Labels

Showing posts with label අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන්. Show all posts

Saturday, November 4, 2017

මහත්ඵල මහානිශංස දානය ද? පරිත්‍යාගය ද?

දානය සහ පරිත්‍යාගය යන වචන දෙක ම අපට ඉතා හුරු පුරුදු ය. දානයෙන් සහ පරිත්‍යාගයෙන් කෙරෙන්නේ එකම අදහසක් යැයි විටෙක අපට සිතෙනවා. බුද්ධ දේශනාව අනුව මහත්ඵල මහානිශංස ගෙන දෙන්නේ දානය ද? පරිත්‍යාගය ද?
දානය සහ පරිත්‍යාගය දෙකෙන් ම කෙරෙන්නේ අත හැරීම යි. දානය යනු අත්හැරීමේ ප්‍රාථමික අවස්ථාව යි. පරිත්‍යාගය අත හැරීමේ උපරිමය යි. නිවනට උපකාරි වන්නේ පරිත්‍යාගය යි. එනිසා වඩාත් ප්‍රබල වන්නේ පරිත්‍යාගය යි.
දන් දෙන්නට අප හැම දෙනා ම කැමැතියි. දන් දෙන්නේ සිංහල බෞද්ධයෝ පමණක් නොවේ. අන්‍යාගමික අබෞද්ධයෝ ද විවිධාකාරයෙන් දන් දෙනවා. නමුත් ඔවුන් දන් දෙන්නේ නිවන ඉලක්ක කරගෙන නොවේ. අසරණයන්ට පිහිට වෙන්න ඕනෑ කියන හැඟීමෙන්, අනුකම්පාවෙන්. සමහර පිරිසක් එසේ කිරීම මගේ වගකීමක් කියන හැඟීමෙන් දන් දෙනවා. සමහර පිරිස් “මෙසේ දන් දීම මගේ අනාගතයට හොඳ ආයෝජනයක්. මහා නිධානයක්. සංසාරයේ ම සැප ලබා ගන්න පුළුවන් ක්‍රමයක්” කියා දන් දෙනවා. නමුත් බෞද්ධයා මේ ආකාරයට දන් දී සෑහීමකට පත් නොවිය යුතුයි. බෞද්ධයාගේ මේ සෑම දෙයක ම අවසාන ඉලක්කය නිවන අවබෝධ ය යි.
දන් දීමෙන් අප අත හරින්නේ චීවර, සේනාසන, පිණ්ඩපාත සහ ගිලානප්‍රත්‍ය නම් වූ සිව් පසය යි. මේ හතර අතහරින්න බැරි පුද්ගලයාට නිවන් දැකීම ඉතා අසීරු යි. දානය දෙන ගමන් පරිත්‍යාග කරන්නත්, අප පුරුදු වෙන්න ඕන. පරිත්‍යාග කියන වචනය හැදුනේ මේ ආකාරයට යි. “පරි” කියන්නේ හාත්පසින් ම, වටෙන් ම, සම්පූර්ණයෙන්ම කියන අර්ථය යි. “ත්‍යාග“ කියන්නේ අතහැරීම යි. නිවනට උපකාරි වන්නේ ඒ පරිත්‍යාගය යි. චතුරාර්ය සත්‍ය දේශනාවේ දී දුක්ඛ නිරෝධය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ “යො තස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. . .” යනුවෙන් වදාළේ එනිසා යි. මෙතැන දාන කියා වචනයක් නැහැ. මෙතැන තිබෙන්නේ චාග හෙවත් පරිත්‍යාගය පමණ යි.

Wednesday, September 6, 2017

තැනට සුදුසු නුවණ



ස්ථානෝචිත ප්‍රඥාව නැතහොත් තැනට සුදුසු නුවණ අප හැමෝම තුළ තිබිය යුතු මහඟු ගුණාංගයක්. එහ ිදී තමන් කරන කියන දේ පිළිබඳව හොඳ දැනුම්වත් බවක් අවබෝධයක් අවශ්‍යයි. බොහෝ දෙනා යමක් සිදු කිරීමේදී යමක් කිරීමේදී ඒ ගැන නුවණින් විමසා බලන්නේ නැහැ. ඒ නිසා ම විවිධ ආරවුල්, අනවශ්‍ය අර්බුද ඇති වෙනවා.
බුදුපියාණන් වහන්සේ පුංචි රාහුල හිමියන්ට අවවාද කරන්නේ සිතින්, කයින් සහ වචනයෙන් සිදු කරනු ලබන සියලු ක්‍රියාවන් හි දී නුවණින් සිතා බලන ලෙසයි. “රාහුල, නුවණින් විමසා බලා කයින් සිදු කරනු ලබන කර්මයන් සිදු කරන්න. රාහුල, නුවණින් විමසා බලා වචනයෙන් සිදු කරනු ලබන කර්මයන් සිදු කරන්න. රාහුල, නුවණින් විමසා බලා මනසින් කරන ක්‍රියාකාරකම් සිදු කරන්න” යැයි උන්වහන්සේ දේශනා කළා.මෙහි දී නුවණින් මෙනෙහි කළ යුතු වන්නේ කුමක්ද?

Sunday, August 6, 2017

ගැලවිය නොහැකි සිදුරු


වරදක් කළ පසු සමාව ගැනීම හොඳයි. නැවත කරන්නේ නැහැ කියා සිතීම ද හොඳයි. නමුත් එසේ කළ පමණින් කළ වරද නිවැරදි වන්නේ නැහැ. කළ පව පින බවට පත් වන්නේත් නැහැ. ඔබ කළ වරද නිසා මිනිසුන්ගේ සිත්වල ඇති වුණු චිත්ත පීඩා, වේදනා හරියට මේ ලෑල්ලේ සිදුරු ඉතිරි වුණා වගේ ඉතිරි වෙනවා.
එක්තරා ව්‍යාපාරික ආයතනයක් පාලනය කළ පිය පුතු දෙදෙනෙක් වූහ. මේ දෙදෙනාගෙන් පුතාට නිතර කේන්ති යන ස්වභාවයක් විය. නමුත් එක් කරුණකින් පුතා ඇගයිය යුත්තෙකි. ඒ ඔහු තමන්ට කේන්ති යන බවත්, එය නුදුසුසු දෙයක් බවත්, එය පාලනය කර ගත යුතු බවත් තේරුම් ගෙන තිබීමයි.
අපගේ වැරැදි අප විසින් ම අවබෝධ කර ගන්නේ නැති තාක් කල් කිසි දිනෙක අපට නිවැරැදි විය නොහැකිය. ලෝකයේ ම සිටින මිනිසුන් අප වට කර ගෙන ඔබ වැරැදියි කියමින් වැරැදි පෙන්වූවත්, ඒ වැරැදි අප අතින් සිදු වූ වැරැදි වශයෙන් පිළිගන්නේ නැති තාක් අපට නිවැරැදි විය නොහැකිය. එවිට අප සිතන්නේ අප කිසිදු වැරැද්දක් කරන්නේ නැතැයි යනුවෙනි. එසේ නොමැති ව අප අතිනුත් වැරැදි විය හැකිය යන මානසිකත්වයෙන් කටයුතු කරන්නාට කිසියම් කෙනෙක් වැරැද්ද පෙන්වා දුනහොත් එය තමන්ගෙන් වූ වරදක් බව පිළිගෙන නැවත එබඳු වැරදි නොකර සිටින්නට අධිෂ්ඨානයක් කළ හැකිය. තමා නිවැරැදි කිරීමේ මාවතට අවතීර්ණ විය හැකිය.

