Labels

Thursday, October 27, 2016

සිතිවිලි හා විමුක්තිය

සිත හා සිතිවිලිවල ක්‍රියාකාරිත්වය බුදුදහම වඩාත් ඉස්මතු කොට දක්වා ඇත. බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු විසින් සිතන ආකෘතිය වන අතර සිතීම යනු යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ සිතින් කරනු ලබන මුල් සැලැස්ම වේ. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන හෙළි දැක්වීමෙන් එම චින්තනය ක්‍රියාවලියක් බවට පත් කෙරේ.
සිත හැදීම යනු චින්තනය සැකසීම වේ.

ධාර්මික ගොවිතැනකට බුදු දහමේ මඟ

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ ගොවිතැන් සහ ඒ හා බැඳි පැවැති සංස්කෘතික ලක්ෂණ අගය කරමින් දේශනා ගණනාවක් අපට දැකගත හැකිය. ගොවියා යනු ‘බෙත්තානං ආධිපතීනි ඛත්තියෝ’ යනුවෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇත්තේ කෙතට අධිපති වංශය රාජවංශය යනුයි. මෙය සිංහල වහරේ කියැවෙන්නේ ගොවියා රජකමට පවා සුදුසු වන බවයි.
එසේම ගොවිතැන ධාර්මික ව්‍යාපාරයක් වන බවත් එය මූලික බෞද්ධ දර්ශනයක් සමඟ බැඳී පැවැති බවත් සූත්‍ර දේශනා විග්‍රහයේදී මනාව පැහැදිලි වේ. භික්ෂූන් වහන්සේගේ චීවරය සකස් වනුයේ ද කුඹුරේ ඇති ස්වභාවය අනුකූල කරගනිමිනි. කුඹුරේ ඇති ක්‍රමවත් බව සහ බිම් සැකසීමේ ඇති සුවිශේෂි ලක්ෂණ බුද්ධ චීවරයට එක් කිරීම විශේෂත්වයකි.

පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් තිබේද?

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු බෝධිසත්ව අවධිය තුළ ඇතිවුණ මනෝභාවයන් පිළිබඳ විග්‍රහ කළ අවස්ථාවේ රූපයේ ආස්වාදය කුමක්ද? රූපයේ ආදීනව කෙසේද?නිස්සරණය කුමක්ද? රූප, ‍ සංඥා සංස්කාර විඤ්ඤාණය යන පංචස්කන්ධය අප සියලු දෙනාටම තිබෙනවා.
බුදු දහම තුළ දුක පමණක් විග්‍රහ කර ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලැබුවද, බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සැප පිළිබඳවද විමර්ශනය කරමින් විග්‍රහ කර දේශනා කර තිබෙනවා රූපය ආස්වාදයක් බව දැනගත් පසු රූපයේ ආදීනවයන් කෙසේද? නිස්සරණය කෙසේද? යනුවෙන් විමර්ශනය කරමින් ලබාගත් නිවැරැදි අවබෝධය සියලු සත්වයාගේ හිත සුව පිණිස දේශනා කොට වදාරා ඇත. වේදනාවෙන් ලැබෙන ආස්වාදය කුමක්ද?ආදීනවය කුමක්ද?නිස්සරණය කුමක්ද? ෙමි ආදී වශයෙන් සංඥා , සංස්කාර, විඤ්ඤාණ ආදී වශයෙන් විමර්ශනය කරමින් බෝධිසත්ව අවධිය තුළම මෙම තත්වය විග්‍රහ කරගැනීම සඳහා කල්පනා කර තිබෙනවා.

වර්තමාන සමාජ ක්‍රමය අතීත සමාජයත් සමඟ අර්ථවත්ව ගැළපිය යුතුයි

අරපිරිමැස්මෙන් කටයුතු නොකිරීම මිනිසුන් තුළ තිබෙන විශාල දුර්වලකමක්. පරණ බඩු බාහිරාදිය ඉවත දමා අලුතෙන්ම බඩු බාහිරාදිය මිළදී ගැනීමට උත්සාහ කරනවා මිස අඩුපාඩු ප්‍රතිසංස්කරණය කරමින් නැවත පාවිච්ච්ය සඳහා ගන්නාවූ උත්සාහයක් නැහැ.
පරණ කොස් ලෑලි කෙතරමි වටිනවා වුවත්, සියල්ල අලුතෙන්ම ලබාගත යුතුය යන සංකල්පය මත එම කොස් ලෑලි ඉවත්කර නොවටිනා ලීයක් පොලිස් කරමින් භාවිතයට ගන්න අවස්ථා නැතිවා නොවෙයි. ලූණූ මිදෙල්ල වැනි ලීයක් පොලිස් කර දුන් විට එය ලබාගනී.

ගෘහයක දියුණුව සහ පිරිහීම ඇතිවන්නේ කෙසේද?

