Labels

Wednesday, September 16, 2020

අඹුසැමියන්ගේ යුතුකම්



පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන්
ම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්යා හට සැමියකුගේ යුතුකම් පසක් හා අඹුවකගේ යුතුකම් පසක් ද වදාළ සේක
.



සැමියාගේ යුතුකම්

(1) බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්රිය වචනයෙන් කථා කිරීම ය.

(2) බිරිඳට අවමන් නො කිරීම ය.

(3) සිය බිරිඳ හැර අන් ස්ත්රීන් සේවනය නො කිරීම ය.

(4) ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය.

(5) වස්ත්රාභරණ පිළියෙල කරදීම ය යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය.

භාර්යාවගේ යුතුකම්

කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්හ කරන කල්හි භාර්යාව ද
(1) කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය.

(2) තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්හ කිරීම ය.

(3) සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය.

(4) හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය.

(5) සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්හ කරන්නීය.


(බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල මහනාහිමි)