Labels

Monday, March 27, 2017

සතර සංග්‍රහ වස්‌තුව


සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ අභිඤ්ඤා වග්ගයේ සංගහවත්ථු සූත්‍රයෙන් පුද්ගලයෙකු ගේ මෙලොව ජීවිතයට හා පරලොව ජීවිතය සැපවත් කර ගැනීමට උපකාර වන කරුණු සතරක්වන දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව, හා සමානාත්මතාව යන සිව් සඟරාවක හෙවත් සතර සංග්‍රහ වස්තු පිළිබඳ විස්තර කැරේ.
සතර සංග්‍රහ වස්තු හේතුකොට ගෙන යහපත් පවුල් පරිසරයක්, යහපත් සමාජ රටාවක් ආයතනයක් රටක් නිර්මාණය කර ගැනීමට හැකිවේ. පරිත්‍යාගය හෙවත් දීම තුළින් ඕනෑම කෙනෙකු තමාට අවනත කරගත හැකි බව පැහැදිලියි. පි‍්‍රය වචනය මගින් ද මිල මුදලක්දී වුවත් කරගත නොහැකි වැඩක් කර ගැනීමට කෙනෙකු හිතෛශී පුද්ගලයෙකු බවට පත්කර ගැනීමට හැකි වෙයි. අර්ථචර්යාව යනු පුද්ගලයකු ගේ දියුණුවට අවශ්‍ය මඟ පෙන්වීමයි. සමානාත්මතාව තුළින්ද ඒ පුද්ගලයන් හා සමව දුක සැප බෙදා හදා ගෙන ජීවත්වීම තුළින් ජනපි‍්‍රය පුද්ගලයකු වීමට හැකියාව ලැබේ. මේ අනුව සතර සංග්‍රහ වස්තු යම් පුද්ගලයෙක් විසින් අනුගමනය කරන්නේ නම් ඒ පුද්ගලයාට මනා සමාජ සම්බන්ධතාවක් ගෙඩනගා ගැනීමට ඒ උපකාර වන බව පැහැදිලි කර ඇත.

Sunday, March 12, 2017

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න

මහ රහතුන් වැඩි මග ඔස්සේ....

නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ 'සතර අපායෙන් මිදීම' ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. 'මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ' ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද නැවතත් මෙය පළකිරීමට අපි තීරණය කළෙමු. හොඳ දේ දෙවරක්‌ නොව, කිහිපවරක්‌ වුව යොදාගත්තාට කම්නැතැයි සිතමු. ඒ අනුව ඉකුත් වසරාරම්භයේදී පළවූ සුවිශේෂී ලිපි දෙකක්‌ මෙලෙස මෙම සතිදෙකේදී නැවත පළකිරීමට අප සිතුවේ එළඹෙන වසර තව තවත් අර්ථවත් කරනු වෙනුවෙනි. එම සුවිශේෂී ලිපි 2 න් අනතුරුව ජනවාරි පළමු සතියේ සිට සුපුරුදු පරිදි ලිපි මාලාව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

හිංසාවේ රාත්‍රිය...

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 
'සතර අපායෙන් මිදෙමු' විශේෂ ලිපිය I

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ 'සතර අපායෙන් මිදීම' ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. 'මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ' ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද,

මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණි

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ '
සතර අපායෙන් මිදෙමු' 17 කොටස

සම්මා සම්බුද්ධ ශාසනයක 'ශුෂ්ක විදර්ශක' කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්‌කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්‍යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්‌වභාවයක්‌. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක්‌ නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය කරගනිමින්,

දුක සැප පෙරළෙන සංස්‌කාර

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' 18 කොටස

වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම අසරණයි. සරණක්‌ ඇති ජීවිතයක්‌ ඉදිරියේ මේවා කුමක්‌ නම් පීඩාවක්‌ කරන්නද.....

ලන්තෑරුම් එළියෙන් ලෑලි ඇඳ මත වාඩිවී මේ සටහන තබනකොට භික්‍ෂුවගේ සිත පුදුමාකාර සැනසීමකින් පිරිලා.

මේ දුකම කියන දහමක්‌ද ? දුකෙන් මිදෙන දහමක්‌ද?