කුල යන පාලි වචනයේ සිංහල තේරුම ගෘහය යන අදහසයි. ගෘහ ය, ගෙය නිවස යන වචන එක සමාන වගේ දක්නට ලැබුණාට එහි කුඩා කුඩා වෙනස්කමි තිබෙනවා. ගෘහණිය යන වචනයට දරුවෙකුගේ අර්ථයෙන් අම්මා යන අදහස ද, තරුණ ස්වාමිපුරුෂයෙකුගේ අර්ථයට අනුව බිරිඳක යන අර්ථයෙන්ද අර්ථගැන්වෙයි. ඇය ගෘහයට අධිපති තැනැත්තියයි.ගෘහපති යනු ගෙදර සිටින ප්‍රධානියායි. පියා හෝ පියෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයායි.

කුලය

එම දෙදෙනා ගෘහණිය සහ ගෘහපති යනුවෙන් හඳුන්වන අතර ගැහැනු දරුවෙකු විවාහ වුවාට පසු තමා දිගු කාලයක් සිටි නිවසින් පිටත්ව තම සැමියාගේ නිවස වෙත යාම පති කුලයට යාම ලෙස හඳුන්වයි. ගෘහයට පැමිණි එම දෙදෙනා එක කුලයක් ලෙස කුල සූත්‍රය තුළ හඳුන්වා දෙයි.ගෘහය, නිවස යන අදහස කුලය යන අර්ථය තුළ ඇතුළත් වෙයි.

සොඳුරු ලෙසම පිළිගැනීම ද?

කුල මාතා, නකුල පිතා ඉදිරියේ සඳහන් කළ අදහස් පෙළ භාග්‍යවතුන් වහන්සේ නිවන අරමුණු කරගෙන පෙන්වා දෙන ආර්ය මාර්ගයේ මංසලකුණු බව පැහැදිලි කොට දෙයි. එනම් තෘෂ්ණා සහිතව කළුරිය කරන්න එපා. තෘෂ්ණාව ඇතිවෙන්න අප නම් හේතුවක් වන්නේ, අප ගැන ඔබේ සිත තුළ බියක් හෝ සැකයක් ඇති කර ගන්නට එපා. එයට හේතුව අපට ඔබෙන් පසුව වුවත් මනා කොට ගෘහස්ථ ජීවිතය පවත්වා ගත හැකියි. දීර්ඝ සංසාර ගමනේ භව චක්‍රය පවතින්නේ කර්මානුරූපවයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නතුම්හ’ සූත්‍ර දේශනාවේ දී මනාකොට පෙන්වා දී තිබේ.

‘නායං භික්ඛවේ කායෝ තුම්හාකං
නාපි අඤ්ඥේසං
පුරාණ මිදං භික්ඛවේ කම්මං
මහණෙනි, ඔය ශරීරය නුඹලාගේ නොවේ අන් අයකුගේ ද නොවේ. පෙර කර්මය විසින් සකස් කරන ලද්දකි. මේ පාඨයට අනුව පැහැදිලි වන්නේ කර්මානුරූපව භවය සකස්වෙන බවයි. භවය සකස්වන්නේ නම් ඒ අනුව ජාති හෙවත් ඉපදීම ද සකස්වන බවයි.

බෞද්ධ උපාසිකාවකෙසේ විය යුතුද?

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වූයේ භික්ෂු, භික්ෂුණී, උපාසක ,උපාසිකා යන සිවු කොටසය. ලොව තුළ බුදුසමය ස්ථාපනය වීමත්, චිරස්ථායිවීමත් උදෙසා මේ සිවු පිරිස වෙත භාරදුර වගකීමක් පැවරෙන බව බුදුරදුන්ගේ අදහස වූ බව පෙනේ. සිවුපිරිසෙන් උපාසිකා පිරිස කවරාකාර සන්නද්ධභාවයකින් යථෝක්ත වගකීමට උරදිය යුතුද? යන්න බුදුරදුන් මාරයා සමඟ වදාළ බුදුවදනකින් හඳුනාගත හැකිය.
පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකාවන් වන උපාසිකාවෝ වියත් විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර, ධර්මානුධර්මයන්හි පිළිපන් සාමීචියෙහි පිළිපන්, අනුධර්මචාරි වූවෝ නොවෙත්ද? තථාගත ධර්මය උගෙන ප්‍රකාශ නොකරෙත්ද? දේශනා නො කෙරෙත්ද? නො පනවත්ද? නො පිහිටුවත්ද? විවරණය නො කෙරෙත්ද? බෙදා නො දක්වත්ද? නොගැඹුරු නො කෙරෙත්ද? උපන් පරවාදයන් ඇත්නම් කරුණු සහිතව එහි වරද පෙන්වාදී නිවනට නැඹුරුකොට දේශනා නොකෙරෙත්ද? ඒ තාක්කල් පිරිනිවන් නොපාන්නෙමි.
මෙහිදී උපාසිකාව යනු කවරෙක්දැයි පළමුව හඳුනාගැනීම ඉතා අවශ්‍යය. උපාසිකා යනු පොහොයට සිල්සමාදන්වන වයෝවෘද්ධ කාන්තාවයන්ය. යන සමාජ ව්‍යවහාරයට සීමා නොවේ. බාල තරුණ මහලු භේදයක් නැතිව තෙරුවන් සරණගිය සියලුම කාන්තාවෝ උපාසිකාවෝය. ඔවුන් සමාජය තුළ සමාජ පන්ති, වෘත්තීය ආදි විවිධ වෙනස්කම් ඇත්තන් විය හැකිය.

