Labels

Showing posts with label අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්. Show all posts
Showing posts with label අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්. Show all posts

Friday, January 12, 2018

චේතනාත්මකව කර්මයක් කරයි ද එහි විපාකය ඒකාන්තයි




" චේතනාත්මකව කරන ලද්දා වූ, රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහී මොලොවදී විපාක දෙන්න පුළුවනි. නැතහොත් ඊළඟ ජීවිතයේ දී විපාක දෙන්නට පුළුවන. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැන දී විපාක දෙන්නට පුළුවන."
අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් තථාගත බල දහයකින් යුතු වන සේක. මේ දෙව් මිනිස් ලෝකයා ඉදිරියේ අභීත ස්වරයෙන් උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කොට වදාළේය. එනිසාම අප භාග්‍යවතුන් වහන්සේ දසබලධාරී නමින් හඳුන්වමු. උන්වහන්සේ තුළ පැවැති ඒ ඤාණ බලයන් අතරින් එක් ඤාණයක් වූයේ කර්මය විපාක දෙන ආකාරය ගැන මුළුමනින් ම දන්නා නුවණ යි.

Friday, December 29, 2017

මධ්‍යස්ථව ඉවසිය යුතු දුක සහ සැප

" සද්පුරුෂයන් සැප විඳින කාලයේදීත්, දුක් විඳින කාලයේදීත් ශාන්තව සිටියි. කලබලයට පත් නොවේ. නුවණැති සද්පුරුෂයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන සෑම දෙයක් කෙරෙහි ම ඇති ආශාව දුරු කරන්නේ අවබෝධයෙන් ම ය. සිතේ එක් ආශාවක් තබාගෙන වචනයෙන් තව එකක් නො කියයි. දුකක් වුවත්, සැපයක් වුවත් ඉවසා ගැනීමට ඒ නුවණැත්තන්ට හැකි ය."
වේරඤ්ජ නම් බ්‍රාහ්මණ ගමකි. එහි ගම් ප්‍රධානියාගේ නාමය ද වේරඤ්ජ විය. පන්සියයක් භික්ෂුන් වහන්සේ සමඟ අප භාග්‍යවතුන් වහන්සේ වස් කාලය ආසන්නයේ වේරඤ්ජ ගමට වැඩි සේක.

වේරඤ්ජ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසා තිබුණේ වැරැදි, අභූත, අසත්‍ය කරුණු ය . එනිසාම මේ බමුණාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදීමක් හට ගෙන තිබුණි.


වස් කාලයේ භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ ගමට වැඩි අවස්ථාවේ දී බ්‍රාහ්මණයා තමා පිළිගෙන තිබෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව විමසී ය. ඔහුට ලැබුණ පිළිතුරුවලින් පැහැදීමට පත් ඒ බමුණා තෙරුවන් සරණ ගියේ ය.
”භාග්‍යවතුන් වහන්ස, මේ එළඹෙන්නේ වස්සාන කාලය යි. ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වේරඤ්ජ ගමේ වස් සමාදන් වේ නම්, එය අපට මහත් වූ යහපතකි.”බමුණා කළ ආරාධනය භාග්‍යවතුන් වහන්සේ පිළිගත් සේක.
නමුත් සිදුවූයේ නො සිතූ දෙයකි. තමන් විසින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට වස් විසීමට ආරාධනා කළ බව ඒ තුන් මස පුරාවටම මාරයා සිත වැසීම නිසා වේරඤ්ජ බ්‍රාහ්මණයාට අමතකව ගියේ ය. දානය නො මැති නිසා භික්ෂුන් වහන්සේ දින ගණන් නිරාහාරව සිටිය හ. භික්ෂූන් වහන්සේලා අශ්ව වෙළෙඳුන් සමූහයක් නවාතැන් ගෙන සිටි ස්ථානයකට පිඬුසිඟා වැඩ එහි දී ලැබුණ යව හාල් වතුරෙන් පොඟවා කොටා මී පැණි මිශ්‍රකොට වැළඳු හ.

