Labels

Showing posts with label දිවයින පුවත්පතෙහි පල වු ලිපි. Show all posts
Showing posts with label දිවයින පුවත්පතෙහි පල වු ලිපි. Show all posts

Thursday, July 21, 2016

අකාලික වූ කහ සිවුර

වර්තමානය තුළ ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක්‌ තවත් නැති තරම්ය. විවිධ ඇඳුම් පැළඳුම් සඳහා ඇති ඉල්ලුම ද ඉතා ඉහළය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත් ඒවාට මිම්මක්‌ ගණනක්‌ නැති තරමටම සීමා වී ඇති බවත් අද පැහැදිලිව පෙනෙන දර්ශනයකි. අද ඒවාට ඉහළ වටිනාකමක්‌ ද දී ඇති අතර වර්ණය ද විවිධ වේ. අද බොහෝ දෙනා විශාල වියදමක්‌ දරන්නේද ඇඳුම් පැළඳුම් සඳහාය. එය තරගකාරී ස්‌වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිතා කරන සංකේතයක්‌ද වී හමාරය.
ගිහි සමාජයේ ඇඳුම් මේ අයුරින් විවිධව විෂමව පවතිද්දී පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීම වැදගත් වේ. ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් කට්‌ටල දෙකක්‌ තිබෙන බව පැහැදිලිය. ඒ අනුව සිවුරු පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා නම් ව්‍යවහාර කරනු ඇත. කහ වත (කසාය වස්‌ත්‍රය) කියා ද කීම වරදක්‌ නොවේ.

Thursday, November 26, 2015

කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම



අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි.

Monday, July 20, 2015

දානය සත්පුරුෂ වන්නේ කෙසේද?




පඤ්චමානි භික්‌ඛවෙ සප්පුරුස දානානි, කතමානි පඤ්ච? සද්ධාය, දානං දේති සක්‌කච්චං දාන දේති, කාලේන දානං දේති, අනග්ගහිත චිත්තෝ දානං දේති, අත්තානංච පරංචච අනුපහච්චි දානං දේති"

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්‌කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර දී මේ උතුම් වූ දහම් පෙළ දේශනා කළහ. ඒ මෙසේය. "මහණෙනි, සත්පුරුෂ දාන පහකි. ඒ කුමක්‌ද? "සද්ධාය දානං දේති" ශ්‍රද්ධාවෙන් දන් දෙයි. ශ්‍රද්ධාව නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ම ඇති කර ගන්නා වූ ප්‍රසාද ලක්‍ෂණ ගුණයයි. අවබෝධයෙන් ම ශ්‍රද්ධාවට පත්වීම නම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම අරමුණු කරගෙන, නව අරහාදී බුදුගුණ තේරුම් ගැනීමයි. එමෙන්ම එම බුදු ගුණයන් වෙතට සමීප වීමයි. එම බුදුගුණයන් තේරුම් ගෙන අවබෝධයට පැමිණෙන විට, සිත ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්නට පටන් ගනියි. එවැනි සිතකට ඉතාම පහසුවෙන් දීම පුරුදු කළ හැකිය. "පයතපානී'' "වොස්‌සග්ගරතො"" යනුවෙන් සඳහන් කළේ එයයි. එනම් දෙන්නට සෝදා ගත් අත් දෙකෙන් සහ දීමට නැමුණු අත් දෙකක්‌ යනුවෙනි. දානයකදී සකස්‌ විය යුතු අවස්‌ථා තුනම මානසික වශයෙන් මෙහිදී සකස්‌ වෙයි. එනම් පූර්ව ෙච්තනා (දානයට පෙරාතුව, අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුසල ෙච්තනා පැවතීම ( පුඤ්චන ෙච්තනා (දානය සිදුකරන අවස්‌ථාවේදී ද. අලෝභ, අදොaස, අමෝහ කුසල ෙච්තනා පැවතීම) සහ අපර ෙච්තනායි (දානයෙන් පසුවද අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුල ෙච්තනා පවත්වා ගැනීමයි.)

මෙයට තවත් දහම් කොටසක්‌ එකතු කර ගත හැකිය. එනම් "සෝමනස්‌ස සහගත ඥාණසම්පයුක්‌ත අසංඛාරික සිත් පෙළක්‌ පැවතිය යුතු බවය. එහි අදහස මෙසේයි. දානමය ක්‍රියාව කෙරේ ප්‍රසාදයෙන් ද, කර්මය හා එහි ඵලය පිළිබඳ අවබෝධයෙන් ද අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමාගේම සිතේ මෙහෙයවීමෙන් ම සිත හා සිතුවිලි සකස්‌ වීමයි.

දෙවනුව සඳහන් කරන්නේ "සක්‌කච්චං දානං දේති" "සකසා දන් දෙයි" යනුවෙනි. මෙහිදී දාන සංවිභාගරතෝ" යනුවෙන් සඳහන් කළ පරිදි, මනා කොට, පරීක්‍ෂාකාරීව ද සංවිධානයෙන් ද. විමසා බලා ද දන දෙන්නේය. "කාලේන දානං දේති" යනුවෙන් සඳහන් කරන්නේ සුදුසු කාලයෙහිම දන් දිය යුතු බවය. දන් දීමේදී පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ හෙවත් අනුකම්පා බුද්ධියෙන් ද යුතුව එය කළ හැකිය. එනම් බුද්ධාදී උතුමන් වෙනුවෙන් සිදු කරන දානය නම් උතුම් ගුණයන් සලකාගෙන කරන පූජාවකි. එය පූජා බුද්ධියෙනි. නැති බැරි අයෙකුට හෝ යමක්‌ ඉල්ලාගෙන පැමිණි කෙනෙකුට හෝ ඥාති හිතමිත්‍ර අයෙකුට යමක්‌ දෙන්නේ නම් එය අනුකම්පාවක්‌ ලෙස ය. මෙම කුමන හෝ ආකාරයකින් නිසි කල දානය හෙවත් දීම සිදු කළ හැකිය.

