Labels

Sunday, July 31, 2016

සම්බුදු සිරිතේ ආදර්ශය ( මව් පියන් සේ ගුණවත්ය )

නායකත්වය සතු ගුණයන් අතර තම බලය විමධ්‍යගත කිරීම උතුම් ගුණයකි. බුදුරදුන් තුළ මෙම ලක්ෂණය බුද්ධත්වය ලැබීමේ සිටම දැකිය හැකිය. ශාසනය ආරම්භයේදී පැවිදි උපසම්පදා කිරීමේ බලය තිබුණේ බුදුරදුන්ට පමණි. එය “ඒහි භික්ඛු” පැවිදි උපසම්පදාවයි. එහෙත් පසුකාලීනව එම අවස්ථාව තම ශ්‍රාවකයන්ට පවා ලබාදුන්හ.
සියල්ලම තමන් හරහාම සිදුවිය යුතුය. සියුලු දේ තම අධීක්ෂණයට පමණක් ලක්විය යුතුය යන්න සැබෑ නායකයෙකු කල්පනා නොකරයි. නායකයා සිදුකරනු ලබන්නේ ක්‍රියාවලිය සැකසීමයි .

 ඉන් අනතුරුව හැකියාව මත බලතල බෙදාදීම සිදුවෙයි. ඒ තුළ සිදුවන යහපත වන්නේ ‘ නායකයා නිරන්තරයෙන් රැදී නොසිටිය ද ක්‍රිියාකාරීත්වය නොඅඩුව සිදුවෙයි. නායකයා හෙවත් මග පෙන්වන්නා තුළින් බලාපොරොත්තු වන්නේ ද එයයි. උරුවෙල් කාශ්‍යප හිමියන්ට ගිහිකල සිටි අතවැසි පිරිසම එලෙසින්ම ඔහු හා සමඟ ගැවසීම පිළිබඳ බුදුරදුන් විරුද්ධත්වය පළ නොකළහ. එසේ වීමට උරුවෙල් කාශ්‍යප හිමියන්ගේ ක්‍රියාකලාපය යහපත් අදහස හේතු වූහ. මන්දයත් තම පිරිස උන්වහන්සේ මෙහෙය වූයේ තම පෞද්ගලික අභිමතාර්ථ සඳහා නොව ශාසනික උන්නතිය සඳහාය. නායකයා විසින් පවරන ලද බලය සේවක පිරිස් පාවිච්චි කළ යුත්තේ ආයතන අරමුණු ජයග්‍රහණය කරවීම සඳහාය.

Thursday, July 28, 2016

සදහම් දැනුම

ප්‍රශ්නය
විචාර පූර්වක බවින් යුතු සත්යේෂණ ක්‍රමයක් මගින් බුදුබව ලබාගත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගේ චින්තන නිදහසට ද ගරු කළහ. සිතීමෙන් හා විමසීමෙන් යුතුව කටයුතු කරන්නට තම අනුගාමිකයන්ටද නිදහස දුන්හ. එය උන්වහන්සේ ආදර්ශයෙන් ද පෙන්වා දුන්හ. බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර
එවකට ලොව පැවැති උත්තරීතරම තත්ත්වය ලෙසින් පිළිගත් “බුද්ධත්වය” කරා ගෞතම බුදුරජාණන් වහන්සේ ගමන්කොට ඇත්තේ විචාර පූර්වක ගමන් මගක බව සූත්‍ර සාහිත්‍යයෙහි එන විවිධ සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ. කාල වර්ණ කේශකලාපයකින් යුක්ත භද්‍ර යෞවන වයසේදී දෙමාපියන් සහ සිය බිරිඳ හඬමින් වැළපෙමින් (රුදන්තානං මාතා පිතුන්නාං) කඳුලු , කෙස් , රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වූ ආකාරය සංගාරව සූත්‍රයෙහිදී පැහැදිලි කර ඇත. මෙසේ අනගාරික ජීවිතයට පිවිසි එතුමාණෝ කිසිවිටක ආධානග්‍රාහීව එකම මතයක් පිළිගනිමින් කටයුතු නොකළහ. නිරතුරුවම (කිං සච්චගවේෂී) සත්‍යය ගවේෂණයක යෙදුණි. එහිදී ආලාරකාලාම, උද්දකාරාමපුත්ත වැනි එකල සිටි ප්‍රසිද්ධ ගුරුවරුන් සොයා ගොස් සත්‍යය සොයා ගොස් සත්‍යය අවබෝධකර ගැනීමට උත්සාහ කළ ද, එයින් සෑහීමකට පත් නොවූ ගෞතමයන් වහන්සේ “ස්වයං ඥානයෙන්ම (තමා විසින්ම) පරම සත්‍යය අවබෝධ කරගත්හ. මහා සීහනාද සූත්‍රාගත තොරතුරු අනුව කටුක මාවතක් ඔස්සේ අනන්ත දුක් ගැහැට විඳිමින් ගමන් කළ බව සඳහන් වේ.

පුද්ගලයාටත් පරිසරයටත් හානි කරමින් උපයන ධනය අධාර්මිකයි

කාමභෝගී ගිහි සැප භෞතික ධනය මත පදනම් වන හෙයින් එය නොමැති තැන ගිහි සැපත අර්ථවත් නොවේ. ගිහි ජීවිතය අර්ථවත් කරගැනීමට ධනය අවශ්‍ය බව පිළිගන්නා බුදුසමය ධන නිෂ්පාදනය සඳහා දැහැමි ක්‍රමයක් යෝජනා කරයි. සංයුත්ත නිකායේ රාසිය සූත්‍රයෙහි මෙම ක්‍රමවේදය ඇතුළත් වේ.
ඒ අනුව බුදුරදුන්ගේ ඇගයුමට ලක්වන්නේ සහසික නොවී ධනය නිෂ්පාදනය කිරීමයි. (ධම්මේන භොගෙ පරියෙසති අසාහසෙනාති) අසහාසික යන්නෙන් අදහස් වන්නේ සහසික නොවන ආකාරයෙන් ධනය ඉපැයීමයි. වචනාර්ථය අනුව සහසික වීම යනු ප්‍රචණ්ඩකාරී ස්වභාවයයි. ඒ අනුව යමෙක් පරිසරය හෝ මානව වර්ගයා වෙත ප්‍රචණ්ඩවෙමින් ඒවාට හානිකරමින් සූරාකමින් අධාර්මික ලෙස ධනය උපයන්නේ නම් එය සහසිකව ධනය ඉපැයීමක් ලෙස නම් කළ හැකිය. වෙනත් අයුරකින් පවසන්නේ නම් පුද්ගලයාට හා පරිසරයට හානිකරමින් ධනය නිපදවීම අධාර්මික වේ. ධන නිෂ්පාදනය ධාර්මිකව කළයුතුය යන්න මෙයින් ගම්‍ය වේ. බුදුසමය ධන නිෂ්පාදනය සඳහා කෘෂිකර්මය (කසියා) වෙළෙඳාම (වණිජ්ජා) ගවපාලනය (ගොරක්ඛ) ආරක්ෂක සේවය (ඉස්සත්ථ) රාජ්‍ය සේවය (රාජපොරිස) වෙනත් ශිල්පකර්මාන්ත (සිප්පඤ්ඤතරෙන) යනුවෙන් අවස්ථා හයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රය යටතේ හඳුන්වාදෙයි. මෙම ධන නිෂ්පාදන අවස්ථා බුදුසමය උදාවන අවදියේ දැහැමි රැකියා වශයෙන් පිළිගෙන තිබේ. හයවන අවස්ථාව තරමක් පූළුල් අයුරින් වටහාගත යුතුවේ.

Wednesday, July 27, 2016

ජීවන ගමන ගැන කියා දෙන පාරිච්ඡත්තක සූත්‍රය

කලාතුරකින් කෙනෙකුට ලැබෙන සුවිශේෂි කරුණු තුනක් දැන් අපට ලැබී තිබෙනවා. එනම් උතුම් මිනිසත් බවත්, ගෞතම බුදු සසුනත්, ධර්මාවබෝධය පිණිස ඇති කරගත් ශ්‍රද්ධාවත් ය. යම් කෙනෙක් තුළ මෙකී කරුණු තුන ඒකරාශී වූයේ නම් එය හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය නමිනි. ක්ෂණ සම්පත්තිය නම් වූ අතිශයින් ම දුර්ලභව ලද මෙම මොහොත ගෙවී යන්නට පෙර මෙයින් අත්පත් කරගත හැකි උතුම් පිළිසරණ සලසා ගත යුතුය.

