Labels

Sunday, October 29, 2017

මලින් මලට අමුණන මල්දම වාගේ ගත සිත සනසයි බණ පද ගානේ


සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව  අංක - 02


පින්වතුනි, ධර්ම ශ්‍රවණය කිරීම නිවන් දොරටුවක්. මේ ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ කෙසේ ද?

‘සද්ධා ජාතෝ උපසංකමති’


පින්වතුන් තුළ ඇතිවුණා, මුලින් ම පහළ වුණා ‘ශ්‍රද්ධාව‘ තුණුරුවන් කෙරෙහි පැහැදීම, ගෞරවය, විශ්වාසය, මේ ශ්‍රද්ධාව උපන්න නිසා තමයි “උපසංකමති’ මේ ධර්මය ශ්‍රවණය කරන්නට එළඹුණේ.

උපසංඛමන්තෝ පයුරුපාසති’

මෙතැනට පැමිණි නිසා ස්වාමීන් වහන්සේලා ඇතුළු කොට ඇති මේ සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබුණා.

‘පයුරුපාසන්තෝ සෝතං ඕදහති’

එසේ ඇසුරු කරමින් තමන්ගේ දෙසවණ දැන් සිහි නුවණින් යොමු කරයි.

‘ඔහිතසෝතෝ ධම්මං සුණාති’

නිවනට පිවිසෙනදොරටු පහක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුද්ධේ අවෙච්චප්පසාදේන
සමන්නාගතෝම්හීති
ලභති අත්ථ වේදං ලභති ධම්ම වේදං
ලභති ධම්මුපසංහිතං පාමෝජ්ජං
පමුදිතස්ස පීති ජායති
පීතිමනස්ස කායෝ පස්සම්භති
පස්සද්ධ කායෝ සුඛං වේදෙති
සුඛිනෝ චිත්තං සමාධියතී තී


තුන්ලෝකාග්‍රවූ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ මජ්ක්‍ධිම නිකායේ, මූලපණ්ණාසකයේ, මූල පරියාය වර්ගයේ, වත්ථූපම සූත්‍ර දේශනාව අන්තර්ගතය තුළ සඳහන් වන දේශනාවේ මාතෘකා පාඨයක් ධර්මාලෝකයෙන්, ප්‍රඥාලෝකයෙන්, සදහම් ආලෝකයෙන් ආලෝකමත් කරවීම පිණිස අප විසින් මාතෘකා ස්ථානයෙ හි තබාගන්නට යෙදුනේ. මේ මාතෘකා පාඨය බොහොම කෙටි නමුත් මේ තුළ අන්තර්ගත ධර්ම සම්භාරය අප්‍රමෙය්‍යයි. අනන්ත අප්‍රමාණ මහා සාගරයේ ජල කඳ කිසිම කෙනෙකුට මෙපමණයි කියා ලීටර් ගණනින්වත්, බූලි ගණනින්වත්, බවුසර් ගණනින්වත් මැනලා නිම කරන්නට බෑ. ඒ සා විශාල ධර්ම සම්භාරයක් මේ මාතෘකා පාඨය තුළ අන්තර්ගත වෙනවා.

පින නිබඳව ම කළ යුතු ය

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථෙ’තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයො

යම් පුද්ගලයෙක් පින්කම් කරන්නේ නම් නැවත නැවත ඒවා කරන්නේ ය. එහි කැමැත්ත තබා ගන්නේ ය. පින් රැස් කිරීම සැප ලැබීමට හේතු වන හෙයිනි,’ යනු මෙහි සරල අර්ථය වේ.


මිනිසෙකු වශයෙන් උපත ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක් බැවින් ඉන් උපරිම ඵල නෙළා ගැනීම බුද්ධිමත් පුද්ගල ලක්ෂණයක් වේ. පින වූ කලී සෑම පුද්ගලයෙකු ම ලද අවස්ථාවේ රැස් කළ යුතු ධර්මයක් වේ, ඒ සඳහා මොහොතක් හෝ ප්‍රමාද වීම දුර්වලතාවයක් වේ. මෙහි වැදගත් පදයක් වනුයේ ‘පුඤ්ඤ’ යන්නයි, එය නිතර නිතර සිදු කළ යුතු ය යන්නෙන් මෙහි වටිනාකම තවත් තීව්‍ර වේ.
මෙහි පින් යනුවෙන් අදහස් කොට ඇත්තේ දාන, සීල, භාවනා වශයෙන් දැක්වෙන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ය. තවද මෙය දස වැදෑරුම් ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එම දස වැදෑරුම් පුණ්‍ය ක්‍රියා නම් දන් දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම හා සම්‍යක් දෘෂ්ඨියෙන් යුතුව වාසය කිරීම යන කරුණු දහයයි. මිනිසත් භවය ඵලදායක වීමට නම් මෙම පුණ්‍ය ක්‍රියාවන් නිතර සිදු කළ යුතු ය.

දෙව් ලොවින් මනු ලොවට බුදුරදුන් වැඩි වග යි


බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තීන්ට අනුව වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේ ද වප් පොහෝදා ය. ඊට හේතුව නම් වප් පෝයෙන් පසුව වස් කාලය අවසන් වීමත් ඒ අනුව භික්ෂූන් වහන්සේ නැවතත් ජනපද චාරිකාව ඇරඹීමත් ය. තවද වප් පොහොය දා පටන් විහාරස්ථානවල කඨින පින්කම් ආරම්භ වන අතර එතැන් පටන් ඉල් පොහෝදා තෙක් ඊට සුදුසු භික්ෂූන් වහන්සේලා වෙත කඨින චීවර පූජා කිරීමට පුළුවන."
කෘෂිකාර්මික පසුබිමක් සහිත අපගේ සංස්කෘතියේ වප් මාසයට ලැබී ඇත්තේ අද්විතීය ස්ථානයකි. ඊට හේතුව නම් වප් මාසය මුල්කරගෙන කුඹුරු වපුරා මනා අස්වැන්නක් ලබා ගැනීමට අප සමාජය පුරුදු වී තිබීම යි. එම වප් මාසයේ පුර පසළොස්වක දා බුද්ධ චරිතයේ විශේෂ සිද්ධීන් ගණනාවක් ම සිදු වී ඇති බව පෙනී යයි.
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වී සතියකින් මහා මායා දේවිය මනුලොවින් නික්ම තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා ලෙස උපත ලැබුවා ය. මාතෘදිව්‍ය රාජයාට කෘතුගුණ සැලකීම පිණිස උන්වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවීමට තීරණය කළේ එදා ඇසළ පොහෝ දින ගණ්ඩම්බ නම් අඹ රුක මුල යමා මහ පෙළහර පෑ අවස්ථාවේදී ය. තීර්ථකයන් දමනය කිරීම පිණිස යමා මහ පෙළහර පා වදාළ බුදුරජාණන් වහන්සේ එය අවසන්වීමත් සමඟ ම එකෙනෙහි ම අතුරුදහන් වූ සේක. රැස් වූ පිරිස බුදුරදුන් කොහි වැඩිසේක් දැයි සැරියුත් තෙරුන්ගෙන් විමසූ මොහොතේ එය අනුරුද්ධ තෙරුන්ගෙන් දැනගන්නැයි වදාළේ එහිමියන් තුළ පැවැති උසස් ගුණ ප්‍රකට කිරීමටය. වස් තුන් මස දෙව්ලොව වැඩ සිට වප් පොහෝදා මනුලොවට බුදුරදුන් වඩින බව උන්වහන්සේ වදාළෙන් එතැන් පටන් තුන් මසක් ගතවන තෙක් සැදැහැතියෝ සංකස්ස පුරයේ රැස්ව සිටියහ. වප් පුර පසළොස්වක පොහෝ දින බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට රැස්වූ සියලු දෙනාට පෙනෙන සේ දෙව්ලොවින් මනුලොවට විවර කළ රන් හිණිමගකින් මහ පොළොවට වැඩි සේක. අපමණ දෙව් මිනිසුන් හා බඹුන් විසින් මේ වේලාවේ දී බුදුරදුන්ට පුද පූජා පවත්වන්නට වූ අතර මෙය දේවාවරෝහණ පූජාව නම් වේ.

පවුලේ සාමයට බිරිඳකගේ වගකීම

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අනේපිඬු සිටුවරයාගේ සුජාතා නම් ලේලිය අරබයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. විශාඛා මහා උපාසිකාවගේ නැගණිය වූ සුජාතා සිටු දියණිය අනේපිඩු සිටුවරයාගේ පුතණුවන්ට විවාහ කර දෙන ලදි. එම සිටු දියණිය විවාහ ප්‍රාප්තව ස්වාමියාගේ නිවසට ගිය දිනයේ පටන් එහි සේවක සේවිකාවන් සමගත්, තම ස්වාමි පුරුෂයා සමගත්, නිතර නිතර අඩ දබර ඇතිකරගත්තාය. එක් දිනක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයාගේ නිවසට වැඩම කළ අවස්ථාවක අඬදබර කරන ශබ්දය අසා එයට හේතු කවරේදැයි සිටුවරයාගෙන් විමසුහ.
අනේපිඬු සිටුවරයා සුජාතා නම් තම ලේලියගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළේ ය. අනතුරුව සුජාතාව කැඳවූ බුදුරජාණන් වහන්සේ ඇයට සප්ත භාර්යා සූත්‍රය දේශනා කරමින් භාර්යාවන් සත් දෙනෙකු පිළිබඳ කරුණු පැහැදිලි කොට නිතර අඬදබර කරමින් ඝෝසා කිරීම නොමනා හැසිරීමකැයි අනුශාසනා කළහ. බුදුරදුන්ගේ අනුශාසනය පිළිගත් සුජාතාව තම වරද නිවැරදි කරගනිමින් ආයති සංවරයෙහි පිහිටි අතර, බුදුරදුන් කෙරෙහි ඇතිකරගත් ප්‍රසාදය හේතුවෙන් සෝතාපන්න භාවයට පත් වූවා ය. එක් අනුශාසනයකින් ම තම වරද නිවැරදි කර ගත් සුජාතාව මෙන් ම එක් අනුශාසනයකින් ම සෝතාපන්න භාවයට පත්වීමට උපකාරී වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති විය. එම අවස්ථාවෙහි එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ එයට අදාළව අතීත කථා පුවත ද ගෙනහැර දැක් වූහ.

