Labels

Monday, August 28, 2017

විනය හා ගුණය

විවාහයේ දී බොහෝ දෙනෙකු රූමත් බව හා ධනවත් බව කෙරෙහි පමණක් සැළකිලිමත්වන අතර උගත්කම් හා හැදියාව ගැන දක්වන්නේ අඩු සැළකිල්ලකි. මෙම ජාතක කථාවේ එන වර්තමාන හා අතීත කථා දෙකෙන් ම අවධාරණය කරන්නේ සදාචාරය හෙවත් හැදියාව වඩාත් උසස් බවයි. සිල්වත් බව හෙවත් විනයගරුක බව බුදුසමයෙන් විශේෂ ඇගයුමට ලක්කර තිබේ. සිල්වත්කමින් තොර උගත්කම අර්ථවත් නොවන බව එහි එන එක ඉගැන්වීමකි.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා බමුණෙක් අරබයා මෙම සාධුසීල ජාතකය දේශනා කොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා බමුණෙකුට විවාහ වීමට යෝග්‍ය වයසේ දියණිවරුන් සිව් දෙනෙකු සිටියේය. එම දියණිවරුන් හා විවාහවීමට අපේක්ෂාවෙන් පුරුෂයෝ සිව් දෙනෙකු ද සිටි අතර ඔවුන්ගෙන් පළමු වැන්නා රූමත් අයෙක් විය. දෙවැන්නා වියපත් වූවෙකි. තෙවැන්නා උසස් කුලයකට අයත් වූවෙකි. සිව් වැන්නා මනා විනයකින් හා ගුණයෙන් හෙබි තැනැත්තෙකි. මෙම පුද්ගලයන් සිව්දෙනා අතරින් කවර තැනැත්තෙකුට තම දූවරුන් විවාහ කර දෙන්නේ දැ යි බමුණාට ගැටලුවක් ඇති විය. ඒ පිළිබඳ සුදුසු උපදෙසක් ලබා ගැනීම සඳහා බුදුරදුන් සොයා දෙව්රම් වෙහෙරට පැමිණි බමුණා උන්වහන්සේගෙන් කරුණු විමසා සිටියේ ය.
වර්තමානයේ එය ඔබට නොවැටහුණත් පෙර ආත්මයේ නුවණැත්තන් විසින් ඒ පිළිබඳ ඔබට කරුණු පැහැදලි කර ඇති බව කුමක් හෙයින් අමතකව තිබේදැයි විමසූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

ඇලෙන ගැටෙන සිතට කායගතාසතිය



ශරීරයෙහි තිබෙන කොටස් තිස් දෙක පිළිබඳව මෙනෙහි කිරීම කායගතාසති භාවනාව යි. කායගතාසති භාවනාව පිළිබඳ සූත්‍ර සිය ගණනාවක් අංගුත්තර නිකායේ සඳහන් වේ. තව ද මේ භාවනාව පිළිබඳව මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව, ගිරිමානන්ද සූත්‍ර දේශනාව ආදියෙහි ද සඳහන්ව තිබේ. තම, තමා විසින් කළ යුතු වන්නේ කායගතාසතිය පිළිබඳ මුල් පාඩම මෙනෙහි කිරීමයි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ පංචකය නිබඳව ම මෙනෙහි කරන්න.
මේ මඟින් සිහිකල්පනාව අරමුණෙහි පිහිටුවා ගන්නට පුළුවන්කම තිබෙයි. එක අරමුණක පමණක් සිත පිහිටුවා ගැනීමෙන් චිත්ත සන්තානය රඳවා ගන්නට පහසුයි. නුවණ දියුණු කර ගන්නට ද පුළුවන්. එසේනම්, වැඩිදුරට නොගොස් කේසා,ලෝමා , නඛා, දන්තා ,තච පංචකය මෙනෙහි කිරීමට කවුරුත් පුරුදු පුහුණු විය යුතුයි. ගිහි පැවිදි කාට වුණත් කායගතා සතිය සාධාරණ භාවනාවක්. එය බොහෝ කල් මෙනෙහි කළ හැකියි. තච පංචක භාවනාව වූ මෙය කායගතාසතියේ පළමු කොටසයි.
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා වූ මේ භාවනාව අදත් මේ මොහොත දක්වාම පරිශීලනය වෙයි. එය පැවිදි වෙන සියලුම කුල පුත්‍රයන් වහන්සේලාට, උප සම්පදා වන සියලු භික්ෂූන් වහන්සේලාට මුලින් ම උගන්වන භාවනාවක්.
කායගතා සති භාවනාවෙන් රහත් වූ සංඛ්‍යාව ගණනය කළ නොහැකියි. සංකිච්ච හාමුදුරුවෝ, මිහිඳු මහ රහතන් වහන්සේ පවා කායගතාසති භාවනාවෙන් රහත් මඟ ඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන සියලුම උතුමන්ට මුලින් ම පහදා දුන්නේ කේසා, ලෝමා, නඛා, දන්තා,තචො යනුවෙන් මෙනෙහි කරන ලෙසයි.

Tuesday, August 22, 2017

උපන් කුසල් පවත්වා ගැනීමට ගන්නා උත්සාහය

උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් සම්මා වායාම වන මාර්ගාංගය යටතේ ඉගැන්වෙන්නකි. එහි සම්මා වායාම සතරක් තිබෙයි. ඉන් සිව්වන සම්මා වායාමය දක්වා ඇත්තේ උප්පන්නානං කුසලානං ධම්මානං... යනාදී වශයෙනි. සෝවාන් ආදී මාර්ගඵල මාර්ගයෙනි.
පෘතග්ජන පුද්ගලයාගේ ශීලයට හානි සිදු විය හැකි ය. උදාහරණයක් ලෙස පන්සිල්, අටසිල් යනා දී ශීල ප්‍රතිපදාවන්හි එක් සිල් පදයක් හෝ කිහිපයක් විනාශ විය හැකි ය. ඒ අනුව ඇතැම් විට මනා සිල්වතෙකුව සිටින පෘතග්ජන පුද්ගලයා ඇතැම් විට හෙට දිනයේ පස්කම් සැප විඳිමින් පව්කම් කරන දුසිල්වතෙකු විය හැකි ය.
සිල්වතෙකු ලෙස ප්‍රසිද්ධිය ලබා සිටින පැවිද්දෙකු උපැවිදිව යම් වරදක් කරනු දුටුවහොත්, ඇසුවහොත් අපි එයට කලබල වෙමු. ඇතැම් බෞද්ධයෝ බුදු දහමෙන් ඈත් වන තරමට කල කිරෙති. සමස්ත පැවිදි සමාජයටම ගර්හා කරති. එය ධර්මය නොදැනීම නිසා වන කලබලයකි. පෘතග්ජන ස්වභාවයට අනුව අප සංසාරයෙහි තබා එක් ජීවිත කාලයක් මුළුල්ලෙහි වුව ද දුකෙන් මිදී වාසය කරන්නට තිබුණත් එය පුදුම සහගත ය. එය නොහැකිවීම පුදුමයක් නොවේ. එය පෘතග්ජන ස්වභාවයේ ස්වරූපය යි.
පැවිදිව භාවනා කර ධ්‍යාන අභිඤ්ඤාව ලබා අහසින් ගමන් කරමින් සිටින ඇතැම් උතුමෝ පවා සියල්ලෙන් පිරිහී නැවත ගිහි බවට පත්වූ අවස්ථා තිබේ. එසේ වූයේ කුමක් හෝ හේතුවක් නිසා නොව උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ නොකළ නිසා ය.

නූපන් කුසල් උපදවීමට ගන්නා උත්සාහය

තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ හරය ලෙස සැලකෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මය යි. සංසාර දුකෙන් නිදහස් වීමට කැමැති ශ්‍රාවකයා ඒ ආර්ය මාර්ගය සපුරා ගැනීමට කළයුත්තේ කුමක් ද? ඒ ප්‍රතිපදාවේ ගමන්කළ යුත්තේ කෙසේ ද? යන්න බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම යනු නිවන අවබෝධ කර ගන්නට පක්ෂපාත ඒ පැත්තට නැඹුරු, නැවුනු කියන අදහසයි.


නූපන් දෙයක් උපදවා ගැනීම සඳහා හෝ අප ළඟ නැති දෙයක් දියුණු කර ගැනීම සඳහා කරන වීර්යය නූපන් කුසල් උපදවා ගැනීම ලෙස හැඳින්වෙනවා. මේ උත්සාහය අනිවාර්යෙන් ම නිර්වාණාවබෝධයට වටපිටාව සකසා දෙනවා. මෙහි දී කුසලය කුමක්ද? කියා යම් වැටහීමක් තිබිය යුතුයි. අපගේ සිත තුළ රාග, ද්වේශ, මෝහ ඉවත් කොට ඒ වෙනුවට අලෝභ, අද්වේශ, අමෝහය පදනම් කරගත් කුසල මූලයන් උපදවා ගැනීමයි. නූපන් කුසල් උපදවා ගැනීම තුළින් බලාපොරොත්තු වන්නේ. සසරේ අප ඇදබැඳ තබාගන්නේ, මේ අනවරාග සංසාරයේ අප ගෙනයන්නේ, සුගති, දුගති කරා ගෙනයන්නේ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන්. මේ මූලයන් ප්‍රහාණය කොට අලෝභ, අද්වේශ, අමෝහය කියන සිතේ හට නොගත් කුසල මූලයන් දියුණු කර ගැනීමට කරන වීර්යය මෙහි ප්‍රධාන කාරණය වෙනවා.
මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දියුණු කර ගැනීමට අපට සතර සතිපට්ඨානය වැදගත් වෙනවා. එහි දී නිවැරැදි සිහියක් පවත්වා ගත යුතුයි. කුසල් දියුණු කිරීම සහ අකුසල් යටපත් කිරීම පිළිබඳවත් ඒවා හට ගන්නා තැන් සහ නැති කරන තැන් පිළිබඳව මනා අවබෝධයෙන් සිටීමත් වැදගත් වෙයි. අකුසල් මෙන් ම කුසල් හට ගන්නේ ද අපගේ සිත තුළමයි. සිත තුළ නූපන් කුසල් උපදවා ගැනීම සඳහා නිවැරැදි සිහියකින් යුක්තව වාසය කිරීම අත්‍යවශයි.

උපන් අකුසල් නැති කිරීමට ගන්නා උත්සාහය

යම් අරමුණක්, ඉලක්කයක් ඉටුකර ගැනීම සඳහා ඇතිවන ඕනෑකම, උත්සාහය, පුද්ගලයෙක් තුළ හට ගත්ත ද ඒ වෙනුවෙන් වීර්යයක් උපදවිය යුතු ය. උත්සාහයක නිරතවන පුද්ගලයෙක් වෙත තිබිය යුතු ගුණාංග තුනක් එනම් උත්සාහයේ ලක්ෂණ තුනක් පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ආරම්භක ධාතු, නික්ඛම ධාතු, පරාක්කම ධාතු වශයෙනි.
ආරම්භක ධාතු – යම් දෙයක් ආරම්භ කිරීමට පටන් ගැනීම අවශ්‍යය ය.
නික්ඛම ධාතු – ආරම්භ කළ දේ ක්‍රියාත්මක කරගෙන යාම අවශ්‍යයය.
පරාක්කම ධාතු - මොන ආකාරයේ සම්බාධක පැමිණියත්, මගේ අරමුණ ඉලක්කය මෙතනයි, ඒ අරමුණ ඉලක්කය ඉටුවෙනතුරු මම මේ ගමන යනවා, යැයි අධිෂ්ඨානය ඇතිකර ගැනීම අවශ්‍යය ය. එයයි සතර සම්‍යයක් ප්‍රධන් වීර්යය ලෙස පවසන්නේ.