Wednesday, December 20, 2017

දුක දුරු කරන පින

ස්වාමිනි, මට දානමාන දෙන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මම බොහෝ ධර්මය අසා තිබුණෙත් නෑ. එහෙත් ස්වාමිනි, මම කිසිවෙකු බොරුවෙන් රැවටුවේ නැහැ. වංචාවක් කළේත් නැහැ. කාටවත් හොර, බොරු නොකර සිටියා. නිතරම ඇත්ත කිව්වා."

මේ මනුස්ස ලෝකයේ අපට කෙ තරම් කාලයක් ජීවත් වීමට අවස්ථාව තිබෙනවා ද කියා අප දන්නේ නැහැ. ජීවත් වීමට තිබෙන අවස්ථාව ඕනෑම අවස්ථාවක අහිමි විය හැකි යි. යම් කෙනෙක් නිරන්තරයෙන් පින් රැස් කරනවානම්, ඔහු මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධයක් නො ලබා මිය ගියත්, යළිත් ධර්මයේ හැසිරෙන්නට අවශ්‍ය කරන කලණ මිතුරු සම්පත්තිය සහිත වූ පරිසරයක උපදවන්නට ඒ පිනට පුළුවන්. ඒ නිසයි එකම පින වුවත් නැවත නැවත කරමින් පින් රැස් කිරීමට ආසා කරන්න කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මිනිසුන්ට පිනෙහි වටිනාකම ගැන හොඳ වැටහීමක් තිබුණා. එයට හේතුව අපගේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වැඩ සිටීම. උන්වහන්සේ මේ බුදු සසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්. එසේ අග්‍ර වූණේ සෘද්ධි බලයෙනු යි. ඒ සෘද්ධි බලය දෙවැනි වුණේ බුදුරජාණන් වහන්සේට පමණ යි.
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ නිතර ම දෙව්ලොවට වැඩම කොට වදාළා. දෙව්ලොව සියලු විස්තර මනුලොව මිනිසුන්ට දැනුම් දෙනවා. ඒ විස්තර අසා මිනිසුන් අකුසල් දුරු කර, කුසල් දියුණු කර ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ නිසා මිනිසුන්ට සිදුවුණ යහපත නම් අපමණ යි.

Monday, November 27, 2017

හටගත් සැණින් දුරුකළ යුතු ක්‍රෝධය


" රජතුමාගේ සිත ඒ නාටක ස්ත්‍රිය වෙත ඇදී ගියා. ඔබ ඇය කෙරෙහි වෛර බැඳ ගත්තා. ඇයට ඊර්ෂ්‍යා කළා. ඇයට දුකක්, වේදනාවක් දීමට සිතා ඔබ කහඹිලියා ගෙඩි ගෙනැවිත් කුඩු කොට ක්‍රීඩා කරන විලසින් ඇයගේ ඇඟේ තැවරුවා. හොර රහසේ ම ඈ සැතපෙන යහනේ කහඹිලියා තැවරුවා. ඒ නාටක ස්ත්‍රියගේ සිරුරේ කහඹිලියා කුඩු වැදුණ විගස කසන්නට පටන් ගත්තා."


බුදුරජාණන් වහන්සේ අපගේ සිත දියෙන් ගොඩ දැමූ මාළුවෙකුට උපමා කළා. ඒ සිත නිරන්තරයෙන් අරමුණුවල ඇලෙමින් සහ ගැටෙමින් පවතින නිසයි.

එවන් ස්වභාවයෙන් යුතු අපේ සිත් තුළ විවිධාකාර සිතිවිලි හට ගනී. කුසලයත්, අකුසලයත් හට ගනී. කුසල් සිතක් හටගත් විට අපි පින් රැස් කර ගනිමින් බොහෝ යහපත් දේ කරමු. අකුසල් හට ගත් විට අයහපත් දේ කරමින් බෙහෝ පව් රැස් කරමු. මේ සංසාර ගමනේ අප කුසල්, අකුසල් දෙකම සිදුකර ඇත. කුසලයේ විපාක ලෙස සැපත්, අකුසල් විපාක ලෙස දුකත් උරුම වේ. ඒ ආකාරයට කළ අකුසල විපාක ඉස්මතු වී බොහෝ දුක් විඳි කුමාරිකාවක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ ජීවත් වුණා.

