Labels

Showing posts with label සිත. Show all posts
Showing posts with label සිත. Show all posts

Wednesday, June 20, 2018

විසිරෙන සිත එක්තැන් කර ගැනීමට..

සිත සහ කය යනුවෙන් ජීවිතය කොටස් දෙකකට බෙදෙයි. එහෙත් අපගේ ජීවිතය ගැන බලන විට ‘කය’ ගැන පමණක් මූලික අවධානය යොමුකර ඇති බවක් පෙනී යයි. මිනිසා සම්බන්ධ මූලික ගැටලුව රඳා පවතින්නේ සිත මුල් කරගෙන බව බුදුදහමෙහි සඳහන් ය. මිනිසාගේ මූලික ම බලාපොරොත්තු ව සතුටෙන් ජීවත් වීමයි.

ඒ සඳහා බලපාන ප්‍රධානම බලවේගය මිනිස් සිතයි. අප රවටන, මුලාකරන, මායාවක් ලෙස ක්‍රියාත්මකවන සිතේ ස්වභාවික ව පවතින ගති ලක්ෂණවලින් වෙන් ව සිතෙහි නියම අවංක ස්වභාවය තේරුම් ගත්විට අපට පුදුම සතුටක් ලැබිය හැකියි. සිත හා සම්බන්ධව කරුණු දක්වන වචන කිහිපයක් ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. ඒ අතරින් චිත්ත, මන, විඤ්ඤාණ යන වචන නිතර අපට දැකගන්නට පුළුවන. මිනිස් සිතේ නියම ස්වරූපය නිවැරැදිව තේරුම් ගත් මෙලොව සිටි එකම තැනැත්තා බුදුරජාණන් වහන්සේ ය. ලෝකයා සසර දුකින් එතෙර කරවීමේ කාරුණික චේතනාවෙන් බුදුරදුහු සිතේ නිවැරැදි ක්‍රියාකාරීත්වය ලෝකයාට පසක් කළහ. මානසික ශක්තියක් කියා දෙයක් තිබේ. අපි හිතනවා, අපි දකිනවා යනුවෙන් ප්‍රකාශ කරන විට මේ සිතීම, මේ දැකීම කරන්නේ කවුද? ඒ අපේ සිතයි. ලෝකය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වන්නේ ඇස ලෝකයයි. කන ලෝකයයි. නාසය ලෝකයයි. දිව ලෝකයයි. ශරීරය ලෝකයයි. මනස ලෝකයයි යනුවෙනි. මේ ඉන්ද්‍රියන් හයේ එකතුවෙන් ලෝකය සෑදෙන බව බුදුරදුහු පෙන්වා දුන්හ. ‘චිත්තේන නීයතී ලෝකෝ’ මේ ඉන්ද්‍රියයන් තුළින් සෑදෙන ලෝකය දිගටම පවත්වාගෙන යන්නේ සිතයි. මේ සිත කෙබඳු දෙයක් ද? කුමක් ඇසුරු කරමින් පවතින්නේ ද? යන්නට නිවැරදි පිළිතුරක් ධම්මපදයෙහි එන පහත සඳහන් ගාථා දෙක තේරුම් ගැනීමෙන් සිතාගත හැකි ය.

Thursday, April 19, 2018

සිත දියුණු කිරීමෙන් ලැබෙන ශක්තිය අසීමිතයි

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.
මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.
ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.

සිත පුදුම සහගත ය, කළ හැකි දේ බොහෝම ය

මනස’ මිනිස් වර්ගයාට පමණක් සීමා වූවක් නොවේ. දේව, භූත ආදී ජීවිත ගත කරන අයට ද මනසක් ඇත. එහෙත් වෙනසක් තිබේ. ‘මනස’ දියුණු කර ගැනීමේ හැකියාව මිනිසා සතුවීම ය. මිනිස් සිත සතු වන්නේ පුදුමාකාර බලයකි. ශක්තියකි. හැකියාවකි. එහෙත් එය තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණි. සිත දියුණු කිරීමේ අග්‍රම ඵලය ලෙසින් උතුම් සම්මා සම්බුදු පදවිය ලබන්නට පුළුවන. රහත් බව ලබන්නට පුළුවන. ධ්‍යාන ලැබීමට ද, බ්‍රහ්මලෝකවල ඉපදීමටත්, සුවිශේෂී හැකියාවන් ලබා ගැනීමටත් පුළුවන.
මෑතක් වනතුරුම බටහිර චින්තකයින් ප්‍රකාශ කළේ ‘මනස’ යනුවෙන් සුවිශේෂී දෙයක් නොමැති බව ය. එය ශරීරයෙන් උපදින ක්‍රියාකාරීත්වයක් පමණක් බව ය.
සාමාන්‍ය අධ්‍යාපනය තුළින් ගණිතය, විද්‍යාව, කලා ශිල්ප ආදී විෂයයන් උගෙන, උගත් ලෙස දියුණුවක් ලැබුව ද, ඔහු මානසික වශයෙන් දියුණුවක් ලැබ ඇතැයි නිශ්චිතව කිව නොහැකි ය. බෞද්ධ සාහිත්‍යයෙහි එන චුල්ලපන්ථක හිමියන්ගේ කතා පුවත උදාහරණයකි. නුවණ මද අයෙකු ලෙස සලකා ගුරුහිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්ට ආපසු ගෙදර යන ලෙස දන්වනු ලැබී ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වීම තුළින් මනස උපරිම මට්ටමට පත්කර ගැනීමට උන්වහන්සේට හැකි විය. මෙය සිදු වූයේ කෙසේ ද? චුල්ලපන්ථක හිමියෝ පෙර බුදුවරුන්ගෙන් පවා ධර්මය අසා දැන සිටියහ. ඒ අසා දැනගත් ධර්මය උන්වහන්සේ තුළ සැඟවී පැවතිණි. ඒ දැනුම නැවත මතු වූයේ බුදුහිමියන් පෙන්වා දුන් ක්‍රමෝපාය තුළිනි. පෙර ලද දැනුම ආවරණයකින් වැසී තිබුණ ද යෙදූ උපාය මාර්ගය නිසා එය ඉවත්විණි.


