Labels

Friday, May 27, 2016

පරිනිර්වාණය හා බැඳුණු වැදගත් ශාසනික සිදුවීම්



අජාසත්ත රජතුමා මගධ රාජ්‍යය පාලනය කරන සමයේ ආසන්න වඡ්ජි ජනපදය ආක්‍රමණය කිරීමට සිත්විය.

චේතනාවේන් පිරිසිදු වෙමු


අපි අප විසින්ම හදාගත් සිරගෙවල්වල ජීවත් වෙමු. මේ සිරගෙවල් හදන වඩුවාත් අපිමයි. ඒවා විනාශ කරන්න පුළුවන් වන්නෙත් අපිටමයි. මේ බව හෙළිකරන්න තමයි බුදුවරු පහළ වන්නේ. උන්වහන්සේලා අපිරිමිත උත්සාහයකින් සිරගෙවල් සිඳ අපටද එම මාර්ගය පෙන්වා දුන්හ.

ඔබ රූපලාවන්‍යාගාරයක්‌ නොව කුණුවෙන සතර මහ ධාතුවක්‌මය


මාගන්දියා නමැති බමුණු පවුලේ දියණිය පංචකල්‍යාණියක්‌. ඇයගේ රූපයෙන් ඇය මත්වෙලයි සිටියේ. ඇයගේ බමුණු පියා මාගන්දියා දියණියව බුදුරජාණන්වහන්සේට යෝජනා කරනවා.

Thursday, May 26, 2016

දන්දුන් පුතුට ගැරහූ මව ප්‍රේතියක් වෙයි


රේවත තෙරණුවෝ තම පාත්‍රයට පැන් ගෙන තමන්වහන්සේගේ අතේ තිබියදීම ඇයට බීමට සලස්වා, එසේ ඇය ප්‍රේතියක්ව ඉපිද දුක්විඳීමට හේතු වූ අකුශල කර්මය විමසයි. එවිට ඇය තම පුතා වූ උත්තර මානවකයා දන් දෙන කල්හි එයට ගැරහීම් ආදී වූ තමා කළ අකුශල කර්මයන්ගේ සියලු තොරතුරු පැවසුවා ය.

දන්දෙන සැමියාට ගරහා ප්‍රේතියක් වූ බිරිඳක්


මේ තැනැත්තිය පෙර ආත්මයේ මාගේ බිරිඳ විය.ලෝභී වූ ඇය මා විසින් භික්ෂූන් දන් දෙන කල්හි අක්‍රෝශ, පරිභව කළාය. භික්ෂූන් වහන්සේට මා විසින් දෙන ඒ දානය මළ මුත්‍ර බවටත්, පාන වර්ග ලේ සැරව බවටත්, වස්ත්‍ර ගිනිදැල් බවටත් පත් වේවායි ඇය ශාප කළාය. එසේ දුෂ්ට සිතින් කළ ඒ පාපී ක්‍රියාවේ ප්‍රතිඵල දැන් ඈ විසින්ම විඳවන්නීය

Wednesday, May 25, 2016

පිරිසුදු සිතින් දන් දෙන්නෝ දෙලොව සැප ලබති


අතීතයෙහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බරණැස ගම් දොරකට වැඩි කල්හි ගම්වැස්සෝ උන්වහන්සේ මහත් ගෞරවයෙන් පිළිගෙන සියලු දෙනා එකතුව බුදුහිමියන්ට දානමාන සකසා පිළියෙල කොට පූජා කළහ.

තමාට වටිනාකමක් නොමැති පුද්ගලයකුට අනුන්ගේ සැපත තුළ සතුටු විය හැකිද ?



ඊර්ෂ්‍යාව පිළිබඳව යම් අවබෝධයක් ඔබ තුළ ගොඩනගා ගත යුතුයි. “ඉස්සා” යනු ඊර්ෂ්‍යාවයි. ඔයා , එයාට ඊර්ෂ්‍යා කරන්න එපා යනුවෙන් බොහෝ අවස්ථාවලදී අපගේ වැඩිහිටියන් උපදෙස් දෙනු ලබයි.

සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද?