Tuesday, November 21, 2017

සක් දෙවිඳුන්ගේ මුනිගුණ වැයුම්...

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ, මිනිසුන්ගේ පමණක් නොව දෙව්බඹුන්ගේ ද ශාස්තෘන් වහන්සේ වෙති. බුදුරජාණන් වහන්සේට “සත්ථා දේව මනුස්සානං” කියන්නේ එහෙයිනි.

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන අවස්ථාවේ මිනිස් ලොව ඒ සදහම් ශ්‍රවණය කළේ පස්වග තවුසන් වහන්සේලා පමණ යි. එහෙත් භූමාටු දෙව්ලොව පටන් අකනිඨා බඹලොව දක්වා ඒ දෙසුමට සවන් දුන් කෝටි සංඛ්‍යාත දෙවියන්, බ්‍රහ්මයන් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් බවට පත්වුණා. රතන සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය ආදී දේශනාවන් සිදු කරද්දීත් දහස් ගණනින්, ලක්ෂ ගණනින් දෙවියන්, බ්‍රහ්මයන් ධර්මාවබෝධ කළා. චාතුම්මහාරාජික, තාවතිංස දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන් ද මහත් වූ දිව්‍ය පිරිසක් සමඟින් පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සෝතාපන්න ශ්‍රාවකයෙකු වූ අයුරු සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා. දෙවියන්, බ්‍රහ්මයන් හා දහම් පිළිසඳරේ යෙදෙමින් පුන් පොහෝ දින දහමේ හැසිරෙන ආකාරය ගැන විස්තරයක් දීඝ නිකායේ ‘මහා ගෝවින්ද’ සූත්‍රයේ සඳහන් වෙනවා.


සම්බුදු ගුණ


භාග්‍යවතුන් වහන්සේ ගිජුකුළුපව්වේ වැඩ සිටියදී පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසිනුයි මේ විස්තරය හෙළි කරනු ලබන්නේ. පංචසිඛ භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, වස් පවාරණය කළ පසළොස්වක පොහොය දිනක රාත්‍රියේ තව්තිසා දෙව්ලොව සුදම් සභාවට බොහෝ දිව්‍ය පිරිසක් එකතුවුණා. විරූඪ, විරූපාක්ෂ, ධ්‍රැතරාෂ්ඨ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරුන් පෙරටු කරගෙන සක් දෙවිඳුන් වාඩි වී සිටියා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, යම් දෙවි කෙනෙක් මිනිස් ලොවේ දී භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පුරා දෙව්ලොව උපත ලැබුවා ද, ඒ දෙවිවරු ශරීර සෝබාවෙනුත්, යසසිනුත් අනෙක් දෙවිවරු අභිබවා බබළනවා.

Monday, November 20, 2017

සුගති දුගති ලොව ඉපදෙන බිරින්දෑවරු

කුඩා දරුවන්ගේ සිත්වල අකුසල් හට ගන්නේ ඉතාමත් අඩුවෙන්. එහෙත් වයසින් මෝරන විට ඒ සිත් අකුසලයට ම බරවෙන ස්වභාවයක් තිබෙනවා. පොඩි වැරැද්දටත් සිත අකුසලයේ පිහිටුවාගෙන, ඊර්ෂ්‍යා කරමින්, නපුරුකමින්, පළිගන්න ස්වභාවයක් මේ හිත්වල ඇතිවෙනවා. වයසින් තව තවත් මෝරද්දී සිත කිළිටි වන දේවලින් පිරී ගොස් බොහෝ දෙනෙකුට ඉතිරි වන්නේ පිරිහුණු සිතක් සමඟ රැස් වූ අකුසල් ගොඩක් පමණයි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්න ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයාගෙන්. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණේ නැතිනම්, ඉපදීමටත්, මරණයටත් ගොදුරු වෙමින් දිගින් දිගටම මේ සංසාර ගමනේ දුක් විඳිමින් ගමන් කරන්නට අපට සිදුවෙනවා. ඒ නිසා, මේ උතුම් අවස්ථාව මඟහැර නො ගෙන ජීවිත අවබෝධය කරා යෑමට උත්සාහ කළ යුතු වෙනවා.
මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සුවපත් කර ගැනීම පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ “සප්ත භාර්යා සූත්‍රය” (බිරින්දෑවරු හත්දෙනා පිළිබඳ වදාළ දෙසුම) අංගුත්තර නිකායේ හත්වැනි නිපාතයට අයත් දේශනාවක්.

Saturday, November 18, 2017

මහත්ඵල මහානිශංස උපෝසථ සීලය

අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගය ලෙස වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවෙන් යුතු වේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා මුලින් ම හික්මෙන්නේ සීලය තුළ යි. නිති පන්සිල් සුරකින ඔහු පොහොය දිනට අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන් වෙනවා.


සීලයේ අනුසස්


උපෝසථ සීලයේ අනුසස් පිළිබඳව අංගුත්තර නිකායේ සඳහන් “විශාඛා උපෝසථ සූත්‍රයේ” දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
පින්වත් විශාඛාවෙනි, අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන්වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබළීම් ඇත්තේ වෙයි. මහත් යහපත ඇත්තේ වෙයි.

Wednesday, November 15, 2017

සංසිඳුණු ආශාව කුසලයට හේතුවෙයි

ලද දෙයින් සතුටු වීමේ චාම් දිවිපෙවෙත බෞද්ධ අනන්‍යතාව විදහා දක්වන සුවිශේෂි ගුණ ධර්මයකි. නමුත් නො සංසිඳෙන ආශාවන් පසුපස හඹායන වත්මන් ලෝකයේ ලද දෙයින් සතුටු වෙමින් සැපසේ වාසය කිරීමේ වාසනාව වේගයෙන් තුරන් වී යන සෙයකි.

ලද දෙයින් සතුටු වීමේ ගුණය යම් සමාජයකින් තුරන් වී ගිය කල එහි නොයෙකුත් අර්බුද, ගැටලු සහගත දෑ සිදුවීම නො වැළැක්විය හැකි ය. වත්මන් ලෝකයා බොහෝ සෙයින් කතා කරන සීීීඝ්‍රයෙන් ගුණ ධර්මයන්හි පරිහානියට ප්‍රබලතම හේතුවක් වන්නේ මෙය යි.

Thursday, November 2, 2017

අඳුරට පහනක් නො සොයන්නේ ඇයි?

මේ ජීවිතය ආසාවෙන්, තරහෙන්, මෝඩකමෙන්, වයසට යෑමෙන් රෝග වලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීමෙන් හැම වෙලේම ගිනි ඇවිලෙද්දී මොන හිනා ද? මොන සතුටක් ද?
කලණ මිතුරු ඇසුර කියන්නේ ඉතාම සුන්දර දෙයක්. කල්‍යාණ මිත්‍රයා වරදින් මිදෙන්නට උපකාර කරනවා. යහපතේ හැසිරෙන්න අනුශාසනා කරනවා. පවින් වළක්වා ගන්නවා. එබඳු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළොත් ඕනෑම කෙනෙකුගේ ජීවිතයට දියුණුවක් ම යි ඇති වන්නේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “නිධානයක් තිබෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක්” වගේ නුවණැත්තා අඩුපාඩු දුටුවිට කරුණාවෙන් අවවාද කර, වරදින් මිදෙන්නට උදව් කරන බවයි. එබඳු නුවණැති සද්පුරුෂයින් ම ඇසුරු කළ යුතුයි. එවිට යහපතක් ම යි සිදුවන්නේ. අයහපතක් නම් නොවෙයි.

කලණ මිතුරන් ළඟ සිටියත් සමහර අයට ඒ කලණ මිතුරා සොයාගන්නට අමාරුයි. කලණ මිතුරන් නිතර ම උත්සාහ කරන්නේ තමන් ඇසුරු කරන අය යහපතෙහි යෙදවීමට යි.
විශාඛා මහෝපාසිකාවත් එවැනි තැනැත්තියක්. ඕ තොමෝ මහත් කරුණාවෙන් යුතු යි. අනුකම්පාවෙන් යුතු යි. ඒ වගේම ප්‍රඥාවෙන් යුතු යි. සැවැත්නුවර සිටි ඉතාමත් සම්භාවනීය, වැදගත්, ප්‍රභූ කාන්තාව වූයේ විශාඛාව යි.
ඇය වටා බොහෝ කාන්තාවන් රැස් වුණා. ඇයගේ පිරිවර වෙන්න බොහෝ දෙනෙක් කැමැති වුණා. ධර්මයට එතරම් ආසාවක් නැතත්, විශාඛාව ඇසුරු කිරීමට කැමැති වූ කාන්තාවන් ද සිටියා. ඒ කාන්තාවන් ධර්මයේ නො හැසිරෙන බව විශාඛාව දැනගෙන සිටියා. නමුත් තමන්ගේ ඇසුර නිසා ටිකෙන් ටික යහපත සලසා දීමේ අනුකම්පා සහගත අදහසක් විශාඛාව තුළ තිබුණා. ඒ නිසා ම කිසි වෙනසක් නො දක්වා ඔවුන් ද අසුරු කළා.

Saturday, October 28, 2017

අප්‍රමාදයට ප්‍රමාද නොවෙමු


චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස කළ යුත්තේ අප්‍රමාදී වීමයි. චතුරාර්ය සත්‍යාවබෝධය කියන්නේ විද්‍යාව යි. ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව සැබෑ ම අවබෝධය යි. චතුරාර්ය සත්‍ය අවබෝධය නො වීම නම් අවිද්‍යාව යි. අවිද්‍යාව නම් චතුªරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස කුසල් දහම් දියුණු කිරීමට, අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට වන ප්‍රමාදය යි.

ප්‍රමාදය තුළ සිටින පුද්ගලයාගේ ස්වභාවය නම් වර්තමානයේ තමන්ට ලැබු දෙයින් මත් වීමයි. අනාගතය ගැන බොළඳ සිහින ගොඩ නගමින් ජීවත් වීමයි. එසේනම් මේ සත්‍ය අවබෝධ කිරීම පිණිස අප්‍රමාදය ඇති කරගන්නට නම් වර්තමානයේ ලද දෙයින් මත් නොවී, අනාගතය ගැන සත්‍ය ස්වභාවය ම නුවණින් විමසිය යුතු වෙයි.
අප්‍රමාදය ඇතිවන අයුරින් අනාගතය ගැන නුවණින් විමසිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ “දුතිය අනාගත භය” සූත්‍රයේ දී මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, මේ පස් ආකාර වූ අනාගත භය දකින පුද්ගලයා විසින් අප්‍රමාදී ව, කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, පත් නොවූ මාර්ගඵල ආදියට පත්වීම පිණිසත්, අත් නොදුටු මාර්ගඵල ආදිය අත්දැකීම පිණිසත්, සාක්ෂාත් නො කළ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කිරීම පිණිසත්, අප්‍රමාදීව කටයුතු කළ යුතු යි.


Sunday, October 15, 2017

නුවණැති ජීවිතයකට මග.


" මිනිසත් බවක් ලැබීම ඉතා දුර්ලභ ය. එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් මෙනැයි ධර්මයේ දක්වා ඇත්තේ එහි ඇති දුෂ්කර ස්වභාවය නිසාම ය. එවන් දුර්ලභව ලැබූ මිනිස් ජීවිතය බුදු දහම මඟින් පෝෂණය කර, එයින් විපුල ප්‍රයෝජන ලබා ගන්නේ ප්‍රඥාවන්තයා පමණ යි. ඔහු ආලෝකයෙන් ආලෝකයට යයි. ඔහු මේ අනවරාග සංසාරයෙන් මිදීමට උත්සාහ කරන්නෙක් වෙයි."
භාග්‍යවතුන් වහන්සේ වදාළේ යම් ක්‍රියාවක් කොට ඒ ගැන පසුතැවීමක් උපදිනවා නම්, එහි විපාකය විඳින්නට වන්නේ කඳුළු පිරුණු මුහුණකින් යුතුව නම්, එවැනි ක්‍රියාවන් නො කරන ලෙස යි. (නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පතී. යස්ස අස්සුමුඛෝ රෝදං - විපාකං පටිසේවතී).

