කාට හරි හිත තැන්පත් කරගන්න බැරි නම්, සති නිමිත්ත හඳුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ, ආනාපාන සතිය මොන විදිහට වත් බැහැ, හිත එක තැනක තබාගන්න බැහැ කියලා කවුරු හරි කියනවා නම්, ඒ කියන අයට මම මෙහෙම එකක් කියනවා. සති නිමිත්ත පැත්තකින් තියන්න. ආනාපාන සතියත් පැත්තකින් තියන්න. ඒවා එකක් වත් එපා. ඉතිපිසෝ ගාථාව දහ සැරයක් කියන්න, වඩන්න, හිතන්න. කොහොම ද?
"දැන දැක ම" ඉතිපි සො භගවා අරහං සමමා සම්බුදෙධා විජජාචරණ සමපනෙනා සුගතො ලෝකවිදු අනුතතරො පුරිසදමම සාරථි සත්ථා දෙවමනුසසානං බුදෙධා භගවා ති - ගාථාවට අරම්භයේ දී යම් තාක් සිහිය තිබුණා නම් ගාථාව කෙරෙහි ම සිහියෙන් මයි පටන්ගන්නේ. ගාථාවේ හැම වචනයක් ගානේ ම ඊට නැඹුරු වෙච්ච සිහියෙන් මයි පවත්වාගෙන ගියේ. ඒ සිහියෙන් මයි අවසන් කළේ. පෙර-පසු මනසට ටිකක් වත් මේ ගාථාවෙන් බැහැරට යන්න දුන්නේ නැහැ. ඔය විදිහට දහ සැරයක් හිතෙන් කියන්න. නමුත් අට සැරයක් හරියට කළා, අටවැනි සැරයේ හිත ටිකක් අහකට ගියොත් අයෙත් මුල ඉ`දලා කියන්න ඕනේ. ඔය විදිහට දහ සැරයක් කියලා මේ සති නිමිත්තට හිත තියන්න. හොඳට සිහිය තියෙයි. ඕනෑ ම කමටහනකට නැඹුරු කරන්න. හිත දුවන්නේ නැති වෙන්න ගත්තහැකි.
හැම එකකට ම උපාය කියලා එකක් තියෙයි. ඒ නිසා බැහැ කියලා එකක් නැහැ. මේකට උවමනාවක් නැතිකම, ආරම්භක ධාතු පරක්‌කම ධාතු, නික්‌ඛම ධාතු. මේ වීර්යය තුන් ආකාරයකට හරියට නො පවත්වන අපේ ලෝකය - බැරිකම නිසා නො වෙයි, නො කරනකම. ලියුමක් ලියන්න ගත්තොත් මුල් අකුරු ටික හරි ම ලස්‌සනයි. මැදට යන කොට ටික ටික කැත වෙනවා. අගට යන කොට අකුරු හොයන්න ම බැහැ. මොකද මේ වෙලා තියනනේ? ආරම්භයේ දී තිබුණු උද්යෝගය ටිකක් අඩු වෙලා. මැද තියෙන උද්යෝගයත් අන්තිමට නැති වෙලා. ආරම්භයේ දී තිබුණු වීර්යයෙන් පවත්වලා නැහැ. ඒ වීර්යයෙන් ම අවසන් කරලා නැහැ. ආරම්භක ධාතු, පරක්‌කම ධාතු, නික්‌ඛම ධාතු කියන තුන සම ව පිහිටලා නැහැ. බැරිකම නිසා නො වෙයි. අවුරුදු උත්සවයකට ලස්‌සන අකුරු තෝරන තරගයක් තිබුණොත් මුලයි, මැදයි, අගයි ඔක්‌කෝ ම එක ම විදිහට මුතුකැට වගේ ලස්‌සනට ලියයි නේ ද? බැරි නැහැ. එතැන දී පුළුවන් නම්, අනිත් තැනේ දී බැරි වුණේ කොහොම ද? ලියුමේ මුල් අකුරු ටික ලස්‌සන වගේ ම මැදත්, අවසන් කරන කොටත් ලස්‌සන වෙන්න නම් ඒකට තියෙන අවධානය ලිහිල් නො කටයුතුයි.
