මොනවා හරි දෙයක් කරන්නේ නැතුව මොකද්ද කළ යුත්තේ කියන කාරණාව පැහැදිලි කරගත යුතුයි කියන එකයි මම බොහෝ වේලාවට කියන්නේ. ඇත්තට ම මම බණ කියන එකෙන් කරන්නේ ලෝකයට හිතන්න උගන්වන එකක්. පෞද්ගලිකව දෘෂ්ටියක් ඔළුවට දමන්න හදනවා නො වෙයි.
නිවන් දකිනවා කියන කොට මහ මෝඩ ගතියක් ඒ තුළ තියෙනවා නො වෙයි. හොඳ විචාරශීලී බුද්ධියක් තමයි තියෙන්නේ. මිනිස් වාසයේ, මිනිස්‌සුන්ගේ ඇඟේ හැපිලා එන සුළඟ වත් නැති, ශාන්ත සේනාසනයක හිටියත්, මහ ප්‍රාඥයෙක් වෙලා එයා, මිනිසුන් දාහක් ඉන්න ලෝකයට ආ විටක එක් මිනිසකුට වත් එයාව අභිභවනය නො කළ හැකි මහත් ප්‍රඥාවක් ගොඩනැඟිලා තියෙන්නට ඕනේ. (කැළේ ඉන්න තුරු ඉන්න පුළුවන්. ලෝකයට ආපු ගමන් සමහරු කඩා වැටෙනවා). මොකුත් බැහැ කියන නිසරු වූ ජීවිතයක් ගොඩනැෙ`ගන්නේ නැහැ. නියම අවබෝධය නම් ලෝකය තුළත්, ලෝකයෙන් අහක හිටියත් ඒ ජීවිතය හොලවන්න බැරි ජීවිතයක් වෙන්න ඕනේ. ගිහි පැවිදි භේදයක් නැහැ.
ඒ ධර්මයේ හැටි පෙන්වන්නේ - යථිනද‚ලෝ පඨවිංසිතෝ සියා චතුබහි වාතෙහි අසමප කමපියෝ තථුපමං සපපුරිසං වදාමි යො අරියසචචානි අවෙචච පසසති - චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච අවෙච්චප්‍රසාදයෙන් යුක්‌ත සත්පුරුෂයා ගේ ගතියක් තමයි හරියට කනුවක්, ඉන්ද්‍ර‚ලයක් සතර දෙසින් එන සුළඟින් හොළවන්න බැහැ, කම්පා කරන්න බැහැ වගේ, චතුරාර්ය සත්‍යය අවබෝධ වෙච්ච කෙනා ගේ ලක්‌ෂණය තමයි සතර දිසාවෙන් කිසි ම වාදයකින් ඒ මනස හොලවන්න බැහැ. කම්පා කරන්න බැහැ. ඒ අකම්ප්‍ය ගතිය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ මේ පින්වතුන්ට මේ දර්ශනය හරි නම්.
ඊට මෙහා මනෝමයෙන් සිතාගෙන තවත් එක් මන:කල්පිත මාර්ගයක් හෝ ඵලයක් හෝ නො වන්නට ඕනේ. ජීවිතයේ දුක එහෙම මයි, නමුත් "සෝවන්" වෙලා. ජීවිතයේ දුක එහෙම මයි, නමුත් "සකදාගාමී" වෙලා. ජීවිතයේ දුක එහෙම මයි, "රහත්" වෙලා. නමුත් ඇලෙනවා, ගැටෙනවා. "අනාගාමි වෙලා", ගෙදර ගහගන්නවා. මම එවැනි ජීවිත දැකලා තියෙනවා. අසරණකම, නො දන්නාකම. "රහත් වෙලා" නමුත් සමහර කෙළෙස් තියෙනවා.
මම මේ කියන්නේ කාගෙ වත් අඩුපාඩුවක් නො වෙයි, අපේ මනසට එහෙම රැවටෙන්නට ඉඩ තියාගන්න එපා.
නො රැවටෙන බව හුරු කරන්න කියන කාරණාව ගැනයි මේ කියන්නේ.
දැන් මම මේ පින්වතුන්ට භාවනාව ගැන ටිකක් කියලා දෙන්නම්. ධර්මයේ අර්ථයයි මම පෙන්නුවේ. නිවන් ම`ග කියන එක මෙන්න මේ වගේ දර්ශනයක් හරහායි, නිවන් දකිනවා කියන්නේ මෙන්න මේ වගේ අවබෝධයකට කියන වචනයක් මිස "තව කෙනෙක්" නිවන් දකිනවාට නො වෙයි කියන කාරණාව මතක් කළා. ඒ සම්මාදිට්ඨිය කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන්, සද්ධර්මශ්‍රවණයෙන් කියන දෙකෙන් ලැබුණු සෝතාපත්ති අංග දෙක අපේ අත්දැකීමක්, දර්ශනයක් බවට පත් කරගන්නට අප තුළින් එකතු වෙන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා කියලා මම මතක් කළා - ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සහ යෝනිසෝමනසිකාරය. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සහ යෝනිසෝමනසිකාරය තව පැත්තකින් අර්ථ දක්‌වන්න පුළුවන් සීල, සමාධි, ප්‍රඥ කියලා.
