Labels

Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Monday, March 8, 2021

සංසාරයේ කළ කර්ම නිසා ජීවිතය විඳවනවා ද?

 


ආ දරය කියන වචනයට අප කාටවත් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකියි. විටෙක ආදරය සුන්දර අත්දැකීමක් වන අතර තවත් විටෙක එය අසුන්දර අත්දෑකීමක් ගෙන දෙයි. අද සමාජ රටාව දිහා බලනකොට පෙනෙන්නේ තාරුණ්‍යය විනාශ වෙමින් යන යුගයක් බවයි.

බොහෝ විට අද ඇතිවෙන ආදර සබඳතාවලට පැවැත්මක් නැහැ. අවාසනාවකට මේ රටේ විවාහ වන අයට වඩා දික්කසාද වන ප්‍රතිශතය වැඩියි. බොහොමයක් තරුණියන්ගේ ඉවසීමේ ගුණය, ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙන හැකියාව ඉතාමත් දුර්වලයි. පිරිමින්ගෙත් දුර්වලතා නැතුවම නොවේ. නමුත් සමාජීය දැනුම ගත්විට කාන්තාවන් සිටින්නේ ඉතාමත් පහළ තැනක. තම බිරියගේ හෝ සැමියාගේ මොන අඩුපාඩුව තිබුණත් එම ප්‍රශ්න පිටතට නොදී බුද්ධිමත් භාවයෙන් එය විසඳගන්නේ නම් මේ සමාජ රටාව මීට වැඩිය වෙනස් වේවි. දේවේශයෙන්, ක්‍රෝධයෙන් ප්‍රශ්න විසඳාගත නොහැකියි.

වැඩිහිටියෝ ඔහේ වයසට ගියා ඇරෙන්න ධර්මයෙන් ගුණයෙන් පොහොසත් නැහැ. දරුවන් විවාහ කර දුන්නා නම් එතැනින් එහාට ඔවුන්ගේ අලුත් ජීවිතයට අඟිලි ගැසීම ඔවුන්ට අයත් කාරණයක් නොවෙයි. ඒ ජීවිතය අයිති ඔවුන්ටය. බොහෝ දික්කසාදයන්ට මුල මාපියන්ගේ අනිසි බලපෑම්.

සාමාන්‍යයෙන් දරුවෙක් ඉන්න තරුණ පවුලක් ගන්න. ඔවුන්ගේ ජීවිත ගොඩ නැඟී ඇත්තේ අනාගත සමාජ රටාවට ඔබින ආකාරයටයි. ඔවුන් හිතන විදිය ද වෙනස්. ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්නයක් එනවිට සමහර මාපියෝ, නෑයෝ, වටපිටාවේ ඉන්න අසල්වැසියෝ තමා තීරණය කරන්නේ එම තරුණ යුවළ ජීවත් විය යුත්තේ මොන ක්‍රමයට ද කියා. අන්තිමට එම පුංචි පවුල දික්කසාදයෙන් විවාහය කෙළවර කර ගන්නවා. මේ විනාශයට දායක වූ සියලුදෙනා කර්මයක් රැස් කරගන්නවා.

Wednesday, September 16, 2020

අඹුසැමියන්ගේ යුතුකම්



පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන්
තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට සැමියකුගේ යුතුකම් පසක් හා අඹුවකගේ යුතුකම් පසක් ද වදාළ සේක
.



සැමියාගේ යුතුකම්

(1) බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කථා කිරීම ය.

(2) බිරිඳට අවමන් නො කිරීම ය.

(3) සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නො කිරීම ය.

(4) ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය.

(5) වස්ත්‍රාභරණ පිළියෙල කරදීම ය යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය.

භාර්යාවගේ යුතුකම්

කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්‍ර‍හ කරන කල්හි භාර්යාව ද
(1) කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය.

(2) තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්‍ර‍හ කිරීම ය.

(3) සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය.

(4) හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය.

(5) සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්‍ර‍හ කරන්නීය.


(බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල මහනාහිමි)

Sunday, October 29, 2017

පවුලේ සාමයට බිරිඳකගේ වගකීම

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි අනේපිඬු සිටුවරයාගේ සුජාතා නම් ලේලිය අරබයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. විශාඛා මහා උපාසිකාවගේ නැගණිය වූ සුජාතා සිටු දියණිය අනේපිඩු සිටුවරයාගේ පුතණුවන්ට විවාහ කර දෙන ලදි. එම සිටු දියණිය විවාහ ප්‍රාප්තව ස්වාමියාගේ නිවසට ගිය දිනයේ පටන් එහි සේවක සේවිකාවන් සමගත්, තම ස්වාමි පුරුෂයා සමගත්, නිතර නිතර අඩ දබර ඇතිකරගත්තාය. එක් දිනක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයාගේ නිවසට වැඩම කළ අවස්ථාවක අඬදබර කරන ශබ්දය අසා එයට හේතු කවරේදැයි සිටුවරයාගෙන් විමසුහ.
අනේපිඬු සිටුවරයා සුජාතා නම් තම ලේලියගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළේ ය. අනතුරුව සුජාතාව කැඳවූ බුදුරජාණන් වහන්සේ ඇයට සප්ත භාර්යා සූත්‍රය දේශනා කරමින් භාර්යාවන් සත් දෙනෙකු පිළිබඳ කරුණු පැහැදිලි කොට නිතර අඬදබර කරමින් ඝෝසා කිරීම නොමනා හැසිරීමකැයි අනුශාසනා කළහ. බුදුරදුන්ගේ අනුශාසනය පිළිගත් සුජාතාව තම වරද නිවැරදි කරගනිමින් ආයති සංවරයෙහි පිහිටි අතර, බුදුරදුන් කෙරෙහි ඇතිකරගත් ප්‍රසාදය හේතුවෙන් සෝතාපන්න භාවයට පත් වූවා ය. එක් අනුශාසනයකින් ම තම වරද නිවැරදි කර ගත් සුජාතාව මෙන් ම එක් අනුශාසනයකින් ම සෝතාපන්න භාවයට පත්වීමට උපකාරී වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති විය. එම අවස්ථාවෙහි එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ එයට අදාළව අතීත කථා පුවත ද ගෙනහැර දැක් වූහ.

සුළු වරද අමතක කිරීම

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි මල්ලිකා දේවිය අරභයා මෙම ජාතකය දේශනාකොට වදාළහ. එක් දිනක මල්ලිකා දේවිය හා කොසොල් රජු අතර කිසියම් අර්බුදයක් හටගත්තේය. රජු, තමා සමඟ කෝපයෙන් සිටින බවත්, බුදුරදුන් එය නොදන්නවා විය හැකි බවත් මල්ලිකා දේවිය සිතා සිටියා ය. එහෙත් බුදුරදුන් දෙදෙනාගේ අර්බුදය පිළිබඳ මැනවින් කරුණු දැනගත් අතර දෙමහල්ලන් සමඟි කරවීමට අනුශාසනා කළ යුතුයැයි සිතා පෙරවරු කාලයේ කොසොල් රජුගේ මාලිගය බලා පිඬුසිඟා වැඩි සේක.


රජ මැදුරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය පිළිගත් රජු උන්වහන්සේ වඩා හිඳුවා දන් පිළිගැන්වීමට සූදානම් විය. රජුගේ දන් පිළිගැන්වීම වැළක් වූ බුදුරජාණන් වහන්සේ මල්ලිකා දේවිය කොහි ගියේදැයි විමසා වදාළහ. බුදුරදුන්ට පිළිවදන් දුන් රජු ඇය දැන් තම ඉසුරුමත් බව නිසා අහංකාර වී ඇතැයි ද ඈ ගැන විමසීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි ප්‍රකාශ කළේ ය. රජු කෝපයෙන් සිටින බව දුටු බුදුරජාණන් වහන්සේ, මහ රජ ඔබ විසින් ම ඇයට සම්පත් පවරා දී, ඇය උසස් තත්ත්වයකට පත්කොට, ඇයගේ යම් වරදක් දුටුවිට එය ඉවසා දරා කටයුතු නොකිරීම වරදක් යැයි පැවසූ සේක.