මීළඟට සඳහන් කරන්නේ "අනග්ගහිත චිත්තෝ දානං දේති" යනුවෙනි. එනම් දෙන දෙයෙහි සිතේ බැඳීමක්‌ නැතිවම දන් දෙන බව ය. "මුත්තචාග'' යනුවෙන් සඳහන් කරන්නේ ද මෙයයි. මෙහිදී පරමාර්ථ ධර්ම කථාවෙහි සඳහන් කරන "පටිනිස්‌සග්ග" නම් වූ එනම් අත්හැරීම ඉලක්‌ක කිරීමක්‌ අදහස්‌ කෙරේ. ආධ්‍යාත්මික (අජ්ජධත්ත) හෝ බාහිර (බහිද්ධා) නම් වූ කවර දෙයක්‌ වුවද තණ්‌හා මදමාන දෘෂ්ඨීන්ගෙන් බැහැරව දීම හෙවත් අත්හැරීම ම මින් අදහස්‌ කෙරේ. මෙම දාන කතාවෙහි අවසන් වශයෙන් සඳහන් කරන්නේ "අත්තානංච පරංච අනුපහච්ච දානං දේති" යනුවෙනි. එනම් තමාගේද, අන්‍යයන්ගේ ද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන්දිය යුතු බවයි. මෙහිදී පස්‌ පව්, දස අකුසල් වලින් බැහැරව ම දානය කළ හැකි වන්නේ නම්, කිසි විටෙකවත් තමාගේ ගුණයකට හෝ අන් අයට හෝ හානියක්‌ විපතක්‌ නොවන්නේ ය. මෙහිදී ගලපා ගත යුතු දහම් පෙළ මෙසේ ය. "උට්‌ඨාන විරියාදිගතේහි භෝගේහි බාහාබල පරිචිතේහි සේදා වක්‌ඛත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි" යන්නයි. එනම් භෝග හෙවත් ධනය සපයා ගත යුත්තේ උට්‌ඨාන වීර්යෙන්ද, දැතේ බාහු බලයෙන්ද, දහදිය වැගිරීමෙන්ද, ධර්මානුකූලව ම බවය. එසේ උපයා ගත් යමකින් දෙන දානය උත්කෘෂ්ඨ දානයක්‌ වීමට මූලික පසුබිම සකස්‌ කරයි.

මෙසේ අවබෝධයෙන් යුතුවම දන්දීම නිසා ලැබෙන විපාකයෝ කවරේද යත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.

"මහණෙනි, සැදැහයෙන් දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු වූයේ දැකුම්කලු වූයේ, ප්‍රසාද එළවන සුළු වූයේ මනා වූ ප්‍රසන්න ද වෙයි."

"මහණෙනි සකස්‌ දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. දරුවෝ ද ස්‌වාමි භාර්යාවෝ ද, දාසයෝ ද, කම්කරුවෝ ද, පිරිවර ද කීකරු වෙති. කන් යොමු කරති. දැනුම සඳහා සිත් පිහිටුවති.

"මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග වූයේ ආඪ්‍ය ද වෙයි. සුදුසු කල ඔහුගේ හෝ ඇයගේ යහපත සඵල වෙයි.

"මහණෙනි, දෙන දෙයෙහි නොබැඳුණු සිත් ඇතිව දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ, මහා භෝග වූයේ, ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්‌කම් ගුණයෙන් යුතු භෝග පරිහරණයට සිත නැමෙයි.

"මහණෙනි, තමා හා අන් අයට පීඩා නොකොට දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ මහා භෝග ද වූයේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමාට අප්‍රිය අයගෙන් හෝ කිසිවකුගෙන් හෝ ඔහුට හෝ ඇයට භෝගයන්ට කරදරයක්‌, විපතක්‌ හානියක්‌ නොවෙයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දහම් පෙළ සත්පුරුෂයකුගේ දන්දීමේ පිළිවෙතයි. එසේ අවබෝධයෙන් ම යුතුව සිදු කරන ලද දානයේ විපාක. ප්‍රාර්ථනා කළත් නොකළත් එම සත්පුරුෂයාට ලැබෙයි. සම්මා සම්බුද්ධත්වය, පච්ෙච්ක බෝධිය, අරහත්වය. අධිෂ්ඨාන කරන කවර බෝධිසත්වයෙක්‌ වුවද, පාරමී ගුණ අතර දානය ප්‍රමුඛත්වයෙන්ම පුරුදු කරයි. නිවන් මගෙහි පරම අධිෂ්ඨානය වන තෘෂ්ණාව නැති කිරීම මූලික වශයෙන් සැකසී ඇත්තේ ද දානය ප්‍රධාන කොටගෙන ය. දාන චිත්තයෙන් මෙහෙයවන කුසල් මග "අත්හැරීමට" එනම් අස්‌මි මානය ඉවත් කොට සසරබැමි බිඳ දැමීමට මාර්ගය සකසා දෙයි. මෙම ධාතු ස්‌කන්ධ, ආයතනයන්ගෙන් සැදුම්ලත් ශරීර පුඤ්ජය, අනිත්‍ය වශයෙන්ද. දුක්‌ වශයෙන් ද අනාත්ම වශයෙන් ද දැක ගනියි "නේතං මම, නේසෝ, හමස්‌මි, නමේෂො අතීතා)

සකසා දෙන්න, ගෞරවයෙන් දෙන්න, සියතින්ම දෙන්න, හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ඨිය බැහැර කොට. දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මගඵල සහ නිවන ඒ මගට අරමුණු වනු ඇත.


 ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

2015 ජුලි 20 සඳුදා  දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකින් උපුටා ගැනිමකි

Saturday, July 18, 2015

සසුනට වින කරන මාර පාක්‍ෂික බණ



බෞද්ධ ධර්මය පිළිබඳ එක්‌තරා මහාචාර්යවරයකුගේ නමින් පුවත්පතක පළවූ ලිපියක කරනු සම්බන්ධයෙන් සංවේගයට පත්ව මෙම ලිපිය ඉදිරිපත් කරමි.