නූපන් අකුසල් නූපදවීමට ගන්නා උත්සාහය

තිලෝගුරු අමාමෑණී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නිවන් මඟ සඳහා දේශනා කළ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එම අංග අටෙන් එක් අංගයක් ලෙස සම්මා වායාමය සඳහන් කළ හැකි ය.නූපන් අකුසල් නූපදවීමට දරන උත්සාහය සම්මා වායාමය නම් වේ.නූපන් අකුසල් නූපදවීමට කැමැත්ත ඇතිකර ගැනීමට උත්සාහ කිරීමට වීර්යෙන් යුක්තව වෑයම් කළ යුතු ය.
උපන් අකුසල් නැතිකර දැමීමට දරණ උත්සාහයේදී ද පළමු කොට කැමැත්ත තිබිය යුතුය. සතුන් මරමින් සිටින පුද්ගලයෙකු සත්තු මැරීමෙන් වැළකී සිටීමට කැමැත්ත ඇතිකර ගතහොත් පමණක් ඔහු සතුන් මැරීමෙන් වැළකී සිටී.සොරකම, වැරැදි කාමසේවනය ,අසත්‍ය වචන ප්‍රකාශ කිරීම,මත්වතුර පානය කිරීම ,හිස්වචන, දැඩි ලෝභය,තරහව ,මිථ්‍යා දෘෂ්ටිය, ආදී කොට ඉපදී ඇති සියලු අකුසල ධර්මයන් නැතිකර ගැනීමට කැමැත්ත ඇතිකර ගැනීම පළමුව අවශ්‍යවේ.කැමැත්ත තිබූ පමණින් එය සාර්ථක කරගැනීම අපහසු වේ.ඒ සඳහා ද වීර්ය කළ යුතුයි.

සතර බ්‍රහ්ම විහරණ තුළින් හෙළිවන සහජීවනය

උතුම් පැවැත්ම හෙවත් සතර බ්‍රහ්ම විහරණ සියලු සත්වයන්ට මහත් ආශිර්වාදයක් ගෙනදීමට සමත් බෞද්ධ ඉගැන්වීමකි. මහා බ්‍රහ්මයා තුළ ඇති ගුණයන් ලෙස සතර බ්‍රහ්ම විහරණ සතර හැඳින්වේ. එසේ ම බුදුරදුන් තුළ මෙන් ම මවුපියන් තුළද දරුවන් පිළිබඳ මෙම ගුණ ඇති බව දේශනාවේ සඳහන් වේ. සමාජයක්, පවුලක්, රටක් ලෙස යහපත් ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීම උදෙසා සාමයෙන් සමගියෙන් අන්‍යොන්‍ය වුවමනාවන් හැඳින ගෙන ජීවත්වීම සඳහා සතර බ්‍රහ්ම විහරණ ගුණ මහත් පිටුවහලකි. සමගියෙන් එකිනෙකාගේ දියුණුව ඉවසමින් ආශිර්වාදාත්මක දිවියක් ගත කිරීමට මෙමගින් ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ.
මිනිසුන් ලෙස සහජීවනය ඇතිකර ගැනීම සඳහා ආගම් භේදයකින් තොරව අනුගමනය කළ හැකි වීම
මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා (උපේක්ෂාව යන) ගුණයන්ගේ සුවිශේෂී බවද වේ.

දීර්ඝ ඇසුරකින් හඳුනා ගත හැකි සීලය

මිනිසා රූපයෙන් දැක ගත නොහැකි ය.ස්වල්ප මාත්‍ර දර්ශනයෙන් විශ්වාස කළ නොහැකි ය. කිසිම සංයමයක් නැති තැනැත්තෝ උසස් සංයමයෙන් යුතු ඇත්තන්ගේ පරිහරණීය දෑ දරමින් මෙන් ම ඔවුන්ගේ ආකාරය දරමින් ලොව හැසිරෙති. ස්වර්ණාලේපිත, මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් මෙන් ද, රත්තරන් ගෑ අඩමස්සක් වටිනා ලෝහාභරණයක් මෙන් ද ඇතුළත අපිරිසුදු වුවත් පිටත සෝභමාන කරමින් ඔවුහු හැසිරෙති.

න වණ්න රූපෙන නරෝ සුජාතෝ
න විස්සසේ ඉත්තර දස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකම්මං චරන්ති
පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව
ලෝහඩ්ඪමාසෝව සුවණ්ණඡන්නෝ
චරන්ති ඒකේ පරිවාරඡන්නා
අන්තෝ අසුද්ධා බහි සෝභමානා

සතුටු සිතින් ලෝකය දෙස බලන්න

“කිපෙන්නට, ක්‍රෝධ කරන්නට හේතුවන කරුණක් තිබුණද එය ක්‍රියාත්මක වීමට ඉඩ නොදී ඉවසීමෙන් සංසිඳුවා ගන්නේ නම් ඔහු උත්තමයෙකි.” යි, ධම්මපදයෙහි ක්‍රෝධ වර්ගයෙහි සඳහන්වේ. ක්‍රෝධ නොකිරීමේ ඇති වැදගත්කමත් ක්‍රෝධ සිතිවිල්ල අවබෝධයෙන් තේරුම්ගෙන සන්සුන් සිතක් ඇතිකර ගැනීමේ ඇති වටිනාකමත් මෙයින් පෙන්වා දෙයි. ජේතවනාරාමයට ආසන්නව, ගසක් තම නිවස කරගෙන සිටි දෙවඟනක් මුල්කරගෙන මෙම ධර්ම පාඨය දේශනාකර ඇත. භික්ෂුවක් තමාට අවශ්‍ය කුටියක් සාදාගැනීමට ගසක් දැක එහි අතු කපන්නට සූදානම් විය. මේ ගසට අධිපති දෙවඟන තම දරුවාද පෙන්වා මේ ගස තම වාසස්ථානය බවත්, මෙය කැපුවොත් තමාට යන්නට තැනක් නැති බවත් ප්‍රකාශ කළා ය. දෙවඟන කියූ දෙයට කන් නොදුන් භික්ෂුව ගසට පොරෝ පහරක් ගැසුවේ ය. භික්ෂුව ගැන කෝපයට පත් දෙවඟන භික්ෂුවට පහරදීමට අත්දෙක එසවුවා ය. අත්දෙක ඔසවාගෙනම ඇය මෙසේ සිතුවා ය.

Tuesday, August 15, 2017

පිට ගින්දර ගෙට ගන්න එපා

පවුලක වැදගත්ම චරිත වන්නේ අම්මා සහ තාත්තායි. මෙහිදී අම්මා වඩාත් තීරණාත්මක චරිතයක් බවට පත්වේ. සමස්ථ පවුල පිළිබඳව වඩාත් අවධානයක් යොමුකර ආර්ථික වශයෙන් පවුලක් ශක්තිමත් කරන්නී අම්මාය. පින්වත් දරු සම්පත් සමාජයට දායාද කර දරුවන් හොඳින් පෝෂණය කර යහගුණදහම් කියා දී සමාජයට ඔවුන් ඉදිරිපත් කරන්නී ද ඇයයි.
මෙහි දී අම්මාගේ චරිතය නිවැරැදි ලෙස ක්‍රියාත්මක නොවුණේ නම් සමස්ත පවුලම විනාශ වෙන්නට පුළුවන්. බිඳ වැටෙන්න පුළුවන්. මවකගේ ගුණ ගරුක බව, ශක්තිය හා වගකීම පිළිබඳ බුදු දහමේ සාකච්ඡා කර තිබෙනවා.

අසිරිමත් දළදා ඉතිහාසය



ඓතිහාසික සෙංකඩගලපුර පිහිටි දළදා මන්දිරය තුළ වැඩ සිටින ජීවමාන බුදුන් වහන්සේ වශයෙන් සලකනු ලබන උතුම් දළදා වහන්සේ ලංකාවාසීන් මෙන්ම මුලු මහත් ලෝකවාසී බෞද්ධයින් විසින් මහත් හරසරින් පිළිගන්නා වූ පරම පූජනීය වස්තුවකි. බුුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශරීරය ආදාහනය කළත් උන්වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව සතර දළදාව, ලලාට ධාතුව, අකුධාතු හා ග්‍රීවා ධාතු යන ධාතූන් වහන්සේලා හැර අනික් සියලු ශාරීරික කොටස් කුඩා කැබලිවලට බිඳී ගියහ. මෙම ප්‍රධාන ධාතූන් වහන්සේලාගෙන් සතර දළදා වහන්සේලා වැඩ සිටින ස්ථාන ලෙස දැක්වෙන්නේ තව්තිසා භවන, ගන්ධාර දේශය , කාලිංග දේශය හා නා ලොවයි.
ලක්දිව ලිය වී ඇති දළදා සිරිත, දාඨාවංශය,දළදා පූජාවලිය ආදී ධාතු වංශකථාවන්හි සඳහන් අන්දමට ඉහතින් සඳහන් කළ සතර දළදාවන්ගෙන් දෙනමක්ම වර්තමානය වන විට පිහිටා තිබෙන්නේ ලංකාද්වීපයෙහිය.

දළදා සාහිත්‍යය

මූලාශ්‍රයන් ඇසුරෙන් දළදා සිරිත, දළදා පූජාවලිය, දාඨා ධාතු චාරිත්‍ර ආදී පොත පත ලියැවුණි. මේ සෑම ග්‍රන්ථයකම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පූජාවන් සහ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. ඒ සමඟම ලක්දිවට එල්ල වූ විවිධාකාර සතුරු ආක්‍රමණවලදී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා විවිධ ස්ථානවලට රැගෙන ගිය ආකාරය, දළදා වහන්සේ උදෙසා නොකඩ කොට පුද පූජා පැවැත්වූ ආකාරය පසුකාලීනව ලියැවුණු දළදා සිරිත, දළදා පූජාවලිය ආදී පොත්පත් වල ද සඳහන් වෙයි. දළදා සිරිත දළදා සාහිත්‍යයෙහි විශිෂ්ටම කෘතියයි.
මහනුවර සෙංකඩගලපුර වැඩ සිටින වාම ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයාගේ පරම පූජනීය වස්තුවයි. දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ සුපින්බර පුවත නිසා අද දළදා සාහිත්‍ය ගැන සඳහන් පොත් පත් බහුල වී තිබෙයි.

සිව් මහා මංගල්‍යය

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි සිදුකෙරෙන නන් විධ පූජා විධි අතර වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්‍යය, ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්‍යය යන සතර මංගල්‍යය ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සවයන් ය.