ඒ වගේ යමක් කරන කොට ඒකේ මුල වගේ ම මැදත්, අගත් එක ම විදිහට තියෙන්න නම් අවධානය ලිහිල් නො කටයුතුයි. ඉතිපිසෝ ගාථාව ආරම්භයේ දී තබපු අවධානය ඒ විදිහට ම පවත්වාගෙන යන්න, ඒ විදිහට ම අවසන් කරන්න. ඔය ආරම්භක ධාතු, පරක්‌කම දාතු, නික්‌ඛම ධාතු කියන තුන් ධාතුව තමයි මේ පින්වතුන් ගේ චිත්ත සමථයට වේගයෙන් ම බලපාන කාරණාව කියන එක මතක තබාගන්න. ඒක චුට්‌ටක් වත් ලිහිල් කළොත් මේ පින්වතුන් ඉඳගෙන ඉඳියි, බුදුගුණත් හිතයි, රෙදි සෝදන වොෂින් මැෂින් එකට රෙදි දාලා ඉතිපිසෝ ගාථාව කියයි. නමුත් කාලය නාස්‌ති කිරීමක් මිසක අර්ථය වෙලා නැහැ. අර්ථය වෙන්නේ වචන ටික මත නො වෙයි, ඒක කරනකොට ඇති වෙන මානසික පසුබිම මත, අර්ථය මතයි කියන එක මතක් කරනවා.
ඒ වගේ ම, සියලු සත්ත්වයෝ නිදුක් වෙත් වා, නිරෝගි වෙත් වා, සුවපත් වෙත් වා. එහෙම නැත්නම් කරණීයමෙත්ත සූත්‍රය කියන්න ආරම්භයේ ඉඳන් ම අවසානය දක්‌වා. ඔය විදිහට ටික කාලයක් කළොත් ඔය විසිරුණු මනස අපහසුවකින් තොර ව හැදෙයි. මේ පින්වතුන් හැම දා ම භාවනා කරන අය වෙනවා.
ඊට පස්‌සේ වැඩකටයුතුත් කරන්න භාවනාව තුළින් ම. කොහොම ද වැඩකටයුතු කරන්නේ භාවනාව තුළින්? පෙර පසු මනස අහකට යන්න නො දී කරන කරන වැඩෙත් එක්‌ක මනස තියාගන්න. බුදුගුණ සිහි කිරීමත් එක්‌ක මනස තියාගත්තා වගේ, පිඟන් ගත්ත බවටත් නුවණයි, ඒක අරගෙන වතුර භාජනයට දාපු බවත් නුවණයි. පෙර-පසු මනසට එක එක දේවල් සිතෙන්නට නො දී, කෙරෙන සිද්ධාන්තයත් එක්‌ක ම මනස තබාගන්න. හාල් ටික ගරන කොට ඒ ගරනවා කියන සිද්ධිය තුළ ම අත්විඳින්න. මිදුල අතුගානවා කියන සිද්ධිය දැන දැක ම කරනවා. ගේ අතුගානවා කියන සිද්ධිය දැන දැක ම කරනවා. හැම වේලාවක ම පෙර-පසු මනස ගැන වගබලාගන්න අහකට නො හැර. වර්තමානයේ ජීවත් වීම ම "නිවන් දැකීමේ ම`ගින්" ඉවර වෙන්නේ නැද්ද කියලා බලන්න.
මේ පින්වතුන්ට යම් විදිහකට ජීවත් වෙන කොට නිවන් ලැබෙයි නම් ඒ විදිහට ජීවත් වෙන ක්‍රමය හොයලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ. පෙන්වනවා කුරු රටවාසීන් යටත්පිරිසෙයින් දැසිදස් කම්කරුවෝ වතුර ටිකක් වත් ගේන්න යන්නේ නැහැ ලු කමටහනක් අතහරුලා. වෙන මුකුත් නො වෙයි - කරන කියන දෙයට එළඹ සිටි සිහිය. ඒකයි මම කිව්වේ, සමථය කියන එක අපි ඉගෙනගෙන තියෙන්නේ එක තැනක ඇස් දෙක වහගෙන ඉඳගෙන හිටියොත් කියලා. නමුත් සමථය කියන එක අර්ථයෙන් දකින්න. සක්‌මන් භාවනාව කියලා එකක් අපි දන්නවා. ඒකෙන් කරලා තියන අර්ථය මොකක් ද කියලා බලන්න. අඩිය ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඊළඟ අඩිය ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එකෙන් කරන්නේ වර්තමාන සිද්ධාන්තයකට සිත තබලා පෙර-පසු මනසට අතීත අනාගත දෙක ඇසුරු වෙන්න නො දී වර්තමානයක හිත තබාගන්න උපායක් කරලා නො වෙයි ද මේ තියෙන්නේ? සමථය කියන්නේ පෙර-පසු මනස කොහාට වත් යන්න නො දී වර්තමානයක හිත තබාගන්න එක ද, නැත්නම් සක්‌මන් කිරීම ද?
මේ පින්වතුන් හිත එක එක තැන්වල දුවමින්, හිතෙන් මොනවා හරි දේවල් කරමින් ඇවිද්දොත්, ඒ ඇවිදින ක්‍රියාව එතකොට භාවනාව නො වෙයි කියනවා. එහෙනම් භාවනාව වුණේ මේ කරන දෙයට ම අනුව හිත තබාගන්න එක නේ ද? එහෙනම් මේ සක්‌මන නො වෙයි සමථය. "සක්‌මන උදව් කරගෙන නිර්මාණය කරගත්තා හිතේ නො දුවනකම. වර්තමානයක ඉන්නකමටයි සමථය කිව්වේ. එහෙනම් සක්‌මන් භාවනාවේ සමථය මෙහෙම පනවන්න ඕනේ. මේකයි හරි, මේකයි වැරදි - ඒකටත් අපි ගහගන්නවා. අනිත් කෙනා මෙහෙම කිව්වේ. නමුත් අපට ප්‍රශ්නයක් නැහැ. කොතැනකින් හරි අර්ථය නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. වර්තමානයක හිත තබාගන්නවා කියනකම, අතීත අනාගත දෙකට දුවන්නේ නැහැ කියනකම නිර්මාණය වෙලා නම්, ඕනේ විදිහකට සක්‌මන් භාවනාව කළාට කමක් නැහැ.
එතැනින් කරලා තියෙන්නේ මොකද්ද? වර්තමානයක ඉන්න හිත හුරු කිරීම. ඒ වගේ හැම කටයුත්තක් ම වර්තමානයක කරන්න හිත හුරු කරනවා නම්, මේකට කිව්වා සමථය කියලා. ආනාපාන සතිය ආදී අරමුණු වශයෙන් සියුම් කමටහන් තියෙයි. ඒවා කරන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මම අර කිව්ව ක්‍රමය කරන්න. සරලයි කියලා අතහරින්න එපා. සමථය සරල ම තමයි. ඔක්‌කෝ ම සරලයි. ආනාපානසතියෙන් කළ කෙනා ගේ මනසත්, ඉතිපිසෝ ගාථාව දැන දැක ම ආරම්භයයි, මැදයි, අවසනයි කියන තුනේ පවත්වපු කෙනාගේ මනසත්, දෙකෙන් ම නිර්මාණය වේච්ච සමථයේ අර්ථය එකයි. වෙනසක් නැහැ. මේ සමථයට වඩා අර සමථය ශ්‍රේෂ්ඨයි කියලා එකක් නැහැ. නමුත් ආනාපාන සතියෙන් සිත සමාධි වීමේ, එකඟ වීමේ ප්‍රතිශතය වැඩියි. අර්ථය එකයි.