පිරිනිවියා වූ බුදුරජුන්ට පූජාවන් පැවැත්වීමෙන් පළක්‌ නැති බවත්, එය හින්දු දේව පූජාවන් අනුකරණයෙන් ගොඩනඟා ගත් හානිදායක චාරිත්‍රයක්‌ බවත් ඔහු සඳහන් කරයි. පළමුව බුද්ධ පූජාව යනු කුමක්‌දැයි හඳුන්වා දිය යුතුය. "බුදු පියාණන් වහන්සේ" යනු සියලු මානුෂික ගුණයන්ගේ පරිණාමයේ අග්‍රම අවස්‌ථාවය. මුදුන්මල්කඩය. සසර දුකට වැටී සිටින අප සියලු දෙනාට ඉන් එතෙර වීමේ මගද, කරුණා - මෛත්‍රී, ප්‍රඥ ආදී ගුණ, සන්තානයේ වඩවා ගැනීමය. මේ ගුණ වගාව ආරම්භ කිරීමට ඇති හොඳම ක්‍රමය, එම ගුණයන්ගෙන් පිරිපුන් උත්තමයකුගේ ගුණ අපගේ හදවතින් අගය කිරීමය. එසේ ගුණ අගය කිරීම එම උත්තරීතර ගුණයන් තමාගේ සන්තානයට ද වැඩමවා ගැනීමේ මුල් පියවරය. මෙසේ ගුණ අගය කිරීම තුන් ආකාරයකින් කළ හැකිය. එනම්, සිතෙන් කයෙන් සහ වචනයෙනි. බුද්ධ වන්දනාව සිදුකරන විට සහ බුද්ධ පූජාවන් පවත්වන විට කායිකව ද, ස්‌තූති පූජාවන් කරන විට සහ ගාථාවන් කියන විට වාචිකව ද මෙසේ බුද්ධ ගුණ ඇගයෙන අතර මනසින්ම බුදුගුණ අගය කිරීම බුද්ධානුස්‌සති භාවනාව යනුවෙන් හැඳින්වේ.

බෞද්ධයන් පූජාවන් පවත්වන්නේ තථාගතයන් වහන්සේගේ චිත්තාකර්ෂණීය ශරීරයට නම්, පරිනිර්වාණයෙන් පසු බුද්ධ පූජාවන් පැවැත්වීම නොකළ හැකි බව සැබෑය. නමුත් බුද්ධිමත් බෞද්ධයා පූජාවන් පවත්වන්නේ බුදු පියාණන් නිසරු යෑයි දෙසූ කය අරමුණුකොට නොව, බුද්ධ ගුණයන් අරමුණු කර ගනිමිනි. තම තමන්ගේ ප්‍රඥවේ තරමට, අදත් අපට බුදුගුණ මෙනෙහි කළ හැක්‌කේමය. චෛත්‍ය, බුද්ධ ප්‍රතිමාව සහ බෝධීන් වහන්සේ අනන්ත බුදුගුණ සිහිකර ගැනීම සඳහා අපට දෘශ්‍යාධාරකයන් වෙයි. අපගේ සන්තානයේ, ශ්‍රද්ධාව - වීර්ය- සතිය - සමාධිය ආදී කුසල් සිත් ජනිත කර ගැනීමට බුද්ධ පරිනිර්වාණය කවර බාධාවක්‌ ද?

දීඝ නිකායේ එන මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු රජාණන් වහන්සේ මෙසේ සඳහන් කළහ. "ආනන්දයෙනි, ස්‌ථූප තනා වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකි. එනම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සක්‌විත් රජු යන මේ සිව් දෙනාය. ආනන්දයෙනි, කවර කරුණක්‌ නිසා තථාගතයන් වහන්සේට ස්‌ථූප තනා වැඳුම් පිඳුම් කිරීමට සුදුසු වන්නේද? ආනන්දයෙනි, "මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්‌ථූපයයි" සිතා බොහෝ දෙනා සිත පහදවාගෙන මරණින් මතු සුගතිගාමී වන හෙයිනි". කළ යුත්තේ බෝධි පූජා, බුද්ධ පූජා නොව, භාවනාව යෑයි කියමින් මාරසිංහ මහතාගේ ගෝත්‍රයේ පිරිස රට කළඹති. භාවනාව පිළිබඳව බුදු හිමියන් දෙසූ මහානර්ඝම සූත්‍ර රත්නයවන, සතිපට්‌ඨාන සූත්‍රයට (ම.නි) අනුව භාවනා කළ හැක්‌කේ පිළිමයක්‌ මෙන් නිසෝල්මන්ව සිටීමේදී පමණක්‌ නොවේ. යන විට එන විට, හිඳින විට, සැතපෙන විට සේම. දොඩන විට, නිහඬවන විට, ආදී සියලු අවස්‌ථාවලදී, වීර්යයෙන්, මනා නුවණින් සහ සිහියෙන් යුතුව ඒ ක්‍රියාවන් සිදුකිරීම භාවනාවයි. ඉතින්, බෝමළු අමදින විට, මල් රැස්‌ කරන විට, ගිලන්පස සකසන විට, භාවනාව වැඩීමට නොහැකිද? පහන් පුදන විට, ගාථාවන් ගයන විට භාවනාව තහනම් ද? පර්යංක භාවනාව සඳහා දෙනෙත් පියා ගන්නා සමහරු සුළු වේලාවකින්, සුව නින්දකට වැටෙති. තමන් නිදාගත් බව පිළිගන්නටත් සමහරු කැමති නොවෙති. සෑමළුව අමදින විට ඔබට බොහෝ කුසල් රැස්‌ වෙනවා පමණක්‌ නොව, නිද්‍රdව විසින් පරදවන්නටත් නොහැකි වෙයි. සාගරය ක්‍රමානුකූලව ගැඹුරු වන්නකි. එය එක්‌වන් ප්‍රපාතයකට නොයයි. පහාරාද සූත්‍රයේදී ශාසනයත් සාගරයට උපමා කරමින් බුදු සමිඳුන් පෙන්වා දෙන්නේ ක්‍රමානුකූලව ගැඹුරුවන ප්‍රතිපදාවක්‌ ඇති බව මෙම සසුනේ ආශ්චර්යවත් ලක්‍ෂණයක්‌ ලෙසය.

