Labels

Showing posts with label අති පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමියන්. Show all posts

Monday, May 21, 2018

අල්පෙනෙත්තක්වත් සොර සිතින් ගන්න එපා

ඔසුපත් නරකයන් අතර එකොළොස්වන අපාය වන්නේ උස්කන්ධ නරකය යි. අම්බලම්, ඒ දඬු, විහාර ඉදිකිරීම, ගස් කොළන් රෝපණයට යැ’යි මුසා බස් පවසමින් ජනයාගෙන් සම්මාදම් ලබාගෙන ඒවා අනුභව කරන්නන් උපත ලබන්නේ උස්කන්ධ නරකයේ ය. යම පල්ලන්ගෙන් කටට සහ අතට පහර ලබමින් උස්කන්ධ නරකයේ නිරි සතුන් දිගු කලක් දුක් විඳියි.
එසේනම්, ජන සමාජයේ වැඩ කටයුතු කරද්දී තමන් ලබා ගන්නා මිල මුදල් සොරකමින් තොරව විය පැහැදැම් කළ යුතුයි. ඒ පුද්ගලයා කිසි විටෙකත් අපායගාමී නොවී සුගතිගාමී වෙයි.
දොළොස්වෙනි අපාය වේහකූට නරකය යි. බුදු, පසේ බුදු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහ රහතන් වහන්සේ ආදී සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නෝ මේ අපායේ උපත ලබති. අශුචි වළක් වැනි මෙහි අපමණ දුක පිරී ඇත. එහි වෙසෙන පණුවන් නිරි සතුන්ගේ සිරුරු තැනින් තැන විද කා දමයි.

ඒ නිසා කිසිවිටෙකත් සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට නිග්‍රහ කරන්නට එපා. ඒ අයට වරදක් සිදු වුණා නම්, අතීත සංසාරයේ සිට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට,සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට සිතින් , කයින් , වදනින්, තමාට වරදක් සිදු වුණා නම්, වැඳ නමස්කාර කර, නිබඳව ම සමාව ගත යුතු යි. ඒ උත්තමයන්ගේ ගුණ වර්ණනා කරන්නෝ අපායෙන් නිදහස් ව, මෙලොව පරලොව සුගතිගාමී වෙති.

Thursday, April 19, 2018

සිත දියුණු කිරීමෙන් ලැබෙන ශක්තිය අසීමිතයි

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.
මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.
ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.

Friday, March 9, 2018

නොබියව මුහුණ දිය යුතු ය



බුදුසරණ පත්‍රයේ සතර පෝයදාටම පළවන මරණසති භාවනාව කවුරුත් හොඳින් කියවා, ඉගෙන ගත යුතුයි. ඇතැමුන් මරණසති භාවනාවට බොහොම බිය යි. එයට බිය විය යුතු නැහැ. පුළුවන්තරම් සිහි නුවණින් ම මරණ සති භාවනාව දියුණු කළ යුතු යි.
මරණානුස්සති භාවනාව තමන්ගේ මෙලොව යහපත සලසා ගැනීමට විශේෂයෙන් මහෝපකාරී වෙයි. තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මද මාන්න ආදිය මරණසති භාවනාවෙන් අඩු වෙයි. එලෙස ම තම ජීවිත වාසනාවන්ත බවට පත් කරගත හැකි යි. උසස් ධර්ම කරුණු වන කරුණාව, මෛත්‍රිය, දයාව , අනුකම්පාව, අවිහිංසාව ආදිය දියුණු කළ යුතු යි. උසස් ගුණයෙන් සීල, සමාධි, ප්‍රඥා දියුණු කළ හැකි යි. සප්ත විශුද්ධි ධර්මයන් හොඳින් දියුණු කර සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. මරණයට නිර්භීතව මුහුණ දිය හැකි යි. හොඳින් පින් කළ අය මරණයට බිය නැහැ. මරණයට භය වන්නේ පිනක් දහමක් නොකර, සතුන් මරාගෙන, සොරකමේ යෙදෙමින්, අධර්මිෂ්ඨව ජීවත් වන්නන් ය. දරුණු පව් කරන්නන් දින ගණන්, මාස ගණන් , සති ගණන්, දුක් විඳ කෑගසා මැරී අපාගත වෙයි.
එක්තරා තැනැත්තෙක් මරණාසන්නව සත් දිනක් ම නොනවත්වා ම කෑ කෝ ගැසුවා. වේදනා නාශක එන්නත් කළත් කෑගැසීම අඩුවක් නැහැ. පවසන්නෙම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා යනුවෙනි. ඒ තැනැත්තා ජීවත්ව සිටිනතාක් කළේ පාප කාරී ක්‍රියාවන්. අධාර්මිකව ජීවත් වුණා. මරණය යන වචනය අසන්නවත් කැමැති නැහැ. දැන් ඒ තැනැත්තා නිරා දුකට පත්වන ලකුණු පෙන්වනවා. මරණයත් සමඟ ම නරකාදියට වැටී යයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇති කරගෙන පවට බිය විය යුතු යි. පින වැඩි කළ යුතු යි. තම රැකියාව, අධ්‍යාපනය, දෛනික කටයුතු, ආර්ථික කටයුතු කරගන්නා ගමන් මරණය, අපාය, දෙව් ලොව, දුකෙන් නිදහස්ව නිවනට පත් වීමක් තිබෙනවා යැ’යි සිතිය යුතු යි. එවිට කාටවත් නොබියව , නිර්භීතව ජීවත් ව අවසන් හුස්ම හොඳින් හෙළිය හැකි යි.