බුද්ධ දේශනා තුළින් දාන්ත භාවයට


මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. භව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින සත්ත්වයාට මේ භයානක දුකෙන් අත මිදෙන්නට උත්තම ශාන්තියක් කරා පිය නැඟීමට හැකිවන පරිදි මේ ලෝකයට අසිරිමත් ධර්ම මාර්ගයක් හෙළිපෙහෙළි කොට වදාළේ අංගීරස තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් එයින් සැමට සැපතක් සැනසිල්ලක් ලැබෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සිත යොමු කරනවිට අපේ ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම මර උගුලකට අප පටලවන ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රිය දාන්ත භාවයට හුරුපුරුදු වෙනවා. සිත සුවපත් කරගෙන ශාන්තියක් අත්විඳීමට යෝනිසෝමනසිකාරයෙන් බුද්ධ දේශනා ශ්‍රවණය කරන විට අවස්ථාව උදා වෙනවා. කාම භෝග, භව භෝග, දිට්ඨි භෝග, අවිද්‍යා භෝග කියන මේ භයානක සැඬ පහරවල් කපා සිඳ බිඳ සුණුවිසුණු කොට ගෙන මේ භයානක භව සයුරින් එතෙර වන්නට බුදුබණ ශ්‍රවණයෙන් අවස්ථාව උදාවෙනවා. අග්‍ර උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පැමිණීම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න අමාරුයි. නමුත් පාපී දේවල් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන් අප ඇදගෙන යන්නේ පාපී ක්‍රියාවට සහ පාපී අරමුණු වලටයි.

ලොව සැනසෙන්නේ කෙසේද?

" බුදුරදුන් කල ශාක්‍ය, කෝලිය වංශිකයන් අතර ජලය බෙදා ගැනීම උදෙසා වෙන්නට තිබූ ලොකු විනාශයක් බුදුහිමියන්ගේ අවවාද අනුශාසනා මත නතර කර ගත්හ. එදා එය සිදුවුනිනම් ජීවිත රාශියක් විනාශ වන්නට ඉඩ තිබුණි. ඒ සෑම තැනකදීම බුදුහිමි සමඟියෙන් ජීවත් වීමම අගය කළහ."
මිනිසාට හුදෙකලාව ජීවත් විය නොහැක. සමාජ පද්ධතිය තුළ ජීවත් වන සියලු දෙනාම කුමන හෝ සම්බන්ධයක් මත කල් ගෙවන්නෝය. ඒ අනුව සමූහය, එකතුව, සංස්ථාව, රාශිය වැනි වචන තුළ ඇති අර්ථය වැදගත් වනු ඇත. උපන් සත්වයා ජීවත් වීමේදී විවිධ පැතිකඩයන් ඔස්සේ පරිසරය සකස් කර ගනු ඇත. එය මානව සමාජයේ සමාරම්භක අවස්ථාවල පටන් පැවත එන්නකි. ඒ අනුව වර්තමානයේ විද්‍යාත්මක ක්‍රමය තුළ විද්‍යාමාන වන්නේ එම අදහසය.

Monday, July 25, 2016

මධ්‍යම ප්‍රතිපදාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

"යතොච ඛොමෙ භික්ඛවෙ ඉමෙසු චතුසු
අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං
ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි.අථාහං භික්ඛවෙ
සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ‍්‍රහ්මකෙ
සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය
අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධො
පච්චඤ්ඤාසිං ඤාණංච පනමෙ දස්සා නං උදපාදි

සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසුව ඇසළ පුරපසළොස්වක් පෝදින අහස්කුස තාරකා පිරිවරා පුන්සඳ බබලද්දී බරණැස ඉසිපතන මිගදායේදී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තාපසයන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රථම ධර්මදේශනාව පැවැත්වූ සේක.
ද්වේ මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙවිතබ්බා යොචායං කාමසුඛල්ලිකානුයොගො හීනො, ගම්මො, පොථුජ්ජනිකො, අනරියො, අනත්ථසංහිතො ,යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො ආදි නයින් ආරම්භව
ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වේව නාමං අහොසි. යන වාක්‍යයෙන් අවසන්කොට ඇති දම්සක් පැවතුම් සූත්‍රයේ ප්‍රධාන කරුණු පහක් ඇත.

Friday, July 22, 2016

විදේශ ධර්ම ප්‍රචාරක භික්‌ෂුව කෙසේ විය යුතුද?

බෞද්ධ සන්නිවේදන කාර්යයෙහි මූලාරම්භය නිලවශයෙන් සිදුවූයේ බුදුන්වහන්සේ ජීවමාන අවධියේදීමය. බුදුන්වහන්සේ ප්‍රථම ශ්‍රාවක සැටනම අමතා බහුජන හිතාය බහුජන සුඛාය අFථාය හිතාය... යනුවෙන් දේශිත ධර්මවාදය තුළ බෞද්ධ සන්නිවේදන කාර්යයෙහි පරමාර්ථය කුමක්‌ද යන්න පැහැදිළි වේ. බොහෝ දෙනාගේ හිතසුව පිණිස මෙන්ම ස්‌වකීය භික්‌ෂුත්වයේ පරමාර්ථ සාධනය සඳහාම ධර්ම සන්නිවේදනයෙහි හැසිරිය යුතු බව මෙයින් ප්‍රකාශ වේ.

රූපයේ යථාර්ථය

සත්වයා සෑදී ඇත්තේ කොටස්‌ දෙකක්‌ එකතු වීමෙනි. එනම් සිත සහ කයයි. සිතක්‌ නොමැති කයක්‌ මළකුණක්‌ ලෙස හඳුන්වයි. විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයකුට වැදගත් වන්නේ තමන්ගේ කය පිළිබදව හෙවත් රූපය පිළිබඳ ව මූලිකව අවබෝධ කරගැනීමයි. ඉන් පසුව සිත පිළිබඳ අවබෝධ කරගත හැකිය. යම් අයෙක්‌ කයේ යථාර්ථය නිවැරැදි ආකාරයෙන් අවබෝධ කරගැනීමට ධාතු මනසිකාරය,පටික්‌කූල මනසිකාරය, නවසීවතිකය, අහාරයේ පටික්‌කූල සංඥා යනා දී භාවනාවන් භාවිත කළ හැකිය. 

ජීවිතයට දුක එකතු වුණේ කොහොමද?

මොනවා හරි දෙයක්‌ කරන්නේ නැතුව මොකද්ද කළ යුත්තේ කියන කාරණාව පැහැදිලි කරගත යුතුයි කියන එකයි මම බොහෝ වේලාවට කියන්නේ. ඇත්තට ම මම බණ කියන එකෙන් කරන්නේ ලෝකයට හිතන්න උගන්වන එකක්‌. පෞද්ගලිකව දෘෂ්ටියක්‌ ඔළුවට දමන්න හදනවා නො වෙයි.

නිවන් දකිනවා කියන කොට මහ මෝඩ ගතියක්‌ ඒ තුළ තියෙනවා නො වෙයි. හොඳ විචාරශීලී බුද්ධියක්‌ තමයි තියෙන්නේ. මිනිස්‌ වාසයේ, මිනිස්‌සුන්ගේ ඇඟේ හැපිලා එන සුළඟ වත් නැති, ශාන්ත සේනාසනයක හිටියත්, මහ ප්‍රාඥයෙක්‌ වෙලා එයා, මිනිසුන් දාහක්‌ ඉන්න ලෝකයට ආ විටක එක්‌ මිනිසකුට වත් එයාව අභිභවනය නො කළ හැකි මහත් ප්‍රඥ
වක්‌ ගොඩනැඟිලා තියෙන්නට ඕනේ. (කැළේ ඉන්න තුරු ඉන්න පුළුවන්. ලෝකයට ආපු ගමන් සමහරු කඩා වැටෙනවා). මොකුත් බැහැ කියන නිසරු වූ ජීවිතයක්‌ ගොඩනැෙ`ගන්නේ නැහැ. නියම අවබෝධය නම් ලෝකය තුළත්, ලෝකයෙන් අහක හිටියත් ඒ ජීවිතය හොලවන්න බැරි ජීවිතයක්‌ වෙන්න ඕනේ. ගිහි පැවිදි භේදයක්‌ නැහැ. 