මිනිසා යනු පූර්ව ආත්මවල ලබාත් ඇති විවිධ දක්ෂතා, කුසලතා හැකියාවන් නැවතත් ලබා ගන්නට සමත් අයෙකි. පූර්ව ආත්මවල හුරු පුරුදුකම්, ගති පැවතුම්, සිරිත් විරිත් බොහෝ විට මේ ආත්මයටත් උරුම වනු ඇත. මේ ආත්මයේ දී ඒවා ප්‍රකට වීමට අවස්ථාව උදාවුවහොත්, එසේත් නැතිනම් ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් යෙදුණේ නම්, නැවත් ඒ ගති ලක්ෂණ මතුවනු ඇත. බුදුදහමෙහි එන විවිධ චරිත අධ්‍යයනය කරන විට ඒ බව සනාථ වනු ඇත.

Saturday, February 17, 2018

හිත අහිත වටහා ගැනීම

මජ්ක්‍ධිම නිකායේ හැට එක්වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ දී සත් හැවිරිදි රාහුල පොඩි හාමුදුරුවන් අමතා මුසාවාදය හෙවත් බොරුකීමේ ආදීනව තමන් වහන්සේට පා සේදීම සඳහා ජලය තැබු භාජනය උපයෝගී කරගෙන ක්‍රම කීපයකින් පැහැදිලි කර දුන් බුදුරජාණන් වහන්සේ අනතුරුව රාහුල හිමියන්ගෙන් මෙබඳු ප්‍රශ්නයක් විමසති.

"රාහුල, ඔබ සිතන විදියට කැඩපත හෙවත් කණ්ණාඩියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?" එම ප්‍රශ්නයට නිවැරැදිව පිළිතුරු සපයන සත් හැවිරිදි රාහුල හිමියෝ “පච්චවෙක්ඛනත්ථො භන්තෙති” යනුවෙන් පිළිතුරු දුන්හ. සත්හැවිරිදි කුඩා දරුවෙක් ලබා දෙන මේ පිළිතුර කෙතරම් අර්ථවත් ද? මේ ප්‍රශ්නය සහ පිළිතුර තුළ අපගේ ජීවිතයට අදාළ වැදගත් පණිවුඩයක් අන්තර්ගත බව ඒ පිළිබඳව කරුණු කීපයක් විමසා බැලීමෙන් පැහැදිලි වේ. ‘ආදාස” යන පාලි වචනයේ සංස්කෘත රූපය “ආදර්ශ” යන්නයි. මේ ආදර්ශ යන වචනය අපගේ දෛනික ජීවිතයේ දී නිතර භාවිතවන එසේ ම නිතර අසන්නට ලැබෙන වචනයකි.

Wednesday, February 7, 2018

ප්‍රසන්න මනසකින් ලොව දෙස බලන්න

වෛරයෙන් වෛරය නො සංසිදෙන්නේ ය. අවෛරයෙන් ම වෛරය සංසිදෙන්නේ ය. ළඟ මිස දුර නොබලනතාක් අනුවණයා වෛර සිතිවිලි ම වර්ධනය කරමින් අවස්ථාව එළඹෙන තුරු බලා සිටින්නේ ය.

එහෙත්, තමනුත් නොදැනීම ඔවුන් වැටෙන්නේ මුළාවක ය. වෛරී සිත දවන්නේ අනුන් නොව තමන් ම බව වටහා ගන්නට, අයහපත් වන්නේ තමන්ගේ ම ක්‍රියාකාරකම් බව හඳුනා ගන්නට බොහෝවිට ජීවිතය දෙස ආපසු හැරී බැලීම වුව ප්‍රමාණවත් ය.

ගෙවුණු ජීවිතයේ අන්‍යයන් ගැන මොනතරම් වෛරී සිතිවිලි පහළ වී තිබුණා ද? එයින් සිදුවුණේ යහපතක් ද? අයහපතක් ද? මෛත්‍රිය කළා නම්, ඉන් ලැබුණු සැනසීම මොන තරම් ද? ඒ සිතිවිලි ප්‍රශ්න විසඳා ගැනීමට මොන තරම් පහසු වූ වා ද? එසේ කල්පනා කරන, නුවණින් විමසන පුද්ගලයාට වෛරී සිතිවිලිවලින් බැහැරව මෛත්‍රී සිත වැඩීම අපහසු නොවන්නේ ය. තමන්ට කෙනෙක් වෛර කරනවා නම්, පෙරළා තමන් ද ඒ පුද්ගලයාට වෛර කරනවා නම් එහි කෙළවරක් දකින්නේ කෙලෙස ද? ඉපදෙමින් මිය යන සසර ගමන පුරාම දිගින් දිගටම එකිනෙකාට වෛර කරමින්, පලි ගනිමින් දුක් වේදනා පිරුණු ගමනක් යනවා මිස සැපතක් නම් නොලැබෙන්නේ ය.
බෞද්ධ කතා සාහිත්‍යයේ එන කාල යක්ෂණියගේ කතාව ඊට හොඳම උදාහරණයකි. ඇය එක් ආත්ම භවයක වඳ ස්ත්‍රියකි. ඇය දරුවන් නො ලද හෙයින් සැමියා තවත් විවාහයක් කර ගත්තේ ය. ගැබ් ගත් අලුත් බිරිය ගැන ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධ සිතින්, වෛරයෙන් ඒ දරුගැබ විනාශ කරවන්නට ඇය නො පසුබට වූවා ය.