සාංඝික දානවලදී විවිධාකාර කැවිලි වර්ග, ගිලන්පස වර්ග සහිතව බුද්ධ පූජාව සිදු කිරීම ගැන මහැදුරුතුමා අප්‍රසාදය පළ කරයි. දන් දීම යුද්ධයක්‌ හා සමාන බව භාග්‍යවතුන් වහන්සේ දෙසූ සේක (දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු - ස.නි). පරිත්‍යාගය පහසු කටයුත්තක්‌ නොවෙයි. තමන් දන් දෙනවා තබා, සමහරුන්ට අන් අයගේ දීම ද ඉවසා ගැනීමට අපහසුය. නමුත් නුවණැති සත් පුරුෂයන් අන් අය දුන් දානයෙහි සතුටු වීම් මාත්‍රයෙන් පවා මහත් සම්පත් ලබන බව බුදු සමය හේතු සහිතව පෙන්වා දෙයි. සම්‍යයක්‌ ප්‍රඥවෙන් යුතුව බුද්ධ වන්දනාවන් සහ පූජාවන් සිදුකරන අයට මේ ජීවිතයේදීමත් බොහෝ යහපත් ප්‍රතිඵල ලැබෙන අයුරු අපි අත්දැකීමෙන්ම දනිමු. අප කළ යුත්තේ වඩා නිවැරැදිව ඒවා සිදුකරන අයුරු කියා දීම මිස, පින්කම් හෙළා දැකීම නොවෙයි. බුදු සමය වඩාත් සමීප වන්නේ දර්ශනයකට මිස ආගමකට නොවන බව සත්‍යයකි. නමුත් දර්ශනයක්‌ සාමාන්‍ය මිනිසුන්ගේ සන්තානවල ජීවමාන වන්නේද, එය මතු පරම්පරාවලට රැකෙන්නේ ද එයට අදාළ සංස්‌කෘතියක්‌ බිහිවීමෙනි. ගසක අරටුව බිහිකිරීමට ඵලද මෙහෙවරක්‌ කරන්නා සේ, සමාජ සංස්‌කෘතියේ අංග ද බුදු සමයේ රක්‍ෂණයට, පෝෂණයට අත්‍යාවශ්‍ය වෙයි. තම පියාගෙන් ලැබුණු අවවාදයක්‌ අනුව දිසා නමස්‌කාරයේ යෙදෙමින් සිටි සිඟාලක සිටු පුත්‍රයාව, බුදුරජාණන් වහන්සේ අවඥාවට ලක්‌ නොකළ සේක. උන්වහන්සේ කළේ දිසා නමස්‌කාරයට නව අර්ථකථනයක්‌ එකතු කරමින් එම තරුණයාගේ සිතත් නොරිදවා, දහමත් ඉගැන්වීමය. සැබෑ බෞද්ධයකු වීම සඳහා මොළය පමණක්‌ නොව හදවතක්‌ද ඇවැසිම වෙයි. තනි කකුලෙන් සිටගෙන ඉන්නා පුද්ගලයකු දුටුවිට අප කළ යුත්තේ අනිත් කකුලත් දිගහැර, දෙපයින්ම සිටගන්නා හැටි කියාදීම මිස, දිගහැරගත් කකුලටත් පහරදී අසරණයාව බිම හෙළීම නොවේ.

දහම් පොත් කියවන සමහරුන්, ඒවායේ දැක්‌වෙන කරුණුවලින් තමන්ගේ කෙලෙස්‌වලට පක්‍ෂ වන දේ පමණක්‌ සත්‍ය යෑයි ගෙන ස්‌වකීය මසුරුකම්, කුසීතකම්, අහංකාරකම් ආදී කෙලෙසුන්ට විරුද්ධ දේ "ඕවා පසු කාලීන අදහස්‌" යෑයි ප්‍රතික්‌ෂේප කිරීම අභාග්‍යයකි. බෞද්ධ පුණ්‍යකර්මයන් අවසානයේ "සිතින්, කයින්, වචනයෙන් වරදක්‌ සිදු වී නම් සමාවන සේක්‌වා"යි බුද්ධ රත්නයෙන් අපි ඉල්ලා සිටිමු. මහාචාර්යතුමාට, මෙය දේවවාදී ආගම්වලින් බුදු සමයට ආ හිස්‌ දෙයක්‌ ලෙස පෙනේ. දේවවාදී ආගම්වල එන පවු සමා කිරීමේ චාරිත්‍රය පවා ඒකාන්තයෙන්ම නිශ්ඵල යෑයි නිර්දය ලෙස හෙළා නොදැකිය යුතුය. එහිද එක්‌තරා මනෝවිද්‍යාත්මක වටිනාකමක්‌ පවතින බැවිනි. සිදුකළ යහපත් දේවල්වලට වඩා, ජීවිතයේ වැරදුණු තැන් පැරදුණු තැන් තදින් මතක තබා ගැනීමේ දුබලකමක්‌ පෘථග්ජන සිත්වල ඇත්තේය. මේ නිසා අප අතින් සිදු වුණු සෘණාත්මක දේවල් ගැන නිරන්තරයෙන් පසුතැවෙන විෂම චක්‍රයකට සමහරු අසුවෙති. තමන්ට හිස එසවිය හැකි බවට ආත්ම විශ්වාසයක්‌ නොමැතිකම නිසාම ඔවුහු නැවත නැවතත් අකුසලයේම අත්අඩංගුවට පත් වෙති. වැරැදි සමා කර ගැනීම, මේ ආත්ම පරාජයට තුඩු දෙන චර්යාවෙන් මිදී ධනාත්මක හැඟීම් ඇතිව, නැවුම් ගමනක්‌ ඇරඹීමට කෙනෙකුට දිරි දෙයි. බෞද්ධ සන්දර්භය තුළ විශාල නිහතමානී බවක්‌ ද ප්‍රකට කරන ත්‍රිවිධ රත්නය ක්‍ෂමා කරවා ගැනීම සිදුකළ යුත්තේමය.