අපි සිල් සමාදන් වෙමු

සැදැහවත් උවසු උවැසියෝ සිල් සමාදන් වෙති. වෙසක්‌ පොසොන් වැනි පොහෝ දින වල සිල් සමාදන් වීමට විශේෂ උනන්දුවක්‌ දක්‌වති. සංවිධානාත්මක සිල් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට මෙකල බොහෝ විහාරස්‌ථාන වල කටයුතු යොදති. රජයේ මෙන්ම පෞද්ගලික ආයතන , පාසැල් , පෞද්ගලික උපකාරක පන්ති වල පවා සිල් වැඩ සටහන් සංවිධානය කරති. මේවා සංවිධානය කිරීමේ දී පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම නොව, හුදෙක්‌ පිං සලකා , නිවනම අරමුණු කර ගෙන කටයුතු කිරීමෙන් බලාපොරොත්තු යහපත් පරමාර්ථ ඉටු  කර ගත හැකි ය. සිල් සමාදන් වීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්‌ බිඳක්‌ මෙමගින් පෙන්වා දීමට අදහස්‌ කළෙමි.

නිවනට නියත වීමට නම්

සත්වයා සසරෙහි බැඳ තබන දස සංයෝජන නම්වූ රැහැන් දහයක්‌ ඇත. එනම්, 

Thursday, July 21, 2016

අධ්‍යාත්මික හරයෙන් අඩු ආගමික වටපිටාව

කට්‌ටඩිකම්, කොඩිවින, ආත්මය ගලවාගන්නා දෙවිවරු, සියලු දේ ලබාදෙන අස්‌වාභාවික බලවේග, හාස්‌කම් පෙන්වන පුද්ගලයන් සහ තවත් ගරහිත විද්‍යාවන්ගෙන් පිරුණු වටපිටාවක සිත මුළාකිරීම නිෂ්ප්‍රයෝජන බවත්, යහපත් සිහිය පුරුදු කිරීම සියලු දුක්‌ නැතිකිරීමේ ක්‍රමවේදය ලෙසත් බුදුරජාණන් වහන්සේ හෙළි කළහ. මෙම හෙළිදරව්ව අන්ධ විශ්වාසයන්ගෙන් වැසුණු ආගමික වටපිටාව නව මගකට හැරුව්වේය. විශ්වාසයන්ගෙන් අන්ධවනවා වෙනුවට සිහිය පුහුණු කිරීමෙන් ප්‍රඥා ඇස උපදවාගැනීම උතුම්යෑයි පෙන්නූහ. බුදු දහමේ විශිෂ්ටත්වයද එයයි.

උපාසක ගුණ හත

'සත්තිමෙ භික්‌ඛවේ ධම්මා උපාසකස්‌ස අපරිහාරිහානාය, සංවත්තන්ති කතමේ සත්ත?

මට මා මෙන්ම සිතන තවත් අයෙකු හමු නොවේ

අපේ ජීවිතයට සමීප පුද්ගලයන් අපි සිතන විදිහට හෝ අපි කැමති විදිහට සිතනු, ක්‍රියා කරනු ඇතැයි යන අදහස අපි නොදැනුවත්වම අපේ සිත්වල තැන්පත් වී තිබේ. එනිසා ඔවුන් වෙනත් අයුරකින් ක්‍රියා කරන හැම විටම අපට ඔවුන් ගැන නොසතුටක්‌, අමනාපයක්‌ ඇතිවෙයි. එසේ අමනාප වූයේ ඇයිදැයි විමසුවහොත් අපි කියන්නේ ඔවුන් වරදක්‌ කළ බවය.

අනුන් කරන දේ නොකරනු (දිට්‌ඨානුගතියෙන් මිදෙන්න)


දිට්‌ඨානුගතිය නම් අනුන්ගෙන් දුටු දේ හෝ ඇසූ දේ හෝ අනුව යැමයි. යහපත් අයහපත් දේ අනුගමනය කිරීමෙන් මේ දෘෂ්ටානුගතිය ද හොඳ නරක කියා කොටස්‌ දෙකකට බෙදෙයි. බොහෝ සෙයින් අනුන් කරන හැටියට කරන්නෝ, තිරිසනුන් හා දුබලයෝ ය. යම් මිනිසකු වඳුරකු ළඟට ගොස්‌ නහය කැසුවහොත්, ඌ ද එය කරයි හිස සෙලෙව්වොත් එය ද කරනවාට කිසිම සැකයෙක්‌ නැත. පක්‌ෂීන් හා තිරිසන් සතුන් ද කරන්නන් වාලේ කිරීමට කථා කරන්නන් වාලේ කථා කිරීමට කැමැති වන බව, පොත්පත්වලින් හා නොයෙක්‌ ස්‌ථානයන්හි හැසිරීමෙන් අපට දැකගත හැකිය.

අකාලික වූ කහ සිවුර

වර්තමානය තුළ ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක්‌ තවත් නැති තරම්ය. විවිධ ඇඳුම් පැළඳුම් සඳහා ඇති ඉල්ලුම ද ඉතා ඉහළය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත් ඒවාට මිම්මක්‌ ගණනක්‌ නැති තරමටම සීමා වී ඇති බවත් අද පැහැදිලිව පෙනෙන දර්ශනයකි. අද ඒවාට ඉහළ වටිනාකමක්‌ ද දී ඇති අතර වර්ණය ද විවිධ වේ. අද බොහෝ දෙනා විශාල වියදමක්‌ දරන්නේද ඇඳුම් පැළඳුම් සඳහාය. එය තරගකාරී ස්‌වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිතා කරන සංකේතයක්‌ද වී හමාරය.
ගිහි සමාජයේ ඇඳුම් මේ අයුරින් විවිධව විෂමව පවතිද්දී පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීම වැදගත් වේ. ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් කට්‌ටල දෙකක්‌ තිබෙන බව පැහැදිලිය. ඒ අනුව සිවුරු පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා නම් ව්‍යවහාර කරනු ඇත. කහ වත (කසාය වස්‌ත්‍රය) කියා ද කීම වරදක්‌ නොවේ.

Tuesday, July 19, 2016

පුර පසළොස්වක පොහෝය දිනයන්හි වැදගත්කම

        දුරුතු පුර පසළොස්වක පොහෝය  දිනය  (ජනවාරි) 




බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයින් ප්‍රධාන දහසක් ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, 

සොඳුරු රුවක් ලබන්නට නම්...

තථාගතයන් වහන්සේ වදාළා මේ සමාජයේ මේ වගේ පිරිසකුත් ඉන්නවා. ඒ අය ක්‍රෝධ කරන්නේ නැති උපායාස බහුලව ජීවත් වන්නේ කිසියම් හෝ දෙයකට ඇලීමක් ගැටීමක් නැතිව ඉවසීමෙන් කටයුතු කරන මේ කාන්තාවන් ඉතාම පරිත්‍යාගශීලීයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සුදුස්සන්නට නිතරම දන්පැන් පූජා කිරීමත් යම් යම් පරිත්‍යාග කිරීමත් සිදු කරනවා. ඒ වගේම අනෙක් අය පින්දහම් කරනකොට ඒ දෙස බලා සතුටුවෙනවා. මුදිතා ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම පිරිස මියගොස් නැවත මනුස්ස ලෝකයේ ඉපදෙනවානම් දර්ශනීය පැහැපත් සුරූපයෙන් යුතුව ධන ධාන්‍යයෙන් යුක්තව බොහෝ සැප බහුලව ජීවත් වෙනවා.
වෙසක් පෝය ශ්‍රී ලංකා බෞද්ධයන්ට මෙන්ම සමස්ත ලංකා ලෝකවාසී සියලුම බෞද්ධයන්ට අතිශයින්ම වැදගත් වන පෝය දවසක්. වෙසක් පෝය වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමාරයා බිහි වුණාට හෝ තථාගතයන් වහන්සේ පිරිනිවනට පත්වූ නිසාත් නොවේ. මේ පෝය වැදගත් වන්නේ වෙසක් පෝදින ඉපදුන සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපසයාව සිටියදී සම්මා සම්බුද්ධත්වයට පත්වූ නිසාවෙනි.

Monday, July 18, 2016

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව

ද්වෙ මෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාම සුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනී කො අනරියො අනත්ථ සංහිතො. යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථ සංහිතො. එතෙ තෙ භික්ඛවෙ උභො අන්තේ අනුපගම්ම මජ්මා පටිපදා තථාගතෙන අභි සම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ති.
අදට වසර 2645 ට පෙර ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක් වෙසක් පුන් පෝ දිනකය. උන්වහන්සේ තමන් දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්ට හමුවූ බුද්ධිමතුන් අතුරින් අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි පස්වග තවුසන් බරණැස ඉසිපතනයේ සිටිනු දැක තමන් වහන්සේ අවබෝධ කරගත් අතිශය ගැඹුරු දහම හෙවත් ධම්ම චක්ක දේශනාව පවත්වන්නට උරුවෙල් දනවුවේ සිට බරණැසට පා ගමනින් වැඩම කළහ. බුදුහු ඉසිපතනයට ළඟාවත්ම පස්වග තවුසන් කතා කරගත්තේ ගෞතම තාපසයෝ අත්තකිලමථානු යෝගය බැහැර කොට සුවපහසු දිවියක් ගෙවමින් යළිත් අපෙන් උපස්ථාන ලබා ගැනීමට අප කරා එනවය. ඔහු උසස් කුලිකයෙකු බැවින් පිළිගනිමු. එහෙත් අපි වැඳුම් පිදුම් ආදී ආචාර සමාචාර නො පවත්වමු කියල. එහෙත් උන්වහන්සේ අසපුවට ළඟාවත් ම සිය කතිකාවත්හි නොසිටිය හැකි වූ තවුසෝ පා දෝවනයට දියබඳුන තබා අසුනක් පනවා සාදරයෙන් පිළිගත්හ.