Saturday, July 8, 2017

විශ්වයම සාධු නදින් විශ්වයම සාධු නදින් ගිගුම් දුන් වගයි

එදා ඇසළ පුරපසළොස්වක පෝය දවස. මීට හරියටම වසර දෙදහස් හයසිය තුනකට පෙර බරණැස ඉසිපතනාරාමයේ මිගදාය නම් වූ පුණ්‍ය භූමියේ එක් පසෙකින් සැඳෑ හිරු අවරට බැසයන මොහොත. අනෙක් පසින් ඇසළ සඳ අහස් ගැබට නැඟී එන මොහොත. බුද්ධගයා ශුද්ධ භූමියේ සිට සතියක් පුරාවට පා ගමනින් ලෝකවාසී සකල සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් කාරුණික තථාගතයන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් විශිෂ්ට වූ ආර්ය සත්‍යය පස්වග තවුසන් උදෙසා දේශනා කරන්නට මිගදා මිහිකත සනසවමින් වඩිනා මොහොත. ශාන්ති නායකයන්ගේ ප්‍රථම ධර්ම දේශනාව හෙවත් උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කිරීමට වඩිනා සොඳුරු මොහොත ඇසළ පසළොස්වක පෝය දා සන්ධ්‍යා භාගයේදී උදා වුණා.
‘වරුණ’ සහ ‘අසී’ යන ගංගා දෙකට මැදිව නිර්මාණය කරන ලද වාරාණසී නම් වූ ‘බාරාණසී’ නමින් ප්‍රකට බරණැස් නුවර මුවන්ට අභය දානය දෙන ලද තැනක් නිසා ‘මිගදාය’ නමින් හැඳින්වුණ සෘෂිවරුන් බිමට බැස්ස තැන නිසා ‘ඉසිපතන’ නමින් නම් වුණ ශුද්ධ භූමිය උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව හෙවත් “ධම්මචක්කප්පවත්තන” සූත්‍රය පැවැත් වූ පින්බිමයි. ‘ධම්ම’ යනු ‘ධර්මයයි’. ‘චක්ක’ යනු ‘රෝදයයි’. ‘පවත්තන’ යනු ‘ඉදිරියට පෙරළා යැවීමයි’. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දහම් පණිවුඩය ප්‍රථම වතාවට ජනතාව වෙතට පෙරළා හළ සූත්‍රය නිසා මෙය ධම්මචක්කප්පවත්තන යන නමින් හැඳින්වෙනවා. මිගදායෙහි රැස්ව සිටි පස්වග තවුසන් අමතා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ විශ්මිත අනාවරණය ප්‍රථම වතාවට හෙළි කළා.

Sunday, June 25, 2017

විහිළුවට හෝ බොරු කීමෙන් පවට ඇති භය නැතිවෙයි

පන්සිල් රකින බොහෝ පිරිස් අතින් නිරතුරුව ම බිඳෙන සිල් පදයකි. මුසාවාදය. පාලියෙන් බොරුව යන වචනය මුසා යනුවෙන් හැඳින්වෙයි. මුසාවාදය නම් බොරු කීමයි.
යම් ප්‍රශ්නයක් විසඳීමට කෙනෙක් සාක්ෂි දීම පිණිස කැඳවා ඔබ ඒ සිදුවීම දුටුවා දැයි විමසූ විට තමන් එය හොඳින් දුටු නමුත් නොදුටුවා යැයි පවසයි නම් නොදුටුවා දැයි විමසන කල්හි එය නොදුටු නමුත් දුටුවා යැයි පවසයි නම් එය මුසාවක යැයි සාලෙය්‍යක සූත්‍රයෙහි සඳහන් වෙයි.




බොරුකීමට මුල්වෙන කරුණු
1 අත්ත හේතු (තමන් වෙනුවෙන් බොරු කීම), 

2. පර හේතු (අනුන් වෙනුවෙන් බොරු කීම), 

3. ආමිස කිඤ්චික්ක හේතු (ලාභ සත්කාර පෙරදැරි කරගෙන බොරු කීම.

අත්ත හේතු නම් තම වාසිය පිණිස බොරු කීමයි. තමාගේ සුව පහසුව පිණිස කියන ඕනෑම බොරුවක් මේ ගණයට අයත් වෙයි. එමෙන්ම මා මේ බොරුව කිව්වේ කෙනෙක් මට තර්ජනය කළ නිසා හෝ මරණවා කියු නිසා ආදි වශයෙන් බොරුකීමට පෙළඹීම ද අත්ත හේතුවට අයත්ය. පර හේතු නම් යමෙක් තම දරුවන් වෙනුවෙන්, පවුලේ යහපත වෙනුවෙන්, රට ජාතියේ දියුණුව වෙනුවෙන් , තම ආගම වෙනුවෙන් බොරු කීමයි.ලාභ සත්කාර , කීර්ති ප්‍රශංසා ආදිය පෙරදැරි කරගෙන කියන බොරු ආමිස කිඤ්චික්ක නම් වේ. සෑම විටම බොරුවක් පවසන්නේ මේ කාරණා තුන මුල් කරගෙන බව සැළකිය හැකිය. කිනම් අයුරකින් හෝ බොරු කීම හොඳ දෙයක් නොවේ. එය සමාජයේ පිළිකුලයට ලක්වෙයි. භාග්‍යවතුන් වහන්සේ බොරුව සෑම සමාජ ස්ථරයකම වාසය කරන අයට නුසුදුසු දෙයක් සේ සළකා එය සිල් පදවලින් වළක්වා ඇත. ගිහියන්ට පන්සිල්, අටසිල් සහ දසසිල් මඟින්ද, සාමණේර හිමියන්ට සාමණේර දස සිල්වලින්ද, උපසපන් භික්ෂුන්ට පාරාජික පාචිත්තිය යන ශික්ෂාපද වලින්ද බොරුව වළක්වා ඇත.