බුදු සසුනේ සමහර අංශ තේරුම් ගැනීම සඳහා තර්ක බුද්ධිය පමණක්‌ නොව අධ්‍යාත්මික බුද්ධිය ද අත්‍යවශ්‍ය වෙයි. එම නිසා මෙවැනි ගැටලු විස¹ ගැනීමේදී අප අනුගමනය කළ යුත්තේ ශාස්‌ත්‍රීය ප්‍රවේශයකින් පමණක්‌ බුදු සමය හඳුනා ගත් උගතුන්ගේ මඟ නොව, පොතපතින් උගත් දේ භාවනාමය ප්‍රඥවෙන් පත්‍රයක්‍ෂ කරගත්, අති පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි, බළංගොඩ ආනන්ද මෛත්‍රීය නාහිමි වැනි සංඝ පීතෘන් වහන්සේලා වැඩිය මගයි.




ශාස්‌ත්‍රපති මත්තුමගල චන්දානන්ද හිමි,
බෞද්ධ උපදේශක, ඇල්බර්ටා විශ්වවිද්‍යාලය,
කැනඩාව 


 2015 ජුලි 18 සෙනසුරාදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකින් උපුටා ගැනිමකි

Sunday, July 5, 2015

කුසලයට බාධා කිරීමේ විපාක



ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව

පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.

එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."

"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.


 පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි 


 දිවයින පුවත්පතෙහි පල වු ලිපියකින් උපුටා ගැනිමකි

Friday, April 10, 2015

අංගුලිමාල පිරිත

ගර්භණී මවටත් කුස දරුවාටත් ආරක්‌ෂාව දෙන බලගතු අංගුලිමාල පිරිත




බලගතු අංගුලිමාල පිරිත හා එහි ආනුභාවය මෙසේය.


පරිත්තං යං භණන් තස්‌ස

නිසින්නට්‌ඨාන ධොවනං

උදකම්පි විනාසෙති

සබ්බ මෙව පරිස්‌සයං

සොත්ථිනා ගබ්භවූට්‌ඨානං - යඤ්ච සාදෙති තංඛණෙ

ඓරස්‌සංගුලි මාලස්‌ස - ලොකනාථෙන භාෂිතං

කප්පට්‌ඨායිං මහාතෙජං - පරිත්තං තං හනාමහෙ

යතොහං භගිනි ආරියාය ජාතියා - ජාතො නිහිජානාමි සචිච්ච පාණං

ජීවිතා වොරො පෙතා තෙන - සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්‌සාති



මෙහි මුල් ගාථා පිරිතේ ආනුභාවය දක්‌වන ගාථාය. "යතොහං භගිනි" යනාදී කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි.

මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කාන්තාව වෙත ගොස්‌ මෙම පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවිය. අදත් භරන ඉන්දියාවේ දඹදිව අංගුලිමාල තෙරුන් වහන්සේ පිරිත් දේශනා කළ ස්‌ථානයේ ආනුභාවය ඇත. කල්පස්‌ථායි ප්‍රාතිහාර්යයක්‌ බව දක්‌වා ඇත. මහ පෙළොව පවත්නා තුරු එහි බලය තිබේ. මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගර්භණී ස්‌ත්‍රීන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාව ඇති වේ.
 

 2012 මැයි 11 සිකුරාදා දින දිවයින පුවත්පතෙහි පල වු ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

  


Dowenload mp3

Friday, April 3, 2015

ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් විසින් කරනු ලබන පූජාවන්ගෙන් ලැබෙන ආනිසංස

බුද්ධ පූජාවේ ආනිසංස

ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් විසින් කරනු ලබන පූජාවන්ගෙන් උසස්‌ම පූජාව බුද්ධ පූජාවය. බුදු දහම අනුව බුද්ධ පූජාව ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා වශයෙන් කොටස්‌ දෙකකින් යුක්‌තය. මේ කොටස්‌ දෙකකින් යුක්‌ත බුද්ධ පූජාවේදී බොහෝ දෙනකු පවසන්නේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් බවය. බුද්ධ දේශනාවේද එය සඳහන් වේ. එහෙත් බුදුරජාණන් වහන්සේ ආමිෂ පූජාව ප්‍රතික්‌ෂේප කර නැත. එහිදී යම් වැදගත්කමක්‌ ඇත. එහි ඇති වැදගත්කම අප මැනවින් වටහාගත යුතුය.

පූජාවක්‌ පැවැත්වීම නිර්වාණ මාර්ගයේ අංගයක්‌ නොවේ. එහෙත් මෙලොව යහපත හා පරලොව සුගතිගාමී වීම සඳහා ආමිෂ පූජාව බෙහෙවින් උපකාරවේ. බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන මෙම බුද්ධ පූජාව විවිධ නාමයන් ලබා ඇත. විහාර පූජා, බෝධි පූජා හා දළදා පූජා යන නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ එකම බුද්ධ පූජාවක විවිධ වූ අංගයෝය.

"පූජා" යන වචනයෙන් ගෞරව දැක්‌වීම, සත්කාරය, වන්දනාව හා පරිත්‍යාගය අදහස්‌ කර ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේට කරනු ලබන වන්දනාව, ගෞරවය, සත්කාරය හා පරිත්‍යාගය "බුද්ධපූජා" යන්නෙන් අදහස්‌ කෙරේ. මෙසේ කරනු ලබන පූජාවන් බුදුන්වහන්සේ ජීවමාන සමයේ සිටම පවත්වා ඇති අතර ඒ පූජා විධීන් වඩා වර්ධනය වී ඇත්තේ බුද්ධ පරිනිර්වානයෙන් පසුව බව ද පෙනෙන්නට තිබේ.

"පූජා" පිළිබඳව සොයා බැලීමේදී බුද්ධත්වයෙන් පසුව බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‌ෂු සංඝයාට කරන ලද ප්‍රථම පූජාවක්‌ ලෙස සඳහන් වන්නේ බිම්බිසාර රජතුමා විසින් කරනු ලැබූ වේළුවනාරාම පූජාවයි. මහාවග්ගපාලියෙහි සඳහන් වන එම පූජාව සඳහා "පූජා" යන වචනය සඳහන්ව ඇත. ඒ ගැන සඳහන්ව ඇත්තේ "මම වේළුවනොද්‍යානය බුදු පාමොක්‌ බික්‌සඟනට දෙන්නෙම් නම් යෙහෙකැයි ඉක්‌බිති මගධෙශ්වර වූ සේනා ඇති බිම්සර රජතෙමේ ස්‌වර්ණමය වූ කෙණ්‌ඩිය ගෙන ස්‌වාමීනි, මම වේළුවන නම් උයන බුදුපාමොක්‌ බික්‌සඟනට දෙමියි බුදුන් ඉදිරියෙහි පැන් වක්‌කළේය. මෙහි "පූජා කරමි" යන අදහස හඟවන වචනය ලෙස දක්‌වා ඇත්තේ "දෙමි" යන වචනයයි. "දීම" පූජාර්ථයෙන් සිදුවන විට එය පූජාවක්‌ වන බවට නිදසුනක්‌ ලෙස දක්‌ණ විභංග සූත්‍රයේ සඳහන් වන මහා ප්‍රජාපතී ගෞතමිය බුදුරදුන්ට පූජා කරන ලද සඟල සිවුර පිළිබඳ බුදුන්වහන්සේ කරන ලද ප්‍රකාශය උපුටා දැක්‌විය හැකිය.

"සංඝෙ ගෞතමී දෙහී, සංඝෙ දිනේන අහංෙච්ච පූජිතො හචිස්‌සාමී සංඝොවාති" (ගෞතමිය, සංඝයාට දෙන්න. සංඝයාට දුන් විට මටද පූජා කළා වන්නේය.) "දානය" හෙවත් දීම පූජා බුද්ධියෙන් හා "අනුග්‍රහ බුද්ධියෙන්" යන දෙආකාරව සිදුවිය හැකි බවට පසුකාලීනව කර ඇති බෙදීම අනුවද "දීම" එක්‌තරා අවස්‌ථාවකදී පූජාවක්‌ වන බව පෙන්වා ඇත. ශ්‍රී ලංකාවෙහිද සෙල්ලිපිවල සංඝයාට කරන ලද පූජාවලදී "සගස දිනෙ (දිති) යනුවෙන් "දිනෙ" යන වචනය යොදා ඇත.

උදාන පාලියෙහිදී හා ජාතක අට්‌ඨකථා විස්‌තරවලදී දක්‌නට ලැබෙන පරිදි බුදුන්වහන්සේ බැහැදැකීමට යන අය මල් සහ සුවඳ වර්ග රැගෙන ගිය බව සඳහන් වේ. එහෙත් ප්‍රධාන නිකාය ග්‍රන්ථවලදී එබන්දක්‌ ගැන සඳහන් නොවේ. දීඝ නිකායෙහි මහා පරිනිර්වාණ සූත්‍රයේ අම්බපාලී ගණිකාව බුදුන් වහන්සේ හමුවන්නට පැමිණි අවස්‌ථාවේදීත්, එසේම එම සූත්‍රයෙහිම ලිච්ඡවි රජවරුන් බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණිවිටදී ද මේ අය පැමිණ ඇත්තේ පසුවදා දානය සඳහා බුදුන් ප්‍රමුඛ සංඝයාට ආරාධනය කිරීම සඳහා වුවත්. මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. මඡ්ක්‌ධිම නිකායේ කන්දරක සූත්‍රයේ ඇත්ගොව්වාගේ පුත්‍රයා වන පෙස්‌ස, සෙඛ සූත්‍රයෙහි කිඹුල්වත්පුර ශාඛ්‍යයෝද බුදුන් වහන්සේ හමුවීමට පැමිණි අවස්‌ථාවලදී මල් ගඳ විලවුන් රැගෙන පැමිණි බවක්‌ සඳහන් නොවේ. එහෙත් ජාතක කතාවල දී බුදුවහන්සේ හමුවීමට පැමිණෙන අය මල් රැගෙන පැමිණි බව සඳහන් වේ.

එසේම බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් නිධන් කළ චෛත්‍යයට මල් සුවඳ වර්ග පුදන්නේ නම් එය බොහෝ දෙනාට හිතසුව පිණිස වන බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහිදී සඳහන් කර ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ මෙසේ සඳහන් කර ඇත්තේ ආනන්ද හිමියන් විසින් තථාගතයන් වහන්සේගේ ශරීරයට කෙසේ පිළිපැදිය යුතු දැයි නගන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි. මෙහිදී ද පූජා යන වචනය භාවිත කර නැත. "පටිපඡ්ජාම" යන වචනය එහිදී යොදා ඇත. එහෙත් අට්‌ඨ කතාවෙහි තථාගතයන් වහන්සේ ගේ ශාරීරික ධාතු තැන්පත් කරන ලද චෛත්‍යයට වැඳීම "ෙච්තිය පූජා" යන නාමයෙන් හඳුන්වා ඇත. මහා පරිනිර්වාණ සූත්‍රයේදී මෙසේ සඳහන් කර ඇති තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතු නිධන් කරන ලද චෛත්‍යයනට වැඳීම වැදගත් බව සඳහන් කර ඇත. එයට හේතු වී ඇත්තේ එකල සමාජයේද චෛත්‍ය වන්දනාව තිබුණ නිසාය. මහා පරිනිර්වාණ සූත්‍රයෙහිම උදෙන ෙච්තිය, ගෞතමය ෙච්තිය, සත්තම්බක ෙච්තිය, බහුපුත්ත ෙච්තිය, සාරානන්ද ෙච්තිය සහ චාපාල ෙච්තිය ආදී වශයෙන් චෛත්‍යස්‌ථාන තිබුණ බව පෙනේ. මේ සඳහා වැදගත් සාධකයක්‌ ලෙස පෙන්නුම් කිරීමට හැකිවන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයක්‌ ධර්මාශෝක රජු විසින් ප්‍රතිසංස්‌කරණය කොට එයට වන්දනා මාන කළ බව නිගලීසාගර් නම් ශිලා ලේඛනයෙහි සඳහන් වීමයි. අශෝක කාලය වන විටත් කෝණාගමන බුදුන්වහන්සේගේ චෙත්‍යයට වන්දනාමාන පැවැත්වීමේ සිරිත තිබුණා නම් ගෞතම බුදුන්වහන්සේගේ කාලයේදී එම චෛත්‍යය තිබුණේ යෑයි පිළිගැනීම යුක්‌ති යුක්‌තය.