පෙර නොඇසූ විරූ දහම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙ න සේවිතබ්බා, කතමෙ ද්වේ, යොචායං කාමෙසු කාමසුඛල්ලිකානු යොගෝ හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියෝ අනත්ථසංහිතො. යො චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතො. එතේ තේ භික්ඛවේ උභෝ අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා, චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය, අභිඤ්ඤාය, සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති.
සැදැහැවත් පින්වතුනි,
ශාන්තිනායක ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාවේ පාඨයක් මා මාතෘකා කර වදාළේ ඇසළ මස පුර පසළොස්වක දිනක ඉසිපතනයේ මිගදායේදී පස්වග භික්ෂූන්ට දේශනා කළ වදාළ මෙම දේශනය මුළු බුද්ධ දේශනාවම අකුලා දැක්වූ දේශනයක්.
විමුක්තිය, මෝක්ෂය හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට යොමු වන උදාර පුද්ගලයා අන්ත දෙකකින් ඈත්විය යුතුයි. ඒ අන්ත දෙක නම් කාමසුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමථානු යෝගයයි. මේ අතුරින් කාමසුඛල්ලිකානු යෝගය තුළ පවතින අහිතකර ස්වභාව පහක් සඳහන් කරනු ලබනවා. මෙම චර්යාව හීනයි, ග්‍රාම්‍යයි, පෘථග්ජනයන් සේවනය කරන දෙයකි. එය අනාර්යයි. අනර්ථය සඳහා හේතුවෙයි. 

අභයමාතා මහරහත් තෙරණින් වහන්සේ

නැවත උප්පත්තිය ලබාදෙමින් සත්ත්වයා සසර බඳිනා තෘෂ්ණාව දුරුකොට නිවනින් සැනසුණු ලෝකනාථයාණන් වහන්සේගේ උත්තරීතර වූ ගමන් මඟට පිළිපන් නික්ලේෂී සිතකට උරුමකම් කියූ පිය උරුමය ලැබ සැනසුනු අභයමාතා මහරහත් තෙරණින් වහන්සේගෙ විරාගි සිත, විරාගි සුවය පිළිබඳව සිත පහදා ගනිමු.
අභයමාතාවෝ පෙර අනන්ත අප්‍රමාණ පින් රැස්කොට තිස්ස බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි එක් කුල ගෙයක උපත ලැබූවාය. දිනක් බුදුරජාණන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන කල්හි බුදුරජාණන් වහන්සේට හැන්දක් පමණ ආහාර පූජා කළා ය. ලෝකනාථ තිස්ස තෙරුන් වහන්සේ වීථියෙහි සිට අනුමෙවෙනි ධර්ම දේශනාවක් වදාළ සේක.එයින් පැහැදුනු සිත් ඇති ඕතොමෝ කළුරිය කොට තව්තිසා දිව්‍යලෝකයෙහි උපත ලැබුවාය. දෙවිවරුන් තිස්හයදෙනෙකුගේ අගමෙහෙසිය බවට පත්ව අනන්ත දිව්‍ය සැප වින්දාය.
සක්විති රජුන් පනස් දෙනෙකුගේ අගමෙහෙසි බවට පත් වූ අතර අනන්ත අප්‍රමාණ සිතූ පැතූ සියල්ල ලැබීමට පුණ්‍යවන්තියක වූවා ය. කල්ප අනූදෙකකට පෙරාතුව කරන ලද පින්කම් දුගතියෙහි නොඉපදි සැප ඵලම ලබන්නට විය.

සසරෙදි ලබාගත යුතු රැකවරණය


අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී ශ්‍රේෂ්ඨ ධර්මයක් වදාළ සේක. අනන්ත සත්ත්වයන්ගේ ජීවිත සුවපත් කළ, නිවෙන, සැනහෙන මාර්ගයට සත්ත්වයා යොමු කළ ඒ අසිරිමත් ධර්මය ලෝකයට හෙළි පෙහෙළි කොට වදාළේ උන්වහන්සේ විසිනි.

විලේ වටිනාකම

අපේ මනස ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ විලක් වගේ කියායි. සෑම විලක්ම වටින්නේ නැහැ. වටිනා වස්තු ඇති විලක් පමණයි වටින්නේ. ඔබ දන්නවා විලක ජලය තිබෙනවා. ඒ වගේම ලස්සනට සුවඳ හමන මල් තිබෙන්නත් පුළුවන්. සරුසාර විලක් නම් සමහර විට වටිනා මැණික් පවා තිබෙන්න පුළුවන්. ඒ වගේම විල ලස්සනයි. ලස්සන පාට පාට ජලජ ජීවින් නිසාත්. මල් පිපුණත්, මාළුන් සිටියත් වතුර තිබුණත්, ඒ විලේ ජලය අවපැහැ ගෙන නම්, ඒ විලේ ලස්සනක්, අසිරියක් නැහැ. මේ අපේ මනුස්ස සිතත් විලක් වගේ. මිනිසා තුළයි දෙවියා සහ යක්ෂයා දෙදෙනාම සිටින්නේ. කෙනෙකුට තරහ ආ විට පාලනයක් නැතිකොට අප කියනවා ඒ මනුස්සයා නම් යකෙක් වගේ කියා. තව වෙලාවකදී ඒ පුද්ගලයාම දෙවියෙකු වගේ ක්‍රියා කරනවා. උතුම් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. වචනයෙන් සංවර වෙනවා. ක්‍රියාවෙනුත් සංවර වෙනවා. සද්පුරුෂයෙක් වගේ කියා අප කියනවා. එකම පුද්ගලයාට දෙවියා ලෙසත් තවත් විටෙක යක්ෂයා ලෙසත් කියනවා.

Sunday, July 10, 2016

සෙනෙහස


කෙනකු ආදරය අපේක්ෂා කරනුයේ තම ජීවිතය වඩාත් ශක්තිමත්ව අඩුපාඩුවලින් තොරව පවත්වාගෙන යාම සඳහාමය. එය මව්පියන්, දූදරුවන්, අඹු සැමියන්, තරුණ තරුණියන් ලෙස ගත්තද පොදුය. එපමණක් නොව ගහක් ගත් විටද තම මුල් නිරන්තරව යොමුකරන්නේ සරු පොහොර පසකටය. ඒ ගසේ පැවැත්මට මිස පසට ඇති ආදරය නිසා නොවේ . වැළක් නිතරම එතෙනුයේ ගසකටය . එසේ වන්නේ වැලේ ආරක්ෂාවට හා පැවැත්ම සඳහාය. පෘථග්ජන ලෝකයේ ආදරය සෙනෙහස මේ හා සමානය.
ආදරය සාමාන්‍ය ස්වභාවය තුළ පොදු නොවේ. එය සුවිශේෂී කරුණු මත වෙනස් වේ. මවක් තම දරුවකුට දක්වන සෙනෙහස එම වයසේ අනෙක් දරුවන්ට ඒ හා සමාන මට්ටමින් දක්වන්නේ නැත.