භික්ෂුවගේ පාරාජිකාව

පාරාජි යනු සම්පූර්ණ මහණ භාවය අහෝසි වී යාමයි. භික්ෂූන් වහන්සේ නමක් එසේ පාරාජිකා බවට පත්වන්නේ තමා තුළ නැති ධ්‍යාන මාර්ග ආදී උත්තරිතර මනුෂ්‍ය ධර්ම මවාපෑමාදි කටයුතු වලිනි. අසන්නා මුලා කරන අදහසින් තමන්ට ප්‍රයෝජන වාසි, ලාබ ප්‍රශංසා ආදිය ලබා ගැනීමේ අරමුණෙන් යුක්තව යම් ස්වාමින් වහන්සේ නමක් සෝවාන් නොවී තමා තුළ නැති මාර්ගඵල ගැන පවසයි නම් එවන් භික්ෂුව පාරාජික භාවයට පත්වෙයි. එවන් බොරු කීමෙන් පමණක් නොව තමන් තුළ නැති යම් යම් උසස් ගුණ ධර්ම තිබෙනවා යැයි අන්‍යයන්ට දැනෙන සේ හැසිරීමද එවැනි ම බොරුවකි. මෙවැනි බොරු, ස්වාමින් වහන්සේලාට පමණක් නොව මා තුළ නැති උසස් ගුණ ධර්ම තිබේ යැයි අන් අයට පෙනෙන අයුරින් හැසිරෙන ගිහියන්ටද අදාළ වේ.
සාමාන්‍යයෙන් මුසාවාද වචනයෙන් සිදුවන වැරැද්දක් ලෙස ගැනේ. නමුත් බොරු කීම පමණක් නොව බොරු කිරීම්, බොරු රඟපෑම්, බොරු ලිවීම්, බොරු මවාපෑම් ආදියද මුසාවාදයෙහිම අංගයන් වේ. බොරු කීමෙන් කරන්නේ කෙනෙකු රැවටීමයි. වංචා කිරීමයි. අනෙකාව මුළා කොට නොමඟ යැවීමේ චේතනාවෙන් ක්‍රියාකිරීම ද බොරුව හා සම්බන්ධ ක්‍රියාකාරකම් වෙයි. කිසියම් ආත්මාර්ථයක් සඳහා සාක්ෂි කැඳවූ විට යමෙක් බොරු කිව්වේද හේ වසලයෙකු බව ධර්මයේ සඳහන් වෙයි.

බොරුවෙහි අභිප්‍රාය රැවටීමයි

බොරුවෙහි මූලික අභිප්‍රාය නම් රැවටීම හෙවත් වංචාවයි. යම් ක්‍රියාකාරකමක් නිසා රැවටීමක් වේ නම් එය බොරුව ලෙසද දැක්වේ. බොරුවට මුල් වන අකුසල මූලය ලෝභයයි. ලෝභ, ද්වේශ මෝහය යන අකුසල මූල සිතෙහි තිබුණාට එයින් පවක් සිදු නොවේ. පව් සිදු වන්නේ එය සිතෙන්, කයෙන් හෝ වචනයෙන් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී පමණයි. විෂම ලෝභය යනු අන් සතු දේ තමන් සතු කර ගැනීමට ඇති ආශාවයි. ඒ විෂම ලෝභය සිතේ තිබී වැඩි දියුණු වී තවදුරටත් සිතේ තබා ගනු නොහැකිව අන් සතු දේ අයිති කර ගැනීමට ඇති ආශාව කෙනෙකු බොරු කීමට පොළඹවයි. බොරු කිරීමද බොරු ලිවීමද ඒ අයුරින්ම සිදුවෙයි.
සැබවින්ම බොරුව අනෙක් පව්කම්වලට පවා ප්‍රබල ව පවතී. මිලින්ද ප්‍රශ්නය නම් ග්‍රන්ථයෙහි මිළිඳු නාගසේන සංවාදයේදී නාගසේන ස්වාමින් වහන්සේ විසින් දැන දැන බොරුකීම පාරාජිකාවක් ලෙස සඳහන් කර ඇත. බොරුව එතරම්ම බරපතල වරදක් බව ඒ වකවානුවේදී සළකා ඇත. ඒ අනුව කිසිවක් නිසා නොව බොරු කියන්නාට කළ නොහැකි වරදක් නැති නිසාය. බිත්තියක එක් ගඩොලක් ගැළවුවහොත් ඒ බිත්තියේ ශක්තිය දුර්වල වෙයි. ඒ මොහොත්දී ම බිත්තිය කඩා නො වැටුණත් එමඟින් බිත්තියට හානියක්, එහි ශක්තියට අඩාලවීමක් සිදුවේ. ඒ දුර්වලවීම පසුකාලීනව බිත්තිය කඩා වැටීමට ප්‍රබල හේතුවක් විය හැක.

විහිළුවට බොරුකීම

විහිළුවට හෝ බොරු කීමෙන් වන්නේ පවට ඇති ලජ්ජාව සහ බය නැතිවී යාමයි. එවන් බොරු කීම මඟින් බොරුවෙහි ඇති භයානක භාවය නැති වී එය සරල දෙයක් ලෙස පෙනී යයි. ඒ සරල භාවය බොරුව කෙරෙහි ඇති ලජ්ජාව සහ බිය තුරන් කරයි. මේ ධර්ම දෙක නැතිවී යාම අනෙකුත් පව් කිරීමට ශක්තිය දෙයි. බොහෝ අය වැරැදි නො කරන්නේ එයට ඇති ලජ්ජා සහ බිය නිසයි. ඒ කරුණු දෙක හේතු කොට ගෙන පව්කම් නොකරන්නේ, බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගමිකයන්ද එවන් පාපයන්ගෙන් වැළකෙයි. ඒ අයුරින් ගත් කළ ඒ අයගේ ශීලය සහ අපගේ ශීලය අතර වෙනසක් නැති බව පෙනේ. අපගේ ශීලය ඊට වෙනස් විය යුතු වෙයි. අප සිල් රැකිය යුත්තේ ලජ්ජා භය නිසා ම නොව නරක දේ අත හැරීම විමුක්තියට හේතු වන බව වටහා ගෙනය.