Saturday, October 28, 2017

බුදුරජුන්ගෙන් පාර නෑසු අවසනාවන්තිය III


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... කරුමයක උරුමය සොයා.....

'සතර අපායෙන් මිදෙමු' - 54 කොටස


(ඉකුත් දෙසතිය - කුඩා කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණියද දිවිනසාගනී. භික්‍ෂුක්‌ උතුම් සමාධියෙන් පසුවද්දී මෙසේ සියදිවි නසාගත් දියණියගේ ඊළඟ භවය අරමුණු කරයි. එහිදී අරමුණු වනුයේ නිරයේ ගිනිදැල්ය. එවිට නිරයට වැටීම පිණිස ඇයව ඇද දැමීමට හේතුවූ අකුසලය කුමක්‌දැයි දැනගැනීම පිණිස එම භික්‍ෂුව ඇය සියදිවි හානිකර ගැනීමට පෙර ආත්මය අරමුණු කරයි)

එහෙම අරමුණු කර බලන්න භික්‍ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්‌ව ඉපදුණු ජීවිතයේදී, ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි දුප්පත් පවුලක ඉපදීම, කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම නිසා අහිමිවීම, ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම, පාසල් වයසේදීම මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම, ලාබාල වයසේදීම ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම, කෙටි කලකින් එම පෙම්වතාද සියදිවි නසාගැනීම, සමාජයෙන්, ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන් චෝදනා අපවාද එල්ලවීම,අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම පිණිස කරුණු කාරණා සකස්‌වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ ජීවිතයට පැමිණි දේවල් නොවේ.

බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය - I

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...සතර අපායෙන් මිදෙමු' - 52 කොටස

අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.

බලාගෙනයි! දුකට පාර කියන ඒජන්තවරු එමටයි.

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.  සතර අපායෙන් මිදෙමු' - 51 කොටස

සිය මංගල උත්සවයේ හැඩවෙන්න මනාල යුවළක්‌ ගන්නා වෙහෙස......? අපි ඉකුත් සටහනේ කථාකළා. දැන් ඔබට තේරෙනවාද ඔබ මේ ලක්‍ෂ ගණන් වියදම් කරලා හැඩ බලන්නේ, සතුටුවෙන්නේ නිරතුරුවම මැරෙමින් උපදින මළකඳක්‌ හැඩ වැඩ කරලාය කියන කාරණය. සම්මුතිය තුළ මේ අර්ථය වෙනස්‌ වෙනවා. නමුත් ධර්මයට අනුව මීට වඩා මෙතන අර්ථයක්‌ නැහැ. ඔබම මේ අර්ථය හොඳින් නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මේ මොහොතේ ඔබේ මංගල ඡායාරූපය හොඳින් බැලුවොත් ඔබට මේ යථාර්ථය වැටෙහෙන්නේ නැහැ. මේ යථාර්ථය දකින්නනම් ඔබේ දෙමාපියන්ගේ මංගල ඡායාරූපය දිහා හොඳින් බලන්න. ඔබට පෙනේවි රූපයේ ඉපදීම, දිරීම, මියයාම හොඳින්ම.

Friday, October 27, 2017

ඔබේ තරුණ ලස්‌සන රුව කවුද රැගෙන ගියේ..


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... සතර අපායෙන් මිදෙමු' - 50 කොටස

ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා. 

ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන කාරණයයි. කව්රු කොහොම බැඳුනත් ඔබ බැඳෙන්නේ කරුණු පහකටය කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන කියන කරුණු පහයි. මේ කාරණා පහේ ස්‌වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීමයි. යමක්‌ ස්‌ථිරභාවයේ නොපවතී නම් එතැන ඇත්තේ දුකයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා' කියලා. බුදුරජාණන්වහන්සේ කොතැනකදීවත් දේශනා කරන්නේ නෑ කාමයේ ආශ්වාදයක්‌ නැතිය කියලා. 'කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මහණෙනි, ඒ නිසාමයි සත්ත්වයා මේ තරමටම ඇස, කන, දිව, නාසය, මන, කය කියන ආයතන පිනවන්න උත්සහගන්නේ. ඒ උදෙසා දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. නමුත් පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදය වගේම එහි ආදීනවයකුත් තිබෙනවා. කාමයේ ආශ්වාදය කෙටිය. ඒ උදෙසා විඳින්නට වන ආදීනවය අතිදීර්ඝයි, කටුකයි කියලයි

Tuesday, October 3, 2017

බිරියගේ ආමන්ත්‍රණය නැවතිල්ලේ සැනසිල්ලේ විය යුතුමයි

පින්වත් දරුවනේ අද සදහම් සෙවණින් සාකච්ඡාවට යොමු කරන්නේ අපේ සමාජයේ බොහොම සුලභ ගැටලුවක් පිළිබඳයි. ඒ තමයි අඹු සැමි ආරවුල. බලන්න, මේ මෑතකදී මාව මුණගැසුණ තරුණ පුතෙක් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කිව්වා
එයාගේ විවාහයේ දෙවැනි සංවත්සරය යෙදී ඇත්තේ පසුගිය සතියේ දිනකයි. විධායක ශ්‍රේණියේ නිලධාරියකු වන මොහු ඉතා ආදරණීය සැමියෙක්. ඔවුන්ට දැන් පුංචි පුතෙක් ඉන්නවා.
එහෙත් ඇතැම් විට බිරිය කෙරෙහි කෙතරම් ආදරයක්, සෙනෙහෙසක් දැක්වුවත් එය පෙන්වීමට යන්නේ නැහැ. විවාහ සංවත්සරය දා සිදු වු ඛේදවාචකයටත් හේතුව මෙයත් විය හැකියි. එදින බිරිය ඔහු සුබ පතනකල් බලන් හිටියත් එය සිදුවූයේ නැත. කිසිදු විශේෂයක් නොකොට රැකියාවට ගිය හෙතෙම රාජකාරිය නිමා වී පෙර දා මෙන් නිවෙසට වෙලාවට පැමිණියේත් නැත. මේ වන කොට බිරියගේ කෝපය එන්න එන්නම වැඩි වෙලා. ඔහු නිවෙසට ආවේ මනෝ වෛද්‍යවරයකු වූ මස්සිනා සමඟ මත්පැන් පානයකර කාලය ගතකිරීමෙනුයි.

Sunday, July 16, 2017

සිව් බඹවිහරණ අධ්‍යාත්මික ආදරයක පදනමයි

සාලිය අශෝකමාලා පෙම් පුවත නිසාම සාලිය අශෝකමාලාට ලැබෙන ප්‍රසිද්ධිය ඉතිහාස ගත තොරතුරුවල සඳහන් වේ.සාලිය කුමරා රජ සැප හැර පියා තමන්ගේ ප්‍රේමය සමඟ ජීවත් වීමෙන් ජීවත්වීමට ආදරය අවශ්‍ය බව පැහැදිලිය. ආදරය අහිමි වූ විට අප සමාජයේ තනිවූ හුදකලා වූ චරිත බවට පත්වේ. ජීවිතයට වැළඳිය හැකි බරපතල රෝගය තනිකමයි. තනිකමෙන් හුදකලාවෙන් අප මුදවාගන්නේ ආදරයයි.බුදු දහමේ විග්‍රහ වන ආදරය, පේ‍්‍රමය, දාරක ප්‍රේමය,යන කාරණා දෙස සළකා බලන විට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළින් ප්‍රේමනීයව ජීවත් විය යුතු ආකාරය පහදා දී තිබේ.
ආදරය, ප්‍රේමය, සෙනෙහස ඔබගේ ජීවිතයට කෙතරම් වැදගත්ද? දරුවෙකු කුඩා කල සිටම ආදරය, කරුණාව, සෙනෙහස, බලාගැනීම් සහිත පරිසරයක හැදී වැඩුණොත් සහ එවැනි බලාගැනීමක් ආදරයක්, ඇහුන්කම් දීමක්,සොයා බැලීමක් නොමැති පරිසරයක හැදුනොත් එම දෙදෙනාගේ වෙනස සෑම තැනකදීම,