ධර්මයේ හැසිරෙන්නෝ දීර්ඝායුෂ ලබති


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පාරමී පුරන කාලයේදී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඇස්, ඉස්,මස්,ලේ අඹුදරුවන් දන් දෙමින් දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, සම්පූර්ණ කරමින් සොයාගත් උතුම්ම වස්තුව වන්නේ ධර්මයයි. එය ලොව ඇති පරම සත්‍යයයි.
කිසිවෙකුගේ මඟ පෙන්වීමක් කළ නොමැතිව ස්වෝත්සාහයෙන්ම සොයා ගත් ඒ උතුම් දහම අතීත, වර්තමාන,අනාගත යන කාලත්‍රයටම එකසේ සාධාරණ, සමාන, පොදු වූවකි. එම උතුම් දහම යමෙකුට සරණ යෑමට හැකිනම්, අනුගමනය කිරීමට හැකිනම් ඔවුනට ඒකාන්තයෙන්ම දීර්ඝායුෂ ලැබෙනු ඇත. එයට හේතුව වන්නේ “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” යන පාඨයට අනුව ධර්මයෙහි හැසිරෙන්නෝ ධර්මය විසින්ම රකිනු ඇත යන සදාතනික ධර්මතාවයයි.
බුදුන් දෙසු දහම කුමක්ද ? යන්න පිළිබඳ විමසීමේදී එය විවිධ පැති කීපයක් ඔස්සේ හඹා ගොස් ඇති බව පැහැදිලි වේ. දේශනයක් තුළ වුවද යථාර්ථය කැටිකොට දේශනා කර තිබීම ධර්මයේ ඇති සුවිශේෂත්වයයි. ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ නවලෝකෝත්තර ධර්මයයි.  එනම්

ජීවිතයේ පළමු පාඩම කියා දෙන පූර්ව දෙවියා මවයි පියයි

සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි අප කතා කරමින් පැමිණියේ සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් සදිසා නමස්කාරයේ සඳහන් මව්පියන්ගේ ගුණයන් පිළිබඳවය. එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර මහා බ්‍රහ්ම විහරණයෙන් යුක්ත බව ධර්මයේ පැහැදිළි කළා.
ඒ වගේ ම පූර්ව ආචාර්යන් හැටියටත් පූර්ව දෙවියන් හැටියටත් මව්පියන්ගේ ගුණ දක්වා තිබෙනවා. බාහිරව මුණගැසෙන ගුරුවරුන්ට මත්තෙන් උපතේ සිට හැදී වැඩීගෙන එන දරුවන්ට හොඳ නරක කියා දී හොඳ අනුගමනය කරන්ටත්, නරකින් වැළකෙන්ටත් මුල් පාඩම් ඉගැන්වූ මව්පියෝ පූර්ව ආචාර්යවරුන්ය. පූර්ව දෙවියන් හැටියටත් පෙන්වා තිබෙනවා. ආහුණ්‍යෙ ගුණයෙන් යුක්තයි. එනම් සංඝරත්නයට වගේ ම ඕනෑ ම දුරක සිට නමුත් පිළියෙළකොටගෙන අවුත් ආහාරයෙන් පූජා කිරීමටත් මව්පියන් සුදුසු බවයි.

නැණවත් දරුවන් ගුණවතුන් ද විය යුතුයි

පුත්තා වත්ථු මනුස්සානං දෙමවිපියන්ට තිබෙන ලොකුම වස්තුව දරුවන් බව බුදුපියාණන් වහන්සේ සඳහන් කර ඇති කරුණ ලෝකවාසී සත්වයාටම ප්‍රයෝජනවත් කාරණාවක් වෙයි. රටක් වශයෙන් අප දරුවන් පිළිබඳව සිතන ආකාරයත්, දරුවන්ගේ දියුණුව සැළකිය යුත්තේ කෙසේද? කියන කාරණෘවත් පිළිබඳව දැක්මක් හැටියට අප ජීවත් වන සමාජය බරපතළ වැරැදි කරන ස්ථානයක සිටියි.
විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ දරුවන් පිළිබඳව සිතූ ආකාරයත් දේශනා කළ ආකාරයත් ඉතාම වැදගත් වෙයි. අමාමෑණි ලොවිතුරා බුදුපියාණන් වහන්සේගේ දේශනාව පොත් වශයෙන් පනස් හතක් ත්‍රිපිටකයේ තිබෙන අතර එම මහා විශාල පොත් ගොන්නෙහි එක ගාථාවක හතරෙන් එක කොටසක් වශයෙන් “පුත්තා වත්ථු මනුස්සානං” යන පාඨය සදහන් කළ හැකියි.
පුත්තා යනු පුත්තු පමණක් නොවන අතර එයට සියලුම දරුවන් අයිතිවෙයි. මිනිසුන්ට දරුවන් වස්තුවක් වන්නේ කුමන ආකාරයෙන්ද? මිනිසුන් දරුවන් වස්තුන් ලෙස භාවිත කරන්නේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකිමු


සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අනන්ත ගුණ සම්පන්න යෝයැ. එහෙයින් එතුමාණන් වහන්සේ විෂයයෙහි ව්‍යවහාරික ගුණ නාමයෝද ඉතාබොහෝය. ඒ අතර “බුදුරජාණන් වහන්සේ” යනුද ගුණනාම පදයෙකි. එතුමෝ තමන් වහන්සේ වෙනුවෙන් යෝජනා කැරැ ගත්තෝ” තථාගත” යන පදයයි. ඒ තථාගතයෝ, බුදුරජාණන්වහන්සේ වූවෝ කෙසේ ද යනු විමසා බැලීම මේ ලියැවිල්ලේ අභිමාර්ථයයි. “සම්බුදු” යන ගුණනාම පදය විවරණය කරන බුදුගුණ අලංකාර කතුවර වීදාගම මෛත්‍රීය මාහිමිපාණෝ මෙසේ කියති.

“තුන් කල්හි මැ පැවති
පද’රුත් සියල් ලොවැ ඇති
අතැ’ඹුල සෙ දැන ගති
එයිනැ සම්මා සම්බුදු නැ යෙති’ තුන් කාලයටම අයත් පද (හේතු) හා අර්ථ (ඵල) අතට පත් නෙල්ලි ගෙඩියෙක් සේ විනිවිද දැනැ ගත් නිසා තථාගතයන් වහන්සේට ’සම්මා සම්බුදු’ යයි කියති. යනු උක්තපැදියේ සරල අර්ථයයි. සිදුහත් තාපසවරයාණෝ තුන්කල් දැනගත්තෝ කෙසේද යත්.

සදහම් දැනුම



ප්‍රශ්නය – පුරා පන්සාළිස් වසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය පරාර්ථයයි. ඒ සඳහා උන්වහන්සේ වෙත තමා විසින් ප්‍රගුණ කළ , භාවිත බහුලී කෘත කරුණා මෛත්‍රි පිරී පැවැතුණි. සූත්‍රාගත දේශනා අනුව බුදුරජාණන් වහන්සේ ගේ පරමාදර්ශී ලෝක චර්යාව පිළිබඳව හැඳින්වීමක් කරන්න.

Wednesday, July 6, 2016

විදර්ශනා නුවණ

මෙලොව උගතුන් බිහිවන්නේ පොත පත හදාරා බොහෝ දේ අසා දැනගැනීමෙනි. එසේම විවිධ පර්යේෂණයන්
සිදුකර ඉන් ලත් අත්දැකීම් හා නිගමනයන් පාදක කර ගෙනයි.
එහෙත් බුද්ධිමතුන් පහළ වන්නේ උගතුන් පහළවන ආකාරයට නොවේ. දැන උගත්කම නිසාද මිනිසා බුද්ධිමත් වීමට ඉඩ තිබේ. විවිධ වූ විෂයන් හෙවත් ශිල්ප පිළිබඳ උගත් තැනැත්තා එම විෂයට පමණක් සීමා වූ බුද්ධිමය ජයග්‍රහණයක් ලබයි. නමුත් විෂයානුබද්ධ සීමාවන්ගෙන් තොරව ස්ථානෝචිතව පහළ වන බුද්ධිමය “ ඥාන විශේෂය” ආධ්‍යාත්මික වූ ශක්ති කදම්බයකි. විවිධ ක්ෂේත්‍රයන් යටතේ පරිණතව උගතුන් සේ සලකන බොහෝ තැනැත්තන් අඥාන වූ මෝඩ ක්‍රියාවන්හි නිරතවන අවස්ථා දක්නට ලැබේ.
බෞද්ධ ඉගැන්වීම් වලට අනුව සංසාර පුරුදුතාවයන් අනුවද උපතින්ම බුද්ධිමත්ව සිටින පුද්ගලයන් ඇත. සිත සංවර කරගෙන චිත්ත අභ්‍යාසයන්හි යෙදෙන භාවනානුයෝගීන් මෙලොවදී ලබාගන්නා මානසික දියුණුව මතු භවයන් සඳහාද විඤ්ඤාණ ස්කන්ධය සමග ගමන් කරයි. ඒ අනුව උගතෙකු වීම පහසු වුවද බුද්ධිමතෙකු වීම අසීරුය. බුදු දහමට අනුව ප්‍රථමයෙන් නිවන් දකින්නේ උගත් තැනැත්තා නොව බුද්ධිමත් තැනැත්තාය.