සීල, සමාධි, ප්‍රඥා කියන ටිකේ දී - සීලය, දරාගෙන සිටින අර්ථයෙන්, පිහිටි අර්ථයෙන්, ජීවිතය වෙච්ච අර්ථයෙන් යම් සීලයක පිහිටන්නට ඕනේ. සමාධි, ප්‍රඥා කියන කාරණා දෙක උපදවාගන්නට ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සමථ, විපස්‌සනා කියලා. සමථ භාවනාවෙන් සමාධියත්, විපස්‌සනාවෙන් ප්‍රඥාවත් කියන ධර්මතාව අවදි කරනවා.
එතැන දී සමාධිය ඇති කරන චිත්ත සමථයක් අපි කොහොම ද ලබන්නේ? මොකක් ද සමථය කියලා කියන්නේ? කොහොම ද සමථය වෙන්නේ? මෙන්න මේ කාරණා ටික තේරුම් කරගත යුතුයි.
සමථය කියලා කියන්නේ සන්සිඳවන අර්ථයෙන්. විසිරුණු දෙයක්, ඇවිස්‌සුණු දෙයක්, ඒ විසිරුණුකම දුරු කරලා, නො විසිරුණුකමට පත් කරලා, ඇවිස්‌සුණු දෙය සන්සිඳුවාගන්න අර්ථයට සමථයයි කියනවා. ගමේ ගොඩේ ආරවුලක් ඇති වුණොත් අපි මේක සමථ මණ්‌ඩලයට අරගෙන යනවා කියලා කියන්නේ. ආරවුල් සන්සිඳවන ගතියට කියනවා සමථයකට පත් කරනවා කියලා. හිතේ-හිතේ කථා කෙරෙන, හිතේ-හිතේ අරමුණු දුවන, එකතැනක හිත නො පවතින මේ ගතිය නතර කරන්න, තැන්පත් කරන්න, සන්සි`දුවන්න තියෙනකමට කිව්වා සමථ කියලා. ඒ හිතේ සමථ ගතියක්, සමාධියක් ඇති කරන ක්‍රමයකට කියනවා සමථ භාවනා කියලා. සමථ භාවනා කියන එක, මම යෝනිසෝමනසිකරයට පෙන්නුවා වගේ, සමථය කියන එක වචනයකින් පෙන්වන්න පුළුවන් එකක් නො වෙයි. සමථය කියන එක පෙන්වන්න පුළුවන් අර්ථයකින්.
අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා වචන ටික හිතුවාට විදර්ශනා වෙන්නේ නැහැ. විදර්ශනාව ද, සමථය ද කියන වචන තියෙන්නේ හැම වේලාවෙ ම අර්ථය බලගෙන. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්.
සමථ කියන ධර්මතාවයේ අර්ථය දිහා බලන්න. හිතේ නො විසුරුණුකම, සන්සිඳුණුකම, නැත්පත්වේච්චකම, එකඟකම, නො දුවනකම කියක කාරණා නිර්මාණය කිරීමයි සමථයේ ලක්‌ෂණය. "හිතේ-හිතේ කථා කෙරෙනකම" නතර කරන එකයි සමථයේ ලක්‌ෂණය. ඔය හිතේ-හිතේ දුවන ගතිය නවත්වන්න අපි උපායක් කරනවා. වර්තමාන ධර්මතාවකට හිත තබලා, වර්තමානය තුළ ඉන්න හිත හුරු කරන එකටයි තව පැත්තකින් ගත්තොත් සමථය කියලා කියන්නේ. ඇත්ත දකින එක නො වෙයි. වර්තමානයක ඉන්න හිත හුරු කරනකමටයි සමථය කියලා කියන්නේ.
මේ හිත එක්‌කෝ මැරුණු අතීතයේ හෝ නූපන් අනාගතයේ හෝ කියන බොරුව අරභයා ම ඇතුළතින් හිත හිතා, හිත හිතා ඉන්නකම මයි හැම දා ම තියෙන්නේ. "ඔය මැරුණු අතීතය හෝ නූපන් අනාගතය හෝ කියන බොරුව තුළින් තමයි ජීවිතයට දුක එකතු වුණේa. ජීවිතයට දුක හදන හේතුව එකතු වුණේ. ආශ්‍රව කියන එක වැ=ඩුණේ. නූපන් ආශ්‍රව ඉපදුණේ මනෝ විඤ්ඤාණයෙන් 'නූපන්න' සහ 'මැරුණු' කියන අරමුණු ඔස්‌සේ දුවනකමටයි. සමථයකින් කරන්නේ වර්තමානයක් තුළ ඉන්න හිත හුරු කිරීම. හිත සන්සිඳවනවා කියනකමේ ප්‍රධාන ලක්‌ෂණය.
