මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Thursday, April 9, 2015
සෞභාග්‍ය උදාකරන රත්නමාලි යන්ත්‍රරාජයා
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින ස්‌ථානයේ උඩුවියනේ නෙළුම් මලක පෙතිවල යන්ත්‍රයක් ලෙස ප්‍රස්‌ථාර ගතකොට සවිකර ඇති මහානුභාව සම්පන්න රත්නමාලි බන්ධන ගාථා නමැති තෙරුවන් නමදින මෙම උතුම් ගාථා රත්නය තුළ අසීමිත බලයක් අන්තර්ගතවී ඇති අතර ගාථාවල අක්‍ෂර හා ඝන පිහිටීම අතින්ද විශිෂ්ට බවක් ඇත. මෙහි එන සෑම පදයක්‌ම දිව්‍ය අක්‍ෂරයකින් ඇරඹී දිව්‍ය අක්‍ෂරයකින්ම අවසන් වීම විශේෂත්වයකි.
දළදා දැහැන යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම ගාථා රත්නය ඉන්පත් ඉරු තුනක ලියා යන්ත්‍රයක් සේ සකසා අනුරාධපුර රුවන්වැලි මහා සෑයේද කාවන්තිස්‌ස රජු කරවන ලද සේරුවිල චෛත්‍යයේද ඉතා ගෞරවාන්විතව තැන්පත් කර ඇතිබව සඳහන් වේ.
ඉතාමත් බලගතු යන්ත්‍ර රත්නයක් වන මෙය පාලි භාෂාවෙන් රචනා කර ඇති අතර යන්ත්‍රයේ මැද නෙළුම් මලක් සේ ප්‍රස්‌තාර කර එහි මැද කොටසේ දිව්‍ය අක්‍ෂරයක් වන "ස" යන්න සඳහන් කොට ඇත. ගාථා ත්‍රිත්වයම ඉතා ප්‍රබල ගුණදෙන සුබ ගණවලට අනුව රචනා කර ඇති බැවින් සියලු අපල ග්‍රහදොස් දුක් කරදරවලට ගුණ දෙන සෙත්කවි තුනක් ලෙසද හැඳින්විය හැකිය.
බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුපමේය ගුණ මහිමය සඳහන් මෙම මහානුභාව සම්පන්න නිර්මාණය කවර කාල වකවානුවක නිර්මාණය වූවක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති වුවත් ඉපැරැණි ඉතිහාසයකට හිමිකම් කියන බව විශ්වාසයයි.
බෝධි පූජා හා වෙනත් ග්‍රහ ශාන්තිකර්මවලදී තෙරුවන් නමදින අවස්‌ථාවේ මෙම මහානුභාව සම්පන්න ගාථා ත්‍රිත්වය සඡ්Cධායනයකිරීම බොහෝ ප්‍රතිඵල දායකය. කට පාඩම් කර උදේ සවස තුන්වර බැගින් ගායනා කිරීමද සහනය පිණිස හේතුවේ.
නිවැරදිව සකසා ගන්නා මෙම රත්නමාලි යන්ත්‍රය නිවසේ සාලයේ පිරිසිදු උස් ස්‌ථානයක තැන්පත් කර ගෞරවයෙන් යුතුව දිනපතා උදේ සවස සුදුමල් පූජාකර පහන් දල්වා සුවඳ දුම්දී අදාළ ගාථා රත්නය ඉතා භක්‌තියෙන් සඡ්Cධායනය කිරීම තුළින් සොර සතුරන්ගෙන් ආරක්‍ෂාවේ. සර්වජන වශීය, ශ්‍රියාව ඇතිවේ. යන එන ගමන් බිමන් සහ කරන කියන වැඩකටයුතු සාර්ථකවේ. හදිසි අනතුරුවලින් වැළකේ. වෙළ හෙළ¹ම් දියුණුවේ. පදිංචි නිවසේ ආරක්‍ෂාව තරවේ. දියුණුව සෙත සැලසේ. පවුලේ සාමාජිකයන් අතර සමගිය ඇතිවේ. රැකී රක්‍ෂා දියුණුවේ. අධ්‍යාපනය ලබන්නන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඊර්ෂ්‍යාකාරයන්ගේ උපද්‍රවවලින් හානි සිදුනොවේ. සියලු ග්‍රහදොස් අපල දුරුවී නිරෝගී සම්පත්තිය ළඟාවේ. අමනුෂ්‍ය බලවේග පහවේ. පදිංචි ස්‌ථානවල භූමි දොaෂ භංගවේ. ඇස්‌වහ කටවහ හෝවහ හදි හූනියම් තමන් කෙරෙන් ඈත් වේ. මිත්‍ර ලාභ හා උසස් අයගේ ඇසුරට යොමුවේ.