කර්මය දුබල කළ හැකි ධර්මය

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. බව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින ඒ සත්ත්වයාට භයානක වූ සසරින් අතමිඳී උතුම් ශාන්තියක් කරා පියනැගිය හැකි ඉතාමත් අසිරිමත් ධර්ම මාර්ගයක් මේ ලෝකයට එළිපෙහෙළි කර වදාළේ අපේ තථාගතයන් වහන්සේ යි.

ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළා ධර්මයේ චේතනාව ලෙස හඳුනා දී ඇත්තේ කුමක්ද?

අප කවුරුත් කර්ම සිදු කරනවා. සෑම මොහොතකම කුසල, අකුසල පින්, පව් සිදුවෙනවා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - චේතනාත්මකව කරන ක්‍රියාව තමයි පින් හෝ පව් ලෙසට වර්ග වෙන්නේ. චේතනාවකින් තොරව කරන කර්ම පින්, පව් කියා වර්ග කිරීමක් නැහැ. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකු වෙත අමාරු රෝගියකු එනවා. වෛද්‍යවරයා තීරණය කරනවා මේ රෝගියා වහාම ශල්‍ය කර්මයකට භාජනය කිරීමට. ශල්‍ය කර්මය තුළදී මේ රෝගියා මිය යනවා. ශල්‍ය කර්මය වරදිනවා. ඔබ මොකද හිතන්නේ වෛද්‍යවරයාට එය පාපයක්ද? පිනක්ද?

ගුණවත් මව්පිය දෙපළක් වන්නේ කෙසේද?

සුපසන් ජීවිතයකට කතා පෙළෙහි සිඟාලෝවාද සූත්‍ර දේශනාව පිළිබඳව දහම් විවරණයක් කරන අප මෙහි දී සාකච්ඡා කරන්නේ සදිසා නමස්කාරයෙහි එන දරුවන් විසින් මවුපියන් පිළිබඳව දැක්විය යුතු, කළයුතු
උපස්ථානය හා සැලකීම පිළිබඳවයි. සූත්‍ර දේශනාව පුරාම දක්නට ලැබෙන මව්පිය උපස්ථානය හා සැලකීම පිළිබඳව විග්‍රහ කිරීමේ දී කතාවස්තූන් දෙකක් අපට උපකාර කරගත හැකියි.

එසේ නොමැතිව දරුවන් විසින් මහලු වූ මව්පියන් පෝෂණය කරගත යුතුවෙයි. මව්පියන්ගේ කටයුතු සිදුකළ යුතුවෙයි. ආදී වශයෙන් පැවැසූ පමණකින් ම යම් වූ ද දරුවන්ගේ සිත්වලට එය යා නොහැකියි. වර්තමානයේ බොහෝ මව්පියන් දරුවන් අතර ලෙන්ගතුකම සමීපබව අඩු වී ගොස් ඇත්තේ ඒ නිසාය.

Monday, July 4, 2016

සසර දුක නිවීමට නම්..

පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ."
මානය යනු මැනීමයි. පුහුදුන් පුද්ගලයා නිරතුරුව තමා නම් අනුන් හා සසඳා මැන බලයි. එමඟින් තමා අන්‍යයන්ට වඩා උසස් යැයි සතුටු වෙයි. තමා අන්‍යයන්ට සමාන නම් මැදහත් වෙයි. තමා අන්‍යයන්ට වඩා පහත් මට්ටමක නම් පසුතැවිල්ලට පත්වේ. මෙසේ මැන බැලීමේ දී ධනය, උගත්කම, රූපශෝභාව හා විවිධ හැකියාවන් මිනුම්දඬු වශයෙන් යොදා ගනී.
මානය ප්‍රබල සංයෝජනයකි. සත්වයාගේ සසර ගමනට හේතුවන සංයෝජන දහයකි. "සංයෝජන" යනු සසර යෙදවීමයි. නැතහොත් සසර රැඳවීමයි. මෙයින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගඥානයෙන්ද කාමරාග රූප අරූප රාග, සකෘදාගාමි අනාගාමී මාර්ගයන්ගෙන්ද මාන උද්ධච්ච අවිජ්ජා අර්හත් මාර්ගයෙන්ද ප්‍රහීණ වේ. මේ අනුව බැලීමේ දී පැහැදිලි වන්නේ මානය නමැති ක්ලේශ ධර්මය රහත්වන තුරුම ප්‍රහීණ නොවන බවයි.
පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ. තමා කළ පින්කම ගැන ඇගයීමක් පැසසුමක් නොලැබුනොත් සිත් වේදනාවට කළකිරීමට පත්වීම බොහෝදෙනාගේ සිරිතය. මෙය පිරිසුදු කුසල චේතනාවට ඉඳුරා පටහැනිය. සෑම කුසල හෝ අකුසල කර්මයකටම අනුරූප විපාක ලැබේ. එහෙත් තම සසර ජීවිතයට ප්‍රයෝජනයක් නැති පරිදි ලැබෙන ධන ධාන්‍ය භව භෝග සම්පත්වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අපුත්තක සිටාණන් වැනි චරිත බෞද්ධ සාහිත්‍යය පුරා අපට දැක ගත හැකිය.

තරුණ වියේදීම ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය සැම විටම ඔබට මඟ පෙන්වනු ලබන්නේ ඔබගේ මේ ලෝක ජීව්තය වඩාත් තෘප්තිමත් හා වඩාත් යහපත් ජීවිතයක් බවට පත් කිරීමටයි. එමෙන්ම බුදු දහම ලබාදෙන උපදේශය මත පිහිටා කටයුතු කරන පුද්ගලයකු වන ඔබගේ ඊළඟ භවය වඩාත් යහපත් වාසනාවන්ත භවයක් බවට පත්කර ගැනීමේ අවස්ථාව අනිවාර්යෙන්ම උදාවෙයි.
ඔබගේ ජීවිතයට ඉතාම වටිනා කාරණා දෙකක් පිළිබඳව ඔබගේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නෙමු. ඔබ සූදුවෙහි ලොල් නොවීමට සහ නෘත්‍ය ගීත දර්ශනයෙහි ලෝලියකු නොවිය යුතුය. යන කාරණාව පිළිබඳව අප දැනුවත් විය යුතුය. අප රට තුළ ඉතාම වේගයෙන් ,ඔට්ටු තැබීමේ ව්‍යාපාර හෙවත් කැෂිනෝ වැනි මුදල් ඔට්ටුවට තබා කරනු ලබන්නාවූ සූදු ව්‍යාපාර ප්‍රචලිත වෙමින් තිබෙයි. තරුණ ප්‍රජාව ලෙස ඔබ තේරුම් ගත යුත්තේ කැෂිනෝ වැනි දේවලට අප රට තුළ ඉතාම සුළු කණ්ඩායමක් නියැලුණද රේස් බයි රේස් වැනි පිටරටවල දුවන අශ්වයන් සදහා ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවල රට පුරාම විශාල පිරිසක් නියැලෙමින් සිටිම අපටදැක ගත හැකි කාරණාවක් . අප සුදූවකට නොයා යුත්තේ ඇයි?

මරණය අනිවාර්ය නම් එය තේරුම් ගැනීම වඩාත් යෝග්‍යයයි

මරණය මාතෘකාව පිළිබඳව බිය දැනෙන්නේත් අකැමැති සිතෙන්නේත් එය අපට අසුබ කාරණාවක්, නරක කාරණාවක්, අසතුටුදායක කාරණාවක් හෙවත් දුක්ඛ දායක කාරණාවක් ලෙස පූර්ව නිශ්ච්ත නිගමනයක සිටින නිසා වුණාට ඉතාම වැදගත් කරුණ නම්, ෙමි ලෝකයේ කුමන කාරණාවක් අනිවාර්ය නැතත් මරණය අනිවාර්යයි. එම නිසා මරණය පිළිබඳව සාකච්ජා නොකර අතහැර දමනවාට වඩා මරණය පිළිබඳව කතාකර තේරුම් ගැනීම වඩාත් යෝග්‍යයයි."
ලෝකස්වාමී වූ බුදුපියාණන් වහන්සේ වදාරනු ලැබුවා වූ ශ්‍රී සද්ධර්මයෙන් එක් අංශු මාත්‍රයක් හෝ දැනගැනීම අපගේ ජීවතවලට ලැබෙන අස්වැසිල්ලකි “මරණං තණ්හි ජීවිතං” ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය. යන්න මෙම පාඨයෙහි අර්ථයයි.

පවුල තුළ තමන් ගුණයහපත් මිත්‍රයෙක් ද?