Sunday, June 11, 2017

ආදීනව නොපෙනෙන අශ්වාදයද ආදරය?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' - 23 කොටස

තවත් වැලන්ටයින් දිනයක්‌ අත ළඟය. මෝහයට මෝස්‌තර දමා 'ආදරය' යෑයි ආටෝපයක්‌ සරුවට සමාජගත කරන්නේය. සරු දේ නිසරු වශයෙනුත් නිසරු දේ සරු වශයෙනුත් ගත් අහිංසක තාරුණ්‍යය මුලාවෙන් මුලාවට පත්වන්නේය. සැබෑ සැනසීම වෙනුවට කාමයේ ආශ්වාදය තුළ වැනසීමට පාර කපන්නේය. පරිහානියෙන් පරිහානියට යන ලෝකයේ ඒ 'නන්නත්තාර' රැල්ල නැවතීම (හේතු ඵල අනුව) අපට නොහැකිවුවද, සරු දේ සරු වශයෙන් ගලපාගැනීමටත් නිසරු දේ නිසරු ලෙසින් බැහැර කිරීමත් පහසුවක්‌ වනු පිණිස ආදරය ගැන සඳහන් මේ සටහන මෙම සතියේ ඔබට පිදීමට අපි තීරණය කළෙමු. 

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා 'මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ' කියලා.

Sunday, May 28, 2017

සතුටින් ජීවත් වෙන්න නම් යහපත් සිතුවිලි ඇතිකරගන්න

දෙහදක් එකතු වන මේ මංගල මල් සමයේ ජීවිතයට කොයිතරම් නම් දේවල් එකතුකර ගන්න තියෙනවාද? අද සදහම් සෙවණ තුළින් මේ පිළිබඳ දහම් දෙසුම අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක අග්‍රමහා පණ්ඩිත,පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගෙනි. 
වර්තමානයේ අලුතින් යුග දිවියට ඇතුළුවන තරුණ පරම්පරාවේ ජීවිතවල ප්‍රශ්න වැඩියි. සමහර අය කියනවා මම අවුරුදු හතක් තිස්සේ යාළුවෙලා හිටපු කෙනාගෙ හැටි දැනගත්තෙ කසාද බැඳලා ගිහින් සතියෙන් කියලා. තවත් සමහර තරුණ පිරිමි ළමයි කියනවා මම අවුරුදු දහයක් දොළහක් ආදරය කළේ මේ ගෑනු ළමයට ද කියලා හිතුණේ පවුල් ජීවිතය ගත කරන්න අරගත්තට පස්සෙ කියලා. මේ හැම කතාවෙම සත්‍යයක් තියෙනවා. ඒ මොකද ආදරය කරන කාලසීමාවයි පවුල් ජීවිතය ගත කරන කාලසීමාවයි අතර ලොකු වෙනස් තියෙනවා.
ආදරය කරන කාලේ ඔය ඇත්තන්ගෙ ජීවිතය වෙන්නෙ පුංචි පරාසයක්.

Thursday, April 13, 2017

සතුට නඩත්තු කළ යුත්තේ කෙසේද?

නඩත්තුව නමින් හඳුන්වනු ලබන සෑම අවස්ථාවකම බොහෝ වේලාවට මතකයට නැඟෙන්නේ නඩත්තු නඩු පිළිබඳවයි . නඩත්තු නඩු නිතර නිතර අපට ඇසෙන නිසා එම කාරණාව වැරැදි නැහැ. ඒ වගේම නඩත්තු යන්න අපට ඇසෙන විටම සිතට නැඟෙන්නේ ආර්ථිකමය ප්‍රශ්නයක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකියි. තවත් ආකාරයකින් කියනවා නම්, නඩත්තු කිරීම යනු පවුලක් නඩත්තු කිරීම,වාහනයක් නඩත්තු කිරීම, ගේ දොර නඩත්තු කිරීම, වහලය නඩත්තු කිරීම ආදී වශයෙන් නඩත්තු යනු මූල්‍ය වියදමක් සහිත කාරණාවක් වශයෙන් ද විය හැකිය. එවැනි කාරණාවන් නඩත්තුව වුවත් අපට සාමාන්‍යයෙන් පවුල් ජීවිතය නඩත්තු කිරීම සතුට නඩත්තු කිරීම, යන්න එතරම් හුරු පුරුදු වචනයක් බවට පත්වන්නේ නැහැ.
අප සාකච්ඡා කළ යුතු වන්නේ ශ්‍රී ලාංකිකයා ලෙස ද, විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධයා ලෙසද ,අතිවිශේෂයෙන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයා ලෙස සතුට නඩත්තු කිරීම යන කාරණාව පිළිබඳවයි. මින් පෙර ලිපියක කෙටියෙන් සඳහන් කර ඇති පරිදි අප විසින් සළකා බැලිය යුතු වන්නේ සරල කාරණාවක් වශයෙන් නොවෙයි. එය ඉතාමත්ම බර කාරණාවක් වශයෙන් සැලකිය යුතුයි. මක් නිසාද යත්, ලංකාව පුරාම ඇති වෙමින් පවතින්නාවූ අර්බුද සියල්ලටම හේතුභූත වී ඇත්තේ පවුලක සතුට නඩත්තු කිරීම අවශ්‍ය කාරණාවක් ,හෝ අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස එකී පවුලේ සාමාජිකයන් විසින් නොපිළිගැනීම හේතු කොටගෙනයි.

Sunday, April 9, 2017

ඇස් දෙකෙන් දකිනවා දහසකින් බලනවා

එදා, කුරුලු සමූහයාගේ නායකයා හංස රාජයෙක්. මේ හංස රජුට මනරම් රූ ඇති, රන්වන් පැහැ ඇති, දුවණියක් සිටියා. ඇයට පිය රජුගෙන් වරයක් ලැබුණා. ස්වයංවරයකින් ස්වාමියෙක් තෝරා ගන්නට. වන පෙත සිසාරා පණිවුඩය ලැබුණා. කුරුලු රංචු කලබල වුණා. හංස ධේනුවගේ සිත ගන්නට තරුණ කුරුල්ලෝ දස අතින් පියඹා ආවා. වන මැද මහ සභාවක්. කුරුල්ලෝ කසු කුසුවක. හංසියගේ සිත ගියේ මොනර කුරුල්ලෙකුට. සිත් මත් කරවන, නිල් මාණික්‍යවන් ගෙල ඇති මොනරාට මේ ගැන දැන ගන්නට ලැබුණා. ආඩම්බර හිතුණා.සතුටින් ඉපිළුණා. රංගනයෙන් ද රජ දූ වශී කරන්නෙමැයි සිතා මහ සෙනඟ මැද රන්වන් පිල් විහිදුවා පාද තබමින් කැරකෙමින් රංගනය කළා.

Thursday, October 27, 2016

සොඳුරු ලෙසම පිළිගැනීම ද?

කුල මාතා, නකුල පිතා ඉදිරියේ සඳහන් කළ අදහස් පෙළ භාග්‍යවතුන් වහන්සේ නිවන අරමුණු කරගෙන පෙන්වා දෙන ආර්ය මාර්ගයේ මංසලකුණු බව පැහැදිලි කොට දෙයි. එනම් තෘෂ්ණා සහිතව කළුරිය කරන්න එපා. තෘෂ්ණාව ඇතිවෙන්න අප නම් හේතුවක් වන්නේ, අප ගැන ඔබේ සිත තුළ බියක් හෝ සැකයක් ඇති කර ගන්නට එපා. එයට හේතුව අපට ඔබෙන් පසුව වුවත් මනා කොට ගෘහස්ථ ජීවිතය පවත්වා ගත හැකියි. දීර්ඝ සංසාර ගමනේ භව චක්‍රය පවතින්නේ කර්මානුරූපවයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නතුම්හ’ සූත්‍ර දේශනාවේ දී මනාකොට පෙන්වා දී තිබේ.

‘නායං භික්ඛවේ කායෝ තුම්හාකං
නාපි අඤ්ඥේසං
පුරාණ මිදං භික්ඛවේ කම්මං
මහණෙනි, ඔය ශරීරය නුඹලාගේ නොවේ අන් අයකුගේ ද නොවේ. පෙර කර්මය විසින් සකස් කරන ලද්දකි. මේ පාඨයට අනුව පැහැදිලි වන්නේ කර්මානුරූපව භවය සකස්වෙන බවයි. භවය සකස්වන්නේ නම් ඒ අනුව ජාති හෙවත් ඉපදීම ද සකස්වන බවයි.

Wednesday, October 12, 2016

බුදුදහමින් අර්ථවත් කෙරෙන පවුල් සංස්ථාව

මෙසේ දෙමාපියන්ගේ මෙලොව හා පරලොව සුභසාධනයත් දරුවන් විසින් ඉටුකළ යුතුවන අතර එම අන්‍යෝන්‍ය යුතුකම් නිසි පරිදි කිරීම පවුල් සංස්ථාව නිවැරැදිව සාමූහිකත්වයෙන් ඉදිරියට යාමට ප්‍රමුඛ හේතුවක් ලෙසින් බුදුදහම අවධාරණය කරයි.

Tuesday, August 23, 2016

රන්හුය කිසිදා නොලිහෙන්නට නම්... සාර්ථක යුග දිවියකට බුදු දහමින් ඔවදන්

ඔබේ යුග දිවියේ සාර්ථකත්වය පිළිබඳ වඩාත් පැහැදිලි පිළිතුරක්‌ දීමට පුලුවන් වන්නේ ඔබට පමණයි. නමුත් එම පිළිතුර ඔබගේ පෞද්ගලික අත්දැකීම් පදනම් කරගත් එකක්‌ වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ නිසා එම පිළිතුර පොදුවේ කාටත් පිළිපැදීමට තරම් වටිනා එකක්‌ නොවීමට ද ඉඩ තිබේ. කෙසේ වුවද යුග දිවියේ සාර්ථක හෝ අසාර්ථක බව මත ඔබගේ සමස්‌ත ජීවිතය ම තීරණය වන බව නම් පිළිගත යුතුම ය.

Saturday, August 20, 2016

සොඳුරු කැදැල්ලක මනස්කාන්ත අසිරිය

ගෞරවනීය ස්වාමීන්වහන්ස, නූතන සමාජ ක්‍රමය විසින් වර්තමාන පවුල් සංස්ථාව තුළ අර්බුද රාශියක් නිර්මාණය කරමින් සිටින බව පෙනේ. මෙම ගැටුම දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස එදාට වඩා අදවන විට දික්කසාද වීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතී. මෙම ගැටළුව අවම කරගැනීම සඳහා බුදුදහමට අනුව ධාර්මික විසඳුමට කෙසේ ප්‍රවේශ විය යුතුද?
විවාහක ජීවිතයට පත්ව සිටින,විවාහ ජීවිතයක් ගතකරන ඔබ විසින් අනුගමනය කළ යුතු පිළිවෙත් ප්‍රතිපත්ති කුමක්ද? යන්න පිළිබඳව ඔබ තුළ අවබෝධයක් තිබිය යුතුයි. මේ ලෝකයේ තිබෙන සමාජ ඒකක අතරින් කුඩාම සමාජ ඒකකය පවුල් සංස්ථාවයි. වැදගත්ම සමාජ ඒකකය බවට පත්වන්නෙත් පවුල කියන ඒකකයම යි.එහි වර්තමානය වන විට නූතන සමාජ ක්‍රමය,

ආදරයවෙනුවට කරුණාව

අද අප අතර සිටින වැඩි දෙනෙක් බොහෝ බණ ඇසුවත් මහා පින්කම් කළත් පින්කම් පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇතිව කටයුතු කරනවා යැයි සිතන්න අමාරුයි. මුදල් යහමින් ඇති අය සිතා සිටින්නේ මුදල් වියදම් කළ පමණකින් පින් රැස්කර ගත හැකිය කියලයි. මුදල් අගහිගකම් ඇති අය කියන්නේ මුදල් නැත්නම් පින් කර ගන්නට බැරි බවයි. මේ දෙකම වැරැදි අදහස්. හැම දෙයක්ම සල්ලි තමයි කියා සිතන්නට වර්තමාන සමාජය නැඹුරු වී තිබීම අවාසනාවකි. හැම දේකටම මුල් වන්නේ සල්ලි නොවෙයි. වැදගත් ම දේ හිතයි කියල බුදුහාමුදුරුවෝ මොනතරම් අවධාරණය කරල තියෙනවද?
උපන් අප හැම කෙනෙකුටම සිතක් තියෙනව. පින් කරන්න අවශ්‍ය කරන වැදගත් ම දේ තමයි හොඳ සිත. වැරැදිලා ගියත් හොඳ හිතින් කරන දේකින් පව් සිද්ධ වන්නේ නැහැ. පින් සිදු වෙනවා. මහා පරිමාණ පුණ්‍යකර්මවලින් ගොඩක් පින් රැස්වෙනවා තමයි. ඒ වගේ ම සුළු යැයි අප විසින් නොතකා හරින බොහෝ දේවල්වලින් පින් රැස්කර ගන්න පුළුවන්. ඒ සඳහා අවබෝධයත් උනන්දුවත් අවශ්‍යයි.
හැම කෙනෙකුට ම හැමදාම මහා පින්කම් කරගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් හැම කෙනෙකුටම හැම වෙලාවක ම පාහේ පුංචි පුංචි පින්කම් කරගන්න හැකියාව තිබෙනවා. අද අප අතර වැඩි දෙනෙකුට අමතක වෙලා ඇයි මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ කියන කාරණය. ඇතැම් කෙනෙක් හැසිරෙන්නෙ මනුෂ්‍ය ලෝකෙට ආවේ පුළුවන් තරම් පඤ්චකාම සම්පත් විඳගන්න වගෙයි.

Sunday, July 10, 2016

සෙනෙහස


කෙනකු ආදරය අපේක්ෂා කරනුයේ තම ජීවිතය වඩාත් ශක්තිමත්ව අඩුපාඩුවලින් තොරව පවත්වාගෙන යාම සඳහාමය. එය මව්පියන්, දූදරුවන්, අඹු සැමියන්, තරුණ තරුණියන් ලෙස ගත්තද පොදුය. එපමණක් නොව ගහක් ගත් විටද තම මුල් නිරන්තරව යොමුකරන්නේ සරු පොහොර පසකටය. ඒ ගසේ පැවැත්මට මිස පසට ඇති ආදරය නිසා නොවේ . වැළක් නිතරම එතෙනුයේ ගසකටය . එසේ වන්නේ වැලේ ආරක්ෂාවට හා පැවැත්ම සඳහාය. පෘථග්ජන ලෝකයේ ආදරය සෙනෙහස මේ හා සමානය.
ආදරය සාමාන්‍ය ස්වභාවය තුළ පොදු නොවේ. එය සුවිශේෂී කරුණු මත වෙනස් වේ. මවක් තම දරුවකුට දක්වන සෙනෙහස එම වයසේ අනෙක් දරුවන්ට ඒ හා සමාන මට්ටමින් දක්වන්නේ නැත.