Thursday, February 22, 2018

ඇසිපිය හෙළන සැණෙකින්

භාවනාව යනු සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීමේ අර්ථයෙන් ද භාවනා අර්ථය වටහා ගත හැකි යි. තම ගුණ නුවණ දියුණු කර, සති, සමාධි , ඥාන වැඩි දියුණුවෙන් බෝධි පාක්ෂික ධර්මයන් සම්පූර්ණ කර ගැනීමෙන් සිතේ වැඩීම හොඳින් සිදු වෙයි. සිත දියුණු කර ගන්නා ක්‍රම බුදුරජාණන් වහන්සේ බහුලව පැහැදිලි කර තිබෙ යි. සමථ භාවනා හතළිහක් දේශනා කර වදාළේ නීවරණ සංසිඳුවාගෙන සිත දියුණු කර ගැනීම සඳහා යි. සිතේ බලවත් ලෙස පහළ වන තණ්හාව, තරහව, මෝහය, උඩඟුකම, ආදී පාපී සිතිවිලි තුරන් කර ගැනීම සඳහා භාවනාව පිටිවහලක් වෙයි. බෞද්ධ මෙන් ම අබෞද්ධ ජනතාවත් මේ ක්‍රමවල යෙදී ගවේෂණය සිදු කරනවා. ලොවේ සෑම රටක ම භාවනා ක්‍රම තිබෙ යි. එයට අනුයුක්තව අති විශාල පිරිසක් කටයුතු කරනවා. ඒ මඟින් සිය, සිත දියුණු කර, ගත , වචනය සංවර ව වාසය කරනවා.
බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා භාවනා ක්‍රම දේශනා කර වදාළා. මරණ සතියෙන් ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ වදන කවුරුත් සිතට ගෙන මරණ සතිය වඩන්න අවශ්‍යය යි. අපේ මහ බෝසතාණන් වහන්සේ ද ඉහත ආත්මයක මරණානුස්සති භාවනාව වඩන නිවසක උපන්නා. ඒ උත්තමයාට හදිසියේ සර්පයෙක් දෂ්ට කර මරණයට පත් වුණා. උන් වහන්සේ මරණාසන්න මොහොතේ ද ‘ජීවිත ය අනියත යි. මරණය නියත යි’. යනුවෙන් මෙනෙහි කළ නිසා මහා දෙව් රජාණන් කෙනෙක් වී උපත ලැබුවා. එතුමා මරණ සති භාවනාව පිළිබඳ පැහැදිලි විවරණයක් තම පෙර භවයේ මව් පියන්ට ද පහදා දී මරණ සතිය හොඳින් දියුණු කර දෙව් ලොවට ම පැමිණීමට අවශ්‍යය ගුණ සම්පත් දියුණු කළ යුතු බව ද පැහැදිලි කළා.

Saturday, February 17, 2018

දැවෙන තැවෙන පාපය

අපායගාමී වන පාපකාරීන්ට එයින් ගොඩ ඒම ලෙහෙසි පහසු නැහැ. එහි සා පිපාසාදී දුක, ඇඟ පත දැවෙන, තැවෙන, පිළිස්සෙන ස්වභාවය, වේදනාවෙන් විලාප නඟන හඬ සීමාවක් නැහැ. ගිනි ජාලාවන් මධ්‍යයේ වෙසෙන නිරි සතුන්ට තමන් පමණක් සිටිනා බව පෙනෙයි. අපායේ නිරි සතුන් කෑකෝ ගසන, විලාප නඟන හඬ යොදුන් ගණනාවක් දුරට ඇසෙයි. එය පසුගිය කාලයේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ද තහවුරු වුණා. එක්තරා මැෂින් එකක් පොළොව යටට කිඳා බැස්සවූ විට, එහි විළාප නඟන හඬ සටහන් වුණා. ඒ අපායේ කෑ කෝ ගසන හඬයි. ඒ නිසා මේවා හොඳින් දැන කියාගෙන අපායට බියෙන් පාපයෙන් වැළකිය යුතුයි. අනේ! මින් මතු නම්, කිසිදු පාපයක් නොකරන බවට තමන් තමන්ගේ සිතට ම එබී බලා වැරැදි නිවැරැදි කරගත යුතු යි.


ඔසුපත් නරකයන් අතර අද අප සඳහන් කරන්නේ නවවන අපාය වන කුණ්ඩරීක නරකය පිළිබඳව යි. එහි සත්ත්වයන් විඳින දුක අසීමිත යි. ඔවුහු කායික, මානසික වශයෙන් අපමණ දුක් පීඩා විඳිති. එහි නිරි සතුන්ට ඇත්තේ ගිනිගෙන දැවෙන සිරුරු ය. එහි කෑගසන, විලාප නඟන හඬ නොනවත්වා ම ඇසෙයි. පව කෙතරම් බලවත් දැ’යි සඳහන් කළොත්, නිරි සතුන් කෙතරම් පිළුස්සුණත් මිය නොය යි. ඔවුන් ගිනිගෙන දැවෙන අවි ආයුධ වලින් පහර ලබයි. තමන් අතින් ද ගිනි ගෙන දැවෙන ශරීර ලෙස පිළිස්සී යයි. එය එතරම් ම භයානක අපායකි.

Wednesday, February 14, 2018

පින පමණයි තරමකවත් සැනසීම

තථාගත බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ මරණානුස්සති භාවනාව කොයි කවුරුත් දියුණු කරගත යුතු භාවනාවකි. සතර කමටහන් භාවනාවට බුදු ගුණ, මෛත්‍රී , අශුභ , මරණසති යනුවෙන් භාවනා සතරක් තිබෙයි. එසේනම්, මරණසති භාවනාව හොඳින් දියුණු කරගත් විට අපේ සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. බුද්ධානුස්සති භාවනාවෙන් ශ්‍රද්ධාව හොඳින් දියුණු වෙයි. මෛත්‍රී භාවනාවෙන් තරහ, වෛර , ක්‍රෝධ දුරු වී මෛත්‍රිය, මිත්‍රත්වය පිහිටනවා. කායගතාසති, අශුභ භාවනාවෙන් රාගාදී කෙලෙසුන් යටපත්ව අශුභය හොඳින් වැටහී යයි. මරණසති භාවනාවෙන් ජීවිත ආශාව හැකිතාක් අඩුව තමන්ගේ ප්‍රතිපත්ති ගමන හොඳින් යා හැකි යි. ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ඉන්ද්‍රියයන් හොඳින් දියුණු කරගන්නට පුළුවනි. මරණානුස්සති භාවනාව සෑම කෙනෙකු විසින් ම දියුණු කරගත යුතු භාවනාවක් වශයෙන් සඳහන් වෙයි.



අස්ථිර බව වටහා ගන්න


මෘත දේහයක් තැන්පත් කරතිබෙන නිවෙසකට ගිය විට මෘත ශරීරය දෙස බලා නිකරුණේ ආපස්සට පැමිණීම නො කළ යුතු යි. තමා ද මේ තත්ත්වයට පත්වන බව සිතන්න. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යනුවෙන් කිහිප ගමනක් ම මෙනෙහි කර ආපස්සට හැරෙන්න. මෙය විශාල අවබෝධයක්. ධර්මයට ගරු කිරීමක්. අස්ථිර බව වටහා ගැනීමක්. මේවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන සම්බුද්ධ ශාසනයෙන් පමණක් මේ ගැන ඉගෙන ගත යුතු යි.
සම්මා සම්බුද්ධ ශාසනය නිසාම මෙතරම් සුවිසල් ධර්ම සම්පත්තියක් ලැබුණා. සූත්‍ර, විනය, අභිධර්මය යනුවෙන් පිටක තුනක් තිබෙනවා. ඒ ත්‍රිපිටක ධර්මය භික්ෂූන් වහන්සේලා ලෝකයට දේශනා කරමින් බුදු දහම පිළිබඳ මනා අර්ථයක් හෙළි දරව් කරනවා. තම තමා ගේ දිවි මඟට බුදු දහම සම්බන්ධ කරගෙන ඇලීම ගැටීම තුරන් කර, මාන්නය යටපත් කරන්නට පුළුවනි. මරණසති භාවනාව දියුණු කරන අයටත් ලෝභ , ද්වේශ, මෝහ, මාන යටපත් ව අලෝභ, අදෝශ, අමෝහය හොඳින් දියුණු කරගන්නට පුළුවනි. එසේනම්, මරණානුස්සති භාවනාව පිළිබඳ හොඳට සිහියට ගෙන කවුරුත් මෙය මෙනෙහි කළ යුතු යි. පෝයදාට සිල් ගන්නා පිරිසත් මේ භාවනාව තවත් කෙනෙකුට පහදා දෙන්න. එසේනම්, තවත් උපමා ටිකක් මෙසේ සඳහන් කරමු.

Thursday, February 1, 2018

මරණයට මෘත ශරීරයට බිය ද ?

බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක දී මරණ සති භාවනා ව ප්‍රගුණ කරන නිවසක උපන්නා. උන්වහන්සේට හදිසියේ ම නයෙකු දෂ්ට කළා. මරණින් මතු දෙව්ලොව උපත ලැබුවා. එසේනම්, මරණ සති භාවනාවෙන් දිගු කලක් සුගතියේ වාසය කළ හැකි යි. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයට එය විශේෂිත වෙයි.
මරණානුස්සතිය පැවිදි පිරිසට පමණක් නොව ගිහි පිරිසට ද අනිවාර්ය වේ. මරණසති භාවනාව සැවොම පුරුදු පුහුණු කළ යුතු යි. එවිට මරණයට, මෘත ශරීරයට භය නැහැ. අපේ ශරීරයේ තිබෙන කොටස් තිස් දෙක එකක් පාසා ම මෙනෙහි කරන අයුරු පෙර ලිපි මඟින් සඳහන් කළා. ඒවා විනාශයෙන් සිදු වන්නේ මරණය යි. සිත ඉවත් වූ සැනින් සිදු වන්නේ මරණය යි.
එසේනම්, මේ මරණය කෙතරම් වෙනස් දැ’යි බලන්න. එසේනම්, මරණයට සැවොම බිය වෙති. සුනඛයෙක්, අලියෙක් මිය ගියොත් එයට බිය වන්නේ නැහැ. මිනිසෙක් මිය ගිය බව පැවසුවොත් එතැනට යන්නටත් බිය වෙති.
මරණයට බිය නොවන්නාට හොඳම දේ මරණසති භාවනාව වැඩීමයි. ඒ නිසා එය ප්‍රගුණ කිරීම අවශ්‍යය යි. අද සඳහන් කරන්නේ මරණ සති භාවනාවේ තවත් වගන්ති කිහිපයකි.
අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූප සමො සුඛොති - සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඇතිවීම, නැතිවීම ස්වභාව කොට ඇත්තෝ ය. ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. සත්ත්වයන්ගේ ජීවිතය වනාහි මරණයට පත්වන වයස නියමයක් නැත්තේ ය . සෑම වයසේ දී ම මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. මව් කුසතුළ දී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. උපදින කල්හි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය.

Wednesday, January 24, 2018

ජීවිත ආශාව දුරුවීමට නම්.

මරණානුස්සති භාවනාව දියුණු කර ගැනීම සඳහා බෞද්ධ අබෞද්ධ කවුරුත් ඇප කැප විය යුතුයි. තණ්හාව, තරහව, මෝහය දුරු කර ගැනීමට මරණානුස්සති භාවනාව ඉවහල් වෙයි. මේ භාවනාවෙන් ඉතා සවිමත් සිතක් සකසා ගත හැකි යි. ඒ බලසම්පන්න සිත නිවන් මඟ විවර කරයි.

සංඛාරයන්ගේ ස්වභාවය වන්නේ ගෙවී යාම, විනාශ වීම සහ මරණයට පත්වීම යි. නිර්වාණය හැර සියලු ම දේ සංඛාර පදයට අයත් වෙයි. මනුස්සයෝ ද, දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, සතර අපාය සත්ත්වයෝ ද , ඈත පෙනෙන නොපෙනන සියලු ම සත්ත්වයෝ ද සංඛාර පදයට ඇතුළත් වෙයි. ගහ කොළ, ඉර හද තාරකා, ඇළ දොළ ගංගා , මහා සාගරය, මහා මේරු පර්වතය, මෙලොව පමණක් නොව අනන්ත ලෝක සහ එහි සියල්ල සංඛාර පදයට යටත් වෙයි. මේ ගැන දැන කියාගෙන දියුණුව, ආරක්ෂාව පිණිස මරණ සතිය වැඩිය යුතු යි.
බුදුසරණ පුවත් පත කවුරුත් කියවිය යුතු යි. එහි ඇති ලිපි අනුන්ට නෙවෙයි තමන්ට ම බව සිතන්න. මව් පියන්ට සැළකීම, ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් කිරීම, මල් පහන් පුදා තෙරුවන් නැමදීම, කරුණාව- මෛත්‍රිය- දයාව- අනුකම්පාව ආදී ගුණාංගයන් දියුණු කිරීම අවශ්‍යය යි. මෙලෙස නිවැරැදි ප්‍රතිපත්ති මාර්ගයකට පිවිසිය යුතු යි.
“අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූප සමො සුඛො” සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඉපෙදෙමින් නිරුද්ධ වන්නා හ. ඔවුන්ගේ සංසඳීම ඒකාන්තයෙන් ඇති වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ආශ්වාස, ප්‍රශ්වාස දෙක පිහිට කොට ඇත්තේ ය. ආශ්වාස ප්‍රශ්වාස දෙක අවහිර වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි සතර ඉරියව් පැවැත්ම පිහිට කොට ඇත්තේ ය. සතර ඉරියව් පැවැත්ම විෂම වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ශීත - උෂ්ණ දෙක පිහිට කොට ඇත්තේ ය. ශීත උෂ්ණ දෙක විෂම වීමෙන් ද මරණය වන්නේ ය.

Friday, January 12, 2018

දුක මිස සැප නැති අපාය

පසුගිය ලිපි පෙලින් අට මහා නරකය ගැන සඳහන් වුණා. සතර අපායේ දුක මිස සැප නැහැ. සත්ත්ව ඝාතනය, සොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, මත් ද්‍රව්‍ය පානය කිරීම, අධාර්මික ජීවිකාව සහ වෙළෙඳාම, මවට පියාට නොසැළකීම සහ තර්ජන ගර්ජන අපහාස කිරීම, පංචානන්තරීය පව් කිරීම, තෙරුවන්ට, පින්වතුන්ට , ගුණවතුන්ට නිග්‍රහ කිරීම, අසාධාරණ නඩු තීන්දු, බොරු චෝදනා ආදී අනේකවිධ පාපයන් සිදු කරන්නන්ට දරුණු විපාක ලබා දෙන්නේ අපායෙනි.
සතර අපාය අනන්ත දුක් ලබා දෙන තැනකි. මේ අපායන්ට පත් වූවෝ මින් මතු පව් නොකරන්නේ යැ’යි පොරොන්දු වෙමින්, දුක් අෙඳීනාවන් අපමණ නගති. මේ ගැන හොඳින් දැනුම්වත් ව පොත පතින් දැනුම ලබන්න. දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි තතු දැනකියාගෙන පවින් වැළකිය යුතු යි. ඒ සඳහා පින් දහම් කළ යුතු යි. දරුණු පව් කළ සැවොම අටමහා නරකයට වැටෙයි. ඒ වටා තවත් ඔසුපත් නරකයන් දහසයකි. සියලුම නරකාදී අපාය එකසිය තිස් හයකි. මෙහි ඇති නිරි සතුන් ප්‍රමාණය ගණනය කළ නොහැකිව, එක් අයකුට තවත් අයෙක් නොපෙනෙනා සේ නිරි සතුන් අපමණ වෙයි. සැවොම මුව රැකගෙන මින් මතු පව් නොකරන බවට සිතා ගත යුතු යි. ලොවුතුරා බුදු කෙනෙක් මෙලොව පහළ ව අපා දොරටු වසන සුගතියට පත්ව නිවන් මඟ විවර කළා. මේවා හොඳින් වටහාගෙන දානාදී කුසල කර්ම රැස්කරගෙන අපායෙන් වැළකීමට වෙහෙස මහන්සි වන්න. අපායකට වැටුණොත් නැවත ගොඩ එන්නට ලෙහෙසි පහසු නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ තම දේශනාවල දෙව් ලොව සහ අපායේ තතු මෙලෙස යැ’යි වදාළ සේක.

Wednesday, January 3, 2018

පන්සිල් රැකීමෙන් අකල් මිය යෑමෙනුත් වැළකෙයි


ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමාවන් සිතට ගෙන මෙනෙහි කිරීමෙන් තමාට ඉමහත් ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවනි. ඉවත දමන කෙළ පිඬක් සේ ඇලීම ගැටීම තුරන් කරන්න භාවනාව ඉවහල් වෙයි.
පින් මද වූවෝ මරණසතියට බිය වෙති. සත්ත්ව ඝාතන ආදී පව් කරන අය, මව් පියන්ට නොසලකන අය මරණයට බිය වෙති. පන්සිල් රකිමින්, මව් පියන්ට සළකන්නෝ මරණයට කිසිවිටකත් බිය නොවෙති. සැවොම පන්සිල් රැකිය යුතුම ය. තුණුරුවන් නැමැදිය යුතුම ය. දාන මානාදී පින්දහම් පිරිය යුතුම යි, බණ ඇසීම, බවුන් වැඩීම කළ යුතුම ය. මෙවැනි වතාවත් සපුරන්නෝ කිසිම අඩු පාඩුවක් නොමැතිව තම දිවි ගමන සුවපත් කර ගනිති.