මුසාවාදය පිටුදැකිය හැකි ක්‍රම

1 තමා බොරු නොකියා සිටීම, 

2. අන්‍යයන් ලවා බොරු නො කියවීම, 

3. අනුන් කියන බොරු සතුටින් ඉවසා නොසිටීම.

කිසිම අයුරකින් තමා බොරු කියන්නේ නැතියි යන දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව මුසාවාදය පිටු දැකිය හැකි පළමු ආකාරයයි. සමහරු තමා බොරු නොකියන නමුත් අන්‍යයන් ලවා බොරු කියවති. මෙය අද සමාජයේ ඉතාම සුලභව දකින්නට ඇති කරුණකි. දෙමාපියන් දරුවන් ලවා බොරු කියවීම, දරුවන් දෙමාපියන් ලවා බොරු කියවීම, රටේ ප්‍රභූන් මාධ්‍ය ප්‍රකාශකයන් ලවා බොරු කියවීම මෙයට අයත්ය. කරන විටදී එතරම් බරපතල ක්‍රියාවක් ලෙස නො පෙනුණත් එහි මුසාවාද පාප කර්මය එලෙසම පවතී. තමා බොරුවෙන් වළකින්නා සේම අන් අය ලවා බොරු කියවීමද දැඩි සේ හෙළා දැකිය යුතුය. ඒ මුසාවාදය පිටු දැකීමේ දෙවන පියවර වෙයි. අනුන් කියන බොරු සතුටින් ඉවසා එයින් තෘප්තිමත් වීමත්, බොරුවට අනුබල දීමකි. සමහරු අන් අය කියනා විකාර කථා ඉතාම සතුටින් වින්දය කරයි. ඒවා අසා පී‍්‍රතියට පත්වෙයි. මේවා ද මුසාවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වෙයි.
ඒ වගේම තම සිතෙහි ඇති කාරණය අන් අය ලවා කියවීමට විවිධාකාරයෙන් රුකුල් සපයයි. මෙවැනි විවිධ ක්‍රම වලින් බොරු කියන අයට සහයෝගය දෙනවානම්, එයට අනුකූලත්වයක් දක්වනවානම් අඩුතරමින් ඒ අය කියන බොරු අසා සිනාවක් හෝ පහළ කරනවා නම් එයින් හානි සිදුවන්නේ අපගේ ශීලයටයි. එයින් මුසාවාද ශික්ෂාපදය කැඩේ. එය දුර්වල වෙයි. ඒ නිසා එවන් දෙයින් වැළකී බොරුව තෘප්තිමත්ව අනුමත කිරීමෙන් වැළකීම අපගේ වගකීමයි.


ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍බක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 10 වන සඳුදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

Monday, June 12, 2017

සත්‍ය වචනයේ මිහිරියාව..



බොරු කීමෙන් වැළකීමට හොඳම පිළිවෙල වන්නේ සියලු අභූත දේ වර්ජනය කිරීමයි. අභූත දේ නම් සිදු නොවූ දෙයයි. තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ නොසිදු වූ දේ ගැන කථා කිරීමෙන් වැළකීම මෙහි අදහසයි. සිදු නො වූ දේ ගැන අප කථා කරන්නේ ඒ ගැන උපකල්පනය කිරීම හරහායි. ඒ උපකල්පන තුළ කියන දේ බොරුවක් වීමට අවස්ථාවක් ඇත. කථා කළ යුත්තේ තමන්ට ප්‍රත්‍යක්ෂ වූ දේ ගැන පමණි. පරම සත්‍යය ලෙස ගත හැක්කේ එයයි.
තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ, නොදන්නා දේ ගැන කතා කිරීමෙන් වැරැදි අදහස් ප්‍රකාශ විය හැකියි. නමුත් පරම සත්‍යය එසේ වෙනස් නෙවේ. එහි අඩුපාඩු විය නොහැක. එමනිසා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ ගැන පමණක් කථා කිරීමෙන් හා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ පමණක් පිළිගැනීමෙන් බොහෝ දුරට අසත්‍ය ප්‍රකාශ කිරීම අවම කරගත හැක.

Friday, June 9, 2017

සුරාපානය මදයට ප්‍රමාදයට හේතුවෙයි

මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත.
ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා භික්ෂූන්ට පනස් එක් වැනි පාචිත්තිය සිල් පදයෙන්ද සුරාපානය තහනම් කොට ඇත. පාචිත්තිය යනු ප්‍රබල සිල් පදයක් නොවූවත්, එවන් සිල්පදයකින් හෝ භික්ෂූන්ට සුරාපානය තහනම් වෙයි. මෙම තහනම බෞද්ධ සමාජයේ පමණක් ක්‍රියාත්මක වූවක් නොවේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළද සුරාපානය තහනම් ක්‍රියාවකි. බ්‍රාහ්මණ දහමට අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය යන අයට සුරාපානය කළ නොහැකිය. එය ශුද්‍රයන්ට පමණක් සීමා වූ පහත් ක්‍රියාවක් ලෙස බමුණු දහම පවා සලකයි. එය සියලු ආගම්වලින් ප්‍රතික්ෂේප කර ඇත.

Wednesday, May 10, 2017

නිවන් මඟට පමුණුවන ආර්ය මාර්ගය


රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ ඇලුණු තැනැත්තා සත්ත්වයා වශයෙන් හඳුන්වනු ලබයි. ඒ සත්ත්වයා එහි ඇලී වාසය කරන තාක් ඔහුට හිමිවන්නේ දුකක්මැයි. සත්ත්වයාට එම පඤ්චස්කන්ධයට ඇලීමෙන් හටගත් දුකින් නිදහස්වීමට ඇති ප්‍රතිපදාව හෙවත් වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ අර්හත් යන සතරමග ඵලවලට පත් උත්තමයන් ආර්යයන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් ඒ ආර්යභාවයට පැමිණීමට මේ ප්‍රතිපදාව අනුගමනය කළ නිසා එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද හඳුන්වයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මය තුළ විවිධ නම්වලින් හඳුන්වයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී එය මැදුම් පිළිවෙත නමින් දක්වා තිබේ.