පවාරණය වන චීවර පූජාව



සම්බුද්ධ ශාසනයෙහි උගන්වනු ලබන ආමිස පින්කම් අතර, අග්‍රගණ්‍ය වූ මහා පින්කම කඨින චීවර පූජාව ලෙස දුර අතීතයේ සිට බෞද්ධයන් විසින් ශ්‍රද්ධාවෙන් පිළිගත් කාරණාවක්. කඨික චීවර පූජාව තුළ ඉතාමත් වටිනා කුසල ප්‍රතිපදාවන් භික්ෂූන් වහන්සේට දියුණු කර ගන්න පුළුවන් මෙන්ම එය දායකයන්ටත් එකසේ වැදගත් පුණ්‍ය කර්මයක්. මෙහි ඉතිහාසය මෙන්ම එහි තිබෙන ප්‍රබලත්වය මේ සා විශාලව පවතින්නේ ඒ හා සම්බන්ධ විනයානුකූල කාරණා සහ ධර්මයට අනුගත වූ කාරණාත් මුල්කරගෙනයි.

චීවර පූජාව

බුදුරජාණන් වහන්සේ විසින් ‘චීවරය’ හෙවත් සිවුර අනුමත කිරීම පිළිබඳ විස්තර, ‘මහාවග්ග’ පාළියේ අටවන චීවරක්ඛන්ධකයේ සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින අවස්ථාවේ දී ජීවක වෛද්‍යවරයා පැමිණ, ‘ස්වාමිනි, මට චණ්ඩපජ්ජෝත රජුගෙන් සීවෙය්‍යක නම් වටිනා වස්තු දෙකක් ලැබුණා. ඒවා ඔබ වහන්සේට පූජා කරනවා. පිළිගන්න.
බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් පාංශුකූලික සිවුරු දරන්නෙ. මගේ අගනා සීවෙය්‍යක වස්ත්‍ර දෙක ගහපතිචීවර වශයෙන් පිළිගන්න. භික්ෂූන් වහන්සේලාටත් ගහපති චීවර පිළිගැනීමට අනුමත කරන්න’යැයි ඉල්ලා සිටියේය.

Tuesday, October 25, 2016

බෞද්ධ සමජීවිකථාව

"' ගිහි ජීවිතය අර්ථවත්කරගැනීමට සකසුරුවම හා අරපිරිමැස්ම අවශ්‍ය වේ. ලැබෙන සියල්ල එක් සැනකින් වියපැහැදම් කරමින් කටයුතු කරන පුද්ගලයාට ආර්ථික සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකිය. ධනය වැය කොට රැස්කරන ඇතැම් භාණ්ඩ මුළු ජීවිත කාලයේම එක් දිනක් හෝ ප්‍රයෝජනයට නොගන්නා අවස්ථා තිබිය හැකිය. මුදල් තිබූ පමණින් භාණ්ඩ ගොඩගසා ගත්තද එහි උපයෝගීතාව වටහා නොගන්නේ නම් අවසානයේදී හිමිවන්නේ බහුභාණ්ඩික කරදරකාරි ජීවිතයකි."
ප්‍රමාණවත් තරම් ආදායමක් නොමැතිව බාහිර වශයෙන් සාටෝප ජීවිතයක් ගතකිරීම අතු නසා දිඹුල් අනුභව කිරීමක් (උදුම්බරඛාදික) ලෙස නම්කරන අතර වියදම් කිරීමට ප්‍රමාණවත් ධනයක් තිබියදීත් තම අවශ්‍යතා වෙනුවෙන් ධනය වැය නොකර සිටීම වනාහි නොකා මරණයට පත්වීමක් (අජද්ධුමාරික) ලෙසත් පිළිගෙන තිබේ. මෙම උපමා දෙකින්ම පෙන්වා දෙන්නේ අන්තවාදි ලෙස ධනය වැය කිරීමේ වැරදි පිළිවෙතයි. ආදායමට සරිලන ආකාරයෙන් වියදම සකස්කරගැනීමෙහිලා බොහෝ දෙනෙකු අසමත්ව තිබේ. මෙනිසා අන්‍යයන්ට ණයවන අවස්ථා සුළභය. අනික් අතට ණය වී හෝ අවශ්‍යතාව ඉටුකරගැනීමෙහිලා පුද්ගලයා පොළඹවන වෙළෙඳ හා සමාජ බලවේග බහුලව දක්නට ලැබේ. උපයන ධනයට සාපේක්ෂව පරිභෝජන අවශ්‍යතා ද ඉහළ යයි.