ශාසනයේ ආයුෂ අවුරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නොවේ. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පුරාවෘත්තය කෙසේ සිදු වී දැයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදී වසර 2640 ක්ද, බුද්ධත්වයට පත්ව වසර 2605 ක්ද, පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදහස් පන්සිය හැටක් (2560) පමණ වේ. පුරා වසර පන්දහසකින් ශ්‍රී සද්ධර්මය අන්තර්ධානය වන බව පුරාතනයේ සිට පවත්නා සුප්‍රකට ප්‍රවාදයකි.
ඒ අනුව බුදු සසුනේ ආයුෂයෙන් අඩක් පමණ මේ වන විට ගත වී ඇත. තවත් වසර දෙදහස් හාරසිය හතලිහ (2440) ක් පැවතිය යුත්තේය. මෙම ගණන් හිලව් අනුව බු.ව. 5000 හෙවත් රාජ්‍ය වර්ෂ 5543 වෙසක් මස වන විට සම්බුදු දහම අන්තර්ධානය විය යුතුයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සසුන ද අනිත්‍යතාව උරුම කොට ඇත. එහිලා ශ්‍රී සද්ධර්මයම යම් කිසි කලක දී අන්තර්ධානය වීම ධර්මතාවකි. සම්බුදු දහම අවිනිශ්වරයි. එහෙත් එය නියතිවාදයට හෝ වෙනස් නොවන සත් පදාර්ථය යැයි වරදවා ගත යුතු නොවේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුවත් නොවූවත් ධර්මයෙහි පිහිටි බව (ධම්මට්ඨිතතා) ධර්මයෙහි නියම ස්වභාව නැතහොත් (ධම්ම නියාමතා) පටිච්ච සමුප්පාදය (ඉදප්පච්චයතා) ලොව පවතියි. තථාගතයන් වහන්සේලා එය එනම් ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය අවබෝධ කරන සේක. අභිසමය කොට, ප්‍රකට කරන සේක. එම දේශනා පාඨය අනුව සද්ධර්මය අන්තර්ධානය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් කාලයකදී ධර්මය මිනිස් ජීවිතවලින් ඈත්ව යටපත් වී යෑමයි. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වූ කල්හි යටපත් වී ඇති එම ධර්මය ස්වයම්භූ ඥානයෙන් අවබෝධ කොට නැවතත් දේශනා කරන සේක. එම නිසා මෙසේ ධර්මය අතුරුදහන්වීමට කාලසීමාවක් දේශනා කොට තිබේ දැයි විමසා බැලීම වැදගත් වේ.
ශාසනයේ ආයුෂ අවුරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නොවේ. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පුරාවෘත්තය කෙසේ සිදු වී දැයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. ථෙරවාද මහායාන ග්‍රන්ථයන්හි නොයෙක් වර ශාසනායුෂය පිළිබඳ, සාකච්ඡා කොට ඇති බව පෙනේ. එසේ වුවත් තීරණාත්මක නිශ්චිත විවරණයක් එම සාකච්ඡාවන්හි අන්තර්ගත නොවේ. මෙම මතය ගොඩනැගීමට හේතු වූ පසුබිම ත්‍රිපිටකාගත සූත්‍රයන්හි සඳහන්ය.
ආනන්දයෙනි, මාගම (කාන්තාව) ගිහිගෙන් නික්ම තථාගත සාසනයෙහි පැවිදි නොවූයේ නම්, මේ සසුන් බඹසර දීර්ඝ කාලයක් පවතින්නේය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පවතින්නේය. ආනන්දයෙනි, යම් හෙයකින් මාගම ගිහිගෙයින් නික්ම තථාගත සාසනයෙහි පැවිදි වූයේද එහෙයින් දැන් මේ සසුන් බඹසර දීර්ඝ කාලයක් නොපවතින්නේය. දැන් කාන්තාව පැවිදි වූ තැන් පටන් පන්සිය වසක්ම ශාසන සද්ධර්මය පවතින්නේය.
වර්ෂ දහසක් පවත්නා සද්ධර්මය මාගමුන් පැවිදි කිරීම හේතුකොට හරි අඩක් එනම් වර්ෂ පන්සියයක් දක්වා අඩු වන්නේය යන දේශනාව හුදෙක් සද්ධර්මයාගේ ආයුෂ ප්‍රමාණය නිශ්චය කිරීමක් නොවේ. උපමාවක් පමණයි. ඒ බව ගෝතමී සූත්‍රය කියවා බැලීමෙන් මනාව ප්‍රකට වේ. ඉහත පාඨය අර්ථකථනය කරන අටුවාචාරි බුද්ධඝෝෂ තෙරුන් වහන්සේ .
“තේසු අප්පඤ්ඤත්තේසුපි මාතුගාමස්ස පබ්බජිතත්තා පඤ්ච වස්සසතානි සද්ධම්මො, තිට්ඨෙය්‍ය පටිගච්චෙව පඤ්ඤත්තතා පන අපරානිපි පඤ්ච වස්ස සතානිතීති එවං පඨමං වුත්තං වස්සහස්සමෙව ඨස්සතීති වස්සහස්සන්ති චෙතං පටිසම්භිදාප්පභෙදප්පත්ත ඛීණාසව වසනේව වුත්තං තතො පන උත්තරිම්පි සුක්ඛ විපස්සකඛීණාසව වසෙන වස්සසහස්සං අනාගාමී වසෙන වස්සසහස්සං, සකදාගාමී වසෙන වස්සසහස්සං සොතාපන්නවසෙන වස්සසහස්සන්ති එවං පඤ්ච වස්සසහස්සානි පටිවෙධ සද්ධම්මො ඨස්සති. පරියත්ති ධම්මොපි තානියේව, න හි පරියත්තියා අසති පටිවෙධො අත්ථී නාපි පටිපත්තියා සති පටිවෙධො න හොති ලිංගම් පන පටිපත්තියා අන්තරහිතායපි චිරම්පවත්තිස්සතීති” යි පවසති.
ඒ අනුව මුල වසර දහස (1000) තුළ දී සිව්පිළිසිඹියා (අත්ථ– ධම්ම, නිරුක්ති, පටිභාන) ලාභි රහතන් වහන්සේ ඇති වන බවත්, ඊට අනතුරු වසර දහස තුළ දී සුක්ඛ විපස්සක රහතන් වහ්නසේලා, ඊට අනතුරු වසර දහස තුළදී අනාගාමී මාර්ගඵලලාභීන්ද, ඒ තත්ත්වයද, අතුරුදහන් වී ඊට අනතුරු වසර දහස තුලදී සකෘදාගාමි මාර්ගඵල ලාභීන්ද, ඒ තත්ත්වයද පිරිහී ඊට අනතුරු වසර දහස තුළදී සොතාපන්න මාර්ගඵලලාභීන්ද සිටියි. මේ ආකාරයෙන් ප්‍රතිවේද සද්ධර්මය පන්දහසක් කල් පවතින්නේ ය. පර්යාප්ති සාසනය ද ඒතාක්ම පවතින්නේය. පර්යාප්ති නැති කල්හි ප්‍රතිවේධයද නැත. එසේ වුවත් පර්යාප්ති ශාසනය අතුරුදහන් වීමෙන් පසුවද ශාසන ලිංග අන්තර්ධානය බොහෝ කාලයක් පවතින්නේ ය. (මේ ත්‍රිවිධ ශාසනය මතු දැක්වෙයි) අටුවාචාරි බුද්ධඝෝෂ හිමියන්ගේ මෙම විවරණය හේතු කොට ශාසනයේ ආයුෂ පන්දහසක් කල් පවතීය යන ප්‍රවාදය ගොඩනැගීමට ඉවහල්වන්නට ඇතැයි සිතිය හැකිය. මේ පිළිබදව තවදුරටත් විමසා බලමු.
හුදෙක් මේ මතය බුද්ධඝෝෂ හිමියන්ගේම නොවේ. බුද්ධඝෝෂ හිමියන් මහත් ආදර ගෞරවයෙන් සැලකු ක්‍රි.ව. 1 සියවසට අයත් ‘මිලින්ද ප්‍රශ්නයේ” ද සද්ධර්ම අන්තර්ධාන ප්‍රශ්නය සාකච්ඡා කොට ඇත. එහි වර්ෂ පන්දහසක කථාව නැතත් වර්ෂ දහසක් තුළ දී අධිගම අන්තර්ධානය ප්‍රතිපත්ති අන්තර්ධාන හා ලිංග අන්තර්ධානය පිළිබඳව කථාව ඇත. මෙම ත්‍රිවිධ අන්තර්ධානය පස්වැදෑරුම් ආකාරයකට වර්ධනය කොට දීර්ඝ විස්තරයක් මනෝරථපූරණී නම් අංගුත්තරනිකායට්ඨ කථාවේ ඒකක නිපාත වර්ණනාවේ දශම වර්ගයේ ඇතුළත් වේ.
මහාචාර්ය එතියල් ලාමොත් මහතා විසින් ථෙරවාද මහායාන ග්‍රන්ථ මූලාශ්‍ර කොට ශාසනාන්තර්ධානය විවිධ වර්ෂ ප්‍රමාණ අලලා ලියන ලද අගනා ලිපියක් ධාරා සඟරාවෙහි ඇත. ඒ මතයන්ද ඉදිරිපත් කරමින් මේ කරුණු ගැන සාකච්ඡා කිරීම වැදගත් වේ. ඒ අනුව ශාසනයේ ආයුෂ ප්‍රමාණය වර්ෂ 1000 ක් වශයෙන් විභාෂා ග්‍රන්ථයෙහි දක්වා ඇත. එම සංඛ්‍යාව, “අධිගමය” හා සම්බන්ධව නිවැරදි වෙතත්, සද්ධර්මයාගේ ආගම මීට වඩා දීර්ඝ කාලයක් පවතින බව අභිධර්ම කෝෂය පැහැදිලි කර ඇත. අභිධර්ම කෝෂයට අනුව යමින් කාශ්‍යප සංගීති සූත්‍රය, මූල සර්වාස්තිවාදි විනය, අශෝකාවදානය, නාගර්ජුනපාදයන්ගේ මාධ්‍යමික ශාස්ත්‍ර හා උපදේශ යන ග්‍රන්ථයන්හි ද එම වර්ෂ ප්‍රමාණ පිළිගෙන ඇත. කරුණා, පුණ්ඩරීක, මහාසන්නිපාත, මහාමායා වැනි මහායාන සූත්‍රයන්හි වර්ෂ 1500 කින් පසු ශාසනය අතුරුදහන් වන බව සඳහන් වේ. මේ මතය මිලින්ද ප්‍රශ්නයේද පිළිගෙන ඇති බවට අනුමාන කරන බව මහාචාර්ය එතියල් සඳහන් කළත් එය අපට පිළිගැනීමට නොහැකිය.
චන්ද්‍රගර්භ සූත්‍රයේ වර්ෂ 2000 කින්ද මහාසන්නිපාත සූත්‍රයෙහි වසර 2500 කින් ශාසනය විනාශ වන බව අන්තර්ගතය. මහාසන්නිපාත සූත්‍රයෙහි වර්ෂ 2500 ක් දක්වා ඇත්තේ ශත වර්ෂ පහේ යුග පහක් වශයෙනි. ඒ අනුව පළමු වන වසර පන්සීයේ යුගයේදි භික්ෂූන් වහන්සේලා හා අනිකුත් අය අප්‍රමාද බලයෙන් යුක්ත වෙති. එනම් සත්‍යාභිෂමය ලබන්නෝ වෙති. දෙවැනි වසර පන්සීයේ දී සමාධි – ධ්‍යාන බලයෙන් යුක්ත වෙති. තෙවැනි වසර පන්සීයේ දී ශ්‍රැතියෙන් බලවත් වෙති. සිවුවැනි වසර පන්සීයේ දී විහාරාරාම ගොඩනැඟීමේ බලවත් වෙති. පස්වැනි වසර පන්සීයේ දී කලහ විවාදාදියෙන් බලවත් වන අතර බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ක්‍රම ක්‍රමයෙන් අතුරුදහන් වන බව එම සූත්‍රයේ සඳහන්ය.
සමන්තපාසාදිකාව, සුමංගලවිලාසිනී, අත්ථසාලිනී, මනෝරථපූරණි ආදි අටුවාවලත් මහාවංශය (3 පරිච්ඡේදය) වැනි පාලි වංශ කථාවලත්, රසවාහිනී, සහස්සවත්ථුප්පකරණ,සද්ධර්මාලංකාර ආදි කෘතිවලත් ශාසනායුෂය වර්ෂ 5000 ක් යන මතය ඉදිරිපත් කොට ඇත. අටුවාචාරී බුද්ධඝෝෂ තෙරුන්ගේ පාලි සමන්තපාසාදිකාවේ වසර 5000 ක් වුවත් චීන සමන්තපාසාදිකාවේ එම වර්ෂ ප්‍රමාණය 10000 ක් දක්වා දීර්ඝ කොට ඇත. තවද හය වන සියවසේ පටන් චීන ගවේෂකයෝ සාසනය අතුරුදහන්වීම සද්ධර්ම අන්තර්ධානය ,පතිරූපක ධර්ම අන්තර්ධානය හා පශ්චිම ධර්ම අන්තර්ධානය යනුවෙන් කොටස් තුනකට වර්ග කොට ආයු ප්‍රමාණය වර්ෂ 12000 ක් දක්වා වර්ධනය කරයි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා “චුල්ලවග්ගය බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු සියයකට පමණ පසුව රචනා කරන ලද්දකි. ඒ කාලයේ බෞද්ධයන් අතර මෙබඳු අදහසක් පිළිගෙන තිබුණු බවට සැකයක් නැත. මේ පිළිබඳව අර්ථ කථනයක් කරන බුද්ධඝෝෂ හිමි (5 වන සියවස) භික්ෂුණීන් අෂ්ට ගරුධර්ම පිළිගත් නිසා සද්ධර්මය අවුරුදු දහසක්ම පවතින බව කියයි. ක්‍රි.ව. 5 වන ශත වර්ෂයට එහා මෙහා හරියේදී ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ විශේෂයෙන් මහා විහාර සම්ප්‍රදායේ පිළිගැනීම වී තිබෙන්නේ සද්ධර්මය අවුරුදු දහසක් පවතින බවයි. මේ කාලය බුද්ධ පර්නිර්වාණයෙන් සිට විය යුතුයි පවසයි.