සුළු වරද අමතක කිරීම

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි මල්ලිකා දේවිය අරභයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. එක් දිනක මල්ලිකා දේවිය හා කොසොල් රජු අතර කිසියම් අර්බුදයක් හටගත්තේය. රජු, තමා සමඟ කෝපයෙන් සිටින බවත්, බුදුරදුන් එය නොදන්නවා විය හැකි බවත් මල්ලිකා දේවිය සිතා සිටියා ය. එහෙත් බුදුරදුන් දෙදෙනාගේ අර්බුදය පිළිබඳ මැනවින් කරුණු දැනගත් අතර දෙමහල්ලන් සමඟි කරවීමට අනුශාසනා කළ යුතුයැයි සිතා පෙරවරු කාලයේ කොසොල් රජුගේ මාලිගය බලා පිඬුසිඟා වැඩි සේක.


රජ මැදුරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පිළිගත් රජු උන්වහන්සේ වඩා හිඳුවා දන් පිළිගැන්වීමට සූදානම් විය. රජුගේ දන් පිළිගැන්වීම වැළක් වූ බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවිය කොහි ගියේදැයි විමසා වදාළහ. බුදුරදුන්ට පිළිවදන් දුන් රජු ඇය දැන් තම ඉසුරුමත් බව නිසා අහංකාර වී ඇතැයි ද ඈ ගැන විමසීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි ප්‍රකාශ කළේ ය. රජු කෝපයෙන් සිටින බව දුටු බුදුරජාණන් වහන්සේ, මහ රජ ඔබ විසින් ම ඇයට සම්පත් පවරා දී, ඇය උසස් තත්ත්වයකට පත්කොට, ඇයගේ යම් වරදක් දුටුවිට එය ඉවසා දරා කටයුතු නොකිරීම වරදක් යැයි පැවසූ සේක.

දානය අතහැරීමට මිස අල්ලා ගැනීමට නොවේ

බුදු හිමි දවස මච්ඡරිය කෝසිය නම් සිටුවරයෙක් සිටියා. අසූ කෝටියක් ධනයට හිමිකම් කීව ද සිටුවරයාගේ ලොබ බැඳි සිත අංශු මාත්‍රයක දෙයක් කිසිවෙකුට ලබාදෙන්ට ඉඩ දුන්නේ නෑ. තමන්වත් කෑවේ බීවේ නෑ. හරියට වස්ත්‍රයක් ඇන්දේ නෑ. ඔහුගේ ධනය රකුසන් අරක්ගත් විලක් වගේ.
දිනක්, මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බලා වදාරණ බුදු හිමියන්ට මේ සිටුවරයාත්, සිටු බිරිඳත් සෝවාන් වීමට තරම් වාසනාගුණ ඇති දෙපළක් ලෙස පෙනුණා.
ඒ, මච්ඡරිය කෝසිය සිටු රාජ සභාවට ගිය දිනයක්. ආපසු සිටු මැදුර බලා එන ගමනේ දී මග අසළ හිඳ කැවුම් අනුභව කරන මිනිසෙක් දුටුවා. සිටුතුමාටද කැවුම් කන්නට ආසා සිතුණා.


කැවුම් පිසීම වියදම් යන වැඩක් යැයි සිතා ආශාව යටපත් කර ගත්තා.ඒ ගැන කිසිවෙකුට කීවේ නෑ. එහෙත් වරින්වර කැවුම් කෑමේ ආශාව ඉස්මතු වුණා. ආශාව වැඩිකමට සිරුර සුදුමැලි වුණා. නහර මතු වුණා. සිතිවිල්ලේ කාලය ගත කළා. සිතින් පීඩා වින්ඳා. සයනයෙහි වකුටු වී නිදන්නට වුණා.


සිටුතුමාගේ වෙනස සිටු බිරිඳට දැනුණා. ඇයත්, සිටුවරයාත් අතර මෙවැනි කතාවක් සිදුවුණා. “හිමියනි, දින ගණනක් සිටම ඔබ වෙනස්වෙලා. අසනීපයක්වත් ද?” “ නැත, සොඳුර, මට කිසිදු අසනීපයක් නොවෙයි.”
“එසේ නම් ඔබට රජතුමාගෙන්වත් කරදරයක් ද? “

අතහැරීම පුරුදු වීම


පරිහරණය කිරීමට නොහැකි නම්, ඉවත දැමිය යුතුයි. ඇතැම් විට අපගේ ගෙවල් සහ කසළ බඳුන් අතර ලොකු වෙනසක් නැත. ගෙදර මුලුවල පරිහරණය නොකරන අපමණ දේ තබාගෙන තිබෙන්නේ අතහැරීමට බැරිකම නිසයි. අතහැරීමට යන විටම අවශ්‍ය වෙයි කියා සිතයි. සියලුම ගෙවල්වල පෘථග්ජන පුද්ගලයන් ජීවත් වන නිසා අස්කිරීමට යන විට අස්නොකළ යුතු බවට තණ්හාව ප්‍රකාශ කරයි. ඒ සඳහා අරපිරිමැස්ම කියමින් ලස්සන වචනයක් ද භාවිත කරයි. ආරක්ඛ සම්පදා යනුවෙන් කුණු ගොඩවල් ගොඩගසා ගත යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා නැත."

කඨීන පින්කමක දී ලැබෙන ප්‍රධාන අනිශංසය සතුටයි. එවැනි කටයුත්තක දී අල්පමාත්‍රයකින් හෝ උදවුවක් ,උපකාරයක් කරනවා නම්, ඒ දිව්‍ය ලෝක, අපාය පිළිගන්න, සංසාරයෙන් එතෙර විය යුතු යැයි සිතන සද්පුරුෂයන් පමණයි.

තාරුණ්‍යයට වගකිව යුතු වැඩිහිටි පරපුර

ජීවිතයෙහි යාම තුනක් ඇති බවට බණ පොතේ සඳහන් වෙයි. බාල අවධිය , තරුණ අවධිය , මහලු අවධිය වශයෙන් එම අවස්ථා තුන හඳුනාගත හැකිි යි. තමා තමාට ආදරේ නම්,තමා තමාට හිතවත් නම්,තමා තමාගේ ජීවිතයේ අනාගත දියුණුව,සැනසිල්ල, අභිවෘද්ධිය පිළිබඳ ව සිතා කටයුතු කර,කායික, මානසික, සාමාජික වශයෙන් පුද්ගලයෙකු ජීවිතයෙහි එක් අවධියකදීවත් ශක්තිමත් විය යුතුයි. ළමා කාලය අපොහොසත් වූවා නම්, තරුණ වයසේ දී හෝ වැඩිහිටි වයසේ දී හෝ එම තත්ත්වයට පත්විය යුතුයි.
ජීවිතයෙහි අවධි තුනෙන් ඉතා ප්‍රබෝධමත්,කායික ,මානසික වශයෙන් ශක්තිමත් වූ වැදගත් අවධිය තරුණ අවධිය යි.අපේ රටේ තරුණ පිරිස සියයට සියයක් ම විශාල ආගාධයකට පත්ව,සියලු දෙනා ම මත් උවදුරට ගොදුරුව , සියලු දෙනා ම මානසික රෝගීන් ව අසහනයෙන් පීඩා විඳින බවට ප්‍රකාශ කළ නොහැකියි. ඉතාම කාර්යශූර, ප්‍රබෝධයෙන් ,උද්‍යෝගයෙන් කටයුතු කරන යෞවන පිරිස් ඕනෑතරම් දැක ගත හැකියි. ඇතැම් තරුණයන් රජයේ හා පෞද්ගලික ආයතන ඉතාම හොඳින් ඵලදායක ආකාරයෙන් කළමනාකරණය කරමින් කටයුතු කරයි.
ඒ අතර යෞවන මදයෙන් මත් ව විකෘති ආකාරයෙන් කටයුතු කරන ඇතැම් පිරිස් ද දැකිය හැකියි. තාරුණ්‍යයේ දී යෞවනයෙන් මත්වීමත් එම වයසෙහි ආඩම්බරකමත් වැඩි වශයෙන් පවතී. තමාගේ හැඩරුව ප්‍රදර්ශනය කිරීමට විශේෂ කැමැත්තක් දක්ව යි. තමන් සියලු දේ දැනුවත් බවට සිතයි.
තාරුණ්‍යයේ මත්වීමත් සමඟ තරුණ සිතේ ශක්තිමත් බවත්, දෑතේ ශක්තිමත් බවත්, අතිපණ්ඩිතකමත්, හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරීමත් , නිසා සියලු සීමාවන් බිඳගෙන යාමට උත්සාහ කරයි. ධර්මානුගත ව ඇසූ පිරූ තැන් නැති තරුණයන් සිතින්, කයෙන්, වචනයෙන් වැරැදි කිරීමට පෙළඹෙයි. වැරැදි මාර්ගය, නිවැරැදි මාර්ගය ලෙස දකින්නට උත්සාහ කරයි. චරිතය සුචරිතය ලෙස දකී. සාර දේ අසාර දේ ලෙස දකී. වැරැදි මාර්ගය නිවැරැදි මාර්ගය ලෙස තර්ක ගොඩනඟමින් වැරැදි මාර්ගයෙහි ම ගමන් කරයි.තමන්ගේ මතයෙහි ම එල්බ ගනී.