ආධ්‍යාත්මය යනු සිත සහ සිතිවිලියි

ආධ්‍යාත්මක ගුණ වගාව අප සමාජයෙන් අදවන විට බොහෝ ලෙස පිරිහෙමින් පවතී. බුදු දහම මඟින් සමාජයට නිරන්තරයෙන් දෙන පණිවුඩය වන්නේ ආධ්‍යාත්මික බවින් පෝෂණය වියයුතු බවයි. එය කතිකාවක් ලෙස අද සමාජයේ ප්‍රසාරණය විය යුතු අවධියක ආධ්‍යාත්මය ලෙස බුදුදහම තුළ නිර්වචනය කරන්නේ කුමක්ද? කියා විමසා බලමු.
සංසාරය යනු සැරිසැරීමයි. මනුෂ්‍ය භාවයක් ලැබීම ඉතාමත් දුර්ලභයි කියා දේශනාවේ සඳහන් වෙනවා. නමුත් මේ දුර්ලභභාවය කුමක්ද කියා දන්නේ නැතිනම් එය ඔහුගේ අවාසනාවක්ද වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ආධ්‍යාත්මය යනු කෙනෙකුගේ සිත තුළ පවතින මානසික ශක්තියයි. එය අපේ ශරීරයෙන් බැහැරව තිබෙන දෙයක් නොව අප තුළම තිබෙන දෙයකි. අප කවුරුත් ඉපදෙමින් මැරෙමින් දීර්ඝ සංසාරයක ගමන් කරන්නේ. ඒ ගමනේදී අප උසස් හෝ පහත් ආත්මභාවයකට යනවාද? කියන කාරණය තීරණය වන්නේ අපේ ආධ්‍යාත්මය අනුවය.ඒ අධ්‍යාත්මික ශක්තිය දියුණු වූ තැනදී උසස් ආත්මභාවයක්ද, අධ්‍යාත්මය පිරිහුණ විටදී පහත් ආත්මභාවයක්ද ලැබේ. ආධ්‍යාත්මය දියුණු තැන මනුෂ්‍ය, දිව්‍ය,මෙන්ම බ්‍රහ්ම ලෝකවල උපත සැකසෙන්නේ. ඒ ආධ්‍යාත්මය පිරිහී ගිය විට තැන අයත් වන්නේ සතර අපායයි.

අවිද්‍යා අන්ධකාරයතේරුම් ගන්න ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 11)

මුළු මහත් ලෝකයේම හැම ලෝකයක් ගැනම සිතලා බලන්න. හිතන්න සිනමාලෝකය ගැන. එහෙම නැත්නම් දැන් වෙන ‘ලෝක’ හදාගෙන තියෙන්නේ. ක්‍රීඩා ලෝකය, අවිද්‍යා අන්ධකාරය ක්‍රිකට් ලෝකය, ඉස්සරවෙලා හිතමු ක්‍රිකට් ලෝකය ගැන. ක්‍රිකට් ලෝකයේ මොකක් ද වෙන්නේ. අර අහිංසක පිත්තයි බෝලයයි ආදියට පණගැන්වෙන්නේ පිල් දෙකක් බෙදුනාම නේද?
එතකොට නීති රීති තුළින් ඒවා තමයි නාමධර්ම ඊළඟට ජය පරාජය පිළිබඳ හැඟීම. ඒක නිසා අන්න ඒ ලෝකය ඇති වන්නේ අර මුළාව තුළයි. ‘අපි දෙපිලක් වෙමු’ කියලා එතන ඉඳලයි ක්‍රිකට් ක්‍රීඩාව. එතකොට ක්‍රිකට් ලෝකය එහෙමයි.

මරණය සිහි කරනවාද ?

අනුන්ගේ මරණ උපමා කර ගනිමින් සුළං හමන තැනක දැල්වූ පහනක් මෙන් තමාගේ ආයුෂද කවර මොහොතක හෝ කෙලවර විය හැකි යැයි” සිහිපත් කරමින් මරණානුස්සතිය වැඩිය යුතුය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පවාත දීප තුල්‍යාය
සායුසන්තති යාක්ඛයං
පරුපමාය සම්පස්සං
භාවයෙ මරණස්සති
මහා සම්පත්ති සම්පත්තා
යථා සත්තා මතා ඉධ
තථා අහං මරිස්සාමි
මරණං මම හෙස්සති
පින්වත්නි
ඉහත දැක්වූයේ මරණානුස්සති කර්මස්ථානයෙහි ආරම්භක ගාථා දෙකයි.

Sunday, October 16, 2016

විඤ්ඤාණදහරාව සුගතියට ගමන් කරන්නේ කෙසේද?

මරණය පිළිබඳව ධර්මානුකූල විග්‍රයක් තුළින් අවබෝධයක් ලබා තිබීම අප සියලු දෙනාටම වැදගත් කාරණාවක් වෙයි. මරණය පිළිබඳව විවිධ අදහස් තිබෙනවා. නියමිත කාලය ඉක්මවමින් හොඳටම වයස් ගතවී මරණයට පත්වුවහොත් අප එය ස්වභාවික මරණයක් ලෙසත් අඩු වයසකින් මරණයට පත්වුව හොත් එය අකල් මරණක් ලෙසත් සාමාන්‍ය ක්‍රමය යටතේ විග්‍රහ කරන්නට උත්සාහ කරනවා.
අකල් මරණය යන අර්ථකතනය දෙන අදහස සහ බුදුසමය ලබාදෙන අදහස සමාන යැයි සිතිය නොහැකියි. පුද්ගලයකු පූර්ණ ආයුකාලය භුක්ති වින්දහොත් එම කාලය ඇතුළත ඔහු හෝ ඇය විසින් සිදු කළ ආවාහ විවාහ කරගැනීම, දූ දරුවන් හදාවඩා ගැනීම ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු කරදීම ආදී ලෞකික කටයුතු සම්පූර්ණ කළාට පසුව යමෙකු මරණයට පත්වුවහොත් එය සුදුසු වේලාව තුළ නියමිත කාලයට අනුව සිදුවුණ මරණයක් ලෙස පිළිගනු ලබනවා. ධර්මයට අනුව එවැනි කිසිදු ජයග්‍රහණයක් පුද්ගලයකුගේ මරණයට පෙර සුදුසුකමක් ලෙස සැලකිය නොහැකියි.