බුද්ධ පූජාවට විශේෂයෙන්ම පාදක වන්නට ඇත්තේ මහාපරි නිර්වාණ සූත්‍රයේදී භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක උපාසිකාවන්ගේ සිත් පහදවා ගැනීමත්. සංවේගය උපදවා ගැනීමත් කළයුතු ස්‌ථාන හතරක්‌ ලෙස තථාගතයන් වහන්සේගේ උත්පත්ති ස්‌ථානය, බුද්ධත්වය ලැබූ ස්‌ථානය, ධම්මචක්‌කය පැවැත්වූ ස්‌ථානය සහ අනුප දිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයට පත් වූ ස්‌ථානය යන ස්‌ථාන සතර ඉදිරිපත් කිරීම නිසා විය යුතුය. මෙම ස්‌ථාන සතර මෙසේ සිත් පහදවා ගත යුත්තේ, සංවේග කළ යුත්තේ කුමන කරුණක්‌ නිසාදැයි පෙන්වන අටුවාව මෙම ස්‌ථාන සතර බුදුගුණ අරමුණු කර ගැනීමට විශේෂයෙන් අදාළ වන ස්‌ථාන සතරක්‌ ලෙස දක්‌වා ඇත. මෙසේ බුදුගුණ අරමුණු කිරීම කුසල සහගත ෙච්තනා උපදවන එම කුසලයෙන් දෙව්ලොව උප්පත්තිය සඳහා හේතු වන බවත් වැඩිදුරටත් අට්‌ඨකතාවෙහි සඳහන් කර ඇත.

මහාපරිනිර්වාන සූත්‍රයෙහි, මෙම ස්‌ථානවල ඇවිද සිත් පසන් කරගෙන කලුරිය කරන තැනැත්තා ඒකාන්තයෙන්ම දෙව්ලොව උපදින බව සඳහන් කර ඇත. මේ නිසා බුද්ධ පූජාව විශේෂ වැදගත්කමක්‌ ඇති පූජාවක්‌ බවට පත්විය. මෙසේ වූ බව තවත් තහවුරු වන කාරණයක්‌ වන්නේ තථාගත ශරීරයට පිළිපැදිය යුතු අන්දම කෙසේදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විමසූ අවස්‌ථාවේදී "ආනන්දය ඔබලා තථාගත ශරීරයට පූජා පැවැත්වීම සඳහා උනන්දු නොවන්න" යනුවෙන් සඳහන් කර ඒ සඳහා ක්‍ෂත්‍රියත්. බ්‍රාහ්මණයන් සහ ගෘහපතියන්ද සිටින බව සඳහන් කිරීමෙන්ය. මෙයින් සඳහන් වන්නේ ප්‍රතිපත්තිය සඳහා කාලය යොමු කිරීමට අපහසු ගිහි ජනතාව සඳහා විශේෂයෙන් මෙවැනි ධාතු චෛත්‍යය වන්දනය අනුදැන වදාරා ඇති බවකි. ප්‍රතිපත්තිය සඳහා යොමුවූ ශ්‍රාවකයන් වහන්සේලා නිර්වාණ සම්පත්තිය ලැබීමට උත්සුක වූ අතර ගිහි ජනතාව මෙබඳු වන්දනාමාන ආදියෙන් හා පූජා පැවැත්වීමෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් ස්‌වර්ග සම්පත්තිය ලබන බවකි. මේ බව විමානවත්ථුවෙහි "පූජෙථ නං පූජනීයස්‌ස ධාතුං

ඒවං කරා සග්ගම්තො ගම්ස්‌සථ" යනුවෙන් පූජනීය වූ ධාතුන්ට පූජා කරන්න මෙසේ කරන්නාවූ අය ස්‌වර්ගයට යන්නේය) සඳහන් වන්නේය.

බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසුකලෙක බුද්ධ පූජාව විශේෂයෙන්ම වර්ධනය වීම සඳහා මෙබඳු කරුණු හේතුවිය.

බුදුගුණ සිහිකිරීම ඉතාමත් වැගත් භාවනාවක්‌ බව පිළිගන්නා ලද්දකි. බුද්ධානුස්‌සතිය, අනුස්‌සති භාවනා කර්මස්‌ථාන සය අතුරෙන් එකක්‌ බව දීඝ නිකාය සංගීති සූත්‍රයේ දක්‌වා ඇත.

"ඉතිපිසෝ භගවා අරහං" ආදී වශයෙන් බුදුගුණ සිහිකිරීම බුද්ධානුස්‌සතිය ලෙස විශුද්ධි මාර්ගයෙහි දක්‌වා ඇත. නව අරහාදී බුදුගුණ, දසබල, චතුර් වෛශරද්‍යාඥාන හා අට පිරිසෙහි අකම්ප්‍ය ඥාන යන බුදුගුණ පිළිබඳ විශාල විස්‌තරයක්‌ මහාසීහනාද සූත්‍රයෙහි සඳහන් වේ. මෙම බුද්ධානුස්‌සති ක්‍රියාදාමය අරමුණ කරගනිමින් චෛත්‍ය වන්දනය හෙවත් ෙච්තිය චාරිකාව " සිදුවන බව අට්‌ඨකතාවෙහි සඳහන් වේ.