Saturday, September 30, 2017

දහම හැදෑරීමට උපදේශයක්


තථාගත බුදු පියාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මය ලංකාද්වීපයේ බිහි වූ මහා සංඝ පරපුර විසින් මහත් වූ කැප කිරීමකින් යුතුව ආරක්ෂා කර ගනු ලැබුවා. ඒ නිසා ම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉතා පිරිසුදු ලෙස ඉගෙන ගන්නට අදත් අවස්ථාව තිබෙනවා."

Wednesday, September 6, 2017

ගිනිගත් ලොව නිවා සනසන්නට නම්.. .

අසිරිමත් ගුණයන්ගෙන් හෙබි මෙලොව පහළ වී වදාළ අසහාය පුරුෂ රත්නය වනාහි අප සරණ ගිය භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ ය. නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිමින් ලෝ සතුනට අපමණ සෙත සෑදු උන්වහන්සේගේ සම්බුදු දිවියේ උත්තම ගුණ සුවඳ සදා අනුස්මරණීය වන්නේ ය.
සසරේ රැස්කළ අපමණ පුණ්‍ය බල ඇති බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් දමනය කෙරුමට සෘද්ධිමත් පෙළහර ද, අනුන්ගේ සිත් බලා දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්යය ද, කුසල් අකුසල් පෙන්වාදීම නම් වූ අනුශාසනීය ප්‍රාතිහාර්යයද උපයෝගි කරගත් සේක. වත්මන් සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ බනින්නාට පෙරළා බනින, නින්දා අපහාස කරන්නන්ට පෙරළා නින්දා අපහාස කරන්නවුන් ය. නමුත් තථාගතයන් වහන්සේගේ ස්වභාවය ඊට ඉදුරාම වෙනස් ය. අක්කෝස භාරද්වාජ, සච්චක, ආළවක වැනි අය අපහාසාත්මක වදන් පවසද්දී ඉවසා වදාළ බුදුරජාණන් වහන්සේ පෙරළා පැවසුවේ සුමිහිරි සම්බුදු වදන් ය.

Sunday, August 6, 2017

ලොව සැබෑම වාසනාවන්තයා

 ජරා, මරණ දුකින් ගැලවී යා හැකි වෙනත් ලෝකයක්ද නොමැත. සසර ගමන නවතාලීමට හැකි කිසිදු යන්ත්‍රයක් බිහිවී නොමැත. නමුදු මිනිස් සිතෙහි පිරිහීම නවතාලන ජරා, මරණ, දුකින් ගැලවිය හැකි සසර ගමනින් අතමිදීමට මඟ කියාදෙන දහම අසන්නට අපට වාසනාව තිබේ. පෘථග්ජන ලෝකයේ දියුණුවත් තථාගත ශ්‍රී සද්ධර්මය මුණ ගැසීම නිසා අප ලද වාසනාවත් කිසි දිනක සැසඳිය හැකි දෙයක් නොවේ. කෑමට යමක් නැතත්, අඳින්නට වටිනා වස්ත්‍ර නැතත්, අහස් කුසට විහිදුන මන්දිර නැතත්, කෝටි ගණන් මිල මුදල් නැතත් ඔබට ද ලොව සැබෑම වාසනාවන්තයෙක් වීමේ වාසනාව හිමි ව තිබේ."
චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට ඇසෙන්නේ බුදු සසුනක දී පමණි. බුදුරජාණන් වහන්සේ නමකගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් පමණි. ඉතා දුර්ලභ වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය, යම් කෙනෙකුට අසන්නට ලැබේ නම් ඔවුන් සැබැවින් ම මනුලොව වාසනාවන්තයෝ ය. යම්කිසි කෙනෙක් ඒ ධර්මයේ හැසිරෙන්නට අවස්ථාව ලද්දෝ නම් ඔවුහු මහා භාග්‍යවන්තයෝම ය. මන්දයත් මිනිස් ලොව ලැබිය හැකි වටිනාම සම්පත ඔවුහු ලද බැවිනි.

Saturday, July 8, 2017

සම්මා වායාමය ( බුදුදහම වීර්යවන්තයින්ටයි)

සසර ගමනේ සැබෑ ස්වභාවය අපට මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව සිතා ගන්නටවත් බැහැ. ඒ අප පෙර ගත කළ ජීවිත දැකීමේ නුවණක් නොමැති නිසා. නමුත් ධර්මය මනාකොට ඉගෙනගත් ශ්‍රාවකයාට තථාගත ශ්‍රී සද්ධර්මය නුවණින් විමසීම තුළින් සසරේ බියකරුබව ගැන අදහසක් ඇති කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ ශ්‍රාවකයා ගිමන නිවීමට නුග රුක් සෙවණට පැමිණියා වගේ, පිපාසයට පැන් ලැබුණා වගේ, සොඳුරු හැඟීමක් බුදු සසුන වෙත පැමිණීමෙන් ඇතිවෙනවා. බුදු සසුන විවෘත වන්නේ කුසීතයන්ට නොව උත්සාහය ඇති, වීර්යවන්තයින්ට පමණයි.

Sunday, June 25, 2017

සද්ධර්ම අවබෝධයට බාහිර උපකාරක අංග

පසුගිය වෙසක් පුන් පොහොය එළඹීමත් සමඟ ශ්‍රී බුද්ධ වර්ෂ 2561 උදා වූ බව අප කවුරුත් දන්නවා. තවත් ආකාරයකින් කියනවා නම් ශාඛ්‍යමුණි තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2561 ක් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් බොහෝ කාලයක් ගත වුවද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අදටත් අපට අසන්නට ලැබෙනවා. එය අපේ වාසනාව නොවේද? සසර දුකික් එතෙර වීමට උන්වහන්සේ අපට මුල, මැද, අග සුන්දර ධර්මයක් දේශනා කොට වදාළා. ඒ මගෙහි ගමන් කරන කවුරු වුවද දුක් විඳින සසර ගමන නවතා දමනවා.

සම්මා දිට්ඨිය අරුණෝදය වැනිය

සසරේ ඉපදෙමින් මැරෙමින් යන සත්ත්වයන් හට ඒ දුක්ඛිත වූ සසරින් එතෙර වන්නට අවස්ථාවක් උදාවන්නේ ඉතාමත් කලාතුරකින්. වාසනාවකට අපට දැන් ඒ අවස්ථාව උදාවී තිබෙනවා. එයට හේතුව අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පමණක් පිහිටුවන්නා වූ බුද්ධ ශාසනයක් මුණ ගැසීමයි.
අංගුත්තර නිකායේ පළමු පොත් වහන්සේගේ අන්තර්ගත සූත්‍රදේශනා ඇසුරෙන් ඇති පහත කරුණු වලින් එය මනාව වැටහේ. තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ පහළවීම කෙතරම් ලෝකයාට හිතසුව පිණිස පවතීද කියා මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, මේ ලෝකයේ උපදින එකම පුද්ගලයෙක් සිටියි. ඒ තමයි නිවැරැදි ආකල්ප ඇති සම්මා දිට්ඨියෙන් යුතු පුද්ගලයා. බොහෝ පිරිස අධර්මයෙන් ඈත් කොට ධර්මයේ පිහිටුවනවා. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ ජනයාගේ යහපත පිණිස සැපය පිණිස, නිවැරැදි ආකල්පයෙන් යුතුවූත්, සම්මා දිට්ඨියෙන් යුතුවූත්, ආශ්චර්යවත් මනුෂ්‍යයා වශයෙන් මේ ලෝකයෙහි උපදින එකම පුද්ගලයා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි.