Saturday, October 28, 2017

සදහම් දැනුම



භාග්‍යවතුන් වහන්සේගෙන් මෙම පැනය ඇසූ තැනැත්තා සහ මේ ගාථාවේ තේරුම කුමක් ද?
කිංසුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසු සුචිණ්ණො සුඛ මාවහාති
කිංසු හවෙ සාධුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං
පිළිතුර – අලව් යකු විසින් අසන ලදී.

ගාථාවේ තේරුම
මිනිසාට අයත් විය යුතු ශ්‍රේෂ්ඨ ධනය කුමක් ද? සැපය සඳහා පුහුණු කළ යුත්තේ කුමක් ද? රස අතරෙන් මධුර රසය කුමක් ද? ජීවිත පැවැත්ම ශ්‍රේෂ්ඨ යැයි කිවහැක්කේ කුමන පැවැත්මක් අනුව ද?


ප්‍රශ්නය – පුබ්බේ නිවාසානුස්සති ඤාණය යනු කුමක් ද?
පැහැදිලි කරන්න

මෙනෙහි කරන වාරයක් පාසා පින් ලැබෙන කායගතාසතිය

" ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන දැනුම බුදු කෙනෙකුට හැර ලොවේ කිසිවකුට ලබන්නට බැහැ. එතරම් දැනුමක්, දක්ෂ බවක්, ව්‍යක්ත බවක්, උන්වහන්සේ තුළ විද්‍යමාන වුණා. එසේම උන් වහන්සේ සීල තේජසින් , ගුණ තේජසින් , ඥාන තේජසින්, ධර්ම තේජසින්, අසීමිත ව බැබළුණා. ඒ නිසා ම රාජ රාජ මහා අමාත්‍යවරු , ගම් රට වැසි ජනතාව, දෙව් බඹුන් පවා බුදුන් වහන්සේ හමුවට පැමිණ දෙදණ නමා, දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කළා. පුද සත්කාර අපමණ ගලා ආවා. මේ බුදු අසිරිය ගැන පින්වත් සැවො ම හසළ දැනුමක් ඇති කරගන්නට අවශ්‍යය යි."

බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ භාවනා පිළිබඳ ගැඹුරු නුවණින් මෙනෙහි කර අමා මහ නිවන් සුව අවබෝධයෙන් ලැබූ සැනසුම අපමණ යි. අප මහා බෝසතාණන් වහන්සේ ආනාපාන සති භාවනාව පාදක ව ධ්‍යාන උපදවා අරූපාවචර තත්ත්වයට පත්ව අභිඤ්ඤා අනුපිළිවෙළට ලබා ගත්තා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මඟ ඵල ලබා ගෙන සුවිශේෂී බුද්ධ ඥානයන් පහළ කර ගැනීමට භාග්‍ය ලැබුවා.

උන්වහන්සේට අතීත සංසාරය බැලිය හැකි පුබ්බේ නිවාසානුස්සති ඥානය පහළ වුණේ සැදෑ කාලය අවසන් වී මධ්‍යම රාත්‍රිය ආසන්නයේ යි. මධ්‍යම රාත්‍රිය ඉවත් වෙද්දී දිවැස් නුවණ පහළ වුණා.

විචාර බුද්ධිය අර්බුද දුරලයි ( දද්දභ ජාතකය)

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි අන්‍ය තීර්ථකයන් අමතා මෙම ජාතක කථාව දේශනාකොට වදාළහ. සැවැත් නුවර ජේතවනාරාමය අසල සිටි ඇතැම් පරිබ්‍රාජකයෝ විවිධ උග්‍ර වත තපස් රකිමින් ආගමික නිෂ්ඨාවක් අපේක්ෂා කළහ. ඔවුන්ගේ තපස් පිළිවෙත දුටු භික්ෂූන්වහන්සේ එම තපස් පිළිවෙතින් කිසියම් මාර්ග ඵලයක් ලැබිය හැකිදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියහ. භික්ෂූන්ගේ පැනයට පිළිතුරු සැපයූ තථාගතයන් වහන්සේ ‘පොළොව පෙරළේ යැයි’ කියා’ දිවූ සාවා මෙන ්ම ඔවුන්ගේ වත තපස් නිශ්ඵල දෙයකැ’යි දේශනා කළහ.

එම පුවත අසනු රිසි වූ භික්ෂූන් වහන්සේලා සාවා පිළිබඳ අතීත සිද්ධිය ගෙනහැර දක්වා වදාරන මෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඇයැද සිටියහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ එම අතීත පුවත ගෙනහැර දැක්වූ සේක. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ සිංහ රාජයෙකුව ඉපිද එක්තරා පර්වතයක වාසය කළහ.

වැරැදි දිවි පැවැත්ම වැරැදි ලෙස හඳුනා ගැනීම


මහණෙනි, සම්‍යක් වචන නම් කවරේ ද? ඒ දෙවර්ගයකි. එනම් කෙලෙස් සහිත, පුණ්‍යවන්ත වූ කොටසෙහි කර්ම විපාක සහිත යහපත් වූ වචනයක් පවතිනවා. එලෙස ම ආර්ය වූ කෙලෙස් රහිත ලෝකෝත්තර මාර්ගයේත් සම්මා වාචා හෙවත් යහපත් වූ වචන පවතිනවා.

කෙලෙස් සහිත පුණ්‍යවන්ත වූ කර්ම විපාක දෙන සම්මා වාචා නම් මොනවා ද? මුසාවාදයෙන් වෙන්වීම ය. කේලාම් කීමෙන් වෙන්වීම ය. පරුෂ වචන කීමෙන් වෙන්වීම ය. හිස් වචන කතා කිරීමෙන් වෙන්වීම ය. මේ යහපත් වූ වචන හෙවත් සම්මා වාචා කෙලෙස් රහිතයි. පුණ්‍යවන්තයි. උපදි හෙවත් කර්ම විපාක දෙන්නේ වෙයි.
ආර්ය වූ, අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංග වූ සම්‍යක් වචන නම් මොනවා ද? ආර්ය සිත් ඇති, ආශ්‍රව නැති, ආර්ය මාර්ගයේ ගමන් කරන, ආර්ය මාර්ගය වඩන්නා ගේ සිතෙහි සතර ආකාරයක වාග් දුෂ්චරිතයක් වේ නම්, එය දුරු වී වෙන් වී නතර වී මනස සංසිදීමක් ඇත් ද? එය ආර්යයන්ගේ, අනාශ්‍රව ඇත්තන්ගේ ලෝකෝත්තර මාර්ගය තුළ සම්මා වාචා හෙවත් සම්‍යක් වචනයයි.
ඒ භික්ෂුව හෝ භික්ෂුණිය මිත්‍යා වචනයන්ගේ ප්‍රහානයට පත් වේ. එනම් බොරු කීම, කේලාම් කීම, ආදී මිත්‍යා වචනයන් හි ප්‍රහානයට පත් වේ. එමෙන් ම යහපත් වූ වචනයන් උපදවා ගැනීමට වෑයම් කරයි. එම වෑයම ම ඔහුට සම්මා වායාම වේ. එහි මනා වූ සිහිය පවත්වන්නේ, මිථ්‍යා වචන බැහැර කරනවා. සිහියෙන් යුතුව යහපත් වචන උපදවා ගන්නට වෙහෙසෙනවා. උපදවාගෙන වාසය කරනවා. ඒ සතිය ම ඔහුට සම්මා සතිය බවට පත්වෙනවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යන ත්‍රිවිධ ධර්මයෝ ම සම්‍යක් වචනය අනුව ගමන් කරයි.

වායෝ ධාතුව ( ජීවත්වීම, ආරක්ෂාව, විනාශය සලසන වායෝ ධාතුව )

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්ත්වයන් ජාති, ජරා, ව්‍යාධි මරණ ආදී අනේක විධ දුක් වේදනාවන්ට පත්වන්නේ අවිද්‍යාවෙන් නිසා බව දේශනා කළ සේක. එනම් නාම-රූප පිළිබඳ ව අවබෝධයක් නොමැති වීමයි. නාම-රූප යනු පඤ්චස්කන්ධයයි. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්කපවත්තන” සූත්‍රයේ දී “සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් දේශනා කළේ, සියලු සංස්කාර ධර්මයන් දුක් සහගත බවයි.