Sunday, April 30, 2017

මිනිසත් බවින් ඵල නෙළමු

ධර්මයේ දී වටිනා කරුණු කිහිපයක එකතුවට ක්ෂණය කියා කියනවා. එම කරුණු කිහිපය ක්ෂණ සම්පත්තිය නමින් හැඳින්වෙන අතර, ධර්මාවබෝධයට, නිවන් අවබෝධයට එය හේතු වෙනවා. නිවන් අවබෝධයට හේතුවන කාරණා සමූහයක් එකතු වන තැන ක්ෂණ සම්පත්තිය පිහිටන බව අප දන්නවා. එය ඉතාමත් දුර්ලභ ඉතාම කලාතුරකින් සිදුවන්නක්.
බෞද්ධ අප හැම දෙනාගේම මූලික බලාපොරොත්තුව කවදා හෝ නිවන අවබෝධයටයි. ඒ නිවන සාක්ෂාත් කරන්නට නම් සම්පූර්ණ වියයුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඒ දුර්ලභ කරුණු අද ඔබට සම්පූර්ණව ලැබී තිබෙනවා. ඒ ක්ෂණ සම්පත්තිය යි.

Monday, April 24, 2017

ප්‍රාණඝාතයෙන් වැළකී අභය දානය දෙමු

සත්ත්වයකුගේ දිවි තොර කිරීම ප්‍රාණඝාතය යි. උපන් සත්ත්වයාට තම ජීවිතින්ද්‍රි‍්‍රය පවත්වන්නට නියමිත කාලය තුළ, එසේ පවත්වන්නට නොදී කිසියම් උපක්‍රමයකින් ඒ ජීවිතය වනසා දැමීම ප්‍රාණඝාතය ලෙස හැඳින්වේ. යමෙක් මනුෂ්‍යයෙක් ලෙස ඉපදුන කල්හි තම ජනක කර්මයෙන් මෙතරම් ආයු ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකයෙහි ජීවත්විය යුතු යැයි නියමයක් තිබේ. තම කර්මයෙන් ලැබූ ඒ ආයු ප්‍රමාණය ජීවත්වීමට ඉඩ නොදී කෙනෙක් බලහත්කාරයෙන් සත්ත්වයෙකුගේ ජීවිතය තොර කරයි නම් ඝාතනය කරයිනම් එය ප්‍රාණඝාතය ලෙස විස්තර වෙයි.

එයට පසුකාලීන “පර” යනුවෙන් වචනයක් එකතු කර ඇති සෙයක් පෙනෙන්නට ඇතත්, පර පණ පමණක් නොව තමාගේ ප්‍රාණය පවා ඝාතනය කිරීම ප්‍රාණ ඝාතයකි. පර පණ යනුවෙන් ගත් කළ අනුන්ගේ පණ නැසීම පමණක් නොකළ යුතුයි යන වැරදි වැටහීමක් අපට ඇති විය හැක. නමුත් තම පණවත් තමන්ට අයත් නොවන බව අප දනිමු. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ගොඩවල් පහම තමන්ගේ නොවන කල පණ පමණක් තමන්ගේ විය හැක්කේ කෙසේද?

Tuesday, April 11, 2017

අවබෝධයෙන් රකින පඤ්ච සීලය නිර්වාණාවබෝධයට

තථාගතයන් වහන්සේ නිවන් මාර්ගය තුළ ශික්ෂණයට පත්වන ශ්‍රාවකයා තුළ තිබිය යුතු අනිවාර්ය ශික්ෂණ ක්‍රමයක් ලෙස සීල ප්‍රතිපදාව හඳුන්වා ඇති අතර, නිවන් මඟ සීලයෙහි පිහිටා ආරම්භ කළ යුත්තක් බව දක්වා ඇත.
පඤ්ච සීල ප්‍රතිපදාවෙන් ඉගැන්වෙන වැළැක්වීම්වලට හා සමාන වැළැකීම් ක්‍රමයක් අන් ආගම්වලද ඉගැන්වෙන බව සමකාලීන ආගම් දෙස තුලනාත්මකව බලනවිට වටහා ගත හැකිය. ඒ අනුව පැහැදිලි වනුයේ පඤ්ච සීලය තුළ තිබෙන වැළැකිය යුතු කාරණා සමාජයට දායාද කළේ කිසියම්

Sunday, April 9, 2017

නොදුන් දේ ගැනීම සොරකමයි

අදින්නා දාන කවුරුත් දන්නා සිල් පදයයි. අදත්ත සහ අදින්න යන වචන දෙකෙහිම තේරුම නොදුන් යන්නයි. පාලි බසින් "දත්ත" වචනය දුන් යන අර්ථය ගෙන දේ. ඒ අනුව අදත්තය යනු නොදුන් ලෙස පැහැදිලි වේ. අදින්න යන්නෙහි තේරුම ද එයයි. ආදාන නම් ගැනීමයි. තමන්ට නොදුන් යමක් ගැනීමක් වේද, එය සොරකමකි. මෙලොවෙහි තමන්ට අයත් නොවන යමක් වේ නම් ඒ සියල්ල අයත් වන්නේ අනුන්ටය. අනුන්ට අයිති දෙයක් වේ නම් එහි අයිතිකරුවෙකු ද සිටිය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි. අයිතිකරුවෙක් ඇති දෙයක් ගැනීමෙන් පව් සිදුවන බවත්, එසේ අයිතිකරුවෙක් නැති දෙයක් ගැනීමෙන් පව් නො සිදුවන බව අපගේ හැඟීමයි. එය වැරැදි මතයකි. දෙවැනි සිල් පදයෙහි සඳහන් වන්නේ නොදුන් දේ ගැනීමෙන් වැළකීම මිස අයිතිකරුවෙක් ඇති දෙයක් ගැනීමෙන් වැළකීම නොවේ.අවුරුදු සියයක් මිනිස් වාසයෙන් තොර යම් කැලෑවකට මනුෂ්‍යයෙක් ඇතුල් වෙයි.

Saturday, April 8, 2017

පරදාර සේවනය නිරයේ උපතට හේතුවෙයි


කාම මිථ්‍යාචාරය පරදාර සේවනය ලෙස ද දක්වා තිබෙයි. “පර” යනු අනුන් හට අයත් යන අදහස දෙන පදයයි. “දාර” යනු ගැහැනිය, ස්ත්‍රිය, බිරිය යන අදහසින් යුක්තයි. නීත්‍යානුකූල විවාහයකින් හෝ විවාහ ගිවිස ගැනීමකින් තොර සැවොම කිනම් ආකාරයකින් හෝ අනුන්ට අයත් ස්ත්‍රිහු වෙයි. ඒ අනුව තමන්ගේ භාර්යාව හැර අනෙකුත් සියලුම ස්ත්‍රීන් පරදාර ගණයට අයත්ය.
ඒ ස්ත්‍රීන් අතරින් එක් අයෙකු සමඟින් හෝ කාම සේවනයෙහි යෙදෙයි නම්, එය කාමේසු මිච්ඡාචාරය යි. කාමේසු යන බහු වචනයෙන් මෙම පදය යුක්ත වී ඇත්තේ මෙම බොහෝ ස්ත්‍රීන් සමඟ වන කාම සේවනය අර්ථවත් කිරීමටය. කාමේසු මිච්ඡාචාරය යන සිල් පදයෙන් අදහස් වන්නේ අනිසි ලෙස ඉඳුරන් පිනවීම නොව වැරැදි කාම සේවනය ගැන බව අප අවධාරණය කළ යුතුය.