මේ පින්වතුන් අනිත්‍යයි, අනිත්‍යයි කියලා අනිත්‍යය වචනය හෝ එක දිගට මෙනෙහි කළොත් ඒකෙන් වෙන්නේ චිත්ත සමථයක්. අනිත්‍යය දකිනවා නො වෙයි. අනිත්‍ය කියන වචනය උදව් කරගෙන ධම්මානුස්‌සති සමථයක ඉන්නවා. ඒකටයි මම කිව්වේ වචනය තුළ නො වෙයි විදර්ශනාව තියෙන්නේ කියලා. දුකයි, දුකයි කියලා මේ පින්වතුන් හිතුවොත් ඒ තුළ පෙර පසු මනසට වෙන කොහෙට වත් යන්න නො දී, වර්තමානයක ඉන්නවා කියනකම නිර්මාණය වෙනවා. එතකොට ඇති වන්නේ චිත්ත සමථයක්. වචනය තුළ නො වෙයි සමථය ද, විදර්ශනාව ද කියලා තියෙන්නේ, ඒක නිර්මාණය වෙන අර්ථය තුළයි.
එතකොට සමථ භාවනාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ පෙර පසු මනසට අතීත, අනාගත දෙකට යන්න නො දී වර්තමානයක් තුළ හිත පවත්වාගැනීමට හුරු කිරීමයි. වර්තමානයක් තුළ හිත පවත්වාගැනීමටයි සමාධි වඩනවා, සමථ කමටහනක් වඩනවා කියලා කියන්නේ. සති නිමිත්තේ හිත තියාගෙන ආනාපාන සතියට, ආශ්වාස ප්‍රශ්වාසයට හිත යොමු කරනවා කියලා කළොත් මේ පින්වතුන් කරලා තියෙන්නේ මොකද්ද? හිත ඇතුළෙන් අතීත දේවල් හිතන්න නො දී, අනාගත දේවල් හිතන්න නො දී, වර්තමානයක හිත තියාගන්න එක්‌තරා උපායක් යොදාගෙන මේ තියෙන්නේ. වර්තමානයක හිත තියාගන්න, ඉන්න කිව්වොත් කාට වත් පුළුවන් ද? බැහැ. දැන් මේ පින්වතුන්ට මේ ආනාපාන සති භාවනාව නරන්න කිව්වහම ඉබේ ම වර්තමානයක ඉන්න මේ හිත හුරු වෙනවා. මේ වර්තමානයක හිත තබාගන්න හුරු කරන තව එක ක්‍රමයක්.
ඒ වගේ මේ හැම කමටහනකින් ම කරන්නේ, සමථ කියන එකෙන් කරන්නේ වර්තමානයක ඉන්න හිත හුරු කරන එක. මේ පින්තුන්ට පුළුවන් නම් ඉරියව් පරිහරණය කරන හැම මොහොතක ම වර්තමානයක මනස තියාගෙන කටයුතු කරන්න, මේ පින්වතුන් චින්ත සමථයක් ඇසුරු කරනවා. සමථ කමටහනක් වඩන අය, හුඟක් කල් භාවනා කරන ඇත්තොත් මෙතැන ඇති නේ ද? මම මෙහෙම ඇහුවොත්... ඒ භාවනා කරන මේ පින්වතුන් හිතට එකඟ ව අහන්න තමන් ගෙන්, ඉතිපිසෝ ගාථාව සම්පූර්ණයෙන් කියලා ඒක අවසන් වෙන කල් ම ඒ කෙරෙහි ම යොමු වෙච්ච මනසකින් කවුද කිව්වේ කියලා. ඒaක කියද්දී "යටින් එක එක දේවල් හිත හිතා" කියන්නේ නැති ව කියලා තියෙන්නේ කවුද කියලා කියන්න මට. මේ පින්වතුන් දන්නවා ද ඔබ භාවනා කරලා නැහැ කියලා. ගොඩාක් භාවනා එපා. දැන, දැක ම, දැනුම් සහිත ව ආරම්භ කළ ඉතිපිසෝ ගාථාව දැනුම් සහිත ව ම පවත්වාගෙන ගිහිල්ලා, දැනුම් සහිත ව ම අවසන් කරන්න. වන්දනා කරලා ඉවර වෙන කොට මේ පින්වතුන් භාවනාත් කරලා ඉවරයි. වර්තමානයක හිත තබාගන්න උපායක්
ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment