Labels

Showing posts with label සතර මහා භූත රූප:. Show all posts
Showing posts with label සතර මහා භූත රූප:. Show all posts

Saturday, October 28, 2017

වායෝ ධාතුව ( ජීවත්වීම, ආරක්ෂාව, විනාශය සලසන වායෝ ධාතුව )

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්ත්වයන් ජාති, ජරා, ව්‍යාධි මරණ ආදී අනේක විධ දුක් වේදනාවන්ට පත්වන්නේ අවිද්‍යාවෙන් නිසා බව දේශනා කළ සේක. එනම් නාම-රූප පිළිබඳ ව අවබෝධයක් නොමැති වීමයි. නාම-රූප යනු පඤ්චස්කන්ධයයි. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්කපවත්තන” සූත්‍රයේ දී “සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් දේශනා කළේ, සියලු සංස්කාර ධර්මයන් දුක් සහගත බවයි.

ලෝකය හා සත්ත්වයා පිළිබඳව යථාර්ථය මැනවින් අවබෝධ කරගැනීමට හැකි වනුයේ මෙම සංස්කාර ධර්මයන් අවබෝධ කර ගැනීමෙනි. සසර සැරි සරන සත්වයා බැඳෙන බලගතු ම බන්ධනය මෙම සතර මහා භූතයන්ගෙන් නිර්මිත පඤ්චස්කන්ධය පිළිබඳ බැදීමයි. සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරන්නේ ත් ආත්මභාව මාරු කරන්නේ ත් දුක-සැප දෙකට භාජනය වන්නේ ත් මෙම බැ¼දීම නිසාවෙනි. මෙම බැ¼දීම වනාහී සත්ත්වයා ග්‍රහණයට හසු කරගන්නා උගුලක් වැනි ය. එයින් බේරීමට මඟක් නොමැත.විශ්වය නිරතුරුව ම වෙනස් වෙමින්, කැකෑරෙමින් පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් සමන්විත ය. මේවා භූතයන් ලෙස හඳුන්වා ඇත්තේ මායාකාර, මිනිසුන් රවටන, අත්භූත ස්වභාවයෙන් යුතු නිසා ය. අත්භූත යමක ස්වභාවය නම් මිනිසුන් බිය කරමින් නැති දෙයක් පිළිබඳ ව මවාපෑමයි. එමෙන් ම මහාභූතරූප ද මිනිසුන් මුළා කරන බව “මහාභූත සාමඤ්ඤානි මහාභූතානි” යනුවෙන් දැක්වේ. එනම් ඒවා තුළ ඇති බිහිසුණු බව යටපත් කරමින් සිත්කලු ස්වභාවයෙන් මිනිසුන් මුලාකිරීමයි. ඒ නිසා ම සත්ත්වයා සතර මහා භූතයන් සමඟ ඇලීම ගැටීම හේතුවෙන් නිරතුරුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට භාජනය වේ.
මෙම සතර මහා භූතයන් පිළිබඳ ව සූත්‍රපිටකයේ මෙන් ම අභිධර්ම පිටකයේ ද සඳහන් ව ඇත. සූත්‍රපිටකයේ “ධාතුවිභංග“ සූත්‍රයේ දී ඉන්ද්‍රිය, අතින්ද්‍රිය ප්‍රතිබද්ධ කොතනක හෝ පවත්නා සැලෙන ස්වභාවය වායෝ ධාතුව ලෙස හඳුන්වා ඇත. එමෙන් ම පිම්බෙන, පුම්බන, රුකුල් දෙන ස්වභාවය ද වායෝ ධාතුව තුළ ඇත.

තේජෝ ධාතුව ( රූපය යම් තැනක ද තේජෝ ගුණය නිසැකව ම එහි ඇත )


තේජෝ ධාතුව නිතර ම පාහේ ඇසට පෙනෙන්නේ එය ඉපදීමට අවශ්‍ය ප්‍රත්‍යයන් ඇතිවිට පමණි. තේජෝ බහුල වූ කල්හි එය ගින්දර නම් වන අතර අවම වූ කල්හි ජලය හා අයිස් දැකිය හැකි ය. එසේ වන්නේ සතරමහාධාතූන් එකකින් එකක් ඉවත් කළ නොහැකි සේ පවතින බැවිනි."

සංඛත සියල්ල දෙයාකාර වේ. ඒ නාමරූප වශයෙනි. නාම රූප යනු, රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහයි. සත්ත්වයන්ගේ විඤ්ඤාණයන් හැර සමස්ත විශ්වය රූප නම් වේ. වැලිකැටයේ සිට සුවිසල් තාරකාව තෙක් සියල්ලත්, අඳුරු පදාර්ථ හා අවකාශයත් රූප ගණයටම අයත් ය. එසේ වූ විශ්වය තුළ ඒ ඒ අවකාශ තුළ අනන්‍යව පැතිරුණු සිතිවිලි ශක්තීන් හි එකතුව හා ක්‍රියාකාරීත්වය නාම නම් වේ. නාම රූප සැම විටම අන්‍යෝන්‍ය සාපේක්ෂ ය. එනම් ඒවා සැමවිට ම එකිනෙක අපේක්ෂා කරන බැවිනි.
සක්‍රීයව පවතින විඤ්ඤාණයක් ඇති සැම විටම ම එම විඤ්ඤාණය හා සමගම රූපය ද පැවැතිය යුතු ය. එම රූප ඕලාරික හෙවත් රළු හෝ සුඛුම හෙවත් සූක්ෂම හෝ විය හැකි ය. ඕලාරික හා සුඛුම රූප සියල්ලෙහි ම පවත්නා ලක්ෂණ අටකි. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා යන අටයි. ඒ අතරින් මෙහි විස්තර කෙරෙන්නේ තේජෝ ධාතුවයි.
ජීවයක් රහිත බව ධාතු යන්නෙහි අර්ථයයි. එනම් සත්ත්ව පුද්ගල වශයෙන් හැඳින්විය හැකි කිසිවක් නොමැති බවයි. එසේ වූ ධාතු හයක් ඇති බව ධාතුවිභංග සූත්‍රය දක්වයි. තේජෝ ධාතුව විස්තර විභාග කරමින් සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ වදාරන සේක.
“තේජෝධාතුව අජ්ඣත්තික – බාහිර වශයෙන් පවතී. අජ්ඣත්තික තේජෝ ධාතුව යනු තම අභ්‍යන්තරයෙහි පවතින උණුසුම දවන ශක්තිය ස්වභාව කොට පවතින ගතියයි. යමකින් සන්තාපනය, දිරායාම, දැවීයාම සිදු වේ ද යමකින් කන බොන ආහාරපාන ආදිය අවශ්‍ය පරිදි දිරවීම සිදු කෙරේ ද ඊට ද අමතර ව තමා තුළ ඇති මෙහි නොකී උණුසුමක් හා එවැනි ස්වභාවයක් වේ ද එය තේජෝ ධාතු නම් වේ. තම සිරුරෙහි යම් තේජෝ ධාතුවක් වේ ද සිරුරින් පිට යම් තේජෝධාතුවක් වේ ද ඒ සියල්ල ම තේජෝ ධාතුව යැයි කියනු ලැබේ.”

ආපෝ ධාතුව ( විදර්ශනාවට උපකාරී වෙයි )

" ආවේගශීලී මනෝ භාවයන් (රාග, ද්වේශ ආදී) තේජෝ ධාතුව අවධි කරන්නට හේතු වෙයි. මේ ප්‍රභවයන් නිවැරැදි ව තේරුම් ගැනීම ශරීරයේ ආපෝ ධාතුව නිවැරැදි ව සමබර කර ගැනීමට හේතු වෙයි. "

ලෝකයේ ඇසට පෙනෙන, අතට ස්පර්ශවන රළු ස්වභාවයෙන් යුතු සියල්ලක් ම මූලික ධාතු සතරෙන් නිර්මාණය වී තිබෙ යි. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී මූල ධාතු සතර යි. මහත් වූ ස්වරූපයෙන් ඉන්ද්‍රියයන්ට ගෝචර වන බැවින් මේවා මහා භූත රූප නම් වෙයි.
ආපෝ ධාතුව යම් ප්‍රමාණයකින් අලවන, බන්ධනය කරන, දියරමය, වැගිරෙන, බැඳෙන ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි. ආපෝ ධාතුව තැනට ඔබින සේ ක්‍රියාත්මක වෙයි.
අභිධර්මයේ දී සතර සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනා සතිපට්ඨානය යටතේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. කය පිළිබඳ විදර්ශනා කරද්දී සතර මහා ධාතු වෙන වෙනම ධාතු කොට්ඨාශ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතු යි.
යම්කිසි සමස්තයක් තුළ මේ සත්ත්වයෙක් ය, පුද්ගලයෙක් ය ආදී යම්කිසි සංඥාවක් දීර්ඝ කාලයක් තහවුරුව තිබෙයි. මෙහි එවැනි පුද්ගලයෙක් නැහැ. මෙහි ඇත්තේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ,ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු ආදී ධාතු කොටස් පමණකි.

පඨවි ධාතුව ( අයිති නැති නම් ගැටීමක් කුමටද? )


පඨවි ගතිය පුද්ගල සිත අවිද්‍යාවෙන් වසා තබයි. ඒ නිසා, වැරැදි දේ කිරීමට පෙළඹෙයි. අයිතියක් තිබෙනවා කියා හැඟීමක් ඇතිවෙයි. එහෙත් සියලු දේ වෙනස් වන ලෝකයේ තමාට කියා කිසිදු දෙයක් අයිති නැහැ."
සතරමහා භූතයන්ගෙන් හටගෙන ඇති මේ රූපය පඨවි ධාතුවට අයත් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අභිධර්මය තුළ දී රූපය හැදී ඇති ආකාරය මනාව විස්තර වෙයි.
එහි දී පුද්ගල ශරීරය විසි අටකට බෙදා දක්වා ඇති අතර, මහාභූත රූප ලෙස පඨවි, ආපෝ, තේජෝ, වායෝ දක්වා තිබෙනවා.
‘පඨවි’ ශබ්දය විවිධ අර්ථයෙන් යෙදේ. යම්කිසි දෙයක ඇති තද ගතිය පඨවිය යි. එහි අඩු වැඩි ස්වභාවය, මොලොක් බව, රළු බව හෝ සිනිඳු බව ආදි වශයෙන් ද පඨවි ධාතුව හඳුන්වනු ලබනවා.