ලෝකය හා සත්ත්වයා පිළිබඳව යථාර්ථය මැනවින් අවබෝධ කරගැනීමට හැකි වනුයේ මෙම සංස්කාර ධර්මයන් අවබෝධ කර ගැනීමෙනි. සසර සැරි සරන සත්වයා බැඳෙන බලගතු ම බන්ධනය මෙම සතර මහා භූතයන්ගෙන් නිර්මිත පඤ්චස්කන්ධය පිළිබඳ බැදීමයි. සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරන්නේ ත් ආත්මභාව මාරු කරන්නේ ත් දුක-සැප දෙකට භාජනය වන්නේ ත් මෙම බැ¼දීම නිසාවෙනි. මෙම බැ¼දීම වනාහී සත්ත්වයා ග්‍රහණයට හසු කරගන්නා උගුලක් වැනි ය. එයින් බේරීමට මඟක් නොමැත.විශ්වය නිරතුරුව ම වෙනස් වෙමින්, කැකෑරෙමින් පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් සමන්විත ය. මේවා භූතයන් ලෙස හඳුන්වා ඇත්තේ මායාකාර, මිනිසුන් රවටන, අත්භූත ස්වභාවයෙන් යුතු නිසා ය. අත්භූත යමක ස්වභාවය නම් මිනිසුන් බිය කරමින් නැති දෙයක් පිළිබඳ ව මවාපෑමයි. එමෙන් ම මහාභූතරූප ද මිනිසුන් මුළා කරන බව “මහාභූත සාමඤ්ඤානි මහාභූතානි” යනුවෙන් දැක්වේ. එනම් ඒවා තුළ ඇති බිහිසුණු බව යටපත් කරමින් සිත්කලු ස්වභාවයෙන් මිනිසුන් මුලාකිරීමයි. ඒ නිසා ම සත්ත්වයා සතර මහා භූතයන් සමඟ ඇලීම ගැටීම හේතුවෙන් නිරතුරුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට භාජනය වේ.
මෙම සතර මහා භූතයන් පිළිබඳ ව සූත්‍රපිටකයේ මෙන් ම අභිධර්ම පිටකයේ ද සඳහන් ව ඇත. සූත්‍රපිටකයේ “ධාතුවිභංග“ සූත්‍රයේ දී ඉන්ද්‍රිය, අතින්ද්‍රිය ප්‍රතිබද්ධ කොතනක හෝ පවත්නා සැලෙන ස්වභාවය වායෝ ධාතුව ලෙස හඳුන්වා ඇත. එමෙන් ම පිම්බෙන, පුම්බන, රුකුල් දෙන ස්වභාවය ද වායෝ ධාතුව තුළ ඇත.

තේජෝ ධාතුව ( රූපය යම් තැනක ද තේජෝ ගුණය නිසැකව ම එහි ඇත )


තේජෝ ධාතුව නිතර ම පාහේ ඇසට පෙනෙන්නේ එය ඉපදීමට අවශ්‍ය ප්‍රත්‍යයන් ඇතිවිට පමණි. තේජෝ බහුල වූ කල්හි එය ගින්දර නම් වන අතර අවම වූ කල්හි ජලය හා අයිස් දැකිය හැකි ය. එසේ වන්නේ සතරමහාධාතූන් එකකින් එකක් ඉවත් කළ නොහැකි සේ පවතින බැවිනි."

සංඛත සියල්ල දෙයාකාර වේ. ඒ නාමරූප වශයෙනි. නාම රූප යනු, රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පහයි. සත්ත්වයන්ගේ විඤ්ඤාණයන් හැර සමස්ත විශ්වය රූප නම් වේ. වැලිකැටයේ සිට සුවිසල් තාරකාව තෙක් සියල්ලත්, අඳුරු පදාර්ථ හා අවකාශයත් රූප ගණයටම අයත් ය. එසේ වූ විශ්වය තුළ ඒ ඒ අවකාශ තුළ අනන්‍යව පැතිරුණු සිතිවිලි ශක්තීන් හි එකතුව හා ක්‍රියාකාරීත්වය නාම නම් වේ. නාම රූප සැම විටම අන්‍යෝන්‍ය සාපේක්ෂ ය. එනම් ඒවා සැමවිට ම එකිනෙක අපේක්ෂා කරන බැවිනි.
සක්‍රීයව පවතින විඤ්ඤාණයක් ඇති සැම විටම ම එම විඤ්ඤාණය හා සමගම රූපය ද පැවැතිය යුතු ය. එම රූප ඕලාරික හෙවත් රළු හෝ සුඛුම හෙවත් සූක්ෂම හෝ විය හැකි ය. ඕලාරික හා සුඛුම රූප සියල්ලෙහි ම පවත්නා ලක්ෂණ අටකි. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා යන අටයි. ඒ අතරින් මෙහි විස්තර කෙරෙන්නේ තේජෝ ධාතුවයි.
ජීවයක් රහිත බව ධාතු යන්නෙහි අර්ථයයි. එනම් සත්ත්ව පුද්ගල වශයෙන් හැඳින්විය හැකි කිසිවක් නොමැති බවයි. එසේ වූ ධාතු හයක් ඇති බව ධාතුවිභංග සූත්‍රය දක්වයි. තේජෝ ධාතුව විස්තර විභාග කරමින් සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ වදාරන සේක.
“තේජෝධාතුව අජ්ඣත්තික – බාහිර වශයෙන් පවතී. අජ්ඣත්තික තේජෝ ධාතුව යනු තම අභ්‍යන්තරයෙහි පවතින උණුසුම දවන ශක්තිය ස්වභාව කොට පවතින ගතියයි. යමකින් සන්තාපනය, දිරායාම, දැවීයාම සිදු වේ ද යමකින් කන බොන ආහාරපාන ආදිය අවශ්‍ය පරිදි දිරවීම සිදු කෙරේ ද ඊට ද අමතර ව තමා තුළ ඇති මෙහි නොකී උණුසුමක් හා එවැනි ස්වභාවයක් වේ ද එය තේජෝ ධාතු නම් වේ. තම සිරුරෙහි යම් තේජෝ ධාතුවක් වේ ද සිරුරින් පිට යම් තේජෝධාතුවක් වේ ද ඒ සියල්ල ම තේජෝ ධාතුව යැයි කියනු ලැබේ.”

ආපෝ ධාතුව ( විදර්ශනාවට උපකාරී වෙයි )

" ආවේගශීලී මනෝ භාවයන් (රාග, ද්වේශ ආදී) තේජෝ ධාතුව අවධි කරන්නට හේතු වෙයි. මේ ප්‍රභවයන් නිවැරැදි ව තේරුම් ගැනීම ශරීරයේ ආපෝ ධාතුව නිවැරැදි ව සමබර කර ගැනීමට හේතු වෙයි. "

ලෝකයේ ඇසට පෙනෙන, අතට ස්පර්ශවන රළු ස්වභාවයෙන් යුතු සියල්ලක් ම මූලික ධාතු සතරෙන් නිර්මාණය වී තිබෙ යි. ඒ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී මූල ධාතු සතර යි. මහත් වූ ස්වරූපයෙන් ඉන්ද්‍රියයන්ට ගෝචර වන බැවින් මේවා මහා භූත රූප නම් වෙයි.
ආපෝ ධාතුව යම් ප්‍රමාණයකින් අලවන, බන්ධනය කරන, දියරමය, වැගිරෙන, බැඳෙන ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි. ආපෝ ධාතුව තැනට ඔබින සේ ක්‍රියාත්මක වෙයි.
අභිධර්මයේ දී සතර සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනා සතිපට්ඨානය යටතේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. කය පිළිබඳ විදර්ශනා කරද්දී සතර මහා ධාතු වෙන වෙනම ධාතු කොට්ඨාශ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතු යි.
යම්කිසි සමස්තයක් තුළ මේ සත්ත්වයෙක් ය, පුද්ගලයෙක් ය ආදී යම්කිසි සංඥාවක් දීර්ඝ කාලයක් තහවුරුව තිබෙයි. මෙහි එවැනි පුද්ගලයෙක් නැහැ. මෙහි ඇත්තේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ,ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු ආදී ධාතු කොටස් පමණකි.

පඨවි ධාතුව ( අයිති නැති නම් ගැටීමක් කුමටද? )


පඨවි ගතිය පුද්ගල සිත අවිද්‍යාවෙන් වසා තබයි. ඒ නිසා, වැරැදි දේ කිරීමට පෙළඹෙයි. අයිතියක් තිබෙනවා කියා හැඟීමක් ඇතිවෙයි. එහෙත් සියලු දේ වෙනස් වන ලෝකයේ තමාට කියා කිසිදු දෙයක් අයිති නැහැ."
සතරමහා භූතයන්ගෙන් හටගෙන ඇති මේ රූපය පඨවි ධාතුවට අයත් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අභිධර්මය තුළ දී රූපය හැදී ඇති ආකාරය මනාව විස්තර වෙයි.
එහි දී පුද්ගල ශරීරය විසි අටකට බෙදා දක්වා ඇති අතර, මහාභූත රූප ලෙස පඨවි, ආපෝ, තේජෝ, වායෝ දක්වා තිබෙනවා.
‘පඨවි’ ශබ්දය විවිධ අර්ථයෙන් යෙදේ. යම්කිසි දෙයක ඇති තද ගතිය පඨවිය යි. එහි අඩු වැඩි ස්වභාවය, මොලොක් බව, රළු බව හෝ සිනිඳු බව ආදි වශයෙන් ද පඨවි ධාතුව හඳුන්වනු ලබනවා.

දස රාජ ධර්ම සහ සහජීවනය

පාලකයෙකුට, නායකයෙකුට ඉතා සාර්ථකව එම ආයතනයන්, ගම්, ජනපද පාලනය සඳහා අවශ්‍ය ම ගුණධර්ම දහයකි. ඒ දසරාජධර්ම නම් වේ. තමන්ගේ ආයතනය, රට තුළ සමගිය, සාමය, ආරක්ෂාව, සහජීවනය පවත්වාගෙන යාම පිළිබඳ ව නායකයාට විශාල වගකීමක් වේ. පාලනය, යනුවෙන් අදහස් වන්නේ එයයි. පටු සීමා ජාති, ආගම්, කුලභේදය නායකයෙකුට සුදුසු ගුණයන් නොවේ. භේදයකින් තොරව දසරාජ ධර්මයන්ට අනුව නායකත්වය ක්‍රියාත්මක වන්නේ නම්, එතන දියුණුවක් නිර්මාණය වේ.

 එම රාජ ධර්ම මෙසේ ය.