මෙවන් වූ සුවිශාල ගුණ සම්භාරයකින් හෙබි රත්නමාලි යන්ත්‍ර රාජයා ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්‌ථානයේ තැන්පත්කර නිසි පුද පූජා පවත්වා සියලු සම්පත් ලැබ සෞභාග්‍ය උදාකර ගැනීමට ඔබද අවශ්‍ය කටයුතු සලසා ගන්න.
සංසාර සාරෝඝ විණීත ණීසං
සංණීත සාතං සුචිසාර ධීසං
සංධීර කං සොණ්‌ණ තනු පළාසං
සංළාප දේසිං පණමෙභිs සාසං
සංසාභි ගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණෙ විසේසං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමෙ සදාසං
සංදාස ගං නා සිත පාප නාසං
සංනාප ධංසි හත ඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමෙ රසාසං
සිංහල තෙරුම-
සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ
සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන
නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන
සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන
Dowenload mp3
ගැමුණු රජ භාවිත කල ආරක්ෂක ගාථා
බුද්දො තිලොක සරණො, බුද්ධො සුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, බුද්ධො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං නත්ථි මය්හං භයං සදා
ධම්මො තිලොක සරණො, ධම්මොසුරියො තමොනුදො
එවං තං සරණං ඛෙමං, ධම්මො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං, නත්ථි මය්හං භයං සදා
සංඝො තිලොක සරණො, සංඝො සුරියො තමො නුදො
එවංතං සරණං ඛෙමං සංඝො මෙ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං, නත්ථි මය්හං භයං සදා
ජයො මුනින්දස්‌ස සුබොධි මූලෙ
මාරස්‌ස පරාජයොහි
උග්ඝොසයුංදෙව ගණා පසන්නා
ඒතෙන සච්චෙන ජයස්‌සු මය්හං
අන විණ - කොඩි විණ මට්‌ටුකරන ජලනන්දන පිරිත
චතු වීසති බුද්ධෝති
යෝ භවිස්‌සති උත්තමං
පාරමී බලපුත්තෙහි
ජලනන්දන මුත්තමං
අනෝමානී ජලං තීරේ
උත්තමං පත්තචීවරං
පාරමී තෙ ජලං හෝති
සර්ව බන්ධන ඡේදනං
ආනන්දෝති මහාථෙරං
උත්තමං ධම්ම භාණ්‌ඩකං
යේන භික්‌ඛු මහාථෙරං
සයනේ බන්ධන විදවංසනං
ඉති ශ්‍රී ලෝක බුදෙධහි
යේන ධම්මානු භාවතෝ
යන්ත්‍ර මන්ත්‍ර හරංකත්වා
විනාසං බුද්ධානුභාවතෝ
මුනින්දෝ හෝති නමෝ බුද්ධං
මාර සේනා පමද්ධති
දසකෝටි සහස්‌සානි
සර්වබන්ධන ඡේදනං
පාරමිතා ගුණා හොන්තී
සො භවිස්‌සති උත්තමං
අනෙකජාති සංසාරං
සහස්‌සං ධම්මානුභාවතෝ
සයානෝවා සහස්‌සානි
උත්තමං ගුණ පුග්ගලං
අසීතිං යේන සබෙබ පී
සබ්බසිද්ධි භවත්තු මේ
Dowenload mp3
චන්ද පිරිත
1.
ඒවං මේ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තේන ඛෝ පන සමයේන. චන්දිමා දේවපුත්තෝ රාහුනා අසුරින්දේන ගභිතෝ හෝති. අථ ඛෝ චන්දිමා දේවපුත්තෝ භගවන්තං අනුස්සරමානෝ. තායං වේලායං ඉමං ගාථං අභාසි
2.
නමෝ තේ බුද්ධවීරත්ථු - විප්පමුත්තෝසි සබ්බධි
සම්බාධපටිපන්නෝස්මි – තස්ස මේ සරණං භවාති
3.