Wednesday, January 24, 2018

සිත ව්‍යාකූල කරන තෘෂ්ණාව පිපාසය හා සමානය

ලෝභය හෙවත් තෘෂ්ණාව මිනිස් සිත ව්‍යාකූල කරන ආත්මාර්ථකාමීත්වය පොළඹවන ක්ලේෂ ධර්මයකි. ලෝභය නිසා ආතුර වු මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළ සමගිය, සහජීවනය, එකමුතු බව තුරන් වී යයි.
කුමන වේෂයකින් පැමිණිය ද ලෝභය සමාජය භේදභින්න කරන කෙලෙස් මූලයකි. රටවල් අතර, ජන කණ්ඩායම් තුළ මෙන් ම පවුල තුළ ඇතිවන බොහෝ ගැටුම්වලට හේතුව මෙම ක්ලේෂ ධර්මයේ බලපෑමයි. ලෝකයේ සම්පත් සීමිත ය. මිනිසුන්ගේ ආශාවන් අසීමිත ය. සීමිත සම්පත් අසීමිත ආශාවන් සහිත මිනිසුන් අතර බෙදීමට යාමේ ගැටුම් නිර්මාණය වේ. මේ තුළ නැතිවනුයේ සමඟිය සහ සහජීවනය යි.
සමාජය තුළ තමන්ට නැතිදෑ අනෙකා සතුවීම ඉවසීමට නොහැකි වන්නේ ලෝභය නිසාවෙනි. හිමිවිය යුතු සෑම දෙයක් ම තමාට පමණක් හිමිවිය යුතුය. අනෙකාට එසේ නො ලැබිය යුතුය යන්න සිතනුයේ තෘෂ්ණාව පදනම් කරගෙන ය. ඒ තුළ මානසික මෙන්ම කායික අපහසුතාවයන්ට ලක්වීමට සිදුවේ. තනතුර, බලය, ධනය පසුපස ලුහුබඳින සේ ලෝභය ඇති බැවිනි. තමන්ගේ එම තෘෂ්ණාව සන්තර්පණය කර ගැනීමට මිනිසා බොහෝ දෑ සිදුකිරීමට පසුබට නොවේ. එහිදී පව, පින, හොඳ, නරක, සදාචාර සීමාවන් උල්ලංඝනය කරමින් ජාතිය, ආගම පවා අනවශ්‍ය ලෙස යොදාගැනීම තුළ සිදුවනුයේ සමාජ සාමය බිඳ වැටීමයි. ජීවත්විය යුත්තේ තමා පමණක් ය. තනතුරු වරප්‍රසාද තමන්ට පමණක් යැයි සිතා මනුෂ්‍ය ඝාතනයන්, චරිත ඝාතනයන් පවා සිදුවනුයේ ලෝභය හේතුවෙනි.
තෘෂ්ණාව පිපාසයක් හා සමාන වේ. පිපාසිතයා අනෙක් සියලු කටයුතු පසෙකලා පිපාසය සන්සිඳවා ගැනීමට වෙහෙසේ. තෘෂ්ණාවෙන් පීඩිතයාගේ ස්වභාවය ද මේ හා සමාන ය.

විවේකී මනසගෙනෙයි සතුට


තමන්ගේ අඩුපාඩුවලට, වැරැදිවලට අන් අයට චෝදනා කිරීම සමහර අයගේ සිරිත ය. එහෙත් විවේකී මනසින් සිතා බැලුවේ නම්, ඒ සියල්ලට වැරැදි තමන් ම මිස අනුන් නොවන බව වටහා ගැනීම අසීරු නැත.
කෙනෙකුගේ ජීවිතයේ වගකීම් දැරීමට අනෙකෙකුට නො හැකිය. වගකිව යුතු තමන්ම ය. එය හුරු පුරුදු කළ යුත්තකි. අන් අයට දොස් නොනඟා තමන්ගේ අඩුපාඩු, දුර්වලතා පිළිගන්නට සූදානම් විය යුතු ය.
එතරම අන් අයට චෝදනා කරන්නේ නො හික්මුණු පුද්ගලයා ය. හික්මුණු, නුවණැති පුද්ගලයා ගේ ලක්ෂණය අනුන්ට දොස් නොකියා වරදට හේතුව සොයා බැලීම ය. වරද තේරුම් ගෙන එය නිවැරැදි කළ හැකි නම් ලෝකයේ ප්‍රශ්න හා ගැටුම්වලට ඉඩක් නැත. එහෙත් අපක්ෂපාතීව සිතා මතා කටයුතු කරන අය අඩු ය. මිනිසා සිය වරද සඟවා ගන්නේ ද, යටපත් කරන්නේ ද සිතෙහි වන වංචනික ගතිය නිසා ය. ධම්ම පදයේ බාල වග්ගයේ දී

“ යොබාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො,
බාලො ව පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්චතී”

නුවණ නැති කෙනෙක් තමන්ගේ නුනුවණකම් දන්නේ නම්, එහෙයින් හෙතෙම පණ්ඩිතයෙක් වන බවත්, යම් අයෙක් මට වඩා පණ්ඩිතයෙක් කවුදැයි සිතමින් පණ්ඩිත ගති පෙන්වනවා නම් ඔහු ඒකාන්තයෙන් ම අඥානයෙක් වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
යම් කෙනෙක් ජීවිතයේ දුකට, නොසතුටට මුහුණ දෙනවා නම් එහි වගකිව යුතු අන් කිසිවෙක් නොවේ. තමන් ම ය. නිවැරැදිව සිත පාලනය කරගත නොහැකි වුවහොත් දුක වැඩිවනු ඇත. එය ලෝකයාගේ වරදක් නොවේ. නිවැරැදි වන්නට නම් පළමුව එය තමන්ගේ ම වරදක්, අඩුපාඩුවක් බව වටහා ගන්න. තමන්ගේ දුකට හේතුව මිය ගිය ඥාතියෙකුගේ බලපෑමක් හෝ පවුලේ අයගේ ශාපයක් ද නොවේ. එය යක්ෂයකුගේ හෝ දෙවියකුගේ බලපෑමක් ද නොවේ.