අප්‍රමාදයට ප්‍රමාද නොවෙමු


චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස කළ යුත්තේ අප්‍රමාදී වීමයි. චතුරාර්ය සත්‍යාවබෝධය කියන්නේ විද්‍යාව යි. ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව සැබෑ ම අවබෝධය යි. චතුරාර්ය සත්‍ය අවබෝධය නො වීම නම් අවිද්‍යාව යි. අවිද්‍යාව නම් චතුªරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස කුසල් දහම් දියුණු කිරීමට, අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වන ප්‍රමාදය යි.

ප්‍රමාදය තුළ සිටින පුද්ගලයාගේ ස්වභාවය නම් වර්තමානයේ තමන්ට ලැබු දෙයින් මත් වීමයි. අනාගතය ගැන බොළඳ සිහින ගොඩ නගමින් ජීවත් වීමයි. එසේනම් මේ සත්‍ය අවබෝධ කිරීම පිණිස අප්‍රමාදය ඇති කරගන්නට නම් වර්තමානයේ ලද දෙයින් මත් නොවී, අනාගතය ගැන සත්‍ය ස්වභාවය ම නුවණින් විමසිය යුතු වෙයි.
අප්‍රමාදය ඇතිවන අයුරින් අනාගතය ගැන නුවණින් විමසිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ “දුතිය අනාගත භය” සූත්‍රයේ දී මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, මේ පස් ආකාර වූ අනාගත භය දකින පුද්ගලයා විසින් අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, පත් නොවූ මාර්ගඵල ආදියට පත්වීම පිණිසත්, අත් නොදුටු මාර්ගඵල ආදිය අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නො කළ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කිරීම පිණිසත්, අප්‍රමාදීව කටයුතු කළ යුතු යි.


යටපත් කළ යුතු පාපී සිතිවිලි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
අත්තනා චොදයත්තානං
පටිමාසෙ අත්තමත්තනා
සො අත්තගුත්තො සතිමා
සුඛං භික්ඛු විහාහිසි
අත්තාහි අත්තනො නාථො
අත්තාහි අත්තනො ගති
තස්මා සඤ්ඤමයත්තානං
අස්සං භද්‍රං ව වාණිජො,

“තමා විසින් තමාට ම චෝදනා කරගත යුතු ය. විමසිය යුතු ය. ඒ තැනැත්තා සුවසේ වාසය කරයි” “තමාට පිහිට පිළිසරණ තමා ම ය. එහෙයින් තමන් රැකගත යුතුය”.මෙම වටිනා, උපදේශය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නංගුලක නම් තෙරුන් අරමුණු කර ගෙන ය.


සැවැත් නුවර එක් අහිංසක මිනිසෙක්. ඉණකඩක් ඇඳ නඟුලක් කර තබාගෙන බැළමෙහෙකම් කර ජීවත් වෙයි. දවසක් මේ අහිංසක මිනිසා කුඹුරක් සීසෑමට කුඹුර දෙසට යන විට පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට මුණ ගැසුණි. කිසියම් ගුණයක් ගැන සලකා මෙම අසරණ මිනිසාට පිහිට වීමට කරුණා ගුණයෙන් යුතුව “පින්වත, දුකසේ ජීවත් වනවාට වඩා මහණදම් පුරා ගැනීම නරක ද?”

මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්... (මස්‌ මාංශ අනුභවය - 3)

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...සතර අපායෙන් මිදෙමු' - 58 කොටස

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා 'හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?' කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය. 

මංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස්‌ ගොඩක්‌ දරාගෙනම ඉපදෙමුද? (මස්‌ මාංශ අනුභවය - 4)

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... සතර අපායෙන් මිදෙමු' - 59 කොටස
මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය. 

මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌.... මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්‌ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්‌ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරයට ගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි. 

පිංවත් ඔබගේ දිවට ඵස්‌සය වන ආහාරය මස්‌ මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්‌සනාවට භාරදෙන්න. එවිට ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි. 

මස්‌ මාළුවල නොවෙයි කෙළෙස්‌වල පිළි ගඳෙන් මිදෙන්න (මස්‌ මාංශ අනුභවය - 2) B

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

සතර අපායෙන් මිදෙමු' - 57 කොටස

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. 

ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද, නිර්මාංශද යන්න නොව ඉහත ස්‌වභාවයන් දෙකටම ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්‍ෂාවෙන් මිදී මස්‌මාංශ සහිත රූපයෙන් සදහටම මිදී, ඉපදීම නිරුද්ධ කරගැනීම එකම අරමුණ විය යුතු යෑයි ඔබ දකිනවා ඇත. එය කළ හැක්‌කේ ඉහත තුන් ආකාරයේ බැඳීම, මස්‌ මාළු කෙරෙහි නැතිකරගත්දාකමය. එතෙක්‌ කුකුලෙක්‌, හරකෙක්‌, ඌරෙක්‌, එළුවෙක්‌, මාළුවෙක්‌ වෙනුවෙන් සටන් කරන ඔබ, එම සතුන්ගේ නිදහස කැමති වුවද, ඔබ මරණින් පසු තිරිසන් යෝනියේ ඉපදීමේ ස්‌වභාවයෙන් තවම මිදී නොමැති බව මෙනෙහි කළ යුතුය.

බෞද්ධ පිංවතුන්ගේ ‘ජනප්‍රිය පැනය‘ (මස් මාංශ අනුභවය - I)


වර්තමාන සමාජය තුළ බෞද්ධ ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මාංශ, නිර්මාංශ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය දැඩි දෘෂ්ඨියකට ගෙන සමහර පිංවතුන් තම මතයට විරුද්ධ කාණ්ඩයට එරෙහිව හැසිරෙනවා. කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත් එය මොන තරම් සුන්දර දෙයක්ද?
එවැනි පරිසරයකදී ඔබට වටලප්පමක්,කේක් කැබැල්ලක්, කට්ලට් එකක් අනුභව කරන්න පුළුවන් බියෙන් සැකෙන් තොරව. ඒ වගේම රටේ සිටින හරක්, එළුවෝ, ඌරෝ, කුකුලෝ ගහණය වැඩිවෙලා ඒ හේතුවෙන් හටගත් රෝග කාරක වසංගතයන් මිනිස් ප්‍රජාව විනාශකොට දමන්නත් පුළුවන්. මෙවැනි සමාජයක් සිහිනයක් මිස යථාර්ථයක්නම් වෙන්න බෑ.

මෛත්‍රිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද? (මස්‌ මාංශ අනුභවය 2) A

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.  සතර අපායෙන් මිදෙමු' - 56 කොටස

එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා 'හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?' කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක්‌ පමණ මස්‌ මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස්‌ මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක්‌ කීවොත්, කුකුල් මස්‌ අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස්‌ මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස්‌ මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්‌ථාවලදී දානයට මස්‌ මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක්‌ හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්‌කේ නැහැ.

බුදුරජුන්ගෙන් පාර නෑසු අවසනාවන්තිය III


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... කරුමයක උරුමය සොයා.....

'සතර අපායෙන් මිදෙමු' - 54 කොටස


(ඉකුත් දෙසතිය - කුඩා කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණියද දිවිනසාගනී. භික්‍ෂුක්‌ උතුම් සමාධියෙන් පසුවද්දී මෙසේ සියදිවි නසාගත් දියණියගේ ඊළඟ භවය අරමුණු කරයි. එහිදී අරමුණු වනුයේ නිරයේ ගිනිදැල්ය. එවිට නිරයට වැටීම පිණිස ඇයව ඇද දැමීමට හේතුවූ අකුසලය කුමක්‌දැයි දැනගැනීම පිණිස එම භික්‍ෂුව ඇය සියදිවි හානිකර ගැනීමට පෙර ආත්මය අරමුණු කරයි)

එහෙම අරමුණු කර බලන්න භික්‍ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්‌ව ඉපදුණු ජීවිතයේදී, ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි දුප්පත් පවුලක ඉපදීම, කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම නිසා අහිමිවීම, ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම, පාසල් වයසේදීම මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම, ලාබාල වයසේදීම ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම, කෙටි කලකින් එම පෙම්වතාද සියදිවි නසාගැනීම, සමාජයෙන්, ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන් චෝදනා අපවාද එල්ලවීම,අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම පිණිස කරුණු කාරණා සකස්‌වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ ජීවිතයට පැමිණි දේවල් නොවේ.

බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය - II


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ සතර අපායෙන් මිදෙමු' - 53 කොටස

ඉකුත් සතියෙත් කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණිය ද දිවිනසාගනී)

දැන් ඔබ ඔබට හිතෙන ආකාරයට කර්මය කර්මඵල ගලපාගන්නා ආකාරයට දකින්න උත්සහගන්න, මේ සියදිවි නසාගත් දියණිය කුමන ප්‍රතිසන්ධියක්‌ ලබන්නට ඇති ද කියලා. 

බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය - I

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...සතර අපායෙන් මිදෙමු' - 52 කොටස

අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.

බලාගෙනයි! දුකට පාර කියන ඒජන්තවරු එමටයි.