ප්‍රාතිහාර්ය මැද ලක්දිවට වැඩම වූ වාම දළදා වහන්සේ

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේ සතර නමක් ප්‍රධාන වශයෙන් ඉතිරි වුණා. ඒ දළදා වහන්සේ හතර නමත්, අකු ධාතුන් වහන්සේ දෙනමත්, ගී‍්‍රිවා ධාතුන් වහන්සේ සහ, ලලාට ධාතුන් වහන්සේ ලෙසයි. අනෙක් ධාතුන් වහන්සේලා සියල්ලම සහල් ඇට, මුංපියලි, අබ පියලි ආදි කුඩා ප්‍රමාණයට බෙදුන ආකාරය ධාතු වංශයෙහි සඳහන් වෙනවා.
තථාගතයන් වහන්සේගේ සිරි දළදා වහන්සේ සතර නමෙන් වාම ශ්‍රී දළදා වහන්සේ පිළිබඳවයි මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ. ඒ උතුම් දළදා වහන්සේ අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සතර අතට සෙත සදමින් වැඩ වෙසෙනවා.
වාම ශ්‍රී දළදා වහන්සේ එදා බුදුරජාණන් වහන්සේගේ චිතකයෙන් ලබාගෙන කළිඟු රටේ බ්‍රහ්මදත්ත නම් රජතුමාට බාර දුන්නා. ඒ රජු ඉතාමත් විචිත්‍රවත් මාළිගාවක් තනවා එහි ධාතුන් වහන්සේ වඩා හිඳුවා වැඳුම්පිදුම් කළා. ඒ රජුගේ මරණින් පසුව එතුමාගේ පුත්‍ර කාසී නම් රජු විසින් දළදා වහන්සේට පෙර ආකාරයට වැඳුම් පිදුම් කළා. කාසී රජුගේ පුත්‍රයා වන සුනන්ද රජුද තම වැඩිහිටියන් කළ ආකාරයට දළදා වහන්සේට වැඳුම් පිදුම් කළා. ඒ ආකාරයට දන්තපුරයේ වැඩසිටි දළදා වහන්සේ පරම්පරාවෙන් පැමිණ පඬි නම් රජෙකුගේ බාරයේ වැඩ සිටියා.
එකල ලංකාවේ රජ කළේ මහසෙන් රජුයි. ඔහු සහ දන්තපුරයේ එවකට රජ කළ ගුහසීව රජු බොහෝම හිතමිතුරුයි. ඔවුන් නොදුටු මිතුරෝයි. මේ ගුහසීව රජු නිගන්ඨයින්ට උපස්ථාන කළ, ගරු බුහුමන් කළ, ඒ දහම පිළිගත් අයෙක්. ඔහු බුද්ධ ශාසනය කෙරෙහි ගෞරවයක්, පැහැදීමක් ඇති අයෙක් නොවේ.

වස්සානයේ කථාව

ක්‍රි.පූ. හයවන සියවසේ දී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමය මුල්කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. ඒ සඳහා පළමු වරට රහතන් වහන්සේලා හැට නමක් සහභාගි වූහ. ඒ සැට නමක් වන රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේව මනුස්සානං’ යන උපදේශනයයි. ඒ අනුව දෙදෙනකු එක මඟ නොයා තනි තනිව ගමන් කරන ලෙස උපදෙස් දී තමන් වහන්සේ ද උරුවෙල් දනව්ව බලා පිටත් වූහ. සැට නමක් වන රහතන් වහන්සේලා ද නිස්සරණාධ්‍යාසයෙන් ධර්මදූත කාර්යයෙහි නිරත වූහ.
ඒ මහරහතන් වහන්සේලා දැක්මෙන් ප්‍රසාදයට පත් බොහෝ දෙනා තමන් ද පැවිදි කර ගන්නා ලෙස ඒ ඒ රහතන් වහන්සේලාගෙන් අයැද සිටියහ. උන්වහන්සේලා ද පැවිදි වනු කැමැති පිරිස බුදුරදුන් වෙත කැඳවාගෙන අවුත් පැවිදි කරවූහ. කාලයාගේ ඇවෑමෙන් එසේ පැවිදි කිරීමේ බලය ඒ ඒ භික්ෂූන් වෙතම පැවරිණි. තවත් කල් යාමෙන් පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාව වැඩි විය. ඔවුහු අව්වැසි නොබලා ධර්ම චාරිකාවේ යෙදුණහ. එය සමාජගත ප්‍රශ්නයක් බවට පත්වූයේ වස්සාන සෘතුවේ දී ය.

පින් කළ නොහැකි තැන් ( ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව – 07 )


සියල් සසර දුක් දුරුකර නොයෙ කී
අසල් කරන මොක් සිරිසැප නිසැ කී
සියල් සතුනි පින් කරවයි මුනි කී
නොකල් අටෙකි පින්කම් කළ නොහැ කී


සියලු සත්වයිනි, පින්කම් කළ නොහැකි නොකල් අටක් ඇත. එහෙයින් සියලු සංසාර දුක් දුරු කරන, නිසැකවම නිවන් සැපය ළඟා කරන්නා වූ පුණ්‍ය ක්‍රියාවන් සිදුකරන්න යනුවෙන් බුදුරදුන් දේශනා කොට ඇත යනු ඉහත දැක් වූ කවියෙහි සරල අදහසයි.
නරකය හෙවත් අපාය යනු කෙනෙකු පෙර ආත්මයේ කරන ලද අකුසල්වල විපාක විඳින ස්ථානයකි. එම නරකය ප්‍රධාන වශයෙන් කොටස් අටකින් යුක්ත ය. යමපල්ලන් විසින් කපා කොටා දැමූවත් නැවත නැවත හට ගනිමින් දුක් ගෙනදෙන සංජීව නම් නරකය එයින් එකකි. වෑ පොරෝ ආදියෙන් කපා දමමින් වදදෙන කාලසූත්‍ර නම් නිරයත්, ගිනිගෙන ඇති යකඩ පර්වතවලින් මිරිකමින් වද දෙන සංඝාත නරකයත් යනු තවත් කොටස් කිහිපයකි. සිරුරෙහි කන් ආදී නව දොරින් ශරීරය පුළුස්සා දමන රෞරව නම් වු බිහිසුණු නරකයත්, එයටත් වඩා වද දෙන රතු ලේ වැනි ගිනි දැල්වලින් පිළිස්සෙමින් පීඩාවට පත් කෙරෙන මහා රෞරව නම් වූ නරකයත්, ගිනි දැල්වලින් බෙහෙවින් තවන තාප නම් නිරයත් අට මහා නිරයන්ට අයත් විය.

බුදු පුද දළදා තේවා

 ලාංකීය බෞද්ධයින් තුළ පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයින් තුළම තථාගත බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳව ඇත්තේ අසීමිත ගෞරවයකි. මේ නිසාම අතීතයේ සිට අනෙකුත් පූජ්‍ය වස්තූන්ට වඩා දළදා වහන්සේ විෂයෙහි අනේකවිධ පුජාවන් පවත්වන්නට බෞද්ධයෝ උත්සුක වූහ. මේ නිසාම දළදා පූජා චාරිත්‍ර විශේෂයක් ආරම්භ වූවා සේ ම එය බෞද්ධ ජන සංස්කෘතිය තුළ සුවිශේෂී අංගයක් බවට ද පත්විය.
මෙහි ඓතිහාසික පසුබිම විමසා බැලීමේ දී ප්‍රාථමික පුද පූජා හා විශ්වාසයන්ට හුරු පුරුදුවී සිටි ප්‍රාග් බෞද්ධ ලාංකිකයෝ අනුබුදු මිහිඳු හිමියන් වහන්සේ බුදුදහම හඳුන්වා දීමත් සමඟ එහි ඇති උසස් හරපද්ධතීන් සමඟ අනුගත වන්නට වූහ. මේ නිසාම ගස් ගල්, පර්වත, අව්ව, වැස්ස වැනි ස්වභාවික වස්තූන් විෂයෙහි පුද පූජා පැවැත්වු මොවුහු රත්නත්ත්‍රය විෂයෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන වන්දනාමාන කිරීමට හුරු වූහ. ධාතු වන්දනාව, බෝධි වන්දනාව, ප්‍රතිමා වන්දනාව වැනි වන්දනාමාන ක්‍රම ගොඩ නැ¼ගුනේ හුදෙක් අන්ධානානුකරණයෙන් සිදුකරන ඇදහිල්ලක් ලෙස නොව බුදුපියාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය විෂයෙහි කරනු ලබන ආමිස පූජාවක් ලෙසයි.
බෝධියාගමනයත් සමඟ විශේෂිත පූජා චාරිත්‍ර සමුදායක් ඒ වටා ගොඩනැඟුනා සේම ඊටත් වඩා සුවිශේෂී ලෙසින් දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට මොවුහු උත්සුක වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඇති අනෙකුත් සියලුම පූජා වස්තූන්ට වඩා සුවිශේෂී ගෞරවයක් මෙන් ම විශේෂිත පූජා චාරිත්‍ර සමුදායක් දළදා වහන්සේ මුල්කරගෙන විකාශය වන්නට විය.

Sunday, August 13, 2017

කිසිවෙක්‌ නැත - කිසිවක්‌ නැත

'මම මහරහත් උතුමෙක්‌ වෙමි - මම නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කළෙමි' යනුවෙන් පෞද්ගලික නාමය පෙරටුකොට තමාම හෝ ජනප්‍රිය බෞද්ධ ආගමික සංස්‌ථා මගින් 'මාර්ගපල ලේබලය' තමා මත අලවාගෙනඇත. මේ සිදුවීම් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේද ප්‍රකට විය. එහෙත් ඔෙරී පැත්තෙන් අවිධිමත් වෙන්න. මෙහිදී 'මම' ඉලක්‌ක කරගෙන මම පෙරටුවේ තබාගෙන යම්කිසි ඵළලාභීත්වයක්‌ සාක්‌ෂාත් කර ගැනීමට වෙර දැරීම මෙන්ම ප්‍රසිද්ධියට පත්කිරීම මගින් මමත්වය මෝදු වෙනවා. මෝරා යනවා. එමෙන්ම ආත්ම දෘෂ්ටිය වඩා වර්ධනය වෙනවා. මම වර්ධනය මිස මම මර්දනය නොවනු ඇත. ඵල අපේaක්‌ෂා කරන්න කරන්න ප්‍රාර්ථනා කරන්න කරන්න උත්තම නිවීම දුරින් දුරට යනු ඇත. සත්‍ය සෙවීම නොව අසත්‍යයෙන් මිදෙන්න. විද්‍යාව සෙවීම නොව අවිද්‍යාවෙන් මිදෙන්න.

සාංඝික දේපල පරිහරණය කළොත් වෙන දේ...

මෙකල සඟ සතු දේපල පරිහරණය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බව පෙනෙයි. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. බොහෝ දෙනෙක්‌ සාංඝික දේපල පරිහරණය පිළිබඳ නොදනිති. ගිහියන් කෙසේ වෙතත් ඇතැම් භික්‌ෂුන් වහන්සේලා ද එම නීති රීති නොදැන කටයුතු කරති. සාංඝික දෙපොල ගැන කිසිවකුටත් අයිතිය කිව නොහැක. අඩු තරමින් රජයට වුව ද එහි අයිතියක්‌ නැත. සාංඝික දේපල අයිති වන්නේ සංඝයාට පමණකි. සංඝයාට වුව ද සංඝ අනුමැතියකින්, සම්මුතියකින් තොරව, පෞද්ගලිකව පරිහරණය කළ නොහැක. මෙම නීති රීති ගැන ත්‍රිපිටකයට අයත් පාචිත්තිය පාලියෙහි  සඳහන්ව ඇත.