අප පොසොන් පෝය දිනයෙහි සිඟාලෝවාද සූත්‍ර දේශනාව පිළිබඳව විවරණයකට යොමුව අපාය මුඛ කරුණු හයක් පිළිබඳව හා ඇසුරු නොකළ යුතු මිත්‍රයන් සතර දෙනෙක් හා ඇසුරු කළ යුතු මිත්‍රයන් සතර දෙනෙක් පිළිබඳව කතා කළා. අද අප ඇසුරු කළ යුතු මිත්‍රයන් සතර දෙනා හඳුනාගනිමු.
උපකාරක මිත්‍රයා - එනම් නිරන්තරයෙන් ම මිතුරාට සුහදව උපකාරවන මිත්‍රයායි. මිත්‍රයා කරදරයකට පත් වූ විටක ඒ මිත්‍රයා මනාව රැක ගනී. සමහර විටක මත් වතුරට යොමුවන මිත්‍රයෙක් නම් එයින් වළක්වා ගනියි. ඔහුගේ හෝ ඇයගේ ධනය රැක දෙයි. බියට පත් වූ විටක, ගැටළුවක් ඇති වූ විටක බියෙන් නිදහස් වෙන්නටත් ගැටලුවෙන් නිදහස් වෙන්නත් උපකාරී වෙයි. යම් කාර්යයක් ඇති වූ විටක එයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දෙගුණයෙන් තෙගුණයෙන් උපකාර කරයි. යම් විටක අවශ්‍ය නම් ධනය පවා ලබාදෙයි. සැබවින් ම හදවතින් ම කරුණා මෛත්‍රීය දක්වන මෙවැනි මිත්‍රයෙක් හඳුන්වන්නේ උපකාරක මිතුරා හැටියටයි. තමනුත් එවැනි මිත්‍රයෙක් බවට පත්වුණොත් එම ජීවිතවලට බොහෝ කෙනෙකුගේ ප්‍රිය ස්වභාවය කැමැත්ත ඇතිවෙනවා නොඅනුමානයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තස්ස එවං ජානතො පස්සතො කාමසවාපි චිත්තං විමුච්චති. භවාසවාපිචිත්තං විමුච්චති,අවිජ්ජාසවාපි චිත්තංවිමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති. ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගතපදෘ ඉතිපි, තථාගත නිසෙවිතං ඉතිපි, එත්තාවතා ඛො බ්‍රාහ්මණ අරියසාවකො නිට්ඨං ගතො හොති.” සම්මා සම්බුද්ධො භගවා ස්වාක්ඛාතො, භගවතා, ධම්මො” සුපටිපන්නො භගවතො සාවක සංඝොති. එත්තාවතා බ්‍රාහ්මණ හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොතීති.
“සුපින්වත්නි”

Saturday, July 2, 2016

ධර්ම සන්නිවේදනය


ධර්ම සන්නිවේදනයෙන් අපේක්ෂිත අරමුණු අටක් අනුරුද්ධ සූත්‍රයේ දැක්වේ. ඒ අනුව ධර්මය දේශනා කළ යුත්තේ පුද්ගලයා තුළ අල්පේච්ඡතාව ඇතිකිරීම පිණිසය. සතුට වර්ධනය කිරීම පිණිසය. විවේක සුවය ඇති කිරීම පිණිසය. ආරබ්ධ වීර්ය ඇති කිරීම පිණිසය. සිහියෙන් යුක්තව කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව පිණිසය. චිත්ත සමාධිය වර්ධනය කිරීම පිණිසය. ප්‍රඥාව වර්ධනය කිරීම පිණිසය. ප්‍රපංච ධර්ම (තණ්හා මාන දිට්ඨි) ඉවත්කිරීම පිණිසය.
නක් උදායි හිමියෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි විශාල ගිහි පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනාවක් පවත්වමින් සිටියහ. ආනන්ද තෙරණුවෝ එම සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැළකළහ.

විමසීමත් සමඟ ඇතිවිය යුතු නුවණ

අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නවා කියන්නේ එය මනැසින්ම සිදුවිය යුතු දෙයක්. ඇසෙන් දකින දැකීමට වඩා මනැසින් දැකීම ඉතා තියුණුයි. එයට හේතුව මනැසින් දකින දැක්මට තමා අවබෝධය කියන්නේ. සමහරවිට ඇසින් දකින දේ තුළ අප යම් සංඥාවක් ගොඩනගා ගන්නවා. ඒ දැකීම ඒකාන්තයෙන්ම නිවැරැදි වෙන්නත් පුළුවන්. නැතිනම් වැරැදි වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධව ඒකාන්ත කරන්න බැහැ. අප ඇසින් දැක තීරණය කළ දේ පසු කලෙක ඇසුරු කිරීමේදී එය වැරැදි බව වැටහෙනවා. දැකල සිතපු දේ ඒ ඇතුළේ තිබෙන්නේ වෙන දෙයක්. රත්තරං වගේම පෙනුනත් සමහර භාණ්ඩ ඇත්තටම රත්තරං නොවේ. එවැනි දේ ඇසින් දැක්කාට තීරණය කර ගන්න බැහැ.
අප ඇසෙන් දකින දේ හෝ ඇසෙන් දැක හිතලා ලබාගන්නා අරමුණු මනැසින් විමස විමසා තේරුම් ගැනීම තමා අවබෝධයෙන් දකිනවා කියන්නේ. ඒක ඇසෙන් දකිනවාට වඩා ඉතා පුළුල්. එය විමසීමක් සමඟ සිදුවූ දෙයක්. පැහැදිලි පරීක්ෂාවකට භාවිතය කළ දෙයක්. ඇසින් දකින බොහෝ දේ විමසීමත් සමඟ නොවේ දකින්නේ.
පසුගිය කලාපයෙන් ආහාර ගනිද්දී ධාතු වශයෙන් විමසන ආකාරය ඉගෙන ගත්තා.

Friday, July 1, 2016

චුල්ලහත්ථි පදෝපම සූත්‍රය

එවං වුත්තෙ භගවා ජාණුස්සොණිං බ්‍රාහ්මණං එතදවොචං. න ඛො බ්‍රාහ්මණ එත්තාචතා හත්ථිපදොපමො විත්ථා රෙන පරිපූරො හොති. අපි ච බ්‍රාහ්මණ යථාහත්ථිපදොපමො චිත්ථාරෙන පරිපූරො හොති, තං සුණාහී සාධුකං මනසිකරොහි භාසිස්සාමි තිං. එවං හො ති ඛො ජාණුස්සොණි බ්‍රාහ්මණො භගවතො පච්චස්සොයි. භගවා එතද වොච (ම.නි. ඕපම්මවග්ග. 1. 3. 7)
පිලෝතික පිරුවැජියා හා ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතා සල්ලාපය පිළිබඳව බමුණා විසින් බුදුරදුන්ට සැලකළ විට බුදුන් වහන්සේ මෙසේ වදාළහ. ‘බමුණ’ මෙපමණකින් හත්ථිපදෝපමාව සම්පූර්ණ නොවේ. හත්ථි පදෝපමාව විස්තර වශයෙන් සම්පූර්ණ වන හැටි මැනවින් අහන්න. අසා මැනවින් මෙනෙහි කරන්න. මම කියන්නම්. පින්වතුන් වහන්ස, හොඳමයි. යනුවෙන් ජාණුස්සොණි බමුණා බුදුරඳුන්ට පිළිතුරු දුන්නා. එවිට බුදුරජාණන් වහන්සේ සුළු ඇත්පා සටහන උපමා කොට විස්තර දේශනාව මෙසේ වදාළහ. ඉහත සඳහන් දේශනා පාඨයෙහි තේරුම එයයි.
මේ ධර්ම දේශනාව මිහිඳු මාහිමි එදා හෙළදිව වැසියන්ට දේශනා කළේ මිස්සක පව්වේ අඹතලා ගල මත වැඩ හිඳිමිනි. මිහිඳු මරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස පොසොන් පුර පොහෝ දවසෙ දඹදිව විදිසාවෙ සිට ලක්දිව මිස්සක පර්වතයට අහසින් වැඩිම කළේ බෞද්ධ ධර්ම දූතයන් වශයෙනි. උත්සව දිනයක් වූ එදින හෙළ දිව මහරජ වූ තිස්ස රජතුමා මිස්සක පව්ව දෙසට සේනා සමඟ විනෝදයට මුව දඩයමේ ගියේ රාජ්‍යමය චාරිත්‍රයක් වශයෙනි. එහිදී මිහිඳු මාහිමි හමු වූ තිස්ස රජතුමා උන්වහන්සේ සමඟ කතා සල්ලාපයෙන් පසු පන්සිල් ගෙන බුදුදහම ඒ අවස්ථාවේ වැළඳ ගති. රජතුමා ප්‍රමුඛ පිරිසට පළමුවෙන්ම දෙසූ ධර්ම දේශනාව වූයේ චුල්ල (චූළ) හත්ථිපදෝපම සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරා අවබෝධ කර ගත් නිවන් මඟ පිළිබඳ පූර්ණ විස්තරයක් ඇතුළත් වේ.