Thursday, December 14, 2017

නිවන් මග හෙළි කරන සිත පිරිසුදු කර ගැනීම

සීල විසුද්ධියෙන් පිරිසුදු ව තමන්ගේ කය හා වචනය මැනවින් හික්මවා ගත් තැනැත්තා අනතුරු ව තමන්ගේ සිත පිරිසුදු කර ගැනීම නම් වූ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට දෙවන පියවර තබයි. ඒ පඤ්ච නීවරණයන්ගෙන් තමන්ගේ සිත මුදවා ගෙන අභ්‍යන්තරික පාරිශුද්ධත්වය ලැබීමට ය. මෙහි ලා පඤ්ච නීවරණ නමින් සැලකෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන කෙලෙසුන් ය.

රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ යන පඤ්චකාමයන් කෙරෙහි ඇති කර ගන්නා බැඳීම, ඇල්ම, ආශාව කාමච්ඡන්දය නමින් හැඳින්වෙයි. තරහව, ක්‍රෝධය, ද්වේෂය යන නමිවලින් හැඳින්වෙන්නේ ව්‍යාපාදය යි. ථීනමිද්ධය නම් චිත්ත චෛතසිකයන්ගේ පවත්නා අරමුණු ගැනීමේ අදක්ෂතාව, හෙවත් සිත, කය දෙකේ පවතින අකර්මණ්‍යතාවයි. උද්ධච්චය නම් සිතේ ඇතිවන නො සන්සුන් බවයි. කුක්කුච්ච නො කළ කුසල් ගැනත්, කළ අකුසල් ගැනත්, සිත - සිතා පසුතැවිලි වීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ආදී කරුණු අටක් සම්බන්ධ සැක කිරීම විචිකිච්ඡාව යි. මෙම කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ නමින් හැඳින්වෙන්නේ ද ඒ අර්ථය සලකා ගෙන ය. එසේ ම ප්‍රඥාව නමැති ඇස වසාලන නිසා ද නීවරණ යැයි කියයි.

Thursday, December 7, 2017

පිනට නො නැමෙන සිත්

පව් මිස පිනකැයි නොකරන හැමක ල
මුනි බණ නොපැවති පසල් දනව් වල
නිසි ලෙස උපනත් ලැබ දන මනක ල
කිසි කලෙකත්කුසලක් නොකළැකි බ ල

සියලු කාලයන්හි පවක් මිස පිනක් නොකරන, බුදු බණ නො ඇසෙන ප්‍රත්‍යන්ත දේශයන්හි සිත් පිනවන ධන සම්පත්තිය නිසි අන්දමට උපන්නේ වී නමුත් කිසි කලෙකත් පිනක් කළ නො හැක්කේම ය, යනු එම කවියේ ලිහිල් අදහසයි.
ඉහත දැක්වූ කවියෙහි දෙවැනි පාදය සමහර පොත්වල ‘මුනි බණ නොපවතිනා පිට සක්වල’ යනුවෙන් දැක්වෙයි. සක්වල යනු එක් සූර්ය මණ්ඩලයක හා චන්ද්‍ර මණ්ඩලයක ආලෝකය විහිදෙන ප්‍රමාණය ඇති ලෝක ධාතුවකි. එසේ ගත් කල්හි එම ලෝක ධාතුවට අයත් සියලු තන්හි වසන අයට කුසල් කළ නොහැකි යයි දැක්වීම් සාවද්‍යය ය. අපේ ධර්ම ග්‍රන්ථවල ‘පච්චන්තිමේසු ජනපදෙසු පච්චාජාතො හෝති’ යන වචනවලින් කියවෙන්නේ පින් කළ නොහැකි ප්‍රදේශ වශයෙන් පසල් දනව්ව පිළිබඳව යි.
කොපමණ ධනය තිබුණද කිසිදු ගුණ ධර්මයක් නැති ජනතාව පසල් දනව්වල වාසය කරති. ඔවුනට පින් පව් ගැන අවබෝධයක් නැත. ඉන්දියාව පිළිබඳ සලකතොත් ම දේශය හා ධර්මය පැතිරගිය ප්‍රදේශ හැර අන් සියලු කොටස් ප්‍රත්‍යන්ත සේ සැලකිය හැකි ය. ශ්‍රී ලංකාව පිළිබඳ සලකන විට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වශයෙන් යම්කිසි කොටසක් හෝ දැක්වීම පහසු නොවේ. බුදුහු ලංකාවට වැඩම වූ අවස්ථා තුනෙහි දී මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රී පාදය, දීඝවාපිය, මුතියංගනය, තිස්සමහාරාමය, අනුරාධපුරය, කතරගම යන ඈත දුරබැහැර ප්‍රදේශවලට ද වැඩම වීමෙන් හා ප්‍රදේශවාසී ජනතාව දහම් මගට යොමු කළහ.

Saturday, December 2, 2017

විසිරුණු සිත ඉගෙනීම දුර්වල කරයි


ඡ්‍යොතිෂය ඉගෙන ගත් එක් මිනිසෙක් සිටියේ ය. දිනක් හේ තමන් මිය යන්නේ කවදාදැයි තමන් ම විමසා බැලුවේ ය. මිය යන දිනය හා වේලාව දැන අනුන්ට කරදරයක් නොවන සේ තමන් ම වළක් කැපුවේ ය. නියමිත වෙලාවට විනාඩි කිහිපයකට පෙර ඒ වළට බැස දිගා වූයේ ය. ඒ අසලින් යන තවත් මිනිසෙකි ඔහු ද ඡ්‍යොතිර්වේදියෙකි. වළට එබී බැලූ ඔහු එහි නිදා සිටින මිනිසා දුටුවේ ය.