එතකොට ඕනෑ ම කමටහනක්, නැත්නම් ඕනෑ ම දෙයක් කරන කොට පෙර-පසු මනස අතීත අනාගත දෙකට යන්න නො දී, වර්තමානයක් තුළ ඉඳගෙන කරන්න පුළුවන් නම්, කරනවා නම්, ඒ හැම තැනක දී ම සමථය කියනකම නිර්මාණය වෙලා. අකුසලයක් හදිස්‌සියේ කළොත් ඒකටත් සමථය කියන එක උදව් වෙනවා. එතැනත් සමථයක් තිබෙනවා. මිච්ඡාසමාධි කියලා කියනවා ඒකට. නමුත් මම මතක් කළේ සමථ කියනකම දැකිය යුත්තේ වචන ටිකකින් නො වෙයි. අර්ථයකින්.
ඊට පස්‌සේ, විදර්ශනාවට තියෙන්නේ සත්ත්ව, පුද්ගල, ආත්මභාවය විදියට පෙනෙන මේ නාමරූප මෙනෙහි කිරීම. සත්ත්ව, පුද්ගල ආත්මභාවයට හම්බ වෙන මේ නාමරූප ධර්මයෝ නුවණින් මෙනෙහි කිරීමටයි විදර්ශනා කිරීම කියලා කියන්නේ.
එතකොට සීලයක පිහිටියා, සමථ කමටහනකින් හිත වඩනවා - මෙන්න මේ ටිකට හම්බ වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. යෝනිසෝමනසිකාරය කියන තැන දී කුමන ධර්මයක් මෙනෙහි කළත් යෝනිසෝමනසිකාරය තමයි. නමුත් එතැන දී සත්ත්ව, පුද්ගලභාවය දුරු වෙන විදිහට, නාමරූප දෙකක් තියෙන්නේ කියන කාරණාව දකින, ප්‍රකට වෙන විදිහට මෙනෙහි කිරීම කටයුතුයි. එයා ගේ යෝනිසෝමනසිකාරය වෙන්නේ නූපන් ආශ්‍රව ධර්ම නූපදවලා, උපන් ආශ්‍රව ධර්ම දුරු කිරීම. මේ කාලයේ දී අපට රළු සතර මහා ධාතු රූපයට සාපේක්‌ෂවයි නූපන් ආශ්‍රව ධර්ම උපදින්නේ. උපන් ආශ්‍රව ධර්ම වැඩෙන්නේ. එහෙනම් මේ කාලයේ දී අපේ ඉලක්‌කය විය යුතුයි මේ ඕදාරික ශරීරය විදර්ශනා කිරීම, නාමරූප දැකීම.
අර ආසිවිසෝපම සූත්‍රයේ තියෙන්නේ මුලින් ම සර්පයෝ හතර දෙනා ගෙන් බේරිලා යන්න ඕනේ කියලා. එහෙම යනකොටයි සතුරු වධකයෝ පස් දෙනා හම්බ වෙන්නේ. ඉස්‌සල්ලා ම සතුරු වධකයෝ පස් දෙනා ඉන්න තැනින් පටන්ගන්න එපා. ඒ කියන්නේ මේ ආයතන හය විදර්ශනා කරන්න පටන් ගන්න එපා. "ඉස්‌සෙල්ලා ම" ගෙඩි පිටින් ම පුද්ගලයෙක් හම්බ වෙන, සත්ත්වයෙක් හම්බ වෙන මේ රළු නාමරූප දෙකේ නො රැවටෙන මට්‌ටම ඇති කරගත යුතුයි. අන්න එතැන ඇත්ත දකින විදිහට විදර්ශනා කළ යුතුයි කියන කාරණාව මතක් කරනවා.
තමන් ගේ නිවීම, තමන් ගේ මිදීම හදාගන්න මේ ධර්මය ඔබ හැම දෙනාට ම පාරමිතාවක් ම වේවා. !!!
2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි
2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment