Labels

Showing posts with label අති පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන්. Show all posts

Thursday, February 29, 2024

නිවන් මඟට ප්‍රවේශය ශ්‍රද්ධාව යි

 


අභිධර්මයේ දැක්වෙන විදිහට කුසල පක්ෂයේ සිත් මුල් වී ඇති වන සිතිවිලි 21 ක් තිබෙනවා. ඒවාට කියනවා සෝභන සිතිවිලි කියලා. ඉතින් සෝභන කියන මේ වචනය තුළින් ම අපට වැටහෙනවා සුන්දර බවක්. ලස්සන බවක්. සැනසිලිදායක බවක්. මේ කියන සෝභන සිතිවිලි තුළ පළමු වන සිතිවිල්ල තමා ශ්‍රද්ධාව. මේ චෛතසිකය මුලට ම එන්නේ එය සියලුම සෝභන සිතිවිලිවලට ප්‍රවේශය ද වන නිසයි.

බුද්ධාදි රත්නත්‍රය කෙරෙහිත්, කර්මය හා කර්මඵලය කෙරෙහිත් ඇති කර ගන්නා ඇදහීම හෙවත් පහදවන ස්වභාවයට යි ශ්‍රද්ධාව කියල කියන්නේ. මෙම ශ්‍රද්ධාව පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු වැඩි වෙනවා. ඉතා සරල මට්ටමට බැස්සොත් අපි කවුරුත් බෞද්ධයන් වශයෙන් සැලකෙනවා නම් අපට ඒකාන්ත වශයෙන් ශ්‍රද්ධාව යම් පමණකට පැවතිය යුතු වෙනවා.

ශ්‍රද්ධාව නිසා තමා අපි හැම දෙනාම කුසල පක්ෂයට යොමු කරන්නේ. දන් පින්කම් වශයෙන්, සිල් සමාදන්වීම්, බණ භාවනා කිරීම් ආදී කටයුතුවල යෙදෙන්නේ.

සෝවාන් මාර්ගයට ආසන්න වෙන අවස්ථාව වෙන කොට ක්‍රමානුකූල ව මේ චෛතසිකය ප්‍රබලත්වය කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ රුව දැකීමෙන්, බුද්ධ ප්‍රතිමාවක් දෙස බලා සිට බුදුගුණ මෙනෙහි කිරීමෙන් මෙම ශ්‍රද්ධාව කියන චෛතසිකයේ ආරම්භක අවස්ථාවට පත් විය හැකියි.

Sunday, January 21, 2018

බලයෙන් මත්වන්නේ බලයෙන් මත්වන්නේ දුබලයන් ය


ලෝකය පුරා අද පවතින්නේ බල තරගයක්. මේ සඳහා හැම කෙනෙක් ම දැඩි උත්සාහයක යෙදී ක්‍රියා කරනවා. තමන්ට කිසියම් බලයක් නොමැති අවස්ථාවල දී ඇතැම් පුහුදුන් පුද්ගලයෝ අයුතු ලෙස නැති බලයක් පාවිචචි කර සමාජයේ අකටයුතුකම් කරනවා. නැතිනම් තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට ක්‍රියා කරනවා. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ එන ගාථා පාඨයකින් අපට මැනවින් පැහැදිලි කර දී තිබෙනවා.

“පුත්තාමත්ථි ධනම්මත්ථි - ඉති බාලො විහඤ්ඤති, අත්තාපි අත්තනො නත්ථි - කුතො පුත්තා කුතො ධනං” මෙය තමයි ලෝකයේ පවතින සැබෑ ඇත්ත. අපි බොහෝ දෙනෙක් ක්‍රියා කරන්නේ, අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා පාඨයෙන් අපට පැහැදිලි කරලා දෙන ආකාරයට තමන්ගේ බලවත් පුතුන් ගැන, ධනය ගැන, පිරිස් ගැන කියමින්, සිතමින් තමන් සතුව නො පවතින බලපුළුවන්කාරකම් පෙන්වලා ලෝකයේ ව්‍යාජ ප්‍රතිරූපයක් තමා පිළිබඳව ගොඩනගාගෙන යි. ඒ වගේම තමා ධනයෙන් මත් වූ පිරිස. ඔවුන් හැමවිට ම පෙන්වා දීමට උත්සාහ වන්නේ, යුක්තිධර්මයට එකඟ නො වී හෝ අයුක්තියෙන් අසාධාරණයෙන් සොයා සපයා ගත් ධනය ගැන මත් වී, ඒ බලය අනිසි ලෙස යොදා, සමාජයෙහි පෙන්වා තම ශක්තිය ගොඩ නගා ගැනීමට යි. මේ ක්‍රියා දෙක ම මුළාවට පත් වූවන්ගේ සිතිවිලි ක්‍රමය ක්.

Wednesday, December 6, 2017

සත්පුරුෂයා කවුද ?


බුද්ධ දේශනාව අනුව සැබෑ සත්පුරුෂයා සියලු කෙලෙස්වලින් අත්මිදුණු රහතන් වහන්සේ කීවොත් වඩාත් නිවැරැදියි. උන්වහන්සේ සියලු කෙලෙස් දුරලූ නිසා ම උන්වහන්සේගෙන් මේ සමාජයට කිසිදු අවැඩක් වන්නේ නැහැ. සත්පුරුෂයෝ සියලුම කරුණෙහි දී ඇලීම දුරු කරනවා.
ඇලීම තමයි අප හැම දෙනාගේ ම අකුසලයන් දියුණුවීමට හේතුවන මූලික කරුණ වන්නේ. ඇලීම ඇති කර ගන්නේ යම් වස්තුවකට, ධනයටකට හෝ පුද්ගලයෙකුට වෙන්නට පුළුවනි. ඇලීමක් ඇති හැම විටකදී ම අපි එය අත්පත් කර ගන්නට, අල්ලා ගැනීමට යි උත්සාහ කරන්නේ. එය කරගන්නට බැරි වෙන විට තරහක් ඇති වෙනවා. ග්‍රහණය කර ගන්නට සිතු දෙය වෙනත් අයෙක් අල්ලා ගත්තොත් ඒ අය කෙරෙහි අපි ද්වේෂ කරනවා. ඊට පස්සේ කුමක් ද වන්නේ? ක්‍රෝධය හෙවත් ද්වේෂ සහගත සිතිවිලිවලින් පෙළෙන පුද්ගලයා අර්ථය, අනර්ථය හඳුනන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළේ සත්පුරුෂයා හැමවිට ම ප්‍රඥාවන්ත ව බුද්ධිමත් ව ක්‍රියා කරන බවයි. ඔහු මෝහන්ධකාරයෙන් දුරු වුණ කෙනෙක්. ඔහු මැනවින් කර්මය හා කර්ම ඵලය විශ්වාස කරනවා.

Saturday, November 18, 2017

අවධානයෙන් රැකගත යුතු නිදානය


 අගහිගකම් ඇති අයෙකුට යම් මිතුරෙකු විසින් මේ නිධානයේ වගතුග කියා එය ලබා ගන්නා ආකාරය හිතවත් ව කියා දුන්විට ඒ අහිංසක දුප්පතා එම නිධානය ලබා ගෙන මහත් වූ සැපතකට පත්ව තමන්ගේ අගහිගකම් සපුරා ගන්නවා."

පුහුදුන් අප කා අතිනුත් වැරැදි සිදු වෙනවා. එහි මහත් බව හෝ කුඩා බව එක්වර ම නො වැටහෙන්ට පුළුවනි. එය හොඳීන් වැටහෙන්නේ අප දෙස බලාගෙන බැහැරින් සිටින අයට යි. වරද නිවරද, හොඳ නරක, උසස් පහත්, හොඳ නො හොඳ, යන මේවා සමාජයෙන් සමාජයට වෙනස් වන්නටත් පුළුවනි. මේවාට කියනවා “ආචාර ධර්ම” කියලා. හොඳ නරක වෙනස අපේ සමාජයේ මුල් බැහැලා තියෙන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව යි.

Saturday, September 30, 2017

වස්සානයේ වස්සානයේ කථාව


“වස්සානයේ කථාව” යන මේ වචන දෙසවන වැටෙන විට ම අපේ සැදැහැති බෞද්ධයන්ට මහත් වූ සැනසිල්ලක් දැනෙන්නේ වෙනදාට වඩා තමන්ට පින්දහම් රැස් කරගන්නට ලැබෙනවා කියන සිතිවිල්ල නිසයි.

අපේ ජීවිතය තත්පරයෙන්, පැයෙන්, දවසෙන්, මාසයෙන් අවුරුද්දෙන් යන කාල චක්‍රයට අනුව ගෙවී යනවා. ඉතින් අවුරුද්දේ දින 365 තුළ විවිධ වකවානු විවිධ කරුණුවලට අපි වෙන් කර ගන්නවා. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු සමය, වෙසක් සමය, පොසොන් සමය ආදී වශයෙන් එය බෞද්ධයෝ විශේෂ කොට සලකනවා. එහෙම වුණත් මේ “වස්සානයේ කථාවට” හසු වන කාලය දින දෙක තුනකට සීමා වන කාලයක් නම් නොවෙයි. එයට සාමාන්‍යයෙන් මාස 04 ක් ම ගැනෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා “වස් වැසීම” සඳහා නිශ්චිත වශයෙන් යොදා ගන්නේ නම් මාස තුන යි.

Sunday, June 18, 2017

මහත්ඵල මහානිසංස සහිත දන් දීම

දානය යන වචනය බෞද්ධයාට හුඟක්ම හුරුපුරුදු වචනයක්. දන්දීම වෙනත් ආගමිකයන් අතරද ක්‍රියාත්මක වෙන සද්චාරිත්‍ර ධර්මයක්. ඒක එහෙම වුණත් බෞද්ධයන්ට මෙය අන් කවර ආගමිකයන්ටත් වඩා හුරු වී තිබෙන්නේ උපතේ සිට මරණය දක්වා වන සෑම සුබ මෙන්ම අසුබ ක්‍රියාකාරකමක දී වුවත් දානය මුලට එනවා. නිදසුනක් වශයෙන් කෙනෙක් මිය ගිය විටත් ඒ වෙනුවෙන් හත් දවසෙන් තුන් මාසෙනුත්, අවුරුද්දෙනුත් සමහර විට අවුරුදු පතාත් දන්දීමෙහි යෙදෙනවා. ඒ වගේම තම දුවගේ, පුතාගේ විවාහ මංගල්‍යයට පෙරත් පන්සලේ හාමුදුරුවරුන්ට දානයක් දීලා ආශිර්වාද ලබා ගන්නා ක්‍රමයකුත් තියෙනවා. තමන් මරණයට කිට්ටු වෙනවා කියලා හිතලා ‘ජීවදානය’ කියා දානත් දෙනවා.
දැන් දැන් දෙන දාන පෙරට වඩා බොහොම විසිතුරුයි, හාමුදුරුවරුනුත් විශාල වශයෙන් වැඩමවලා මහ දන් දෙනවා. හාමුදුරුවරුන්ට දෙනු ලබන දේවලුත් පිරිකර වශයෙන් වුණත් විශාලයි. මිල මුදල් පවා දානයට වැඩම වූ හාමුදුරුවරුන්ට පිරිකර වශයෙනුත් පූජා කරනවා.

Thursday, May 11, 2017

සමාජය සරු කරන බෞද්ධ ආචාර ධර්ම

සාමාන්‍ය සරල අදහස අනුව බලන විට “ආචාර” යනු හැසිරීම යි. ඒ වුණත් “ආචාර ධර්ම” යන වචනයෙන් අදහස් කරන්නේ ඊට වඩා පුළුල් වූ අර්ථයක්. එනම් යහපත් හැසිරීමට අවශ්‍ය කරන ගුණාංග මොනවා ද යන්න ආචාර ධර්මවලින් අදහස් කරනවා. මේ අදහසට විරුද්ධ වචනාර්ථය විමසූවිට එහි අර්ථය වඩාත් තේරුම් ගන්නට පුළුවනි. එනම් “අනාචාර ධර්ම” යන වචනය යි. මේ වචනය කියන විට ම අපට වැටහෙනවා අයහපත් අසාර්ථක, විෂමාචාර, විලිබිය නැති හැසිරීම එයින් අදහස් කරන බව.
“ආචාර” යන වචනයේ අර්ථය තවදුරටත් වැඩි දියුණු කරන වචනයකි. “සදාචාර” යන්න මිනිසාට උසස් මනසක් තිබෙනවා. ඒ නිසා ම “මනුස්ස” යන වචනය නිර්මාණය වී තිබෙනවා. මනසේ උසස් බවක් තිබීම මිනිසා ට ඇති මූලික ම ලක්ෂණයක්. ඉතින් මේ මනස උසස් බවට පත් කරන්නේ මිනිසාට වෙනත් සතුන්ට වඩා උසස් ලෙස මනස මෙහෙයවීමට ඇති හැකියාව නිසයි. තිරිසන්ගත සතුන්ට ඔවුන් සතු මනස උසස් බවට පත් කරගැනීමට හැකියාවක් නැහැ. මිනිසාට ඒ ශක්තිය තිබෙනවා.
මව්පියන් “මුල්ගුරුවරුන්” වශයෙන් සලකා ඔවුන්ගෙන් ලබා ගන්නා දැනමුතුකම්වලින් වගේ ම ගමේ පන්සලෙන්, පාසලෙන්, පසුව සමාජයෙන්, ඇසුරට පත්වන කල්‍යාණමිත්‍රයන්ගෙන් තමන් අදහන ආගම ධර්මයෙන් ලබා ගන්නා දැනුමෙන් ශක්තියෙන් ඒ මනස උසස් තත්වයට පත් කර ගැනීමේ අපූරු ශක්තිය උරුම වී තිබෙනවා. ඒ නිසා මව්පියන්, වැඩිහිටියන්, පවුලේ දෙටු සහෝදර සහෝදරියන්, වෙතින්, ගමේ පන්සලෙන් මේ ආචාරධර්ම දරුවන්ට හුරු කරවීමේ වගකිම මැනවින් ඉටු කිරීම අවශ්‍ය වෙනවා.

Monday, April 10, 2017

සිතට වධ දෙන කාම රාගය

‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සරල අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි. පුහුදුන් සිත නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ සැප අත්පත් කරගැනීමේ ක්‍රියාවලියෙහි යෙදීමටයි. ඉතින් අප මේ සැප ළඟා කර ගැනුමට යොදා ගන්නා ඇස, කන, නාසය, දිව හා ශරීරය ඉන්ද්‍රිය පහක් ධර්මයෙහි උගන්වනවා. මේ ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ අරමුණු පිටුපස හඹා යන්නටයි.
‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සාමාන්‍ය සරළ අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි.

Thursday, January 19, 2017

දෙව්බව ලබන්නට මෙවැනි කාන්තාවක් වන්න

අප ජීවත්වන මේ ලෝකය විසිතුරුයි. විචිත්‍රයි. සමහරවිට විශ්මය ජනකයි. පුදුම එළවන සුළුයි. හැඩවැඩ සහිතයි. මේ තත්ත්වය අප දකින්නේ සමහරවිට එක කාලයකට වෙන්නට පුළුවනි. ඒ විසිතුරු බව පවතින්නේ එක පළාතක වෙන්නට පුළුවනි. එක රටක, දෙකක වෙන්නට පුළුවනි. එක ජන කොටසක් පිළිබඳ වෙන්නටත් පුළුවනි. මේකෙන් අදහස් වන්නේ තවත් කාලයක තවත් දේශයක නැතිනම් පළාතක, එක පිරිසක් හෝ පුද්ගලයෙකු පිළිබඳ මේ තත්ත්වය වෙනස් වී අප්‍රසන්න. කටුක, දුක් සහිත හරිම කනගාටුදායක, වේදනාකාරී, අප්‍රසන්න තත්ත්වයක් ඒ ආකාරයෙන් ම ඇති වෙනවා.
ඒ කියන්නේ සමහර අය සුවසේ සැපසම්පත් ඇතිව, රෝග පීඩා නැතිව ජීවත්වෙන කොට තව පිරිසක් ඊට හාත්පසින්ම වෙනස් කනගාටුදායක වේදනාකාරී ලෙස ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් මෙයට හේතුවන කාරණා තත්ත්වයන් විමසුවහොත් උන්වහන්සේ දෙන පිළිතුරක් වන්නේ බොහෝ විට කර්මය නිසා මේ තත්ත්වය ඇති වන බවයි. එහෙත් බුදුදහමෙහි ඉගැන්වෙන විශිෂ්ට ලක්ෂණයක් වන්නේ කර්මය පිළිබඳ නියතියක්. නියතිවාදයක් නොවන බවයි.

Monday, December 12, 2016

පොහොයට අටසිල් සමාදානය අර්ථවත් කරමු

අපේ රටේ බොදු ජනතාව අතර ජනපි‍්‍රය බොදු සිරිතක් බවට පත්ව ඇති දෙයක් තමයි පොහොය දවස්හි අටසිල් සමාදන් වීම. නැතිනම් පෙහෙවස් සමාදන් වීම. ඉතින් මේ සිරිත අද ඊයේ ඇති වූවක් පමණක් නොවෙයි. පෙර රජදරුවන් පවා පොහොය දවස්හි අටසිල් සමාදන්වී උතුම් ප්‍රතිපත්ති පූජාවක් පවත්වා තිබෙනවා. අප මහබෝසතුන් මවුකුස පිළිසිඳ ගත්තේත් එදා මහාමායාදේවිය පෙහෙවෙස් සමාදන්ව සිටි දවසකයි.
වර්තමානයේ විශේෂයෙන් පුරපසළොස්වක පොහොය දිනයෙහි මෙම සීලසමාදානය විශේෂ වශයෙන් සිදු වෙනවා. මෙයට වසර තිහ හතළිහකට පෙර නම් සතරපෝයට මත්තෙන් අපේ රටේ උවසු උවැසියන් යම් පමණක් පිරිස් මේ අටසිල් සමාදන් වුණා. අනුරාධපුර, කතරගම කිරිවෙහෙර, මහියංගණ, මුතියංගණ ආදී මහා විහාරස්ථානයන්හි දහස් ගණනින් පුරපසළොස්වක පොහොය දිනයන්හි මේ චාරිත්‍රය අනුගමනය කරන උවසු උවැසියන් දක්නට ලැබෙනවා. ලංකාවේ සෑම

Thursday, November 24, 2016

සසර අපාගතනොවන්නෝ

අකටයුතුකම්වල යෙදෙන උදවිය සාංසාරික වශයෙන් නිරයේ හා තිරිසන් ආත්මවල උප්පත්තිය ලබමින් දුක් විඳීමට හේතු වෙනවා වගේම සමාජයේ මෙලොව වශයෙන් ගර්හාවට මෙන්ම අවිශ්වාස කටයුතු අයකු බවටත් පත් වී දෙලොවටම අවැඩ සාදා ගන්නවා.
සත්ත්වයා සසර බැඳ තබන ප්‍රධානතම බලය හා ශක්තිය හිමි වී ඇති කර්මය’යි කියනවිට එය සියයට සියයක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එකඟ වෙනවා. මෙහිදී චේතනාත්මක කර්මය’යි අප විසින් අදහස් කර තිබෙන්නේ. මේ කරුණ වැඩිදුරටත් පෙළෙහි පෙන්වා දෙන්නේ “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති, කායෙන වාචාය මනසා” මෙයින් පැහැදිලි කර දී තිබෙන්නේ, කර්මය කියලා කියන්නේ චේතනාව” යන අදහසයි. යමක් සිතිවිලි වශයෙන් සිතූ පමණටම එය කර්මයක් විය හැකි බව ඒ විදියෙන් ගත්තහම ඒ කියන කර්ම රැස් කරන ප්‍රධානම මාර්ග තුනක් වෙනවා.

Friday, August 26, 2016

විමසා බලා දැනගෙනම කියා දීම සම්බුදු ඔවදනයි

සාමාන්‍යයෙන් යමකට නොදැන පිළිතුරක් ලබාදීම, නොදැන ඇතැම් සමාජගත කරුණු විස්තර කිරීම අතිශයින්ම අනර්ථකාරි වෙනවා. මේ නිසා අප හැම විටම පැහැදිලිව නිවැරැදිව දන්නා දෙය පිළිබඳව පමණක් තෝරා බේරා ගෙන ඊට නිවැරැදි යමක් ප්‍රකාශ කිරීමෙන් සමාජයට මෙන්ම තමාටත් යහපතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ සමයෙහි දෙසැටක් මිත්‍යා මතයන්හි එල්බ ගත් දැඩි මතධාරින් විසුව නිසා එයින් සමාජයට සිදු වූ අහිතකාරි තත්වය බුද්ධකාලීන දේශනාවන්ගෙන් අපට දැන ගත හැකිව තිබෙනවා.

Thursday, August 25, 2016

දන්දීමේ අරමුණ අත්හැරීමයි


දානය යන වචනය අපේ බෞද්ධ ජන සමාජයට අතිශයින් හුරු පුරුදු වචනයක්. ඒ පමණකුත් නොවෙයි. දන්දීම හුරු පුරුදු ක්‍රියාවක් විශේෂයෙන් බෞද්ධ සමාජයේ හැම කෙනෙක් ම විවිධාකාර දන් දෙනවා.
වෙසක්, පොසොන් දිනවල විශේෂයෙන් දන්සැල් දෙනවා, අනෙකුත් දිනවල මාස් පතා පන්සලට පේරු දානය නැත්නම් සලාක දානය දෙනවා. කෙනෙක් මිය ගිය විට පවුලෙ අය එකතුවෙලා තුන්දින දානය, හත්දින දානය , තුන්මාසයේ දානය, අවුරුද්දේ දානය ආදී වශයෙන් දන් දෙනවා. ඇස් දන් දෙනවා. ශරීර අවයව මරණින් පසු දන් දෙන්නට එකඟ වෙනවා. ලේ දන් දෙනවා, ශ්‍රමදාන නමින් ශ්‍රමය දන් දෙනවා. මේ විදියට බෞද්ධයන් අතර පමණක් සුවිශේෂ මෙහෙම දන්දීමේ පිළිවෙළක් අපට දකින්නට ලැබෙනවා.

Saturday, June 18, 2016

මිහිඳු මාහිමි දෙසුම් හා සමාජ සාරධර්ම


සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගතවනවිට එනම් ක්‍රි.පූ. 306 – 307 අතර අවධියේ මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළා.

Thursday, March 31, 2016

උපාසකයෙකු සතු ලක්ෂණ


බෞද්ධයන් වශයෙන් අපේ භාවිතයේ දී නිතර යොදා ගන්නා වචනයක් වන්නේ උපාසක උපාසිකා යන්නයි. ගමේ පළාතේ වයසක කවුරු හෝ මිය ගිය විට පන්සලේ හාමුදුරුවොත් ගමේ රටේ කොයිකවුරුත් කියනවා අහවල් උපාසක මහත්මයා මිය ගියා.

Friday, February 26, 2016

බුදුගුණ


අප නිතර ම බුදුරජාණන් වහන්සේගේ ‘අනන්ත ගුණ’ ගැන කියනවා. අපේ පැරණි පොතපතේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නට බුදුගුණ කියැවෙන විවිධ නම් විශේෂ බුදුරජාණන් වහන්සේ කියන මේ වචනයට මුලින් යොදා තිබෙනවා. ඒ විතරක් නොවෙයි අනිත් අය බුදුගුණ ගැන කියනවා අහලත් තියෙනවා.එහි අදහස තමා බුදුගුණ අනන්ත බව.

Wednesday, February 3, 2016

සැමට සෙත දෙන මෙත් සිත


පුහුදුන් සත්වයාගේ සිත නිරන්තරයෙන් ම පෙළෙන මූලික අකුසල් සිත් තුනට අප කියනවා ලෝභ, ද්වේෂ හා මෝහ කියලා. මේ සිත් තුනෙන් ම අපට අවැඩක් මයි ගෙන දෙන්නේ.

Saturday, December 26, 2015

දේවත්වයට පත්වන භාර්යාව


උඳුවප් පුර පසළොස්වක පොහොය දින ශ්‍රී ලංකාවාසීන්ට පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ම අතිශ්‍රේෂ්ඨ දවසක් බවට පත් වෙනවා. එයට ප්‍රධානතම හේතුව දැනට මේ ලෝකයේ ජීවමාන අති පෞරාණික වෘක්ෂය ලෙස සම්භාවනාවට ලක්ව අනුරාධපුර උඩමලුව විහාරයෙහි ජීවමාන ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.

Friday, November 27, 2015

අනුත්තරීය ධර්ම


අප ජීවත් වන ලෝකයේ අපේ සිත ඇදෙන බැඳෙන විවිධ කරුණු කාරණා පවතිනවා. ඒ වෙනුවෙන් අපි විවිධ ක්‍රියාකාරකම් පවත්වනවා. ඒවා පිළිබඳ හොඳින් කරුණු විග්‍රහ කරලා බැලුවොත් ඒ බොහෝ ක්‍රියාකාරකම් අපේ මෙලොව තාවකාලික සුවපහසුව හෝ තාවකාලික වින්දනය සඳහා හේතු වෙනවා.