මේ ශාසනයේ මාගමුන් පැවිද්ද නොලැබුවේ නම් සද්ධර්මය දීර්ඝ කාලයක් වර්ෂ දාහක් පවතින්නේය. එහෙත් දැන් මාගමුන් පැවිද්ද ලබා ඇති නිසා මේ සද්ධර්මය දිගුකලක් නොපවතින්නේය. වර්ෂ පන්සීයක් පමණ පවතින්නේය. යන මේ පාඨය චුල්ලවග්ග පාලියේ පමණක් නොව අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රය ආදි තැන්වල ද තිබේ. එසේම ශාසන විනාශ වීමට බලපාන විවිධ දේශනාවන් ත්‍රිපිටකයේ බහුලව ඇත. එම නිසා ඉහත චුල්ලවග්ගපාලිය ආදි කොට ඇති දේශනා හා අන්‍ය දේශනා අතර පවත්නා සමවිෂමතා හේතු කොට පෙර’පර දෙදිග පඬිවරුන්ගේ විවිධ මත දක්නට ලැබේ’. ඒවා මෙවන් ලිපියකින් විචාර පූර්ව අධ්‍යයනයක යෙදීම අපගේ වෑයම නොවේ. කෙසේ වුවත් ඉහත දැක්වූ ආකාරයට සාසන අන්තර්ධානයේ ඉතිහාසය ඇරඹෙන්නේ බුද්ධ දේශනාව පදනම්කොට ගෙනයි. එහෙත් අසවල් වර්ෂ ප්‍රමාණයන් අනුව ශාසන අන්තර්ධානය සිදුවේ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැත



රත්මලානේ ආදර්ශ නගරයේ 
ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ 
හෑගොඩ විපස්සි හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 21 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

කටුමැටි ගෑ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලෙයි



ශරීරය සහ ජීවිතය යනු දෙකක් මිස එකක් නොවන බව ඔබ අවබෝධ කරගන්නේ නම් මෙම සමාජය කොතරම් සුවදායක වනු ඇතිද ජීවිතයක පවතින්නාවූ සොඳුරු බව හා වටිනාකම ශරීරය තුළ නොමැත.

ධාර්මික ධනෝපායනය හා ධනය විනාශ වන අයුරු


අප තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරන ඒ අසිරිමත් මොහොතයි මේ. අප සියලු දෙනාටම පෙර කරන ලද මහා පුණ්‍ය කර්මයක බල මහිමය නිසා මේ උතුම් මොහොතේ මිනිස් ලොව ඉපදී ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ඒ ධර්මයට අනුව අපගේ ජීවිත හැඩ ගස්වා ගැනීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෞකික හා ලෝකෝත්තර යන උභය දියුණුව සලසා ගන්නා හැටි අපට දේශනා කළා.

බුදුන් වහන්සේගේ ලොව පහළවීම


තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම අතිශය දුර්ලභ සිදුවීමකි. එබැවින් ම බුද්ධෝත්පාදය අසිරිමත් ය. බුදුන් වහන්සේ තුළ පැවති අසීමිත බුද්ධ ගුණ අසන විට මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් තුළ පවා බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත වී ඇති බව පෙනේ. දෙව්මිනිසුන් වසඟ කළ මේ අපරිමිත ගුණ සමුදාය මනුෂ්‍යයකු තුළ කෙසේ නම් පහළ වීද යනු අප විසින් විමසා බැලිය යුත්තේ අප ද බුදුමග යන්නවුන් නිසාය.

Tuesday, May 24, 2016

මහා ධාතු පරිනිර්වාණය


තථාගතයන් වහන්සේගේ පහළවීම ප්‍රඥා ඇස පහළ වීමයි. ප්‍රඥා ලෝකය පහළ වීමයි. මාර්ග ඵලයන්ගේ පහළ වීමයි. රහතන් වහන්සේගේ පහළ වීමයි. “බුද්ධෝ හවේ කප්ප සතෙහී දුල්ලභෝ” බුදුවරු කල්ප සියයකටත් දුර්ලභයි. ඉතින් ඒ සෑම බුදුරජාණන් වහන්සේගේම අසිරිමත් උපත, සම්බුද්ධත්වය, පරිනිර්වාණය සිදුවන්නේ වෙසක් පුන් පොහෝ දිනයකදී ය.

තථාගත ධර්මය විනිවිද දකින පටිච්ච සමුප්පාදය


අවිද්‍යාව ප්‍රත්‍යය කොට සංස්කාර ඇතිවේ. සංස්කාර ප්‍රත්‍යය කොට විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාමරූප ඇතිවේ. නාමරූප ප්‍රත්‍යය කොට සළායතන ඇතිවේ. සළායතන ප්‍රත්‍ය කොට ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය ප්‍රත්‍යය කොට වේදනා ඇතිවේ. වේදනා ප්‍රත්‍යය කොට තෘෂ්ණාව ඇතිවේ. තෘෂ්ණාව ප්‍රත්‍යය කොට උපාදාන ඇතිවේ. උපාදාන ප්‍රත්‍යය කොට භවය ඇතිවේ. භවය ප්‍රත්‍යය කොට ජාති හෙවත් ඉපදීම ඇතිවේ. ජාතිය ප්‍රත්‍යය කොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවේ. මෙසේ සියලු දුක් රාශියේ හට ගැනීම වේ.”

මහා කරුණාවෙන් ලොව සැනසූ සම්බුදුරජාණෝ

1000 - ලිපිය  









“ඒක පුග්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ
උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය
ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය
දේවමනුස්සානං, කතමේ ඒකපුග්ගලෝ
තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝති”

මහණෙනි, එක් පුද්ගලයෙක් ලොව උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක්දයත් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ අසිරිමත් උතුම් මනුෂ්‍ය රත්නය විසින් තම කරුණා ගුණය මතු කරමින් ලොව සුවපත් කළ අයුරු මෙම දේශනාවෙන් විස්තර කරමු.