අනුන් සතු කුමන දෙයක්‌ වුව ද සොර සිතින් ගැනීම වරදකි. සඟ සතු දෙයක්‌ සොර සිතින් ගැනීම එයට ද වඩා බරපතළ වරදකි. පැවිදි වුව ද සඟ සතු දේපල තම සිතැඟි පරිදි පරිහරණය කිරීමට හෝ වෙනත් අයට දීමට හෝ නොහැක. මහනුවර යුගයෙහි විසූ භික්‌ෂුන් වහන්සේලා විසින් පවසා ඇති පරිදි ,

දැන වඩමු දසකුසල්

කුසල් යනු වැඩිය යුත්තකි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව ෙච්තනාන්විතව වැඩිය යුත්තකි. දසකුසල් ද එසේම වැඩිය යුතු ප්‍රතිපදාවකි. කුසල් ඉබේ වැඩෙන්නේ නැත. එය සිතාමතාම තම තමන් වැඩීමෙන් කුසලතා පිරි පුද්ගලයෙක්‌ වේ. දිනපතා සිහියෙන් යුතුව දසකුසල් තමන් තුළ වැඩෙන බව දැකීමෙන් කුසල් වැඩිය හැකිය. කෙනකුගේ පිරිසිදු අපිරිසිදු බව ඇතිවන්නේ කුසල අකුසල නිසාය. අකුසලයෙන් අකුසල් කරන පුද්ගලයාම අපිරිසිදු කරයි. එයින් දුක්‌විපාක ඇතිව සසරම විවිධ දුක්‌ ඇති නිරය තිරිසන් අපායාදියේ දුක්‌විඳි කුසලයෙන් පිරිසිදු වන පුද්ගලයා මෙළොව සතුටින් ගතකරන අතර පරලොව සුගතියේ ඉපිද වඩ වඩාත් සැප විඳි සැප කැමති නම් දසකුසල් වැඩිය යුතුයි.

මල් පූජාවෙන් නිවන් දකින හැටි

බෞද්ධ සමාජයේ බුදුහාමුදුරුවන්ට මලක්‌ පහනක්‌ නොපිදූ කෙනෙක්‌ නැති තරම්ය. නමුත් මල් පූජාවේ යථාර්ථය හඳුනාගෙන වර්තමානයේ මල් පූජා කරන්නේද? යනු ප්‍රශ්නාර්ථයකි. මල්වට්‌ටිය බුදු පිළිමය අසල තබා ගාථා කියා සාධු කියනවා හැර ඤාණ සම්පයුක්‌තව මෙය සිදු කරන බවක්‌ වර්තමානයේ පෙනෙන්නට නැහැ.

බුදුන් වහන්සේ අනු දැන වදාළ යහපත් දේශයක පාලක පාලිත පන්තියේ වගකීම

''මහණෙනි. මෙසේ දිළින්දන්ට ධනය නොදෙනු ලබන කල සොරකම් වැඩි විය. සොරකම් වැඩි වී ගිය කළ අවි ආයුධ භාවිතයට පත්වීය. අවි ආයුධ වැඩි වී ගිය කල සත්ව ඝාතනය වැඩි වී ගියේය. සත්ව ඝාතනය වැඩි වී ගිය කල බොරුකීම වැඩි වී වැඩි වී ගියේය. බොරු කීම වැඩි වී ගිය කළ සත්වයන්ගේ ආයු පිරිහිණ''

(බුද්ධ ජයන්ති ප්‍රකාශන)

බුදු දහම හය වන සියවසේ පැවැති රාජ්‍ය පාලනය ගැන විවෘත සංවාදයක්‌ ගොඩනගමින් හැම විටම රටේ ජනතාව ගැන සිතමින් ඒ ජනතාවගේ සිත් සනසවමින් පාලකයින් තම පරිපාලන පද්ධතිය පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවට ගන්නා ලෙස සිහිපත් කරයි. රාජාණ්‌ඩුල සමූහාණ්‌ඩු සහ ප්‍රාන්ත පාලක යනාදී පරිසරයන් තුළ බිහි වූ බුදු දහම ප්‍රධානියා ලෙස කටයුතු කරන පරිපාලකයා වන 'රාජ' යන්න 'ජනං රංජතීති රාජා' ලෙස අර්ථ කථනය කරයි.

Friday, August 11, 2017

ආමිස පූජාව භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්‌ෂේප කළාද?

තථාගතයන් වහන්සේ වෙනුවෙන් ආහාරපාන මල් පහන් හඳුන්කූරු ආදි ආමිසයෙන් පිදීම අර්ථ ශූන්‍ය හිස්‌ ක්‍රියාවක්‌ යයි සමහර කෙනෙක්‌ එය පහත් කොට කථා කරති. තථාගතයන් වහන්සේ දැනට ජීවමාන ව නැති බැවින් එය වඩාත් නිෂ්ඵල යයි ද, එය දුගියකුගේ කුසගිනි නිවන්නට හෝ අසරණයකුට දීම ඊට වඩා ඵලදායක යයි ද, ඔවුහු තර්ක-විතර්ක කරති. කොටින්ම ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස්‌ යයි තර්ක කරන මේ අය බොහෝ විට ඒ දෙකින් එකක්‌වත් නොකරන පිරිස්‌ වෙති. ඔවුන් බොහෝවිට කරන්නේ අනුන් කරන ආමිස හෝ ප්‍රතිපත්ති පූජා දැක සිත් පහදවා නොගෙන ඒවා නිසරු දේ යෑයි සිතමින්,

නොපසන් සිත ගෙන දේ දුක

සිතෙහි විවිධ ස්‌වරූප පවතී. පෘථග්ජනයාගේ සිත කෙබඳු ස්‌වරූප ගනීදැයි ක්‍ෂණිකව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. සිතෙහි ක්‍රියාකාරිත්වය අනුව ඔහු කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක්‌ උපදවා ගැනීම සැබැවින්ම දුෂ්කරය. හොඳ කරන අයවලුන්ට හොඳ විපාකත් නරක ක්‍රියා කරන අයවලුන්ට නරක විපාකත් ලැබෙන බව දහමේ පෙන්වා දෙන අන්දමයි. ඒ පිළිබඳව ඉදිරිපත් කළ කදිම නිදසුන නම් පහතින් දැක්‌වෙන අවස්‌ථාවයි.

සන්සිඳුණු සමාජයක්‌ සඳහා කතා ව්‍යවහාරය ඉවහල්වල අයුරු


කාය කර්ම වචී කර්ම හා මනෝකර්ම යනුවෙන් අප කරන ක්‍රියා කොටස්‌ තුනකට බෙදේ. කය මුල් වී කරන

ක්‍රියාකාරකම් කාය කර්ම වන අතර වචී කර්ම වන්නේ වාචසික ක්‍රියා කාරකම්ය. සිතෙන් කරන ක්‍රියාකාරකම් මනෝ කර්ම වෙයි. සත්ත්වයා උපතේ සිට මරණය දක්‌වා කරන සමස්‌ත ක්‍රියාකාරකම් කර්ම නමින් හැඳින් වේ. මේ අතරින් වාචසික සංවරයෙහි ඇති වැදගත් කම පිළිඳව ඔබේ අවධානය යොමු කිරීමට අදහස්‌ කරමි.

බෞද්ධයාගේ ආර්ථික විද්‍යාව

ලෝකයේ සිටිය මහා ප්‍රාඥයා, මහා විද්‍යාඥයා, මහා ප්‍රඥාවන්තයා සම්බුදු පියාණන් වහන්සේ බව නූතන විද්‍යාඥයොත් ප්‍රකාශ කර හමාරයි. අන්න ඒ සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට තමයි බුද්ධ ධර්මය කියන්නේ. බුද්ධ කියන්නේ අවබෝධය. ධර්මය කියන්නේ සත්‍යය. එනම් සත්‍යය අවබෝධය.

කියමි රහසක්‌ වසන්වූ මග මතුවෙලා යළි සිතට ගනු මැන


කවුද මේ අරුත්බර ගී ගයන්නේ? ඉන්නකෝ ඉන්නකෝ ඒ ගීතයේ ඉතිරි පද වැල් සම්පූර්ණ කරමින්ම මම කතාව ආරම්භ කරන්නම්කෝ ඔබත් සමඟ අද. එහෙනම් මෙන්න මෙහෙම පද ගලපනවා මම. කියන්නකෝ හොඳයි ද කියලා.

ඇත්ත දැක්‌කොත් ලොවෙන් එතෙරට

යන්න හැකි වෙයි ඇත්තමයි එය.

ලසස්‌නයි, ලස්‌සනයි, මේවා ඇහෙන විට සිත විකසිත වෙනවා තමයි. ගයන්න ගයන්න බිය නොවන්න.

ත්‍රිවිධ ලෝකය ත්‍රිවිධ ලෝකය කියනවා. විමසලා බලමු ද අපි කුමක්‌ද මේ ත්‍රිවිධ ලෝකය කියලා. එහෙම නම් කියන්නකෝ යහළුවේ ඔබට පෙන්වන්න පුළුවද මේ ත්‍රිවිධ ලෝකය කියන්නේ කුමක්‌ද කියලා 

පසුතැවීම සහ නොතැවීම

නමෝ තස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌ස///
කාය දුච්චරිතං හිවා වචීදුච්චරිතානිච
මනො දුච්චරිතං හිවා
යඤ්චඤ්ඤං දොසසඤ්හිතං

අකවා කුසලං කම්මං
කවාන කුසලං බහුං
කායස්‌ස භේදා සප්පඤ්ඤෙ
සග්ගං සො උපපඡ්ජතී..ති

ඒ නුවණැති පුද්ගලයා කාය දුෂ්චරිත, වාග් දුශ්චරිත, මනො දුශ්චරිත හා වෙනත් පාපී අකුසල් ධර්ම හැරපියා,

අකුසල් නොකොට බොහෝ කුසල් කොට මරණින් මතු සුගතියෙහි උපදී

කරුණික පින්වත්නි,

ඔබ අස්‌සුතවත් පෘතග්ජනයෙක්‌ද?

මඡ්ධිම නිකායේ මූලපාරියාය සූත්‍රයේ මුලින්ම දැක්‌වෙන්නේ අස්‌සුතවත් පෘතඡ්ජනයන්ගේ ස්‌වභාවයයි. එහි අට්‌ඨකතාවේ සඳහන් 'පුථූනං නානප්පකාරානං කිලේසානං ජනනාදීහිපි කාරණෙහි පුථුඡ්ජනො' යන විග්‍රහයට අනුව 'නොයෙක්‌ කෙලෙස්‌ ඇතිවීමට හේතුවෙන ලෙසින් කටයුතු කරන තැනැත්තා, පෘථග්ජනයෙක්‌ වන්නේය. ඔහු පංචකාමයන්ගෙන් ලැබෙන සුළු ආස්‌වාදයට ඇලී එහිම ගිලී කාමාස්‌වාදයන්ගෙන් මුසපත් බවට පත්වේ. පංච කාමාස්‌වාදයක්‌ නම්. ඇසින් රූප බැලීමට ඇති ආශාවත්, කනින් ශබ්ද ඇසීමට ඇති ආශාවත් නැහැයෙන් සුවඳ ආඝ්‍රහණයට ඇති ආශාවත් දිවෙන් රස විඳීමට ඇති ආශාවත්, කයෙන් ස්‌පර්ශ විඳීමට ඇති ආශාවත් සිතට සිතිවිලිවලින් ලැබෙන වින්දනයත් පිළිබඳව ඇති ආශාවන්ය. එම ආසාවන් සම්පූර්ණ කර ගැනීමට සියලුම සත්වයෝ විවිධාකාරවලින් වෙහෙසෙති. එම ආසාවන් සම්පූර්ණ කරගෙන තෘප්තියට පත්ව ''දැන් මම සියලුම කාමාස්‌වාදයන් වින්දෙමි. තවත් මට නම් කිසිම කාමාස්‌වාදයක්‌ එපා යෑ' යි සිතා ඉන්ද්‍රියයන් පිනවීමෙන් සෑහීමකට පත්වෙන කිසිම සත්වයෙක්‌ හෝ පෘථග්ජන පුද්ගලයෙක්‌ ලෝකයේ නැත.