අථඛෝ භගවා චන්දිමං දේවපුත්තං ආරබ්භ
රාහුං අසුරින්දං ගාථාය අජ්ඣභාසි
4.
තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ
රාහු චන්දං පමුඤ්චස්සු - බුද්ධා ලෝකානුකම්පකාති
5.
අථ ඛෝ රාහු අසුරින්දෝ චන්දිමං දේවපුත්තං මුඤ්චිත්වා තරමානරූපෝ යේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සංවිග්ගෝ ලෝම හට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතං ඛෝ රාහු අසුරින්දං වේපචිත්ති අසුරින්දෝ ගාථාය අජ්ක්‍ධභාසී
6.
කින්නුසන්තරමානෝ ව - රාහු චන්දං පමුඤ්චසී
සංචිග්ගරූපෝ ආගම්ම – කින්නුභීතෝව තිට්ඨසීති
7.
සත්තධා මේ එලේ මුද්ධා - ජීවන්තෝ න සුඛං ලභේ
බුද්ධගාථාභීගීතෝම්භි - නෝ චේ මුඤ්චෙය්‍ය චන්දිමන්ති
තේරුම
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේත නම් රාජ කුමාරයාගේ උයන්හි අනේපිඬු මහා සිටුහු විසින් කරවන ලද අරම්හ වැඩවසන සේක. එසමයෙහි චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙම රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලද්දේ විය. ඉක්බිති චන්ද්‍ර පුත්‍ර තෙම එවේලෙහි බුදුරදුන් සිහි කරමින් මේ ගාථාව කීයේය.
1. බුද්ධ වීර්යයන් වහන්ස ඔබ වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුණු සේක. එසේ වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම කරදරයක වැටී සිටිමි. ඒ මට පිළිසරණ වුව මැනව.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඳ දෙව් පුත් අරභයා රාහු අසුරේන්ද්‍රයාට මේ ගාථාවෙන් මෙසේ වදාළ සේක.
2. රාහු අසුරේන්ද්‍රය දිව්‍ය පුත්‍ර තෙමේ නික්ලේශි වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. බුදුවරයෝ වනාහි ලොවට අනුකම්පා කරන්නෝ ය. එහෙයින් සඳ අත්හරුවයි වදාළ සේක.
ඉක්බිති රාහු අසුරේන්ද්‍ර තෙම සඳ දෙව් පුතු තෙම අතහැර වේගයෙන් වේපචිත්ති අසුරිඳු යම් තැනක ද එතැන්හි එළඹියේය. එළඹ හටගත් සංවේගි ඇති ව ලොමු දැහැගත් සිරුරු ඇතිව එකත් පසෙක සිටියේය. එසේ සිටියා වූ රාහු අසුරේන්ද්‍රයාට වේපචිත්ති අසුරේන්ද්‍රයා ගාථාවකින් මෙසේ කීවේය.
3. එම්බල රාහු අසුරේන්ද්‍රය, ඉක්මන් වූවකු මෙන් සඳු අත්හැරියේ කුමකටද? කැළඹුණු සිත් අත්තෙක්වි අවුත් බියවුවකු මෙන් කුමක් හෙයින් සිටින්නෙහිද?
4. බුදුරදුන් විසින් සඳු අත්හරුවයි ගාථාවකින් අස්වන ලද්දෙමි. ඉදින් සඳු අත් නො හැරීයෙම් නම් මාගේ හිස සත් කඩක්ව පැළෙයි. ජීවත් වුව ද සැපයක් නො ලබමි.
(මෙම චන්ද පිරිතෙන් දැක්‌වෙන චරිතය ග්‍රහ වස්‌තුවක් ගැන නොව චන්දිම නම් දිව්‍ය පුත්‍රයකු ගැන බව සිහි තබාගන්න)
හොල්මන් ආදී භූත අවතාර නොපෙන්න, පෙරේත අවතාර ඇඟට නොඑන්න, යකුන් දමනය වීමට, සොර සතුරන්ගෙන් සතුරන්ගෙන් අතවරයකට මුහුණපෑමට සිදුවූ විටක "නමොථෙ බුද්ධ චිරන්තු" යන ගාථාව සිහි කිරීමෙන් ඉන් ගැලවී යැමට හැකිය.