Monday, May 23, 2016

නිවැරැදි දැක්ම






















අනන්ත වූ සංසාර දුකින් පෙළෙන සකලවිධ සත්ත්ව සමූහයාගේ හිතසුව පිණිස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් ගවේෂණය කොට එළිදරව් කරන ලද ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හෙවත් මධ්‍යම ප්‍රතිපදාවේ පළමු අංගය සම්මාදිට්ඨියයි. නිවැරැදි දැක්ම ලෙස

අමා සුව ලබාදෙන නිවන් සුව


ප්‍රාග් බෞද්ධ යුගයට අයත් දඹදිව, මෝක්ෂය හෙවත් නිවන පිළිබඳ විවිධ විශ්වාස ගොඩනැඟී තිබුණි. එම විශ්වාස ගොඩනැඟී තිබුණේ ලෞකික හේතු සාධක ගොඩනඟා ගැනීමෙනි. මෝක්ෂය සම්බන්ධව බ්‍රාහ්මණ සම්ප්‍රදායයේ පඬිවරු ‘බ්‍රහ්මයා සමඟ එකට එකතු වීම, මෝක්ෂය ලෙස සැලකූහ.

සසල සිත නිසල කරන භාවනාව


බ්‍රහ්ම, දිව්‍ය, මිනිස්, අසුර, පේ‍්‍රත, තිරිසන්, නරක යන පැවතුම් වලට වැටෙමින් සසර සකස් වන්නේ පුද්ගල සන්තානයේ සැකසෙන චේතනාමය විචිත්‍රත්වය අනුවයි. සිතේ නියාමය එයයි. හැම සසර පැවැත්මක් ම යම් ආකාරයක ඉන්ද්‍රිය අත්දැකීම් ක්‍රමයකි.

උපසම්පදාවේ ඇති ශාසනික වැදගත්කම



බෞද්ධ සම්ප්‍රදාය තුළ ගිහිගෙයින් නික්ම නිර්වාණගාමී ප්‍රතිපදාවට පත්වන තැනැත්තා පැවිද්ද හා උපසම්පදාව ලැබිය යුතු ය. පැවිද්ද හෙවත් ‘පබ්බජ්ජාව යනු අගාරික ප්‍රතිපදාවෙන් මිදී අනගාරික ප්‍රතිපදාවට පත්වීමේ දී භික්ෂුත්වය ලැබීමට පෙර ඒ සඳහා කායික මානසික හැඩගැස්මක් ඇති කරගන්නා කාලයයි. සාමණේර පැවිද්ද මැනවින් ආරක්ෂා කළ පසු උපසම්පදා ශීලයෙහි පිහිටිය හැකිය.

Saturday, May 21, 2016

ඒ අසිරිමත් මැදුම් පිළිවෙත


ලෝ වැසියන් නිබඳව ම විවිධාකාර වූ අන්තවාදී අදහස්වල එල්බ සිටින බව බුදුදහම පෙන්වාදෙයි. බැතිමත්හු ආගමික ව අන්තවාදී වෙති. ඔවුහු තම තමන් පිළිගන්නා තම තමන් අදහන විශ්වාස කරන ආගමික මතයෙහි ම එල්බගෙන සිටිති. ඉන් බැහැරව නො සිතති. බොහෝ විට සාමාන්‍ය පොදුජනයා අතර මෙවැන්නෝ සුලබ වෙති. තර්ක විතර්ක වාද විවාදයෙහි දක්ෂ බුද්ධිමත්හු දාර්ශනික අන්තවාදියෝ වෙති.

සසර සයුරෙන් එතෙර වෙමු


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“අනෙකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි
පුන ගෙහං න කාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛයමජ්ඣගා”
පින්වත්නි,

Friday, May 13, 2016

අනාගතය බාරගන්නා වූ ශි‍්‍ර ලාංකික තරුණයා හා තරුණිය සිතන අයද



අප ආරම්භයේ සිටම මහ පොළොවෙහි පෑගෙන්නාවූ ඇත්තත් සමඟ බලන විට වෑයම් කරනු ලබන්නේ දරුවන් උගතුන් කරන්නටද උගතුන් කරන්න උත්සාහ කිරීම සහ බුද්ධ්මතුන් කරන්න උත්සාහ කිරීම යනු පැහැදිළි්වම දෙකක් මිස එකක් නොවේ. උගතුන් කිරීම සහ බුද්ධිමතුන් කිරීම යන දෙක පටලවාගන්නේ නැතිව නිර්වචනය කරගන්නේ කෙසේද උගත් කිරීමයි බුද්ධිමත් කිරීමයි අතර විශාල වෙනසක් තියෙනවා. උගතා සහ බුද්ධිමතා යනු දෙදෙනෙක් මිස එක් අයකු නොවේ. උගත් කමින් කළ හැකි දේ බුද්ධ්යෙන් කළ නොහැකියි.

අම්මලා දුක් ගත යුත්තේ පුතුන් බුද්ධිමතුන් කරන්නයි


දරුවන් බුද්ධ්මතුන් බවට පත්වූවා නම්, පින්තූරය හෝ දාන් ලෑල්ල හෝ තාරාවන් පිළිබඳව පමණක් නොවේ, මුළු ලෝකය පිළිබඳවම සිතාවි. අම්මාට දුකක් දැනෙන විට දුක හිතේවි. තාත්තාට බරක් දැනෙන විට එම බරෙන් කොටසක් දරුවාටත් දැනේවි. අම්මා දරුවන් කුසින් බිහි කරන විට විඳින්නාවූ ෙවිදනාව ඔවුනටත් ඇයටත් පසුකාලයකදී දැනේවි. තාත්තා අප පෝෂණය කිරීමට දැරෑ වෑයම ඔහුටත් ඇයටත් පසුකලෙක දැනේවි. ගහක වටිනාකම දැනේවි.