“ඔබ ඔය විදිහට සිටින්නේ කුමක් නිසා ද?” ඔහු පුදුමයෙන් ඇසුවේ ය. එවිට වළතුළ සිටි මිනිසා කීවේ තමන් තව විනාඩි දහයකින් මිය යන බව ය. කිසිවෙකුටත් කරදරයක් නොවන සේ අවසන් ගමන් යන්නට වළට බැස දිගා වී සිටින බව ය.
“එසේ නම් ඔබ උපන් වේලාව මට කියන්න. මිය යන බවට ඔබ කී වේලාව නිවැරැදිදැයි මම ද බලන්නම්. වළ උඩ සිටි මිනිසා ද කීවේ ය. උපන් වේලාව දැනගත් ඔහු තමන්ගේ දැනුමට අනුව ගණන් සාදා බැලුවේ ය. ඔහුට මියයන්නට විනාඩි දහයක් නොව තවත් විනාඩි තිහක් ම ඇති බව දුටුවේ ය. ඒ ඇසූ වහා ම මියයන්නට සූදානමින් සිටි මිනිසා වහාම ගොඩ ආවේ ය.

Sunday, November 26, 2017

සිත දකින කැඩපතක් ඇත



නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යො වේ උප්පත්තිතං කෝධං
රථං භත්තං ච ධාරයේ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ

පින්වත්නි,

අද පෝදා ධර්ම දේශනාව පවත්වන්නේ ධම්මපදයේ කෝධ වග්ගයේ දෙවැනි ගාථාව මාතෘකා කර ගෙන ය. “උපන් කෝපය සන්සිඳුවා ගන්නේ නම් උතුම් රියදුරා ඒ තැනැත්තාය” යන්න ඉහත ගාථාවේ සරල අදහසයි. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කළේ එක්තරා භික්ෂූන්වහන්සේ නමක් සිදුකළ වැරදි ක්‍රියාවක් මුල්කරගෙන ය.
අලව් නුවර අග්ගාලව වෙහෙර වැඩවසන එක්තරා භික්ෂූන්වහන්සේ නමකට ඒ නුවර ආසන්නයේ සේනාසනයක් සැකසීමට සිතුණි. එහෙත් මෙම භික්ෂූන් වහන්සේ පිළිබඳ මිනිසුන් අතර හැඳීනීමක් නැත. එහෙයින් සේනාසනය සැකසීමට තමන්ට උදව්වට කිසිවෙක් නොපැමිණියහ. තමන්ටම සියල්ල කරගැනීමට සිදුවිය. සෙනසුන සැකසීමට අදහස් කළ ස්ථානයේ හොඳින් වැඩුණ ගසකි. ලී දඬු ලබා ගැනීමට මේ ගස යහපත් යැයි සිතා තමන් ම ගස කැපීමට ආරම්භ කළේ ය. මේ ගස විමානය කරගත් දේවතාවියක් ගස නොකපන ලෙස ඉල්ලා සිටියා ය. ඒ භික්ෂුව එයට කන් නොදී ගස කැපීමට පටන් ගත්තේ ය. මේ දරු පැටියා වඩාගෙන තමන්ට යා හැකි තැනක් නැති බැවින් ‘ගස නොකපන ලෙස නැවතත් ඇය ඉල්ලා සිටියා ය. එයට ද ඇහුන්කන් නොදීම හේතුවෙන් දේවතාවිය තම දරුපැටවා රුක් ශාඛාවේ නිදි කරවී ය. ඔසවාගත් පොරවේ වේගය අඩුකර ගැනීමට නොහැකිවූයෙන් බිළිඳාගේ අතක් තුවාල විය.

Tuesday, November 21, 2017

යෝනිසෝ මනසිකාරය ( සෝතාපත්ති අංග )


ආශ්‍රව දුරුකරන්න නුවණින් මෙනෙහි කරන්න


බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය දියුණු කිරීමෙන් ලබන ප්‍රතිඵලයන් හතරක් දේශනාකොට වදාළා. ඒ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, සහ අර්හත් යනුවෙන්.
සසරෙන් එතෙර වෙන්නට යන ගමනේ පළමුව හමුවන්නේ සෝවාන් ඵලය යි. සෝවාන්ඵලයට පත්වෙන ශ්‍රාවකයාට ලැබෙන උතුම් ලාභය නම් මේ සසර ගමනේ නියත වශයෙන් ජීවිත හතක් ඇතුළත සංසාර දුක නිමා කිරීම යි.
ශාසනය තුළ ඉගැන්වෙන පුණ්‍ය ප්‍රතිපදාවන් හෝ කුසල ප්‍රතිපදාවන් බොහෝ සෙයින් උපකාරි කර ගත යුතු වන්නේ කාම ලෝකවල උත්පත්තිය ලබා කාම සම්පත් විඳිනවාට වඩා, සංසාර දුකෙන් නිදහස් වන මාර්ගය තුළ ගමන් කිරීමට යි. සෝවාන්ඵලය ශාක්ෂාත් කර ගැනීම තුළින් මේ සසර ගමන තුළ දී අපට මහත් වු රැකවරණයක් සැලසෙනවා.
කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව යන අංග හතර සෝතාපත්ති අංගයි. මෙයින් යෝනිසෝමනසිකාරය ගැන මෙසේ දැනුවත් වෙමු.
යෝනිසෝමනසිකාරය යනු නුවණින් මෙනෙහි කිරීම යි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයාට සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළිනි. ඒ ආශ්‍රයෙන් ලැබුණ ධර්මය ඔහු මැනවින් ශ්‍රවනය කර ඒ ධර්මය ජීවිතයේ කොටසක් බවට පත්කර ගන්නට, ඒ තුළින් ලැබෙන ඵලයන් නෙලා ගැනීමට අනිවාර්යෙන් යෝනිසෝමනසිකාරය අත්‍යවශ්‍ය වේ. ඒ වගේම ඕනෑම කරුණක් නුවණින් මෙන් ම අනුවණින් ද මෙනෙහි කළ හැකියි.

Sunday, November 19, 2017

සිතට වුවමනා ලෙස හැසිරීමට ඉඩ දෙනවාද?