කෙලෙස්‌ සහ මනුෂ්‍ය ආයුෂ අතර ඇති ප්‍රතිලෝම සම්බන්ධය


මනුෂ්‍ය චිත්ත සන්තානයේ කෙලෙස්‌ වැඩිවන විට මනුෂ්‍ය ආයුෂ අඩුවන අතර, මනුෂ්‍ය චිත්ත සන්තානයේ කෙලෙස්‌ අඩුවන විට මනුෂ්‍ය ආයුෂ වැඩි වේ. මේ අනුව කෙලෙස්‌ සහ ආයුෂ අතර ඇත්තේ ප්‍රතිලෝම හෙවත් සෘණ සම්බන්ධයකි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ, දීඝනිකායේ එන චක්‍රවර්ති සිංහනාද සූත්‍රය (බු.ජ.ත්‍රි.දී.නි.3 - පි.අ 96) තුළින් මේ බව වඩාත් හොඳින් පැහැදිළිවේ.

ගිහි-පැවිදි සබඳතාව

මේ ගෙවෙනුයේ වස්‌සාන සමයයි. මෙම සමය බුදුදහම අනුව නම් ගිහි-පැවිදි සබඳතාව වඩා සමීප කරන සමයකි. අදින් උදාවූ නිකිණි පෝ දිනයේ පසුගිය පොහොය දිනයේ වස්‌ විසීමට නොහැකිවූ භික්‌ෂුන් වහන්සේට පසුවස්‌ විසීම කළ හැකිය. ඒ කෙසේ වුවද අද වනවිට ගිහි පැවිදි සබඳතාවයේ ශක්‌තිමත් බව කොතෙක්‌ දුරට පවතීද යන්න විමසා බැලිය යුත්තකි.

Thursday, August 10, 2017

සම්බුදු දහම සහ සහජීවනය

එකිනෙකාට ගෞරවය කරමින් ඔවුනොවුන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් සහයෝගයෙන් සමගියෙන් ජීවත්වීම සහජීවනයයි. සහජීවනයෙන් යුතු සමාජයක් බිහිකිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ බොහෝ ඉගැන්වීම් සිදුකළහ. එම ඉගැන්වීම් අතර සතර සංග්‍රහවස්තූන්ට හිමිවනුයේ ප්‍රමුඛස්ථානයකි. සෑම බෞද්ධ ඉගැන්වීමක් ම අරමුණු කරගත්තේ මෙලොව මෙන් ම පරලොව සුබසිද්ධිය උදෙසාමය. එවැනි ඉගැන්වීම් තවත් පිරිසක් අපහසුතාවයට පත් කිරීමට යෙදවීම බුදුදහමට පටහැනි වේ. සහජීවනය, ගොඩනැගිම සඳහා සිඟාලෝවාද සූත්‍රයෙහි උගන්වනු ලබන සතර සංග්‍රහ වස්තු, වර්තමාන සමාජයට එදාටත් වඩා අද බෙහෙවින් අවශ්‍ය ය.
දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය, යන සංග්‍රහ වස්තූන්ගෙන් සංග්‍රහ කළ යුත්තේ මිනිසාට පමණක් නොවේ. සතා සිව්පාවට මෙන්ම අජීවී ගහකොළට, පරිසරයටද සංග්‍රහ කළ හැකි ය.

දහම ගෝචර නොවන අය


එසේම, මෙම සංග්‍රහය ලැබිය යුතු වන්නේ එක් ජාතියක් එක් ආගමක් පමණක් නොවේ. විශේෂයෙන් බුදුදහමේ ඉගැන්වීම් සිංහලයා පමණක් අරමුණු කරගත් දේශනාවන් නොවේ. බුදුරදුන් දේශනා කළේ මගේ දහම ප්‍රඥාවන්තයන්ට පමණක් බව ය. ඉන් අදහස් වන්නේ ප්‍රඥාව හීන අයට මෙම දහම ගෝචර නොවන බවයි. උපතින් බෞද්ධයෙකු වුවද ඔහු ප්‍රඥාවෙන් හීන ලෙස මෙම දහම තේරුම් ගන්නේ, නම් ඔවුන් ද බුදුමග පිළිපැදීමට නුසුදුස්සෝ වෙති. කුමන ජාතියකට ආගමකට අයත් වුවත් යථාර්ථය පිළිගන්න කැමති, සිතීමේ විමසීමේ හැකියාව ඇත්තවුන්ට මෙම දර්ශනය අනුගමනය කළ හැකි ය. දානය හෙවත් අත්හැරීම යහපත් ලක්ෂණයකි. එසේම බෙදාහදාගැනීම සුබසාධනය වැනි ක්‍රියාකාරකම් දාන ගනයට අයත්වේ. නැතිබැරි අයට අනුග්‍රහයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මෙන්ම ආගමික මුහුණුවරින් සිදුකරන දානාදියට වර්ග පාට පක්ෂ භේද අදාළ නොවේ. කෙනෙකුට සංග්‍රහ කළ හැකි ඉතා අනර්ඝ සංග්‍රහවස්තුවක් ලෙස දානය ඉහළින්ම අගය කළ හැක. ලෝකයේ සෑම ආගමක්ම දානය අනුමත කර ඇත.

ශෝකය හුලකි විසල් වේදනා ගෙන දෙන



“සල්ල” යනු “හුල” යන අදහසයි. වහරේ දී එය 'උලක්' ලෙස ද භාවිත වේ.හුලක් පාදයේ ඇණුනේ නම් හෝ හුලකින් ශරීරයට යම් විපතක් සිදු වූයේ නම් එය මහත් වේදනා ගෙන දෙන්නේ ය.
මිනිස් සන්තානයේ හටගන්නා වූ ශෝකය ද මහත් වූ කායික හා මානසික වේදනා ගෙන දෙන “හුලක්” හැටියට ධර්ම කතාවේ දක්වා තිබේ. පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලු සංඛත වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ධර්මතාවයන්ට යටත් බව විදර්ශනා මනසට හසුවෙයි. විදර්ශනා මනසින් අරමුණු දැක ගන්නට අපොහොසත්වන සිතක ආලය වගේ ම ශෝකයත්, පටිඝයත් එනම් තරහවත් අකැමැත්තත් එකසේ ම හට ගනී. ඇලෙන හැම අරමුණක් ම සංඛත බැවින් ඒවා වෙනස්වීමේ දී විදර්ශනාවෙන් පුරුදු නොකරන ලද සිතකට එය මහත් දුකකි.
වේදනාවකි. ඒ වෙනස්වීම පිළිගන්නට ඇති අකැමැත්ත පටිඝයක් ලෙස ද්වේෂයක් ලෙස සකස් වේ. එහි ඵලයක් ලෙස ශෝකය බලවත් වී සිත් තැවුල්, හ ඩීම, වැළපීම සහ දැවෙන කායික හා මානසික ස්වභාවය දැක්විය හැකියි.

වත් නොපිරූ කල සිල් කෙසේ පිරේද?

වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට දෙආකාරයකින් උපදෙස් දෙනු ලැබේ. රෝගය හඳුනා ගන්නා හෙතෙම පළමුව රෝගියාට නොකළයුතු, අගුණ දේ කියාදෙයි. මේ මේ ආහාර පාන නොගත යුතු ය. මේ මේ ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය. අධික වෙහෙසවීම්, අනිසි නින්ද ආදිය අගුණය. මෙබඳු උපදෙස් හැඳින්විය යුත්තේ විරති හෙවත් වාරිත්‍ර ලෙසය. වෙන්විය යුතු පැවතුම් ලෙසය.
එසේ නොකළ යුතු අගුණ දේ කිරීමෙන් රෝගය උත්සන්න වීමද ඖෂධාදියෙහි ගුණ නොලැබීමද වේ යැයි වෙදැදුරෝ පෙන්වා දෙති. ඒ එක් අතෙකිනි. අනෙක් අතින් ඔවුහු රෝගියාට කළයුතු දේ, ගුණ දේ කියාදෙති. මේ මේ ආහාර පාන ගත යුතු ය. මෙසේ ව්‍යායාමයද, නින්දද, ඇවතුම් පැවතුම්ද කළ යුතු ය. මේ මේ බෙහෙත් මේ මේ පිළිවෙළට ගැනීම අවශ්‍යයැයි වෙදැදුරෝ පෙන්වා දෙති.වෛද්‍යවරයාගේ මෙබඳු උපදේශ හැඳින්විය යුත්තේ චාරිත්‍ර හෙවත් පිළිපැදිය යුතු සමාදන්විය යුතු දේ ලෙසය. මෙපරිද්දෙන් අපථ්‍ය, අගුණ දෙයින් වළකින පථ්‍ය, ගුණ දේ භාවිත කරන රෝගියා සුවපත් වෙයි. එලෙස වාරිත්‍රද චාරිත්‍ර ද නොසලකා හරින රෝගියා රෝගය උත්සන්න වීමෙන් මරණයට හෝ මරණ සමාන දුකටද පත් වන්නේ ය.
බුදුරජාණන් වහන්සේද වෛද්‍යවරයෙකුට සමානය. (වෙජ්ජුපමො ජිනවරො) උන්වහන්සේද සසර දුක නම් වූ මහරෝගයට පිළියම් කළහ. එනම් ජාති නම් වූ ඉපදීම ය. ජරා නම් වූ දිරායාම ය. ව්‍යාධි නම් වූ ලෙඩවීම ය. මරණ නම් වූ මේ ස්කන්ධයන් මගේ බිඳීයාම ය, ආදී වශයෙන් දක්වා ඇති සැමට සාධාරණ වූ දේශ, කාල, ජාති වෙනසක් නැතිව සියල්ලන්ටම උරුම වූ මහා රෝගයට පිළියම් කළ උන්වහන්සේගේ මහා ලෙඩ සුවකර ගැනීමට දෙවිදියෙකින් උපදෙස් දෙති. එම උපදෙස් ඇතුළත් වන්නේ ධර්මයෙහිය. ධර්මය බෙහෙතකට උපමා කළ හැකිවෙයි. (සද්ධම්මො ඕසධූපමො) ධර්මය තුළ නොකළ යුතු, නොවැඩිය යුතු, අපථ්‍ය, අගුණ දේ උගන්වා තිබේ. එනම් වාරිත්‍ර ඉගැන්වෙයි. ඒ සමඟම කළයුතු, වැඩිය යුතු ගුණ දායක, පථ්‍ය දේද දක්වා තිබේ. එනම් චාරිත්‍රයෝද ඉගැන්වේ.
බුදුරදුන් වදාළ චාරිත්‍ර මෙන්ම වාරිත්‍රද නොසලකන නොතකා හරින මානව සත්වයෝ දුකින් දුකටම පත්වෙති. එකී වාරිත්‍රද චාරිත්‍රද අනුගමනය කිරීමෙන් ජාති, ජරා, මරණාදී දුකින් මිදීම වේ.

නිකිණි පොහෝදා ශාසනික සිදුවීම්

බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදා පිරිනිවන් පෑමෙන් තුන් මසක් ගත වීමෙන් පසු සිදුකරන ලද මුල්ම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝ දාය. මුල්ම ධර්ම සංගායනාව සඳහා මහ රහතන් වහන්සේලා පන්සියයක් සහභාගි වූ අතර මාස හතක් පැවැත්විණි.
නිකිණි පොහෝදා ආරම්භ කරන ලද ‘පංචසතිකා’ නම් වූ මෙම පළමු සංගායනාව සිදුකිරීමට හේතුවූ ආසන්න කාරණා දෙකකි. මුල්කාරණාව නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආගමික ශාස්තෘවර නිගණ්ඨනාථ පුත්‍ර අභාවප්‍රාප්ත වීමත් සමඟම එම ශාසනයේ අනුගාමිකයන් විවිධ විවාද ඇතිකොට ගෙන සී සී කඩ විසිරී යාමයි. මේ නිසා ශාසන භාරධාරි මහ රහතන් වහන්සේලා කල්පනා කළේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමඟම ධර්ම සංගායනාවක් කර බුද්ධ ධර්මය ස්ථාපිත කළ යුතු බවයි.
මෙ සංගායනාව කිරීමට හේතුවූ දෙවන ආසන්නතම හේතුව වූයේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ වෘද්ධ ශිෂ්‍ය භික්ෂුවක් වූ සුභද්‍ර නම් පැවිද්දා
ඇවැත්නි, ශෝක නොකරන්න. නොවැළපෙන්න, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෙමු.’
යනුවෙන් හඬා වැළපෙන භික්ෂූන්ට ප්‍රකාශ කිරීමත් සමගම විවිධ පටු අදහස් ඇති භික්ෂූන්ගෙන් බුදුසසුන රැක ගත යුතුය යන අදහස ශාසනාභාරධාරි මහ රහතන් වහන්සේලා ඇතිකර ගැනීමයි.
ආනන්ද මහ තෙරුවන් වහන්සේ උතුම් වූ අර්හත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද නිකිණි පුර පසළොස්වක පොහෝදා අලුයමය.

දුක සේ ලැබිය යුතු දුලබ සම්පත් හතර

කිචෙඡා මනුස්සපටිලාභො,
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිචේඡා බුද්ධානං උප්පාදො”



බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ බුද්ධවග්ගයට අයත් ඉහත ගාථා පාඨයෙන් අදහස් වනුයේ මිනිසත් බව ලැබීම දුෂ්කර බව ය. එයට හේතු වන්නේ අංගවිකල භාවයෙන් තොරව පරිපූර්ණ මිනිස් සිරුරක් සහිතව ඉපදීමට බොහෝ පින් අවශ්‍ය බැවිනි. එසේම මිනිසාගේ දිවි පැවැත්ම ද දුක් සහිත වේ. ජීවත් වීම සඳහා වෙහෙස මහන්සි වී ධනය උපයා ගත යුතු ය. එසේ නොමැති නම් මහත් වූ දුක් කරදර මැද ජීවිකාව ගෙන යා යුතු වේ. එම නිසා දිවි පැවැත්ම ද දුෂ්කර වේ. තවද සත්ත්වයාගේ දෙලොව යහපත පිණිස උතුම් ධර්ම ශ්‍රවණය කිරීම ද ඉතා දුර්ලභ කරුණකි. බුදුවරයෙකුගේ උප්පත්තිය ද ඉතා දුර්ලභ වේ. මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ ඒරකපත්ත නාගරාජයා මුල් කරගෙන ය.
ඒරකපත්ත නාගරාජයා, පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උතුම් මිනිසත්බව ලැබ බුදුසසුනෙහි මහණදම් පිරූවෙකි. එකල උන්වහන්සේ ගඟකින් එතෙර වීමට අඟුලකට නැගීමට තැත් කරද්දී ඒරු අත්තක් අල්ලා ගන්නා ලදී. අඟුල දියත් වෙද්දී අත්තෙන් එක් පතක් කැඩුණි. එසේ පතක් කැඩීමෙන් සුළු ඇවැතක් සිදු විය.

Sunday, August 6, 2017

ගැලවිය නොහැකි සිදුරු


වරදක් කළ පසු සමාව ගැනීම හොඳයි. නැවත කරන්නේ නැහැ කියා සිතීම ද හොඳයි. නමුත් එසේ කළ පමණින් කළ වරද නිවැරදි වන්නේ නැහැ. කළ පව පින බවට පත් වන්නේත් නැහැ. ඔබ කළ වරද නිසා මිනිසුන්ගේ සිත්වල ඇති වුණු චිත්ත පීඩා, වේදනා හරියට මේ ලෑල්ලේ සිදුරු ඉතිරි වුණා වගේ ඉතිරි වෙනවා.
එක්තරා ව්‍යාපාරික ආයතනයක් පාලනය කළ පිය පුතු දෙදෙනෙක් වූහ. මේ දෙදෙනාගෙන් පුතාට නිතර කේන්ති යන ස්වභාවයක් විය. නමුත් එක් කරුණකින් පුතා ඇගයිය යුත්තෙකි. ඒ ඔහු තමන්ට කේන්ති යන බවත්, එය නුදුසුසු දෙයක් බවත්, එය පාලනය කර ගත යුතු බවත් තේරුම් ගෙන තිබීමයි.
අපගේ වැරැදි අප විසින් ම අවබෝධ කර ගන්නේ නැති තාක් කල් කිසි දිනෙක අපට නිවැරැදි විය නොහැකිය. ලෝකයේ ම සිටින මිනිසුන් අප වට කර ගෙන ඔබ වැරැදියි කියමින් වැරැදි පෙන්වූවත්, ඒ වැරැදි අප අතින් සිදු වූ වැරැදි වශයෙන් පිළිගන්නේ නැති තාක් අපට නිවැරැදි විය නොහැකිය. එවිට අප සිතන්නේ අප කිසිදු වැරැද්දක් කරන්නේ නැතැයි යනුවෙනි. එසේ නොමැති ව අප අතිනුත් වැරැදි විය හැකිය යන මානසිකත්වයෙන් කටයුතු කරන්නාට කිසියම් කෙනෙක් වැරැද්ද පෙන්වා දුනහොත් එය තමන්ගෙන් වූ වරදක් බව පිළිගෙන නැවත එබඳු වැරදි නොකර සිටින්නට අධිෂ්ඨානයක් කළ හැකිය. තමා නිවැරැදි කිරීමේ මාවතට අවතීර්ණ විය හැකිය.

ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙමු

සැවැත්නුවර වැසි එක් ගෘහපතියෙක් බුදුරජාණන් වහන්සේ හමුවීමට ආවා. ඔහුගේ මුහුණේ එතරම් ප්‍රසන්න බවක් තිබුණේ නෑ. මේ බව බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ ගැන ප්‍රශ්න කළා. එවිට ‘ස්වාමිනි, මම ඉතා ආදරයෙන් හැදූ වැඩූ මගේ එකම පුතු අකාලයේ මිය ගියා. ඒ දුක දරාගන්නට නොහැකියි.
මට ලෝකෙම එපා වුණා වගේ දැනෙනවා, කෑමක්, බීමක් පිරිසුදු කමක් ගැන මට දැන් කිසිම ඕනෑකමක් නෑ. හිස හැරුණු අත ඇවිදනවා. සිතට සැනසීමක් නෑ. ඔබ වහන්සේ දකින්නයි මේ ආවේ. ගෘහපතියා විස්තර කළා. එවිට බුදුරජාණන් වහන්සේ,

බක්කුල මහ රහතන් වහන්සේ


යමෙක් තමන් නිරෝගි යැයි සිතයි. අන් අය රෝගීින් යැයි පවසයි. තවත් කෙනෙක් කිවිසුමක් තරම්වත් රෝගයක් නැතැයි යනුවෙන් ආරෝග්‍ය මදයෙන් මත් වෙති. එහෙත් නිරෝගීිකම උතුම් ලාභය බව බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට දේශනා කළහ.
සියලු සැප සම්පත් නොඅඩුව තිබුණ ද නිරොගිකම නැතිනම් රජෙක් වුවත් ඵලක් නැත. නිරෝගි පුද්ගලයෙකු විම සඳහා මනා ලෙස ප්‍රතිපත්ති පූරණයේ යෙදිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එපමණක් නොව උණ්වහන්සේ අසූමහා ශ්‍රාවක තනතුරු ප්‍රධානයේ දී නිරෝගිමත් වූ ශ්‍රාවක භික්ෂූන් අතර අග්‍රස්ථානය තැබුවේ බක්කුල මහරහතන් වහන්සේයි.

ආයු සංස්කාරය අත්හැරීම

“ආනන්දය තමා පිහිට කොට තමා, පිළිසරණ කොට අනුන් පිහිට නොකොට අනුන් සරණ නොකොට දහම් පිහිට කොට වාසය කරව්"
බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිබ්බාන යට (පිරිනිවන්පෑමට) පෙර වදාළ කරුණු රාශියක් ලේඛන ගතවී පවතී. එවන් ප්‍රකාශයක් මෙසේය.
“ආනන්දය තමා පිහිට කොට තමා පිළිසරණ කොට අනුන් පිහිට නොකොට අනුන් සරණ නොකොට දහම් පිහිට කොට වාසය කරව් (මහා පරිනිබ්බාන සුත්ත පි. 156-158)
මෙම දේශනයෙන් අසිරිමත් බුද්ධ චරිතය පිළිබඳ විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කරගත හැකිවේ. පළමුවැන්න නම් තථාගතයන් වහන්සේ වෙත කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් කෙරෙහි නායකත්වය තබා ගැනීමේ අපේක්ෂාවක් හෝ අන්‍යෝන්‍යයෝ මා ම උදෙසත්වා යන බලාපොරොත්තුවක් හෝ නොතිබීමයි. කිසිවක් කිසි අයුරකින් නොසඟවා සම සිතින්, සම මෙතින් විවෘත ද්වාරව ධර්මය දේශනා කිරීම දෙවැන්නයි. පුද්ගලික අපේක්ෂා සපුරා ගැනීමට බමුණු ගුරු කුලවල එවකට පැවති ගුරුමුෂ්ටි ක්‍රමයක් බුදු දහමෙහි නොවීම තෙවැනි කරුණයි. අතීත හේතුන් ප්‍රභව කොට ඇති බුද්ධ ශරීරය පවා ජරා, ව්‍යාධි ස්වභාවයන් නොඉක්ම වූ බව දැක්වීම ඊළඟ කරුණයි.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නොකළ දේ පිළිබඳ අදහස් දක්වමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කරුණු දැක්වූහ.
කෝසම්බි නුවර අසල ඇට්ටේරිය වන ලැහැබක විසූ තථාගතයන් වහන්සේ දිනක් ඇට්ටේරිය කොළ ටිකක් අතින් ගෙන මහණෙනි, මාගේ මේ අතින් ගත් ඇට්ටේරිය කොළ හෝ ගස්වල ඇති ඇට්ටේරිය කොළ හෝ වැඩි ද කියා භික්ෂූන් වහන්සේගෙන් විමසූහ. ස්වාමීනි, ගස්වල ඇති ඇට්ටේරිය කොළම වැඩියැයි භික්ෂූන් වහන්සේ උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, එමෙන් මා විසින් දැන නො නොදෙසූ දහම් බොහෝය. දෙසූ දහම් අත ඇති ඇට්ටේරිය කොළ මෙන් ටිකය. මහණෙනි, නොදෙසන ලද්දේ කුමක් නිසාද? මහණෙනි, එය වැඩදායක නොවෙයි. මඟ බඹසරට මුල් නොවෙයි. කලකිරීම – විරාගය නිරෝධය, උපසමය, අභිඥාව සම්බෝධිය නිබ්බානය සඳහා හේතුවෙයි. එබැවින් දේශනා කරන ලදී. (සංයුත්ත නිකාය පි. 5)

කාන්තා සිළුමිණ වූ යශෝධරාවෝ

ශ්‍රී ලාංකේය සංස්කෘතියෙහි කාන්තාවගේ පුරුෂාර්ථ විමසා බලන විට ආදි කාලීන සමාජයේ සිටම බෞද්ධ පසුබිමක ඇයගේ චරිතය ගොඩනැඟිණි.
වෙස්සන්තර ජාතකයේ මන්ද්‍රි දේවිය, උම්මග්ග ජාතකයේ අමරා දේවිය විශාඛාව වැනි බෞද්ධ කාන්තා චරිත ඔස්සේ සිංහල කාන්තාවගේ හැදියාව පුරුෂාර්ථ, අවශේෂ ගුණ දහම් හා ඇයගේ ජීවන ධර්මතා සෑම දෙයක්ම ගොඩනැඟී තිබේ.ඒ අතරින් වඩාත් සුවිශේෂී චරිතය යශෝධරාවයි.
බුදුබව පතනා බෝධිසත්වයන් වහන්සේට සසර පුරා ධෛර්ය ලබාදුන් ආකාරය ලෝකයේ කාන්තාවකට තම පුරුෂාර්ථ ගොඩනඟා ගැනීම උදෙසා උපදේශ ලබාදීමට ඉවහල් වේ.බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාෙවි සුද්ධෝදන රජුගේ මාලිගාවට යශෝධරාව පැමිණෙන්නේ නැත. යශෝධරාව පමණක් තනිවම කුටියෙහි සිටින බව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට දන්වා සිටී අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ශීධරාවගේ කුටියට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැළඳගෙන හඬමින් වැඳ වැටෙන යශෝධරාව සැනසීම සඳහා බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළ සේක. සඳකිඳුරු ජාතකය වැනි ජාතක කතා රාශියක් යශෝධරාවට සිහිපත් කරමින් යශෝධරාව මේ සංසාරය පුරා උතුම් බුදු බව වෙනුවෙන් කළ කැපකිරීම පහදා දුන්හ.සදකිඳුරු ජාතකයෙහි එව බෝධිසත්වයන් වහන්සේ සදකිඳුරා ලෙසත් යශෝධරාව සඳකිඳුරිය ලෙසත් ජීවත් වූ ආත්මභාවයේද,ී කිඳුරිය ලබාගැනීම සඳහා දුෂ්ට රජෙකු සඳකිඳුරාට හී පහර විද්දේය.එම අවස්ථාවේ කිඳුරිය බෝසත් කිඳුරා කන්දක් උඩට රැගෙන ගොස් සත්‍යක්‍රියා කරමින් සුවපත් කළාය.

ලොව සැබෑම වාසනාවන්තයා

 ජරා, මරණ දුකින් ගැලවී යා හැකි වෙනත් ලෝකයක්ද නොමැත. සසර ගමන නවතාලීමට හැකි කිසිදු යන්ත්‍රයක් බිහිවී නොමැත. නමුදු මිනිස් සිතෙහි පිරිහීම නවතාලන ජරා, මරණ, දුකින් ගැලවිය හැකි සසර ගමනින් අතමිදීමට මඟ කියාදෙන දහම අසන්නට අපට වාසනාව තිබේ. පෘථග්ජන ලෝකයේ දියුණුවත් තථාගත ශ්‍රී සද්ධර්මය මුණ ගැසීම නිසා අප ලද වාසනාවත් කිසි දිනක සැසඳිය හැකි දෙයක් නොවේ. කෑමට යමක් නැතත්, අඳින්නට වටිනා වස්ත්‍ර නැතත්, අහස් කුසට විහිදුන මන්දිර නැතත්, කෝටි ගණන් මිල මුදල් නැතත් ඔබට ද ලොව සැබෑම වාසනාවන්තයෙක් වීමේ වාසනාව හිමි ව තිබේ."
චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට ඇසෙන්නේ බුදු සසුනක දී පමණි. බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් පමණි. ඉතා දුර්ලභ වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය, යම් කෙනෙකුට අසන්නට ලැබේ නම් ඔවුන් සැබැවින් ම මනුලොව වාසනාවන්තයෝ ය. යම්කිසි කෙනෙක් ඒ ධර්මයේ හැසිරෙන්නට අවස්ථාව ලද්දෝ නම් ඔවුහු මහා භාග්‍යවන්තයෝම ය. මන්දයත් මිනිස් ලොව ලැබිය හැකි වටිනාම සම්පත ඔවුහු ලද බැවිනි.

නන්නාඳුනන අමුත්තෝ

මා උසස් අධ්‍යාපනය ලැබුවේ කේම්බ්‍රිජ් සරසවියේ, බොහෝ ධනවතුන් එහි සිටියා. කෝටිපතියන් , සිටුවරුන්, ආදිපාදවරුන්, වංශක්කාරයන් ආදි ධන කුවේරයන් සිටියා. ඔවුන්ගේ චර්යාවන් ගැන දුටුවා. ඇතැම් විට ඇසුවා. කලක් මා තායිලන්තයේ උතුරේ පිහිටි ඉතාම දිළිඳු ජනයා වෙසෙන පෙදෙස්වල සැරි සැරුවා. දුප්පත්කම ඉහවහ ගිහින් තිබුණු ඒ ප්‍රදේශවල පාරතොට මඩ කඩිතිවලින් පිරී තිබුණා. කේම්බ්‍රිජ් සරසවියෙන්, මේ දිළිඳු ගම්මානවලින් අපූර්ව වෙනසක් මා දුටුවා. ධන කුවේරයන් අතරින් නොදුටු දෙයක් ඒ දිළිඳු ජනයාගෙන් මා අත්වින්ඳා. තායිලන්තයේ එවකට දිළින්ඳන් බහුල ප්‍රදේශවලදීත්, ඉන්දුනීසියන් බාලි දූපත්වල දිළින්දන් බහුල ප්‍රදේශවලදීත් මා මේ හා සමාන අත්දැකීම් වින්දා.
බොහෝ සවස් කාලයන්හි උතුරු තායිලන්තයේ මා විසු සෙනසුන අවට තිබු දිළින්ඳන් වෙසෙන ගම්වල සැරිසැරුවා. හැම ගෙදරක්ම දිළිඳු පැල්පත්, ලී කොටන් මත්තෙන් තනා තිබූ පිදුරු සෙවිළි කළ ඒ පැල්පත්වල යට තට්ටුවල ගැමියන්ගේ මී හරකුන් ලැඟ සිටියා. මේ දිළිඳු පැල්පත්වල උඩ තට්ටුවේ විශාල සඳලු තලයක් බැගින් තිබුණා. ඒ දෙපස කුඩා කාමර කිහිපයක්. ඒ ගෙවල්වල පොඩි දරුවන් සතුටෙන්, සිනහවෙන්, සිටියා. කෙළි සෙල්ලම් කළා. උණ බම්බුවලින් සාදා පිදුරු සෙවිළි කළ වහලයෙන් යුතු මේ පැල්පත්වල ජනයා සෙනෙහසින් බැඳී සාමයෙන්, සතුටෙන් ජීවත් වුණා.
මේ වගේ තවත් සිදුවීමක් මතකයට නැඟෙනවා. මා ඊසාන දිග තායිලන්තයේ දුර බැහැර වන සෙනසුනක වාසය කරන කාලයේ නුුදුරු ගමක පැවැත්වුණු උත්සවයක් දැක ගන්නට තවත් භික්ෂුවක සමඟ එහි ගියා. ඒ ගමේ විදුලිය නැහැ. අප ගෙයක්, ගෙයක් පසු කරමින් ඇවිද යන අතරේ මේ දිළිඳු පැල්පත්වල සඳලුතලවල දුටුවේ අපූර්ව දර්ශනයක්. මේ තායි පැල්පත් කොටන් උඩ තැනූ කාමර කිහිපයකින් යුතු ශාලාවන්. සෑම පැල්පතකම පොල්තෙල් පහනින් එළිය වුණු සඳලුතලයේ පොඩි දරුවන්, වැඩිහිටියන් වාඩි වී සිටියා.

“පින් සිතිවිලි වඩන” පින්බර වස් සමය

වසරකට වතාවක් එළඹෙන පින්බර වස් සමය පින් සිතිවිලි උදාකරවන කාලයකි. තෙමසක් තුළ පවතින එම කාල පරිච්ඡේදය තුළ ගිහි පැවිදි දෙපක්ෂයේම චර්යාමය වෙනසක් ඇතිවේ. අධ්‍යාත්මික සුවයද වර්ධනය වේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද අනුශාසනාවලට අනුව භික්ෂූන් වහන්සේ විනය ශික්ෂා පද ආරක්ෂා කරමින් වස් සමාදන් වීම හා වස් ශික්ෂා පද ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. විශේෂයෙන් මේ කාලය තුළ වත් පිළිවෙත් ගැන ගිහි පැවිදි දෙපක්ෂයම දැඩි අවධානයක් යොමු කරති. ‘වත්තං න පරි පුරෙන්තො - න සීලං පරි පුරති’ වත් පිළිවෙත් සම්පූර්ණ නොකිරීම තුළින් සීලය වර්ධනය නොවන බව පැහැදිලි කොට ඇත.

Saturday, August 5, 2017

සදහම් දැනුම

ප්‍රශ්නය -
බුදු දහමට අනුව මිනිසා බාහිර ශක්තීන් උපයෝගී කරගනිමින් දිවි පැවැත්ම ඉදිරියට ගෙනයයි. විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවලදී මිනිසා පෙනී සිටී. අංගුත්තර නිකායේ එබඳු කරුණු අටක් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.




පිළිතුර -

පසු නොතැවෙන්න පින්කම් කරන්න

පින්වත් දේවතාවිය, ඔබ රනින් කළ පියැසි ඇති නැවක් වැනි මේ ගංගා විමානයකට නැගී ගත්තීය. දිව්‍ය මලින් ගැවැසුනු පොකුණකට බැස අතින් පියුම් නෙළන්නීය. සිරුරු පැහැය මනාය. මන වඩන සම්පත් (සිත් කැමැති සියල්ල) ලබන දේවතාවිය. මිනිස් ලොව සිටියදී ඔබ කවර පිනක් කොට මේ සම්පත්, මේ පුණ්‍ය සෘද්ධි (පිනෙන් පහළ වන) ලබන්නීදැයි මුගලන් මහ රහතන් වහන්සේ දෙව්ලොව කළ සංචාරයක දී දේවතාවියකගෙන් විමසීය.
මහත් අනුභාව ඇති පින්වත් ස්වාමීන් වහන්ස, මම පෙර ආත්මයේ දී මිනිස් ලොව මිනිස් දුවක්ව උපන්නෙමි. පිපාසය ඇති ක්ලාන්ත වූ භික්ෂූන් වහන්සේ නමක් දැක වහා ඉදිරිපත්වී බීමට පැන් දුනිමි. ඒ පුණ්‍ය මහිමයෙන් මෙවන් විමානයක් පහළ විය. එය වට කොට හැම කල්හිම සිහිල් දිය ගලා බස්නා, සිහිල් දිය පිරුණු විවිධ මල් හා සුදු පියුමෙන් ගැවැසි ගංඟාවෝ පහළ විය. අවටින් මල් පිපුණු අඹ, සල්, මදටිය, ජම්බු හා පළොල් ආදී වෘක්ෂයෝ ද වෙති. සිරුරු පැහැයද මෙබඳු වූවා ය. යමක් සිතයිද මට පහළ වේ යැයි දේවතාවිය කීවා ය. මෙම දේවතාවිය මිනිස් ලොව සිටිය දී කළ පින අටුවාවෙහි මෙසේ සඳහන් වේ.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන සමයකි. එක්තරා රහත් තෙරුන් වහන්සේ නමක් වස් එළඹීමේ කාලය ආසන්න වූ විට නගරයෙන් ඈත් වූ ග්‍රාමීය වාසයක වසනු කැමැති වූහ. දවල් දානයෙන් පසු වේලාවක දී සැවැත් නුවරින් පිටත්ව දීර්ඝ මාර්ගයට පැමිණි සේක. මෙසේ වඩින උන්වහන්සේ මාර්ග විඩාවෙන් වෙහෙසට පත් වූහ. පිපාසයෙන් පීඩිත වූහ. උන්වහන්සේ අතරමග පළමුව හමුවන එක්තරා ගමකට පිවිසියහ.

කලබල නැත ඉවසීම ඇත ( කරණීය මෙත්ත සූත්‍රයෙන්)

‘අප්පගබ්භෝ’ නම් ප්‍රගල්භ නොවූ යන අර්ථ දෙයි. ප්‍රගල්භ බව නම් ලජ්ජා නැති, නොහික්මුණු, තැන්පත් බවක් නොවූ, දරදඬු ස්වභාවයයි. අප්පගබ්භ තැනැත්තා තැන්පත් ගති ගුණ ඇත්තෙකි. කලබල නැත. ඉවසීමෙන්, බුද්ධිමත් බවින් කටයුතු කරයි. හිතුවක්කාරී නොවේ. සිත, කය, වචනය යන තිදොරින් සංවරය.
විශේෂයෙන් මෛත්‍රී භාවනාව වඩන භික්ෂූන් වහන්සේ ප්‍රගල්භ ගති ලක්ෂණයන්ගෙන් තොර විය යුතුය. උන්වහන්සේ සම්බන්ධයෙන් කාය සංවරය ඉතා වැදගත්ය. අත් පා ඇතුළු ශරීරාංගවලින් නොහික්මුණු , දරදඬු ක්‍රියා කරන්නේ නම් එය භික්ෂූත්වයට නොගැළපේ. උන්වහන්සේ අන්‍ය භික්ෂූන් වහන්සේට අගෞරවයක් වන ලෙස නො හැසිරිය යුතුවේ. වේගවත් කතාව, ඝෝෂා කිරීම, ගරුත්වය නොදැක්වීම ආදි දරදඬු ක්‍රියාවලින් වැළකිය යුතුවේ. බණ පදයක් දෙකක් දැන ගත් පමණින් මා උගත්යැයි මාන්නයෙන් යුතුවීම නොගැළපේ. තරුණ මදයෙන්, ආරෝග්‍ය මදයෙන්, ජාති, කුල ගෝත්‍ර මදයෙන්, කීර්ති ප්‍රශංසාවන්ගෙන් මත්වීම, ද ප්‍රගල්භ ගති ඇත්තාගේ ස්වභාවයයි.
මහජන සම්බන්ධතා පැවැත්වීමේ දී කාම සිතිවිලි (කාම විතර්ක) වෛරී සිතිවිලි (ව්‍යාපාද විතර්ක) අනුන්ට හිංසා පීඩා කරන සිතිවිලි (විහිංසා විතර්ක) ඇති නොවන ලෙස කටයුතු කිරීම භික්ෂූන් වහන්සේගේ වගකීමකි. කතා කිරීමේදී උන්වහන්සේ පරෙස්සම් විය යුතුය.

නොකළොත් තිදොර දමනය අමිහිරිය කටුකය විපාකය

" අපවිත්‍ර දෑ එකතු වන්නේ අපවිත්‍ර ගොඩටමය. දුසිල්වත් පාපී පුද්ගලයෝ එවැනිම පිරිස්වලට එකතුවෙති. එනමුත් සුවඳ සුවඳට ම එකතු වන්නාක් මෙන් සදාචාරවත්, ගුණ යහපත් සුසංයත මනුෂ්‍යයෝ, එවැනිම අය සමඟ එකතු වෙති.'
සීලය නම් කායික වාචසික සංවරයයි. කායික හා වාචසික සංවරය නිසා පුද්ගලයාගේ සිත දමනය වෙයි. පුද්ගල සිත දමනය වූයේ ද, ඔහු සිත, කය, වචනය නම් වූ තිදොරින් ම දමනය වේ. එනම් සංවර වූ පුද්ගලයෙක් බවට පත්වේ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “භික්ඛු සීලවා හෝති, පාතිමොක්ඛ සංවර සංවුතො විහරති, ආචාර ගෝචර සම්පන්නෝ අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු.”
මෙහි ‘භික්ෂුව’ යැයි ආමන්ත්‍රණය කළත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසම තම තමාට මෙම දහම ගළපා ගත යුතුය. නිවන් මඟෙහි පළමුවන පියවර නම් සිල්වත් විය යුතු බවය.

සීලයෙන් තොර සමාධියක් නැත


හැදිච්චකම, සංවර බව, හික්මුණු ස්වභාවය , තැන්පත්කම, කායික හා වාචසික සංවරය ( කාය වාචානං සමොධානං සීලං) සීලය ලෙස හඳුන්වනු ලැබේ. පුද්ගල චර්යාවන් ප්‍රකාශයට පත්වනුයේ කය හා වචනය පදනම් කරගෙනය. අකුසල සහගත පාපී පක්ෂයෙහි නොඇලී , කය, වචනය ක්‍රියාත්මක කිරීම ශීලයයි. “වේරමණී” යන වචනය ශික්ෂාපදවල භාවිත වනුයේ, එබැවිනි. අකුසලයෙහි නොඇලී සිටින අතරම කුසලයෙහි සමාදානයද සීලය වෙයි.
පුද්ගලයා තුළ සීලය පුබුදිනුයේ අභිජිඣා , ව්‍යාපාද හා විහිංසා යන සංකල්ප වලින් මිදුණු පමණටය. කාය කර්මාදියෙහි පිරිසුදුකම හා කුසල කර්මයන්ට පිහිට වන බව සීලයෙහි ලක්ෂණ වේ. පව් කිරීම පිළිබඳව ඇතිවන, විළිබිය ද්විත්වය සීලයෙහි ආසන්නතම කාරණය යැයි සැලකේ.
ප්‍රඥාවන්ත මිනිස් වර්ගයා සීලයෙහි පිහිටා චිත්තයත්, ප්‍රඥාවත්, වර්ධනය කරන බව බෞද්ධ දේශනාවයි.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං”
යන්නෙන් ඒ බව තවදුරටත් සනාථ වේ. එයින් අවධාරණය කෙරෙන්නේ සීලයම ප්‍රතිඥා මාර්ගයෙහි පදනම වන බවයි. යම් ලෙසකින්, කය, වචන දෙකෙහි සංවරය නොවන්නේ නම් සිත එකඟ නොවේ. බාහිර වස්තු හෝ අරමුණූ සමඟ ආයතනයන් ගැටීමට පත්වේ. එයින්ම චිත්තාභ්‍යන්තරයෙහි ක්ලේෂ ධර්ම උපදී. එයම නැවත ශාරිරික වශයෙන් ප්‍රකට වේ.
සමස්තයක් වශයෙන් ගත් කල සීලය දෙ වැදෑරුම් වේ. එනම් ගෘහස්ත සීලය හා පබ්බජිත සීලය වශයෙනි. ගෘහස්ථ සීලය යනු ගෘහ ජීවිතයක් ගත කරන ගිහියා විසින් සමාදන් වන සීලයයි. පංචසීලය, බ්‍රහ්මචරිය පංච සීලය, උපෝසථ අෂ්ටාංග සීලය, ආජීව අෂ්ටමක සීලය හා ගිහි දස සීලය යනු, ගෘහස්තයන් නිරතුරුවම සමාදන් වන සීලමය ප්‍රතිපදාව වන අතර, එය චාරිත්‍ර සීලයට අයත් වේ. භික්ෂු භික්ෂුණී යන උභය පාර්ශ්වයම සමාදන් වන සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය ආදි වශයෙන් හැඳින්වේ.

සිත තිබෙන තැනකොතැන ද?

ඒ ශෝක ජනක මොහොතකි. විශ්මය ජනක පුවතකි. පසුගියදා මොළය මිය ගිය තම පුතුට සසරේ මතු භවයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේවා’යි යන පැතුම මව්පියන්ට පහළ වන්නට ඇත. ඒ නිසාම ඔවුහු උතුරායන පුත්‍ර ස්නේහයෙන් වැගිරෙන කඳුළු වැල් සඟවා ගෙන සිදු කළ පින්කම විශිෂ්ටය.
මේ තරුණ දරුවාගේ හෘදය වස්තුවෙන්, වකුගඩුවලින් , අක්මාවෙන්, දෙනෙතින් තවත් මිනිසුන් ජීවිත ලැබීය.
අයෙක් හදිසි අනතුරකින් මිය ගියොත් හෘදය තවත් අයෙකුට බද්ධ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙවැනි ඉන්ද්‍රියයන් ලබා ගන්නේ මියගිය අයෙකුගෙන් පමණයි. මොළය මැරුණු පුද්ගලයා කෙසේවත් ජීවත් වන්නේ නැහැ. නමුත් පුද්ගලයාගේ හෘදය වස්තුවට ක්‍රියා කරන්න පුළුවන්. එහෙත් ස්වසනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
බුදු දහමට අනුව සිතයි කයයි යනුවෙන් නාම රූප දෙකකි. එය විද්‍යාවට අනුව බාහිරව පෙනෙන්න ඇති කය සහ නොපෙනෙන සිතයි. එසේනම් ජීවිතය ගැන දැනගන්න පහසු වුණත් සිත ගැන දැනගන්න අපහසුයි. සිත සහ කය ගැන වෙන වෙනම ඉගෙන ගැනීමෙන් සිත තැන්පත් කරගන්නට පහසු වෙයි. බුදු දහමේ මනෝ විද්‍යාත්මකව ඉගැන්වෙන කායික පැත්ත විස්තර කර තිබෙයි. මොළයේ තැන්පත්බව සිරුරේ පද්ධති දොළහකින් ක්‍රියාත්මක වෙයි.