'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....  
සතර අපායෙන් මිදෙමු' 17 කොටස

ධර්මයට අනුව පිංවත් ඔබ නිවැරදිවෙන්න. 
ධර්මය පිංවත් ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව 'පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම' කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි.

ලොව සුන්දරම මරණයට ඔබටද හිමිකමක්‌ ඇත.

ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ.

'මම' නැමැති කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
සතර අපායෙන් මිදෙමු' 15 කොටස

රූපය දෙසත්, රූපය ඇසුරුකොට සකස්‌වෙන සිත දෙසත් ඔබ සතියෙන් සිහියෙන් යුක්‌තව බලා සිටින්න. ඇසේ අනිත්‍යභාවයත්, බාහිර රූපයන්ගේ අනිත්‍යභාවයත්, රූපයත් විඥානයත් ඵස්‌සය වීමෙන් සකස්‌වෙන වේදනා, හඳුනාගැනීම්, චෙිතනා, විඥානයන්ගේ අනිත්‍යභාවයත් දකින්න.

මාරයා තවත් මුහුණකින්...

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....

'සතර අපායෙන් මිදෙමු' 16 කොටස

ඉකුත් ලිපියේ සටහන් කළා මාරයා කුළුමීමකු ලෙසින් සමාධිය තුළ සිටින භික්‍ෂුව ඉදිරියට පැමිණි ආකාරය. මෙම සටහන් කියවා ඔබ සෙවිය යුත්තේ මේ අත්දැකීම ලද භික්‍ෂුව නොව, එම අත්දැකීම උරුමකර දුන් ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ඔබ භික්‍ෂුව සොයන්නේ නම් ඒ ඔබ සොයන්නේ මාරයාමය. මන්ද සෙවීම යනු මාර ධර්මයකි.

මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' 15 කොටස

මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක්‌ පමණයි. මාරයා කියලා කෙනෙක්‌ නැහැ.

මෛත්‍රියත් පරෙස්‌සමින්!

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' 15 කොටස

පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්‌වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක්‌ යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්‌කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය, ක්‍රෝධය,

හිංසාවේ ආදීනව තවදුරටත්...

මහරහතුන් වැඩි මග ඔස්‌සේ 
'සතර අපායෙන් මිදෙමු' 15 කොටස


මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩසිටින කඳු මුඳුනේ කුටියට වැව් පිටිය හොඳට පෙනෙනවා. මේ වෙලාවේ මීහරක්‌ 75 ක පමණ රංචුවක්‌ තණ උලා කනවා. වැවේ සිටින කිඹුලා ජලයෙන් මතුවෙලා යටයන නිසා වැව් දියට බැසීමට බයෙන් වතුර එකතුවී ඇති කුඩා දිය කඩිති වල සමහර සතුන් විවේක ගන්නවා. මේ සත්තු රැළ භික්‍ෂුවට පෙනෙන්නේ මාරසේනාවක්‌ හැටියට. නමුත් මේ මීහරක්‌ රංචුවේ හිමිකරු මේ සතුන් දකින්නේ සෞභාග්‍යයේ උල්පතක්‌ හැටියට. මේ සතුන්ගෙන් කිරි දොවන්නෙ නැහැ.

ගොනා පසු පස නඟුල එන්නා සේ.

හ රහතුන් වැඩි මග ඔස්‌සේ

සතර අපායෙන් මිදෙමු 14 වැනි කොටස



සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, මෝස්‌තරයක්‌ හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක්‌ සිටිනවා. බොහෝම ඉහළ ශේ්‍රණියේ සමහරක්‌ බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්‌සේ බලුපැටියට සතියක්‌ වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්‌තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා දමනවා. ඌරු ගොවිපොළවල්වල ඊරිය පැටව් ගැසුවම පස්‌සේ ඌරු පැටවුන්ගේ දත් ගලවා දමනවා. ඊරියගේ තනපුඩු ආසාදනය වෙන නිසා. මේවා මහාපරිමානයෙන් සිද්ධවෙන්නාවූ සත්ව හිංසාවන්. මෙතනදී හිංසාවට ලක්‌වෙන්නේ කුඩා වයසේ සතුන්. මේ තිරිසන් සතුන් කුඩා වයසේම හිංසාවට ලක්‌වෙන්නේත් එම සතුන්ගේ කර්ම විපාකයක්‌ නිසා. කෙනෙක්‌ අකුසල් විපාකයන් අත්විඳින විට තව කෙනෙක්‌ අකුසල කර්මයන් රැස්‌කරනවා.