කුඹුරුවලට ජලය ගෙනයන ගොවියෝ තමන් කැමැති ලෙස ඇළ වේලි කපා වතුර ගෙනයති. හී වඩුවෝ හී දඬු නවා තමන්ට රිසි ලෙස දුනු හී හදති. වඩුවෝ ලී දඬු නවා තමන්ට ඕනෑ විදිහට භාණ්ඩ තනති. එලෙස නුවණැත්තෝ තමන් දමනය කරගනිති."
සැරියුත් හිමියන් ඇසුරෙහි වයස අවුරුදු හතක් තරම් වූ කුඩා දරුවෙක් පැවිදි දිවියට පිවිසුණි. භික්ෂු ජීවිතයේ ඇවතුම් පැවතුම් ඉගැන්වීම සඳහා සැරියුත් හිමියෝ පිණ්ඩපාතයෙහි වඩින විට මේ සාමණෙර හිමියන් ද කැටුව යති. තමන් වහන්සේගේ පාත්‍රය පොඩි හාමුදුරුවන් අතට දී තමන් පසු පසින් වඩින ලෙස කියති.
දිනක් මෙසේ යන අතරමග දී පොඩි හාමුදුරුවෝ වතුර ගලා ගෙන යන ඇළක් දුටුවහ.
“හිමියනි, මේ කුමක්ද? එහි ඇති ප්‍රයෝජනය කුමක්ද?” යි සැරියුත් හිමියන්ගෙන් ඇසූහ.
“එය ඇළක්. තැනින් තැන රැස්වෙන ජලය මේ ඇළ දිගේ අර ඈත පෙනෙන කුඹුරුවලට ගෙනයනවා. ඒ වතුරෙන් ගොයම ප්‍රාණවත් වෙනවා.”
“හාමුදුරුවනේ, එ ඇළට සිතක් තිබෙනවාද?”
“නැත පොඩි නම. මේ ඇළට සිතක් නොමැතියි.”

Thursday, November 16, 2017

පිරිසුදු සිතින් පින් කරමු

චිරප්පවාසිං පුරිසං
දුරතෙර සොත්ථිවාගතං
ඤාති මිත්තා සුහජ්ජච
අභිනන්දති ආගතං
තථේව කත පුඤ්ඤම්පි
අස්මා ලෝකා පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති
ජයං ඤාතී ව ආගතං
පින්වත්නි,

අද ඉල් පුරපසළොස්වක පෝය දිනය, මේ වර්ෂයේ කඨින පින්කම් කරන අවසාන දවස, මේ වන විට ඔබ එක කඨින පින්කමට පමණක් නොවෙයි. කඨින පින්කම් රැසකට, ඒ හා බැඳුණු තවත් පින්කම් බොහොමයකටත් සහභාගි වී ඇති. ඒ ඒ අවස්ථාවල පොදුවේ පින්කම් ගැන අසන්නටත් ඇති. අද පෝය දවසේ ඒවා නැවත සිහිපත් කර ගනිමු.


මොහොතකට සිතා බලන්න. අද ජීවතුන් අතර නැති, මිය පරලොව ගිය ඔබේ වැඩිහිටියන්ට නෑදෑ හිතවතුන්ට ඒ අය උපයා ගත් මිල මුදල්, යාන වාහන, ඉඩකඩම් ආදිය තිබෙන්නට ඇති. පරලොව යන විට ඒ අය ගෙන ගියේ මොනවාද? නෑදෑයෝ යහළු මිත්‍රයෝ ඔවුන් සමඟ ගියා ද? කිසිවෙක් නෑ. සුසාන භූමියට පමණක් ගිහින් ආපසු ආවා. එතකොට දේපළ ගියේත් නෑ. එකට සිටිය අය ගියේත් නෑ. කිසිවක් ම ගෙන ගියේ නැද්ද? ගෙන ගියා. ඒ පව් පින් දෙකයි. මරණින් මතු ජීවිතයට සම්බන්ධ වන්නේ පව් පින් පමණයි. පව් බලවත් වුණොත් පරලොව දී ලැබෙන්නේ දුක, පින ශක්තිමත් වුණොත් ලැබෙන්නේ සැප. අපි කවුරුවත් මෙලොව වශයෙන්වත්, පරලොව වශයෙන්වත් දුක් විඳීමට කැමැති නොවෙමු. කැමති සැපතටයි. දුකට අකැමැති නම් දුක ලැබෙන පව් නොකර ඉන්න ඕනෑ. සැපතට කැමැති නම් සැප ලැබෙන පින් කරන්න ඕනෑ.

දැමුණු නොදැමුණු සිතෙහි ස්වභාවය

බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලයෙහි දී ඇතිවුණ කිසියම් සිද්ධියක් මුල්කරගෙන පොදු මිනිස් සිතෙහි අවලක්ෂණ ස්වභාවය සහ උපශාන්ත මිනිස් සිතෙහි ස්වභාවය පිළිබඳව වදාළහ. එය චුල්ල තිස්ස හිමියන් සම්බන්ධ සිදුවීමකි. චුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඥාති සම්බන්ධකමක් ද පැවතුණි. සිදුහත් කුමරුගේ පියාගේ සහෝදරියගේ පුතණුවන් ය. එසේ වුව ද අධ්‍යාපනික මට්ටම අතින් බොහෝ පහළ මට්ටමකය. ශරීර ස්වභාවය අතින් ද බුදුරජාණන් වහන්සේට තිබෙන ඥාතිත්වය අතින් ද බොහෝ උසස් චුල්ල තිස්ස හිමියන් අධ්‍යාපනික මට්ටම ද ගුණ සම්පන්න බව ද අඩු නිසාම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ද කල්පනා කරනු ලැබුයේ වැරැදි ආකාරයෙනි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ළඟම ඥාතිත්වය නිසාම ශාසනික සියලුම භික්ෂූන් වහන්සේලා තමන්ට ද ගෞරව පූර්වක ලෙස සිටිය යුතු බවය. නමුත් බුදු දහම තුළ එවැනි ආකාරයේ සැලකිලි පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ අනුමත නොකළහ. චුල්ල තිස්ස හිමියන්ගේ සාවද්‍ය චිත්ත ස්වභාවය අනුව උන්වහන්සේ කටයුතු කරති. බුදුරජාණන් වහන්සේට ලැබෙන රසවත් ආහාරපාන සුවසේ වළදා චුල්ල තිස්ස හිමියන් ශරීර ස්වභාවයෙන් ස්ථූල ගති ඇති වූ නමුත් උන්වහන්සේ් වත් පිළිවෙත් නොපිරූ කෙනෙකි. සිල් ගුණය අඩු ස්වාමීන් වහන්සේ නමකි.