බුදුරදුන් දේශනා කළ නායකත්වය

බුදුරදුන් තුළ පැවති නායකත්ව ලක්ෂණ අතර දර්ශනයට මූලිකත්වය ලබාදීම සුවිශේෂී ලක්ෂණයකි. තම වැඩපිළිවෙල හා පිරිස මෙහෙය විය යුත්තේ දර්ශනයට අනුකූලවය.
බුදුරදුන් සැම විටම දර්ශනයම මූලික කොටගත්තේය. එයට කදිම නිදසුන ධර්මය ගුරු තනතුරේ තබා ගැනීමයි. ශ්‍රාවකයන්ටද පැවසුවේ තමාගේ ගුරුවරයා ධර්මය බවත් මාගේ පිරිනිවීමෙන් පසුවද ධර්මය නායකත්වයෙහිලා සලකන ලෙසත්ය. පුද්ගලයෙකු සරණ යාම, බුදුදහම අනුමත නොකළහ. දෙව්දත් හිමියන් භික්ෂූන් පාලනය කිරීමට විමසූවිට බුදුරදුන් එයට එකඟ නොවන්නේ මේ නිසාවෙනි. දර්ශනයට,

දානය සහ පරිත්‍යාගය කාරණා දෙකක් වන්නේ ඇයි?

"දන් දීම ඉතාම යහපත් ක්‍රියාවක් වුවත් පරිත්‍යාගය ඊට වඩා වෙනස් කාරණාවක්.දානය යනු දීම වන අතර පරිත්‍යාගය යනු අතහැරීමක් වෙයි. අතහැරීම යනු කුමක්ද?අතහැරීම කළ යුත්තේ ශරීරයෙන්ද? සිතෙන්ද? ශරීරයෙන් දීල සිතෙන් අතනොහැර සිටිය හැකියි.ශරීරයෙන් නොදී සිතෙන් අතහැරිය හැකියි. ශරීරයෙනුත් දීල සිතෙනුත් අතහැරිය හැකියි.ශරීරයෙනුත් නොදී සිතෙනුත් අතනොහැර තියාගත හැකියි. ඉහත සඳහන් කළ දැනුම විඳීම අවබෝධය යන කාරණා තුනෙන් අවබෝධය යන කාරණාවෙන් මෙම කාරණා පිළිබඳ අවබෝධය ලබාගත හොත් නිවන් දැකිය හැකියි. "
ගෞරවනීය ස්වාමීන්වහන්ස ,

අරහත් ධජය හෙවත් චීවරය

කසාවත යනු සිවුරට තවත් නමකි. ගස්වල කොල , පොතු මුල්, ආදිය තම්බා එම කහට පොවා සකස් කර ගන්නා බැවින් එසේ කියනු ලැබේ. මෙසේ ඖෂධීය ගුණයෙන් යුතු කහට නිසා මැසි මදුරු ආදී සතුන්ගෙන් වන උවදුරු අවම වේ. විශේෂයෙන් අරණ්‍යවාසී භික්ෂුවට එයින් වැඩි ප්‍රයෝජනයක් ලැබේ. එහෙත් දැනට වෙළෙඳ පොළේ ඇති විවිධ ඩයි වර්ග යොදා සකස් කරන ලද සිවුරුවලින් ඉහත කී ප්‍රයෝජන ලැබීම උගහටය. විවිධ වර්ණයන් ගෙන් යුත් සිවුරු ඇතත් ඉදුනු නුග ගෙඩියේ පාට සිවුරු සඳහා වඩා සුදුසු බව කියනු ලැබේ.

වරද පෙන්වා ඔවා දෙන නැණවතුන්ගේ ඇසුර වටී

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නිධීනංව පවත්තාරං
යංපස්සෙ වජ්ජදස්සිනං
නිග්ගය්හ වාදිං මේධාවි
තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස
සෙය්‍යො හොති න පාපියෝති
තුන් ලොවක් මහා කරුණාවෙන් සනසන ලද ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ බෞද්ධයාගේ අත්පොත ධම්මපදය නම් ග්‍රන්ථයේ පණ්ඩිත වර්ගයට අයත් වන ගාථාවක් ඉහත දැක්වූයේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ රාධ කියලා දුප්පත් බමුණෙක් සිටියා. මේ මහලු බමුණාට ජීවත්වෙන්න ක්‍රමයක් නැතිව ගියා. කන්න,බොන්න. දෙන්න තරම්වත් සළකන්න කෙනෙක් නැතිව ගියා.

