Labels

Showing posts with label අති පුජ්‍ය මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්. Show all posts
Showing posts with label අති පුජ්‍ය මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්. Show all posts

Sunday, December 10, 2017

අපේ ඥාතීන්ට කුමක් වේද?


ඥාති’ යන වචනයට විවිධ වූ අර්ථ ඇත. ‘ඥාතීන්’ වශයෙන් සැලකෙන විශාල පිරිසක්, පුද්ගලයා වටා සිටී. ඒ අය අතර මව, පියා, දුව, පුතා, අයියා, අක්කා, නංගි, මල්ලී, සහෝදර සහෝදරියන්, නැන්දා, මාමා, ලේලි, බෑණා, මහප්පා, ලොකු අම්මා, පුංචි අම්මා, ආච්චි, ආතා, සීයා, ආත්තම්මා ආදී වශයෙන් පවුල් ඒකක හා සම්බන්ධ වෙන ඥාතීහු සිටිති. මෙම ඥාතීිත්වය හෙවත් සම්බන්ධය, සමාජ සම්මුතියට වඩා අධ්‍යාත්මික බන්ධනයක් වශයෙන් පෙරදිග දර්ශනවල විස්තර කෙරේ.
එනිසා බටහිර සමාජවල පවුල් ඒකකය තුළ පවතින භෞතිකමය වූ ඥාතිත්වයට වඩා අධ්‍යාත්මික වූ අධි භෞතිකමය සම්බන්ධයක් පෙරදිග පවුල්වල තිබේ. බටහිර සමාජවල ඇත්තේ ඓතිහාසික හා සම්බන්ධ වූ නීතිමය ඥාතිත්වයකි. පෙරදිග සමාජවල ඇත්තේ නීතිමය සම්බන්ධය ඉක්මවා ගිය පූජනීය වූ ඥාතිත්වයකි. බෞද්ධ කර්ම න්‍යායට අනුව සසරට සම්බන්ධ වූ ඥාතීහු ද සිටිති.
දරුවන්ට මුලින් ම හමුවෙන ඥාතීහු නම් මවුපියෝ ය. මවුපිය රැකවරණය දරුවන්ට අත්‍යවශ්‍ය ය. දරුවාගේ ආරක්ෂාව, පෝෂණය මෙන් ම අධ්‍යාත්මික ගුණ සංවර්ධනයට අදාළ වූ කරුණාව, මෛත්‍රිය, දයාව ආදියත් මවුපියන්ගෙන් දරුවන්ට ලැබිය යුතු ය. හොඳ, නරක කියාදීම, යහමගෙහි යෙදවීම, සුදුසු අධ්‍යාපනයක් ලබාදීම, සුදුසු වියේ දී ආවාහ, විවාහ කරදීම, තමා සතු සම්පත් සුදුසු සේ බෙදාදීම මවුපියන් විසින් දරුවන්ට කළ යුතු ය. දරුවන් විසින් ද මවුපියන්ට ඉටු කළ යුතු වූ යුතුකම් රාශියක් ඇත. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු ඉටුකිරීම, කුල සිරිත් ආරක්ෂා කිරීම, මවුපියන්ගේ සම්පත් ආරක්ෂා කිරීම, ඔවුන් මියගිය කල්හි පින් අනුමෝදන් කිරීම දරුවන් විසින් කළ යුතු ය. මේවා කළ යුතු යුතුකම් වශයෙන් සලකා නොවේ. පින්කම් සේ සිතමිනි. ගෞරවයෙන් හා කරුණාවෙන් කළ යුතු වූ මවුපිය උපස්ථාන වශයෙනි.

Saturday, June 3, 2017

සත්‍ය ගවේෂී වූහ...


සත්‍ය ගවේෂකයෙකු වශයෙන් සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් වහන්සේ තුළ පැවැති පර්යේෂණාත්මක ගතිලක්ෂණ සහ තීක්ෂණ ඥානය, විශේෂ ගතිගුණවලින් පරිපූර්ණ වූවක් බව අරියපරියේසන සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, වීමංසක සූත්‍රය ආදී දේශනාවලින් පැහැදිලි වේ.
ඇසළ මස පසළොස්වක දින ගිහිගෙය අත්හැර දමා අභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ තාපසයාණෝ විමුක්ති ගවේෂකයෙකු බවට පත්වූහ. ආලාර කාලාම, උද්දකරාම පුත්ත තවුසන් වෙත ගිය සිදුහත් තවුසාණන්ට, ඔවුන් දත් සියල්ල ඉගෙනීමට ගතවූයේ කෙටි කාලයකි. ගුරුවරයා විසින් කියන ලද දෙය ඇසූ පමණින්ම සියල්ල මතක තබා ගැනීමට හැකියාවක් සිදුහත් තවුසාණන්ට තිබුණි.

Monday, December 12, 2016

ආස්වාදයේ ආදීනව දකින්නා වෙහෙසට පත් නොවේ

කුසගින්නෙන් පෙළෙන බල්ලෙකු විසින් මස්, ලේ නැති ඇට කැබැල්ලක් ලෙවකමින්, සපමින් කුසගින්න නිවාගැනීමට දරන්නා වු මෝඩ උත්සාහයක් වැනිය, අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වීම.


පෘතග්ජනයා ලෙසින් හැඳින්වෙන්නේ කවර පුද්ගලයෙක්ද?