Sunday, June 18, 2017

තෘෂ්ණාවෙන් පිරි ලෝකය කිසිදා තෘප්තිමත් නොවෙයි



අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය හුදෙක් අදහා ගැනීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. ධර්මය වනාහී නුවණින් කල්පනා කිරීමෙන් අවබෝධ වන එකක්. එනිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ "මාගේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි. දුෂ්ප්‍රාඥායන්ට නොවේ" කියා. අද අප මාතෘකා කර ගන්නේ එසේ නුවණින් සලකා බලා තේරුම් කරගත යුතු කරුණු සතරක් පිළිබඳවයි.
මේ වටිනා කරුණු සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ. එහි ඇත්තේ රට්ඨපාල මහ රහතන් වහන්සේ සහ කෝරව්‍ය රජතුමා අතර ඇතිවන සංවාදයක් තුළයි.

Saturday, June 10, 2017

දැන දැන බොරුකීම චිත්ත දියුණුවට බාධාවක්

ජීවිතයට බොහෝ සෙයින් උපකාරි වන දෙයක් සත්‍ය කතා කිරීම. අද ඇතැම් දෙනෙකුට බොරු කීමට කිසිදු බයක් හෝ ලජ්ජාවක් නැහැ. බොරු කීමට බයක්, ලජ්ජාවක් නොමැති නිසාම බොහෝ දෙනෙක් බොරු කියනවා. නමුත් ඒ තුළින් අපේ ජීවිතයට සිදුවන හානිය බොහෝ බරපතල බව කිසිවෙකුටත් පෙනෙන්නේ නැහැ. සත්‍යවාදී නොවීම හේතු කරගෙන අපගේ ජීවිත අභ්‍යන්තරය තුළ සිදුවන පරිහානිය කෙබඳු දැයි මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට පෙන්වා වදාළා.
දිනක් තථාගතයන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේ බැහැ දැකීමට අම්බලට්ඨිකා කියන අඹ වනයට වැඩියා. රාහුල ස්වාමින් වහන්සේ දුටුවා තමන්ගේ කුටිය දෙසට තථාගතයන් වහන්සේ වඩින අයුරු. ඉතින් උන්වහන්සේ ඉක්මනින් ආසනයක් පනවා පා සෝදන්න වතුර බඳුනක් පිළියෙල කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කර ඒ ආසනයේ වැඩ හිඳ පා දෝවනය කළා. පා දෝවනය කරන්න වතුර ගත් භාජනයේ පැන් ස්වල්පයක් ඉතිරි වී තිබුණා. රාහුල ස්වාමින් වහන්සේ පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට පැත්තකින් වාඩි වුණා.

Wednesday, June 7, 2017

සද්ධර්ම අවබෝධයට බාහිර උපකාරක අංග

පසුගිය වෙසක් පුන් පොහොය එළඹීමත් සමඟ ශ්‍රී බුද්ධ වර්ෂ 2561 උදා වූ බව අප කවුරුත් දන්නවා. තවත් ආකාරයකින් කියනවා නම් ශාඛ්‍යමුණි තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2561 ක් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් බොහෝ කාලයක් ගත වුවද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අදටත් අපට අසන්නට ලැබෙනවා. එය අපේ වාසනාව නොවේද? සසර දුකික් එතෙර වීමට උන්වහන්සේ අපට මුල, මැද, අග සුන්දර ධර්මයක් දේශනා කොට වදාළා. ඒ මගෙහි ගමන් කරන කවුරු වුවද දුක් විඳින සසර ගමන නවතා දමනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රැතවත් ශ්‍රාවකයාට ධර්මය අවබෝධ කිරීම පිණිස බාහිරින් උපකාරක අංග දෙකක් ලැබිය යුතු බව. එනම් කල්‍යාණ මිත්‍ර සේවනය සහ, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයයි. කල්‍යාණ මිත්‍රයෙකුගෙන් අපට ලැබිය යුත්තේ ශ්‍රී සද්ධර්මය යි. අනෙක් අතට ශ්‍රී සද්ධර්මය අපට මනාකොට අසන්නට ලැබෙන්නේ කාගෙන්ද ඔහු අපේ කල්‍යාණ මිත‍්‍රයා වෙනවා.
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් රන් කරුවෙකුගේ පුතෙක් වූ “චුන්ද” අසා සිටියේ මේ ලෝකයේ ශ්‍රමණයෝ කොතෙක් සිටිත්ද? යන්නයි. මේ පැනයට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