තෙරුවන් බලය හැරවෙනත් බලයක් වේද?

"අපේ ජීවිතය ඊට වඩා බරයි. අපගේ ජීවිත තුළ ඊට වඩා බලාපොරොත්තු සහ විවිධ අවශ්‍යතා වැඩියි. මිථ්‍යා විශ්වාස කිරීම නිසා ජීවිතය අවුල් වීමට පටන් ගනී. මිථ්‍යා මත ඇසූ පමණින් ඒවා විශ්වාස කිරීමට යාම සුදුසු නැහැ







තමන් තමන්ට අවංකව වැඩ කළ අවස්ථාවක තමන්ට හිරිහැරයක් කිරීමට කිසිදු පුද්ගලයකුට අවශ්‍ය නැති බව තමන් තුළම විශ්වාසයක් ඇතිවෙනවා.

Wednesday, October 12, 2016

ධනය කළමනාකරණය කිරීම

දැහැමින් ඉපැයූ ධනය කළමනාකරණය කිරීමේ පළමු පියවර පසුගිය බිනර අව අටවක පෝදා (23) ලිපියෙන් ඉදිරිපත් කරන ලදී. එහි සෙසු පියවර තුන පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. ඒ යටතේ උපයන ලද දැහැමි ධනය ගින්නෙන්, ජලයෙන්, රාජසන්තක වීමෙන්, සොරුන්ගෙන් ,අපි‍්‍රය පුද්ගලයන්ට අයත් වීමෙන් ආදි ආපදාවලින් ආරක්ෂා කරගත යුතුවේ.
එවැනි ආපදාවලදී ධනය වැය කොට නිරුපද්‍රිත බවට පත්විය යුතුවේ. මෙම කරුණින් අදහස් කරන්නේ උපයන ලද ධනය විනාශයට හේතුවන ස්වාභාවික විපත් හා උවදුරු දුරු කරගැනීමත් සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමත්ය. ලෝකය හැම අතින්ම නිරුපද්‍රිත හා ආරක්ෂා සහිත තැනක් නොවේ. නිතර නිතර ගින්න, ජලය හා භූමිකම්පා වැනි ස්වාභාවික ආපදාවන්ට මුහුණ දීමට සිදුවේ.

ධම්ම විචය සම්බොජ්ඣංගය

" බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය. "
මනා අවබෝධයට හේතු වන අංග සහිත ධර්මය සෙවීම යන අරුතින් යුතුව ධම්ම විචය සම්බොජ්ඣංග යන වචනය නිපැයී ඇත. බොජ්ඣංග ධර්මයන් අතර දෙවැන්න සේ සැලකෙන මෙහි අර්ථය දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග යන සිව්සස් පිළිබඳව කරුණු රැස් කිරීම. සෙවීම යනුවෙන් අටුවා විස්තර අනුව සලකා ගත හැකි ය.
ධම්ම විචය යනු ප්‍රඥා චෛතසිකයෙකි. නාම රූප දෙකේ පවතින අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ස්වභාවය සොයා දැන වටහා ගැනීම ධම්ම විචය සම්බොජ්ඣංගයෙන් සිදුවන කාර්යයයි. කිං සච්ච ගවේසි ව ඇත්ත කුමක්දැයි සෙවීම, විමසා වටහා ගැනීම එමඟින් සිදුවෙයි. ආධ්‍යාත්මික සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද, බාහිර සංස්කාරයන් පිළිබඳ ව පහළ වන ඤාණයක් ද ඇත. ඒ දෙයාකාර වූ සංස්කාරයන් විමැසීමෙන් උපදින ප්‍රඥාව ධම්ම විචය සම්බොජ්ඣංගයයි.

සම්බුදු දහමේ ගැඹුරුම දහම් පදයක් අන්ධකාරය තුළ ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -09:)

කෙනෙක් කොයි තරම් මුළාවකට පත්වෙනවද. මහකළුවර රාත්‍රියක සොහොන් පිට්ටනියක් ළඟින් යනකොට එන සිතිවිලි කොයි විධියේ දේවල් ද? අන්තිමට බලනකොට ආලෝකය ආව හැටියේ තේරෙනවා මේ බොරු එහෙම් පිටින් ම මම ඇති කරගත්තු මතිභ්‍රම භ්‍රාන්තියක් පමණයි. ඇත්ත දෙයක් නැහැ මෙතන. ඒ අයුරෙන් තමයි ලෝකයාත්. අවිද්‍යා මහා ඝණ අන්ධකාරයේ ඉන්න ලෝකයාත් සිත තුළින් මවා ගන්නවා යම් මැවීම් සමූහයක්

තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන ගැඹුරුම පදයක්, සංස්කාර. මේ අප කවුරුත් සංස්කාර කියල කියනවා. ඔය මරණ දැන්වීම්වලත් සියලු සංස්කාරයන් අනිත්‍යයි කියනවා. නමුත් සංස්කාර මොකක් ද කියලවත් දන්නේ නැහැ.
ඉතින් සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය අපට හිතාගන්න පුළුවන් යමක් මවලා පාන්න උපකාර වන දේවල්. රැවටිලි ස්වරූපයේ දේවල්. ඔය නාට්‍යවල එහෙම, නාට්‍යවල පමණක් නොවේ දැන් නම් මහා මාර්ගයේත් ඒක කෙරෙනවා. කෙනෙක් රවට්ටන්න උපකාරවන නොයෙකුත් විධියේ රැවටිලි, මායාකාරයා විජ්ජාකාරයා, කරන්නෙත් ඒ විධියේ දේවල්. නාට්‍යකාරයා කරන්නෙත් ඒ විදියෙ දෙයක්. නළඟනක් වේදිකාවට එන්න කලින් කොච්චර සැරසිලි දාලද එවන්නේ.