ගන කැලෑවක යනවිට එහි තුළදී අතරමංවී මංමුලාවූ විටෙක ඉහත ගාථාව සිහිකිරීමෙන් සහ නව ගුණ පාඨය කියවීමෙන් මං එළිවී පාර පෙනෙයි.
වනයේ අලි, කොටි, වලස් ආදී මෘග සතුන්ට මැදිවූ විටෙක මේ ගාථාව හත්වරක් කියා බුදුන්වහන්සේ සිහිකරන්න. එමෙන්ම ඇනවුම් පිරිතේ අග කොටසේ ඇති "චන්ඩ හස්‌ථි අස්‌සමිග" කොටස කීමෙන් සත්ව උවදුරින් බේරීමට හැකිය.
අනුන්ගේ කපටි උගුලකට වංචාවකට ඔබ මුලාවී අසුවී හිටීනම් ඉහත කී ඇති ගාථාව තඹ පහතක ලියා බෝධියක් අසලදී පිරිත් කොට කර පැළඳගන්න. නිවසක සාමය කැඩී අඹු සැමි ආරාවුල් අත්නම් එය වලක්‌වා සාමය සමගිය සතුට ඇතිවී දියුණුවේ මංපෙත කරා පා නගින්න මෙම පිරිත මහා නුභාව සම්පන්නයි. නියත වශයෙන්ම ඔබට සහනයක් බුද්ධානුභාවයෙන් ලැබෙන බව සහතිකයි.
එය ලබාගන්න පින්වතුනි බුදුන් වහන්සේගේ රන් මුවින් පිටකල මහානුභාව සම්පන්න පිරිත් බලය ප්‍රායෝගිකව ලබා අඳුරු ජීවිතයේ මුළු කාලයම දුරකර බුද්ධ, ධම්ම, සංඝ බලයෙන් දහම් එළිය ලබාගන්න.
Dowenload mp3
Wednesday, April 8, 2015
අන්තරාය නිවාරන පිරිත
මෙම ගාතා රත්නය භාවිත කිරිමෙන්
සතුරෝ දමනය වෙති ඇස්වහ කටවහ දුරුවෙයි
නිරෝගි බාවය හා මානසික ප්‍රිතිය උදා වෙයි
බුද්ධානං ජිවිතස්‍ස - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං - නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජ්ජරියානං - නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ - මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ
සිංහල අනුවාදය
බුදුරජානන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂනයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
බුදුරජානන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්බුත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක් ක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා.
සියලු ලොවැසියන්ට ශාන්තිය උදාවෙවා
Dowenload mp3
භාර්යා වර්ගීකරණයයි ඔවුන්ගේ චරිත ලක්ෂණ
සූත්‍ර පිටකයෙහි
අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක්
ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා
වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ
විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා
කථා පුවත මෙසේ ය.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.
එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.
“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”
“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family) ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.
නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.
එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.
සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.
එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.
“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”
“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family) ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.
නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.
එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.
සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.
වධකසමා – වධක වැනි භාර්යාව
චොරිසමා - සොර භාර්යාව
අය්‍යසමා – ආර්ය්‍යා භාර්යාව (ස්වාමියා මැඩගෙන සිටීම)
මාතුසමා – මව හා සමාන භාර්යාව
භගිනි සමා - සොයුරිය හා සමාන භාර්යාව
සඛීසමා – යෙහෙළියක බඳු භාර්යාව
දාසිසමා – දාසි භාර්යාව ය
භාර්යාවරු සත්දෙනා හඳුන්වා දී ඔවුන් අතුරෙන් ඔබ කවරෙක් වෙහි ද? විචාළ සේක.
එවිට ඇය “ ස්වාමීනී , එම දේශනාවේ අර්ථය මම නොදනිමි” යි ද එය සවිස්තරාත්මකව දේශනා කරනු මැනවි යයි ද කීවා ය. එවිට බුදුරදුන් සත්ත භාර්යාවන්ගේ ගුණ අගුණ ප්‍රකාශ කළ හ. ඒ අනුව භාර්යාවරුන්ගේ ලක්‍ෂණ මෙසේය.