බුදුගුණ සිහිකිරීම සඳහා ශාරීරික ධාතු අඩංගු චෛත්‍යයක්‌ වන්දනා කිරීමට අමතරව බෝධිය පූජ්‍යත්වයට පත්වූ ආකාරය "කාලිවග බෝධි ජාතක අට්‌ඨකතාවේ දැක්‌වේ" එහි සඳහන් වන ආකාරයට සැවැත් නුවර වැසියන් බුදුන් වහන්සේ පිදීම සඳහා සුවඳ වර්ග සහ මල්ද රැගෙන විහාරයට ගිය වේලෙහි උන්වහන්සේ ජනපද චාරිකාවේ නියුක්‌තව සිටි නිසා වෙනත් පූජනීය ස්‌ථානයක්‌ නොමැතිකමින් ගෙන ගිය දෑ ගන්ධකුටි ද්වාරයෙහි දමා ගිය බවක්‌ සඳහන් වේ. මේ නිසා බුදුන් වහන්සේ නොමැති අවස්‌ථාවල වැඳුම් පිදුම් කිරීම සඳහා යමක්‌ අනුමත කළ යුතු බව බුදුරජාණන් වහන්සේට දක්‌වා බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී ම චෛත්‍යයක්‌ අනුමත කළ හැකිදැයි බුදුන් වහන්සේගෙන් ආනන්ද හිමියන් විචාර ඇත. ඒ අවස්‌ථාවේදී බුදුන් වහන්සේ ශාරීරික, උද්දේසික හා පාරිභෝගික වශයෙන් චෛත්‍ය තුනක්‌ ඇති බවත් එයින් ශාරීරික චෛත්‍යය බුදුන් වහන්සේ පරිනිර්වානයට පත්වන තුරු ඇති නොවන බවත්, උද්දේසික යනුවෙන් කිසිවක්‌ දැකිවිය නොහැකි නිසාත්, පාරිභෝගික වශයෙන් බුදුන් වහන්සේ පරිභෝග කරන ලද බෝධිය චෛත්‍යයක්‌ වශයෙන් ගත හැකි බව ප්‍රකාශ කර ඇත.

මෙය ඉතා වැදගත් ස්‌ථානයක්‌ ලෙස ගත හැක්‌කේ ජාතක අටුවා ග්‍රන්ථ පිළියෙළ වන කාලය වන විට වර්තමානයෙහිද සඳහන් කරනු ලබන ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් පිළිගෙන තිබුණ බව සඳහන් වීමයි.

බුදුන් වහන්සේගෙන් අනුමැතිය ලබා ආනන්ද හිමියන් මුගලන් මහ රහතන් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධියෙන් ඵලයක්‌ ගෙන්වා අනේපිඬු සිටුතුමා ලවා ඡේතවනාරාම ද්වාරයෙහි සිටුවා බෝධියක්‌ රෝපණය කළ බව කාලිංග බෝධි ජාතක අටුවාවෙහි සඳහන් වේ. එය ආනන්ද බෝධිය නමින් ප්‍රකට විය. මෙම බෝධියට කරනු ලබන පූජාව බුදුන් වහන්සේට කරනු ලබන පූජාවක්‌ හා සමානත්වයෙන් සලකා ඇත. එය බුදුන් වහන්සේ ද අනුමත කර ඇත. මෙසේ සලකා බලන විට බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව වර්තමානයේ ඇතැමුන් නගන අදහස්‌ එතරම්ම සාධාරණ නොවන බව පෙනේ. බුද්ධ පූජාව ඵල රහිත දෙයක්‌ බව අතීතයේදී ද සාකච්ඡා වෙමින් තිබුණු බව මිලින්ද ප්‍රශ්නයේ "පූජා අප්‍රතිග්‍රහණ" ප්‍රශ්නයෙන් පැහැදිලි වේ. මේ පිළිබඳව මිළිඳු රජ නාගසේන හිමියන්ගෙන් විමසා ඇති ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයකි. එනම් ඉදින් සර්වඥයන් වහන්සේ ලෝකයා කරන පූජාව ඉවසන්නේ නම් උන්වහන්සේගේ කෙළෙස්‌ නිවී නැත. නික්‌ලේශී නොවූ පුද්ගලයකුට කරනු ලබන පූජාව නිශ්ඵලය. ඉදින් උන්වහන්සේ නිර්වාණය ලබා ඇත්නම් පිරිනිවන් පා වදාළ සර්වඥයන් වහන්සේ පූජාවන් නොඉවසන නිසා එබඳු පුද්ගලයකුට කරනු ලබන පූජාවද නිශ්ඵල වන්නේය" යනුයි.

මෙයට පිළිතුරු දෙන නාගසේන හිමියන් ප්‍රථම බෝධිමූලයෙහිම තථාගතයන් වහන්සේ ආසාවන් ප්‍රහීණකොට ඇත. අනුපදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ උන්වහන්සේ පූජාවන් නොඉවසන බව කියනුම කවරේද? එසේ වෙතත් උන්වහන්සේගේ ධාතුන් ප්‍රතිෂ්ඨාකොට ඤාණරත්නය අරමුණකොට මනාකොට ප්‍රතිපත්ති සේවනය කරන්නෝ කුසල රැස්‌කරති යනුවෙන් ප්‍රකාශ කර ඇත.

ඉහත සඳහන් කරුණුම නොව "පූජාච පූජානීයානං එතං මංගලමුත්තමං" යනුවෙන් මහා මංගල සූත්‍රයෙහි පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණක්‌ බව පෙන්වා ඇත. එසේම මහා පරිනිර්වාණ සූත්‍රයේ තථාගතයන් වහන්සේගේ ධාතු තැන්පත්කර ඇති චෛත්‍යයනට වැඳීමෙන් සිත් පහදවා ගැනීමෙන් මරණින් මතු ස්‌වර්ගයෙහි උපදින බව දක්‌වා ඇත. මිලින්ද ප්‍රශ්නයෙහි දක්‌වන පරිදි තථාගත ධාතු රත්නයට පූජා කරන අය මනුෂ්‍ය දිව්‍ය හා නිර්වාණ යන ත්‍රිවග_ සම්පත්තිය ලබන බව දක්‌වා ඇත. එසේම මේ කරුණුවලට වඩා වැදගත් වන්නේ බුද්ධ පූජාව කරනු ලබන අවස්‌ථාවේදී බුද්ධානුස්‌සති භාවනාව සිදුවන නිසා එය භාවනාමය කුසල කර්මයක්‌ වීමෙන් එහි අනිසංස තවදුරටත් වර්ධනය වීමය.


දිවයින පුවත්පතෙන් උපුටා ගැනිමකි