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.  සතර අපායෙන් මිදෙමු' - 51 කොටස

සිය මංගල උත්සවයේ හැඩවෙන්න මනාල යුවළක්‌ ගන්නා වෙහෙස......? අපි ඉකුත් සටහනේ කථාකළා. දැන් ඔබට තේරෙනවාද ඔබ මේ ලක්‍ෂ ගණන් වියදම් කරලා හැඩ බලන්නේ, සතුටුවෙන්නේ නිරතුරුවම මැරෙමින් උපදින මළකඳක්‌ හැඩ වැඩ කරලාය කියන කාරණය. සම්මුතිය තුළ මේ අර්ථය වෙනස්‌ වෙනවා. නමුත් ධර්මයට අනුව මීට වඩා මෙතන අර්ථයක්‌ නැහැ. ඔබම මේ අර්ථය හොඳින් නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මේ මොහොතේ ඔබේ මංගල ඡායාරූපය හොඳින් බැලුවොත් ඔබට මේ යථාර්ථය වැටෙහෙන්නේ නැහැ. මේ යථාර්ථය දකින්නනම් ඔබේ දෙමාපියන්ගේ මංගල ඡායාරූපය දිහා හොඳින් බලන්න. ඔබට පෙනේවි රූපයේ ඉපදීම, දිරීම, මියයාම හොඳින්ම.

Friday, October 27, 2017

ඔබේ තරුණ ලස්‌සන රුව කවුද රැගෙන ගියේ..


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... සතර අපායෙන් මිදෙමු' - 50 කොටස

ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. 

ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන කාරණයයි. කව්රු කොහොම බැඳුනත් ඔබ බැඳෙන්නේ කරුණු පහකටය කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන කියන කරුණු පහයි. මේ කාරණා පහේ ස්‌වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීමයි. යමක්‌ ස්‌ථිරභාවයේ නොපවතී නම් එතැන ඇත්තේ දුකයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා' කියලා. බුදුරජාණන්වහන්සේ කොතැනකදීවත් දේශනා කරන්නේ නෑ කාමයේ ආශ්වාදයක්‌ නැතිය කියලා. 'කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මහණෙනි, ඒ නිසාමයි සත්ත්වයා මේ තරමටම ඇස, කන, දිව, නාසය, මන, කය කියන ආයතන පිනවන්න උත්සහගන්නේ. ඒ උදෙසා දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. නමුත් පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදය වගේම එහි ආදීනවයකුත් තිබෙනවා. කාමයේ ආශ්වාදය කෙටිය. ඒ උදෙසා විඳින්නට වන ආදීනවය අතිදීර්ඝයි, කටුකයි කියලයි

පඬුර බෙල්ලේ බැඳගන්න ශීලයේ කොඩිය අතට ගන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ දුකට හේතුව වන කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ලාමකයි, තුච්ඡයි කියළා. මේ කාමයන්ගෙන් ආශ්වාදයන්ගෙන් දුරස්‌වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ.

මේ ආශ්වාදයට ඇති ලොල් භාවය නිසාමයි සත්වයා අප්‍රමාණ අකුසල් සිදුකරගන්නේ. ඒ අකුසල්වල ප්‍රතිඵලය තමයි කායිකව මානසිකව ඔබ අත්විඳින දුක පසුතැවීම. මෙය හඳුනාගතහොත් ඔබලාට දේවාල ගාණේa පඬුරු බඳින්න, භාරහාර වෙන්න යන්න අවශ්‍ය නැහැ.

වර්තමානයේ සමහරක්‌ පූජනීය බෝධීන් වහන්සේලාගේ බෝධි අතු භාරහාර සඳහා බැඳපු පඬුරුවලින් පිරිලා, එල්ලපු කොඩිවලින් පිරිලා, දේවාලවලත් එහෙමයි. ඔබේ ජීවිතයට බලපාන ප්‍රශ්න ඔබ හේතුඵලධර්මයන්ට අනුව ගලපාගතහොත් ඔබ නැවත පූජනීය බෝධීන්වහන්සේලාගේ බෝ අතුවල පඬුරු එල්ලන්නේ නැහැ. ඔබට පඬුරක්‌ බඳින්න අවශ්‍යනම් ඊට සුදුqසුම තැන ඔබේම අත හෝ බෙල්ලයි. මොකද ඔබ එහෙම බැඳගතහොත් ඔබට නිරතුරුවම සිහිය පිහිටනවා. ඔබ එය දකින, දකින මොහොතක්‌ පාසාම. ඔබ තුළින් අකුසලයන් සිද්ධවෙන්න යනවිට එය වළක්‌වා ගැනීමට, කළ අකුසල් නැවත නොකිරීමට, නොකළ කුසල් සිදුකරගැනීමට..... මොකද ඔබ පඬුරු බඳින්නේ ඔබට තිබෙන ප්‍රශ්නයක්‌ විසඳාගන්න භාරයක්‌ ලෙසටයි. ඔය ප්‍රශ්න ඇති වුණේ අතීතයේ ඔබ අකුසල් නිසාමයි. ඒ නිසා අනුන්ට භාරවෙලා වැඩක්‌ නැහැ. තමා තමාට භාරවෙන්න ඕනේ. සපථ වෙන්න ඕනේ. අකුසලයෙන් දුරුවෙලා කුසල් වඩනවාය කියලා. ඒ මාර්ගය තුළයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එවිටයි ඔබට අකුසල් යටපත් වෙලා කුසල් ඉස්‌මතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පව යටපත් කරලා පින මතුකරගන්න පුළුවන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියලා කියන්නේ සැපයට කියන තව නමක්‌ය කියලා. සැපය හීනයි කියන්නේ පින හීනයි කියන එකයි. ඉවසීම තිබෙනවානම් තේරුම් ගැනීමට ඉතාමත් පහසු සමීකරණයක්‌ මේක. ඉවසීම නැති තැනදී ඔබ ඔබගෙන්ම පළිගන්නවා. එයත් දිට්‌ඨදම්ම වේදනීය අකුසල විපාකයක්‌. ඔබ අතීතයේ කරන අකුසල්වලට ඔබ විසින්ම වැරදි දෘෂ්ටීන් ඇතිකරගෙන කායිකව මානසිකව දඬුවම් විඳිනවා. වෙනත් කෙනෙක්‌ ඔබට දඬුවම් කරනවා නොවේ. 

ඔබ ඔය දේවාල ගාණේ පිළිසරණ සොයා රස්‌තියාදුවන්නේ පෙර ජීවිතයේදී ඔබ අනුනගේ බලාපොරොත්තු කඩකරලා තිබෙන නිසා වෙන්න පුළුවන්. අනුනගේ බලාපොරොත්තු කඩකරලා අනුන්ව අතරමං කළ නිසා වෙන්න පුළුවන්. ඔබේ මහේශාඛ්‍යභාවයෙන් අනුනට පීඩාකිරීමේ අකුසලයේ ප්‍රතිබිම්බය තමයි ඔබ අත්විඳින්නේ. ප්‍රතිබිම්බය කියන්නේ ඔබම හේතුවෙන් සැදුනක්‌. මේ සෑම දෙයක්‌ම ධර්මානුකූලව බැලුවහම, ඔබට සිතෙන්න ඕනේ, සැප හෝ දුක ගැන සිත සිතා සිටීම නොව, මේ දෙකෙන්ම මිදිය යුතුය කියලා. මිදීමේ මාර්ගයට අවතීර්ණ වීමය කියලා. දුක, සැප දකින, මනින, කිරන, ගණන් හදන මමත්වයේ දැඩිභාවයෙන් මිදීමය කියලා. 

රෙදි කැබැල්ලක බැඳගත් රුපියල් දෙකේ කාසියකින්, පොප්ලින් යාරයකින් මසාගත් කොඩියකින්, දේවාලයේ ත්‍රිශූලය මත ගැටගසන පඬුරකින්, දුකින් මිදීමට හැකි බවට ඔබ තුළ ඇති දෘෂ්ටිය, විචිකිච්ජාව, තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව තුළින්ම ඔබ නැතිකරගත යුතුය. තෙරුවන් වෙත ජීවිතය පූජාකර, ශීලයේ කොඩිය ඔබේ අතට ගෙන, කර්මය කර්මඵල විශ්වාසයෙන් හැකිතාක්‌ පඬුරු දන්දෙමින්, දුකට හඬනා කඳුළු මෛත්‍රියෙන් පිසදාගෙන, සැප ලබන සැබෑම මාර්ගයට අවතීර්ණ වෙන්න. මුලාවූ ලෝකයෙන් මිදී, සතර අපායෙන් නිදහස්‌වූ මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌ වන්න ඔබත් වීර්යය වඩන්න.

2013.10.13  වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

ඵලය ගැන දුක්‌වීම පසෙක තබා හේතුව ගැන සොයන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ සතර අපායෙන් මිදෙමු' - 48 කොටස


බෞද්ධයෙක්‌ වේවා අබෞද්ධයෙක්‌ වේවා කෙනෙක්‌ මියයැමෙන් අනතුරුව දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්‌ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිçsකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන් බ්‍රහ්මයන් වීමට මාර්ගය විවෘතව ඇත. නමුත් බහුතරයක්‌ අතරමග නවාතැන්පොළවල තාවකාලික සැපයන්ට මුලාවී නවාතැන්ගෙන ඇත. පිංවත් ඔබ කුමන ජාතියක ආගමක වුවද ධර්ම මාර්ගයේ නවාතැන් ගෙන නොගෙන අවංකවම වීර්යයෙන්, සතියෙන්, සිහියෙන් හිරිඔතප් දෙක සහිතව පෙරට යන්න, ඔබට බොහෝ දේ හමුවනු ඇත. බොහෝ දේවල් යෑයි සඳහන් කළේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සියල්ලන්මය. සිත ක්‌ෂණයෙන් අනිත්‍යවී ගියද අනිත්‍යවු සිත තුළ මේ ''ලොකු ගොඩ'' ක්‍රියාත්මකව තිබිණි. භවය සඳහා මග වියදම් ඉතිරි කර දෙන්නේ මේ ක්‍රියාත්මක භාවයයි. ඇති වෙමින් නැති වෙන එක සිතකට ඔබට මහාදුකක්‌ හෝ මහාසැපක්‌ උරුමකර දීමේ හැකියාව ඇත. ඔබ කැමැති දෙය ඔබේ කැමැති පරිදි තෝරාගැනීමට ඔබට හැකිය. මේ කැමැත්ත අකැමැත්ත දෙක වගේම ඒ දෙක අඩු තැන ඇති උපේක්‍ෂාව තුළ ද ඇත්තේ අනිත්‍යභාවයට පත්වෙන දුකක්‌ හෝ සැපයක්‌ බව අවබෝධකර ගතහොත් ඔබට ඉහත සියල්ල අවබෝධයෙන් අතහැරෙනු ඇත. මන්ද ඔබ ගොඩම, දුකේ නිර්මාණකරුවන් ලෙස අවබෝධයෙන් හඳුනාගත් නිසාය. 