Wednesday, December 27, 2017

නොහඬා සිටීමට නම්

බුද්ධාදී උතුමන්ට ජීවිතය පිළිබඳව කිසිම ආශාවක් නැහැ. උන් වහන්සේ තම ආයුෂ ගෙවෙන තුරා ශාසන ප්‍රතිපත්තිය දියුණු කළා. බහුලව ම නිරෝධ සමාපත්තියෙන් තමන් අවබෝධ කරගත් නුවණට සම වැදුණා. ඒ නිර්වාණය බොහොම වැදගත්.


එය මඟ ඵල ලාභී උත්තමයන්ට මිස වෙනත් කිසිවකුට නොලැබුණ සම්පතක්. මහ රහතන් වහන්සේ අවබෝධ කළ නිවන, පූර්ණ සඳ මඬල අහසේ පායනවා සේ අසිරිමත් වූවා. උන්වහන්සේගේ සියලු ම පාපයන් දුරු ව ගියා. නැවත නූපදින තත්ත්වයට සිත සකසා ගත්තා. දස සංයෝජනයන් මුළුමනින් ම ඉවත්ව ආශ්‍රවයන් නැතිව ගියා. රහතන් වහන්සේගේ සන්ථානය බොහොම පිවිතුරුයි. කෙලෙසුන්ගෙන් නිරුද්ධ වූ උන්වහන්සේ අහසේ පාවෙනවා සේ සැනසුමේ සුවයෙන් වෙසෙනවා. ලෝභ, ද්වේශ, මෝහ, මද, මාන ආදී පාපයන් කිසිවක් නොමැති වූ රහත් උතුමෝ මෙලෙස සුවිශේෂී තත්ත්වයට පත් වුණා

එබඳු දිවි මඟට පත්වන්න කවුරුත් වෑයම් කළ යුතු යි. ඒ සඳහා නිබඳව ම දන් පින් පුරමින් සිල්, භාවනා වැඩිය යුතුයි. විශේෂයෙන් ම ගුණ ධර්ම දියුණු කළ යුතු යි. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති ආදිය අංග සතර දියුණුවෙන් සෝවාන් ආදී මාර්ග ඵල ධර්මයන් අවබෝධ කරගන්නට සමත් වෙයි.
ඒ සඳහා ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කළ යුතු යි. එය වරක් දෙවරක් නොවෙයි, සිය වර, දහස් වර, දස දහස් වර මෙනෙහි කළ යුතුයි. එමඟින් තමාට මතුවන කරදර පීඩා බාධක දුරු කළ හැකි යි. අපල පවා සංසිදුවා ගෙන, කායික මානසික සුවයක් මෙන් ම විශාල පිනක් ද ලබා ගන්නට සමත් වෙයි. ඒ පිවිතුරු සිතින් ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමා ආශ්‍රිතව මෙනෙහි කරන්න.
අවමඟුලකට සහභාගි වන ඔබ මෘත ශරීරය දෙස බලා ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ පාඩම මෙනෙහි කළ යුතු යි. ඒ සඳහා උපමාවන් ආශ්‍රයෙන් මරණ සතිය මෙලෙස මෙනෙහි කරන්න.
සියලු සම්පත් වනාහි විපත්තිය කෙළවර කොට ඇත්තාහ. ජීවිත සම්පත්තිය ද මරණයෙන් කෙළවර වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි මරණය නියත යි,

Saturday, December 9, 2017

අපා දුක එපා


 පරුෂ වචන පවසා අනුන් වෙහෙස කරන්නෝ ද , සතර අගතියෙන් බැඳී සිටින්නෝ ද , පින් පව් නැත කියා සිතන මිථ්‍යා දෘෂ්ටිකයෝ ද ,සතුන් මරා දැමුවෝ ද උපත ලබන්නේ තාප නරකයේ ය. එහි සත්ත්වයන් නිබඳව ම දැවෙන තැවෙන බැවින් තාප නරකය නමින් හඳුන්වයි."

අටමහා නරකයට පත් ව දුක් විඳින්නන්ට නැවත අපායෙන් ගොඩ ඒම බොහෝ අපහසු කාරණාවකි. පංචානන්තරීය පාප කර්ම සිදු කළ පාපීන්, නියත මිථ්‍යා දෘෂ්ටිකයන් අට මහා නරකයට වැටී අපමණ දුක් විඳියි. සංජීව නරකය, කාල සූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය , අවීචි නරකය වශයෙන් අට මහා නරකයන් වෙයි. ඒ වටා දාසය බැඟින් වූ සියලු ම නරකාදී අපාය එකසිය තිස් හයක් බව බුද්ධ ධර්මයේ සඳහන් වී තිබේ.