සාර්ථක යුග දිවියකට බුදුදහමෙන් උපදෙස්



ඔබේ යුගදිවිය සාර්ථකද? මෙයට පිළිතුරු ඔබගේ සිත තුළින්ම ඔබට ලැබේවි. නමුත් එම පිළිතුර ඔබගේ පෞද්ගලික අද්දැකීම් පදනම් කරගත් එකක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ නිසා එම පිළිතුරු පොදුවේ කාටත් පිළිපැදීමට තරම් වටිනා එකක් නොවීමටද ඉඩ තිබේ. යුගදිවිය පිළිබඳ බුදුරදුන්ගේ ආකල්පය කොයිවගේද? යන්න විමසා බැලිය යුතු වන්නේ එය හුදු පෞද්ගලික අද්දැකීමක් පමණක් පදනම් කරගත් පටු විග්‍රහයක් නොවන බැවිනි.බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද යුගදිවිය වර්තමාන අපට වැදගත් වන්නේ මේ නිසාය.
සිද්ධාර්ථ කුමාරයා මිනිසුන් අතර බොහෝ සැප සම්පත් විඳින ලද ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ රජ කුමාරයෙකි. එතුමාගේ යුග දිවිය ද අතිශයින්ම සාර්ථක හා පී‍්‍රතිමත් එකක් වූ බව ඓතිහාසික පොත්පත් වලින් පැහැදිලි වේ. තවද සිද්ධාර්ථ කුමාරයා තමන් විවාහ වීමට කැමැති කුමරිය කෙබඳුද? යන්න පවසා ශුද්ධෝදන රජතුමාට ලිපියක් යවන ලද බව ලලිත විස්තරය නම් වූ මහායාන පොතේ සඳහන් වන අතර එහි පරිවර්තනය මෙසේය.

නිවැරැදි දියුණුව උදාකරගන්නේ කෙසේද?


ලෝකයේ සෑම කෙනෙකුම දියුණුවක් ලබන්න කැමැතියි. නිවැරැදි දියුණුවක් ලබන්න බුදුදහමෙන් ලැබෙන පිටිවහල ඉමහත්. ශීල, සමාධි , ප්‍රඥා , ගුණ දිනෙන් දින දියුණු කිරීම තුළින් ලෝකෝත්තර දියුණුවක් ලබන්න පුළුවන්. සද්පුරුෂ ආශ්‍රය , ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය , ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යන සතර හැම මොහොතකම දියුණු කළ යුතු බව තථාගත ධර්මයේ පෙන්වනවා. එය මෙලොව දියුණුවටත් පරලොව සුගතියටත් අවශ්‍යයයි. සංසාරයේ ගමන් කරන ඔබ, අප හැමෝටම දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දුවා දරුවන් ආදී හිතවතුන් ඉන්නවානම් අපට විශාල දියුණුවක් සකසා ගන්න පුළුවන්.

නිවැරැදි සද්ධර්මය ශ්‍රවණය කරන්නට තියෙනවානම් එමගිනුත් අපට යහපතක් සලසා ගන්න පුළුවන්. බණ ශ්‍රවණය කළාට පමණක් ප්‍රමාණවත් නැහැ. දරාගැනීමත් අවශ්‍යයයි. එයට අනුකූලව වැඩ කිරීම “සුනාථ ධාරෙථ චරාථ ධම්මේ” කියලා පෙන්නුම් කරනවා. එහෙම පින්වතුන්ට මේ ධර්මයෙන් විශාල ශක්තියක් ගොඩ නඟන්න පුළුවන්.

තථාගතයන් වහන්සේගේ අසිරිමත් දින චරියාව


මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මහා දාර්ශනිකයාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේම ය. උන්වහන්සේට කරුණාවෙන් සිහිල් වූ හදමඬලක් ඇති සේක. (කරුණාසීතලහදයං) ඇවිලගත් ප්‍රඥා ලෝකයෙන් නසන ලද මෝහාන්ධකාරය ඇති සේක. (පඤ්ඤාපජ්ජෝත විහතමෝහතමං) සනරාමර ලෝකගුරු වූ සේක. (සනරාමර ලෝකගරුං) භවගතීන්ගෙන් මිදුනා වූ සුගත තථාගතයාණන් වහන්සේ සසර මං මුළාවූවන්ට සුන්දර වූ ගමන නොහොත් නිර්වාණ ධර්මය පෙන්වා දුන් සේක.

ලෝකයේ සෑම තැනම උන්වහන්සේගේ සදහම් සිසිලස ගලා ගියේය. කරුණාවේ ප්‍රතිමූර්තියම වූ මහා කාරුණික තථාගතයාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ම පෙරුම්දම් පිරුවේ මහාකරුණාවෙන් මෙහෙයවනු ලැබූ සිතින්ම ය. මහා කරුණාවෙන් මෙහෙයවනු ලැබූ සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ සසර මඩ වගුරින් සත්ත්වයා ගොඩ ගනු පිණිස බුදු බව සඳහා සිත් ඇති සේක් අනුපිළිවෙලින් පෙරුම්දම් පුරා අනුත්තර වූ සම්මා සම්බෝධි ඥානය සාක්ෂාත් කරන ලද බැවින් කරුණාව බෝධියට මූලය විය.

අසාර්ථක වූ පුද්ගලයා සාර්ථක වූ සියලු දෙනාට ප්‍රශ්නයක් වෙයි


කුඩා දරුවන් ට තරහව පිට කිරීම සඳහා හැඬීම හැර වෙන කළයුතු දෙයක් නැහැ. මංගල උත්සවවලදී ඇතැම් අමිමාවරුන් ඉකිගසමින් හඬනු ලබන දර්ශන පැරණි චිත්‍රපට තුළ දක්නට ලැබෙයි. මංගල උත්සවය තුළ කතාව පවත්වන පිරිස් එය සතුටු කඳුලු වගුරවමින් හඬන බව ප්‍රකාශ කරනු ලැබුවත් එම අම්මා හඬන ඇත්ත චෛතසිකය ඉතාම සියුම්ව විමසා බැලුව හොත් එයට හේතුව වන කාරණාව සතුටක් නොවේ. එයට විශාල ගැටළුවක් තිබෙන අතර විසිපස් අවුරුද්දක් තම පුතා හදා වඩා කිරි පොවා කැත කුණු අතගා හදාවඩා පාසල් යවා උගන්වා රැකියාවක්ද සොයා දුන් කොල්ලා කොහෙන්දෝ ආපු පරාණයකට හසුවෙන්න යනවා. මෙතනින් පස්සේ පුතා නටන්නේ කාගේ පදයට අවශ්‍ය ආකාරයටද? කියා සිතනවිට හඬනවාට වඩා හැඬෙනවා. එම අවස්ථාවේ ඉකිගසමින් කදුළු කැට කඩා හැලෙනවා. 

මිහිඳු මාහිමියන් හෙළදිව පැවැත් වූ දෙවන දහම් දෙසුම


“මිනිස් අත්බව ලැබූ කෙනෙකුට පේතවත්ථුවල දැක්වෙන දුර්ගති මාර්ගයන්හි ගමන් නො කොට, විමානවත්ථුවල දැක්වෙන සුගති මාර්ගයන්හි ගමන් කරන්නේ නම් ඔහුට තමා ලද මිනිසත් බව වඩ වඩා සඵල කරගත හැකිය.” යන උදාර පණිවුඩය අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ දෙවෙනි දවසේදීම ප්‍රකාශයට පත් කළ ආකාරය පේතවත්ථු, විමාන වත්ථු මාතෘකා කරගෙන රජ මැදුරේදී කළ ධර්ම දේශනය ආශ්‍රයෙන් සිතා ගත හැකිය.

පුද්ගලයාගේ ජීවිතය අර්ථවත් කරන මූලිකම බලවේගය උත්සාහයද? කර්මයද?


බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වූ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරන බෞද්ධයාට ජීව්තයේ ලබන්නාවූ සියලු අත්දැකීම් , හරි වැරැද්ද තීරණය කිරීමට සිදුවනුයේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වූ ශ්‍රී සද්ධර්මයට අනුවයි. ඒ වගේම සමාජ සන්සිද්ධීන් පිළිබඳවත් බෞද්ධයකුට අර්ථකනය කිරීමට හැකියාව ලැබෙන්නේත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුවයි.