Labels

Thursday, April 9, 2015

සෞභාග්‍ය උදාකරන රත්නමාලි යන්ත්‍රරාජයා




බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින ස්‌ථානයේ උඩුවියනේ නෙළුම් මලක පෙතිවල යන්ත්‍රයක්‌ ලෙස ප්‍රස්‌ථාර ගතකොට සවිකර ඇති මහානුභාව සම්පන්න රත්නමාලි බන්ධන ගාථා නමැති තෙරුවන් නමදින මෙම උතුම් ගාථා රත්නය තුළ අසීමිත බලයක්‌ අන්තර්ගතවී ඇති අතර ගාථාවල අක්‍ෂර හා ඝන පිහිටීම අතින්ද විශිෂ්ට බවක්‌ ඇත. මෙහි එන සෑම පදයක්‌ම දිව්‍ය අක්‍ෂරයකින් ඇරඹී දිව්‍ය අක්‍ෂරයකින්ම අවසන් වීම විශේෂත්වයකි.

දළදා දැහැන යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම ගාථා රත්නය ඉන්පත් ඉරු තුනක ලියා යන්ත්‍රයක්‌ සේ සකසා අනුරාධපුර රුවන්වැලි මහා සෑයේද කාවන්තිස්‌ස රජු කරවන ලද සේරුවිල චෛත්‍යයේද ඉතා ගෞරවාන්විතව තැන්පත් කර ඇතිබව සඳහන් වේ.

ඉතාමත් බලගතු යන්ත්‍ර රත්නයක්‌ වන මෙය පාලි භාෂාවෙන් රචනා කර ඇති අතර යන්ත්‍රයේ මැද නෙළුම් මලක්‌ සේ ප්‍රස්‌තාර කර එහි මැද කොටසේ දිව්‍ය අක්‍ෂරයක්‌ වන "ස" යන්න සඳහන් කොට ඇත. ගාථා ත්‍රිත්වයම ඉතා ප්‍රබල ගුණදෙන සුබ ගණවලට අනුව රචනා කර ඇති බැවින් සියලු අපල ග්‍රහදොස්‌ දුක්‌ කරදරවලට ගුණ දෙන සෙත්කවි තුනක්‌ ලෙසද හැඳින්විය හැකිය.

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුපමේය ගුණ මහිමය සඳහන් මෙම මහානුභාව සම්පන්න නිර්මාණය කවර කාල වකවානුවක නිර්මාණය වූවක්‌ දැයි මෙතෙක්‌ අනාවරණය වී නොමැති වුවත් ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියන බව විශ්වාසයයි.

බෝධි පූජා හා වෙනත් ග්‍රහ ශාන්තිකර්මවලදී තෙරුවන් නමදින අවස්‌ථාවේ මෙම මහානුභාව සම්පන්න ගාථා ත්‍රිත්වය සඡ්Cධායනයකිරීම බොහෝ ප්‍රතිඵල දායකය. කට පාඩම් කර උදේ සවස තුන්වර බැගින් ගායනා කිරීමද සහනය පිණිස හේතුවේ.

නිවැරදිව සකසා ගන්නා මෙම රත්නමාලි යන්ත්‍රය නිවසේ සාලයේ පිරිසිදු උස්‌ ස්‌ථානයක තැන්පත් කර ගෞරවයෙන් යුතුව දිනපතා උදේ සවස සුදුමල් පූජාකර පහන් දල්වා සුවඳ දුම්දී අදාළ ගාථා රත්නය ඉතා භක්‌තියෙන් සඡ්Cධායනය කිරීම තුළින් සොර සතුරන්ගෙන් ආරක්‍ෂාවේ. සර්වජන වශීය, ශ්‍රියාව ඇතිවේ. යන එන ගමන් බිමන් සහ කරන කියන වැඩකටයුතු සාර්ථකවේ. හදිසි අනතුරුවලින් වැළකේ. වෙළ හෙළ¹ම් දියුණුවේ. පදිංචි නිවසේ ආරක්‍ෂාව තරවේ. දියුණුව සෙත සැලසේ. පවුලේ සාමාජිකයන් අතර සමගිය ඇතිවේ. රැකී රක්‍ෂා දියුණුවේ. අධ්‍යාපනය ලබන්නන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඊර්ෂ්‍යාකාරයන්ගේ උපද්‍රවවලින් හානි සිදුනොවේ. සියලු ග්‍රහදොස්‌ අපල දුරුවී නිරෝගී සම්පත්තිය ළඟාවේ. අමනුෂ්‍ය බලවේග පහවේ. පදිංචි ස්‌ථානවල භූමි දොaෂ භංගවේ. ඇස්‌වහ කටවහ හෝවහ හදි හූනියම් තමන් කෙරෙන් ඈත් වේ. මිත්‍ර ලාභ හා උසස්‌ අයගේ ඇසුරට යොමුවේ.

මෙවන් වූ සුවිශාල ගුණ සම්භාරයකින් හෙබි රත්නමාලි යන්ත්‍ර රාජයා ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත්කර නිසි පුද පූජා පවත්වා සියලු සම්පත් ලැබ සෞභාග්‍ය උදාකර ගැනීමට ඔබද අවශ්‍ය කටයුතු සලසා ගන්න.










 සංසාර සාරෝඝ විණීත ණීසං

සංණීත සාතං සුචිසාර ධීසං

සංධීර කං සොණ්‌ණ තනු පළාසං

සංළාප දේසිං පණමෙභිs සාසං



සංසාභි ගං කේවල මෝහ නාසං

සංනාහකං මාර රණෙ විසේසං

සංසේවිතං දාසි මුදාර හාසං

සංහාර ධම්මං පණමෙ සදාසං



සංදාස ගං නා සිත පාප නාසං

සංනාප ධංසි හත ඝෝර පාසං

සංපාර ගාමිං සුචිසාර වාසං

සංවාර සංඝං පණමෙ රසාසං





 සිංහල තෙරුම-


 සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ

සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන

සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන


Dowenload mp3

3 comments:

  1. ඇත්තටම හොඳ ඝන පිහිටීමක්

    ReplyDelete
  2. ඇත්තටම හොඳ ඝන පිහිටීමක්

    ReplyDelete
  3. මෙම ලිපිය පල කල ඔබටත් අප විසින් මෙය කියවා ලබාගන්න පින් සහ මෙම ගාථා රත්නය සච්ඦායන කර ලබා ගන්න පින් අනුමෝදන් වේවා!

    ReplyDelete