මෙත්තිකා මහරහත් තෙරණින් වහන්සේ

ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ උත්තරීතර වූ සම්බුදු සසුනින් නිවී සැනසුනු උතුමෝ කෙතරම් භාග්‍යවන්තද පේ‍්‍රත, තිරිසන්, අසුර, නරකය යන සතර අපා දුකින් නිදහස්ව දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආදි කාමභෝගී ජීවිතවලින් වියුක්තව සසරට කිසිදු ඇලීමක් නැත්තා වූ රහත්භූමියේ ස්පර්ශ ලාභය ලද්දාවූ මෙත්තිකා මහරහත් තෙරණියෝ ගෞතම බුදුහදවතින් උපන්” උත්තමාවියක වූවාය. උන්වහන්සේ පිළිබඳ අනන්ත ගුණ සිහිකරමින් සිත පහදවා ගනිමු.
මෝ තොමෝ පෙර බුදුරජාණන් වහන්සේ ගේ කාලවල කරන ලද පින් ඇත්ති සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ගෘහපති කුලයක උපත ලැබුවාය. ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් සමන්විත වූ ඇය සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදී උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන් කොට ගොඩ නඟන්නා වූ මහා ස්තූපයම ස්වකීය මේවලාදාමය සැදැහැ සිතින් යුතුව පූජා කළාය.

යහපත් ජීවිතයකට සිත පාලනය කරගන්නේ කෙසේද


බක් අමාවක පෝදා අප කතා කළ භාරද්වාජ සූත්‍ර දේශනාවේ, මීළඟට සඳහන් කළා තමන්ගේ සොහොයුරිය දෙස දකිනවා, සිතනවා වගේ ඒ සොහොයුරියගේ වයස් ප්‍රමාණයේ පසුවන සියලු සෙහොයුරියන් කෙරෙහි එවැනි සිතකින් ම දකින්න බලන්න.

අචල සිතක උපදින කුසල සිත


මෙලොව උපදින, මිනිසත් බව ලැබූ බෞද්ධ අනුගාමිකයින් වෙසෙසින් ම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ මාවතේ පියනැගීමට වෙහෙසෙති. ඔවුන්ට බුදුරදුන් විසින් දේශනා කර ඇති අවවාදයක් වන්නේ පව්කම්වලින් වැළකී පින්දහම් කරන ලෙසයි. එයට හේතුව නම් කුසල් යනු දෙලොව යහපතට හේතුවන යහපත් වැඩ නිසාවෙනි. උන්වහන්සේගේ එකී දේශනාව නම්,
සියලු පාපයන්ගෙන් මිදෙන්න, කුසල් දහම් වැඩිදියුණු කරන්න. සිත මනාව දමනය කරගන්න, මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි යන්නය. මෙහි දී කුසල සිතක් උපදවා ගන්නේ කෙසේද කුසල සිතක ඇති විශේෂත්වය පිළිබඳ කරුණු ගොනුකෙරේ. අප පෘථග්ජනයින් ය.

දහම තුළින් පිළිබිඹු වන ශාස්තෘත්වය


මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යි. භව කතරේ අතරමංව භයානකව දුක් පීඩා කරදර බාධකවලින් වෙලී මහත් සේ දුකට පත් සත්ත්වයාට නො වරදින ඉතා පැහැදිලි ධර්ම මාර්ගයක් වදාළේ තථාගතයන් වහන්සේ යි. උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට සිත යොමු කිරීමටත්, ඒ ධර්ම කරුණු

ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා



අප ජීවත් වන කාලය තුළ විවිධ දේ සිදු කිරීමට පෙළඹී සිටිමු. ජාති, ආගම්, කුල මල, ආදි විවිධ අංශයන් ඔස්සේ ඒවා විවිධ විෂම වනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කළ කුමන දේ කළද බුදු දහමට අනුව ඒ සියල්ලම කොටස් දෙකකින් යුක්ත වනු ඇත. කුසල් – අකුසල් , පින්, පව්, හොඳ – නරක ආදී වචන වලින් එය හැඳින්වීමට පුළුවන.

සම්බුදු අසිරිය



වෙසක් පුර අටවක පෝදා දම් දෙසුම

එක පුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො
උප්පජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය,
ලොකානුකම්පාය,අත්ථාය හිතාය සුඛාය
දෙවමනුස්සානං කතමො එකපුග්ගලො
තථාගතො අරහං සම්මා සම්බුද්ධො
අයං ඛො භික්ඛවෙ එකපුග්ගලො ලොකෙ
උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය
බහුජන සුඛාය ලොකානුකම්පාය අත්ථාය
හිතාය සුඛාය දෙවමනුස්සානන්ති”

ගැටුම් නිරාකරණයට විශ්ව සමාජගත කළ යුතු අරණ විභංග සූත්‍රය


බුදුන් වහන්සේ වදාළ ධර්මය පැහැදිලි විමුක්ති මාර්ගයක් මන්ම විධිමත් ජීවන දර්ශනයක් සමාජ ගත කළ දේශනාවක් ලෙස හඳුනාගත හැකිය. සිය ශ්‍රාවක ප්‍රජාවගේ විමුක්තිය පිණිස මෙන්ම ජීවන මාර්ගයද හැඩ ගැස්වීමට උපස්ථම්භක වන දේශනාවන්ගෙන් පොහොසත් බුද්ධ දේශනාව මිනිස් සිතුම් පැතුම් සහ චර්යාවන් පිළිබඳ පුළුල් ගවේෂණයක එකතුවකි.

ඔබත් කෙදිනක හෝ උතුම් බුදු රුව දකීවි!


සාමාන්‍ය පෘථග්ජන සැදැහැවතාගේ පටන් මහ රහත් උතුමන් දක්වා සෑම අයකුම හැබැහින් බුදුරදුන් දැකීමට කැමැති වූ බව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදීම දක්නට ලැබුණ කාරණයකි. පෘථග්ජන සැදැහැවතා බුදුරදුන් දකින්නට කැමැති වූයේ උන්වහන්සේගේ රූපකායේ පැවැති අසමසම තේජස හා සුන්දරත්වය නිසාය. මහරහතන් වහන්සේලා උන්වහන්සේ දැකීමට කැමැති වූයේ ඒ අසහාය මහා පුරුෂාය තුළ දක්නට ලැබුණූ අනූපමේය මහාත්ම ගුණය නිසාය. මේ නිසා සෑම බෞද්ධයෙකුම ඈත අතීතයේ පටන් අද දක්වාම ගෞතම බුදුරජාණන් වහන්සේ හැබැහින්ම දැකීමට කැමැති වෙති.

දීල බණින එක හොඳයි ද


මේ සසර කතරින් එතෙර වීම සඳහා පුද්ගලයා පුරුදු පුහුණු කළ යුතු ප්‍රධාන ධර්ම කාරණා අතර දානය නොහොත් දීම සුවිශේෂි වේ. පිළිවෙල කතාවේ දී දාන කථා, ශීල කථා සහ සග්ග කථා යනාදී වශයෙන් දක්වා තිබෙන අතරම එයින් මුලින්ම දක්වා ඇත්තේ දානය පිළිබඳව වේ. අපේ රටේ බොහෝ දෙනෙක් දන් දීමට කැමතිය. දීම පිළිබදව ත්‍රිපිටක සාහිත්‍යයෙහි විවිධ ස්ථානවල විවිධාකාරයෙන් විග්‍රහයන් දැක්වෙන අතරම යමක් දිය යුතු වන්නේ

සනාථයෙකුවීමට දහම් මඟ ගැනීම


ජීවිතය යහපත් කර ගැනීමට බුද්ධ දර්ශනය තුළ අපට ගතහැකි බොහෝ කරුණු කාරණා තිබෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සෑමවිටම මංමුලා වූ සත්ත්වයන්ට පිහිට වූ සේක. අසරණයන්ට පිහිටවූ සේක. මඟ පෙන්වා දුන් සේක. එහෙත් අප තේරුම්ගත යුතු දේ තමයි උන්වහන්සේ කිසිම විටෙක ගැලවුම්කරුවෙකු වූයේ නැත. හැමවිටම මඟ කියාදෙන්නෙකු පමණක්ම වූහ. එනිසාම බුදුන්වහන්සේ නිතර දේශනා කළේ තම තමාට පහනක් ලෙස ජීවත් වියයුතු බවත් තමාගේ ආලෝකයත්, පිහිටත් ඇත්තේ තම තුළම බවයි. ඒ නිසා සමාජය තුළ අනාථයෙකු නොවී සනාථයකු විය යුතු බව අංගුත්තර නිකායේ නාථකරණ සූත්‍රයේ දී බුදුන්වහන්සේ මෙසේ පෙන්වා දුන්නා.

මිථ්‍යා දෘෂ්ඨිය පාප කර්මයක්ද


ලොව කෙතරම් දියුණු වුවත් අප ශාස්තෘන් වහන්සේ ප්‍රතික්ෂේප වන්නේ නැත. මන්ද යත් අකාලික ධර්මයක් දේශනා කර ඇති බැවිනි. ලොවෙන් අප ප්‍රතික්ෂේප නොවන්නට නම්, අප එම උතුම් ධර්මය නිවැරදිව භාවිතා කළ යුතුය. ධර්මානුකූලව දැක්මක් සකස් කර ගත යුතුය. අධර්මය තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය.

වාසනාවන්ත මිනිස් බවක් ලැබීම පහසුද


බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අපට අසන්නට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගෙනි. ධර්මාශෝක අධිරාජයා විසින් සිහලද්වීපයට එවනලද සත් ධර්ම දූත සමාගමේ ප්‍රමුඛයා වූයේ මිහිඳු මා හිමියෝය.

ලෝකෝත්තර දියුණුවට මඟ පාදා ගනිමු


තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්.

Tuesday, May 10, 2016

වෙන්වීම ධර්මානුකූලව පිළිගනිමු



ස්වාමියා, බිරිඳ නමුත් ඔවුන් එකම ජීවිතයක් වගේ පැවැත්වූවත් එහෙත් ධාතු ස්කන්ධ ආයතනයන්ගේ විසිරී යන විට, ගිලන්වීම, දිරාගෙන යෑම මරණය ඉදිරියේ අසරණ වෙනවා. එවැනි වෙලාවක බලාපොරොත්තු පවත්නා ව්‍යාකූල මනසකින් තෘෂ්ණාව සහිතව සතර අපායේ ඉපදෙනවාට වඩා එම වෙන්වීම ධර්මානුකූලව පිළි අරගෙන සියලු සම්බන්ධකම් අවසන් වනවිට දුගතියෙන් බැහැර වී සුගතියම අරමුණු වීම, මොනතරම් යහපත් වූ ක්‍රියාවක් දැයි, සිතිවිල්ලක් දැයි ඔබට සිතෙනවා ඇති. යම් අයෙක් තවත් අයෙක්ට හිතවන්ත නම්, ලෙන්ගතු නම් කළ යුත්තේ එයම නොවේද සිත හදා ගත යුත්තේ ඒ ආකාරයටම නොවේද

Saturday, May 7, 2016

බෝධිරාජ සූත්‍රයෙන් හෙළිවන විශ්මිත දහම


මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ වන තථාගත අංගීරස බුදුරජාණන් වහන්සේ භව කතරේ අතරමංව සසර මංමුලා වී බොහෝ දුක් විඳින සත්ත්වයාට ඒ භයානක අගමුල නො පෙනෙන සසරින් එතෙර වන්නට හැකි ආශ්චර්යවත් ධර්මයක් මේ ලෝකයට එළිපෙහෙළි කර වදාළා.

Thursday, May 5, 2016

ලෝකෝත්තර දියුණුවට මඟ පාදා ගනිමු


තුනුරුවන් නිසා ලැබුණ සම්පත අප පුළුවන්තරම් දියුණු කරගත්තොත් මෙලොවටත් පරලොවටත් හොඳයි. සංසාරෙම හොඳයි. මොලොව යහපත සලසාගෙන දියුණුව පිණිස කටයුතු කළ යුතුයි. ශ්‍රද්ධාව තියෙන්න ඕන. වීර්යය, සති (සිහිකල්පනාව) , සිතේ තැන්පත්කම, ප්‍රඥාව යන ඉන්ද්‍රිය පහ තිබුණොත් අපට ලෝකෝත්තර දියුණුව ලබන්න පුළුවන්.

අනුන් දොස් දක්නට පෙර තම දොස් දැකීම යහපති


මෙසේ ලද දේ බොහෝ පිනට දහමට යෙදූ මෙම සිටු පවුලේ සියලු දෙනා කර්මානුරූපව මිය පරලොව ගොස් දෙව්මිනිසුන් අතර බොහෝ සේ සැප සම්පත් විඳ ගෞතම බුද්ධෝත්පාද කාලයෙහි භද්දිය නගරයේ සිටු කුලයක ඉපදුණි.