එක් දිනක් පන්සල ඉදිරිපිට ලොකු පුටුවක වාඩිවී පන්සලේ ප්‍රධාන හාමුදුරුවන් මෙන් එහි වැඩ හිදිමින් උජාරු ලීලාවෙන් කල් ගෙවන්නට වුහ. එම අවස්ථාෙවිදී දුර බැහැර ප්‍රදේශයකින් ස්වාමීන් වහන්සේලා පිරිසක් ද ආරාමයට වැඩම කළහ. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක් තවත් භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැසුණු විට දැන් වස් කීයද? යන ප්‍රශ්නය විමසනු ලබයි. ඒ තුළින් අදහස්් වන්නේ වැඩිමහල්ලා කවුදැයි සොයාගෙන ගරුසරු දැක්වීමයි. වස් ප්‍රමාණය අඩු භික්ෂුව පැවිද්දෙන් බාලය.

ඇලීම් ගැටීම් දුරු වෙයි සිතෙහි තැන්පත් බව ඇති වෙයි


 ලොවුතුරු බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්මයන් දියුණු තියුණු කර ගැනීමට භාවනා ක්‍රම අනුගමනය කළ යුතු යි. සිතේ ඇති කරදර, පීඩා, සංසිඳුවා ගන්න සමත් වෙයි. සිත නිශ්චල භාවයකට පත් වෙයි. මෙලෙස සිත එක අරමුණක පවතී. සියලු ම කොටස් බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. මඟ තොට යද්දී, රැකියාව අවසන් වී නිවසට යද්දී ගතවන පැය ගණනාවක කාලයේ භාවනා අරමුණක සිත මෙනෙහි කරන්න. කාලයක් ගත වෙද්දී "
ඒ සිතට ඉබේම භාවනා අරමුණු ගලා එයි. ඒ පින්බර සිත විදර්ශනා ඥානවලට හැරී යයි."

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කායගතාසති භාවනාව ක්‍රම ගණනාවකට දේශනා කොට වදාළා. ක්‍රම තිස් දෙකක් වන එය ද්වාතිංසාකාර භාවනාව, කායගතා සති භාවනාව, පටිකූල මනසිකාර භාවනාව, ධාතු මනසිකාර භාවනාව ලෙසින් පෙන්වා වදා

පවට නැඹුරු සිත පිනට යොමු කරමු

සත්වයා සසර උපදින්නේ තෘෂ්ණාව හේතුවෙනි. බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ එක් එක් ආත්මවල ඉපදෙමින් අවසාන ආත්ම බවයෙහි ඉපිද ගිහි සැප හැර පැවිදි බිමට පත්ව මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කොට උතුම් වූ ලොව්තුරා බුදු පදවිය ලැබූහ. එහි දී බුදුහිමි පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළහ.
අනේකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං

නැවත නැවත ඉපදීම දුකකි. එහෙයින් මේ ආත්ම භවය නැමැති ගෙය හදන වඩුවා සොය සොයා ඔහු දකින්නට සමත් වූ නුවණ උපදවා ගත නොහැකි ව මේ සසර කතරේ නොයෙක් ජාතිවල ඉපදෙමින් නා නා පැතිවල ඇවිද්දෙමි.
වඩුව, මම තොප දිටිමි. මින්පසු ඔබ මට ගෙවල් නොසාදන්නෙහි ය. ගෙයි පරාල සියල්ල බිඳ දැමීමි. ගෙයි මුදුන ද සුණු විසුණු කළෙමි. දැන් මගේ සිත නිවනෙහි පිහිටියේ ය. තණ්හාව නැති වී ගියේ ය. මම අරහත් භාවයට පැමිණියෙ මි.
ඉහත කරුණ තුළින් තෘෂ්ණාව සසර ගමනට ප්‍රධාන සාධකයක් වූ බව පැහැදිලි වේ. පට්ච්ච සමුප්පාදය තුළ සඳහන් වන්නේ ‘වේදනා පච්චයා තණ්හා’ යනුවෙන් විඳීම හේතුවෙන් තෘෂ්ණාව පහළ වන බවයි. විඳීම ත්‍රිවිධාකාර ය.
සැප විඳීම, දුක විඳීම, මැදහත් බව යනුවෙනි. විඳීමේ දී සත්වයාට තෘෂ්ණාව ඇති වේ. එම තෘෂ්ණාව ක්‍රම තුනක් ඔස්සේ විකාශය වේ.
කාම තණ්හා (පස්කම් සැප පිළිබඳ තෘෂ්ණාව) භව තණ්හා (නැවත නැවත ඉපදීම පිළිබඳ තෘෂ්ණාව) විභව තණ්හා (නැවත නැවත නො ඉපදීම පිළිබඳ තෘෂ්ණාව) යනුවෙනි.

Wednesday, November 15, 2017

පිවිතුරු සිතින් දිවි ගෙවමු ( මිථ්‍යා දෘෂ්ටිය )

බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නයට වන්දනා මාන කිරීමෙන්, ශීල ආදී ගුණ ධර්ම පිරීමෙන් රැස්කරගන්නා පින දෙවියන්ට අනුමෝදන් කළ යුතු ය. එවිට දෙවියන් පවා ගුණ ගරුක පුද්ගලයාට ආශිර්වාද කරන බව බුදුන් වහන්සේ දේශනා කළ සේක."
සංසාරයේ උපත ලැබීමට සත්ත්වයා තුළ උපදින කර්ම හේතු වෙයි. ඒ නිසා සසර දුක තරණයට නිර්වාණාවබෝධය ලැබිය යුතු බව කෙනෙකුට නො සිතුණොත් ඒ මොහොත මිච්ඡා දිට්ඨි නම් වෙයි. මෙය තව දුරටත් අර්ථ කථනය කිරීමේ දී සංසාරය නිසි ලෙස දැක, එය දුක් සහිත බව ද, සංසාරයෙන් එතෙර වන්නට පුළුවන් බව ද, ඒ සඳහා ධර්මය උපකාර වන බව ද දේශනා කළේ බුදුන් වහන්සේ පමණ යි. එය විශ්වාස නො කිරීම මිච්ඡා දිට්ඨිය යි.
නිදසුනක් ලෙස ඇතැමෙක් ප්‍රාණඝාතය හෝ වෙනත් අකුසල් නිවනට බාධාවක් නැතැ’යි සිතමින් තමා මෙන් ම අන්‍යයන් ද ඒ වරදට පෙළඹවීම මිථ්‍යා දෘෂ්ටිය යි. එහි විපාකය නිරයෙහි හෝ දුගතියක උපත ලැබීම යි. නියත මිත්‍යාදෘෂ්ටිය නිසා අවීචි නිරයේ උපත ලබයි.
සිත මූලික වී මිනිසා සහ සත්ත්වයා ක්‍රියාත්මක වෙයි. ඒ නිසා ජීවියාගේ සිත මූලිකව කුසල්, අකුසල් සිදු වෙයි. එසේ ඇතිවන අකුසල් සිත් දොළහේ මෝහය මූලිකව, උද්ධච්ඡ සම්ප්‍රයුක්ත හා විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත් දෙක ඇති වෙයි. මෝහ මූලික සිත් දෙක හටගන්නේ උපේක්ඛා වේදනාව මූලිකව යි. ඉන්ද්‍රියයන් හයට ලැබෙන අරමුණු මත උපේක්ඛා වේදනාව ඇති වෙයි. ඉන්ද්‍රියන්ට එන අරමුණ නිසිලෙස නො දැක්කේ නම්, වේදනාවන් තුනක් හට ගනියි. සුබ අරමුණක දී සුඛ වේදනාව ද, දුක් සහගත අරමුණක දී දුක්ඛ වේදනාවක් ද ඇති වෙයි. මේ වේදනාවන් දෙකම නැති විට හටගන්නේ උපේක්ඛා වේදනාව යි. එය පදනම්ව හට ගන්නා චෛතසිකය වන්නේ මෝහ මූල සිත යි. ඒ අකුසල් චෛතසිකය පදනම් කරගෙන මිච්ඡා දිට්ඨිය ඇති වෙයි.

Saturday, November 11, 2017

සැමටමෙත් සිත ( ලටුකික ජාතකය: )

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි දෙව්දත් තෙරුන් අරබයා මෙම ජාතකය දේශනා කළහ. දෙව්දත් තෙරුන් වහන්සේ කිසිවෙකුටත් දයාව නොදක්වන ද්වේෂය බහුල තැනැත්තෙක් යැයි දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර සංවාදයක් ඇතිවිය.
එකිනෙහි දම්සභා මණ්ඩපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එම සංවාදය අසා සිට දේවදත්ත තෙරුන් වර්තමාන භවයේ පමණක් නොව පෙර භවයන්හී ද කිසිවෙකුටත් දයාව නොදැක්වූවෙකැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ හ. අතීතයේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ අසූ දහසක් ඇතුන්ට නායක වූ ඇත් රජෙකුව උපන්නහ. ඇත් සමූහය වාසය කළ වනයෙහි එක් කැටකිරිල්ලක ඇතුන් ගමන් ගන්නා මාර්ගයේ අසල කැදල්ලක් කොට පැටවුන් පෝෂණය කරමින් සිටියා ය.

Saturday, November 4, 2017

කෙලෙස් සිත් මැඩීමේ භාවනාමය වෑයම


යම් සේ සැරසෙන සුළු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකුගේ ගෙලෙහි මියගිය සර්පයෙකුගේ හෝ, මියගිය සුනඛයකු ගේ හෝ මිය ගිය මිනිසෙකුගේ හෝ කුණක් දවටා තිබේ ද හෙතෙම එයින් ලජ්ජාවට, පිළිකුලට, දුකට පත්වෙයි. එසේ ම ඉහත කී පරිදි උපන් අකුසල විතර්කයේ දොස් දක්නා ආදීනව දක්නා තැනැත්තා ද ලජ්ජාවට , දුකට, පිළිකුලට පත්වන්නේ එම අකුසල විතර්කය වැනි ය."

අකුසල මූලයන් තුනකි. එනම් ලෝභය, ද්වේශය හා මෝහයයි. මිනිස් සිත් දූෂණය කරන, ආධ්‍යාත්ම චරිතය පිරිහීමට ලක් කරන, මෙකී අකුසල මූලයෝ ප්‍රාණඝාත, අදත්තාදානා දී අකුසල ක්‍රියාවනට පුද්ගලයා යොමු කරති. එයින් සාංසාරික වු බොහෝ දුක් විපාක විඳීමට සිදුවෙයි. එකී අකුසල විපාකයන් මිනිස් සන්තානයෙහි ඇති තාක් සසර දුකින් මිදීමක් නැත. එබැවින් ඒවා ප්‍රහීණ කළ යුතු ය. එමඟින් සිත මැනවින් තැන්පත් වේ. එකඟ වේ. සමාධි ගත වේ. අලෝභය, අද්වේශය,අමෝහය යන උතුම් කුසල මූලයෝ උපදිති. එකී කුසල් මුල් මිනිසාගේ ආධ්‍යාත්මය වැඩිදියුණුවට පත් කරයි. එය නිවන් පිණිස මැ වේ. අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත්, කුසල ධර්මයන්ගේ වැඩි දියුණුව පිණිසත් බුදුරජාණන් වහන්සේ නොයෙක් නයින් මඟ පෙන්වූහ. භාවනාව ඒ සඳහා උගන්වන ලද මූලික ප්‍රතිපදාවයි.