අකුසලයට පොකුරු ගසන්නට ඉඩ නොදෙන්න...

'සතර අපායෙන් මිදෙමු' 14 කොටස


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චූලකර්ම විභංග සුත්‍රයේදී සුභ මානවකයාට බොහෝම ලස්‌සන ධර්මයක්‌ දේශනාකරනවා. සුභ මානවකයා මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතීය කියලා. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන එක ප්‍රශ්නයක්‌ තමයි භාග්‍යවතුන් වහන්ස( මේ ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන් සමහරු දීර්ඝායුෂ ලබමින් ජීවත්වෙනවා.

දානය මහත්ඵල මහානිසංශ වීමට

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....

'සතර අපායෙන් මිදෙමු' 13 කොටස


ඔබව දන්දීමෙන් වළක්‌වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක්‌ වේවා ඔහු ඔබගේ ඥාතියෙක්‌ හෝ හිතවතෙක්‌ නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න.

ගස්‌ නගින දෙවියකු වී කුමට.....?


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
'සතර අපායෙන් මිදෙමු' 12 කොටස

භික්‍ෂුවට පසුගිය කාලවකවානුවේදී අවස්‌ථා කිහිපයකදීම පිංවතුන් තම නිවසේ, විහාරස්‌ථානයේ පැවති පිංකම්වලදී ලබාගත් ඡයාරූපවල දිව්‍ය ආලෝකයන් තිබෙන බව ප්‍රකාශ කළා. එම ඡයාරූප ගෙනත් පෙන්වුවා. ඇත්තටම ඒවා දිව්‍ය ආලෝක ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. යම් පිංවතෙක්‌ එම ආලෝක නියත වශයෙන්ම දිව්‍ය ආලෝකයක්‌ය කියලා හිතලා ඒ තුළින් සතුටට පත්වෙනවා නම් තව තව පිංකම් කරගැනීමට, සිදු කරගැනීමට යොමු වෙනවා නම් තෙරුවන් කෙරෙහි වඩ වඩාත් ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් නියත වශයෙන්ම ඒවා දිව්‍ය ආලෝකයන් යෑයි සිතුවට කමක්‌ නැහැ.

දායක ගෙදරක පසුගිය වසරක කඨින පිංකමක්‌ තිබුණා.

මංමුළා වූ සිතකට

''තස්‌මාතිහ තෙ භික්‌ඛු එවං සික්‌කතබ්බං ඉන්ද්‍රියේසු ගුත්තද්වාරො භවස්‌සාමි, භෝජනෙ මත්තඤ්ª, ජාගරියං අනුයුත්තො, විපස්‌සකො කුසලානං ධම්මානං, පුබ්බරත්තා පරරත්තං 

බෝධිපක්‌කයානං ධඡම්මානං භාවනානුයෝගං අනුයුත්තො විහරිස්‌සාමීති. ඒවං හි තේ භික්‌ඛු සික්‌ක තබ්බන්ති''

''භික්‌ෂුව මෙසේ හික්‌මිය යුතුවෙයි. ඉන්ද්‍රියන්හි රකින ලද දොරටු ඇතිවන්නෙමි. භෝජනයෙහි මාත්‍ර, හෙවත් පමණ දැන ගන්නේ වෙමි. නිදි වැරීමෙහි හෙවත් වීර්යයෙන් යුක්‌ත වූයේ වෙමි. කුසල ධර්මයෙහි විදර්ශන වන්නෙමි. පෙර පසු රාත්‍රීයෙහි බෝධි පාක්‌ෂික ධර්ම භාවනානුයෝගයෙහි යෙදුණේ වාසය කරන්නෙමියි භික්‌ෂුව මෙසේ හික්‌මිය යුතුයි.''