සම්බුදු සසුනත් ලක්බිමත් සුරකින සක් දෙවි රජාණෝ


සකෙකා දෙවානමින්ද්‍රෙ, යනුවෙන් ත්‍රිපිටකයෙහි නිතර කියැවෙන සක්දෙව් රජු තව්තිසා දිව්‍යලෝකයෙහි දිව්‍ය රාජයා වෙයි. ලක්දිව බෞද්ධ සිද්ධස්ථානයන්හි අනෙකුත් දෙවියන් සඳහා ඉදි වූ දේවාල තිබුණ ද සක් දෙවියන් සඳහා එබඳු ගෞරවයෙන් පුදන ස්ථාන දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි සක්දෙව් රජුන් සාමාන්‍ය දිව්‍ය රාජයකු නොව ආය¸ දේවේන්ද්‍රයන් කෙනෙකි. එනම් පූජා වන්දනයට යෝග්‍ය වූ සෝවාන්මාර්ග ඵලයට පත් කෙනෙකි. සක් දෙවි රජු අප බෝසතාණන් වහන්සේට බුදුවීමට නොයෙක්වර උපකාරි වූ අතර සත් ජනයාට නොයෙක් අවස්ථාවන්හි දී උපකාරවන්නා වූ දෙවි කෙනෙකි.

ඒහිපස්සික තථාගත ධර්මය


අන්‍ය දෘෂ්ටික අන්‍ය ලබ්ධික අන්‍ය රුචික, අන්‍ය පිළිවෙත්හි යෙදෙන අන්‍ය තීර්ථායතනයක ආචාර්යවරයකු වූ ඔබ විසින් කාමයන් හෝ කාම සුවයන් හෝ කාමාග්‍ර සුවය හෝ කවරේ දැයි දත නොහැකිය. එහෙත් මේ බුදු සසුනෙහි නම් ඒ අරහත් භික්ෂූහු වෙත් ද ඔවුහු කාම කෙලෙස් ප්‍රහීණ කළාහු වෙති.

නිවැරදි ගාථා සජ්ඣායනා හා උච්චාරණ ක්‍රමය

බුදුදහම මූලික කොටගත් ථේරවාදී බෞද්ධ රටවල නොයෙක් ආගමික වතාවත් සහ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවලදී පාලි භාෂාවෙන් පබැඳුණු ගාථා සහ පාඨ යොදා ගනු ලබන බව අපි දනිමු. ශ්‍රී ලංකාවෙහි ද බෞද්ධ ජනයා අලුයම අවදි වූ තැන් සිට නින්දට යන තෙක්ම පන්සිල් සමාදන්වීම්, තුනුරුවන් නැමදීම, මව්පිය වැඩිහිටි ආදීන් වැඳීම ආදී සද් ක්‍රියාවන්හි දී මෙන්ම වන්දන මාන හා පුද පූජා විධීන් පැවැත්විම් ආදී ආගමික කටයුතුවලදී මෙකී ගාථා හා පාඨ සජ්ඣායනා කරති. මේ හැරුණු විට රැස්වීම්, 

වෙන්වෙන ලොවක අපත් ආර්ය වූ හුදකලාවකට පුරුදු වෙමු


ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් බුදු සසුනෙහි ඉතාම සුවපත්ව ජීවත් වූ ස්වාමියෙක් හා බිරිඳක් වූ නකුල පිතා හා නකුල මාතා ගෘහපතීන් පිළිබඳව අප පසුගිය පෝය දිනයන්හි සිට කතා කරමින් පැමිණියා. අද ද එම සූත්‍ර දේශනාව තවදුරටත් කතා කරමු.

සැපය - සදාචාරය සහ බුදුදහම


විඳීම (වේදනා) වූ කලී මූලික වශයෙන් ම දෙයාකාරය. එනම් දුක්. විඳීම (දුක්ඛ වේදනා) හා සැප විඳීම (සුඛ වේදනා) යනුවෙනි. සියලු සත්වයෝ සැප විඳීමට මැ කැමැති වෙති. නිබඳව සැපයම සොයා යති. දුකට අකැමැති වෙති. එය පිටු දකිති. සැපය දෙයාකාරය. ඒ ලෞකික සැපය හා ලෝකෝත්තර සැපය යනුවෙනි. මෙහි ලෞකික සැපය නම් ලෝකයට අයත් සැපයයි. (ලොක+ඉක= ලෞකික) ලොක යනු ස්කනධ ධාතු න් ආයතන යැයි කියනු ලබන හේතු ප්‍රත්‍යාකාර වු සංස්කෘත ධර්මයෝය.

ඒ ලෝක යන්නෙන් බුදුසමය හෙළිකරන දාර්ශනික අර්ථයයි. එම ධර්මයන්ගේ පටිපාටිය නොසිඳී පැවැත්ම සංසාරයයි . ඒ අනුව සංසාරික සත්වයාගේ ස්වභාවය නම් එම සැපයම කැමැති වීමය. එයම සොයා යාමය. මෙහි ලෝකෝත්තර සැපය නම් ඉහළට යාමෙන් එතෙරවීමෙන් (ලොක +උත්තර =ලෝකොත්තර) ලබන සැපයයි. ලෝක නිරෝධය යි. බුද්ධාදී උතුමෝ ලෝකයෙන් එතෙරව ලෝකෝත්තර සැපය සාක්ෂාත් කළෝය. එය අත්දැකීමක් බවට පත් කර ගත්තෝය.
බුදුසමය විරාගී දර්ශනයෙකි. එනම් මූලික වශයෙන්ම සියල්ල අනිත්‍යය, දුකය, අනාත්ම යැයි දැන දැක පසක් කිරීමෙන් සියල්ල (සබ්බ) යැයිද ලෝක යැයිද කියන ලද ස්කන්ධාදි ධර්මයන් කෙරේ නිර්වේදය එනම් කළකිරීමද, කළකිරීමෙන් විරාගයද, විරාගයෙන් විමුක්තියද ලබා ගැනීමට උගන්වන දහමකි.