පූර්වාන්තයක් කෙළවරක් නොදකින සසර ගමනක ස්වභාවය


"තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ දී පෙන්වා දුන් ඒ උතුම් දහම් කොටස් වර්තමාන යුගය තුළ ජීවත්වන ඔබ අප සියලු දෙනා විසින් නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. "
ලෝකයේ ආරම්භයත්, පැවැත්මත් මනුෂ්‍යයන්ගේ ජීවිතවල යහපත් ඇවතුම් පැවතුම් ඇතිවීමත් මනුෂ්‍යයන්ගේ චර්යාවේ ඇති වූ දුසිරිත් බව නිසා මනුෂ්‍යයන්ගේ පරිහානිය ඇතිවීමත් අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව එනම් ලෝක උප්පත්ති කතාව ඔස්සේ අප විසින් පසුගිය පෝය දින කීපය පුරා ඉගෙන ගනු ලැබුවා.

කීර්තිය ඇතිවීමේ හේතු මොනවාද?

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්ම කාරිනො
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසොභිවඩ්ඪති

“සුපින්වත්නි”


සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි. කුම්භ ඝෝෂක නම් සිටුපුත්‍රයාගේ ස්ථානෝචිත ප්‍රඥාව හා කාර්යශූරත්වය අරබයා මේ ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.
එක් කලෙක මෙම රජගහනුවර සිටුපවුල අහිවාතක නම් දරුණු රෝගාබාධයකින් පීඩා විඳින්නට විය. දාසයන්, කම්කරුවන් මෙන්ම ගවයන්, සුනඛයන් පවා මරණයට පත්වූ අතර සිටුවරයා හා සිටුදේවිය මරණාසන්න ඇඳේ සිට තම පුතාට කතාකොට “පුතුනි” මේ රෝගය ඉතා දරුණුය. අපගේ ජීවිතයද ඉතා අවදානම්ය.

මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි

බෞද්ධයන් ලෙස අනුන්ගේ අඩුපාඩු සෙවීමට කිසිම අයිතියක් අපට නැහැ. පරච්ත්ත විජාණන ඤාණය නැති වුණත් තව පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කරමින් ඔහුගේ සිත එතරම් හොඳ නැති බව ප්‍රකාශ කරන්නට යෙදෙන අවස්ථා තිබෙනවා. එම පුද්ගලයාගේ කට නිවැරැදි නැහැ, යනුවෙන් ප්‍රකාශ කළද, එය තමන්ට අදාල කාරණාවක් නොවෙයි. එය නිවැරැදි නැති නමි එම තත්වය බලපානු ලබන්නේද ඔහුටයි.
බෞද්ධයකු වශයෙන් කටයුතු කිරීෙමීදී කළ යුතු වන්නේ තමා නිවැරැදිද? නැද්ද? යන්න තමා පිළිබඳව සොයා බැලීම පමණයි. රහස් පොලිසිය අනෙක් පිරිස් පිළිබඳව සොයා බලනවා.

බුදුදහමින් අර්ථවත් කෙරෙන පවුල් සංස්ථාව

මෙසේ දෙමාපියන්ගේ මෙලොව හා පරලොව සුභසාධනයත් දරුවන් විසින් ඉටුකළ යුතුවන අතර එම අන්‍යෝන්‍ය යුතුකම් නිසි පරිදි කිරීම පවුල් සංස්ථාව නිවැරැදිව සාමූහිකත්වයෙන් ඉදිරියට යාමට ප්‍රමුඛ හේතුවක් ලෙසින් බුදුදහම අවධාරණය කරයි.

Sunday, October 9, 2016

ධනය කළමනාකරණය කිරීම

''බෞද්ධ ආර්ථික දර්ශනය යටතේ දැහැමිව සොයාගත් ධනය නිසි පරිදි කළමනාකරණ කරගැනීමේ පිළිවෙතද පියවරෙන් පියවර පැහැදිලි කර තිබේ. මෙතැන් සිට ඉදිරියට බලාපොරොත්තු වන්නේ එම පිළිවෙත පියවරෙන් පියවර පැහැදිලි කිරීමය. ඇතැම් විට විශාල ලෙස ධනය හා දේපළ එක් රැස් කළත් ඒ සියල්ල නිසි ලෙස වැය කිරීමේ පිළිවෙත නොදන්නාකම හේතුවෙන් අහේතුකව ධනය විනාශ වන අවස්ථා කෙතෙකුත් දක්නට ලැබේ. දනය ඉපැයීම අතිශය දුෂ්කර කටයුත්තකි.

ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමය

වාසෙට්ඨයෙනි, ඇතැම් සත්ත්ව කෙනෙක් අතර, මේ සිදු වූ දේ ගැන එනම් බොරු කියන්න, සොරකම් කරන්න, ගැරහුම් කරන්නා වූ ලාමක අකුසල් ධර්ම සිත්වල හට ගැනීම නිසා, මහත් කලකිරීමකට හේතු වූවා. අපගේ සිත්වල හටගත් මේ ලාමක අකුසල ධර්මයෝ බැහැරලීම කරන්නෝ නම් හොඳ යැයි සිතන්නට පටන් ගත්තා. මෙම සත්ත්වයෝ, සිත්වල හටගත් ලාමක පාපී අකුසල් බැහැර කිරීමේ අරමුණින් ගම අත්හැර වන ප්‍රදේශවල කුටි තනාගෙන තනිව භාවනා කරමින් ධ්‍යාන වඩමින් ජීවත්වන්නට වුණා.

කාමරාග නීවරණය

“තත්ථ කතමං දුක්ඛ සමුදයං අරීය සච්චං? යායං තණ්හා පොණො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහිනන්දිනී. සෙය්‍යථිදං?
කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා” (ධම්මචක්ක දේශනාව) බුදුරජාණන් වහන්සේ දම්සක් දේශනාව අරඹමින් තණ්හාව තෙවැදෑරුම් බව වදාළේ ඉහත සඳහන් පරිදිය. සියලු සත්ත්වයන්ගේ පුනර්භවය සනිටුහන් ප්‍රධාන ක්ලේශය කාම තණ්හාව හෙවත් කාමච්ඡන්දය බව මෙයින් වදාළහ.
හැම සත්ත්වයෙක් ම තමා උපන් භවය කුමක් වුවත් ඔහු එය පි‍්‍රය කරයි.

නාම රූපය අවබෝධ කරගත්තොත් විඤ්ඤාණය නිරුද්ධ වේ

නාම රූප ධර්ම පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගනිමු. අර මුලින් කිව්ව විඤ්ඤාණය ඊට කලින් මතක්කරන්න වෙනවා මේ විඤ්ඤාණ – නාමරූප දෙක කියනකොට ඇයි අවිද්‍යාව, සංස්කාර ගැන සිතුවේ නැත්තේ කියලා කෙනෙක් අහන්න පුළුවන්.
මේ ඔක්කොම කෙරෙන්නේ අවිද්‍යා පසුබිමේ නොදැනීම නිසා. අර සුනඛයාගේ නොදැනීම නිසා අර විධියට ග්‍රහණය කරලා නැට්ට වන වනා හිිටියා වගේ.

දැහැමි දිවිය සදයි සුවය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ධම්මාරාමො ධම්මරතො
ධම්මං අනුවිචින්තියං
ධම්මං අනුස්සරං භික්ඛු
යතී ති,
සැදැහැවත් පින්වතුනි,
ඉහතින් සඳහන් කෙළේ ධම්මපදයේ භික්ඛු වර්ගයේ පස්වෙනි ගාථාවයි. දන් සිල් භාවනාදී විවිධ පින්කම් කරමින් කායික වාචසික මානසික සංවරය ඇතිකර ගැනීමට උත්සාහ කරන මේ වස්සාන සමයේ මා සූදානම් වන්නේ වටිනා ධර්මානුශාසනයක් ඉදිරිපත් කිරීමටයි.
ධර්මයෙහි වාසස්ථාන කොටගෙන සිටි ධර්මයෙහි ඇළුනු ධර්මය නැවැත නැවැත සිහිකරන්නාවූ භික්ෂුව සද්ධර්මයෙන් නොපිරිහෙන්නේය යන ඉහත සඳහන් ගාථාවේ සරල අදහසයි. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයෙහිදී ධර්මාරාම තෙරුන් අරභයා දේශනා කරන ලද්දක්.

සියල්ල සිදුවන්නේ කර්මය අනුවද?

කර්මය නම් යමක් කිරීමයි. කළ දෙයින් ලැබෙන ඵලය කර්ම විපාකය යි. ලෝකයා කර්මය වශයෙන් සලකන ගොවිකම, වෙළෙඳාම, වෙදකම ආදිය මෙහි කර්ම වශයෙන් නො සැළකේ. බුදුදහම කර්මය යනුවෙන් දක්වන්නේ සත්ත්වයා විසින් රැස් කරනු ලබන පින් හෝ පවය. හොඳ හෝ නරක සිතින් කරනු ලබන ක්‍රියාකාරකම් ය. ඒවාට මුල් වන්නේ චේතනාවන් ය. හැඟීමක් සිතිවිල්ලක් නැතිව කරන හෝ කෙරෙන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල තුන මුල් වී සිතින්,කයින් හෝ වචනයෙන් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාකාරකම් කර්ම වශයෙන් දැක්වේ. ඒ අනුව කර්මයක් සැකැසීමේදී ලෝභ, ද්වේශ, මෝහය යන සිතිවිලි තුන ප්‍රධාන වන බවත් ඒ චේතනාව ම කර්ම වශයෙන් ද දක්වා ඇත.