Labels

Friday, April 3, 2015

සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද

01 – අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න.
තේරුම = තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.

02 – බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ – පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න.
තේරුම = තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.

03 – යේ දදන්ති තේසං යේව දාතබ්බං – දෙන අයට ම දෙන්න.
තේරුම = නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.

04 – යේ න දෙන්ති, තේසං න දාතබ්බං - නො දෙන අයට නො දෙන්න.
තේරුම = නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.

05 – දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං – දෙන අයටත් නො දෙන අයටත් දෙන්න.
තේරුම = දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.

06 – සුඛං නිසීදිතබ්බං – සුවසේ හිඳගන්න..
තේරුම = සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය ±ක නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.

07 – සුඛං භුඤ්ජිතබ්බං – සුවසේ අනුභව කරන්න.
තේරුම = සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.

08 – සුඛං නිපජ්ජිතබ්බං – සුවසේ සැතපෙන්න.
තේරුම = සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ප‍රථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.

09 – අග්ගි පරිචරිතබ්බෝ – ගිනි පුදන්න
තේරුම = සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.

10 – අන්තෝ දේවතා නමස්සිතබ්බා – ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න.
තේරුම = සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.

(ධම්මපදට්ඨකථා)
උපුටා ගැනිමකි

No comments:

Post a Comment