Tuesday, January 3, 2017

සත්ත්වයා යනු සසරට ඇලුම් කරන්නායි

සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ සම්මා දිට්ඨි සූත්‍රය ඉතාම ගම්භීරවූත්, සුන්දරවූත් සූත්‍ර දේශනාවකි. මෙම සම්මා දිට්ඨි සූත්‍රය වාර දහසයකට බෙදා ඇත. එහි ජරා මරණ වාරය පිළිබඳව මෙසේ පැහැදිලි කරමු
ආර්ය ශ්‍රාවකයා යම් කලෙක ජරා මරණ මනාලෙස දැනගනීද, ජරා මරණ සමුදය මනා ලෙස දැන ගනීද, ජරා මරණ නිරෝධය මනා ලෙස දැන ගනීද, එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. දහම දැන පැහැදුනේ වෙයි. ධර්මයට පැමිණ වාසය කරන්නෙක් වෙයි.
ආයුෂ්මතුනි, ජරා මරණ යනු කවරේද? ජරා මරණ සමුදය යනු කවරේද? ජරා මරණ නිරෝධය යනු කවරේද? ජරා මරණ නිරෝධගාමිනි ප්‍රතිපදාව යනු කවරේද?
ජරාවට පත්වීම යනු කුමක්ද? ඒ ඒ සත්ත්වයන් ඒ ඒ සත්ත්ව කොටස්වල යම් දිරීමක්, දිරන බවක්, කැඩුණු බවක්, කෙස් ආදියෙහි පැසුණු බවක් රැළි ගැසුණු බවක්, ආයුෂ පිරිහීමක් ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද එය ජරාවයි.

Monday, December 12, 2016

පෘතග්ජන භූමිය ඉක්මවා යෑම


සෝවාන්ඵලයට පත්වීමට කැමැති පුද්ගලයා විසින් පළමුව කළ යුතු වන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් පිරිසුදු නිර්මල බුදුදහම ශ්‍රවණය කොට හෝ කියවා හෝ ඒ ගැන දැනුවත්වීමයි. ඉන්පසු එම ධර්මය තුළින් සෝවහන්ඵලය සාක්ෂාත් කළ හැකිදැයි නුවණින් විමසා බැලීම කළ යුතු වන අතර, එසේ කළ හැකිබව වටහා ගැනීමෙන් පසු ආර්ය සීලයෙන් සිල්වත් විය යුතු වෙනවා."

Thursday, November 24, 2016

සම්මා දිට්ඨිය තුළින් දැනගන්නා කුසලය සහ කුසල මූලය

" සිතෙහි කෙලෙස් සමාජගත කරන්නේ කයින් සහ වචනයෙනුයි. සිතිවිලි නරක නම් කය සහ වචනයෙන් පිට වන්නේ නරක කි‍්‍රයා සහ නරක වචනයි. කයින් සිදුකරනු ලබන නරක ක්‍රියා හෙවත් පව් තුනකි. සත්ත්ව ඝාතනය,
සොරකම සහ වැරැදි කාම සේවයනයයි.'
තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දුක් විඳින මිනිසුන්ට ඒ දුකෙන් නිදහස් වන මාර්ගය දෙසා වදාළ සේක. ඒ මාර්ගයේ ගමන් කොට නිදහස් වූ තථාගතයන් වහන්සේ අපටද ඒ මාර්ගය වදාළේ අප කෙරෙහි ඇති වූ අප්‍රමාණ වූ කරුණාව නිසාවෙනි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අප ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය යන දෙකෙන් එකකට අයත් වෙති. භාග්‍යවතුන් වහන්සේ මේ දෙක අතරින් වර්ණනා කළ ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය කවරාකරදැයි සම්මාදිට්ඨි සූත්‍රයෙන් මනාව පිළිබිඹු වෙයි. ඒ ආර්ය ශ්‍රාවකයා

1. අකුසලය දැන ගනියි.

2. අකුසල මූලය දැනගනී,

3. කුසලය දැන ගනී.

4. කුසල මූලයද දැන ගනී. 
අකුසලය වශයෙන් දස අකුසලය මෙසේ විස්තර වෙයි.
 (1. ප්‍රාණඝාතය 

(2. අදත්තාදානය 

(3. කාමමිථ්‍යාචාරය

 (4. මුසාවාදය 

(5. කේලාම් කීම 

(6. රළු වචන කීම

 (7. හිස් වචන කීම 

(8. විෂම ලෝභය 

(9. ව්‍යාපාදය

 (10. මිත්‍යාදෘෂ්ටිය යන අකුලසයන්ය.

ඒ වගේම මෙම අකුසලයන්ට හේතු වන්නා වූ අකුසල මූලයන් දක්වා තිබේ
 1. ලෝභය 
2. ද්වේශය 
3. මෝහය යන අකුසල මූලයන්ය.

සම්මාදිට්ඨිකයා කුසලයද, කුසල මූලයද දැන ගන්නා බව ඉන්පසු දක්වා තිබෙයි. මෙහිදී දස කුසලය මෙසේ දක්වයි. ප්‍රණඝාතයයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමමිථ්‍යාචාරයෙන් වැළැකීම, බොරු කීමෙන් වැළැකීම, කේළාම් කීමෙන් වැළැකීම, පරුෂ වචනයෙන් වැළැකීම, හිස් වචනයෙන් වැළැකීම, විෂම ලෝභයෙන් වැළැකීම, ව්‍යාපාදයෙන් වැළැකීම මෙන්ම සම්මා දිට්ඨිය ද කුසලයක් වෙයි.

ඒ වගේම මෙම කුසලයන්ට හේතු වන්නා වූ කුසල මූලයන් මෙසේ දක්වා තිබේ.
 1. අලෝභය කුසල මූලයකි,

 2. අද්වේෂය කුසල මූලයකි 

3. අමෝහය කුසල මූලයකි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවකයා මේ කියන ලද අකුසලයත් අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් මනා ලෙස දැන ගනීද, ඔහු සියලු ආකාරයෙන් රාගානුසය නැතිකොට පටිඝානුස්සය දුරු කොට මම ය යන දෘෂ්ඨිය මුල්කරගත් මානානුසය නසා අවිද්‍යාව හැර දමා විද්‍යාව උපදවා මේ ආත්ම භවයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨිකයෙකු වෙයි. ධර්මය පිළිබඳව ඔහුගේ දෘෂ්ඨිය සෘජු වෙයි. ධර්මය ගැන පැහැදෙන ලක්ෂණයෙන් යුක්ත වෙයි. පෘථග්ජන භූමිය ඉක්මවා ලෝකෝත්තර භූමියට පැමිණ වාසය කරන්නෙක් වෙයි.

ආර්ය ශ්‍රාවකයා තුළ සම්මාදිට්ඨිය පිහිටන්නේ ඔහු කාරණා හතරක් ගැන මනා ලෙස දැන ගන්නා බැවිනි. ඒවානම් 

1. අකුසලය දැන ගනී, 

2. අකුසල මූලය දැනගනී,

 3. කුසලය දැනගනී,

 4. කුසල මූලය දැනගනී. 
මෙයට අමතරව ආර්ය ශ්‍රාවකයා අකුසලය නමින් නම් කරන ලද දස අකුසල් මනාලෙස දැන ගනී. එයට හේතු වශයෙන් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් බව මනා ලෙස දැන ගනී. දස අකුසලයන්ගෙන් වැළැකීම දස කුසලය බව දැන එයට හේතුව අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල මූලයන් බව මනා ලෙස දැනගනී.
මේ ලෝභ, ද්වේෂ, මෝහ මුල් වී දස අකුසල් සිදු වන්නේ කෙසේද? සිතෙහි කෙලෙස් ක්‍රියාත්මක වන ආකාරයද තුනකි. ඒ අනුසය, පරියුට්ඨාන හා විතික්කම යි. අනුසය අවස්ථාවේ ක්‍රියාත්මක වන සිතිවිලි ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් වශයෙන් දැක්වේ. පරියුට්ඨාන අවස්ථාව යනු - සිතින් සිතන අවස්ථාවයි. ලෝභ, ද්වේෂ මෝහ මනසින් ක්‍රියාත්මක කිරීම චේතසික කර්ම වශයෙන්ද දක්වා තිබේ. චේතසික කර්ම වශයෙන් හඳුන්වනු හෙවත් සිතින් කරන පව් තුනකි. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි ඒවායි. මේවා සිතෙහි කි‍්‍රයාත්මකවීම පරියුට්ඨාන අවස්ථාව හෙවත් ඇතුළත සිතිවිලි කැකෑරෙන අවස්ථාව ලෙසින් දැක්වේ. මේවා සිතෙහි ම යෙදෙන අකුසල කර්ම නිසා, පව් නිසා චේතසික කර්ම වශයෙන් දක්වා තිබේ. අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි සිතෙහි පාලනය කර ගත නොහැකි විට ඒවා කයින් සහ වචනයෙන් ක්‍රියාත්මක වේ. එළියට දැමේ. පිට කෙරේ. සමාජගත කෙරේ. විතික්කම අවස්ථාව යනු එම අවස්ථාවටයි. සිතෙහි කෙලෙස් සමාජගත කරන්නේ කයින් සහ වචනයෙනුයි. සිතිවිලි නරක නම් කය සහ වචනයෙන් පිට වන්නේ නරක කි‍්‍රයා සහ නරක වචනයි. කයින් සිදුකරනු ලබන නරක ක්‍රියා හෙවත් පව් තුනකි. සත්ත්ව ඝාතනය, සොරකම සහ වැරැදි කාම සේවයනයයි. බොරුකීම, කේළාම්කීම, පරුෂවචන කීම, හා හිස් වචන කීම වචනයෙන් සිදුවන පව් හතරයි. මේ අනුව සිත, කය සහ වචනය යන තුන් දොරින් සිදු කරනු ලබන වැරැදි සියල්ල දහයකි. මේ දහය ම සිදු කරනු ලබන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් නිසාය.

මේ අකුසල මූලයන් අතුරෙන් මෝහය නම් වූ අකුසලය සෑම අකුසල ක්‍රියාවකට මුල් වෙයි. අනෙක් සිතිවිලි ඒ ඒ ක්‍රියාව අනුව වෙනස් වෙයි. ඒ අනුව ලෝභය මුල් වී අභිජඣාව නම් සිතින් කරනු ලබන පව් ද, සොරකම හා කාමය වරදවා හැසිරීම නම් කයින් කරනු ලබන පව්ද, බොරුකීම නම් වචනයෙන් කරනු ලබන පවද සිදුවෙයි. ද්වේෂය මුල් වී ව්‍යාපාදය නම් වූ සිතින් කරනු ලබන පවද, සත්ත්ව ඝාතනය නම් වූ කයින් කරනු ලබන පවද සිදුවෙයි. පරුෂ වචනකීම සහ කේලාම්කීම නම් වූ වචනයෙන් කරනු ලබන පව්ද සිදුවෙයි. මෝහය මුල් වී මිච්ඡාදිට්ඨි නම් වූ සිතින් කරන වරද ද, හිස් චචනකීම නම් වූ වචනයෙන් කරනු ලබන පවද සිදුවයි. මෙහිදී කයින් වචනයෙන් සිදු කරනු ලබන පව් චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. කයින් වචනයෙන් සිදු කරනු ලබන එම ක්‍රියාවන්නට සෘජුවම සිතින් කරනු ලබන වැරැදි හෙවත් නරක සිතිවිලි වන අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන සිතිවිලි තුන මුල්වන බැවින් ඒවා චේතනා කර්ම වශයෙන් දක්වා තිබේ. මේ කියන ලද ක්‍රමවේදය මනා ලෙස දැනගැනීම “අකුසලං ච පජානාති” වශයෙන් හඳුන්වයි. එසේ ම අකුසලයන් නිසා ඇති වන විපාක මිහිරි ඒවා නොවන බවත්, කටුක වේදනාබර ඒවා බවත් ඒවා නිසා දුක් විඳින්නට සිදුවෙන බවත් ඒ අනුව මෙලොව සහ පරලොව කිසියම් දුකක් තිබේනම් එයට මුල මේ ලෝභ, ද්වේශ, සහ මෝහයන් නිසා ඇති වූ අකුසල කර්මයන් බව දැන ගැනීමද මෙහි දී “අකුසලංච පජානාති” යන්නෙන් අදහස් කරයි.


ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේශ, මෝහ සිත තුළ ඇති වන්නේ කෙසේදැයි නුවණින් දැන ගනී. සත්ත්වයා තම ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නම් වූ අරමුණු පි‍්‍රයමනාප ලෙසින් රස විඳින්නට යාම නිසා මෙම අකුසල මූලයන් සිතෙහි ඇතිවයි. උදාහරණ ලෙස යමෙක් ඇසින් රූපයක් දකී. ඒ රූපය ලස්සන රූපයක් නම් පි‍්‍රයමනාප රූපයක් නම් ඒ තැනැත්තාගේ සිතෙහි ඒ රූපය නිසා කිසියම් වින්දනයක් ඇතිවෙයි. එය වේදනාව යනුවෙන් පැවසේ. පි‍්‍රයමානප රූප නිසා ඇතිවෙන වේදනාව සුඛ වේදනාවකි. අපි‍්‍රය අමනාප රූපයක් නම් ඇතිවන්නේ එය දුක්ඛ වේදනාවකි. පි‍්‍රයත් නැති, අපි‍්‍රයත් නැති රූපයක් නම් ඇතිවන්නේ මැදහත් වේදනාවකි. මෙයත් උපේක්ෂා වේදනාවක්. මේ කියන ලද සුඛ වේදනාව නිසා ඇතිවන්නේ ලෝභයක්. දුක්ඛ වේදනාව නිසා ඇතිවන්නේ ද්වේෂයක්. උපෙක්ඛා වේදනාව නිසා ඇතිවන්නේ මෝහයකි. ඒ අනුව සිතෙහි වන අකුසල මූලයන්ට හේතු වී තිබෙන්නේ මේ තුන් ආකාර වේදනාවයි. “අකුසල මූලං ච පජානාති” යන ප්‍රකාශයෙන් කියැවෙන්නේ ආර්ය ශ්‍රාවකයා ලෝභ, ද්වේෂ, මෝහ ඇති වන්නට හේතු වූ මේ ත්‍රිවිධාකාර වේදනාව ද මනා ලෙස දැනගන්නා බවයි.





ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ නොවැම්බර් 14 වන සඳුදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

Sunday, October 9, 2016

සියල්ල සිදුවන්නේ කර්මය අනුවද?

කර්මය නම් යමක් කිරීමයි. කළ දෙයින් ලැබෙන ඵලය කර්ම විපාකය යි. ලෝකයා කර්මය වශයෙන් සලකන ගොවිකම, වෙළෙඳාම, වෙදකම ආදිය මෙහි කර්ම වශයෙන් නො සැළකේ. බුදුදහම කර්මය යනුවෙන් දක්වන්නේ සත්ත්වයා විසින් රැස් කරනු ලබන පින් හෝ පවය. හොඳ හෝ නරක සිතින් කරනු ලබන ක්‍රියාකාරකම් ය. ඒවාට මුල් වන්නේ චේතනාවන් ය. හැඟීමක් සිතිවිල්ලක් නැතිව කරන හෝ කෙරෙන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල තුන මුල් වී සිතින්,කයින් හෝ වචනයෙන් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාකාරකම් කර්ම වශයෙන් දැක්වේ. ඒ අනුව කර්මයක් සැකැසීමේදී ලෝභ, ද්වේශ, මෝහය යන සිතිවිලි තුන ප්‍රධාන වන බවත් ඒ චේතනාව ම කර්ම වශයෙන් ද දක්වා ඇත.

Friday, September 16, 2016

සිදුකළොත් ආනන්තරිය පාපය ගෙන දේ කල්පයක් විපාකය

මේ ජීවිතය මියගිය පසු ඒකාන්තයෙන් ම විපාක දෙන අකුසල කර්ම ආනන්තරීය කර්ම වශයෙන් හැඳින්වේ. ආනන්තරීය යන නම මෙහිදී යොදා ඇත්තේ කර්මයේ ස්වභාවය සලකාගෙන නොව කර්ම විපාකයේ ස්වභාවය සලකා ගෙනය. ආනන්තරීය කර්මයේ විශේෂය වන්නේ එයට ම ආවේණික වූ කර්ම විපාකයක් ඒකාන්ත වශයෙන් ම ලැබීමයි. එය ධර්ම නියාමතාවයකි.
ඒ අනුව යමෙක් මේ භවයෙහි දී ආනන්තරීය කර්මයක් සිදුකළේ නම් ඒ තැනැත්තාගේ ඊළඟ භවය ඒකාන්තයෙන් ම දුගතියකි. එම කර්ම විපාකය ඒකාන්තයෙන් ම ඊළඟ භවයේ දී විපාක දේ. කර්මය සිදුකළ භවයේදී මාර්ග ඵලාවබෝධයට පත්විය නොහැකිය.

Thursday, March 3, 2016

පිරුවානා පොත්වහන්සේ පිළිබඳව කෙතරම් දැනුවත්ද?



අප හැම දෙනාම දැනගත යුතු පරිහරණය කරන වටිනා ධර්ම ග්‍රන්ථයක් වන්නේ ඒ පිරුවානා පොත් වහන්සේයි. “පිරුවානා” කියන සිංහල වචනය ගොඩනැඟී ඇත්තේ ‘පරිවහන’ කියන පාලි වචනයෙනුයි. පරිවහනය යනු කටපාඩම් කිරීමයි. කටපාඩම් කළ යුතු සූත්‍ර සමූහයකින් සැදුම් ලත් නිසා මෙය පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන්වනවා.
මේ පිරුවානා පොත් වහන්සේ පාලියෙන් හඳුන්වන්නේ ‘චතුහාණාවාරපාලි’ කියායි. ‘චතු’ කියන්නේ හතරටයි.

Sunday, November 29, 2015

පින් පල නෙළාගත හැකි උතුම් පින් කෙත


පිළිවෙත් සරු මහ සඟ රුවනෙහි ගුණ ගැයෙන සඟ ගුණ පාඨයෙහි සඳහන් වන අවසන් ගුණය අනුත්තරං “පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” ගුණය පිළිබඳව මෙසේ දැනගනිමු.
ලොව වෙසෙන ගොවියෝ කෙත්වල බීජ වපුරනවා. බීජ වපුරන්නේ සරුඵල ලබන්නයි. වැපුරු බිජුවේ සරුඵල ලබන්නනම් කෙත ද සරු විය යුතු වෙනවා. කෙත ද සුදුසු විය යුතු වෙනවා. මනාකොට ජලය යොදා පොහොර යොදා සී සා සකසා ගත් කෙතක් විය යුතු වෙනවා. සරු කෙතක තිබිය යුතු අංගයන් පිළිබඳව අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ඛෙත්තූපම සූත්‍රයේ දක්වා තිබෙනවා.