අට මහා නරකයන් අතර සංජීව නරකය පිහිටා ඇත්තේ පොළොව මතු පිට සිට යොදුන් පහළොස් දාහක් යටිනි. මනු ලොව වර්ෂ අනූ ලක්ෂයක් සංජීව නරකයේ එක දවසකි. එවැනි දවස් තිහක් මාසයක් ද මාස දොළහක් වසරක් ද වශයෙන් නිරි සතුන්ගේ ආයු කාලය අපාය වර්ෂ අවුරුදු පන්සියය කි.
යමපල්ලන් විසින් අමෝරාගෙන එන මුවතින් දිලිසෙන නව වැදෑරුම් අවි ආයුධයන්ගෙන් නිරි සතුන් බියට පත්ව වේදනාවෙන් අඬා දොඩද්දී ම කපා කොටා දමයි. එලෙස මහා දුක් ලැබුණ ද ඔවුන් නො මැරී ජීවත් වෙන බැවින් මේ ස්ථානය සංජීව අපාය නම් වෙයි. ලෝභ, ද්වේශ, මෝහයෙන් වෙලී ප්‍රාණඝාතය සිදු කිරීම, සොරකම් ආදී පව් කරන්නෝ ,ලෝ වැස්සන්නට දුක් දෙන්නෝ, අනුන් කෙරෙහි ක්‍රෝධයෙන් වැඩීගෙන යුද්ධ කළකෝළාහල ආදී අපරාධ කරන්නෝ සංජීව නරකයේ උපත ලබති.

Monday, November 27, 2017

ගලා යන ගඟක් සේනො නැවතී ගමන යන්නේ ය



සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතර කමටහන් භාවනාවක් දේශනා කොට වදාළා. ඒ , බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණසති භාවනාව යි.
මෙලෙස සතර කමටහන් භාවනාවක් අනු දැන වදාළේ ඒ භාවනාව ඉදිරියට දියුණු කිරීමෙන් ආනාපාන සතිය හෝ කවර හෝ භාවනාවක් සාර්ථකව ඉදිරියට ගෙන යන්නට හැකි නිසා ය. මරණය ගැන සිහිය පිහිටුවීම මරණ සති භාවනාව වන අතර මරණය ගැන නැවත නැවත සිහිපත් කිරීම මරණානුස්සතිය යි. තම ජීවිතයට ඇති ආශාව දුරුකර ගෙන සංසාර ගමන පිළිබඳ ඇති දුක පිළිබඳ ව මනා අවබෝධයක් ඇති කර ගන්න. නිවන් සම්පත් ඇති කර ගැනීමට බලවත් කැමැත්තකින් මරණසති භාවනාවෙන් ප්‍රයෝජනය ලබන්න.

ඔබ අර්ධ පර්යංකයෙන් හෝ බද්ධ පර්යංකයෙන් හෝ නැතහොත් පහසු ඉරියව්වකින් වාඩිවී තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් වැඳ නමස්කාර කරන්න. ඉතිපි සෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථාවන් නැමැඳ , වම් අත්ල මත දකුණු අත්ල තබා ගන්න. දැන් “ජීවිතය අනියත යි ... මරණය නියතයි ...” යනුවෙන් මෙනෙහි කරන්න. මෙලෙස නිබඳව ම මෙනෙහි කර මරණානුස්සති භාවනාව වඩන්නට පුරුදු පුහුණු කළ යුතු යි. මරණ සතිය උපමා සහිතව මෙනෙහි කරන්නේ මෙසේ ය.

Tuesday, November 21, 2017

අස්ථිර ජීවිතයේ ස්ථිරව සිතිය යුතු දේ


මරණ සති භාවනාව යනු මරණයේ සිහිය පිහිටුවීම යි. එය දියුණු කර ගැනීම තුළින් හැඬීම, වැළපීම ආදිය සියලු දුක්ඛ දෝමනස්සයන් දුරු කර ගැනීමට සමත් වෙයි. මරණානුස්සති භාවනාව දියුණු කිරීමෙන් සත්ත්වයන්ගේ සිත පිරිසුදුවීම ප්‍රධානම ආනිශංසය යි.
මිනිසාගේ සිතේ පවතින ලෝභ, ද්වේශ, මෝහ, මද මාන්න, ඊර්ෂ්‍යා ආදිය අකුසලයන් සංසිඳවා ගැනීමට මරණානුස්සති භාවනාව විශේෂයෙන් මහෝපකාරී වෙයි. කෙනෙකු මිය ගිය විට දැඩි ලෙස කම්පාවට පත්ව, අඬා, දොඩා වැළපීම්, කෑකෝ ගැසීම් සිදු වන්නේ මරණානුස්සති භාවනාව දියුණු නො කළ නිස යි. එනම්, සිත දියුණු නො කළ නිස යි.
සිත දියුණු කිරීම යනු නීවරණයන්ගෙන් සිත බැහැර කිරීම යි. ඒ සිත පිවිතුරු, දියුණු තත්ත්වයකට පත් වෙයි. දෙවන සහ තුන්වන ආනිශංසය වන්නේ හැඬීම වැළපීම සංසිඳීම යි. කරදර කම්කටොළු බාධක ව්‍යවසනයන් පැමිණීමේ දී බොහෝ දෙනාගේ ස්වභාවය වන්නේ හැඬීම සහ වැළපීම යි.

Sunday, November 19, 2017

මරණානුස්සති භාවනාව

තථාගත බුදු පියාණන් වහන්සේගේ දේශනාවන්හි මරණානුස්සති භාවනාව පිළිබඳ ව හසළ දැනුමක් ලැබිය හැකි යි. යම් අවමඟුලකට සහභාගිවන ඔබ ඒ මෘත දේහය දෙස නිකරුණේ නො බලන්න. ඒ මෘත ශරීරයට සිදු වූ දෙය මටත් සිදු වන බව සිතාගෙන ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යනුවෙන් මරණානුස්සති භාවනාව වඩන්න. මේ ශරීරය අනිත්‍යය යි , දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් එහිදී ම මෙනෙහි කරන්න. ජීවිතය අස්ථිර බව , මරණය ස්ථිර බව තේරුම් ගන්නට සමත් නුවණක් ලැබුණොත් එය තමන් ලද භාග්‍යයක් වෙයි.

බොහෝ දෙනෙක් මරණයට බිය වෙති. පින්කම්, දාන, ශීල, භාවනාවෙන් සිතේ දියුණුව සලසා ගන්මෝ මරණයට නො බියව මුහුණ දෙති. කෙදිනක හෝ ජීවිතයේ අවසන් ගමන යන්නෝ නිදහස් ව මරණයට සූදානම් ව වාසය කළ යුතු යි. ඇලීම්, ගැටීම් තබාගෙන අවසන් ගමන සුගතිගාමී විය නො හැකි යි. අසල්වාසීන් සමඟ හොඳින් ජීවත් විය යුතු යි. ඉඩකඩම්, යාන වාහන, ගේ දොර ඉඩකඩම් සැවොම ‘මගේ’ යැ’යි උපාදාන වශයෙන් අල්ලා නො ගෙන ඒවා තමන්ගේ පහසුවට පමණක් පරිහරණය කළ යුතුයි.

යමක් “මගෙයි” යනුවෙන් බලවත් ලෙස අල්ලා ගැනීම භයානක වෙයි. පසුගිය දිනක එක්තරා උපාසිකාවක් මිය ගියා. මිය ගිය ඇය නමින් යමෙකුට ආරූඪ වී තමන් ජීවත් ව සිටියදී පැරැණි තහඩු පෙට්ටියක තැබූ වටිනා මාලය සෙව්වා. මේක මගෙයි යනුවෙන් ඒ පෙට්ටිය ඇය විවර කළ ද එහි මාලය තිබී නැහැ. මේ අනුව ඇයගේ අවසන් සිතේ මතකයට නැඟෙන්නට ඇත්තේ තමන්ගේ වටිනා මාලය ගැන විය හැකියි. එය ම අවාසනාවට හේතු වුවාද? පෙර භවයේ යහපත් මනුස්ස ජීවිතයක් ලබා ගත් ඇය පසු භවයේ අමනුෂ්‍ය ජීවිතයකට පත් වුණා ද? ඒ නිසා සියලු ම දේ සම්බන්ධයෙන් ඇලීමක් තබා නො ගත යුතු යි. ‘මගෙයි’ යනුවෙන් අල්ලා ගැනීමෙන් බලවත් තෘෂ්ණාව හට ගන්නා නිසා තමන්ගේ ඊළඟ භවය ද අවාසනාවන්ත වෙයි.

අපායට නොයන්න පින්කම් කරන්න

“ලොවේ සියලු ම සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝ වෙති’යි යනුවෙන් කියමනක් ඇත. සියලු ම සත්ත්වයෝ පින් පව් මත වාසය කරති. පින් කරන්නෝ සුගතියෙහි ද පව් කරන්නෝ දුගතියෙහි ද උපත ලබති. සුගතිගාමී වන්නෝ දුලබ වන අතර අපායගාමී වන්නෝ බහුල වෙති.

අටමහා නරකය යනුවෙන් ප්‍රධාන අපාය අටක් තිබෙයි. මේ එකකට දාසය බැඟින් සියලු ම අපාය එකසිය තිස් හයක් තිබේ. තිරිසන්, පේත, අසුර ආදී අපාය මඟින් සිදු වන්නේ අයහපතක්ම යි. දුක් විඳින්න ම සිදු වෙයි. ඒ දුක උරුම වන්නේ සත්ත්වයන්ගේ කර්මයට අනුව සිදුවන විපාක මත යි. අවීචි මහා නරකයෙහි ඇත්තේ දරුණු ම දුක යි. පංචානන්තරීය පව් සහ මිසදිටුකමින් යුක්ත වූවෝ අවීචි මහා නරකයට පත් වෙති.


අත පය කපා දැමීම, උල තැබීම, ලෝ දිය පෙවීම, ගිනි ජාලා මධ්‍යයට ඇද දැමීම වැනි සියලුම දඬුවම් ඒ ඒ අකුසල කර්ම විපාකයට අනුරූපව ලබා දෙයි.
සත්ත්ව ඝාතන ආදී දරුණු පව් කළඅය සතර අපායෙන් එක් තැනකට වැටී අපමණ දුක් විඳිති. අපායේ ස්වභාවය දුක නම්, සැප ගැන සිතා, සුගතිය ගැන සිතා කල්පනාකාරීව දාන, ශීල, භාවනා ආදී පින්කම් සිදු කළ යුතු යි.
මුගලන් මහ රහතන් වහන්සේ ධර්ම දේශනා මඟින් අපායේ තතු පෙන්වා වදාළහ. අපායේ නිරි සතුන් සමඟ කතා කර විඳින දුකට හේතු වූ කර්මය කුමක්දැ’යි විමසා ඒ මඟින් මිනිසුන්ට ධර්ම දේශනා වදාළහ. උන් වහන්සේ දෙව් ලොවට වැඩම කර එහි ඇති සැප සම්පත් ද මිනිසුන්ට පැහැදිලි කළහ.

Thursday, November 16, 2017

ඇලීම් ගැටීම් දුරු වෙයි සිතෙහි තැන්පත් බව ඇති වෙයි


 ලොවුතුරු බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයන් දියුණු තියුණු කර ගැනීමට භාවනා ක්‍රම අනුගමනය කළ යුතු යි. සිතේ ඇති කරදර, පීඩා, සංසිඳුවා ගන්න සමත් වෙයි. සිත නිශ්චල භාවයකට පත් වෙයි. මෙලෙස සිත එක අරමුණක පවතී. සියලු ම කොටස් බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. මඟ තොට යද්දී, රැකියාව අවසන් වී නිවසට යද්දී ගතවන පැය ගණනාවක කාලයේ භාවනා අරමුණක සිත මෙනෙහි කරන්න. කාලයක් ගත වෙද්දී "
ඒ සිතට ඉබේම භාවනා අරමුණු ගලා එයි. ඒ පින්බර සිත විදර්ශනා ඥානවලට හැරී යයි."

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කායගතාසති භාවනාව ක්‍රම ගණනාවකට දේශනා කොට වදාළා. ක්‍රම තිස් දෙකක් වන එය ද්වාතිංසාකාර භාවනාව, කායගතා සති භාවනාව, පටිකූල මනසිකාර භාවනාව, ධාතු මනසිකාර භාවනාව ලෙසින් පෙන්වා වදා

Wednesday, November 15, 2017

මෙලොව පරලොව යහපත සලසන ද්වාතිංසාකාර භාවනාව

 කායගතා සති භාවනාව මෙනෙහි කිරීමේ දී තම සිතට ජීවිතයේ අස්ථිර බව, මරණයේ ස්ථිර බව, පිළිකුල හොඳින් වැටහී යයි. මේ භාවනාවට කෙනෙක් සිත යොමු කළොත් ඒ පින්බර සිත භාවනාවට ම ලෙන්ගතු වී භාවනානුයෝගී ව වාසය කරයි.
පසුගිය ලිපි මඟින් පංචක කිහිපයක් ද, චක්කයක් ද සඳහන් කළෙමු. අද අප සඳහන් කරන්නේ මුත්ත චක්කය යි. එවිට කායගතා සතියේ කොටස් තිස් දෙක ම මෙනෙහි කළා වෙයි. අස්සු(කඳුළු), වසා(වුරුණු තෙල්), ඛෙලො(කෙළ), සිංඝානිකා(සොටු), ලසිකා(සිරුරෙහි සන්ධිස්ථානවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සඳමිඳුළු), මුත්තං(මුත්‍ර) මෙම අපවිත්‍ර කොටස් හය පෙර ලිපි මඟින් සඳහන් කළා සේ මෙනෙහි කරන්න. (මේ කයෙහි කඳුළු වර්ණයෙන් පිළිකුල් ය. සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය ආදී වශයෙනි.) නුවණ ඇත්තෝ මුත්ත චක්කය තවත් ගැඹුරින් මෙනෙහි කරන්න. මේ කයෙහි කඳුළු සත්ත්වයෙක් නො වේ, පුද්ගලයෙක් නො වේ, ආත්මයක් නො වේ, නිසත්ත්ව වූ, නිජීවි වූ, ශූන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එමනිසා මේ කයෙහි කඳුළු අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මුත්ත චක්කයේ අනෙකුත් කොටස් ද මෙනෙහි කරන්න.

Friday, November 3, 2017

සිහි නුවණ දියුණුවට ඇප කැප වන්න

කායගතාසති භාවනාව දියුණු කිරීම මඟින් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත හැකි වෙයි. තමාගේ දැනුම හොඳින් තේරුම් බේරුම් කරගන්නට සමත් වෙයි. මේ නිසා කායගතාසතිය සැවොම දියුණු කර ගත යුතු වෙසෙස් භාවනාවකි. සම්බුදුරදුන් සප්ත විශුද්ධි ධර්මයෙන් නිවන් මඟ පැහැදිලිව ම දේශනා කළ සේක. එනම්, ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය, කාංක්ෂා විතරණ විශුද්ධිය, මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය සහ ඥාන දර්ශන විශුද්ධිය යි.

ශීල විශුද්ධිය යනු ශීලය පිළිබඳ පිරිසුදු වීම යි. එනම්, පංච ශීලය , අට සිල්, දස සිල්, සාමණේර සිල් සහ උපසම්පදා ශීලය යි. තම තමන්ට අයිති ශීලය බොහොම හොඳින් ආරක්ෂා කර ගත්තේ නම් ඒ ශීලය තමන්ට හොඳින් දියුණු කළ හැකි වෙයි. එයින් ලබන විශුද්ධිය නොහොත් පිරිසුදු බව ශීල විශුද්ධිය නම් වෙයි.

Saturday, October 28, 2017

මෙනෙහි කරන වාරයක් පාසා පින් ලැබෙන කායගතාසතිය

" ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන දැනුම බුදු කෙනෙකුට හැර ලොවේ කිසිවකුට ලබන්නට බැහැ. එතරම් දැනුමක්, දක්ෂ බවක්, ව්‍යක්ත බවක්, උන්වහන්සේ තුළ විද්‍යමාන වුණා. එසේම උන් වහන්සේ සීල තේජසින් , ගුණ තේජසින් , ඥාන තේජසින්, ධර්ම තේජසින්, අසීමිත ව බැබළුණා. ඒ නිසා ම රාජ රාජ මහා අමාත්‍යවරු , ගම් රට වැසි ජනතාව, දෙව් බඹුන් පවා බුදුන් වහන්සේ හමුවට පැමිණ දෙදණ නමා, දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කළා. පුද සත්කාර අපමණ ගලා ආවා. මේ බුදු අසිරිය ගැන පින්වත් සැවො ම හසළ දැනුමක් ඇති කරගන්නට අවශ්‍යය යි."

බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ භාවනා පිළිබඳ ගැඹුරු නුවණින් මෙනෙහි කර අමා මහ නිවන් සුව අවබෝධයෙන් ලැබූ සැනසුම අපමණ යි. අප මහා බෝසතාණන් වහන්සේ ආනාපාන සති භාවනාව පාදක ව ධ්‍යාන උපදවා අරූපාවචර තත්ත්වයට පත්ව අභිඤ්ඤා අනුපිළිවෙළට ලබා ගත්තා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මඟ ඵල ලබා ගෙන සුවිශේෂී බුද්ධ ඥානයන් පහළ කර ගැනීමට භාග්‍ය ලැබුවා.

උන්වහන්සේට අතීත සංසාරය බැලිය හැකි පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ වුණේ සැදෑ කාලය අවසන් වී මධ්‍යම රාත්‍රිය ආසන්නයේ යි. මධ්‍යම රාත්‍රිය ඉවත් වෙද්දී දිවැස් නුවණ පහළ වුණා.