1. වධක භාර්යාව
1. ප්‍රදුෂ්ට සිත් ඇතිවීම
2. හිතානුකම්පී නැතිවීම
3. පරපුරුෂයන් කෙරෙහි ඇලීම
4. සැමියා ඉක්මවා සිතීම
5. වධ කිරීමට උත්සුක වීම
2. චෞර භාර්යාව
1. ශිල්ප ශාස්ත්‍ර වෙළහෙළදාම් හෝ ගොවිකම් කටයුතු ආදියෙන් සැමියා උපයන ධනය අල්පයක් හෝ පැහැර ගැනීමේ සිතින් කටයුතු කිරීම
3. ආර්ය්‍යා භාර්යාව
1. කළ යුතු දේ නොරුස්සයි
2. අලස වීම
3. බොහෝකොට අනුභව කිරීම
4. රළුවීම
5. සැඩවීම
6. කැකුළු වචන (කර්කශ වචන) කීම
7. ස්වාමියා මැඩගෙන සිටීම
4. මාතු භාර්යාව
1. හිතානුකම්පී ඇතිවීම
2. මවක් පුතකු රක්නා සෙයින් සැමියා රැකීම
3. උපයන ලද ධනය රැකීම
5. භගිනි භාර්යාව
1. ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වීම
2. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කනිෂ්ට සොයුරිය සේ කටයුතු කිරීම
3. ලජ්ජා සිත් ඇතිවීම
4. ස්වාමියාගේ වශයෙහි අනුව පැවතීම
6. සඛී භාර්යාව
1. ස්වාමියා දැකීමෙන් ප්‍රමුදිත වීම
2. කුල සපන් වූවා වීම
3. සිල්වත් වීම
4. පතිව්‍රතාව රක්‍ෂා කිරීම
7. දාසි භාර්යාව
1. දඬු ගෙණ තර්ජනය කළ ද නොකිරීම
2. දුෂ්ට සිත් නැතිවීම
3. ස්වාමියා හට ක්‍ෂමා කිරීම
4. නොකිපෙන සුලුවීම
5. ස්වාමියා වශයෙහි පැවතීම
මේ ලෝකයේ වධක භාර්යාවරු ද, චොර භාර්යාවරුද, ආර්ය භාර්යාවරු ද, දුස්සීල හෙයින් මරණින් මතු අපාගත වෙති. මේ ලෝකයේ මාතෘ භාර්යාවරු ද භගිනි භාර්යාවරු ද සඛී භාර්යාවරු ද දාසි භාර්යාවරු ද සිල්වත් බැවින් මරණින් මතු සුගතියට යති.
මෙම ලක්‍ෂණ පැහැදිලි කිරීමෙන් පසු බුදුරදුන් යළිත්, “ඔබ කවරෙක් වෙයි ද? “ සුජාතාවගෙන් විමසූ කල්හි ඇය මෙසේ කීවාය.
“ස්වාමීනී, මම අද පටන් මාගේ සැමියාගේ දාසියක හා සම වූ භාර්යාවක් වෙමි ” සත්තභරියා සූත්‍ර දේශනාව අවසානයේ අතිශින්ම ප්‍රගල්භ ගති ඇති ව සිටි සුජාතා ගෘහපති දියණිය නිහතමානි ගති ඇති දාසි භාර්යාවක් බවට පත්වීමට අදිටන් කර ගත්තාය. වර්තමාන සමාජය තුළ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගේ හැසිරීම විමසා බලන කල්හි වධක චෞරී අර්ය්‍යා භාර්යාවරු ඒ අතර සිටින බව ඉතා පැහැදිලිය.
එසේම මාතු භගිනි, සඛී , දාසි භාර්යාවරු ද අප සමාජයේ සමාජ ප්‍රගමනයට , සමාජ සදාචාරයට උතුම් කාර්යභාරයක් ඉටුකරති. විෂම ගති ඇති, බිඳ වැටුණු පවුල් පරිසරයක් නිමැවෙන්නේ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගෙනි.
උතුම් ගති ඇති භාර්යාවරු සැමවිටෙක ම උදාර ශිෂ්ටාචාරයක නිර්මාණාත්මක බලවේගය නියෝජනය කරති.
රුහුණ විශ්ව විද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ආචාර්ය
බෙලිගල්ලේ ධම්මජෝති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2011 ක් වූ නොවැම්බර් 10 වනදා බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි
ධර්ම ධනය පිණිස
Subscribe to:
Posts (Atom)






