙනුවට බුදුන් වහන්සේ උගන්වා ඇත්තේ ධර්ම සංවේගය උපදවා ගැනීමයි. සංවේග යනු ලොව ඇති වී නැති වන සියල්ල පිළිබඳව සමානව හා සාධාරණව පවතින ධර්මතාව පිළිබඳ අවබෝධයයි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේදී රහතන් වහන්සේලා උපදවාගත්තේ එම මානසිකත්වයයි.

ප්‍රතිචාර දැක්වීම හා නොදැක්වීම

වේගයෙන් පැමිණෙන පන්දුවකට පහර නොදීම නිදැල්ලේ යාමට අවස්ථාව සැලසීමක් වෙයි. එම පන්දුව කිසිදු වැඩක් නැති පන්දුවක් බවට පත් වෙයි. පන්දුව කෙතරම් වේගයෙන් එව්වත් ,පරාජයට පත් නොවන ආකාරයට නිරායාසී පන්දුවක් වෙයි.
එසේ ප්‍රතිචාර දැක්විය යුතු අවස්ථා අපටද එළඹෙයි.බුදුරජාණන් වහන්සේට දොස් පවරන අවස්්ථාවන්හි බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයා පීඩාවට පත්වන බව බුදුපියාණන් වහන්සේ දැන සිටියා. බුදුරජාණන් වහන්සේට දොස් පවරන බවත්, භික්ෂු සංඝයා පීඩාවට පත්වන බවත්, තවදුරටත් ඉවසා සිටිය නොහැකි නිසාම මෙහි රැඳී සිටිය නොහැකි නිසා වෙනත් ස්ථානයකට යාම සුදුසු බවට ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට දැන්වූ විට , බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ එසේ නම්, ආනන්ද කළ යුත්තේ එකම එක දෙයක් පමණයි.

බුදු දහම මනසට කතා කරයි

මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා මිස, පින් දෙනවා යනුවෙන් ප්‍රකාශ කිරීම වැරැදි ප්‍රකාශනයක් වෙයි.යමෙකු එසේ ප්‍රකාශ කරනවා නම්, ආගම දහමට අනුව ආගමික පරිසරයට අනුව වචන හසුරුවන්න දන්න පුද්ගලයෙකු නොවෙයි. මම ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කළා මිස පිරිකර දුන්නා නොවෙයි.පිරිකර පුජා කළා ප්‍රකාශ කිරීම ආගමික වශයෙන් නිවැරැදි ප්‍රකාශය වෙයි. එසේ ප්‍රකාශ නොකරනවා නම් ඔහු හෝ ඇය ආගමක් දහමක් සංස්කෘතියක් තිබෙන පුද්ගලයන් නොවෙයි. සංස්කෘතියක් නැති, ජාතියක් නැති, ජන්මයක් නැති මිනිසුන්ට එසේ ප්‍රකාශ කළ හැකි වුවත්, සංස්කෘතියක් තිබෙන සංස්කෘතියක ජීවත් වන මිනිසුන්ට එවැනි ආකාරයට හැසිරීමට හැකියාවක් නැහැ.
සිංහල සංස්කෘතිය ලෙස හඳුන්වනු ලබන්නේ සිංහල ආගමික සංස්කෘතියකටයි.ක්‍රමානුකූල වූත්,විධිමත් වූත්, ශාසනික සම්ප්‍රදායානුකූලවූත් නිවාරැදි සංස්කෘතිය හඳුන්වා දෙමින් පුරුදු පුහුණු කරනු ලැබුෙවිද අනුබුදු මිහිඳු මා හිමියන් විසින්ය. අම්මෙක් නැති ,

වරදින තැන

දිනක් ‘වංගීස’ නම් භික්ෂූන් වහන්සේ නමක් යම් ගමනක් යන අතරමඟ කාන්තාවක් හමුවුණා. ඇය ඉතා රූමත්. ඇය පිළිබඳ සෙනෙහෙබර සිතක් ඇති වුණත් වංගීස හිමියන් කිසිදු ප්‍රතික්‍රියාවක් දැක්වූයේ නෑ. එහෙත් ඒ හිමියන්ට ඇයගේ රුව මතකයෙන් බැහැර කරන්නට නොහැකි වුණා. ආනන්ද හිමියන් වෙත පැමිණ එම සිදුවීම දක්වා ‘ආනන්ද හිමියනි,මම කාම රාගයෙන් දැවෙමින් සිටිමි. මොහොතින් මොහොත මගේ සිත පිච්චෙනවා සේ දැනේ. ඒ ගින්න නිවා දමන්නට සුදුසු මඟක් දේශනා කරනු මැනවි’ යි ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේ ආනන්ද හිමියන් උන්වහන්සේට පෙන්වා දුන්නේ මේ දැවීමට හේතුව තමන් දුටු දේ පිළිබඳව වරදවා වටහා ගැනීම බවයි. එනම් විපරීත සංඥාවක් ඇති කර ගැනීම නිසා බවයි.

අතීතයේ දුන් ආදර්ශයේ අවවාදය

ඇසූ පිරූ තැන් ඇති බව ජීවිතයට වටිනාකමකි. අවුරුදු ගණනක් පුරා ජීවත්වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ජීවිතය උගත්, අපට සමීපතම ඇසූපිරූ තැන් ඇත්තා කිරි අත්තාය. නැතිනම් අත්තප්පාය. ඒ ගැමිවහරේ ය. නගරයේ දී නම් ඔහු සීයා ය. කවර නාමයක් ගත්තද අතීතයේ දරු, මුනුපුරු, මිනිපිරියන් පිරිවරාගත්, පවුලේ ගෞරවය, ආදරය ලද උදාරම චරිතය ඔහුය.
කුඩා අප අතින් කුරා කුහුඹුවකුට හෝ වරදක් වනවා දකින්නට ඔහු කිසිවිටෙකත් රිසි නොවීය. නොතේරුම්කමට කළ වරදකට වුව ගහන්නට බනින්නට තරම් දරදඬු වූයේ ද නැත. ඒ වරද නිවැරැදි කළේ අපට තවත් ළං වෙමිනි. ලාබ, අලාබ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප නම් වූ අටලෝ දහමට මුහුණ දෙමින් ජීවිත කාලයක් පුරා අත්දැකීම් ඇසුරින් ලද පන්නරයෙන් ජීවිතය ජීවත් කළයුතු සැටි ඔහු අපට ටිකෙන් ටික ඉගැන්වූයේ ය. මිනිසුන්ට, සතා සිවුපාවුන්ට, ගහට කොළට, ජල බිඳුවට පවා ආදරය කරන හැටි, සොබාදහම රැක බලා ගන්නා හැටි ඔහු අපට කියා දුන්නේ ය.

සදහම් දැනුම


ප්‍රශ්නය
බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමඟ කළ සාකච්ඡාකින් උපුටාගත් කොටසකි මේ. සුනක්ඛත්ත එන්න. මා උදෙසා වාසය කරන්න. කියා මම ඔබට කීයෙම්ද? නැත, ස්වාමීනි,
සුනඛත්ත, මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමියි කියා ඔබ මට කීයෙහිද? නැත ස්වාමීනි.
සුනක්ඛත්ත මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේනම්” දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?
මෙම පුවත කළ අවස්ථාව කුමක්ද?
පිළිතුර
සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂූ නම බුදුරජාණන් වහන්සේ තමන්ට ඍද්ධි ප්‍රාතිහාර්යය නොපෙන්වන නිසාත් ලොකෝත්පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි.

අමිල ධන සම්පත් නිමල ගුණ උල්පත්


"මිනිසාගේ හැසිරීම හා සිතුම් පැතුම් මෙන්ම ඔහුගේ අත්දැකීම් මැනවින් නිරුපණය කෙරෙන ජාතක කථා සමාජය අධ්‍යනයෙහිලා නියුක්ත වූවෙකුට ප්‍රමාණික මූලාශ්‍රයක් වේ. සදාචාර ධර්ම පද්ධතියක් මෙන්ම උසස් සාහිත්‍ය නිර්මාණයක් වන ජාතක කථාව සාකල්‍යයෙන්ම පිරිපුන් දැනුම් ගබඩාවක් වේ. එය ගවේෂණය කරන්නෙකුට අමිල ධන සම්පත් සමූහයක් එයින් සොයා සපයාගත හැකි වේ.

සැනසීම ලැබෙන ඉවසීම

දියුණුවේ දොරටුව ලිපි පෙළෙහි අවසාන ලිපිය වන ‘ඉවසීම’ ගැන අද අපි සඳහන් කරමු. ඕනෑම කෙනෙකුට ඉවසීම අත්‍යවශ්‍යයි. අර්හත්වය, පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය උදෙසා ඉවසීම විශේෂිතයි. ක්ෂාන්ති පාරමිතාව, ක්ෂාන්ති උප පාරමිතාව, ක්ෂාන්ති පරමත්ථ පාරමිතාව ලෙසින් එය තෙවැදෑරුම් වෙයි.
ක්ෂාන්ති පාරමිතාව බොහොම අගෙයි. බෝසතාණන් වහන්සේගේ ඉවසීම කෙතෙක්දැ’යි බලන්න. අතපය, නාසිකාව කපා දැම්මත් ඉවසීම තිබුණා. ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කළත් ක්ෂාන්තිය පිණිසමයි කතා කළේ. බණින්න ආවත් බණින්න යන්නේ නැහැ.