සැපයෙන් එහා ගිය නිදහස්‌වීමක හිමිකරුවෙකි ඔබ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.

විඤ්ඤාණධාතුවේ ආධිපත්‍යයට නතුවී ජීවත්වන ලෝකයේ බහුතරයක්‌ ජනතාව අදහන ආගම්වල දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කරුවන් ලෙස දකිනවා. එම පිංවතුන් එහෙම කියන එක සාධාරණයි. මොකද එම ආගම්වල ශාස්‌තෘවරුන් ආගම් නායක උතුමන් පූජක උතුමන් බ්‍රහ්ම දිව්‍ය සංඥාවලින් ඔබ්බට ගිය පිංවත් පිරිසක්‌ නොවේ. ඒ නිසා ඒ අය දිව්‍ය සැප රූපී අරූපී බ්‍රහ්ම සැප උපාදානය කොටගත්තා. ඉන් ඔබ්බට යන්න ඒවායේ අනිත්‍ය දකින්න එම පිංවතුන්ට හේතු සකස්‌ උනේ නැහැ. ඉහත සැප කෙරෙහි ඇති කරගත් ඡන්දරාගය නිසා එම පිංවතුන් දිව්‍යතල බ්‍රහ්මතලවල කොටුවුණා හිරවුණා. එහි ප්‍රතිඵලය නැවත භවයක්‌ සකස්‌වීමයි. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වල හිමිකරුවන් වීම. ලෝකයේ යම් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ දෙවියෙක්‌ ළඟට බ්‍රහ්මයෙක්‌ ළඟට යන්න ප්‍රාර්ථනා කරනවා නම් ඔහු ප්‍රාර්ථනා කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් යුත් භවයක්‌. මෙහි භයානක කම වන්නේ මොවුනට ලැබෙන්නේ මිථ්‍යදෘෂ්ටික භවයක්‌ වීමයි. අප බෝධිසත්වයන් වහන්සේද සංසාරයේ අනන්තවත් මිථ්‍ය දෘෂ්ටිකව ඉපදිලා තිබෙනවා. මේ යථාර්ථය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැක්‌ක නිසයි දෘෂ්ටින් හැටගණනාවක්‌ තිබුණ ඉන්දියාවේ මේ සෑම දෘෂ්ටියකටම එහි නිර්මාතෘවරුන්ට කරුණාව, මෛත්‍රීය දැක්‌වුවේ. අපටත් කරුණාව, මෛත්‍රීය දක්‌වන්න උගැන්නුවේ. මේවා ලෝකයේ ස්‌වභාවය. ලෝකයේ බහුතරයක්‌ පිංවතුන් දිව්‍යතල, බ්‍රහ්මතල උපාදානය කරගැනීම සාධාරණයි. මන්ද දිව්‍ය, බ්‍රහ්ම සංඥාවලින් ඔබ්බට ගිය ලෝකය එම පිංවතුන් නොදැක්‌ක නිසා. ඒක එම පිංවතුන්ගේ වරදක්‌ නොවේ. එයත් ජයග්‍රහණයක්‌. නමුත් මේ ජයග්‍රහණයේ ආශ්වාදය කෙලවර වන්නේ දුකෙන්. ඒ ඔවුන් සතර අපායෙන් නොමිදී ඇති නිසා.

Friday, October 20, 2017

විද්‍යාවෙන් නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  සතර අපායෙන් මිදෙමු' - 46 කොටස

භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම.

පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල් හේතුකාරණය වූ සංස්‌කාර හේතුවෙන්, කර්ම ශක්‌තිය, විඤ්ඤාණය කොයි ආකාරයෙන් ද ඕපපාතිකව බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, යක්‍ෂයෙක්‌, ප්‍රේතයෙක්‌, තිරිසන් සතෙක්‌ උපදින්නේ, මව්කුස ඇති කලල රූපයට කොහොමද විඤ්ඤාණය බැසගන්නේ කියලා දැකලා නැහැ. එය පියවි ඇසෙන් දකින්නත් බැහැ. අවිද්‍යාවක්‌ම වූ පෘතග්ජන ලෝකය විසින් 'විද්‍යාව' ලෙසින් හඳුන්වන දෙයටත් බැහැ. ප්‍රඥාවේ විද්‍යාවෙන් පමණයි එය දැකිය හැක්‌කේ. සමාධිය ප්‍රගුණ කළ සිතකින් පමණක්‌ දැකිය හැකි විෂයක්‌මයි. මොකක්‌ද මේ විඤ්ඤාණය කියන්නේ? එහි හැඩය, වර්ණය, ස්‌වරූපය හැසිරීම් රටාව මොකක්‌ද? අපි මේවාට පිළිතුරු දකින්න හරි කැමතියි. 

ලෝකය අයිති කාටද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..සතර අපායෙන් මිදෙමු' - 45 කොටස

භික්‍ෂුවක්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා 'හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?' කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා 'මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?' කියලා. එතකොට ඒ මහත්මයා කියනවා 'හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌ නම් සිදුවුණේ නැහැ'ය කියලා. 'කියලා කියලා දැන් මගේ ප්‍රශ්න කියන්න වෙනකෙනෙක්‌ නැහැ. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් විමසන්නේ? කාගෙන්ද මම පිළිසරණක්‌ පතන්නේ?' කියා ඔහු විමසුවා. හරිම ආවේගශීලී බවකින් නැගෙන ප්‍රශ්නයක්‌.
කාටද මම මේ දුක පිළිබඳ අවනඩුව කියන්නේ? කවුද ලෝකයේ අයිතිකරු? කවුද මේ දුක මට දුන්නේ?

මේ පිංවත් මහත්මයා අසන ප්‍රශ්නයයි.

ඔය කඩුල්ල පැනගන්න ඇයි බැරි?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ. සතර අපායෙන් මිදෙමු' - 44 කොටස

අප මහා පීඩාවක්‌ ලෙසින් ගත් උතුරේ පැවැති දශක තුනක ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ කල්ප ගණන් පීඩා විඳින සතර අපායේ 'ත්‍රස්‌තවාදය' මොන තරම් භයානක වුවත් මිනිසුන් ඒ අතිභයානක තත්ත්වය ගැන නොසිතීම මහා අවාසනාවක්‌. සතර අපායෙන් මිදීමේ සැබෑ මග ධර්මය විසින් හොඳින් එළි පෙහෙළි කර පෙන්වා දී තිබියදීත් සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් නොමිදුනු අවාසනාවන්ත මහත්මයෙකුගේ නොපෙනෙන ලෝකයේ කථාවක්‌ භික්‍ෂුව මෙහිදී සටහන් කරනවා. ඔබගේ හිතසුව පිණිස. සතර අපායේ මිදීමේ ඔබේ උත්සහයට ශක්‌තියක්‌, ධෛර්යයක්‌ ලබාගැනීම උදෙසා. 

දිනක්‌ භික්‍ෂුව හොරොව්පතාන ප්‍රදේශයේ පෞරාණික වනගත ආරණ්‍යයක වැඩසිටියා. එක්‌තරා දිනක රාත්‍රියේ සමාධියෙන් පසුවෙද්දී, රටේ තනතුරක්‌ දැරූ මහත්මයෙක්‌ රෝගීව සිට මියගොස්‌, සතර අපායට අයිති ප්‍රේත ලෝකයේ ප්‍රේත ජීවිතයක උපත ලබා සිටින අයුරු දර්ශනය වුණා. මේ ප්‍රේත මහත්මයාගේ රූපය විකෘති ස්‌වභාවයක්‌ තිබුණේ නැහැ. ඔහු මනුෂ්‍ය ලෝකයේ සිටියදී තිබූ රූපයේ ස්‌වභාවය සහිතවමයි ප්‍රේත ලෝකයේත් සිටියේ.

උතුරේ ත්‍රස්‌තවාදයට වඩා භයානක ත්‍රස්‌තවාදයක්‌ ඔබ ඉදිරියේ ඇත

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  සතර අපායෙන් මිදෙමු' - 43 කොටස

තාවකාලිකව රට තුළ පැවති ත්‍රස්‌තවාදය පරාජය කිරීම හේතුවෙන් රට පුරා එල්ලා තිබූ බැනර්, තොරණ, පෝස්‌ටර්, දැන්වීම්, පිදූ ගෞරව සම්මාන, පැවත්වු ආචාර, ඇතිවු ඝෝෂාව, පුපුරාගිය රතිඤ්ඤා හඬ, දෙස බැලීමේදී වසර 30 ක්‌ තරම් කාලයක්‌ සමස්‌ත ජනතාව පීඩාවට පත්කළ ත්‍රස්‌තවාදය පරාජයට පත්කිරීම හේතුවෙන් ජනතාව මෙපමණ සතුටක්‌ ලැබුවානම්, ඔබට කල්ප ගණන් දුක, වේදනාව, ම්ලේච්ජත්වය, අවිචාරය, ගින්දර, යොධිය සමග දුක්‌විඳීමට සැලැස්‌වූ අතීතයේ ඔබ විඳි සතර අපායේ ත්‍රස්‌තවාදය ඔබ පරාජය කළහොත් මොනතරම් සතුටක්‌ ලබයිද?

ආරක්‌ෂාවීමේ අරුත

මහ රහතුන් වැඩි මග ඔස්‌සේසතර අපායෙන් මිදෙමු' - 42 කොටස

ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ... මේ විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය. 

තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේaශකයන් සරණයනවා. යමකින් පිහිටක්‌ ලැබෙයි කියලා විශ්වාසයක්‌ තිබෙනවා නම් මහා කලුගල් පර්වතයක්‌ යටින් කෝටු කැබැල්ලක්‌ ගහල හරි පිහිට බලාපොරොත්තු වෙනවා. මේ අංශයෙන් ඉතාමත් ප්‍රාථමික ඇදහිලි විශ්වාසයන් ඇතිව සමාජයේ සමහරු ක්‍රියාකරනවා. මේ ආරණ්‍යයේ පිහිටි කඳුගැටය මුදුනේ සිට ඈත පරිසරය දෙස රාත්‍රියේ බලනවිට සිය ගණනාවක්‌ විදුලි ආලෝක ඇසට පෙනෙනවා. ඈත කඳුගැට සිසාරා දැල්වෙන මේ සෑම ආලෝකයක්‌ම දැල්වූ මිනිසුන් සොයන්නේ ආරක්‍ෂාවයි. සත්වයා කාමයට ඇති කැමැත්ත නිසා එය අත්විඳීමට ජීවත්වීම සඳහායි ආරක්‍ෂාව සොයන්නේ. වැඩි කලක්‌ ජීවත්වෙන්න, වැඩිපුර ඇසට, කනට, නාසයට, දිවට, මනසට, කයට ආහාර- ආශ්වාදය අයිති කරදෙන්න. 

Wednesday, October 18, 2017

වෙරළු ගසේ උපාදානය

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්‌බිති කිහිපවරක්‌ උන්වහන්සේ හමුවීමට මා භාග්‍යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක්‌ මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක්‌ ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට ගනු මැනවි! 

(මෙම ලිපියේ පළමු කොටස ඉකුත් සතියේ පළවිය)

මේ බිහිසුනු සිර දඬුවමින් නිදහස්‌ නොවුනහොත්

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..සතර අපායෙන් මිදෙමු' - 41 කොටස

භික්‍ෂුව ඉදිරියට පැමිණි එක්‌ පිංවත් මහත්මයෙක්‌, තමා තුළ තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ගැන විස්‌තරයක්‌ ඉදිරිපත් කළා. 'හාමුදුරුවනේ මා තුළ ඇති ශ්‍රද්ධාව නිසා අලියෙක්‌ ඉදිරියට වුණත් යන්න මට පුළුවන්' කියලා. තමා තුළ වඩවාගත් ශ්‍රද්ධාව මමත්වය, මාන්නය තුළින් මොනතරම් අපවිත්‍රභාවයට පත්කරගෙන තිබෙනවාද?

මෙය මෝහ මූලික ශ්‍රද්ධාවකි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නේ අලි ඉදිරියට යැමට නොවේ. අලියා ඉදිරියට යන්නය කියලා අපව මෙහෙයවන සිත අනිත්‍ය වශයෙන් දැකීමට පුරුදුවීමටය. අලි ඉදිරියට යැමට නම් ඔබ කළ යුත්තේ සත්වෝද්‍යානයට ගොස්‌ ඇත්ගොව්වකු වීමට අදාළ පාඨමාලාවක්‌ හැදෑරීමය. තෙරුවන් සරණ යන්නේ ධර්ම මාර්ගයේ ඉදිරියට යැමටය. වීරයන් වීමට නොවේ. ඔබව වීරයෙක්‌ කිරීමට හදන්නේ මාරයාමය. වීරත්වය ඔබට ආරෝපනය කර සක්‌කාය දිට්‌ඨිය පෝෂණය කිරීම මාරධර්මයයි. භික්‍ෂුව එම පිංවත් මහත්මයාට කියා සිටියේ 'මහත්තයෝ, සිත නැවත ඔවැනි ප්‍රකාශයක්‌ ප්‍රකාශ කරන්න හදනකොට, තමා තමාටම ටොක්‌කක්‌ ඇනගන්න' කියායි. මෙය 'හරක්‌ සිතක්‌' යෑයි සිතන ලෙසයි. යම් හෙයකින් එම මහතා, ඔබ මෝහ මූලික ශ්‍රද්ධාව දරාගෙන වල් අලියෙක්‌ ඉදිරියට ගියානම් එය ඔහුගේ විනාශය වීමටද ඉඩ තිබිණි.

කළණ මිතුරුබවේ - අගය නිමක්‌ නොවේ

                                 මහ රහතතුන් වැඩි මග ඔස්සේ සතර අපායෙන් මිදෙමු - 40
මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩ සිටින්නේ අගනුවරට ආසන්නව පිහිටි ආරණ්‍යයක. මේ ආරණ්‍ය බිමේ වඳුරන් 15 ක පමණ රංචුවක්‌ සිටිනවා. සවස ඇඳිරි වැටීගෙන එනවිට භික්‍ෂුව දුටුවා, මේ වඳුරු රැළ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ, භික්‍ෂුව වැඩ සිටින කුටියට ඉහළින් තිබෙන විශාල ගස්‌ කිහිපය. සවස ඇඳිරි වැටීගෙන එනවිටත්, මේ සතුන් කොළ කමින් හැසිරෙන ශබ්දය ඇසුණා. දැන් රාත්‍රී 8 පමණ වෙලා. පැය දෙකක පමණ කාලයක සිට මෙහෙට හොඳටම වහිනවා. තද සුළඟත් සමග විදුලි කොටනවා. අහස වේගයෙන් ගොරවනවා. මේ සියලු සිදුවීම් සිදුවුවත්, ගසේ වඳුරන් සිටින බවක්‌වත් ඇසෙන්නට නැහැ. ඒ තරමටම මේ සිදුවීම් හමුවේ වඳුරන් නිහඬයි. පුංචි පැටව් බඩේ එල්ලාගත් වඳුරු අම්මලා මේ රංචුවේ සිටියා. සීතල නිසා, ගෙරවිල්ල නිසා පුංචි පැටවෙක්‌වත් කෑගසන්නේ නැහැ. මේ සතුන් සතුටින් මේ දුක විඳිනවා වගෙයි. මනුෂ්‍ය දරුවෙක්‌, වැඩිහිටියෙක්‌ මේ වහින වැස්‌සට, සීතලට, විදුලි කෙටිල්ලට හසුවුනොත් මොනතරම් එයට එරෙහිව ප්‍රතික්‍රියා දක්‌වයිද? ඒත් ඒ සතුනට ඒ දුක ගැන කිසිම හැඟීමක්‌ නැහැ. ප්‍රතිචාරයක්‌ නැහැ.

ක්‍රෝධයේ කළු පැහැය සහ ශීලයේ රන්පැහැය දඹරන් දෙවියා 2

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු' - 39 කොටස

භික්‍ෂුවට පළමු අවස්‌ථාවේදී "දර්ශනය වූ සද්ධන්ත ප්‍රේත ස්‌වභාවයත්, දෙවැනිව දර්ශනය වූ සශ්‍රීක දිව්‍ය ස්‌වභාවයත් කවුරුන්ද යන්න දැන් විමසා බලමු. භික්‍ෂුව මේ කරුණ පහත විග්‍රහ කරනු ලබන්නේ අනුමානයන් වශයෙනි. එය පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම ඔබට භාරය. අවශ්‍යවන්නේ ලෝකයේ ස්‌වභාවය ගැන ඔබ යමක්‌ ඉගෙනගැනීමය. 

අලි ප්‍රහාරයට ලක්‌ වූ ස්‌වාමීන්වහන්සේ එම ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ සවස 6 ට පමණය. ක්‍ෂණිකව ඇති වූ අලි ප්‍රහාරයේදී ස්‌වාමීන්වහන්සේ තුළ බිය, ක්‍රෝධය සහිත ගැටෙන සිතක්‌ අවසාන චුති සිත ලෙසින් සැකසෙන්නට ඇත. අලියා මෙම සිරුර පාපන්දුවකට ගසන්නාක්‌ මෙන් හොඬයෙන් සහ පාදවලින් ගසමින් යම් දුරක්‌ ගෙනගොස්‌ ඇත. උන්වහන්සේ පළමු පහරදීමේදීම ක්‍ෂණිකව අපවත් වී හෝ සිහි මුර්ජා වී නැත. පහරකමින් ක්‍රෝධය, බිය, වෛරය සිතෙන් අත්විඳිමින් සිට අපවත්වීම සිදුවී ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. මෙලෙස දීර්ඝ වේලාවක්‌ දුක දරමින් සිදුවන වේදනාත්මක, බියජනක අපවත්වීමකදී උන්වහන්සේට තමා වැඩූ ශීලය ගැන මෙනෙහි කිරීමට සුදුසු සිහියක්‌ වැඩී නොමැත.

අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය දඹරන් දෙවියා 1

සතර අපායෙන් මිදෙමු' - 38 කොටස

භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි පාවිච්චි කරන්නේ ඒ එකම අඳනය ඇඳගෙන පැන් පහසුවෙලා, ඒ අඳනය වේලාගෙන තමයි නැවත පරිහරණය කරන්නේ කියලා.

මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ නොවන්න

සතර අපායෙන් මිදෙමු' - 37 කොටස
මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි.